Tuesday, May 16, 2017

ආයුධ වෙළෙන්දන්ගෙන් පරිස්සම් වෙන්න



දෙපාරක්ම පිල් බෙදිලා දෙපැත්තට වෙලා කුඩු වෙනකල්ම නැතත් හොදට රිදෙනකල් ගහ ගත්තට පස්සේ, ආයේ කවදාවත් එහෙම රිදෙන වැඩ නොකරමු කියලා හැමෝම එක`ග වුණා. ඊට පස්සේ ඒ වෙනුවෙන් වැඩ කරන්න සහ වැඩ ශේප් කරන්න ලෝක ගිනි නිවන හමුදාවක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා එකක් පවා හදා ගත්තා. ඒ පළවෙනි ලෝක යුද්ධෙන් ලක්ෂ දෙසීයක් විතරයි දෙවෙනි ලෝක යුද්ධෙන් ලක්ෂ අටසිය පණහක් විතරයි ජීවිත වළින් වන්දි ගෙව්වට පස්සේ. ඔය ලෝක යුද්ධ දෙකම පටන් ගන්න කළිං ලෝක යුද්ධයක් කියන්නේ මාර ත‍්‍රිලික් අත්දැකීමක් කියලා හැමෝම හිතන්න ඇති. ඒවා ඉවර වුණාට පස්සේ ඒ ගැන කියවනකොට අහනකොටත් ත‍්‍රාසය මුසු ආශ්වාදජනක හැ`ගීමක් නැත්තේම නෑනේ. හැබැයි, යුද්ධයක් එක්ක ජීවත් වුණු පොර බදපු අපි දන්නවනේ යුද්ධයක් කියන්නේ හිතන තරම් ආශික් වැඩක් නෙවෙයි කියලා.
දැන් ආයෙත් ලෝක යුද්ධයක් ගැන එක එක ප්‍රෙඩික්ෂන් පහළ වෙන්න පටන් අරගෙන තියනවනේ. එක එක්කෙනා එක එක ජාති කියනවා. ඇත්තටම එහෙම ලෝක යුද්ධයක් පටන් ගත්තොත් භූගෝලීයවත් බලපරාක‍්‍රමිකවත් අපිට සිද්ධ වෙන්නේ ගැලරි ටිකට් එකක් අරගෙන කොලිවුඞ් ෆිල්ම් එකක් බලනවා වගේ ඉන්න තමයි. කවුරු යුද්ධ දිනුවත් අපිට හම්බෙන දෙයක් නෑ. හැබැයි, අපිට ගොඩක් ධේවල් නැති වෙන්න පුළුවන්.

ඒත් ඉතිං රට වට කර වැටක් ගහලා පරිස්සං වෙන්න පුළුවන් කමකුත් නෑනේ. මෙහෙමයි. මීට කළිනුත් දැන් අවුරුදු ගාණක් තිස්සේ එක එක වෙලාවට එහෙ මෙහෙ පොඩි පොඩි හැල හැප්පීම් වෙනකොට ඔන්න එනවා මෙන්න එනවා තුන්වෙනි ලෝක යුද්ධේ කිය කියා අනාවැකි කීවට ඒවා වුණේ නෑ. හැබැයි එහෙමයි කියලා අර කොටියා ආවා වගේ වෙයිද නොවෙයිද කියලා තක්කෙටම කියන්නත් බෑනේ.

මෙච්චර පතරංගයක් ලීවේ එක කතාවක් කියන්න. ඒ තමයි, මේ ලෝක යුද්ධ භීතිකා ලෝකේ පුරා පැතිරෙන එකේ පොඩි යටි අරමුණක් තියනවා කියලා දැනෙන නිසා.
ඔය ගොඩක් අයියලාගේ ලොකුම බිස්නස් වලින් එකක් තමයි අවි ආයුධ. අනිත් පැත්තෙන් බෙහෙත්. ඉතිං.. දැන් ඉතිං ලාවට තේරෙන්න ඕනේ. එක පාරටම ලෝකේ මැද්දට පැණලා කෑ ගහලා කියනවා ‘ඔන්න ලෝක යුද්ධයක් පටන් ගන්නයි යන්නේ. ලෑස්ති වෙන්න ලෑස්ති වෙන්න’ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ. ඔව්. හැමෝම ලෑස්ති වෙනවා. ඒ කොහොමද. යුද්ධෙකට ප‍්‍රමාණවත් විදිහට ආයුධ එකතු කරගන්නවා. අනික් පැත්තෙන් යුද්ධයකදි අවශ්‍ය වෙන බේත් හේත් ටික පොදි ගහ ගන්නවා. එහෙමයි කියලා අල්පෙනෙත්තක් තරම් ආයුධයක්වත් එක බෙහෙත් පෙත්තක්වත් නොමිලේ ලැබෙන්නේ නෑනේ. ඒවා ගන්න වෙන්නේ සල්ලි දීලා. ලෝකේ පුරා කට්ටිය ලෝක යුද්ධෙකට පෙරසූදානමින් එහෙම ආයුධ බෙහෙත් මිලට ගන්නකොට අර මුදලාලිලාගේ මල්ල පිරෙනවා. ඊට පස්සේ ආර්ථිකේ ශක්තිමත් වෙලා බව බෝග පිරී ඉතිරිලා කිරියෙන් පැණියෙන් පිරී ඉතිරිලා සන්තෝසෙන් ජීවත් වෙනවා. මෙච්චර කල් අඩු වැඩි වශයෙන් වුණේ මේක තමයි.

ඒ විතරක් නෙවෙයි. ඔය යුද්ධ යනකොට ‘අනේ ගහගන්න එපා ගහගන්න එපා’ කියලා කිට්ටු කරන සාම ¥තයෝ පවා කරන්නේ බිස්නස් එකක්. එක පැත්තකින් යටින් ඉ`දං දෙපැත්ත කොටවනකොට එළිපිට ඇවිත් කියනවා ‘ගහගන්න එපා අනේ’ කියලා. දැන් ඔය පවුල් ප‍්‍රශ්නයක් හරි පෙම්පළහිලව්වක හරි ප‍්‍රශ්නයක් ඇති වුණාම වුණත් එහෙමනේ. දුක්ගන්නාරාලලා හැටියටත් සාම ¥තයෝ හැටියටත් එන ගොඩක් අයියලා හරි නංගිලා හරි උණත් ඉතිං මීයක් කඩන්න එන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ. නේද. ඇයි දන්නවද පොඩි කොස්සක් ගිය ගමන්ම ඒ ¥තයෝ ඇවිත් වැඬේට මැදිහත් වෙන්නේ. එයාලා බයයි වෙන කවුරු හරි අවංක මැදිහත්කරුවෙක් ඇවිත් ඇත්තටම ප‍්‍රශ්නේ විස`දයි කියලා. එහෙම වුණොත් ඒක දැවැන්ත අලාභයක්නේ.

ඒ වගේම, අපි අමතක නොකළ යුතු තව එකක් තමයි යුද්ධ වලට උඩගෙඩි දෙන ඒවා අවුළුවන දිය යටින් ගින්දර අරගෙන යන බහුජාතික සමාගම් හරි ඒක පුද්ගල ව්‍යාපාර හරි තියෙන්නෙත් අපි ල`ගම තමයි. (මම කියන්නේ ඔය පවුල් පේ‍්‍රම සම්බන්ධතා වගේ ඒවගේ.* ඒ නිසා ගේ ඇතුළේ යුද්ධ ප‍්‍රකාශ කරන්න කළින් ටිකක් පරිස්සමින් යුද්ධ ¥තයෝව කියවන එක තමයි හො`ද. මොකද යුද්ධයක් ප‍්‍රකාශ කළොත් දෙකෙන් එකක් ඉවර වෙනකල් යුද්ධ කරන්න වෙනවා. එහෙම නොවුණත්, අර බිම වැටිලා කැඩුණු බදුනක් වගේ ජීවිතයක් ඊට පස්සේ ඉතිරි වෙන්නේ. ගම් ගාලා අලවලා කඩතොලූ නොපෙණෙන්න ෂෝකේස් එකේ තිබ්බට වතුර පුරවලා තියාගන්න පුළුවන්ද කියලා පොඩි සැකයක් හැම වෙලාවෙම තියනවා.

ඒ නිසා, රටවල් විතරක් නෙවෙයි පවුල් හවුල් පේ‍්‍රම ගනුදෙනු වලදි පවා යුද්ධය ප‍්‍රකාශ කරද්දිත් එහෙම කරන්න කළිං ඔය කියන ආයුධ වෙළෙන්දන්ගෙන්, බෙහෙත් බිස්නස්කාරයින්ගෙන් වගේම සාම¥තයින්ගෙන් පවා ප‍්‍රවේසම් වෙන්න ඕනේ. නැත්තං ඉතිං යුද්ධේ ඉවර වෙන්නේ දෙපැත්තම පැරදිලා මැද උදවිය දිනලා.

‘වෝ ඔෆ් ද ව(ර්)ල්ඞ්ස්’ පොත ලියපු එච්. ජී. වෙල්ස් කියනවා ‘අපි යුද්ධය අවසන් කළේ නැත්තං, යුද්ධය විසින් අපිව අවසන් කරනවා’ කියලා. යුද්ධයක් අවසන් කරන්න පුළුවන් ක‍්‍රම දෙකක් තියනවා. එකක් තමයි හිස ලූ ලූ අතර ගහගෙන දෙකෙන් එකක් ඉවර කරගෙන යුද්ධය අවසන් කරන එක. අනිත් එක තමයි, යුද්ධයක් උපදින්න නොදීම යුද්ධය අවසන් කරන එක.

Bharatha Prabhashana Thennakoon
#BTColumn #MyOpinion

No comments: