Tuesday, June 13, 2017

මැච් එකට කළිං, ඇන්දොත් තක්කෙටම පරදිනවා


තරගයකට හරි ඡන්දයකට හරි එන්න ඕනේ තමන් පිළිබ`දවත්, තමන්ගේ ප්‍රතිවාදියා පිළිබ`දවත්, කාලය දීපය දේශය වගේ තත්ත්ව පිළිබ`දවත් නියමාකාර තක්සේරුවකින්. කෙනෙකුට ඒ තත්ත්වය හරියට තක්සේරු කර ගන්න බැරි වුණොත්, විශේෂයෙන්ම පවතින තත්ත්වය හමුවේ තමන් තමන් ගැන අධිතක්සේරුවකට ගියොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ පරාජය හෝ පසුබැසීම. ඒ කියන්නේ, ඕනවට වඩා හිතට ගත්තොත් කකුල් දෙකෙන්වත් හිටගෙන ඉන්න එක අමාරු වෙනවා' කියන එක.

ගිය සතියේ තිබුණු ශ+රයින්ගේ කුසලාන පළමු පියවරේ ක්‍රිකට් තරගයේ දී අපි ඉන්දියාව පැරුද්දුවා. ඒත්, තරගෙට කළින් දවසේ ඉන්දීය නායක කෝලි කියලා තිබුණේ 'අපි ලංකාවත් එක්ක තියන තරගය සලකන්නේ පුහුණු තරගයක් හැටියට' කියලා. අන්තිමේදී ඔළුව උස්සාගන්න බැරි තරමටම වැදුණා. පැත්තකින් පිට්ටනියෙන්. අනිත් පැත්තෙන් මීඩියා. මතක ඇති ගිය අවුරුද්දේ අපි එංගලන්තෙට ගිහිං හෝදාගෙනම පැරදිලා ආවා. ඒ කියන්නේ හොදට කෑවා. එහෙ යන්න කළිං අපේ නායකයෙක් කීවා, 'අපි එංගලන්ත කණ්ඩායම පුදුමයට පත් කරනවා' කියලා. ඒ විතරක්ද. සමහර දේශපාලනඥයෝ ඡන්ද වලට ගියේ 'ගෙදර බුදියාගෙන හිටියත් මට නම් දිනන එක ගේමක්ම නෑ' කියලා. අන්තිමට ඇඩ්‍රස් නැති වුණා.

මහ රැජිනගේ මහ ගෙදර මහ ඡන්දේ ගිය සතියේ තිබුණා. තෙරේසා මේ අගමැතිවරිය ඡන්දෙට ගියේ පාර්ලිමේන්තුවේ බලය තවත් ශක්තිමත් කර ගන්න කියලා හිතාගෙන. එයා හිතුවා දැනට නියෝජනය වෙන ජනප්‍රියත්වයට වඩා ජනප්‍රියත්වයක් පාර්ලිමේන්තුවෙන් එළියේ මහපොළවේ ඇති කියලා. ඒත් කතාව අවසන් වුණේ, හිතපු නැති විදිහට. මේ වගේ උදාහරණ ඕන තරම්. අහලා තියනවනේ හාවාගෙයි ඉබ්බාගෙයි කතාව. හාවා ඉබ්බාව අවතක්සේරු කරලා තමන් ගැන හිතපු තරම කොච්චරද කියනවා නම් දිනුම් කණුව පෙනි පෙනී හාවා නිදියා ගත්තා. අවසානේ අත්වුණේ ඓතිහාසික පරාජයක්. බොක්සිං තර`ගයක දී ඔබ ඉස්සරහා ඉන්න ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ ඉතිහාසයවත් පෙර වාර්තාවන්වත් ඔබට වැඩක් නැහැ. වැදගත් වෙන්නේ, මේ වළල්ල ඇතුළේ අද මේ මොහොතේ තරගයේ දී කොයිතරම් දුරට හො`දට සෙල්ලම් කරනවද කියන එක විතරයි. කොයි තරම් දක්ෂ පිතිකරුවෙකුට වුණත් දැවී යන්න උවමනා වෙන්නේ එක දුර්වල පහරක් විතරයි. කොච්චර වේගෙන් දිව්වත්, පරාජය වෙන්න තත්පරෙන් සීයෙන් පංගුවක වෙනසක් ප්‍රමාණවත්.

ඔබ හමුවේ ඉන්නේ ඉතා ප්‍රබල ප්‍රතිවාදියෙක් නම් ඔබ කල්පනාකාරී වෙන්න අවශ්‍යයි. හැබැයි, ඔබ හමුවේ ඉන්න ප්‍රතිවාදියා එතරම් ප්‍රබලයෙක් නෙවෙයි නම්, ඔබ ඊටත් වඩා කල්පනාකාරී විය යුතුයි. ඒ ඇයි දන්නවද. ප්‍රබලයෙක් හමුවේ පැරදුණොත් ඉවසාගන්න පුළුවන්. ඒත්, දුබලයෙක් හමුවේ පැරදුණොත් ඒ ලැජ්ජාව පවා ඉවසාගන්න අමාරුයි. ඒ නිසා, කිසිම වෙලාවක අතීතය හෝ පෙර අත්දැකීම් අනුව කෙනෙක් දුබල වූ පමණින් සටනක දී ඔහු දුබලයෙක් සේ නොසලකා හරින්න එපා. ඔබේ ප්‍රතිවාදියා අවතක්සේරු කරන්න එපා. ඔබ කොච්චර ලොකු වුණත් ඔබ ඉස්සරහා ඉන්න කෙනා යම් මොහොතක ඔබව අභිබවා යන්න පු`ථවන්.

ඒ වගේම, ඔබ ඉස්සරහා ඉන්න කිසිම කෙනෙක් ඕනවට වඩා අධිතක්සේරු කරලා කිසිම වෙලාවක තමන්ව අවතක්සේරු කරන්න යන්නත් හො`ද නෑ. එයා ලොකු බවත් තමන් පොඩි බවත් අනවශ්‍ය තරමට කල්පනා කරනවා කියන්නෙම අපි අනෙකාට අපිව පරද්දන්න දොර ඇරලා දෙනවා කියන එක. එයා අරයටත් ගැහුවා, මෙයාටත් ගැහුවා ඒ නිසා මට ගහන එක එච්චර දෙයක් නෙවෙයි කියලා කල්පනා කළොත්- ඇත්තටම එයා අපිට ගහන්න කළින්ම අපි අපිටම ගහගෙන ඇදගෙන වැටෙනවා වගේ බලාගෙන ඉන්නකොට අපි පරදිනවා. මොන කෙරුම්කාරයෙක් ඉස්සහා වුණත්, මොන ජගතෙක් ඉස්සරහා වුණත් බය නැතුව හිට ගන්න. මතකනේ, අයිපීඑල් අවසාන තරගේ මතකනේ. හැමෝම කීවේ අයිපීඑල් මැච් එකක ලකුණු 128ක් කියන්නේ "ගන්න දෙයක් නෑ" කියලා. ඒත් අවසාන උත්තරේ වුණේ ආත්ම විශ්වාසය සහ සටන්කාමීබව හමුවේ "128 කියන්නෙත් ලොකු ඉලක්කයක්" වුණා. මෛත්‍රී ජනවාරි අට ඡන්දය දිනන්නේ ඒ මොහොතේ වඩාත්ම බලවත්ව හිටපු ප්‍රතිවාදියෙක් අභිබවමින්. ඒ විතරක් නෙවෙයි, ට්‍රම්ප් ඇමිරිකාවේ සුක්කානම අතට ගත්තේ ඒ මොහොතේ වඩාත්ම බලවත් බලවේග පරාජය කරමින්.

කොයිතරම් අමාරු මැච් එකක් වුණත්, අමාරුවට අරගෙන අතාරින්නත් එපා. මොන වෙලාවක හරි දිනන්න චාන්ස් එකක් එන්න පුළුවන්. ඒ වෙනකල් සටන් කරන්න. කිසිම මැච් එකක් පටන් ගන්න කළිං ලේසියට අරගෙන අ`දින්න එපා. තක්කෙටම පරදිනවා.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

No comments: