Tuesday, August 1, 2017

ශිෂ්‍යත්ව විභාගය - පිළිවෙතින් පෙළගැසෙමු

බැලූ බැල්මටත් ප‍්‍රසිද්ධ මතයට අනුවත් ශිෂ්‍යත්ව විභාගය කියන්නේ පොඩි උන් විනාස කරන, තලලා පොඩි කරලා හප කරලා දාන, සූරලා මිරිකලා සූප්පු කරන තරම් පීඩාකාරී ඉවෙන්ට් එකක්. සෙල්ලම් වයසේ ඉන්න උන්ට සෙල්ලම් කරන්න නැති, හය හය හමාර වෙනකල් නිදා ගන්න  ඕන වයසේ උන් හතර හමාරට කූද්දලා බරපතල වැඩ ඇතිව අධ්‍යාපන දඩුවම් දෙන, නිදි කිරා වැටි වැටී නළල මේසේ වැදුණත් කිසි සමාවක් නැති ? පංති වගේ වධකාගාරගත ජීවිතයක් උරුම කරලා දෙන තත්ත්වයක්. මනෝ විද්‍යාඥයෝ, අධ්‍යාපනඥයෝ, දාර්ශනිකයෝ වගේ නානාප‍්‍රකාර උදවිය මාර ගේමක් දුන්නත් ඒ අයට අනුව අවුලක් කියලා කියන මේ තත්ත්වයෙන් රට මුදාගන්න ඒ සියලූ දෙනා අසමත් වෙච්ච බවක් හැර අබමල් රේණුවක ප‍්‍රතිඵලයක් ලැබිලා නෑ. ඒක එහෙම වෙන්නේ ඇයි.

මේක ලියන්න හිතුණේ කාරණා දෙකක් නිසා. එකක්, අගෝස්තු කියන්නේ ශිෂ්‍යත්ව මාසේ. අනෙක මේක.. මාධ්‍ය මිතුරෝ ටිකක් එකතු වුණු තැනක සාමිචියේ ඉන්නකොට ? හතහමාරට විතර එතනින් නැගිටින්න අවසර ඉල්ලපු යාළුවෙක් කීවා, ‘මචං පොඩි එකා ශිෂ්‍යත්ව පංතියෙන් ගන්න තියනවා. මම ගිහිං ආයේ එන්නම්’ කියලා. ගොඩක් අයගේ ප‍්‍රශ්නේ වුණේ, ‘පොඩි උන්ට ඇයි බං ඔය වද දෙන්නේ’.
ශිෂ්‍යත්වෙත් ගැන කතා කළාම, තියනවායි කියන ලොකුම අවුල තමයි මේ පුංචි උන්ගේ පුංචි වයසට දරාගන්න බැරි තරම් ලොකු බරක් ඒ වයසෙදි කරට දෙන එක හොද මදි කියන එක. ඔව් ඒක ඇත්ත. ඒ්ත්, අපි දැකලා තියනවනේ විභාග සමයේ ආතල් ගන්න ගොඩක් අය ජීවිතේ ඉතිරි කාලේ ආතල් කුඩු කරගෙන ජීවත් වෙන හැටි. විභාගයක් සමත් වෙනවා කියන්නේ හැමදේම සමත් වීම නෙවෙයි කියනවා වගේම විභාගයක් අසමත් වෙනවා කියන්නේ හැම දේම අසමත් වෙනවා කියන එක නෙවෙයි. ඒක ඇත්ත. නමුත්, විභාගයක් ගොඩ දා ගන්නවා කියන්නේ ගොඩක් දේවල් ගොඩ දා ගන්න අවශ්‍ය අඩිතාලම දාගන්නවා කියන එක. අනිත් එක තමයි, අපිට කිව්වට ‘එපා දරුවන්ට බර දෙන්න’ කියලා එහෙම කියන ගොඩක් අයගේ දරුවෝ ? හත අට වෙනකල් ශිෂ්‍යත්ව පංති වල. එහෙම නැත්තං එයාලගේ දරුවෝ ලිස්ට් එකෙන්, කෝටා එකෙන් දැනටමත් ලොකු ඉස්කෝල වල.

ශිෂ්‍යත්වය කියන්නේ නේරාංනාව, ඇමසන්, කොන්ගෝ, මිසුරි තරම් මහා පළල ගංගාවක් වෙච්චි ගමෙන් නගරයට- එහෙම නැත්නම් ගෙදර ළ`ග තියන පහසුකම් අඩු ඉස්කෝලෙකින් ‘හො`ද ඉස්කෝලෙකට’ යන්න තියන අනර්ඝතම අවස්ථාවක්.  අනුන්ගේ ගෙවල් වල ඇඩ‍්‍රස් දාලා පොඩි උන්ට ගල් පැළෙන බොරු කට පාඩම් කරවලා ලක්ෂ ගණන් මිල මුදලින් හා බඩු භාණ්ඩ වලින් එහා මෙහා සංසරණය වෙලා ළමයෙක්ව ටවුමේ ලොකු ඉස්කෝලෙකට දාගන්න හයියක් නැති වත්කමක් නැති අයට වගේම එහෙම පිට පාරෙන් යන්න වැඩි කැමැත්තක් නැති හැමෝම වෙනුවෙන් තියන අවස්ථාව වගේම, ශිෂ්‍යත්වය කියන්නේ කාගේවත් ලියුමක් නැතුව ලිස්ට් එකක් නැතුව වචනාර්ථයෙන්ම කඩඉම පණින ළමයෙකුට නිසි වටිනාකමක් හම්බෙන අවස්ථාවක්.

හැට හැත්තෑ ගණන් වලට වඩා අපි ශිෂ්‍යත්වේ ලියන අනූ ගණන්වල තත්ත්වය ගොඩක් වෙනස්. ඒ දවස් වල නොතිබුණු ටියුෂන් පංති, අනුමාන ප‍්‍රශ්න, ආදර්ශ ප‍්‍රශ්නෝත්ර එහෙම අපේ කාලෙදි ආවා. ඒත් ටියුෂන් පංති එහෙම තිබුණේ සීමිතව. හැබැයි අද වෙනකොට තුනේ ඉ`දලා පහ වෙනකල් එකයි හයේ ඉ`දලා අට වෙනකල් තව එකයි වශයෙන් දවස් හතට ටියුෂන් පංති දහයකට විතර යන්න සිද්ධ වෙලා. හැම පත්තරේකම ශිෂ්‍යත්ව අතිරේක. හැම පොත් කඬේකම වගේ වැඩියෙන්ම විකිණෙන දේවල් වලින් එකක් තමයි ශිෂ්‍යත්ව ප‍්‍රශ්නෝත්තර පොත්. ඊට අමතරව එක එක ජාතියේ තව තව දේවල් ගොඩක්. මේ හැම එකක්ම අලූතෙන් බිහි වෙන්නේ පැතිරෙන්නේ අදාල අංශයේ පවතින තරගකාරීත්වයට සමානුපාතිකව. ඒ තරගය ඇති වෙන්නේ ඉල්ලූම වැඩි වෙලා අවස්ථාවන් සීමිත වෙනකොට. මිෂනාරී, බෞද්ධ සහ ඒ ඒ කාලේ අලූතෙන් පාසල් හැදිලා අධ්‍යාපන ආයතන නිර්මාණය වුණාට පස්සේ සහ කන්නංගර මහත්තයා ජාතික පාසල් ටික හැදුවට පස්සේ මුළු රටේම ජනප‍්‍රිය සහ ප‍්‍රධාන පෙළේ පාසල් ගණයට වැටෙන ඉස්කෝල කීයද අලූතෙන් පටන් ගත්තේ. (ඉස්කෝල නම් පටන් ගන්න ඇති. ඒත්, ජනප‍්‍රිය සහ හො`ද කියන ක්ලාස් එකේ ඉස්කෝල.* අවුල තියෙන්නේ එතන. ඞී.එස්. එක, නුවර රණබිමේ සහ තව පාසල් කීපයක් විතරක් ඒ ලයිස්තුවේ මතකයට එනවා. කාටත් පිළිගන්න පුළුවන් කවුරුත් නිරායාසයෙන් පිළිගන්න ජනප‍්‍රිය සහ ඉහළ පහසුකම් සහිත පාසල් ටිකක් හදන්න  ඕනේ. ඒත්, ඒක බෝර්ඞ් මාරු කරලා කරන්න අමාරුයි. උගන්නන්නේ එකම සිලබස් එක වුණත් එකම ගුරුවරු වුණත් ඔය කියන ඉස්කෝලෙකුයි හරිහමං වැසිකිළියක්වත් නැති ඉස්කෝලෙකුයි අතර ලොකු වෙනසක් තියනවා.

ඇත්ත උවමනාව මොකක් වුණත්, ඇමතිට මන්ත‍්‍රීට ඊළග ඡුන්දෙදි උදව් ගන්න පුළුවන් වෙන්නේ ලොකු ඉස්කෝලේ ආදිශිෂ්‍ය සංගමේනුයි දෙමව්පිය සංගමේනුයි නිසාත් පොඩි ඉස්කෝල වල ඉන්න පොඩි මිනිස්සුන්ගේ ඡුන්දේ ගන්න  ඕනේ පාසල් සංවර්ධනය වගේ දේවල් නොවන වෙන වෙන දේවල් නිසාත් මැති ඇමතිලා අල්ලන්නේ ලොකු ඉස්කෝල ටික. ප‍්‍රතිපාදන, දීමනා, තෑගි බෝග වැඩියෙන් බෙදෙන්නේ එතෙන්ට. ලක්ෂ දහයක් පහළවක් වෙන් කරලා වැසිකිලියක්, පංති කාමරයක් හදන්න ඇඹරුණත් අර ඉස්කෝල වල දෙවෙනි පිහිනුම් තටාකෙට, ලොකු එකට අමතරව හදන පොඩි ඔඩිටෝරියම් එකට කෝටි ගාණක් අත දිගෑරලා දෙනවා. ඉති ඔය පරතරේ අඩු වෙයිද. එහෙව් රටක ? දවල් නැතුව පාඩම් කරලා ජීවිතේ ගොඩ දානවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලා අමුතුවෙන් කියන්න  ඕනේ නෑ. හොදම පාසල ගෙදර ළ`ගට එන්නේ නැත්නම් දරුවන්ට සිද්ධ වෙනවා හො`දම පාසලක් හොයාගන යන්න.

මමත් ඇතුළුව ලක්ෂ ගාණක් ගෑණු පිරිමි එකං වුණේ ශිෂ්‍යත්ව කඹේ එල්ලිලා. එයාලගෙන් ඇහුවානම් කියයි, එහෙම නොවුණා නම් අද වෙනකොට දෛවය වෙනස් වෙන්න ඉඩ තිබුණු විදිහ. අපේ පංතියේ උන්ට තියන ගැලවුම්කාරී මාවත වුණු ශිෂ්‍යත්ව විභාගේ වටිනාකම දන්නේ කඹේ අල්ලගෙන මේ ඉවුරෙන් එහා ඉවුරට පැන්න මිනිස්සු විතරයි. උපන් දා ඉදං එහා ඉවුරේ ඉන්න අයට මේකේ බරපතලකම දැනෙන්නේ නෑ. ඒ නිසා කඹේ එපා කියනවා. ඒ වගේම, එහා ඉවුරේ ඉන්න මෙහා ඉවුරේ උන් එහා ඉවුරට මාරු වුණාම තමන්ගේ අධිකාරය සහ බලය බි`ද වැටෙයි කියලා බය පිරිස් දන්නවා මේ කඹේ තියන බරපතලකම. ඒ නිසා කඹේ කපන්න කියනවා. ඔව්.. ශිෂ්‍යත්වේ කියන්නේ ලෝකාවබෝධය ලබා ගෙන බුද්ධත්වයට පත් වුණා වගේ එකක් නෙවෙයි තමයි. හැබැයි, ඒක තීරණාත්මක කාරණයක්. ඒක කොච්චර තීරණාත්මකද කියනවා නම් හරියට සත්තිකුඹ ජාතකේ ගිරව් දෙන්නා වගේ. උන් දෙන්නගේ ජීවිතේ තීරණාත්මකම සිද්ධිය වුණේ වැටුණ පැත්ත මොකද්ද කියන එක.
ඔව්. මේ අවුල ලෙහන්න නම් සිස්ටම් එක වෙනස් කරන්න  ඕනේ. හැම පාසලක්ම එක සමාන තත්ත්වයට පත් කරන්න  ඕනේ. දරුවන්ට ආතතියකින් තොරව ජීවත් වෙන්න ඉඩ දෙන්න  ඕනේ. උන්ට උන්ගේ නිදහස දෙන්න  ඕනේ. ඒත් එහෙමයි කියලා, එක එක්කෙනාගේ දෙන්නම් කාසි පොරොන්දු වලට රැුවටිලා, ඔබේ දරුවාව අවධානමකට හෙළන්න එපා. ‘වැඩි සෙල්ලම් නවත්තලා පාඩම් කරපං කොල්ලෝ’ කියනකොට අද ක`දුළු බේරුණත්, දවසක් ඔවුන් ඔබට ස්තූති කරාවි. ඒ කතාව ජනප‍්‍රිය මතයට එක`ග නොවුණත්, අපිට සිද්ධ වෙනවා ලෝක යථාර්තයට මුහුණ දෙන්න.

භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්
Bharatha Prabhashana Thennakoon
Mawbima Young -යං

No comments: