Tuesday, May 2, 2017

සාසනේ පරදින්නේ, බෞද්ධයාගේ 'ඕව්න් ගෝල්ස්' නිසා.

එකක් ඉවර වෙනකොට එකක් ඉවෙන්ට්ස් ගලාගෙන එන නිසා ඇහි පිල්ලමක් ගහගන්නවත් වෙලාවක් නැති වුණත් එකකින් අනික කවලන් කරගන්නැතුව ඒ ඒ වෙලාවට ඒවා සමරන්න අපි දැන් පුරුදු වෙලා. හිතාගන්නත් අමාරුයි. අවුරුදු කාලේ ඇ`දගෙන හිටපු බතික් කමිසේ ගලවලා රතු කමිසේ ඇදගත්තා. ඊට පස්සේ මැයි රැළියට ඇ`දපු රතු කමිසේ ගලවලා දෑකැත්තයි මිටියයි වීසි කරලා නවගුණ වැලයි උතුරු සළුවයි දාගෙන සටන් පාඨ වෙනුවට ධම්මපද ගාථා කිය කිය සක්මන් කරන්නයි අපේ මේ සූදානම. ඒක එක විදිහක අපේ සංස්කෘතික දක්ෂතාවක්.

වෙසක්. සමහරුන්ට මංගල්‍යයක්. සමහරුන්ට උත්සවයක්. කෙනෙක්ට පිංකමක්. තවත් කෙනෙක්ට වැඩන්. තවත් අයට ඉවෙන්ට් එකක්. ඒ විතරක් නෙවෙයි, තවත් කට්ටියකට වෙසක් කියන්නේ සීසන් එකක්. ඉතිං, අපි මේ වෙසක් සමරන්න හදන්නේ වෙසක් කියන නිමිත්තම එක එක පැත්තෙන් තම තමන්ට සමීප කර ගන්න උත්සාහ කරන පසුබිමක. ඒ ඒ අය වෙසක් දිහා බලන්නේ තමන්ගේ කණ්නාඩි වලින්. ආගමික, දේශපාලන, සංස්කෘතික, ව්‍යාපාරික, ප්‍රවර්ධන, ප්‍රචාරණ වගේ විවිධ කෝණ.

කට බැ`දගෙන කලු ඇ`දගෙන නිහ`ඩ විරෝධතා දක්වන ගමන් නැගලා යන ක්‍රිකට් මැච් වල පවා ශේප් එකේ ඉන්න අපි- වෙසක් දාට පෑක්-පෑක් නලා පිඹගෙන, මොටර් සයිකල් හොන් එකේ එල්ලිලා, වේවැල් අතට අරං පාර දෙපැත්තේ ඉන්න කෙල්ලෝ ළමිස්සියන්ට තඩි බබා වෙසක් බලන්න යන්නෙත් මේ කාලෙම තමයි. දන්සලක් දෙන්න කියලා ගම වටේ සම්මාදන් කරපු සල්ලි බාගෙකින් දන්සලක් දීලා ඉතුරු බාගෙන් භාග වලට අත් ගහන්නෙත් මේ කාලෙම තමයි. හෙට අනිද්දා තැබෑරුම් සුරාසැල් වහලා කියලා පත්තරේ දාපුහාම කල් තියා ගෙනත් තියාගෙන හැපනින් එකකට සෙට් වෙන්න හො`ද වෙලාවක් කර ගන්නෙත් මේ කාලෙම තමයි. ඒ විතරක් නෙවෙයි, අහුමුළු වල අංකොන් නම් ඕන තරම්.

සමහර වෙසක් කලාප දැක්කහම, සමහර වෙසක් ඉවෙන්ට්ස් දැක්කහම ඇත්තටම අමතක වෙනවා මේ සමරන්නේ ආගමික සැමරුමක් බව. ඒ සමහර ඒවා ෆුල් හැපනින්. ඩී.ඡේ., කැබරේ ඩාන්ස් වගේ ඒවා විතරයි හිග. ලොකුම එක, හො`දම එක, උසම එක, වටිනාම එක වගේ ඒවා තෝරන්න තියන සමහර තරග ඔලිම්පික් ස්ප්‍රින්ටර් ගේම්ස් වලට වඩා උණුසුම්. සමහර ඒවා රෙස්ලින් මැච් වගේ ඉවර වෙන වෙලාවලුත් නැත්තේම නෑ. ඉස්සරහා පිරිත් දානකොට පාරෙන් අනිත් පැත්තේ කවි බණ දානවා. සමහර තැන් වල කැට පුරවන්නේ, ආධාර එකතු කරන්නේ 154, 138 බස් ලෝර්ඩ් කරනවා වගේ. සීල ව්‍යාපාරයට සිල්වතුන්ගේ සහභාගී වීම ගණන් හදන්නේ මැයි රැළි වල ගණන් හදනවා වගේ. අනිත් පැත්තෙන් ටෙලිවිෂන් සහ සමාගම්. පාරවල් වල වංගුවෙන් වංගුවට වෙසක් කලාප, සර්වඥ ධාතු ප්‍රදර්ශන. රිමෝට් එකෙන් දාන දාන චැනල් එකේ අපේ එක තමයි ඉතිහාසේ ලොකුම එක. මේවා දකිනකොට ඇත්තටම දැනෙන බය තමයි, ලොකු වෙලා ලොකු වෙලා පිම්බිලා මේ ඔක්කොම එකපාර පිපිරිලා යයිද කියලා.

වෙසක්. ආයේ පාරක් මං මේ කල්පනා කළේ වෙසක් කීවහම මොනවද මතක් වෙන්නේ කියලා. ආ.. ඔව්, වෙසක් කූඩු. ගම වටේ ගිහිං ඇළ ඉවුරේ ගං ඉවුරේ තියන උණ ගහක් ගපාගෙන ඇවිත් සුද්ද කරලා කෑලි කපලා කොළ අලවලා උඩ එල්ලපු වෙසක් කූඩු. දැන් ඉතිං ලොකු එක සීයයි. පොඩි එක අසූවයි. චීනා වැඩේ ලේසි කළා. ඒ විතරක්යැ බකට් ටික, බල්බ් වැල්, අනිත් සැරසිලි වගේම වෙස් මූණු, නළා, බක්කා ඔළු ටිකත් චීනා අපිට එවනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ ශ්‍රද්ධාවට අදාල මිලක් රුපියල් වලින් නියම කරන එක විතරයි. දැන් එහෙම කියලා, වරායේ දොරකඩට ගිහිං කඩු කිණිසි අමෝරාගෙන ඉ`දලා හරියන්නෙත් නෑනේ. එහෙම වුණොත් පර්චස් දහයේ දහයේ ක`දවුරු බැ`දගෙන ඉන්න අපිට කූඩුවක්, බකට් එකක්, පහනක්වත් නැතුව වෙසක් සමරන්නයි සිද්ධ වෙන්නේ.

ඉතිං දැන් අපි මොකද කරන්නේ. බුද්ධ දේශනාවට අනුව නම් මේ වගේ දේවල් අරුමයක් නෙවෙයි. zකාලයක් යනකොට බුද්ධ සාසනේ හරය කොටස යට ගිහිං වෙන වෙන කෑලි උඩ එන බව බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියනවාZ කියලා හාමුරුදුවරු සමහර බණ වලදි කියනවා මට ඇහිලා තියනවා. හැබැයි එකක් කියන්න වෙනවා. ඒ තමයි, බුද්ධ සාසනේ හරය කෙළෙසෙන්නේ අප්‍රිකන්, අමරිකන්, ආර්ක්ටික්, ඇන්ටාර්ටික් මිනිස්සු හරි පිටසක්වල ජීවීන් හරි නිසා නොවෙන බව. අපි මේ කරන්නේ 'ඕව්න් ගෝල්ස්' ගහගන්න එක.
ජාත්‍යන්තර වෙසක් උත්සවේ පවා ලංකාවේ සමරන මේ වෙලාව, මේ අවුල් ටික ලෙහාගෙන අලුත් ගමනක් පටන් ගන්න හො`ද වෙලාවක්. බුද්ධාගම හරි බුද්ධ සාසනේ හරි නාස්ති වෙන්නේ හරි පරිහානියට පත්වෙන්නේ හරි අපි අපිම කරන දේවල් නිසා කියලා අපිට පිළිගන්න වෙනවා. එහෙම පිළිඅරගෙන වඩාත් ජනප්‍රිය හෝ වඩාත් ආකර්ශනීය හෝ මාරම හැපනින් හෝ දේ තෝරනවා වෙනුවට, වඩාත්ම ගැලපෙන හා දේශනාවත් එක්ක පෑහෙන දේවල් තෝරන එකයි අපි කළ යුතු වෙන්නේ. එදාට අභියෝගයක් නැතුවම බුද්ධ ශාසනය සුරක්ෂිත වෙයි.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

No comments: