Wednesday, July 26, 2017

නව ජාතික දුම්රිය කෞතුකාගාරක් අවශ්‍ය ඇයි | Rivira NewsPaper

ශ්‍රී ලංකාවේ දුම්රිය සහ දුම්රිය සේවය පරම්පරා ගණනාවක් පසුකර තිබේ. ප්‍රවාහන හා ගමනාගමන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය හැරවුමක් සනිටුවන් කරමින් දහ නව වන සියවසේ දී එංගලන්තයෙන් ආරම්භ වූ දුම්රිය සේවාවේ අත්දැකීම් සහ ප්‍රතිලාභයන් ඉන් වසර කිහිපයක් ඇතුළතම ශ්‍රී ලාංකිකයින් වන අපට ද හිමි විය. ඉන් පසු අද දක්වා මෙරට දුම්රිය සේවාව ගමනාගමන මාධ්‍යයක් ලෙස මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ද ඉතාම ප්‍රචලිතව භාවිත කෙරේ.

පැය කිහිපයක් තුළ මුහුදුකරයේ සිට විවිධ අත්දැකීම විදිමින් සමාජ, සංස්කෘතික, පාරිසරික විචිත්‍රත්වය විදිමින් ගමන් කළ හැකි මාධ්‍යයක් වේ නම්, ඒ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවම පමණි. එය ලොව අන් කිසිදු රටක දී අත්විදිය නොහැකි විශේෂ තත්ත්වයකි. එලෙස, සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදුකෙරෙන දායකත්වය මෙන්ම කාර්යාල සේවකයින්ගේ අති බහුතරයක් තම ගමනාගමන අවශ්‍යතා සපුරන්නේ දුම්රියෙනි. එදිනෙදා සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ස`දහා දුම්රිය භාවිත කරන පිරිසද විශාල ගණනකි. එකී දුම්රිය සේවාව තවදුරටත් සංවර්ධනය විය යුතු බවත් තව තවත් පහසුකම් වලින් අනූන සේවාවක් බවට පත් විය යුතු බවත් සියලු දෙනා පිළිගන්නා සත්‍යයකි. මේ කතා කරන්නට සූදානම් වන්නේ දුම්රිය සේවයේ එවැනි අඩුලුහු`ඩු පිළිබ`ද නම් නොවේ.

දුම්රිය පිළිබද කතා කිරීමේ දී "ජාතික දුම්රිය කෞතුකාගාර" ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත. ඒ නව ජාතික දුම්රිය කෞතුකාගාරයක් ඇති කරන්නට යන බවත් ඊට ඇතැම් පිරිස් එරෙහි වන්නේ ය යන ප්‍රවෘත්තී සමගය. මේ නිසාම දුම්රියට ආදරය කරන සහ ඒ ගැන උන්නදුවක් දක්වන්නෙක් ලෙස මේ ගැන යමක් ලිවිය යුතු බව කල්පනා කළෙමි.

දුම්රිය සේවය තවත් ආයතන කිහිපයක් සමග එක්ව කොළඹ දී නව දුම්රිය කෞතුකාගාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට මීට මාස කිහිපයකට පෙර වාර්තා විය. මේ පිළිබ`ද පියවරක් ගත් බවක් දක්නට නොලැබුණේ ඇයිදැයි සොයා බැලූ කල්හි දැනගන්නට ලැබුණේ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප පිරිසක් විසින් දිගින් දිගටම අකුල් හෙලීම නිසා මෙම ව්‍යාපෘති ප්‍රමාද වී ඇති බවයි. වෘත්තීය සමිති හා අයිතිවාසිකම් ඉල්ලන පිරිස් සමග අපේ රටේ කිසිදු ක්ෂේත්‍රයකට එතරම් දිගු ගමනක් යා නොහැකි බව නිදහසින් පසු ගෙවුණු වසර හැත්තෑව පුරාම අප දැක ඇත්තෙමු. වෘත්තීය සමිති හෝ කම්කරු සංවිධාන වලට කන්දුන්නා නම් අද වනතුරු කොළඹ කොටුවේ සිට මරදානටවත් දුම්රිය පාර සාදා නිමකරගන්නට නොහැකිව ම සුද්දෝ රට දමා යනු ඇත. ඉන් කියන්නේ වෘත්තීය සමිති නොසලකා හරින්නයැයි කියා නොව. නමුත්, දුම්රිය හෝ කුමන හෝ වේවා වෘත්තීය සමිති මොකකට වුවත් ආණ්ඩු කිරීමට හෝ රාජ්‍ය පාලනයේ යශ්ඨිය අතට ගැනීමට ඉඩ නොදිය යුතු බවයි. වෘත්තීය සමිතියක කාර්යය විය යුත්තේ, දුවන අශ්වයකුට ජවය හා ශක්තිය දෙමින් උපරිම සාර්ථක ජයග්‍රහණයක් වෙනුවෙන් දැක්කීම මිස අශ්වයාගේ අ`ඩු කැඩීම නොව.

යෝජිත නව දුම්රිය ජාතික කෞතුකාගාරයක් ඉදිකිරීමට සූදානම් වන බවට ප්‍රකාශ වීමත් සමග යටකී පරිදි දුම්රිය වෘත්තීය සමිති කෑ මොර දෙන්නේ කුමන කරුණු මත පිහිටා ද මෙන්ම කුමන හේතුවක් නිසා දැයි විමසා බැලිය යුතුය.

මෙම වෘත්තීය සමිති චෝදනා කරන්නේ ජාතික දුම්රිය කෞතුකාගාර කිහිපයක් ඇති විට, තවත් ජාතික කෞතුකාගාරයක් අවශ්‍ය ඇයි යන්නයි. මේ ගැන කියන්නට ඇත්තේ මෙපමණකි. කඩුගන්නාවේ හා බණ්ඩාරවෙල ඉදිකර ඇති ඊනියා ජාතික කෞතුකාගාර පිළිබ`ද කතා කරන්නට දෙයක් ඇත්තේම නැති තරම්ය. එහි යන ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන කරුණ වන්නේ, ඒවා ක්‍රියාත්මක වන්නේ ඕනෑවට එපාවට බවයි.

නවීනතම පහසුකම් සහ අංගසම්පූර්ණ අංගෝපාංගයන්ගෙන් සුසැදි කෞතුකාගාරයක් බව පවසමින් මීට වසර කිහිපයකට පෙර උත්සවශ්‍රීයෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට යාබද කඩුගන්නාව දුම්රිය ස්ථානය ආශ්‍රිතය ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් ආයතනයක් විවෘත කරනු ලැබීය. ගොඩනැගිල්ලක් වෙන්කරවාගෙන ප්‍රවේශපත්‍රයක් අළෙවි කර අදාල ක්ෂේත්‍රයට සම්බන්ධ යම් යම් දේවල් ස්ථානගත කර ඇති තැනක් මහජනයාට ප්‍රදර්ශනය කළ පමණින් එය කෞතුකාගාරයක් වන්නේ නැත. ඒ අනුව, කඩුගන්නාවේ ඇති දුම්රිය කෞතුකාගාරය ප්‍රශ්නකාරී ආයතනයකි. දුම්රිය මැදිරි කිහිපයක් හා දුම්රිය එන්ජින් කිහිපයක් වැස්සට තෙමෙමින් අව්වේ වේලෙන සේ ගාල්කර ඇත. රාත්‍රියට පරෙයියන්ද දවාලට කපුටන්ද ලගින වහළක් ඇති නමුත් වැසි දාට අහසින් පොළවට වතුර වැටෙන වහළය පසුකර කෙළින්ම පැමිණ නවතින්නේ කෞතුකාගාර පොළොවේය. මේ කෞතුකාගාරයට ගොඩ වන කෙනෙකුට ටික වේලාවකින් දැනෙන්නේ පරණ සමූපාකාරයකට ගියා වැනි හැ`ගීමකි. සිත් සංසිදුවීමට අසමත් වටපිටාව සහ ලාච්චුවක ඇසිරූ බඩු භාණ්ඩ මෙන් අහුරා ඇති භාණ්ඩ තුළින් කෞතුකාගාරයකින් අපේක්ෂා කරන නිදහස් හා පර්යේෂණාත්මක සැරිසැරීමක් අහිමිය. ආගන්තුක සත්කාර ඉතා පහළ තැනක ඇති මෙහි, යමක් කමක් කියා දෙන්නට අයෙක් නැත. පැමිණෙන අය කෙරෙහි කිසි අවධානයක් නැත. තාක්ෂණික උපාංග පිළිබ`ද දැනුවත් කිරිමක් නැත. කාර්ය මණ්ඩලය උදාසීනය. ඇතුළත මෙන්ම පිටත තත්ත්වයද එසේය.

තවද, කඩුගන්නාව වැනි තැනක් මේ සදහා තෝරාගත්තේ ඇයි යන්න තවත් ප්‍රශ්නකාරී වන්නේ කොළඹ නුවර පාර කොළඹ පිරිස් නුවර යාමට හා නුවර පිරිස් කොළඹ යාමට භාවිත කළ ද එම ස්ථානය අද වන විට හො`ද කේන්ද්‍රස්ථානයක් නොවේ. පුත්තලම, කුරුණෑගල සිට පැමිණෙන පිරිස් මෙන්ම උතුරු, නැගෙනහිර, මාතලේ, නුවරඑළිය, ඌව සහ උතුරු මැද පළාත්වල පිරිස් නුවර එන්නේ කඩුගන්නාව හමු නොවන මාර්ග ඔස්සේය. නුවරට පැමිණෙන කෙනෙක් 'අමුතු ගමනකින්' කඩුගන්නාවට යා යුතුය. නමුත් එසේ නොයමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස අධික රථවාහන තදබදය සැලකිය හැකිය. දුර අනුව සැතපුම් කිහිපයක් වුව ද කඩුගන්නාව ඇත්තේ මහනුවර සිට පැයකට වඩා දුරින් බව මෙම ස්ථානය තේරූ පුද්ගලයින් නොදන්නවා ඇත. සීමිත ඉඩක ජනාකීර්ණ වී ඇති කඩුගන්නාව නගරයේ ඇති අසහනකාරී පරිසරය මේ කෞතුකාගාරයට එක් කරන්නේ මෙම ස්ථානයේ මෙම ආයතනය පිහිටුවීමේ දී අපේක්ෂා කළ භූමි වාසිය නොවන බව ශක්‍යතා අධ්‍යනය කළෝ නොසලකා ඇත. මෙවැනි විවිධ ප්‍රායෝගික ගැටළු හේතුවෙන් කඩුගන්නාව කෞතුකාගාරය අපේක්ෂිත අරමුණු කරා ල`ගා වීමට සමත්ව නැත.

සෙසු කෞතුකාගාර පිළිබද කියන්නට ඇත්තේ ද මේ හා සමානම කතාවකි. දුම්රිය එංජිමක්, මැදිරියක් සහ සංඥා උපාංග කීපයක් අන් අයට පෙනෙන්නට සැලැස්වීම කෞතුගාකාරයක් නොවන බව, බණ්ඩාරවෙල ඇත්තේ දුම්රිය කෞතුකාගාරයක් යැයි විශ්වාස කරන සියලු දෙනාටම ගෞරවයෙන් සිහිපත් කර දිය යුතුය. දුම්රිය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජාතික කෞතුකාරයක් අවශ්‍ය බව කවුරුත් පිළිගන්නා දෙයකි. එනමුත්, සමහර දේ ඒ ඒ තැනම පල් වෙවී විස`දුම් සෙවිය නොහැක්කා කියන්නා වාගේ, මේ වන විට ස්ථාපිත කර ඇති එවන් කෞතුකාගාර ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කළ නොහැකි බවද අප පිළිගත යුතුය. දුම්රිය කෞතුකාගාර අද පත්ව ඇත්තේ ප්‍රතිසංස්කරණයන් තුළින් ගොඩ ගත හැකි තැනක නොවේ. එහෙයින්, වෙනසක් අවශ්‍යය.

නාම පුවරුවකට පමණක් සීමා වූ ඊනියා ජාතික කෞතුගාරයට රැවටී, නව ජාතික දුම්රිය කෞතුකාගාරයකට එරෙහිව ක`දවුරු බ`දින මෙම ඊනියා දුම්රිය වෘත්තීය සමිති නගන තවත් චෝදනාවක් වන්නේ, රජයේ බැංකුවක් වන මහජන බැංකුව දුම්රිය කෞතුකාගාරයක් වෙනුවෙන් මුදල් යොදවන්නේ කුමන පදනමක පිහිටා ද යන්නයි.

දැනගන්නට ඇති පරිදි මෙම රාජ්‍ය බැංකුව යටකී නව දුම්රිය කෞතුකාගාර ව්‍යාපෘතිය සදහා මුදල් යොදවන්නේ දෙපාර්ශවයටම වාසිදායක පදනමක පිහිටාය. එක් පැත්තකින් ජාතික අවශ්‍යතාවක් වන ජාතික දුම්රිය කෞතුකාගාරයක් නිර්මාණය කිරීම සදහා එම බැංකුව මගින් මුදල් ආයෝජනය කෙරෙන අතර, එයට ප්‍රතිලාභ ලෙස (හිලව්වට) දිවයින පුරා දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි නවීන පහසුකම් සහිත ස්වයං බැංකුකරණ පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙන බව එම තොරතුරු වල ස`දහන්ය. සාමාන්‍යයෙන් බැංකුවක් වැනි මුල්‍ය ආයතනයක් මෙවැනි ප්‍රවර්ධන සහ සේවා සැපයීමේ අවකාශයන් ලෙස දුම්රිය සේවය සතු දේපල භාවිත කිරීමේ දී ගෙවීමක් කළ යුතුය. එලෙස කරනු ලබන ගෙවීම් විවිධ සිල්ලර වැඩ ස`දහා යොදාගෙන එකවර ලැඛෙන ලොකු මුදල් කුට්ටිවලින් නිසි ප්‍රයෝජනයක් නොගත් අවස්ථාවන් දුම්රිය සේවයේ පමණක් නොව සෙසු සෑම ආයතනයකම පාහේ අප දැක ඇත. මෙහිදී මහජන බැංකුව එවැනි ගෙවීමක් නොකළ ද දුම්රිය සතු ඉඩ තමන්ට ලබා දීම වෙනුවෙන් සහ ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මහජන බැංකුව යොදවන මෙම මුදල් දිගුකල් පවත්නා මෙවැනි ව්‍යාපෘතියකට යොමු කිරිම පිළිබ`ද අප කළ යුතු වන්නේ දුම්රිය සේවයට ප්‍රශංසා කිරීමයි. එසේම, තමන් යොදවන මුදල් නාම පුවරු සවි කිරිම, බිත්ති පින්තාරු කිරිම වැනි සිල්ලර වැඩ ස`දහා නොයොදවා ජාතික කටයුත්තක් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු බවට වන කොන්දේසියක් මත පිහිටා ආයෝජනය කිරීම පිළිබ`ද මහජන බැංකුවට ද ජාතියේ ගෞරවය හිමි විය යුතුය.

වෘත්තීය සමිති විසින් නිකුත් කර තිබූ නිවේදනයකට අනුව, දුම්රිය සේවය යටතේ ජාතික දුම්රිය කෞතුකාගාර ව්‍යාපෘතිය වෙනුවෙන්ම නව සමාගමක් ලියාපදිංචි කිරීම නීතිවිරෝධී බව කියැවේ. නීතිය දන්නා අය දන්නා කරුණ නම්, විශේෂිත වූ ව්‍යාපෘති වෙනුවෙන් රාජ්‍ය ආයතනයන් යටතේ උප ආයතන ඇති කිරීමේ ඕනෑ තරම් හැකියාවක් ඇත. එසේම, ඒ වෙනුවෙන් නීතීයේ ප්‍රතිපාදනද සලසා ඇත. රේල්වේ මියුසියම් ගැරන්ටී ලිමිටඩ් නම් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර ඇත්තේ ගැරන්ටීඩ් ලිමිටඩ් එකක් ලෙසය. මෙලෙස ගැරන්ටී ලිමිටඩ්, නැතිනම් ඇපයෙන් සීමිත සමාගම් ස්ථාපිත කරන්නේ ලාභ නොලබන සමාගම් ලෙසය. නිශ්චිත අරමුණක් වෙනුවෙන් ස්ථාපිත කරන මෙවැනි සමාගම් නියමිත මව් ආයතනයේ අධීක්ෂණය හා නියාමනය යටතේ පවත්වාගෙන යයි. එවැනි සමාගම් කිසිවෙක කවුරුන් සාමාජිකත්වය ලැබූව ද ඒවා ඒ ඒ පුද්ගලයින්ගේ අභිමතය පරිදි මෙහෙයවිය නොහැකිය. පැහැදිළිව දක්නට ඇති කරුණ නම්, මෙලෙස සමාගමක් ස්ථාපිත කර ඇත්තේ රාජ්‍ය සේවයේ දක්නට ඇති සාම්ප්‍රදායික අලස බව හා ප්‍රමාදය වලක්වාලමින් අවශ්‍ය අවස්ථාවන් වල දී අවශ්‍ය තීන්දු තීරණ ගෙන මෙම ව්‍යාපෘතිය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් විය යුතුය.

තවදුරටත් කරුණු දක්වන මෙම වෘත්තීය සමිති පවසන්නේ දුම්රියේ දහසකුත් එකක් අඩුපාඩු හා අවශ්‍යතා ඇති හෙයින් දුම්රිය කෞතුගාකාරයක් වෙනුවෙන් නොව මහජන බැංකුවේ මෙම ප්‍රදානය ඒ නොයොදා එවැනි අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් යොදවන ලෙසයි. අප ඔවුන්ගේ ඉල්ලීම එලෙස සිදුවූයේ යැයි මොහොතකට කල්පනා කළහොත්, කියන්නට ඇත්තේ එක දෙයකි. එසේ නම් මෙම කෝටි ගණනක මුදල්ද පෙර අප දන්නා පරිදිම යොමු වන්නේ උදාසීන හා අකාර්යක්ෂම නිළධාරීන් අතරටමය. තේරෙන භාෂාවෙන් කියන්නේ නම්, මේ වෘත්තීය සමිති අර අදින්නේ, දහදුක් විද උපයා ගත් වැටුපෙන් සීනි බෝල කා අවසන් කිරීමකටය. එය හාස්‍යයෙන් බැහැර කළ යුතුයැයි ලියුම්කරුවා විශ්වාස කරයි.

ලංකාවට ජාතික දුම්රිය කෞතුකාගාරයක් අවශ්‍ය වන්නේ ඇයි?

දුම්රිය පිළිබ`ද ඇත්තේ ඉහළ රසිකත්වයකි. දුම්රිය ප්‍රේමීන් හා දුම්රියට ආදරය කරන බොහෝ දෙනෙක් පිළිබද තොරතුරු සමාජ ජාලා හා මාධ්‍ය භාවිතයේ දී දක්නට ලැබේ. ඔවුහු තම රසිකත්වය හා විනෝදාංශ වෙනුවෙන් සාධාරණ මිලක් පවා ගෙවීමට සූදානම් වන පසුබිමක එය තවත් පසෙකින් දුම්රිය සේවයට හා රජයට ආදායම් මාර්ගයක් කර ගත හැක. එපමණක් නොව, සංරක්ෂණය, ප්‍රදර්ශනය හා අධ්‍යාපනය යන අංශයන්ගෙන් ද මෙරටට මෙවැනි ජාතික කෞතුකාගාරයක අවශ්‍යතාව දැඩිව දැනේ.

ජාත්‍යන්තර මට්ටමේ කෞතුකාගාරයකින් බලාපොරොත්තු වන අභ්‍යන්තර හා බාහිර අපේක්ෂාවන් වේ. ඉන් ප්‍රධාන වන්නේ සංරක්ෂණය හා ප්‍රදර්ශනයයි. සංරක්ෂණය පැත්තෙන් සැලකූ විට පැරණි වන හා නවීන ආදේශකයන් හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන හෝ අතීතයට එක් කරන වැදගත් සිහිවටනයන් මතු පරපුරේ පරිහරණය වෙනුවෙන් සංරක්ෂණය කළ යුතුය. එසේම, ඒවා සෙසු අයට දැක බලා ගැනීමට සැලැස්වීමෙන් අපේක්ෂා කරන්නේ ජාතියක් පිළිබ`ද අභිමානයක්, ඉතිහාසය පිළිබද දැනුමක් මෙන්ම තොරතුරු ලබා දීමය. ජාතික දුම්රිය කෞතුකාගාරය ද ජාතික කෞතුකාගාරය හෝ ජාතික මාර්ග කෞතුකාගාරය තරම්ම වැදගත්ය.
එසේම, කොළඹ දී ඉදිකිරීමට යෝජිත අභිනව කෞතුකාගාරය මෙරට සංචාරක කර්මාන්තයයේ ඉදිරි ගමන වෙනුවෙන් ද තීරණාත්මක වනු ඇත. එම කෞතුකාගාරය ඉදිකරන්නට අපේක්ෂා කරන්නේ කොළඹ වීම වැදගත් ලක්ෂණයකි. රටක අගනුවර යනු සෑම අංශයකින්ම වැදගත්ම සංධිස්ථානයයි. ලොව සෙසු බොහෝ රටවල ද මෙවැනි තැන් නිර්මාණය කර ඇත්තේ වෙළ`ද අගනුවර, වෙළ`ද හෝ සංචාරක මර්මස්ථාන මූලික කරගෙන ය. කොළඹට පැමිණෙන සංචාරකයින්ට මෙන්ම විශේෂයෙන්ම කෙටි කාලයක් සදහා කොළඹට පමණක් පැමිණෙන සංචාරකයින්ට කොළඹ දී නැරඹීමට අවස්ථාව උදාවන ස්ථානයන් අතර මෙම කෞතුකාගාරය ප්‍රමුඛස්ථානයක් වනු ඇත. එසේම, මුළු රට පුරා සිට කොළඹට පැමිණෙන දේශීය සංචාරකයින්ටද මෙම කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

ලෝක මට්ටමින් පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ජාතික දුම්රිය කෞතුකාගාර යනු කවරක්දැයි ඉදිරි ලිපියකින් ලියා සිටීමට අදහස් කරමි.

- මාලින්ද ජයතිලක

Tuesday, July 25, 2017

"83 කලූ ජූලිය" - අවස්ථාවාදී දේශපාලනයේ සුරාන්තය.

හැම ජූලියක් කිට්ටු වෙනකොටම, අපේ අප්පච්චියි, කිරි අත්තයි ඉතා සංවේගයෙන් සිහි කරන සිද්ධි ටිකක් තියනවා. කුරුණෑගල ඉස්පිරිතාලේ හිටපු ශේක්ෂ්පියර් දොස්තර මහත්තයා ඉස්පිරිතාලේ හැර යාම, වදාකඩ  ඕසියර් මහත්තයාගේ (රජයේ වැඩ පරීක්ෂක) ගේ ගිණි තියලා මේස පුටු පවා පාර දිගේ ඇවි`ථණු හැටි, කොළඹ, නුවර, ගාල්ල, මාතර, නුවරඑළිය වගේ ලොකු ටවුන් වල විතරක් නෙවෙයි නාරම්මල වගේ තැන්වල පවා කඩ කඩලා ගිණි තියලා බඩු මුට්ටු පාරවල් යායවල් දිගේ මිනිස්සු ඇදගෙන ගිය හැටි, කිටි කිටියේ දිළිසෙණන ෆොර්ඞ්, ඔස්ටින්, මයිනර් අළු වෙනකල් ගිණි ගත්ත හැටි වගේ සිද්ධි ගාණක්. කොල්ලා කාලේ ඉ`දලි නිතර නිතර යාපනේ ගිය කිරි අත්තා යාපනේ, තිරිකුණාමලේ තිබුණු යා`ථකම් නැවතිලා ගමං බිමන් ඇණ හිටින්න මේ ගිණි බලපාපු එක ගැන තාම ඉතා සංවේදීයි. වැෙඩි පටන් ගත්තේ වෙන තැනක. වෙන අරමුණකට. පළවෙනි ගල ගැහුවේ කවුරු වුණත් අවසානේ දී බෙදිලා වෙන් වුණේ, පළුදු වුණේ ගල් සපයපු, ගිණි සපයපු මිනිස්සු නෙවෙයි. එකට කාලා බීලා හිනා වෙලා හිටපු එකට හුස්ම ගත්ත උඹලා අපි වගේ සාමාන්‍ය අහිංසක මිනිස්සු.

83 ජූලි විසි හතර වැනිදා ටිකක් දවල් වෙනකොට, ත‍්‍රස්ත ප‍්‍රහාරයක් හේතුවෙන් උතුරේ හමුදා සෙබළුන් පිරිසක් ජීවිතක්‍ෂයට පත්වීමක් පිළිබඳ ආරංචි මාත‍්‍රයන් කොළඹට කාන්දු විය. එදා රාත‍්‍රියේ සියල්ල ලක ලෑස්ති කෙරුණා. ලොරි, බස් යාන වාහනාදියේ නැ`ගී, ජනයා කුපිත කරමින් හැසිරිණු පුද්ගලයින් පිරිසක් උද්වේගකර වර්ගවාදී කතා පවත්වමින් වාර්ගික වෛරය මෙළවූවා. උඹලා අපි ත‍්‍රස්තවාදයයි ජාතියයි පටළවාගත්තා. ඇත්තටම වුණේ, අවස්ථාවාදයේ ප‍්‍රතිලාභී උඩහා අයත් පහළ අයත් උඹලාට අපිට මේ දෙක කවලම් කරලා පැටළෙව්වා. ඉනික්බිති ප‍්‍රතිඵලය වූණේ නිදමින් සිටි රටක්, ඇහැරවා හ`ඩවා ගිණි ගසා දවාලීමයි. අහස් කුස තෙක් නැගුණු ගිනි දැලින් පැතිරුණු දුමාරය හාත්පස වසාගෙන තිබුණා. ඒ බිහිසුණු රාත‍්‍රියේ ගෙවෙන හැම තත්ත්පරයක්ම දැනුණේ කල්පයක් කල් වාගේය. ඒ නිශ්චිත මෙහොතේ, පල්ලෙහා අය බාල්දිය කොක්කෙන් උස්සලා බාල්දියද වාල්දියද අහලා අනන්‍යතාව විගණනය කර ගත්තා. ඉහළ අයත් මේ විදිහටම.

ඇතැමෙක් මර ලතෝණි නගද්දී තවකෙක් වියරුවෙන් මෙන් ඒ ලතෝනියෙන් සතුටු විය. ගැහැණුන් පිරිමින් මහල්ලන් තරුණ තරුණියන් පමණක් නොව, කිරිසප්පයින් ළදරුවන් වාගේම මව් කුස සිටි එළියක්වත් දැක නොතිබූ අහිංසකයින් පවා බුර බුරා නැගෙන ගින්නේ ගොදුරු බවට පත් වුණා. පරම්පරා ගාණක් තිස්සේ හරි හම්බ කළ හැම දේම ඉසිඹුලන නිමේෂයකින් අළු වී ගියේය. තවත් දේ සොරා ගත්තේය. මේ අව්වස්සේ ඊර්ෂියාව වෛරය ක්‍රෝධය පමණක් නොව, කාලා බීලා ඇදලා පැළ`දලා ඉන්න මිනිස්සුන්ට එරෙහිව හිත් වල තිබුණු කුහකකම පවා මුදා හැරුණා. ඒ හැම තක්කඩිකමක්ම ජාතියේ නාමයෙන්, වර්ගයේ නාමයෙන්, භාෂාවෙන් නාමයෙන් සාධාරණීකරණය කර ගත්තා. මේ අමන වැඩ හැම එකක්ම දේශපේ‍්‍රමී සුදු සළුවෙන් වසා ගත්තා.

කලූ ජූලිය කියන්නේ, මේ කොදෙව්වේ ජීවත්වන හුස්ම ගන්නා සෑම මිනිසෙකුටම, එහි අවස්ථාවාදී දේශපාලනයේ සුරාන්තය පිළිබ`ද බොහෝ දේ කියා දුන් පැය කිහිපයකි. භාවිතාවෙන් කොදෙව් වෙන දේශපාලනයක පුටු පේළියේ කොතනක ඉ`දගන ඉන්න කෙනෙක්ගේ වුණත් උත්සාහය කමන්ගේ බලය තහවුරු කර ගැනීම. එහෙන් මෙහෙන් අලූ ¥විලි ඇවිස්සෙද්දී, අල්ලපු කෙඩි මුදලාලිව ව්‍යාපාරිකව පරාජය කිරීම වෙනුවට භෞතිකව පරාජය කරන්න අවස්ථාවක් කර ගත්තා. ආදරයෙන් දිනාගන්න බැරිවුණු යුවතිය පේ‍්‍රමයෙන් දිනා ගැනීම වෙනුවට ශාරීරිකව දිනාගන්න පොළඹවන්න තරම් ඒ රාත‍්‍රිය බිහිසුණුයි. ශිලාචාර අභිබවීම් වෙනුවට අසීලාචාර අභිබවීම්, වෙහෙස වී උපයා ගැනීම වෙනුවට කොල්ල කෑම, ලෙංගතුව සිටි මිනිස්සුන්ට එරෙහිම ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම වගේ මහා බයානක හැසිරීම් වලින් ඒ රාත‍්‍රිය පිරී තිබුණා.

ඇවිලෙන ගිණි නිවන්න ඇල් වතුර හොය හොය ඉන්නකොට, ඔවුන් අපේ අතට දුන්නේ භූමිතෙල් බූලියක්. ඒකෙන් දමලා ගහපුවාම නට නටා නගින ගින්න දැක්ක අපි, ඒ ශෝකය ත‍්‍රිල් එකක් කරගත්තා. ඒ ගින්නට හුරේ දාලා ඔවුන් අපිව ෆෝර්ම් කළා. ඉතිං අපේ හිත්වල හිටපු මුග්ධයා අවදි වී අපිට අණ කළා මේ ආතල් එක තව තවත් හොයපං කියලා. (සමහරුන්ට අනුව තොග වෙළ`දපොළ අල්ලන්න මුදලාලිලා ගහපු ගේමක් අනුව මේ සිද්ධි ඔඩු දිව්වා. සමහරුන්ට අනුව, දේශපාලන මුදලාලිලා මල්ල තර කර ගන්න ගහපු ගේමක්. කොහොම වුණත්, ඒ මුදලාලිලාගේ ගේමක් බව ඇත්ත. 83 කියන්නේ ත‍්‍රස්තවාදී වැඩත් එක්ක ත‍්‍රස්තවාදී පන්නේ හැමෝම එක වේදිකාවකට නැග්ග වෙලාවක්.* මේ හැම දෙයක් දිහාම බලාගන හිටපු අවස්ථාවාදී දේශපාලනඥයෝ ඒ ගිණිදැල් අතරින් දැක්කේ තව අවුරුදු විස්සක් තිහක් ඉස්සරහට බලය අත්පත් කර ගන්න හැටි. තමන්ට පමණක් නෙවෙයි, තමන්ගේ දරු මුණුපුරන් පවා ඒකෙන් ගන්න පු`ථවන් වාසිය ඔවුන් දැක්කා. ඒ නිසාම ඉන් උපයා ගත්ත ඊනියා ජාතිපේ‍්‍රමී, ඊනියා `දේශපේ‍්‍රමී හැදුනුම්පත් ඉදිරි මැතිවරණ වලදී තොග ගණනින් පාවිච්චි කරන්න උතුරට වගේම දකුණටත් අවස්ථාවක් උදා වුණා.

අවසන් ප‍්‍රතිඵලය වුණේ බොහෝ දෙනෙක් මිහිදන් වෙලා තවත් අය අතුරුදන් වෙලා සිය දහස් ගණනක් සංක‍්‍රමණය වීම විතරක් නෙවෙයි. ඔවුන් සහ අපි අතර තිබුණු පරතරය තව තවත් වැඩි වුණා. භෞතිකව වැටවල්, තාප්ප, දිය අගල් නොතැණුනාට අදටත් සිංහලයාට දෙමළාත් දෙමළාට සිංහලයාත් දුරස් කරපු කාණුව කැපුණේ එදා. මේ පරතරයේ පට්ට අවාසිදායක තත්ත්වයක් හැටියට අපි තේරුම්ගත්තට, සමහර අයට මේ සිදුවීම් මාලාව මාරම වාසිදායක තත්ත්වයක්. එදා විතරක් නෙවෙයි. තමන්ගේ ?න්ක එක පහළට යනකොට, ජනප‍්‍රියත්වය අඩු වෙනකොට ඒවා උඩා දා ගන්න අදටත් පාලකයෝ තෝරන්නේ ගිණිදැල් අතරින් මතු වෙන්න පුළුවන් වැඩ. ඔවුන් දන්නවා ජාතිය, ආගම, මව, කුලය, දීපය, දේශය, භාෂාව වගේ දේවල් තව කෙනෙක් අවුළුවන්න පුළුවන් අති සංවේදී කාරණා බව.

හමේ පාට මොකක් වුණත්, අදින ඇ`දුම මොකක් වුණත්, කතා කරන භාෂාව මොකක් වුණත්, ලියන අකුරු මොනවා වුණත් වැදගත්ම දේ තමයි මිනිස්සු හැටියට ඉපදුණු අපි මනුස්සකම් එක්ක ජීවත් වෙන එක. ආදරේ කරන එක. එදා වගේම, අදත් හෙටත් ගිණි තියන්න, ගල් ගහන්න කුරුමානම් අල්ලන කිසි එකෙක් අවසානේ දී එක කදුළු බි`දක්වත් හෙළන්නේ නෑ. ඇත්ත ඒකයි. ගිණි දැල් බුර බුරා නගිනකොටත් මේ රටේ දී බැරිනම් වෙන රටක දී හරි තරු හෝටල්වල සව්දිය පුරයි. එකට කාලා බීලා ජෝගි නටයි. එදා වගේම, අවස්ථාවාදී නරුමයින්ගේ මද්දට අහුවුණොත් අදත් හෙටත් කදුළු හෙළන්න සිද්ධ වෙන්නේ උඹලාට අපිට විතරයි.

°°° ✒ Bharatha Prabhashana  Thennakoon

Sunday, July 23, 2017

“කවුද මේ නෙවිල් ප්‍රනාන්දු. ඉස්පිරිතාලේ බදු දුන්නද - ණය ගෙව්වද?” Interview by Bharatha

“කවුද මේ නෙවිල් ප්‍රනාන්දු. ඉස්පිරිතාලේ බදු දුන්නද - ණය ගෙව්වද?” • දොස්තර නෙවිල්ගෙන් Mawbima ප්‍රශ්න කරයි.

••• Interview by Bharatha Prabhashana Thennakoon

නෙවිල් ප්‍රනාන්දු. 1931 ඉපදුණු නෙවිල් ප්‍රනාන්දුට දැන් වයස 86යි. හැබැයි එයා හැප්පෙන්නේ අවුරුදු විස්සේ විසි පහේ කොල්ලොත් එක්ක. වයසින් තිස් හතලිස් ගණන් වල ඉන්න බලසම්පන්න වෛද්‍යවරු ඇතුළු සංවිධානත් එක්ක. මොකද්ද මේ ජවය. කවුද මේ නෙවිල්. අපි හම්බුණා.

1. පොඩි කාලේ ගෙවුණේ කොහොමද?
අපේ තාත්තා රජයේ සේවකයෙක්. ඒ නිසා අවුරුදු දොළහට ඉස්කෝල දහතුනක ඉගෙන ගත්තා. පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ, අම්බලන්ගොඩ වගේම මහනුවර ධර්මරාජෙත් ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. 1957 දි වෛද්‍යවරයෙක් හැටියට පිටවුණා.
ඊට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කළා. දේශපාලනයට සම්බන්ධ වුණා. ව්‍යවසායකයෙක් හැටියට විවිධ ක්ෂේත්‍ර වලට යොමු වුණා.

2. නෙවිල් ප්‍රනාන්දු කියන්නේ ඒ කාලේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්?
ඒ කාලේ මම තමයි ඒ පළාතේම හිටපු ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ලාබාලම වෛද්‍යවරයා. 1959 ඉ`දලා අවුරුදු විස්සක් මම පානදුරේ මගේ ක්ලිනික් එකේ වැඩ කළා. ඒ කාලේ මගේ ගාස්තුව රුපියල් දෙකයි ශත පණහයි.

3. එතනින් පස්සේ?
හැත්තෑ ගණන් වල මට ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න. මම පානදුරේ සංවිධායක වුණා. ඒ කාලේ පානදුරේ කියන්නේ වාමාංශික ආසනයක්. පානදුරේ සංවිධායක හැටියට හිටියේ ලෙස්ලි ගුණවර්ධන. 77 ඡන්දෙදි වාමාංශික අපේක්ෂක ලෙස්ලි ගුණවර්ධනව වැඩි ඡන්ද දහදාහකින් පරද්දලා මම පානදුරේ මන්ත්‍රී වුණා.

4. වාමාංශික ආසනයක් වුණු පානදුරේ අනිත් පැත්ත පෙරළුවේ කොහොමද?
ඕනම රෑක ඕන වෙලාවක කවුරු හරි ඇවිත් කීවොත් ප්‍රතිකාරයක් කියලා සල්ලි හම්බුණත් නැතත් මම ගියා. සමහර තැන් වලට ගිහිං වැඩ ඉවර වුණාම කියනවා සල්ලි නෑ කියලා. මම හිස් අතින්ම ආපහු එනවා. මම අවංකවම මිනිස්සුන්ට සේවය කළා. වෛද්‍යවරයෙක් හැටියට මට ලොකු කීර්තියක් තිබුණා. ඉතිං මම ඡන්දෙට ආපුහාම රතු පාටට තිබුණු පානදුරේ කොළ පාට වුණා.

5. ඡන්දෙට කීයක් වියදං කළාද?
මට මුළු ඡන්දෙටම වියදම් වුණේ රුපියල් විසි පන්දාහයි. මුළු කැන්වසින් එකම ගියේ ඩීසල් බැරල් හතරකින්. මගේ වාහන දෙකකින් මම මුළු ආසනේ පුරාම ගියා. ඒ හැමෝටම වගේ නම කියලා කතා කරන්න පුළුවන් දැන හැ`දුනුම්කමක් මට තිබුණා. පෝස්ටර් කටවුට් ගහලා ඒ කාලේ ඡන්ද දිනන්න බෑ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. ආසනේ මන්ත්‍රී ආසනේට වැඩ කළේ නැත්නම් ඊළ`ග ඡන්දෙදි ජනතාව උත්තර දෙනවා.

6. 77 මන්ත්‍රී වුණාට මන්ත්‍රීකම වැඩි කාලයක් කරන්න වුණේ නෑ නේද?
77 අපි බලයට ආවේ ධර්මිෂ්ට සමාජයක් හදනවා කියලානේ. ඒත් ටික කාලයක් යනකොට ඒ පොරොන්දු ඉශ්ඨ නොවෙනකොට වෙන වෙන පාරවල් වල යනකොට මම පාර්ලිමේන්තුවේ රණ්ඩු කළා. ඥානම්ට සාරි ගේන්න දුන්නු පර්මිට් එකට කලිසම් රෙදි ගෙනාවම ලොකු දඩයක් ගැහුවා. ආණ්ඩුව මැදිහත් වෙලා ඒවා නිදහස් කළාට පස්සේ මම ඒක ප්‍රශ්න කළා. ඊට පස්සේ හිටපු ලීගල් ඩ්‍රාෆ්ට්මන්ව තනතුරෙන් ඉවත් කරන එකට විරුද්ධව මම කතා කළා.

ඊට පස්සේ මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ වෙලාවේත් මම විරුද්ධ වුණා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ තිබුණු ඡන්ද විමසීමේදි මම ඡන්දය නොදී හිටියා. මගේ ල`ග හිටපු මන්ත්‍රීතුමා මගේ අතට තට්ටු කරලා කීවා අත උස්සන්න කියලා. මම මගේ අත ගසා දැම්මා. ජනාධිපති ඡේආර් ජයවර්ධන ඒක දැක්කා. එයා දැනගත්තා මම හරියන මිනිහෙක් නෙවෙයි කියලා.

ඊට පස්සේ එක එක අවවාද කළා. පණිවිඩ එව්වා. මාව අවනත කරගන්න උත්සාහ කළා.

7. එතකොට මන්ත්‍රීකම අත්හරින්නේ?
අච්චුවේලි වල ගුවන්හමුදා භටයෝ කීප දෙනෙක් ඝාතනය වෙලා කොළඹ ගෙනාවා. මම ඒ වෙලාවේ පානදුරේ රැස්වීමක් තියලා කීවා zඡේආර්ට මේක කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්නZ කියලා. මගේ කතාව පත්තරවල ගියා. මේක ගියා zසවුදි අරාබියාZ කියලා පත්තරේක. එතකොට ජනාධිපති ජයවර්ධන හිටියේ සවුදියේ.

ලංකාවට ආපු ගමං කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා මාව පක්ෂෙන් අයින් කළා. මට උසාවි යනවද නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවවකට මුහුණ දෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න වුණා. මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තෝරා ගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ඒකෙන් පස්සේ ඡන්ද විමසීමක් තියන්න තීරණය කළා මට විරුද්ධව.

ජනාධිපති ජයවර්ධනගේ හයෙන් පහේ බලයක් එක්ක ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද විමසීමකට මුහුණ දෙනවා කියන්නේ විහි`ථවක්. ඒ නිසා ඡන්දය ආරම්භ වෙනකොට මම මගේ ඉල්ලා අස්වීම භාර දීලා ගෙදර ගියා.

8. ඉතිං ඔබ ජේආර් ජයවර්ධන ගැන නොදන්නවා වෙන්න බෑනේ?
මම විතරක් නෙවෙයි හැමෝම දන්නවා ඡේආර් ජයවර්ධන ගැන...

9. එතනින් දේශපාලනේ නතර කළාද?
ඊට පස්සේ මැතිණි මට ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ඒකේ උප ලේකම්වරයෙක් වුණා. මගෙත් එක්ක හිටපු අනිත් උප ලේකම් තමයි මහින්ද රාජපක්ෂ. 94 වෙනකල් ශ්‍රී ලංකා එකේ හිටියා.

10. ජේආර් සහ සිරිමාවෝ කියන නායකයින් දෙන්නා එක්කම ඔබ වැඩ කළා. කවුද වඩාත් සිත්ගත් නායකයා?
මැතිණි. උණුවෙන හිතක් තිබුණ කෙනෙක්. හැමෝටම කන්දීලා හැමෝගෙම දේවල් වලට අවස්ථාවක් දෙනවා.

11. අපි නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යවසායකයා ගැන කතා කළොත්, ඔබ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරනකොටම ව්‍යාපාර වලටත් අත ගැහුවද?
මම මුළින්ම කළේ දේපළ වෙළ`දාම්. ඉඩම් අරගෙන ගෙවල් හදලා විකුණුවා. ඒකෙන් හම්බුණු ලාභ වලින් ලක්ෂ නවය හමාරකට ඛෙන්තොට පටන් ගත්තා තරු පංතියේ සංචාරක හෝටලයක්. අක්කර පහක තිබුණු කාමර 31ක හෝටලයක්.

ඒක දියුණු වීගෙන එනකොට ඒක ලක්ෂ පහළවකට විකුණලා පොල් වත්තක් ගත්තා. හෝටලේ කොටස් අයිතිකාරයින්ට රුපියල් දහයේ කොටසකට රුපියල් පහළව ගාණේ ගෙව්වා. අක්කර හැත්තෑ පහක වත්ත 1972 ගෙනාපු උපරිම ඉඩම් අයිති නීතියෙන් මට අක්කර පණහක් ඉතිරි වෙලා ඉතුරු විසි පහ ආණ්ඩුවට ගත්තා. ඊට පස්සේ මම ඒක විකුණුවා.

ඊට පස්සේ අසූ ගණන් වල අක්කර විසිතුනක ඉඩමක මම පෝසිලීන් ෆැක්ටරියක් පටන් ගත්තා. හැම තැනම තිබුණේ වෙන වෙනම වැඩ කරන පෝසිලීන් ෆැක්ටරි. මම පටන්ගත්තා එකම තැනක හැම දේම කරන එකක්. ඒකේ පළවෙනි පෝසිලීන් තොගය එක්ස්පෝර්ට් කරාට පස්සේ මගේ කොටස මගේ හවුල්කාරයාට විකුණුවා. මම පටන් ගත්තා ඇඩ්වර්ටයිසින්, ප්‍රින්ටින් කරන්න පු`ථවන් සියලූම පහසුකම් තියන මුද්‍රණාලයක්. දැන් ඒකේ ශාඛා කීපයක් ලෝකේ රටවල් කීපයක තියනවා.

ඒ වෙනකොට කඩා වැටිලා තිබුණු ආශා සෙන්ට්‍රල් රෝහල මම ගත්තා. ඒක මම දියුණු කළා. 1998 දි පටන් ගත්ත ආශා සෙන්ට්‍රල් එක මිලියන එක්දාස් හයසීයකට විකුණලා සයිටම් එක පටන් ගත්තා.

12. ඇයි ව්‍යාපාර හද හද විකුණන්නේ?
මම කැමතියි අලුත් අභියෝග භාරගන්න.

13. ඔබ ජීවිතේ එක එක වෙලාවේ මහ අමුතු විදිහට දේවල් අත්හැරීම් කරලා තියනවා?
ඔව්. පටන් ගන්නවා. දියුණු කරනවා. අත්හරිනවා. තව පියවරක් ඉස්සරහට තියනවා. මගේ ජීවිත කාලේ ගොඩක් දේවල් කරන්න පු`ථවන් වුණේ ඒක නිසා. එකම දෙයක් අල්ලගෙන හිටියානම් මේ කිසි දෙයක් කරන්න වෙන්නෑ. කාට වුණත් ඒක පොදුයි. ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි, අත්හැරපු මිනිස්සු.

14. ලංකාවේ හා හා පුරා කියලා පටන් ගත්ත පුද්ගලික වෛද්‍ය විද්‍යාලයත් අන්තිමේට රජයට ගත්තා. එහෙම තියෙද්දිත් ඇයි ඒ වගේ එකකටම අත ගැහුවේ?
මගේ පවුලේ ඉන්නවා දොස්තරලා පහළවක් විතර. තව ඉංජිනේරුවෝ පහක් හයක්. ඒ හැමෝම ඉගෙන ගත්ත අය. අපේ දෙමව්පියෝ අපිට හො`දට ඉගැන්නුවා. ඉතිං මට ඕන වුණා අපි ලබා ගත්ත අධ්‍යාපනය තව කෙනෙකුට දෙන්න. මට එහෙම උවමනාවක් තියනකොට තමයි විශ්වා වර්ණපාල ඇමතිතුමා ආරාධනා කළේ ලංකාවේ ව්‍යවසායකයින්ට පුද්ගලික අධ්‍යාපන ආයතන පටන් ගන්න එන්න කියලා.

15. සයිටම් කියන්නේ සල්ලි ගරන උපාධි කඩයක් නේද?
දැනටත් සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සීයට තිහක් ඉන්නේ ශිෂ්‍යත්වලාභීන්. මේ වෙනකොට මම දීලා තියනවා මිලියන 550ක් වටිනා ශිෂ්‍යත්ව. ඉගෙන ගන්න කැමති දක්ෂ ළමයින්ට ඒ උවමනාව ඉශ්ඨ කරගන්න උදව් කරනවා. මට සල්ලි වැඩක් නෑ. ආශා සෙන්ට්‍රල් එක විකුණලා ඒ මිලියන 1600 බැංකු පොතක දැම්මාත් මට හො`දට ජීවත් වෙන්න පුළුවන්. මගේ දරුවෝ, මුණුපුරෝ මිණිබිරියෝ හො`දට ඉගෙන ගත්ත අය. ඒ අයට මේ සයිටම් එකෙන් සල්ලි හොයගෙන ජීවත් වෙන්න උවමනා නෑ.

16. සයිටම් එකට දැන් මොකද වෙන්නේ?
මේ වෙනකොට වෛද්‍ය උපාධිදාරීන් අනූවක් විතර පිට වෙලා තියනවා. ඊට අමතරව ඉංජිනේරු උපාධිදාරීන් හාරසීයක් පමණ පිටවුණා. ලෝකේ පුරා එයාලා දැන් වැඩ කරනවා. තවත් ළමයි ඉගෙන ගන්නවා. එයාලාත් උපාධිදාරීන් හැටියට පිටවෙයි.
අද වෙනකොට සයිටම් කියන්නේ ඉතාම ශක්තිමත් විශ්වවිද්‍යාලයක්. මගේ රෝහල ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ගරු සෞඛ්‍ය ඇමතිතුමා යෝජනා කළා වෛද්‍ය පීඨයට ළමයි දෙසීයක් ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා. ඊට පස්සේ පන්සීයක් දක්වා වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා එතුමා කීවා. මම බලාපොරොත්තුවෙනවා ඇමතිතුමා යෝජනා කරපු ඉලක්කයට යන්න. ක්‍රමයෙන් සිසුන් සංඛ්‍යාව පන්සීය දක්වා වැඩි කරන්න. පළවෙනි අදියර විදිහට වෛද්‍ය පීඨයට සිසුන් දෙසීයක් සහ ඉංජිනේරු පීඨයට සිසුන් දෙසීයක් බදවාගෙන ඔවුන්ට හො`ද අධ්‍යාපනයක් ලබා දෙන්න මම සැලසුම් කරගෙන යනවා.

17. ඇයි තමන්ගේ සල්ලි වලින් හදපු රෝහල රජයට දුන්නේ?
මම කීවා මම ඒක පරිත්‍යාග කරන්නම් කියලා.
මම ඔය රෝහල පටන් ගත්තේ අපේ ළමයින්ට හෝමාගම රෝහලේදි සායනික පුහුණුව දෙන්න රජයේ වෛද්‍යවරු විරුද්ධ වෙලා එළවාගත්තට පස්සේ. ඒ ළමයින්ට ඉගෙන ගන්න තැනක් ඕනේ. තව ගොඩක් අයට සේවයක් කරන්න පුළුවන්. මම ඉංජිනේරු පීඨය පටන්ගන්න හිතාගෙන පටන්ගත්ත ගොඩනැගිල්ල රෝහලක් කළා.
ලංකාවේ ලොකුම පුද්ගලික රෝහල තමයි ඇ`දන් 1002ක් තියන නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල. සාමාන්‍ය වාට්ටු, නවීන පහසුකම් වලින් සමන්විත කාමර, රසායනාගාර, ශල්‍යාගාර වගේ හැම දේකින්ම අංගසම්පූර් රෝහලක්.

18. ඒ කියන්නේ අහම්බයක් වගේ ජීවිතේ පළවෙනි වතාවට අලූත් රෝහලකුත් හැදුවා?
මම මුළින්ම රෝහලක් හැදුවේ 77 පානදුරේ. කේතුමතී කාන්තා රෝහල. හැබැයි, දැන් සති කීපෙකට කළිං මම පානදුරේ යනකොට ඒ රෝහලේ මට විරුද්ධවම කලූ කොඩි උස්සලා බැනර් එල්ලලා. මම එතන හිටපු අයට ඉතිහාසේ කියලා දීලා ඒවා ගලවලා දාලා ආවා.

කොළඹින් පිට අදටත් තියන එකම කාන්තා රෝහල. අදටත් ලංකාවේ තියන ඉහළම පහසුකම් සහිත රෝහලක් ඒක. ඒ ගොඩනැගිලි රජයට ප්‍රදානය කරලා තිබුණට වැඩක් අරගෙන තිබුණේ නෑ. මම කීවා මම මන්ත්‍රී වුණාම මේ ගොඩනැගිල්ලේ පූර්ණ පහසුකම් සහිත මාතෘ රෝහලක් හදනවා කියලා. ඉතිං මම ඒ ඡන්ද පොරොන්දුව අනුව ඒ රෝහල හැදුවා. ඒ වෙලාවේ සමහරු යෝජනා කළා ඒ රෝහලට මගේ නම දාන්න කියලා. මම කීවා අනුන්ගේ දේපල වල, අනුන්ගේ සල්ලි වලින් හදපු රෝහල් වලට මගේ නම දාන්නේ නෑ- ඒත් කවදා හරි මගේ සල්ලි වලින් හදපු රෝහලකට මගේ නම දානවා කියලා. මම මගේ වියකමින් හදපු රෝහලට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියලා නම දැම්මේ ඒ නිසා.

19. දැන් ගොඩක් අය ප්‍රශ්න කරනවා නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් ගත්ත ණය ගෙවන්නේ කවුද කියන එක. ?
මම. සම්පූර්ණයෙන්ම මගේ ණය ගෙවන්නේ මම. මම ණය ගන්න බැංකුවට ගිය වෙලාවේ බැංකුව මගෙන් ඇහුවා, මගෙන් පස්සේ කවුද මේ වැඩ කරන්නේ කියලා. මගේ මිනිබිරීට ඒ හැම දේකම වගකීම පවරලා තියෙන්නේ. අපි ගත්ත හැම සතයක්ම වෙලාවට ගෙවලා ඉවර කරනවා.

20. රෝහලයි සයිටම් ප්‍රශ්නෙයි කියන්නේ දෙකක්. දැන් සයිටම් එකට මොකද වෙන්නේ?
සයිටම් එක ඉස්සරහට යනවා. රෝහල තමයි සායනික පුහුණුවට හැදුවේ. රෝහලයි සයිටම් එකයි කියන්නේ එකිනෙකට බැ`දුණු එකක්. සයිටම් එකට තමයි රෝහල අයිති වෙලා තිබුණේ. රෝහල රජයට පැවරුවට පස්සේ, රෝගීන් වැඩි වෙනවා. අද සල්ලි ගෙවන රෝහලක් නිසා රෝගීන් එනවා අඩුයි. රජයේ රෝහලක් හැටියට නොමිලේ සේවය සපයනකොට ගොඩක් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබන්න පුළුවන්. ඒක නිදහස් සෞඛ්‍යයටත් විශාල ශක්තියක්.
ඒ වගේම, අධිවේගී මාර්ග පද්ධතිය දියුණු වෙනකොට අධිවේගී මාර්ගවලින් කොළඹට එන ගිලන්රථ වලට පුළුවන් විනාඩි කීපයකින් මගේ රෝහලට එන්න. දැන් තියන විදිහට කොළඹට යන්න වැඩි වෙලාවක් යනවා. මේ රෝහලෙන් ඒ ප්‍රශ්නේ විසෙ`දනවා. ඒ නිසා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණු මුල් කරගෙන මේ රෝහලක් හැටියට පවත්වාගෙන යන්න.

21. රෝහල රජයට පවරා දීමට එකග වුණා කියන්නේ, ඔබ ටිකක් බය වෙලා අඩියක් පස්සට ගත්තා නෙවෙයිද?
නෑ. මම කවදාවත් අඩියක් පස්සට තියලා නෑ. මම අඩියක් ඉස්සරහට තිබ්බා. මම මේ දුන්නේ ධානයක්. අපේ පවුල්වල අවුරුදු සිය ගාණක් තිස්සේ ධාන දීලා තියනවා. අපි ධානයක් දුන්නට පස්සේ දුක් වෙන්නේ පසු තැවෙන්නේ නෑ. සන්තෝස වෙනවා. ඒ නිසා මම මේ ලොකූ ධානේ දීලා ගොඩක් සතුටු වෙනවා.

22. සයිටම් කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් විතරක් නෙවෙයි. ඔබ හිතන්නේ ඇයි මේ වෛද්‍ය උපාධියට විතරක් විරෝධතා?
ඒක තමයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ තියන කුහකකම. එයාලා බයයි වෛද්‍යවරු වැඩි වැඩියෙන් වෛද්‍ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට පාර වදියි කියලා. ඒක නොකියා වෙන එක එක හේතු කියනවා.

23. ඔබ ඉගෙන ගත්ත පාසලක් වුණු මහනුවර ධර්මරාජෙම ආදි ශිෂ්‍යයෙක් තමයි අන්තරේ මෙහෙයවන ලහිරු වීරසේකරත්...?
ඒක හරි අපූරුයි. එක එක්කෙනාගේ දේශපාලන වැඩ වලට ඒ ළමයි උසිගන්නලා තියෙන්නේ.

(ලහිරුලාට කදුළුගෑස් ගහන පොලීසියභාර පූජිත ජයසුන්දර මහත්තයාත් වගේම බන්ධනාගාරේ ලොක්කෝ කීප දෙනෙක්මත් ඒ ඉස්කෝලෙම ආදිශිෂ්‍යයෝ තමයි. ඒක හරි අපූරුයි තමයි)

24. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මොකද්ද අදහස?
අපිට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියන සීමිත සම්පත් වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ මොලේ විකුණන එක. අපේ ළමයින්ට දැනුම දීලා, ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපිට පුළුවන් රට දියුණු කරන්න. මේකට පුද්ගලික අංශය, රජය වගේම පුද්ගලික-රාජ්‍ය මැදිහත්වීමෙන් දේවල් කරන්න ඕනේ.

25. දැන් ඉතිං ඊළ`ගට මොකද්ද කරන්නේ?
තව අලුත් වැඩක් පටන් ගන්නවා. ඒක දැන්ම කියන්න කාලේ වැඩියි. බාගයක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතුරු බාගේ මගේ හිතේ තියනවා. ඒකත් කොහොම හරි කරනවා.

26. සාමාන්‍යයෙන් මිනිස්සු අවුරුදු 55-60 වෙනකොට විශ්‍රාම යනවා. දැන් ඔබට වයස 86ක්?
එහෙම හිතන නිසාම තමයි මේ රටවල් පස්සට යන්නේ. අලුතෙන් දේවල් හිතන්නැතුව ඉන්නකොට මොළේ මලකඩ කනවා. මොන අභියෝග ආවත්, මම ජීවිතේ අවසන් මොහොත වෙනකල්ම අලූත් දේවල් කරනවා.

Bharatha Prabhashana Thennakoon

Tuesday, July 18, 2017

වැ`දලා කියන්නම් මහත්තයෝ, ස්ට‍්‍රයික් කරන්න නම් එපා...


ස්ට‍්‍රයික්. සමහරු ස්ට‍්‍රයික් රේට් එක අඩු නිසා බැණුම් අහනවා. සමහරු ස්ට‍්‍රයික් රේට් එක වැඩි නිසා බැණුම් අහනවා. මේ ලියන්න යන්නේ, ස්ට‍්‍රයික් රේට් එක අඩු වෙලා ඇඩ‍්‍රස් නැති වෙලා ඉන්න ක‍්‍රිකට් ගැන නෙවෙයි. ක‍්‍රිකට් වල දිනුමක ආශ්වාදය තියෙන්නේ ඊලග පරාජය දක්වා විතරයි. ඒ වගේම, පරාජයක වේදනාව තියෙන්නේ ඊළ`ග ජයග‍්‍රහණය දක්වා විතරයි. එයාලා ඒවා හදා ගනියි.

මේ ලියන ස්ට‍්‍රයික් රේට් එක, හිතට වගේම ඇගට දැනෙන එකක්. අපේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා ලක්ෂ පහළවක් විතර. පුද්ගලික අංශයේ සහ ස්වයං රැුකියා වගේ දේවල් කරන අය ඉන්නවා තව ලක්ෂ හැත්තෑවක් විතර. මීට අමතරව තවත් ලක්ෂ පහළවක් විතර රට ගිහිං වැඩ කරනවා. මේ ඔක්කෝම අස්සේ, ස්ට‍්‍රයික් කීවහම මතක් වෙන එක පාර්ශවයක් තමයි අව්වට, වැස්සට, හුළකට, නියගෙට, දුකට, සැපට හැම ආශ්වාසයකටම ප‍්‍රාශ්වාසයකටම ස්ට‍්‍රයික් කරනවා කියලා කියන ස්ට‍්‍රයික් පිළිබ`ද විශේෂඥයින් වුණු දොස්තර මහත්තුරු. ඒ විතරක් නෙවෙයි, මේ මහාපරිමාණ වෛද්‍ය වර්ජන ව්‍යාපෘති නිසා යට ගිහිං තියන අනෙක් පාර්ශව රේල්ලූව, බස් එක, තැපෑල, හෙදියෝ, ලිපිකරුවෝ වගේ කී නොකී අයත් ස්ට‍්‍රයික් කතන්දරේදී මතක් නොවෙන්නේම නෑ.

සට‍්‍රයික්, එහෙම නැත්තං වර්ජන කියන්නේ අයිතිවාසිකම් දිනාගන්න සහ දේවල් කරවාගන්න තැනට පාලකයින්ව දක්කාගන්න තියන එක්තරා මට්ටමක ආයුධයක්. ඒක කිසිසේත්ම පළවෙනි පියවරේ ආයුධයක් නෙවෙයි. ඒ වගේම, වර්ජන කියන්නේ අවසාන උත්සාහයත් නෙවෙයි. ඒ වගේම තමයි, වර්ජන කියන්නේ රිලව් බල්ටි ගහනවා වගේ, හරක් උම්බෑ කියනවා වගේ, ගෙබ්බෝ බකබක ගානවා වගේ, නරි හූ කියනවා වගේ අතිශයින්ම සාමාන්‍ය දෙයක් වෙන්නත් බෑ. වර්ජනය කරනවා කියලා කීවහම මුලින් මුලින් මිනිස්සු බය වෙනවා. ඊළගට මිනිස්සුන්ට තරහා යනවා. ඊටත් පස්සේ මේක විහිළුවක් වෙනවා. අන්තිමේට මොකද්ද දන්නවද වෙන්නේ. මිනිස්සු පටන් ගන්නවා ප‍්‍රතිචාර දක්වන්න. ඒ නිසා තමයි ගම් වල කියන්නේ  ඕනම දෙයක්  ඕනවට වඩා  ඕනේම නෑ කියලා. මේ දොස්තර මහත්තුරු කරපු බැක්-ටු-බැක් ස්ට‍්‍රයික් නිසා දැන් ස්ට‍්‍රයික් කියන ආයුධය ඇවිත් තියෙන්නේ අර කළිං කියපු ජෝර්ක් ලෙවෙල් එකට. ඒ විතරක් නෙවෙයි, අනේ පුතේ ස්ට‍්‍රයික් කරන්න එපා කියලා උගන්නපු ගුරුවරු ගෝලයින්ට දණ ගහලා වදින තැනට පත් වෙලා තියෙන්නේ. ‘අනේ පුතේ බුදු වෙනවා’ කියලා නියත විවරණ දුන්නු අම්මලා තාත්තලා අහසට අත් උස්සලා දෙයියන්ට කියලා හෙණ බල්ලන තත්ත්වෙට පත්වෙලා. දේවල් වල බරපතල කම වැඩි වෙන්න වැඩි වෙන්න වගකීම වැඩි වෙනවා. වගකීම වැඩි වෙනවා කියන්නේම දෙයක් කරනකොට ගොඩක් හිතන්න උවමනායි කියන එක.

 ඕනම සටනක් දිනන්න පුළුවන් වෙන්න සද්භාවී මිනිස්සුන්ගේ ආශීර්වාදයත් එක්ක. ඒ ආශීර්වාද ලැබෙන්න නම් අපේ සටන සද්භාවී වෙන්න වෙනවා. පොදු අරමුණක් වෙනුවෙන් කාගේත් යහපත වෙනුවෙන් කරපු සටනක් කවදාවත් පරාජය වෙලා නෑ. එකට බලපාන්නේ සටනට කොච්චර හේවායෝ, පාර්ශවකාරයෝ ඉන්නවද කියන එක මත නෙවෙයි. බුදුන්වහන්සේ, යේසුස් වහන්සේ සටන් කළේ තනියම. හැබැයි දිනුවා. චිකාගෝ හේමාර්කට් එකේ කම්කරුවෝ සටන් කළේ පොකුරු පිටින්. කියුබාවේ සටන් කළේ පොකුරු පිටින්. ඒවාත් දිනුම්. ඒ හැම එකකම උඩින් වගේම යටින් තිබුණෙත් පොදු ඇගයීමට  සහ ගෞරවයට පත් වුණු අරමුණු. තනියම හෝ වේවා පොකුරු පිටින් හෝ වේවා ‘නංගි පෙන්නලා අක්කා දෙන්න’ ගිය ගොඩක් අරගල, කැරලි, විප්ලව, සටන් ඉවර වුණේ කපුවෝ කපෝති වෙලා.

අපි හැමෝටම ඉගැන්නුවේ මේ රටේ මිනිස්සු. ඒ කියන්නේ රජය. (රජය කියන්නේ යූඇන්පී, ශ‍්‍රී ලංකා, පෙරමුණු, සන්ධාන ආණ්ඩු නෙවෙයි.* ආණ්ඩුයි මිනිස්සුයි මේ මහ පොළවයි මේ හැමෝම. ඒ නිසා කන්න දීපු අත හපාකන්න කළිං වරක් දෙවරක් නෙවෙයි, සිය වාරයක් කල්පනා කරන්න  ඕනේ. පාන් රාත්තල, පරිප්පු හොද්ද, බස් ටිකට් එක, හාල් පොල් සීනි පිටි විතරක් නෙවෙයි, සංසේචනය වෙච්චි මොහොතේ ඉ`දං හත් දවසේ දානේ දීලා පෙරේත ගොට්ට පිළිකන්නෙන් තියනකල්ම අපි හෝ අපි වෙනුවෙන් කවුරුහරි බදු ගෙවනවා. අවසානේ අපේ අපේ දේවල් වෙනුවෙන් වැය වෙන්නේ ඒ සල්ලි. මේක මහා ආර්ථික විද්‍යාවක් නෙවෙයි. මහපොළවේ තියන ඇත්ත කතාව. ඔව් ඉගෙන ගන්නේ හරි වැඩ කරන්නේ හරි තමන් මහන්සි වෙලා තමයි. ඒත්, ඒ මහන්සියට ගෙවන්නේ අනෙක් අය එකතු වෙලා. ඒ නිසා වැ`දලා කියන්නේ, මහත්තයෝ. ස්ට‍්‍රයික් කරන්න එපා.
විශේෂයෙන්ම තමන්ට තියන කේවල් හයිය පෙන්නලා ඔ්න එකටයි එපා එකටයි හැම එකකටම ස්ට‍්‍රයික් කරනවා කියන්නේම නරුම වැඩක්. ඒක උගත් බුද්ධිමත් අයට ගැලපෙන්නේ නෑ. ඒවා ගැලපෙන්නේ මුග්ධයින්ට. කාර්ඞ් කුට්ටමේ තුරුම්පු ආසියා වගේ එකක්. හතේ කොළ තුනක් වැටෙන තැනකට ආසියා ගහලා බාල්දු කරගන්න එපා.

අනෙක් අතට ඔය ඒ ඒ වෙලාවට ගැම්මෙන් ස්ට‍්‍රයික් කරන, ගල් ගහන, වෙඩි තියන ගොඩක් අය පස්සේ කාලෙක ඒ වැඩ, තීන්දු, තීරණ ගැන දුක් වෙනවා. දුකටත් වඩා ලැජ්ජා වෙනවා. ඒ අයටම හිතෙනවා රට්ටුන්ගෙන් බැණුම් අහ අහා ස්ට‍්‍රයික් කළාට වඩා තව ගොඩක් දේවල් ඒ වෙලාවේ කරන්න තිබුණා කියලා. ඒක හරියට පෙරහැරේ යනකොට පෙරහැරේ ඇද නොපෙනුණාට පස්සේ කාලෙක පෙරහැරේ එළියේ ඉ`දලා පෙරහැර බලනකොට පෙරහැරේ ඇද හො`දට පේනවා වගේ එකක්. අපි හැම වෙලාවෙම වැඩ කරන්න  ඕනේ හෘදය සාක්ෂියත් එක්ක. ඔය ගැම්මට කරන ගොඩක් දේවල් ගැම්මට කළත් හෘදය සාක්ෂියත් එක්ක පෑහෙන්නේ නෑ. ඒ අරමුණට හෝ මතවාදයට එක`ග නැති නිසාම නෙවෙයි. අරමුණට මතවාදයට එක`ග වුණත් තෝරපු ක‍්‍රියාමාර්ගය එක්ක එක`ග නැති නිසා.

මේක මාරම මනස්ගාත යෝජනාවක් වගේ හිතෙන්න පුළුවන්. හැබැයි, හුරු වෙන්න එහෙම හිතන්න. ඒක පට්ට.

භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්
Bharatha Prabhashana Thennakoon  | Bharatha Prabhashana Thennakoon #lka #young

Saturday, July 15, 2017

ඊනියා ජාතික දුම්රිය කෞතුකාගාර වෙනුවට නව ජාතික දුම්රිය කෞතුකාගාරයක් - SathHanda NewsPaper

දුම්රිය සේවය තවත් ආයතන කිහිපයක් සමග එක්ව කොළඹ දී නව දුම්රිය කෞතුකාගාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට මීට මාස කිහිපයකට පෙර වාර්තා විය. මේ පිළිබ`ද පියවරක් ගත් බවක් දක්නට නොලැබුණේ ඇයිදැයි සොයා බැලූ කල්හි දැනගන්නට ලැබුණේ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප පිරිසක් විසින් දිගින් දිගටම අකුල් හෙලීම නිසා මෙම ව්‍යාපෘති ප‍්‍රමාද වී ඇති බවයි. වෘත්තීය සමිති හා අයිතිවාසිකම් ඉල්ලන පිරිස් සමග අපේ රටේ කිසිදු ක්ෂේත‍්‍රයකට එතරම් දිගු ගමනක් යා නොහැකි බව නිදහසින් පසු ගෙවුණු වසර හැත්තෑව පුරාම අප දැක ඇත්තෙමු. වෘත්තීය සමිති හෝ කම්කරු සංවිධාන වලට කන්දුන්නා නම් අද වනතුරු කොළඹ කොටුවේ සිට මරදානටවත් දුම්රිය පාර සාදා නිමකරගන්නට නොහැකිව ම සුද්දෝ රට දමා යනු ඇත. ඉන් කියන්නේ වෘත්තීය සමිති නොසලකා හරින්නයැයි කියා නොව. නමුත්, දුම්රිය හෝ කුමන හෝ වේවා වෘත්තීය සමිති මොකකට වුවත් ආණ්ඩු කිරීමට හෝ රාජ්‍ය පාලනයේ යශ්ඨිය අතට ගැනීමට ඉඩ නොදිය යුතු බවයි. වෘත්තීය සමිතියක කාර්යය විය යුත්තේ, දුවන අශ්වයකුට ජවය හා ශක්තිය දෙමින් උපරිම සාර්ථක ජයග‍්‍රහණයක් වෙනුවෙන් දැක්කීම මිස අශ්වයාගේ අ`ඩු කැඞීම නොව.

යෝජිත නව දුම්රිය ජාතික කෞතුකාගාරයක් ඉදිකිරීමට සූදානම් වන බවට ප‍්‍රකාශ වීමත් සමග යටකී පරිදි දුම්රිය වෘත්තීය සමිති කෑ මොර දෙන්නේ කුමන කරුණු මත පිහිටා ද මෙන්ම කුමන හේතුවක් නිසා දැයි විමසා බැලිය යුතුය.

මෙම වෘත්තීය සමිති චෝදනා කරන්නේ ජාතික දුම්රිය කෞතුකාගාර කිහිපයක් ඇති විට, තවත් ජාතික කෞතුකාගාරයක් අවශ්‍ය ඇයි යන්නයි. මේ ගැන කියන්නට ඇත්තේ මෙපමණකි. කඩුගන්නාවේ හා බණ්ඩාරවෙල ඉදිකර ඇති ඊනියා ජාතික කෞතුකාගාර පිළිබ`ද කතා කරන්නට දෙයක් ඇත්තේම නැති තරම්ය. එහි යන ඕනෑම කෙනෙකුට ප‍්‍රත්‍යක්ෂ වන කරුණ වන්නේ, ඒවා ක‍්‍රියාත්මක වන්නේ ඕනෑවට එපාවට බවයි.

නවීනතම පහසුකම් සහ අංගසම්පූර්ණ අංගෝපාංගයන්ගෙන් සුසැදි කෞතුකාගාරයක් බව පවසමින් මීට වසර කිහිපයකට පෙර උත්සවශ‍්‍රීයෙන් කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයට යාබද කඩුගන්නාව දුම්රිය ස්ථානය ආශ‍්‍රිතය ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් ආයතනයක් විවෘත කරනු ලැබීය.

ගොඩනැගිල්ලක් වෙන්කරවාගෙන ප‍්‍රවේශපත‍්‍රයක් අළෙවි කර අදාල ක්ෂේත‍්‍රයට සම්බන්ධ යම් යම් දේවල් ස්ථානගත කර ඇති තැනක් මහජනයාට ප‍්‍රදර්ශනය කළ පමණින් එය කෞතුකාගාරයක් වන්නේ නැත. ඒ අනුව, කඩුගන්නාවේ ඇති දුම්රිය කෞතුකාගාරය ප‍්‍රශ්නකාරී ආයතනයකි. දුම්රිය මැදිරි කිහිපයක් හා දුම්රිය එන්ජින් කිහිපයක් වැස්සට තෙමෙමින් අව්වේ වේලෙන සේ ගාල්කර ඇත. රාත‍්‍රියට පරෙයියන්ද දවාලට කපුටන්ද ලගින වහළක් ඇති නමුත් වැසි දාට අහසින් පොළවට වතුර වැටෙන වහළය පසුකර කෙළින්ම පැමිණ නවතින්නේ කෞතුකාගාර පොළොවේය. මේ කෞතුකාගාරයට ගොඩ වන කෙනෙකුට ටික වේලාවකින් දැනෙන්නේ පරණ සමූපාකාරයකට ගියා වැනි හැ`ගීමකි. සිත් සංසිදුවීමට අසමත් වටපිටාව සහ ලාච්චුවක ඇසිරූ බඩු භාණ්ඩ මෙන් අහුරා ඇති භාණ්ඩ තුළින් කෞතුකාගාරයකින් අපේක්ෂා කරන නිදහස් හා පර්යේෂණාත්මක සැරිසැරීමක් අහිමිය. ආගන්තුක සත්කාර ඉතා පහළ තැනක ඇති මෙහි, යමක් කමක් කියා දෙන්නට අයෙක් නැත. පැමිණෙන අය කෙරෙහි කිසි අවධානයක් නැත. තාක්ෂණික උපාංග පිළිබ`ද දැනුවත් කිරිමක් නැත. කාර්ය මණ්ඩලය උදාසීනය. ඇතුළත මෙන්ම පිටත තත්ත්වයද එසේය.
තවද, කඩුගන්නාව වැනි තැනක් මේ සදහා තෝරාගත්තේ ඇයි යන්න තවත් ප‍්‍රශ්නකාරී වන්නේ කොළඹ නුවර පාර කොළඹ පිරිස් නුවර යාමට හා නුවර පිරිස් කොළඹ යාමට භාවිත කළ ද එම ස්ථානය අද වන විට හො`ද කේන්ද්‍රස්ථානයක් නොවේ. පුත්තලම, කුරුණෑගල සිට පැමිණෙන පිරිස් මෙන්ම උතුරු, නැගෙනහිර, මාතලේ, නුවරඑළිය, ඌව සහ උතුරු මැද පළාත්වල පිරිස් නුවර එන්නේ කඩුගන්නාව හමු නොවන මාර්ග ඔස්සේය. නුවරට පැමිණෙන කෙනෙක් ‘අමුතු ගමනකින්’ කඩුගන්නාවට යා යුතුය. නමුත් එසේ නොයමට බලපාන ප‍්‍රධාන සාධකයක් ලෙස අධික රථවාහන තදබදය සැලකිය හැකිය. දුර අනුව සැතපුම් කිහිපයක් වුව ද කඩුගන්නාව ඇත්තේ මහනුවර සිට පැයකට වඩා දුරින් බව මෙම ස්ථානය තේරූ පුද්ගලයින් නොදන්නවා ඇත. සීමිත ඉඩක ජනාකීර්ණ වී ඇති කඩුගන්නාව නගරයේ ඇති අසහනකාරී පරිසරය මේ කෞතුකාගාරයට එක් කරන්නේ මෙම ස්ථානයේ මෙම ආයතනය පිහිටුවීමේ දී අපේක්ෂා කළ භූමි වාසිය නොවන බව ශක්‍යතා අධ්‍යනය කළෝ නොසලකා ඇත. මෙවැනි විවිධ ප‍්‍රායෝගික ගැටළු හේතුවෙන් කඩුගන්නාව කෞතුකාගාරය අපේක්ෂිත අරමුණු කරා ල`ගා වීමට සමත්ව නැත.

සෙසු කෞතුකාගාර පිළිබද කියන්නට ඇත්තේ ද මේ හා සමානම කතාවකි. දුම්රිය එංජිමක්, මැදිරියක් සහ සංඥා උපාංග කීපයක් අන් අයට පෙනෙන්නට සැලැස්වීම කෞතුගාකාරයක් නොවන බව, බණ්ඩාරවෙල ඇත්තේ දුම්රිය කෞතුකාගාරයක් යැයි විශ්වාස කරන සියලූ දෙනාටම ගෞරවයෙන් සිහිපත් කර දිය යුතුය. දුම්රිය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජාතික කෞතුකාරයක් අවශ්‍ය බව කවුරුත් පිළිගන්නා දෙයකි. එනමුත්, සමහර දේ ඒ ඒ තැනම පල් වෙවී විස`දුම් සෙවිය නොහැක්කා කියන්නා වාගේ, මේ වන විට ස්ථාපිත කර ඇති එවන් කෞතුකාගාර ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කළ නොහැකි බවද අප පිළිගත යුතුය. දුම්රිය කෞතුකාගාර අද පත්ව ඇත්තේ ප‍්‍රතිසංස්කරණයන් තුළින් ගොඩ ගත හැකි තැනක නොවේ. එහෙයින්, වෙනසක් අවශ්‍යය.

නාම පුවරුවකට පමණක් සීමා වූ ඊනියා ජාතික කෞතුගාරයට රැුවටී, නව ජාතික දුම්රිය කෞතුකාගාරයකට එරෙහිව ක`දවුරු බ`දින මෙම ඊනියා දුම්රිය වෘත්තීය සමිති නගන තවත් චෝදනාවක් වන්නේ, රජයේ බැංකුවක් වන මහජන බැංකුව දුම්රිය කෞතුකාගාරයක් වෙනුවෙන් මුදල් යොදවන්නේ කුමන පදනමක පිහිටා ද යන්නයි.
දැනගන්නට ඇති පරිදි මෙම රාජ්‍ය බැංකුව යටකී නව දුම්රිය කෞතුකාගාර ව්‍යාපෘතිය සදහා මුදල් යොදවන්නේ දෙපාර්ශවයටම වාසිදායක පදනමක පිහිටාය. එක් පැත්තකින් ජාතික අවශ්‍යතාවක් වන ජාතික දුම්රිය කෞතුකාගාරයක් නිර්මාණය කිරීම සදහා එම බැංකුව මගින් මුදල් ආයෝජනය කෙරෙන අතර, එයට ප‍්‍රතිලාභ ලෙස (හිලව්වට* දිවයින පුරා දුම්රිය මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි නවීන පහසුකම් සහිත ස්වයං බැංකුකරණ පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙන බව එම තොරතුරු වල ස`දහන්ය. සාමාන්‍යයෙන් බැංකුවක් වැනි මුල්‍ය ආයතනයක් මෙවැනි ප‍්‍රවර්ධන සහ සේවා සැපයීමේ අවකාශයන් ලෙස දුම්රිය සේවය සතු දේපල භාවිත කිරීමේ දී ගෙවීමක් කළ යුතුය. එලෙස කරනු ලබන ගෙවීම් විවිධ සිල්ලර වැඩ ස`දහා යොදාගෙන එකවර ලැබෙන ලොකු මුදල් කුට්ටිවලින් නිසි ප‍්‍රයෝජනයක් නොගත් අවස්ථාවන් දුම්රිය සේවයේ පමණක් නොව සෙසු සෑම ආයතනයකම පාහේ අප දැක ඇත. මෙහිදී මහජන බැංකුව එවැනි ගෙවීමක් නොකළ ද දුම්රිය සතු ඉඩ තමන්ට ලබා දීම වෙනුවෙන් සහ ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මහජන බැංකුව යොදවන මෙම මුදල් දිගුකල් පවත්නා මෙවැනි ව්‍යාපෘතියකට යොමු කිරිම පිළිබ`ද අප කළ යුතු වන්නේ දුම්රිය සේවයට ප‍්‍රශංසා කිරීමයි. එසේම, තමන් යොදවන මුදල් නාම පුවරු සවි කිරිම, බිත්ති පින්තාරු කිරිම වැනි සිල්ලර වැඩ ස`දහා නොයොදවා ජාතික කටයුත්තක් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු බවට වන කොන්දේසියක් මත පිහිටා ආයෝජනය කිරීම පිළිබ`ද මහජන බැංකුවට ද ජාතියේ ගෞරවය හිමි විය යුතුය.

වෘත්තීය සමිති විසින් නිකුත් කර තිබූ නිවේදනයකට අනුව, දුම්රිය සේවය යටතේ ජාතික දුම්රිය කෞතුකාගාර ව්‍යාපෘතිය වෙනුවෙන්ම නව සමාගමක් ලියාපදිංචි කිරීම නීතිවිරෝධී බව කියැවේ. නීතිය දන්නා අය දන්නා කරුණ නම්, විශේෂිත වූ ව්‍යාපෘති වෙනුවෙන් රාජ්‍ය ආයතනයන් යටතේ උප ආයතන ඇති කිරීමේ ඕනෑ තරම් හැකියාවක් ඇත. එසේම, ඒ වෙනුවෙන් නීතීයේ ප‍්‍රතිපාදනද සලසා ඇත. රේල්වේ මියුසියම් ගැරන්ටී ලිමිටඞ් නම් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර ඇත්තේ ගැරන්ටීඞ් ලිමිටඞ් එකක් ලෙසය. මෙලෙස ගැරන්ටී ලිමිටඞ්, නැතිනම් ඇපයෙන් සීමිත සමාගම් ස්ථාපිත කරන්නේ ලාභ නොලබන සමාගම් ලෙසය. නිශ්චිත අරමුණක් වෙනුවෙන් ස්ථාපිත කරන මෙවැනි සමාගම් නියමිත මව් ආයතනයේ අධීක්ෂණය හා නියාමනය යටතේ පවත්වාගෙන යයි. එවැනි සමාගම් කිසිවෙක කවුරුන් සාමාජිකත්වය ලැබූව ද ඒවා ඒ ඒ පුද්ගලයින්ගේ අභිමතය පරිදි මෙහෙයවිය නොහැකිය. පැහැදිළිව දක්නට ඇති කරුණ නම්, මෙලෙස සමාගමක් ස්ථාපිත කර ඇත්තේ රාජ්‍ය සේවයේ දක්නට ඇති සාම්ප‍්‍රදායික අලස බව හා ප‍්‍රමාදය වලක්වාලමින් අවශ්‍ය අවස්ථාවන් වල දී අවශ්‍ය තීන්දු තීරණ ගෙන මෙම ව්‍යාපෘතිය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් විය යුතුය.

තවදුරටත් කරුණු දක්වන මෙම වෘත්තීය සමිති පවසන්නේ දුම්රියේ දහසකුත් එකක් අඩුපාඩු හා අවශ්‍යතා ඇති හෙයින් දුම්රිය කෞතුගාකාරයක් වෙනුවෙන් නොව මහජන බැංකුවේ මෙම ප‍්‍රදානය ඒ නොයොදා එවැනි අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් යොදවන ලෙසයි. අප ඔවුන්ගේ ඉල්ලීම එලෙස සිදුවූයේ යැයි මොහොතකට කල්පනා කළහොත්, කියන්නට ඇත්තේ එක දෙයකි. එසේ නම් මෙම කෝටි ගණනක මුදල්ද පෙර අප දන්නා පරිදිම යොමු වන්නේ උදාසීන හා අකාර්යක්ෂම නිළධාරීන් අතරටමය. තේරෙන භාෂාවෙන් කියන්නේ නම්, මේ වෘත්තීය සමිති අර අදින්නේ, දහදුක් විද උපයා ගත් වැටුපෙන් සීනි බෝල කා අවසන් කිරීමකටය. එය හාස්‍යයෙන් බැහැර කළ යුතුයැයි ලියුම්කරුවා විශ්වාස කරයි.

දුම්රිය පිළිබ`ද ඇත්තේ ඉහළ රසිකත්වයකි. දුම්රිය පේ‍්‍රමීන් හා දුම්රියට ආදරය කරන බොහෝ දෙනෙක් පිළිබද තොරතුරු සමාජ ජාලා හා මාධ්‍ය භාවිතයේ දී දක්නට ලැබේ. ඔවුහු තම රසිකත්වය හා විනෝදාංශ වෙනුවෙන් සාධාරණ මිලක් පවා ගෙවීමට සූදානම් වන පසුබිමක එය තවත් පසෙකින් දුම්රිය සේවයට හා රජයට ආදායම් මාර්ගයක් කර ගත හැක. එපමණක් නොව, සංරක්ෂණය, ප‍්‍රදර්ශනය හා අධ්‍යාපනය යන අංශයන්ගෙන් ද මෙරටට මෙවැනි ජාතික කෞතුකාගාරයක අවශ්‍යතාව දැඩිව දැනේ.

ජාත්‍යන්තර මට්ටමේ කෞතුකාගාරයකින් බලාපොරොත්තු වන අභ්‍යන්තර හා බාහිර අපේක්ෂාවන් වේ. ඉන් ප‍්‍රධාන වන්නේ සංරක්ෂණය හා ප‍්‍රදර්ශනයයි. සංරක්ෂණය පැත්තෙන් සැලකූ විට පැරණි වන හා නවීන ආදේශකයන් හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන හෝ අතීතයට එක් කරන වැදගත් සිහිවටනයන් මතු පරපුරේ පරිහරණය වෙනුවෙන් සංරක්ෂණය කළ යුතුය. එසේම, ඒවා සෙසු අයට දැක බලා ගැනීමට සැලැස්වීමෙන් අපේක්ෂා කරන්නේ ජාතියක් පිළිබ`ද අභිමානයක්, ඉතිහාසය පිළිබද දැනුමක් මෙන්ම තොරතුරු ලබා දීමය. ජාතික දුම්රිය කෞතුකාගාරය ද ජාතික කෞතුකාගාරය හෝ ජාතික මාර්ග කෞතුකාගාරය තරම්ම වැදගත්ය.
එසේම, කොළඹ දී ඉදිකිරීමට යෝජිත අභිනව කෞතුකාගාරය මෙරට සංචාරක කර්මාන්තයයේ ඉදිරි ගමන වෙනුවෙන් ද තීරණාත්මක වනු ඇත. එම කෞතුකාගාරය ඉදිකරන්නට අපේක්ෂා කරන්නේ කොළඹ වීම වැදගත් ලක්ෂණයකි. රටක අගනුවර යනු සෑම අංශයකින්ම වැදගත්ම සංධිස්ථානයයි. ලොව සෙසු බොහෝ රටවල ද මෙවැනි තැන් නිර්මාණය කර ඇත්තේ වෙළ`ද අගනුවර, වෙළ`ද හෝ සංචාරක මර්මස්ථාන මූලික කරගෙන ය. කොළඹට පැමිණෙන සංචාරකයින්ට මෙන්ම විශේෂයෙන්ම කෙටි කාලයක් සදහා කොළඹට පමණක් පැමිණෙන සංචාරකයින්ට කොළඹ දී නැරඹීමට අවස්ථාව උදාවන ස්ථානයන් අතර මෙම කෞතුකාගාරය ප‍්‍රමුඛස්ථානයක් වනු ඇත. එසේම, මුළු රට පුරා සිට කොළඹට පැමිණෙන දේශීය සංචාරකයින්ටද මෙම කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

ලෝක මට්ටමින් පිළිගත් ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ජාතික දුම්රිය කෞතුකාගාර යනු කවරක්දැයි ඉදිරි ලිපියකින් ලියා සිටීමට අදහස් කරමි.

මාලින්ද ජයතිලක

Tuesday, July 11, 2017

අපි ඕනම දෙයක්, කස්ටමයිස් කරගත්ත ජාතියක්


ඉස්සර අපි මලගෙවල් මගුල්ගෙවල් ‘අරගෙන කරපු’ මිනිස්සු. ඒ කියන්නේ, දන්න අ`දුරන කාගේ හෝ මලගෙයක් මගුලක් වුණාම රොත්තක් පිටින් එහෙට ගිහිං, අපේ වැඩක් වගේ කරට අරන් කරනවා. අන්තිමේට අවසාන වෙන්නේ ගෙදර අයිතිකාරයෝ දේවල් අපෙන් අහන තත්ත්වෙට පත්වෙලා. අන්තිමේ දී ගමේ මිනිස්සුන්ට ගමේ පාරවල් කියන්නේ අපි.

කතාව ඒක නෙවෙයි. ඒ ජාතියේ මලගෙයක් ඉවර වෙලා දවස් ගාණකට පස්සේ අපි කොළඹ එනවා. ආච්චි මැරුණු අපේ යාළුවාත් එතන හිටියා. අපි වෑන් එක මගදි නවත්තලා පොඩි බජව්වක් දාන්න පටන් ගත්තා. ඒක ටිකක් නැගලා යනකොට අපි නටන්නත් පටන් ගත්තා. අර යාළුවා පාඩුවේ ඉන්නවා. ඉතිං කට්ටිය එයාට ආරාධනා කළා, ‘වරෙං වරෙං නටමු බං’ කියලා. ඉතිං අර හාදයා ආච්චි මැරුණු දුක නිසා නටන්න සිංදු කියන්න බෑ කියනවා. මෙතන මැද්දට පැන්න තව හාදයෙක් කියනවා, ‘මචං ආච්චි මැරුණු නිසා නටන එක හරි නෑනේ. ඒත් ඉතිං උඹ සිංදුවක් කියපං. ඒක අවුලක් නෑනේ’. මේ ගැන කතා වෙනකොට යාළුවෙක් කියනවා ‘මචං අපි  ඕනම දෙයක් කස්ටමයිස් කර ගන්න පොරවල්. ඒක නිසා, අපිට අදාල නෑ, ඇත්තටම වෙන්න  ඕන දේ හරි සිස්ටම් එක පවතින්න  ඕන විදිහ මොකද්ද කියලා’.

අපි හැම වෙලාවෙම අපේ විදිහක් හදාගෙන ඒක සාමාන්‍යකරීණය කරන එකයි අපි කරන්නේ. අරක්කු බොන්නැති, ඉ`දලා හිටලා පාර්ටියකදි විතරක් බියර් එකක් බොන අමද්‍යපවාදීන්, මස් මාළු උම්බලකඩ මොකුත් කන්නැති හැබැයි කැල්සියම්  ඕන නිසා හාල්මැස්සෝ විතරක් කන එහෙම නැත්තං හොදි විතරක් කන වෙජිටේරියන්වාදීන් වගේම හතරවෙනි සිල්පදේ ඇරෙන්න අනිත් සිල්පද ඔක්කොම රකින සිල්වතුන් සියලූ දෙනා මේ, ‘දුක නිසා නටන්න බැරි ඒත් සිංදු විතරක් කියන ජාතියේ’ තමයි. පගා ගන්නෑ කියලා පොරටෝර්ක් දෙන, ඒත් සන්තෝසමකින් විතරක් සෑහෙන හැමෝමත් අයිති වෙන්නේ මේ කැටගරියට තමයි. ඒ කියන්නේ ඒවා කස්ටමයිස් කරගත්තා. දුක සැප නින්දා ප‍්‍රශංසා යස අයස ලාභ අලාභ වගේ  ඕනම එකක්.

ඒ විතරද. ලෙනිල්ලාගේ මාක්ස්ලාගේ සමාජවාදයට පවා අපි කළේ ඒකම තමයි. සමාජවාදී පොත්තට මදේට වෙන වෙන දේවල් දාලා අමුතු එකක් හදාගත්තා. තථාගතයන් වහන්සේ දේශනා කරලා මිහි`දු හාමුදුරුවෝ ලංකාවට ගෙනාපු බුද්ධාගමත් අපි කස්ටමයිස් කර ගත්තා. බැලූ බැල්මට මුලදි පොඩි අවුලක් වගේ පෙනුණට කාලයත් එක්ක ඒක සාමාන්‍යකරණය වුණා. දැන් මාක්ස් ලෙනින් ඇවිත් සමාජවාදය කීවත්, බුදුහුහාමුදුරුවෝ වැඩම කරලා බුදුබණ කීවත් අපි ඒවා පිළිගන්නේ නෑ. මොකද ඒ කියන ඒවා අපි කියන ඒවාත් එක්ක ගැලපෙන්නේ නෑ. දැන් අපි පිරිත් කියන්නේ, ගාථා කියන්නේ, බණ කියන්නේ විතරක් නෙවෙයි අපි ඒවා අහන්නෙත් පිළිපදින්නෙත් ඒ කස්ටමයිස් කරපු සීමාව ඇතුළේ ඉ`දලා. හරය අර්ථය ධර්මය ගුණය වෙනුවට සිවුරට පාත්තරේට රූපෙට සක්මනට වන්දනා කරන ආගමක් නිර්මාණය වෙන්නේ මේකේ ප‍්‍රතිඵලයක් හැටියට. ආදරේ වෙනුවට වත්ත වටේටම ඊරිසියා කරන, කරුණාව වෙනුවට වත්ත වටේටම කුහකකමයි පීඩනයයි මුදා හරින නමුත්, රැුවුළෙන් කොන්ඩෙන් තොප්පියෙන් පාටෙන් මායිම් ලකුණු කෙරෙන සමාජවාදයක් බිහි වුණේ ඒක නිසා. අපි ඒ සීමාවෙන් එළියට යන්නෑ. ඒ සීමාවෙන් එයා මෙහා යන අය අපිට අදාල නෑ. අපේ උසට මහතට බරට දිගට පළලට ගැළපෙන්න අපි ඒවා කස්ටමයිස් කරගෙනනේ ඉන්නේ. ලංකාවේ ජනප‍්‍රියම එලිමන්ට්ස් දෙක මේක නිසා, මේක තේරුම් ගන්න පහසුයි. ඒ විතරක් නෙවෙයි, අනෙක් හැම එකකටම කාරණේ පොදුයි.

දැන් බලන්නකෝ කැබිනට් රැුස්වීමක් ඉවර වෙලා එළියට එනකොට, ඒකේ සාකච්ඡුා කරපු දේවල් මොනවද කියලා ඇහුවම හරි මොකක් හරි දෙයක් ගැන මොකද්ද එතනදි එළඹුනු අවසාන තීරණය කියලා ඇහුවහම එක එක්කෙනා දෙන උත්තර. ඒක හරියට පහේ පංතියේ දරුවෙක් ගහක් කතා කරයි කියලා රචනාවක් ලියනවා වගේනේ. එක එක්කෙනා කියන්නේ ඒ ඒ අය කස්ටමයිස් කරගත්ත දේවල්. ලංකාවේ එක දේශපාලන පක්ෂෙක අනුගාමිකයින් පිරිසකට ඇරෙන්න අනෙක් කිසිම පක්ෂෙකට, තමන්ගේ දේශපාලන පක්ෂේ පොලිටිකල් ලයින් එක ගැනවත් පක්ෂේ ආර්ථික වැඩසටහන් ගැනවත් කෙළින් උත්තරයක් දෙන්න බෑ. කියන්නේ තම තමන් කස්ටමයිස් කරගත්ත තමන් හිතාගෙන ඉන්න, හිතන හෝ එහෙන් මෙහෙන් ඇහි`දගත්ත ඒවා. දැන් බලන්නකෝ, එකම පොතක් එකම ලියමනක් එකම වාක්‍යයක් හෝ එකම වචනයක් පවා එක එක්කෙනා තේරුම් ගන්නේ තම තම නැණ පමණ. එක්කෝ තමන්ගේ වාසියේ සීමාවේ උපරිමයට යටත්ව.

මේ දේවල් කස්ටමයිස් කරලා අවබෝධ කරගන්න එක හරි කස්ටමයිස් කරපු එක ධාරණය කරගන්න එකත් වෙනම කතාවක්. හැබැයි, තමන්ගේ වර්ෂන් එක පොදු එක කරන්න යන එක තමයි ගොඩක්  අවුල් වලට මුල. ඒක අනිත් අයට පිළිගන්නවන තත්ත්වයට පත් කරවන්න උත්සාහ කරන එක. මේක සිද්ධ වෙන්නේ ඉස්කෝලේ ගියේ නැති, අකුරු දන්නැති, දැනුමක් තේරුමක් නැති අය අතින් නෙවෙයි. මේ තක්කඩි කස්ටමයිස් කිරීම වැඩියෙන්ම කරන්නේ දැන උගත් බුද්ධිමත් උදවිය තමයි. බොහෝ අය. ඒ අයට මේ වෙනුවෙන්  ඕන තරම් කුටුම්භ සහ ගෝලීය උදාහරණත් හොයාගන්න තියනවා. තමන්ගේ කතාව තවදුරටත් තහවුරු කරන්න ඒ ඒ උදාහරණත් සහාය කරගන්නවා.

මේකෙන් වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි නිවැරදි දේ වෙනුවට නිවැරදි නොවන දේ සමාජගත වීම. ඒ නිශ්චිත කාරණාවක් සම්බන්ධයෙන් සමාජගත වෙන්නේ මොන මතවාදයද මොන අදහසද කියන එක තීරණය වෙන්නේ බොහෝ විට අදාල මතය දරණ කෙනාගේ බලය සමග. මේ බලය කියන එක දේශපාලන බලය, වෙනත් විෂයක් තුළින් ලබා ගෙන ඇති දැනුම පිළිබද බලය, ආර්ථික බලය, සමාජ බලය වගේ හැම පැත්තකින්ම. මේ බලය නිසා, තමන් කියන දේට ඉහළ මිලක් තියනවා කියලා දැනගත්තහම නිරායාසයෙන්ම පෙළඹෙනවා දේවල් කියන්න. දොස්තරලාගෙන් නීතිය ගැන ඇහුවම එයාට තේරෙන විදිහට එයා නීතිය ගැන කියනවා. හෙදියකගෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විද්‍යාව ගැන ඇහුවම එයාට තේරෙන විදිහට කස්ටමයිස් උත්රයක් එයා දෙනවා. ඇමති කෙනෙකුගෙන් බුදු බණ ගැන ඇහුවාම එයාට තේරෙන හැටියට එයා බණ කියනවා. හාමුදුරුවන්ගෙන් හරි පියනමකගෙන් හරි රොකට් සයන්ස් ගැන ඇහුවම උන්නාන්සේලා මොනවා හරි තේරෙන ආකාරයට කියනවා. මේ විදිහට තමන් නොදන්න තමන්ගේ සීමාවෙන් එපිට තියන තමන්ට අදාල නැති විෂයන් ගැන විතරක් නෙවෙයි, කළින් කීවා වගේ තමන්ගේ දේවල් තමන්ට අදාල දේවල් ගැන පවා කියන්නේ කරන්නේ කස්ටමයිස් කරගත්ත දෙයක්. ඉතිං සමාජය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා අවසානෙදි මඤ්ඤං වෙනවා.

භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, July 4, 2017

ජෝතිට :: හරියට ගෙව්වා නම් දැන් කෝටිපතියෙක්

මම ඉපදෙනකොටත් ජෝති පරළොව ගිහිං හිටපු නිසා මම ජෝතිව දැකලා නෑ. ජෝති ගැන මට තියන අතීතතම මතකය වෙන්නේ, අපේ අප්පච්චී පිස්සු හැදිලා වගේ ජෝතිගේ සිංදු වලට ප‍්‍රිය කිරීම සහ බොහෝ විට ඒවා ඇසීමටත් මිමිණීමටත් පුරුදුව සිටීමයි. වෙලාවකට මේ ජෝති රසිකත්වය මට පෙණුනේ විකාරයක් වගේ. කොල්ලෝ කාලේ සත විසිපහ පනහ මිට මොළවාගෙන ජෝති ආපු සංගීත සංදර්ශන බලන්න හැතැක්ම ගණන් පයින් ගාටපු හැටි, එකම චිත‍්‍රපටිය දෙතුන් පාර බලලා බැනර් එකටත් විසිල් ගහපු හැටි ගැන මම අහලා තියනවා.

ඊට ගොඩක් කාලෙකට පස්සේ කොළඹ ඇවිත් මම රේඩියෝකාරයෙක් වුණා. ඇත්තටම ජෝති කියන්නේ කවුද කියන එක හරියටම ස්වයංභූ ඥානයෙන් අවබෝධ කර ගත්තේ ඒ අවදියේදී. කොටින්ම කෙටියෙන්ම කීවොත්, ජෝතිගේ සිංදුවක් දාලා වැඩසටහනක් පටන් ගන්නවා කියන්නේ සෙත් කවියක් කීවා වගෙයි. සිංදු ඉල්ලන වැඩසටහනකට පැයකට ඇමතුම් කීයක් ආවත්, තරගයක් නැතිවම වැඩිම ඉල්ලූමක් තියන තනි ගායකයා වෙන්නේ ජෝති. මගුලට, අවමගුලට, දානෙට, පිංකමට, කොටහළුවට, බජව්වට, දුකට, සතුටට වගේම අවුරුද්දට, පෝයට, නත්තලට වගේ හැම තප්පරේකදිම කියන්න පුළුවන් සිංදු තියන තනි ගායකයා ජෝති.

මීට තිස් අවුරුද්දකට කළිං ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු හැටියට. නමුත්, එච්. ආර්. ජෝතිපාල නැමැත්තා මිය යන මොහොත වෙනකොටත් තමාගේ වටිනාකම නිසි පරිදි හ`දුනාගෙන සිටි මිනිසෙක් ද කියන එක ප‍්‍රශ්නයක්.  ජෝතිගේ වෙළ`දපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර තිහකට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම ඒකට එක හේතුවක්. ජෝතිගේ වටිනාකම ජොති පමණක් නොව රටේ කලා බලධාරීන් හෝ දැන සිටියේ නෑ. ජොතිගේ ආදාහනය දා බෙරැුල්ලට පිරුණු මහ සෙන`ග අද වෙනකොටත් ඓතිහාසික වාර්තාවක්. මහා දැවැන්ත ප‍්‍රබුද්ධ සම්මත කලාකරුවෝ වෙනුවෙන් තෙත් නොවුණු දෙනෙත් හදවත් පවා ජෝති වෙනුවෙන් ක`දුළින් තෙත් වුණු බව ඉතිහාසය කියනවා. මොහොමඞ් රාෆි ජෝති පිළිබ`ද කියන්නේ, ‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවේ’ කියලා. ඇත්ත. ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබුණා.

ආරම්භක ප‍්‍රාග්ධනයක් ඇත්තේම නැති තරම් කෙනෙක් වුණු ජෝති ගායන ලොවට පා තබන්නේ අත්වැඩ දෙන්න. පස්සේ එකඑක්කෙනා වෙනුවෙන් කඬේ යනවා. බත් අදිනවා. ඒ ජෝතිගේ ආරම්භය. නමුත් අවසාන වන විට ජෝති කඬේ යැවූ සියලූ දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමටත් කඬේ යාමටත් සූදානම් වන තත්ත්වයකට පත් වුණා. නමුත්, ජෝති රාජ්‍ය සම්මාන ගරු නම්බු නාම පදවි තානාන්තර නොලද්දේ වේ. ඒත්, ජෝති හුදී ජනයාගේ නොමද සම්භාවනාවට හා ආදරයට ලක් විය. හැම ගම්උදා වේදිකාවකම තිබුණු තරගය වුණේ වැඩියෙන් ඔල්වරසන් දෙන්නේ පේ‍්‍රමදාසටද ජෝතිපාලටද කියන එක. මම හිතන්නේ, ඒ ප‍්‍රශ්නෙට උත්තරේ ‘ජෝතිපාලට’ කියන එක. ජෝති වෙනුවෙන් සම්මානයක් දෙන්න සංස්කෘතික ආණ්ඩුවල කවුරුත් කැමති නැති වුණාට, ජෝතිත් එක්ක බුදිගන්න වුණත් කැමති ගෑණු මිනිස්සු එක දිගට පෝළිමක් ගැහුවොත් ඒ පෝළිම සලාක පෝළිමකටත් වඩා ගොඩක් දිග වෙන්න තිබුණා. මිනිස්සු ඒ තරම්ම ජෝතිට ආදරෙයි.

ජෝතිට අවුරුදු විසි තුනක් වෙද්දී හතළිස් හතර හැවිරිදි එඞී ජයමාන්න වෙනුවෙන් දෛවයෝගයේදී හ`ඩ දෙනවා. පදයක් තාලයට ‘තලා ගැනීම’ ඉක්මවා ගිය කාර්යභාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුයි. ඒ ලක්ෂණ මොනවාදැයි ජෝති දැන සිටියේ සාංසාරික ඥානයකින් කියලායි බොහෝ දෙනාගේ විශ්වාසය. යුගය, වයස, සංවේදීතාව, අවදිය, ජවනිකාව සහ තවත් බොහෝ දේ අනුව අවස්ථානෝචිත හැසිරවීමට ජෝති දක්ෂයෙක් වුණා. එඞී ජයමාන්න වෙනුවෙන් ගයන විධිය සහ ජෝ අබේවික‍්‍රම වෙනුවෙන් ගයන විධිය මුළුමනින්ම වෙනස් බව ජෝති හ`දුනාගෙන සිටියා. ඒ වගේම ගාමිණී ෆොන්සේකාටයි විජය කුමාරතුංගටයි ගයන්න වුවමනා විදිහ ගැනත් ජෝතිට අදහසක් තිබ්බා. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම වීරයාට ගයන විට වීරයෙක්ද වුණා. නළුවෝ ගහගත්තෙත් නළුවෝ වැලපුණෙත් ජෝතිගේ සිංදුවලට.

ජෝති ගැන කියනකොට යටට නොහෑරුවත් උඩින් පල්ලෙන් හරි අතගාන්න  ඕන තව කාරණා කීපයක් තියනවා. ඒ තමයි, ජෝති කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නළුවෙක්. ආරෝහ පරිණාහ දේහයකින් යුතු ආකර්ෂණීය ජෝති සිනමා තිරය වගේම ප‍්‍රසංග වේදිකාව ‘පිරෙව්වා’. කේමදාස මාස්ටර්ට අනුව, ‘ජෝතිපාල තරම් වෙන කිසිම කෙනෙකුට ඉයර් එකට සිං කරන්න බැහැ’. ජෝතිට භාෂා තුනම හො`දට කතා කරන්න පුළුවන්. ඒ නිසාම, ජෝතිට පුළුවන් වුණා ජාති අගම් භාෂා බේද ඉක්මවා හැගීම් දැනීම් ආශාවන් තේරුම් ගන්න. ජෝති සර්වකාලීන හිට් එකක් වෙන්න බලපාපු තවත් කාරණයක් තියනවා. ඒ තමයි, චේ ගෙවාරා, විජය, ලින්කන්, බොබ් මාලේ වගේම ජෝති මිය යන්නේ ජනප‍්‍රියත්වයේ උච්චතම තැන ඉන්නකොට. ඒ නිසාම, ජෝති ගැන අපට තියන අවසන් මතකයේ පවා ඉන්නේ ජවසම්පන්න තරුණ ගැම්මෙන් වේදිකාව අමන්දානන්දයට පත් කරන ජෝති. ජෝතිගේ පෞරුෂය අදටත් වියපත් නොවෙන්න මේ කාරණාව බලපෑවා.

දැන් ගායකයෙක් සිංදුවක් කරලා ඒක හිට් කරගන්න රේඩියෝ ටීවී චැනල් ගාණේ සල්ලි කුට්ටි බෙද බෙදා යන්න  ඕනේ. එහෙම නැත්තං අඩුම තරමේ ඩියුටි ෆ‍්‍රී මල්ලක් දාපු බෝතලයක්වත් අරගෙන යන්න  ඕනේ. හරියට පෙරේතයින්ට දොළපදේණි දෙනවා වගේ. එහෙම නැත්තං යූටියුබ්, ෆෙස්බුක් වගේ ඒවාගේ දාලා ඩොලර් දදා ප‍්‍රමෝර්ට් කරන්න  ඕනේ. ඒක එහෙම වෙන්න බලපාපු හේතු ගොඩක් ඇති. ඒත්, ශ‍්‍රාවකයින්ට වඩා ගායකයෝ වැඩි වුණාම ඔහොම වෙනවා. පේ‍්‍රක්ෂකයොන්ට වඩා නළුවෝ වැඩි වුණාමත් එහෙමයි. අනිත් අතට, තාක්ෂණයයි විද්‍යාවයි කියන දෙක ආශ්වාසය ප‍්‍රාශ්වාසය වගේ සංගීතයට හවුල් කරගත්ත එකේ විපාකයක් හැටියට ගායකයෝ සහ රසිකයෝ අතර පරතරයක් හැදුණා.  ඕනම දෙයක්, යථාර්ථයෙන් දුරස් වෙන්න වෙන්න සාමාන්‍ය සමාජයෙන් දුරස් වෙනවා. නැචුරල් ජෝතිලා එක්ක අලූත් පරපුරේ මාර පොරවල් වුණු ආර්ටිෆිෂල් කට්ටියට හැප්පෙන්න බැරි මේ නිසායි. ඒ බොහෝ අය, සිංදුවක් රෙකෝර්ඞ් කරලා ඉවර කළාට පස්සේ බජව්වකදි රසිකයෙකුට තියා ප‍්‍රසංගයකදි අදාළ ගායකයාටවත් ඒක කියා ගන්න බෑ.

ලංකාවේ බිහිවුණු සුපිරිතරු බොහෝමයක් ජාමේ බේරාගන්න පාවිච්චි කළේ ජෝති. රණසිංහ පේ‍්‍රමදාසගේ වගේම පේ‍්‍රමදාසට එරෙහිව කැරළි ගහපු ටිල්වින් සිල්වාගේත් ප‍්‍රියතම ගායකයා වුණේ ජෝති. අද වන විට විකාශන සිදු කරන සකළවිධ එෆ්.එම්. නාලිකා අඩුම තරමේ දවසකට ජෝතිගේ ගීත විස්සක් වත් ප‍්‍රචාරය කරන බව සත්‍යයක්. සමහර නාලිකා වැටුණු ‘රේටින්’ හදාගන්න ගහගන්න මුක්කුවලින් එකක් තමයි ජෝතිගේ සිංදු ගණන වැඩි කරන එක.

ටීවී රේඩියෝ ටික ජෝති වෙනුවෙන් කර්තෘභාගය ගෙව්වා නම් අද වෙනකොට ජෝති කියන්නේ කෝටිපති ලයිස්තුවේ ඉස්සරහා ඉන්න කෙනෙක්.

Bharatha Prabhashana Thennakoon