Tuesday, June 27, 2017

මාලිංග: පට්ට පණ්ඩිතයි.


මාලිංග. වෙලාවකට ‘වීරයෙක්’. තව වෙලාවකට ‘දේශපේ‍්‍රමියෙක්’. තව වෙලාවකට ‘දේශද්‍රෝහියෙක්’. එක වෙලාවකට ‘දකුණේ කොල්ලෙක්’. තව වෙලාවකට ‘අපෝ හෙණ මෝඩයෙක්’. මාලිංග. ‘රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුණත් ලෑස්ති එල කොල්ලෙක්’. තව වෙලාවකට ‘අම්බානිගේ සල්ලි වලට වහ වැටිච්ච චාටර් පොරක්’. ගොඩක් වෙලාවට ‘පට්ට පණ්ඩිතයි’. ඒ හැම එකකින්ම මම ආසා මාලිංගගේ තියන පට්ට පණ්ඩිතකමට.

මාලිංග. එයා ගහපු ක‍්‍රිකට් වල පට්ටන්දරේ ඉන්ටර්නෙට් සර්ච් කරලා හොයා ගන්න. මාලිංග කියන්නේ තමන්ට පැවරුණු වගකීම බොහෝ දුරට සාර්ථකව අවසන් කරලා ඊළ`ග වගකීමක් වෙනුවෙන් ප‍්‍රවේශ වෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක්. මාලිංග ගොඩ දාපු මැචස් ප‍්‍රමාණය සැලකිය යුතුයි. හැබැයි ඒ ගොඩක් ඒවා අවසානේදී තරගයේ වීරයා වුණේ මාලිංග නෙවෙයි. වැඩක් ගොඩ දානවා කියන්නේ වෙන විදිහක වැඩක්. ඒ වගේම, බොහෝ අවස්ථාවන් වල ‘මාලිංගත් ටීම් එකේ ඉන්නවා’ කියන එක තුළ ම නිරායාසයෙන් ප‍්‍රතිවාදියා තුළ හට ගන්න භීතිය හරහා මාලිංගගේ ක`දවුරට වාසිය හිමි වුණා.

සමහරු කියයි, උඩට යන්න යන්න උණ ගහක් වගේ වෙන්න ඕනේ කියලා. තව සමහර කියනවා ශක්තිමත් වෙන්න වෙන්න පාපිස්සක් වගේ වෙන්න ඕනේ කියලා. හැබැයි මේ මහපොළවේ අපි දන්න තථ්‍ය සත්‍යය තමයි එහෙම වෙන්න හරිම අමාරු බව. අවුරුදු දාස් ගාණක් රජුට යටත් වෙලා හිටපු අපි, රටේ නායකයා සරල මිනිහෙක් වුණු පළවෙනි අවස්ථාවේදීම ඔහුත් එක්ක ‘නරි නාටක’ නටන්න පටන් ගත්තා. හැමදාම ගෙම්බර දදා හිටපු ලොක්කෙක් වෙනුවට මිත‍්‍රශිලී ලොක්කෙක් ආවහම අපි ලොක්කගේ කලිසම ඔළුවෙන් ගලවනවා. ඒ නිසා, යට කී නිහතමානීකම හරි නම්‍යශීලී බවට පට්ට සාහිත්‍ය වටිනාකමක් තිබුණට මහපොළෙවේ පැළ කරනකොට ටිකක් අමාරුයි. ඒක තමයි ඇත්ත. අනිත් අතට, අනන්‍ය වටිනාකමක් තියන මිනිහෙක් නිශ්චිත කාරණාවට අදාලව පණ්ඩිත වුණාට අවුලක් නෑ. පණ්ඩිතවීම (මෙච්චර වෙලා වගේම මේ වචනේ පාවිච්චි කරන්නේ ව්‍යවහාර අර්ථයෙන්* ගොන්පාර්ට් එකක් වෙන්නේ හරයක් මදයක් නැතුව පණ්ඩිත වෙන්න ගිහාම. සම හෝ අභිබවිය හැකි ආදේශක ඕන තරම් තියන තැනක පණ්ඩිත වුණාම. කිසිම විශේෂයක් නැතුව පණ්ඩිත වුණාම. පොල් ගෙඩිය කණට කරලා හොල්ලලා බලපුවහම තේරෙනවා කොට්ට පොල්ද කුරුවල්ද නැත්තං පෙණුමේ තරමටම පැහිලාද කියලා. පොලේ පැහිලානං වත්තේ හතර මායිමවත් වල්ලේ හැඩවත් වැඩක් නෑ.

‘ඇයි මීට කළින් දැකලා නැද්ද’ කියලා අහපු වෙලාවේ ලංකාවේ මීඩියා මාර ගේමක් දුන්නා, මාලිංගට කුඩු වෙන්න ගහලා හාන්සි කරන්න. ඊට හේතුව ඒක ඇහුවේ මීඩියා වලින් වීම නිසා. ලංකාවේ මීඩියා පට්ට තරහයි කවුරුහරි තමන්ව ප‍්‍රශ්න කරනවට හෝ තමන්ව මායිම් නොකරනවට. ඒ අධිපති බලය බිෙ`දයි කියලා තියන භීතිය නිසා. ඒක තමයි ඇත්ත. ලංකාවේ මීඩියා හිතාගෙන හිටියේ මාලිංගගේත් පැවැත්ම තියෙන්නේ ටීවී රේඩියෝ පත්තර මත කියලා. නිළියකට දේශපාලනඥයෙකුට ගායකයෙකුට මීඩියා ගොඩක් වටිනවා වුණාට මෙතනදි මීඩියා වලට වටින්නේ මාලිංග වගේ මිනිස්සු . ආයෙත් පුරුදු විදිහට මීඩියා මාලිංගව හොයාගන යන්න පටන් ගත්තා. හැබැයි, මාලිංගගේ වයිඞ් බෝලයක් නෝබෝලයක් ෆුල්ටොස් එකක් දැක්ක ගමන් ආයේ මාලිව කොටු කරගන්න හදන්නේ අර කළිං තිබුණු ඇරියස් එක කවර් කරගන්න බලාගෙන. ඔවුන්ගේ අවිඥානය ඒ වෙනුවෙන් මෙහෙයවනවා කියලායි පේන්න තියෙන්නේ. ‘කැච් අතඇරියාට මැච් පරදින්නෑ’ කියලා කියපු කතාවට උඩදාගෙන ගහන්නේ ඒකයි.

කොහොම වුණත්, මේ කොදෙව්වේ අනන්‍ය ලක්ෂණයක් තියනවා. ඒ තමයි වඩාත් ප‍්‍රමුඛ අවශ්‍යතාව වෙන්නේ ‘මිනිහා කොච්චර වැඬේට අදාළ වැඩ කාරයෙක්ද’ කියන එක නෙවෙයි. දහම් පාසල් ගිහිං තියනවද, රුවුල කපනවද වවනවද කරාබු දානවද නහය විදලද අ`දින්නේ සාරියද ඔසරියද වමත්ද දකුණත්ද කොහේ එකෙක්ද ඉස්කෝලේ මොකද්ද වගේ නහුතයක් අතිරේක ප‍්‍රශ්න. අවසානේ දී වැඬේට අදාලව මිනිහා කොච්චර දක්ෂයෙක් වුණත් යටකී අතිරේක නහුතක් උවමනාවන් සංතෘප්ත කරන්න බැරි වීම නිසා හැරෙන හැරෙන අතේ ඒ මිනිහාව කපනවා. කපන්න කපන්න කතුරු මොට වෙන එක වෙනම කතාවක්. හැබැයි, කතුරු මොට වුණා කියලා කැපෙන කෙ`ද් හැමදාම මොටෙයියෝ දාන්නේ නෑ. පිහිය මොට වෙලා ඉවර වෙන කාලේ වෙනකොටම ක`ද බාල වෙලා කතාව ඉවර වෙනවා. ඊට පස්සේ අර ඥානසාර හාමුදුරුවෝ කියනවා වගේ අපේ රටට අබසරණ තමා.

ඇත්තටම වෙන්න ඕන දේ මිනිහා වැඩ කාරයා නම් පොඩි පොඩි දේවල් නොසලකා හැරලා ඉන්න ටිකේ ඒ මිනිහාගෙන් අවශ්‍ය වැඬේ ගන්න උත්සාහ කරන එක. හරියට අම්බානි කරනවා වගේ. වැඬේට අදාල මිල ගෙව්වා තමන්ගේ පිළ වෙනුවෙන් වැඬේ ගත්තා. ඊට පස්සේ මොනවද කරන්නේ කියන එක එයාට අදාල නෑ. දැන් ඉතිං කියයි විනයක් සීලාචාරකමක් නැතුව මොකා වුණත් මොකටද කියලා. මෙලෝ රහක් නැති ඵලක් හරයක් නැති අවිනයවත් අසීලාචාර මිනිස්සුන්ගේ දේවල් පවා ගාණක්වත් නැතුව ඉවසගෙන ඉන්න අපි වැඩකාරයෙකුගේ පොඩි පණ්ඩිතකමක් (උපරිමයකට යටත්ව* ඉවසුවාට පාඩු නෑ කියන එකයි මගේ අදහස. 

‘ගිරව් එළියේ ඉන්නකොට රිලව් බෙනේට රිංගලා. බෙනේ ගැන දන්නේ රිලව් නෙවෙයි ගිරව්’ කියලා මාලි කියලා තිබුණා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ වනාන්තරෙන් එළියට ගිහාම ඔය කියන රිලව් විතරක් නෙවෙයි ගොඩක් අලි කොටි වලස්සු සිංහයෝ පවා පයිසෙකට මායිම් නොවෙන නිකම්ම නිකම් පංචස්කන්ධ විතරයි. සමහර මිනිස්සු ලෝක සිතියමේ ලංකාව තියන තැන හොයන්නෙත් සනත්ලා, මුරලිලා, සංගලා, මහේලලා සහ ‘පට්ට පණ්ඩිත’ මාලිංගලා නිසා කියලා මතක තියා ගන්න ඕනේ.

එතකොට ෆිට්නස්? ඔව්. ෆිට්නස් නැතුවනං ඉතිං බල්ලෙකුට ගලක් ගහගන්නවත් බැරි බව කොයි කවුරුත් වටහා ගෙන වැඩ කළ යුතුයි.

:: භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන් ::

Pre-Add

Tuesday, June 20, 2017

කුලය කියන්නේ යට ඇදුමක්


කුලය කියන්නේ ආයුධයක්. කුලය කියන්නේ ආභරණයක්. ආයුධයක් හරි ආභරණයක් හරි එතනින් එහාට පවතින්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒක ර`දන කෙනා මතයි. සරලව කීවොත්, කැත්ත කපන්නේ අත හරවන පැත්ත වගේම, තැල්ල හැඩ වෙන්නේ බෙල්ලේ තරමට. ‘යාපනේ ලේ කතාව’ කුලය ගැන ආසන්නම පොදු කතාව වුණාට, උතුරේ දකුණේ උඩරට පහතරට හැම තැනම හැමදාම ‘කුලය’ කියන්නේ කාරණයක්. කුලය කියන්නේ සාධකයක්.

කුලය නිර්මාණය වීමේ මූලිකම සාධකය වූණේ තමන්ගේ ජීවනෝපාය. ඒ අනුවල ගොවිතැන් කළ පිරිස් ගොවිගම ලෙසත් මසුන් මැරීමේ නිරත වූවන් කරාව ලෙසත් හැළි වළං මුට්ටි හදපු උදවිය කුඹළුන් ලෙසත් වෙන් වුණා. එහෙම ගත්තහම මෙම සමාජ තත්ත්වයන් හා වෘත්තීන් ඒ කාලයේදී නිසි බෙදීමකට අනුව සිදු වූ බවත් එවැනි බෙදීමක් සාධාරණ යැයි සිතීමට හැකි තරම් සාධාරණ නිර්ණායක තියනවා කියලත් පේන්න තියනවා.

ඒත්, නිදහස ලැබීමත් එක්ක විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය සහ අලූත් අලූත් වෘත්තීන් ව්‍යාප්ත වීමත් සමග කුලයට හිමි වෘත්තිය හෝ සමාජ අනන්‍යතාව සහ සමාජ යථාර්තයන් අතර වෙනසක් නිර්මාණය වීමට පටන් ගත්තා. ජිවිතේ එක් වරක් හෝ කුඹුරකට බැස නැති ගොවිගම මිනිසුන් ද මුහුදු හුළගක් හෝ නොවැදුණු කරාව පරපුරක්ද නිර්මාණය වෙන්නේ මේ සමගමයි. අද වෙනකොට කරත්ත කාරයාගේ පුතා අද කරත්ත පදවන්නේ නෑ. මැටි වැඩ වේවැල් වැඩ කියන්නේ බිස්නස් එකක්. නටන්නේ බෙර ගහන්නේ තාලේ තියන මිනිහා. බෙරවා ප‍්‍රභූ කී දෙනෙකුට නම් රදල පේරුවේ බෙරකාරයෝ මගුල් බෙර ගහනවද. මුල් යුගයේදී කුලීනයකු හා උසස් කුලයක පුද්ගලයින් දෙදෙනෙකු සම අසුන් නොගන්නා තත්ත්වයක් දකින්න තිබුණත් අද වන විට තත්ත්වය මත මිස කුලය මත ඔහු ආමන්ත‍්‍රණය කිරීම හෝ ගරු කිරීම කළ නොහැකියි. තව ටිකක් තේරෙන්න කියනවානම්, සාජන් කැප්ටන්ට සැලියුට් ගහනවා මිසක් සාජන් උසස් කුලේ කියලා අඩු කුලේ කැප්ටන් සාජන්ට සැලියුට් ගහන්නේ නෑ.
කුලවාදය බහුලවම හා ස්ථායීවම පැවති ඉන්දියාවේ පවා අද වන විට කුලවාදය පිළිබ`ද වෙනස් දැක්මක් ඇති වෙලා. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ පුරෝගාමිකු වුණු අම්බෙඞ්කාර් කියන්නේ කුලීනයෙක්. මායාවතී කියන කුලීන කාන්තාව කුලවතුන් බහුල උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අවුරුදු විස්සක් විතර මහ ඇමතිකම කළා. ලොක් සභා කතානායකවරියක් වුණු මීරා කුමාර් දාලිත් කුලේ. එයාගේ තාත්තා හිටපු ආරක්ෂක ඇමති කෙනෙක්. විසිවෙනි සියවස අවසන් වන විට ඉන්දීය රැුකියා නියුක්තිකයින්ගෙන් සියයට විස්සක් පමණ කුලීනයින්. ඒ රැුකියාවන් එකක් හෝ ඔවුන්ගේ කුලයට අනුව ඇත්ත වශයෙන්ම හිමි රැුකියාවන් නෙවෙයි. ඉන්දියාවේ, ‘ඒ’ ශ්‍රේණියේ රැුකියාවන් වල නිරත අයගෙන් දහයෙන් එකක් කුලීනයන්. ලංකාව සම්බන්ධයෙන් වුණත් මෙවැනි උදාහරණ  ඕනෑ තරම්. මේ කොදෙව්වෙත් මෙහෙම සංගණනයක් කළොත්, බොහෝ දේ දැනගන්න පුළුවන් වෙයි.

මහපොළවේ පැවැත්ම වෙනුවෙන් කුලය පවතින්නම අවශ්‍යයි කියලා කවුරු හරි කල්පනා කරනවා නම්, මුලින්ම කරන්න  ඕනේ වෘත්තීය මූලික කුල සම්ප‍්‍රදාය නූතන රැුකියාවන් හා ගැලපෙන පරිදි ප‍්‍රතිසංශෝදනය කරන එක. සරල උදාහරණයක් විදිහට වර්තමාන වෛද්‍යවරයෙක් ගත්තහම ඔහු, අහිගුණ්ඨක ද බඩහැල ද බත්ගම ද බෙරව ද දේව ද ගොවිගම ද හන්නාලි ද හුණු ද කින්නරය ද නවන්දණ්ඩ ද පමුණු ද පණ්න ද පණික්කි ද පට්ටි ද පොර ද රදළ ද රජක ද රොඩිය ද කියන එක අදාල නෑ. දැන් එයා ඉන්නෝ දොස්තර කුලේ. නීතීඥවරුන්, ගණකාධිකරුවරුන්, මාධ්‍යවේදීන්, රියදුරන්, ගුරුවරුන්, ගොවියන්, කර්මාන්තකරුවන් හෝ පාලකයන් වගේ හැමෝම දැන් කුලක ගත වෙන්න  ඕනේ ඒ ඒ කාණ්ඩය ඇතුළේ.

(මේ කතාව අස්සෙම මීට සමපාතව හරි හරියට දුවන තව දෙයක් ගැනත් කියන්න  ඕනේ. ඒ, ඒ දෙක එකක් මිස දෙකක් නොවන නිසා. ඒ තමයි ආගම්වාදය සහ ජාතිවාදය. කුලවාදය මොනතරම් අප‍්‍රසන්න හා හිරිකිත අත්දැකීමක් ඇති කරනවද ඒ තරම්ම අප‍්‍රසන්නබවක් හා හිරිකිතයක් ජාතිවාදය හා ආගම්වාදය විසිනුත් සමාජයට දායාද කරනවා. අවාසනාවන්ත කාරණය, ආගම්වාදය හා ජාතිවාදය එවැනි සමාජ අප්පිරියාවක් බව කුලවාදය අප්පිරියාවක් ලෙස පිළිගන්න බොහෝ අය පිළිගන්න සූදානම් නොවීම. කුලේ සාධකයක් කරගන්නකොට ‘අනේ මේ  ඕවා යල් පැනපුවා’ ‘ ඕවා සමාජයට මහ විනයක්’ කියලා කියන්න කට අරින තරම් එඩිතර කමින් ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් එඩිතර වෙන්නේ නෑ. සමහර විට ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් කුල ප‍්‍රශ්නෙදි තමන්ට අවාසි වුණාට ආගම්ජාති ප‍්‍රශ්නෙදි තියෙන්නේ තමන්ට තියෙන්නේ වාසියක් වීම. වාසිය කාට වුණත් දියුණු සමාජයකට නොහොබිනා දේ නොහොබිනාම බව නම් කිව යුතුමයි.)

‘වංසේ කබල් ගාමින් හිටපු අය’ට එහෙමත් නැත්තං කුලය තීරණාත්මකම සාධකයක් කරගෙන පුම්බගෙන හිටපු පැළැන්තිය ඉතා සීඝ‍්‍රයෙන් බි`ද වැටුණු බව පේන්න තියනවා. සාම්ප‍්‍රදායික කුලය, බලය, ධනය විශ්වාස කරගෙන වලව්වේ දොරකඩට වෙලා හාන්සි පුටුවේ දිගා වෙලා වංසේ නිසා හැම දේම උඩින් පාත් වෙනකල් බලාගෙන හිටපු පංතිය පහුකරගෙන ඊට පස්සෙන් හිටපු පංති- පැළැන්ති ඉස්සරහට ගිහිං. ඒක, ඉස්සරහටත් එහෙමම වෙනවා.

අවසාන වශයෙන් එකක් කියන්න අවශ්‍යයි. කුලය කියන්නේ යට ඇ`දුමක් වගේ එකක්. තමන්ගේ යට ඇ`දුම අනුන්ට පේන්න අ`දින්නේ නෑ. සමහරු ‘බ‍්‍රෑන්ඩඞ්’ නිසා ඒවා එළියට පේන්න අ`දින එක විලාසිතාවක් කරගෙන හිටියත්, ඒකේ සීමාව ඉක්මවා ගිය වහාම ඒ දර්ශනය අප‍්‍රසන්න හැ`ගීමක් ජනිත කරනවා.

භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්


Tuesday, June 13, 2017

මැච් එකට කළිං, ඇන්දොත් තක්කෙටම පරදිනවා


තරගයකට හරි ඡන්දයකට හරි එන්න ඕනේ තමන් පිළිබ`දවත්, තමන්ගේ ප්‍රතිවාදියා පිළිබ`දවත්, කාලය දීපය දේශය වගේ තත්ත්ව පිළිබ`දවත් නියමාකාර තක්සේරුවකින්. කෙනෙකුට ඒ තත්ත්වය හරියට තක්සේරු කර ගන්න බැරි වුණොත්, විශේෂයෙන්ම පවතින තත්ත්වය හමුවේ තමන් තමන් ගැන අධිතක්සේරුවකට ගියොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ පරාජය හෝ පසුබැසීම. ඒ කියන්නේ, ඕනවට වඩා හිතට ගත්තොත් කකුල් දෙකෙන්වත් හිටගෙන ඉන්න එක අමාරු වෙනවා' කියන එක.

ගිය සතියේ තිබුණු ශ+රයින්ගේ කුසලාන පළමු පියවරේ ක්‍රිකට් තරගයේ දී අපි ඉන්දියාව පැරුද්දුවා. ඒත්, තරගෙට කළින් දවසේ ඉන්දීය නායක කෝලි කියලා තිබුණේ 'අපි ලංකාවත් එක්ක තියන තරගය සලකන්නේ පුහුණු තරගයක් හැටියට' කියලා. අන්තිමේදී ඔළුව උස්සාගන්න බැරි තරමටම වැදුණා. පැත්තකින් පිට්ටනියෙන්. අනිත් පැත්තෙන් මීඩියා. මතක ඇති ගිය අවුරුද්දේ අපි එංගලන්තෙට ගිහිං හෝදාගෙනම පැරදිලා ආවා. ඒ කියන්නේ හොදට කෑවා. එහෙ යන්න කළිං අපේ නායකයෙක් කීවා, 'අපි එංගලන්ත කණ්ඩායම පුදුමයට පත් කරනවා' කියලා. ඒ විතරක්ද. සමහර දේශපාලනඥයෝ ඡන්ද වලට ගියේ 'ගෙදර බුදියාගෙන හිටියත් මට නම් දිනන එක ගේමක්ම නෑ' කියලා. අන්තිමට ඇඩ්‍රස් නැති වුණා.

මහ රැජිනගේ මහ ගෙදර මහ ඡන්දේ ගිය සතියේ තිබුණා. තෙරේසා මේ අගමැතිවරිය ඡන්දෙට ගියේ පාර්ලිමේන්තුවේ බලය තවත් ශක්තිමත් කර ගන්න කියලා හිතාගෙන. එයා හිතුවා දැනට නියෝජනය වෙන ජනප්‍රියත්වයට වඩා ජනප්‍රියත්වයක් පාර්ලිමේන්තුවෙන් එළියේ මහපොළවේ ඇති කියලා. ඒත් කතාව අවසන් වුණේ, හිතපු නැති විදිහට. මේ වගේ උදාහරණ ඕන තරම්. අහලා තියනවනේ හාවාගෙයි ඉබ්බාගෙයි කතාව. හාවා ඉබ්බාව අවතක්සේරු කරලා තමන් ගැන හිතපු තරම කොච්චරද කියනවා නම් දිනුම් කණුව පෙනි පෙනී හාවා නිදියා ගත්තා. අවසානේ අත්වුණේ ඓතිහාසික පරාජයක්. බොක්සිං තර`ගයක දී ඔබ ඉස්සරහා ඉන්න ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ ඉතිහාසයවත් පෙර වාර්තාවන්වත් ඔබට වැඩක් නැහැ. වැදගත් වෙන්නේ, මේ වළල්ල ඇතුළේ අද මේ මොහොතේ තරගයේ දී කොයිතරම් දුරට හො`දට සෙල්ලම් කරනවද කියන එක විතරයි. කොයි තරම් දක්ෂ පිතිකරුවෙකුට වුණත් දැවී යන්න උවමනා වෙන්නේ එක දුර්වල පහරක් විතරයි. කොච්චර වේගෙන් දිව්වත්, පරාජය වෙන්න තත්පරෙන් සීයෙන් පංගුවක වෙනසක් ප්‍රමාණවත්.

ඔබ හමුවේ ඉන්නේ ඉතා ප්‍රබල ප්‍රතිවාදියෙක් නම් ඔබ කල්පනාකාරී වෙන්න අවශ්‍යයි. හැබැයි, ඔබ හමුවේ ඉන්න ප්‍රතිවාදියා එතරම් ප්‍රබලයෙක් නෙවෙයි නම්, ඔබ ඊටත් වඩා කල්පනාකාරී විය යුතුයි. ඒ ඇයි දන්නවද. ප්‍රබලයෙක් හමුවේ පැරදුණොත් ඉවසාගන්න පුළුවන්. ඒත්, දුබලයෙක් හමුවේ පැරදුණොත් ඒ ලැජ්ජාව පවා ඉවසාගන්න අමාරුයි. ඒ නිසා, කිසිම වෙලාවක අතීතය හෝ පෙර අත්දැකීම් අනුව කෙනෙක් දුබල වූ පමණින් සටනක දී ඔහු දුබලයෙක් සේ නොසලකා හරින්න එපා. ඔබේ ප්‍රතිවාදියා අවතක්සේරු කරන්න එපා. ඔබ කොච්චර ලොකු වුණත් ඔබ ඉස්සරහා ඉන්න කෙනා යම් මොහොතක ඔබව අභිබවා යන්න පු`ථවන්.

ඒ වගේම, ඔබ ඉස්සරහා ඉන්න කිසිම කෙනෙක් ඕනවට වඩා අධිතක්සේරු කරලා කිසිම වෙලාවක තමන්ව අවතක්සේරු කරන්න යන්නත් හො`ද නෑ. එයා ලොකු බවත් තමන් පොඩි බවත් අනවශ්‍ය තරමට කල්පනා කරනවා කියන්නෙම අපි අනෙකාට අපිව පරද්දන්න දොර ඇරලා දෙනවා කියන එක. එයා අරයටත් ගැහුවා, මෙයාටත් ගැහුවා ඒ නිසා මට ගහන එක එච්චර දෙයක් නෙවෙයි කියලා කල්පනා කළොත්- ඇත්තටම එයා අපිට ගහන්න කළින්ම අපි අපිටම ගහගෙන ඇදගෙන වැටෙනවා වගේ බලාගෙන ඉන්නකොට අපි පරදිනවා. මොන කෙරුම්කාරයෙක් ඉස්සහා වුණත්, මොන ජගතෙක් ඉස්සරහා වුණත් බය නැතුව හිට ගන්න. මතකනේ, අයිපීඑල් අවසාන තරගේ මතකනේ. හැමෝම කීවේ අයිපීඑල් මැච් එකක ලකුණු 128ක් කියන්නේ "ගන්න දෙයක් නෑ" කියලා. ඒත් අවසාන උත්තරේ වුණේ ආත්ම විශ්වාසය සහ සටන්කාමීබව හමුවේ "128 කියන්නෙත් ලොකු ඉලක්කයක්" වුණා. මෛත්‍රී ජනවාරි අට ඡන්දය දිනන්නේ ඒ මොහොතේ වඩාත්ම බලවත්ව හිටපු ප්‍රතිවාදියෙක් අභිබවමින්. ඒ විතරක් නෙවෙයි, ට්‍රම්ප් ඇමිරිකාවේ සුක්කානම අතට ගත්තේ ඒ මොහොතේ වඩාත්ම බලවත් බලවේග පරාජය කරමින්.

කොයිතරම් අමාරු මැච් එකක් වුණත්, අමාරුවට අරගෙන අතාරින්නත් එපා. මොන වෙලාවක හරි දිනන්න චාන්ස් එකක් එන්න පුළුවන්. ඒ වෙනකල් සටන් කරන්න. කිසිම මැච් එකක් පටන් ගන්න කළිං ලේසියට අරගෙන අ`දින්න එපා. තක්කෙටම පරදිනවා.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, June 6, 2017

තරවටු කරලා හදාගත්තේ නැත්තං, මුරට ඉන්න මුර බල්ලෝ දඩාවතේ යනවා.

අපි කවදාවත් හරිහමං පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි. හො`දම උදාහරණය තමයි, එකම මන්ත්‍රී පළවෙනි වාරේ හුරේ දාලා කවුන්සිලේකට යවලා ඊට පස්සේ මිසින් වුණාම මන්ත්‍රී හාමුදුරුවන්ගේ පරම්පරා තුන්සීයක් විතර ආපස්සට සෙනෙහසින් මතක් කර කර ඉන්න අපි, ඊළ`ග ඡන්දෙදි ආයේ වාරයක් ඒ උන්නැහේම පෙරටත් වඩා හයියෙන් හුරේ දාලා ඒ කනුන්සිලේටම හෝ ඊට වඩා උසස් එකකට යවනවා. ඊට පස්සේ.. පෙරටත් වඩා සෙනෙහසින් ආයේ අර හාදයාගේ පරම්පරා සිහි කර කර ඉන්නවා. බැරිවෙලාවත් කෙනෙක් අයින් වුණොත්, අපි එයාගේ ආදේශකයක් හැටියට යවන්නේ ඊට එහා ගිය කෙනෙක්.
මේ යන අත දිහා බලපුවහම එකක් කියන්න පුළුවන්. ඒ තමයි, අපි මාර සුන්දර ලෝකයක් හෙට හදමු කියලා මොනතරම් කයිවාරු ගැහුවත් යෝජනා කළත් එයාලා වගේම අපිත් ඒ හෙට කියන දවස උදා වෙනකල් ගත කරන අද දවසේ හැසිරෙන්නේ අන්ත චාටර් විදිහට.

පිළිගන්න අකමැති වුණත්, මතක තියා ගන්න අවශ්‍ය දේ තමයි ජනතා නියෝජිතයෝ ඔහොම වෙලා තියෙන්නේ අපේ වරදින්ම තමයි කියන එක.

ඇමරිකාවේ ජනාධිපතිට පුරවැසියෙක් නම කියලා කතා කරනකොට 'ඇයි අපිට එහෙම බැරි' කියලා අපෙන් අහන අයම මෙහෙදි ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් ඉස්සරහදි පවා මැතිතුමා, සර්, මැඩම් වගේ ඒවා කිය-කියා ඇඹරෙනවා. දේශපාලනඥයා පට්ට හොරෙක් කියලා කෑ මොර දෙන දේශපාලන බජාර් එකේ චණ්ඩි, ඒ කියන දේශපාලනඥයින්ම හමුවුණාම පස`ග පිහිටුවලා වදින අපූරුව බලාන ඉන්නත් හරි ආසයි. ඒ විතරක් නෙවෙයි, මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා පරසක්වල අත ගහලා දිවුරලා නාම යෝජනාවට ලෙයින් අත්සන් කරපු අය දැන් කොහොමද... (දැන් ඉතිං මේක කියවන ගමං ඔයා වුණත් කල්පනා කරන්නකෝ ඔයා කියපු දේවල් සහ දැන් කරන දේවල්). මේ අවුරුද්දේ ලක්ෂ පන්සීයක වාහනේකට කුරුමාණම් අල්ලන එයාලාගේ ලබන අවුරුද්දේ කුරුමාණම ලක්ෂ හයසීයක විතර වාහනේකට. ඒ විතරක් නෙවෙයි, යාන වාහන ගේ දොර ඉඩ කම් හරකා බාන වතු පිටි ඇදුම් පැළ`දුම් ආදී නානාවිධ දේ ගැන තත්ත්වයත් ඒකම තමයි.

දැන් අපි මොකද්ද කරන්න ඕනේ. අපිට කරන්න පුළුවන් මොනවද. අනවශ්‍ය පණ්ඩිත වැඩ කරන්න ගිහිං ඇණගන්නවට වඩා වැල යන අතට මැස්ස ගහලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක ශරීර සෞඛ්‍යයට කොච්චර හොදයිද කියලා හිතෙයි.

මේ සිස්ටම් එක වෙනස් කරවීම වෙනුවෙන් පාලකයින් දක්කන්න ඔබටත් මටත් කරන්න පුළුවන් වැඩ කීපයක් තියනවා. පළවෙනිම දේ තමයි ඡන්දෙත් දීලා කන්න අ`දින්නත් දීලා අපි විසින්ම හදාවඩාගන්න ඔය දේශපාලනඥයින් ඉස්සරහා දෙකට තුනට නැමිලා ඇඹරිලා පින්සේණ්ඩු වෙන එක නතර කරන්න. මොකද එයාලත් කියන විදිහට එයාලා අපේ සේවකයෝ මිසක් එයාලා අපේ හාමුලා නෙවෙයි. ඊළ`ග දේ තමයි බත් පැකට් එකටයි, ටකරමටයි, අරක්කු බෝතලේටයි හෘදය සාක්ෂිය පාවා නොදී විලි ලැජ්ජාවක් නැතිව 'මේ ඉන්නේ අපේ පළාතේ මන්ත්‍රී' කියලා ඇගිල්ල දික්කරලා පෙන්නන්න පුළුවන් මිනිහෙකුට ඡන්දය දෙන්න. අපි වෙනුවෙන් අපිව නියෝජනය කරන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ, සල්ලි තියන ඉඩම් හිමි වැවිලි කරුවෝ හරි උඩින් යන අහවලාගේ පුතා වුණු අහවල් වලව්වේ හරි අහවල් පරම්පරාවේ හරි අය නෙවෙයි. එහෙමයි කියලා අපේ මන්ත්‍රී අපේ කරේ අත දාන, බඩට ගහලා නහය මිරිකන මොඩල් එකේ කෙනෙක් වෙන්න අවශ්‍යත් නෑ.

අනෙක් අතට පක්ෂ වලට ලාංඡන වලට වැ`ද පුදාගෙන නිධන් රකිනවා වගේ පුද පූජා කරගෙන පිදේණි දීගෙන හිටියට දේවල් පහළ නොවෙන බව සිහියේ තියාගන්න වෙනවා. කේවල් කිරීමේ බලය, හෙට්ටු කරන බලය විතරක් නෙවෙයි බාල්දු කරන හයියත් අපි අපේ අතට ගන්න වෙනවා. අපි ඒ හයිය පෙන්නන්න ඕනේ. යං ජෙනරේෂන් එකේ අපිට උවමනා වෙන්නේ මන්ත්‍රී කෙනෙක් දැක්කම කකා ඉන්න ප`ිගාන පැත්තකින් තියලා නැගිටින පුරවැසියෙක් නෙවෙයි, තමන්ව දකිනකොට පාලකයෙක් වුණත් නැගිටින පුරවැසියෝ වෙන්න. ඒක මේ කියන තරම් ලේසි නෑ. හැබැයි ඔබ හිතන තරම් අමාරුත් නෑ. ඔයිට වඩා ලොකු චණ්ඩි දණ ගස්සලා අපිට උවමනා වැඩ කරගත්ත ජාතියක් අපි. ඒ කොන්ද කැඩුවේ ඔය කියන පාලකයෝම තමයි. හැබැයි, දැන් අපේ පරම්පරාවට අවස්ථාවක් තියනවා. ඒ මොකද්ද. පරම්පරා ගාණක් තිස්සේ හිමින් හිමින් කඩාගෙන ආපු කොන්ද කෙළින් කරගෙන ආයේ නැගිටින එක.

දැන් බලන්නකෝ මේ කතාව. මේකයි කළිං කතාවයි ගැලපෙනවද කියලා මං දන්නෑ.

ඒත්...
ගෙවල් වල මුරට ඉන්න මුර බල්ලෝ හරියට හීලෑ කරලා තරවටු කරලා හදාගත්තේ නැත්තං දඩාවතේ යනවා. දඩාවතේ යන බල්ලෙක් එක පාරක් වත්ත ඇතුළට එනකොට, රවලා ගොරලා බුරලා හපන්න පණිනකොට ගඩොල් බාගයක් අරන් දමලා ගැහුවානම් එක පාරක් දෙපාරක් මෙහෙම කරන්න ඇවිත් ඌ වෙන අතක් බලාගන්නවා. හැබැයි, බල්ලා වත්තට එනකොට රවලා ගොරලා බුරලා හපන්න පණිනකොට අපි ඌව හුරතල් කරනවානම් හරි ඌට භය පක්ෂපාතීව පැත්තකට වෙලා ඉන්නවානම් හරි බල්ලා සෙල්ලං දාන්නේ ගෙදර කොල්ලාටත් වඩා. ඒ විතරක් නෙවෙයි, ඊළග වෙලාවේ බල්ලා වත්තට එනකොට අපි පාරේ අයින් වෙලා හිටියේ නැත්තං ඌ අපිව හපන්නත් බැරි නෑ. එහෙම නැත්තං ගෙදර ඇෙ`ද් නිදාගෙන ඉන්නකොටත් ඌ අපිව හපන්න වුණත් පුළුවන්.

~ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

Mawbima 2017-06-06