Tuesday, August 8, 2017

උන්ට මතක නෑ | අපිට ලැජ්ජා නෑ

කවුරු වුණත්, මොනම කොලොප්පමක් වුණත් ඉවසන සීමාවක් තියනවා. ඒක උසාවියක, පාර්ලිමේන්තුවක ඉ`දලා හංදියේ කඬේ බජාර් එක දක්වාම වලංගු කාරණයක්. මට මතක නෑ, මම දන්නෑ කියලා උසාවියට වෙට්ටුවක් දාලා ගෙදර යන්න හිතාගන ආපු ගොඩක් අය වංගු නැතුව කෙළින්ම මහඋළු ගෙදරට, කොළ නැති ගහට ගිය හැටි අපි දැක්කා. ඒ ඒ අයට මතක තිබුණත් නැතත් කතාවේ සිද්ධියේ ඇත්ත නැත්ත තර්ක විතර්ක වල බර ආදිය අනුව අච්චු වෙනවද නැද්ද කියලා තීන්දු වෙයි. ඒ නිසා අපිට තියෙන්නේ, වෙලාව එනකල් බලාගන ඉන්න. හැබැයි මෙහෙමයි. හැම දේම අහසින් පහල වෙනකල් හරි පොළව පළාගන මතුවෙනකල් හරි බලාගන ඉදලා හරියන්නෑ. ඔය හැම සිද්ධියකදීම අපි අපිට අදාල කෑල්ල විගණනය කරගන්න ඕනේ. අපිට කරන්න පුළුවන් දේ තමයි, ඒ ඒ සිද්ධියට අදාලව අපිට වැරදුණු තැනක් තියනවානම් ඒකට අදාල නිවැරදි කිරීම කර ගන්න එක. ඓතිහාසිකවම අපි කරමින් ඉන්නේ තක්කඩින්ට නරුමයින්ට ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රිලේ බැටන් එක දීලා, ඔවුන් ඒක අරගන ඉබාගාතේ දුවනකොට දුරට වෙලා ෂික් ෂික් කිය කියා වද වෙන එක විතරයිනේ. ඊට පස්සේ හන්දිගාණේ බස් හෝල්ට් වල කඩවල් ල`ග ‘අපි මාරම හො`දයි. ඒත් එයාලා පට්ටම චාටර්’ වගේ සවෝත්තමවාදී ආත්මපොරවාදී ප‍්‍රකාශ නිකුත් කරමින් ඉන්න එක.

ඔබත් මමත් ඇතුළු අපි බෙහෝමයක් හැමදාම කළේ එක එක්කෙනාට ඇගිල්ල දික් කර කර මොන දේ වුණත් කාගේ හරි ඇගේ හේත්තු කරලා අපි සුදනෝ වෙන්න උත්සාහ කරපු එක. වෙලාවකට ආණ්ඩුවේ, වෙලාවකට දේශපාලනඥයින්ගේ, වෙලාවකට මීඩියාවල, අධ්‍යාපන ක‍්‍රමයේ, සමාජ ක‍්‍රමයේ වගේ ඒ ඒ වෙලාවට අපිට බයිට් එකට ගන්න එක එක දේවල් තිබුණා. ඒ නිසාම අපිට අපේ ඇහේ තියන පොල් ලී පෙණුනේ නෑ.

අපි ඡුන්දේ දාන ක‍්‍රම කීපයක් තියනවා. ඒකෙන් එකක් තමයි ට‍්‍රැෆික් නඩුවකට පෙරකදෝරුවෙක් අල්ලනවා වගේ ඡුන්දේ දාන එක. කොහොමත් ඉතිං වැරදිකාරයා කියලා දඬේ ගෙවලා එන එකනේ කියලා උසාවියට පය ගහනකොට හම්බෙන පළවෙනි කෙනාටම නඩුව දෙනවා. මොන අද්වකාත් උන්නැහේ ඇල්ලූවාත් අන්තිම උත්තරේ එකයිනේ. අනෙක් ක‍්‍රමේ තමයි ලොකු නඩු වලට නමගිය පෙරකදෝරුවෝ අල්ලන ක‍්‍රමේ. නම ලොකු නිසා නඩුව දෙනවා. අපි වගේම ගොඩක් අය එයාටම නඩු ගොඩක් දීලා නිසා එයාට අපිත් එක්ක කතා කරන්නවත් වැඩි වෙලාවක් නෑ. ඉතිං දින ගන්නවා, ජූනියර්ස්ලා එවනවා, මෙඩිකල් දානවා වගේ ඒවා. පෙරකදෝරු මහත්තයා දෙපාරක් හබම්බෙන කාලේ අතරවාරේ දී තොටළ`ග තොරණේ ජාතක තුනක් බැලියහැකි. අනිත් ක‍්‍රමේ තමයි, හො`දට ගට තියන හො`දට කට තියන අයට නඩු දෙන එක. ඇත්තටම කටට ගටට නඩුව දුන්නට අන්තිමේට දිනන්න වගේම සල්ලිත් නෑ ඇපත් නෑ වගේ උත්තරයක් එන්නත් පු`ථවන්. නඩු කියන්නේ කටවත් ගටවත් නෙවෙයි කියලා අපි ගොඩක් අයට තේරෙන්නෑ. ඊට අමතරව ලස්සන නෝනලාට, මාර වාහනේක එන මහත්තයාට, ලොකු ගෙයක් තියන මහත්තයාට, රාළහාමිලා හො`දයි කියන නෝනාට එහෙමත් අපි නඩු දෙනවා. හැදෑරීමකින් පස්සේ නඩුවක් දෙන්නේ හරි කලාතුරකින්. ඡුන්දේත් ඒ වගේම තමයි.

ඔය දේශපාලන පක්ෂ, අපේක්ෂකයෝ වගේ අය මිටි පිටින් අච්චු ගහලා බෙදන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ, මැතිවරණ පොරොන්දු වගේ ඒවගෙන් බෝට්ටු රොකට් හදලා පා කරලා යැව්වට අපි කීයෙන් කී දෙනාද ඒ කඩදාසි කියවන්නේ. ඉතිං ඇත්තටම අපි දන්නෑ, අපි ඡුන්දේ දුන්නේ කාටද මොකටද කියලා. ඒ නිසාම තමයි දිනන අයට කියපු දේ නොකරන්නත් නොකියපු දේ කරන්නත් පුළුවන් වෙලා තියෙන්නේ. එක අතකින් මෙහෙම දේකුත් තියනවා. ඒවගේ තියන දේවල් නොකියවන එකත් එක පැත්තකින් හො`දයි. සමහර අයගේ පත‍්‍රිකා වල තියෙන්නේ හ`දට ඉණිමගක්, නුවරට වරායක්, නළලට සෙරෙප්පුවක් කකුළට තැල්ලක් වගේ ඒවානේ.

ඉතිං අපි කොහොමද හරිම දේවල් දැනගන්නේ. පෙරයීමක් කරන්නේ. ඒක තමයි ලොකුම ප‍්‍රශ්නේ. හො`ද ඡුන්දදායකයෙක් කිසිම දවසක හැම ප‍්‍රවෘත්තියක්ම සමාජජාලා වලින් ගන්නේ නෑ. ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ ඩොලර් මත නිව්ස් වැලිව් එක තීරණය වෙන තැනක්. ඕනම පට්ට මුසාවක් ඩොලර් පණහක් හැටක් වියදම් කරලා තථාගත දහමටත් වඩා සත්‍යයයි කියලා පෙන්නලා පතුරවන්න පුළුවන්. ඒ වගේම ඕනම සත්‍යයක් යට ගහන්නත් වියදම් වෙන්නේ ඒ වගේ පොඩි ගාණක්. එහෙව් තැනකින් ගත්ත ප‍්‍රවෘත්ති තමයි, අපි කියන්නේ ෆෙස්බුක් එකේ අරෙහෙම තිබ්බා මෙහෙම තිබ්බා කියලා. සෝෂල් මීඩියා කියන්නේ, කාගේ හරි ෆොටෝ එකක් බලන්න පොඩි චැට් එකක් දාන්න වගේ හීනි ප‍්‍රබෝධයකට හො`ද තැනක් වුණාට විශ්වසනීය ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රයක් නෙවෙයි. පස් දෙනා පණහක් කරලා පෙන්නන්නත්, පනස් දාහක් පනහක් වගේ පෙන්නන්නත් ඒ මීඩියා වලට පුළුවන්. අපි ආගමටත් වඩා විශ්වාස කළාට මීඩියා අපිට සත්‍යාවබෝධය ලබා දෙන්නේ එහෙමයි.

අපිට තියන එකම ආරක්ෂාව තමයි, අපේ නායකයින් තෝරා ගන්නකොට පොඩි හැදෑරීමක් කියවීමක් එක්ක තෝරාගන්න එක. ඇත්තම කාරණේ අපි හිතාගෙන හිටියට අපි මාරම ප‍්‍රඥාවන්තයි දාර්ශනිකයි කියලා අපිව අන්දන්න වැඩි මහන්සි ගන්න ඕනේ නෑ. කවුරු හරි අපිට රෙද්ද පෙන්නපු ගමන් අපි කපලා මහලා ඇ`ද ගන්නවා. ?ත් දවාලේත් ඉ`දගනත් හිටගනත් සැතපෙමිනුත් මේ වැඬේ කරමින් ඉන්නවා. අපි ආයේ ආයෙත් කරනවා. ලැජ්ජා වෙවී ලැජ්ජා වෙවී, ඒ වුණත් එකම දේ ආයේ ආයෙත් කරනවා. එහෙම නොවෙන්න පට්ට හොරු මාර පොරවල් බවට පත් වෙන්නේ නෑනේ. එහෙව් අපි, අපේ හැදෑරීම වගේ දේවල් ගැන වැඩියේ කතා නොකර ඉන්න එක හො`දයි.

ඒත්, එහෙමයි කියලා අපිට මේ දේවල් වලින් වියුක්තව හැසිරෙන්න, ජීවත් වෙන්න බෑනේ. එහෙනම් මොකද්ද කරන්නේ. අඩුම තරමේ, අපි එකම වරද දෙපාරක් නොකර ඉමු. එකම හොරා එකම තැනින් එකම ගෙදරට පැනලා හොරකම් කරනවානම්, දෙවෙනි වාරේ හොරකමේ වගකීම ලැජ්ජාවෙන් වුණත්, ගෙහිමියාට භාරගන්න සිද්ධ වෙනවා.
 භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

No comments: