Bharatha Thennakoon Quotes

1. වෙනසක් කිරීම නම්, අභියෝගයකි

2. ඔබට වෙනසක් කරනු හැක්කේ, වෙනස් නොකිරීම හමුවේ ඇති අභියෝග ජය ගැනීමෙන් පමණි.

3. ජිනීවා යෝජනාව හෝ වෙනත් යෝජනාවක් මගින්, අභ්‍යන්තර ආණ්ඩුව භාහිර බලපෑමක් මගින් විනාශ කර දැමීමට සහාය දැක්වීම යනු, අදාල රාජ්‍යය විනාශ කර දැමීමට දක්වනු ලබන සහයෝගයක් හා සමාන බව පිලිගත යුතු වේ. එනම්, පොත්තට හානි නොකොට, මදය විකිය නොහැකි බව පිළිගත යුතුය.

4. සෑම විප්ලවීය ධජයක් පිටුපසම, දැවැන්ත අරගලයක් ඇත.

5. මොහොමඩ් නශීඩ් කල්පනා කළේ, තමා හෝ තමාගේ රටවැසියා නොවන අනෙකා විසින් නටවන රෑකඩයක් වෙනුවට තමාගේ රටේ ම මිනිසෙක් විසින් එය පාලනය කළ යුතු බවයි. එහෙයින්, නශීඩ් යනු ලිබියාවට, ඊජිප්තුවට, සිරියාවට, ඉතාලියට හා තවත් සමහර රාජ්‍යයන්ගේ නායකයිනට වඩා වෙනස් වූ දුර දක්නා මිනිසෙකි. එහෙයින්, ඔහු දේශපාලනික වශයෙන් අසමත් වූවකු වුව ද දේශපාලනික දුරදක්නා බවින් පොරක් ය.

6. “මැක්සිම් ගොර්කි ලියා ඇති පරිදි, අයාලේ ගිය එකාගේ සරසවිය වන්නේ පොදු සමාජයයි. දේශන ශාලාවක ඇති සීතල කරනු ලැබූ - කුෂන් පුටු හෝ ප්‍රොජෙක්ටර් මගින් කෙරෙන විධිමත් අධ්‍යාපනයෙන් ලගා කරගනු ලබන වේදිකාවේ කැමරාවක් ඉදිරියේ සිනහසෙමින් පළදින උපාධි ලෝගුවෙන් හිමි වන දේට වඩා බොහෝ දේ සමාජය විසින්, අපේ ඇදි වත පවා සොරකම් කරමින් සිටිමින් අපිට උගන්වයි. බුදුන් - ජේසුන් - අල්ලා සේම වෙදා - ඇදුරා - පෙරකදෝරුවා - ඉංජිනේරුවා වැන්නන් ද දෙමළා - සිංහලයා - මුස්ලිම්කාරයා යන සියලු දෙනා සමග හොරා සහ උපාසකයා ද එකට සැරි සරන්නේ ගඩොල් බිත්තියෙන් මායිම් නොවූ සමාජ සරසවිය තුළයි.“

7. අපි කුමන වර්ගයක වුව ද වැස්සට එරෙහිව කුඩ ඉහලන්නෝ වෙමු. එසේම, අප කුමන වර්ගයක වුව ද අයුක්තියට එරෙහිව නැගී සිටින්නෝ විය යුතුය.
~ උපුටා ගැනීමක් නොවේ 

8. “ලෝක විනාසෙ කියන සිද්ධිය 2012 චිත්‍රපටියෙන් පෙන්නලා, මිනිස්සුන්ගෙ පරිකල්පනය විකෘති කරල තියෙන්නෙ. දැන් හැමෝම ලෝක විනාසෙ කීවම - මුහුද ගොඩ ගලන මගුලක් ගැන කතා කරනව. මේ සිද්ධිය මීට වඩා රොමැන්ටික් කරල ෆැන්ටසියට ඉඩ දීල රැඩිකල් හීන මවන්න තිබ්බ. Roland Emmerich ලෝක විනාසෙ ආතල් එකත් කාල.“
~ උපුටාගැනීමක් නොවේ

9. “රජ වෙච්ච දාට කවුද බං, දාගෙන ඉන්න ඔටුන්නෙ රත්තරං මනින්නෙ. ඔටුන්නෙ හැඩේ පොතේ අදින්න කළිං, රජ වෙන්න පාර කපන හැටි කල්පනා කරපල්ලා...“
~ උපුටා ගැනීමක් නොවේ

10. එක්කො අපි ඔක්කොම ‘ගොඩේ‘ මිනිස්සු. එහෙම නැත්තම් අඩුම තරමෙ අපේ අක්මුල් පටන් ගන්නෙ ඔය කියන ‘ගොඩෙ‘න්. ඒ කියන්නෙ, අඩු වැඩි වශයෙන් අපි හැමෝම ගොඩයො.
~ උපුටා ගැනීමක් නොවේ

11. 

0 Click Here to Comment: