Tuesday, May 30, 2017

ගොසිප් වල පැවැත්මක් තියෙන්නේ. රෙද්දක් ගැලෙව්වොත් තමයි..


ගොසිප්. ගොසිප් කියන්නේ අද වෙනකොට නිව්ස් වලටත් වඩා ලොකු හිට් එකක්. ගොසිප් හැදෙන්නේ පැතිරෙන්නේ කාටවත් හිතන්න බැරි වේගෙන්. හිතන්න බැරි මිනිස්සු හිතන්න බැරි සිද්ධි මූලික කරගෙන. ඒත් ගොසිප් කියන්නේ ආකාශ්මිකව හැදෙන දේවල් නෙවෙයි. ඒකටත් කොහේ හරි මුලක් තියෙන්න ඕනේ. මේ ඔබ කියවන්න පටන් ගන්නේ ගොසිප් සයිට් / ගොසිප් පේජ් ඇඩ්මින් කෙනෙක් එක්ක අපි කරපු කතාබහක්.

1. ඇයි ගොසිප් සයිට් එකක් පටන් ගත්තේ?
• විශේෂ අරමුණක් ඇතිව. ප්‍රධාන ව්‍යාපෘතියක කොටසක් හැටියට.

2. මොකද්ද ඒ ව්‍යාපෘතිය?
• අපි ඒක අතෑරලා ඊළ`ග එකට යං. දැනට ලියාගන්නකෝ දේශපාලන වැඩක් කියලා.

3. ඇත්තම කීවොත් ඔයාගේ ගොසිප් සයිට් එකක් පටන් ගත්තේ මඩ ගහන්නද කඩේ යන්නද?
• මඩ ගහන්නවත් කඩේ යන්නවත් නෙවෙයි. දේවල් දැනගන්න කැමති අයට ඒ දේවල් ලබා දෙන්න. අපිට අවශ්‍ය වෙන්නේ අපිව කියවන අපිත් එක්ක ඉන්න පිරිසක්. ඒ එක එක නිව්ස් එක, එක එක්කෙනාට මඩ හැටියට හරි කඩේ යනවා හැටියට හරි තේරුම් ගනියි.

4. ගොසිප් කියන්නේ අඩනිරුවත්- නිරුවත් හරි රූප, පවුල් ප්‍රශ්න, අනියම් සබදතා වගේ ඒවාද?
• නෑ කොහොමවත්ම නෑ.

4.1 වැඩිපුරම ගොසිප්වල තියෙන්නේ ඒවනේ
• ඔව්. ලංකාවේ ගොසිප් කියන්නේ ඔබ ඔය කියන ඒවාට තමයි. අපි වැදගත් අභ්‍යන්තර තොරතුරක් කීවොත් හරි වෙනත් වැදගත් ගොසිප් එකක් හරි කීවොත් ඒකට තියෙන්නේ වීව්ස් දහයයි විස්සයි. හැබැයි අර ජාතියේ කාගේ හරි අඩනිරුවත් ෆොටෝස් ටිකක්, නිරුවත් වීඩියෝ එකක් වගේ දැම්මොත් උණු කැවුම් වගේ යනවා. ඒ රෙද්ද ගැලවෙන එක අස්සේ තියන රස තමයි හොයන්නේ. ඒ නිසා ගොසිප් වලටත් රෙද්දක් ගැලෙව්වොත් තමයි පැවැත්මක් තියෙන්නේ.

මිනිස්සු මැරෙන ඒවා දූශණය වෙන ඒවා ගහන්න අපි ආසා නෑ. හැබැයි සෙක්සි කෙල්ලො ගැන ගහනවා. සෙක්සි කෙල්ලගෙන් ලැඛෙන මානසික ආශ්වාදය හොදයි මීනී දැකලා, රේප් සීන් දැකලා ගන්න ආශ්වාදයට වඩා. හැබැයි ඒකෙත් සීමාවක් අපි තියාගෙන ඉන්නේ.

අපිත් දැකලා තියනවා, සමහර දැවැන්ත මාධ්‍ය ජාල ආශ්‍රිතව පවත්වාගෙන යන ගොසිප් සයිට් පවා තියනවා ඒවා සම්පූර්ණයෙන්ම භාවිත වෙන්නේ වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවි වගේ. ගොසිප් සයිට් වලත් කොලිටිය තීරණය වෙන්නේ අපි පාවිච්චි කරන ෆ්ලැට්ෆෝර්ම් එක මත නෙවෙයි, ඒ කම්ප්‍යුටර් එක ඉස්සරහා ඉන්න මනුස්සයගේ සහ එයා පිටිපස්සේ ඉන්න කෙනාගේ ටේස්ට් එක අනුව.

ජනප්‍රිය නිළියක් ඉන්නවා. එයාගේ තොරතුරු
ගොසිප් වලට එවන්නේ එයා හීනෙකින්වත් නොහිතන කෙනෙක්.

5. අපි අහලා තියනවා සමහරු කියවලා ගොසිප් ගස්සගන්නවා කියලා. ඒක ඇත්තද?
• අනිවාර්යෙන්ම. ඕන තරම් කට්ටිය අපිට එහෙම කතා කරනවා. මේක ගහලා දෙන්න කියනවා. තමන්ගේ ඒවා වගේම තමන්ගේ වඩාත් සමීපතම අයගේ ඒවත් එහෙම එවනවා. එකට බත් එක කන, එකට හිටපු අය, අම්මා තාත්තා වගේ විස්වාස කරන අය මෙහෙම කරනවා.

ආසන්නම සිද්ධියක් වුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන ලීක් වුණා කියන වීඩියෝ එකක් අපිට එවන්නම්, ඒක සයිට් එකේ දාලා දෙන්න කියලා එයාගේ සමීපතම ගෑණු කෙනෙක් අපිට කීවා. ඒ වෙනකොටත් ඒක අපිට ලැබිලා තිබුණාත් අපි ඒක ගැහුවේ නෑ. මේ ළ`ගදි විවාහය බි`ද වැටුණු නිළියක් සහ තවත් නළුවෙක් සම්බන්ධ අතිශය පුද්ගලික ඡායාරූප අපිට එව්වා ඒ දෙන්නාම හීනෙකින්වත් නොහිතන කෙනෙක්.
6. තමන්ගේ ඒ වගේ දේවල් ඇයි දෙන්නේ?
ඔය රෙදි ගැලවෙනවා කියන එක අවුල්වැඩක් වෙන්නේ ලැජ්ජා වැඩක් වෙන්නේ අපිටනේ. හැබැයි, මේ රෙදි ගැලවෙන එකේ තියනවා ලොකු මාර්කට් වැලිව් එකක්. ඒකෙන් අලුත් පාරවල් විවෘත වෙනවා. කවුරුත් අ`දුරන්නැති ගෑණු මිනිස්සුන්ට එක රැයකින් ජනප්‍රිය වෙනවා නම් තියන හොදම ටූල් එක තමයි ගොසිප්. ඒ නිසා, තමන්ගේ අතිශය පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ පවා ගොසිප් වලට දෙන අය ඉන්නවා. ලක්ෂ ගාණක ටෙලිවිෂන් ඇඩ් දාලා ගන්න බැරි මයිලේජ් එකක් එක ගොසිප් එකකින් ගන්න පු`ථවන්.

7. ඒ කියන්නේ සමහරු ගොසිප් ගහලා දෙන්න කියලා සල්ලි එහෙමත් දෙනවද?
• දැනට අපි සල්ලි වලට ගොසිප් ගහන්නේ නෑ. ඇත්තටම අපිට සල්ලි ඕනේ නෑ. ඒත් නැගලා යන ගොසිප් සයිට් එකක් කියන්නේ සල්ලි ආකරයක්. හො`ද බිස්නස් එකක්. සල්ලි විතරක් නෙවෙයි, වෙන දේවල් පවා ඔෆර් කරලා තියනවා.

ඒ මොනවද?
• තමන්ගේ ෆැන් බේස් එක වැටුණු නිසා අවස්ථාවල් අඩුවෙලා තිබුණු නිළියක් එයාගේ ෆොටෝ ෂූට් එකක රෂර්ස් අපිට දීලා කිව්වා, zමේක ගහලා ලොකු රීච් එකක් අරගෙන දෙන්නZ කියලා. මම විහිළුවට වගේ ඇහුවා zමොකද්ද අපිට තියන වාසියZ කියලා. zඇ`ග තමයි ඉතිංZ කියලා ප්‍රතිචාරයක් හම්බුණේ. ඒකත් විහිළුවක් වෙන්න ඇති. ඒත්... මහා කම්පාවක් ඇති වුණා.

8. ඔබේ අතට එන තොරතුරු, ෆොටෝස්, වීඩියෝස් පාවිච්චි කරලා පුද්ගලයින් බ්ලැක්මේල් කරලා තියනවද?
• නෑ. කරලාත් නෑ, කරන්නෙත් නෑ. ගොසිප් සයිට් කරනවා කියන්නේ පාතාල වැඩක් නෙවෙයි. කොච්චර ගොසිප් කළත් අපිට තියනවා ආචාරධර්ම. අපි ඒවා ආරක්ෂා කරනවා. අපිට බෑ ඒ තරම් පහළට වැටෙන්න.

9. ගොසිප් කරන්නේ රස්සාවක් හැටියද විනෝදාංශයක් හැටියටද?
• අපි නම් ඒ දෙකටම නෙවෙයි. මම කලින් කීවනේ, මේක ලොකු ව්‍යාපෘතියක පොඩි කෑල්ලක්. හැබැයි මම කළින් කීවා වගේම රස්සාවටත් ගොසිප් කරන්න පුළුවන්. අපි දන්න එහෙම අයත් ඉන්නවා.

10. අපි දැකලා තියනවා, ඉස්සරහා හ`දුන්කූරු විකුණන ගමං පිටිපස්සේ කසිප්පු විකුණනවා. මේ ගොසිප් සයිට් කියන්නෙත් වෙන බිස්නස් එකක ෆෙක් ෆෙස් එකක්ද
• මේ වැඩේ අපි කරන්නේ නිශ්චිත අරමුණක් වෙනුවෙන්. ඒ තමයි තොරතුරු දැනුම් දෙන එක. ඒ තොරතුරු කලු ද සුදු ද වෙන පාටක්ද කියන එක කියවන කෙනා අනුව තීරණය වෙන්නේ. ඒත් අපි මේ කරන්නේ එක එක තත්ත්ව කළමණාකරණය කරන්න, දේවල් උඩට ගන්න දේවල් යට ගහන්න ගොසිප් පාවිච්චි කරන එක. ඇත්තටම කීවොත් අපි zගොසිප් යූස් කරනවාZ.

11. පහුගිය දවස් වල අන්තර්ජාලය කළඹපු අර සරාගීම නීතිවේදිනිය කියන නිව්ස් එක ප්ලෑන් කරපු එකක්ද?
• නෑ. ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. ප්ලෑන් කරානම් ඒක ඔය තරම් වැඩ කරන්නේ නෑ. ලංකාවේත් ඉන්නවා සොෂල් මීඩියා හිට්ස්. මෙලීසා කියන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ එහෙම කෙනෙක්. අපි ඒ නිව්ස් එක ගහපු අරමුණ ඉශ්ඨ වුණා. ඒකේ වක්‍රාකාර ප්‍රතිලාභයක් හැටියට අපිට වඩා ඇයට ලොකු අවස්ථාවක් උදා වුණා. අපි දන්න හැටියට දැන් මෙලීසාට දේශපාලන පක්ෂවලින් ලන්සු එන තරමට එයා ජනප්‍රියයි. ඒක zවින් වින්Z නිව්ස් එකක්.

12. ඒත් ඇයි ඇයගේ මාස අටක් පරණ ෆොටෝස් පාවිච්චි කරලා නිව්ස් එකක් ගැහුවේ?
• ඒක මට පත්තරේට කියන්න බෑ.

13. ගොසිප් වලට අවශ්‍ය මූලාශ්‍ර හොයා ගන්නේ කොහෙන්ද?
• දේශපාලනඥයෝ, එයාලා ල`ග ඉන්න අය, පත්තරවල අය, ෆොටෝග්‍රැෆර්ස්ලා, වීඩියෝ කැමරාශිල්පීන් වගේ අය ඉදලා ත්‍රීවීල් රියදුරන් වෙනකල් හැමෝම අපි සම්පත්දායකයෝ හැටියට පාවිච්චි කරනවා. අද වෙනකොට ගොඩක් ඒවා උදේ නැගිටලා බලනකොට අපේ ඊමේල් එකේ හරි ෆෙස්බුක් ඉන්බොක්ස් එකේ හරි තියනවා.

14. ගොසිප් මුවාවෙන් පුද්ගලික ඒරියස් එහෙමත් කවර් කරගන්නවා නේද?
• නෑ. අපිට පුද්ගලික එරියස් තියනවා නම්, අපි නොකරනම දේ තමයි ගොසිප් ගහන එක. ගොසිප් ගහනවා කියන්නේම අනවශ්‍ය ප්‍රසිද්ධියක් එනවා. ඒ කෙනාට වේදිකාවක් නිර්මාණය වෙනවා. අපි තරහාකාරයෝ හිට් කරන්න ඕනේ නෑනේ නේද.

15. මේ වෙනකල් ගොසිප් නිසා හම්ඛෙලා තියන ලොකුම පුද්ගලික ලාභප්‍රයෝජනය මොකද්ද
• හ්ම්ම්ම්. ඔව් තියනවා. මම ගහපු ගොසිප් බස් වලදි කෝච්චි වලදි මටම පෙන්නනවා. අදත් හවස යනකොට එහෙම වෙනවා. හෙටත්. ඒ තෘප්තිය තමයි ලොකුම ප්‍රතිලාභය.

16. වෙබ් මාධ්‍යකරණය හරි මාධ්‍යකරණය ගැන හරි කොහෙන් හරි ඉගෙනගන තියනවාද?
• නෑ. මම එහෙම ඉගෙන ගෙන නෑ. මට එහෙම ඉගෙන ගන්න උවමනාවකුත් නෑ. ඇත්තටම මම කියන්න ඕනේ මම කැමති නෑ මම වෙබ් මාධ්‍යවේදියෙක් කියනවාටවත්.

17. ඔයා කියන්නේ ඔයා මාධ්‍යවේදියෙක් කියලද. එහෙම නැත්තං වෙන කවුරුහරිද
• නෑ. මම මාධ්‍යවේදියෙක් නෙවෙයි. මම ව්‍යාපෘතියක කොටස්කාරයෙක්.

18. දන්නවද ඔබ කරන දේ ඉතිහාසය ගැන?
• ඒක හොයලාත් නෑ. අපිට වැදගත් වෙන්නේ ඉස්සරහට මොනවද වෙන්නේ කියන එක. මම හිතන විදිහට ලංකාවේ මිනිස්සුන්ට වැරදිලා තියෙන්නේ මොකක් හරි කරන්න ගිහාම ඒකේ අගමුල අම්මා තාත්තා හොයන එක. ඒවා හොයලා ඉවර වෙනකොට වැඩේ ෆේල්වෙලා. එහෙම හොයන්න උවමනා වෙලා නෑ.

19. දේශපාලන වැඩ වලට සම්බන්ධද?
• ඔව්. ඒ ඇති.

20. මාධ්‍ය කීවහම භාෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් තියන මාධ්‍යයක්. හැබැයි දැන් ගොසිප් සයිට් වල තියෙන්නේ රස්තියාදුකාර භාෂා භාවිතයක් නේද. ඒ ගැන මොකද්ද අදහස?
• මම පුද්ගලිකව ගොසිප් වලට රස්තියාදු භාෂාවක් පාවිච්චි කරන්නේ නෑ. හැබැයි අපේ ලිවීමේ ව්‍යාකරණ වැරදි ඇති. අපිට ඕනේ තොරතුරු සන්නිවේදනය කරන්න. අද වෙනකොට සාම්ප්‍රදායික මාධ්‍යය සමහරක් භාෂාව පාවිච්චි කරන්නේ ඔය කියන රස්තියාදු පන්නයටත් එහා විදිහට බව අපිට පේනවා. ඔබට මතක ඇතිනේ හිටපු මුදල් ඇමතිතුමා අයවැය කියවපු විදිහ. වැරදි වැරදි කියෙව්වාට අය වැයේ තියන වලංගුභාවය අඩුවුණේ නෑනේ. මේ භාෂාව සන්නිවේදන මාධ්‍යයක්. මම කියන එක ඔයාට තේරෙනවා නම් ඒ ඇති.

21. ගොසිප් සයිට් ලංකාවේ නිව්ස් කොලිටි එක විනාස කළා සහ එහෙම කරමින් ඉන්නවා නේද
• මම හිතන්නේ ලංකාවේ නිව්ස් සයිට් ගොසිප් ගහන්න ගිහිං තමයි නිව්ස් එයාලාම එයාලගේ කොලිටි එක නැති කරගත්තේ.

22. මම කීවොත් දැන් ගොසිප් නිව්ස් කියලා ජාති දෙකක් නෑ. නිව්ස් කියන්නේ ගොසිප් ගොසිප් කියන්නේ නිව්ස් කියලා. ඔයා එක විග්‍රහ කරන්නේ කොහොමද
• නිව්ස් වලින් කරන්නේ මතුපිටින් අතගාන එක. ගොසිප් වල කරන්නේ ඒකේ තියන ඇතුල් පැත්ත පෙන්නන එක. රෝස්වුඩ් දැව විකුණපු කතාව නිව්ස් වලට දැම්මහම ඒවා විකුණුවේ කවුද කාටද කීයකට මොනවද ඒවගේ තියන සම්බන්ධතා කියලා හොයන එක තමයි අපේ වැඩේ.

23. විමර්ෂණ ප්‍රවෘත්තිකරණය කියන්නේ ඕකට. ඔය ගොසිප් නෙවෙයි නේද?
• හරි. ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් කියන එක තමයි. ලංකාවේ මීඩියා ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ම් අතඇරිහම ගොසිප් සයිට් ඒ වැඩේ කරනවා. ප්‍රවෘත්ති වල අභ්‍යන්තරය හොයන්නේ, ඒ තොරතුරු ජනතාවට දැ්නුම් දෙන විදිහේ ප්‍රවෘත්ති කලාවක් දැනට කරන්නේ ලංකාවේ එක චැනල් එකයි. (සිරස විතරයි)
කොන්ත්‍රාත් කරන්න ගියොත්
අපේ අරමුණ ඉටු කරගන්න බැරිවෙනවා.

24. එක එක්කෙනාගේ කොන්ත්‍රාත් එහෙම හම්ඛෙලා තියනවද?
• අපි කොන්ත්‍රාත් භාරගන්නේ නෑ. අපිට ඕනේ විශ්වාසය දිනාගන්න. ගොඩක් අය අපි කියන දේ කියවන්න. ඒ ගැන සමාජ මතයක් හැදෙන්න. කොන්ත්‍රාත් කරන්න ගියොත් අපේ අරමුණ ඉටු කරගන්න බැරිවෙනවා.

25. ඉස්සරහට මොනවද කරන්නේ?
• ඇත්තටම කාට හරි කොන්ඩම් විකුණගන්න ඕන නම් අපි කොන්ඩම් trend එකක් හදනවා. කාටවත් කරදරයක් නොවෙන්න. ඒ trend එක ඉවර වෙනකොට සමහර විට උපත් පාලනේට නෙමෙයි, මිනිස්සු අලුත් අවුරුද්දට තෑගි දෙන්නත් කොන්ඩම් පැකට් එකක් අරං යන තැනට අපි සමාජේ හදනවා. ඒක අපේ ටැලන්ට් එක. හැමෝටම බෑ ටේ්‍රන්ඩ් හදන්න. හැමෝම අපි හදන ටේ්‍රන්ඩ් එක පස්සේ යනවා. Trend making, content making කියන්නේ අනාගත ලංකාවේ- ලෝකේ ලොකුම ආදායම් මාර්ගයක්.

• Bharatha Prabhashana Thennakoon

Mawbima 2017-06-30

වද දෙල් ගහේ ගෙඩි නොහැදෙනකොට ලග තියන පොල් ගහට තඩිබාලා හරියන්නෑ..

බලය. ඔව් බලය තියෙන්නේ පාවිච්චි කරන්න. ඔව් බලය තියෙන්නේ යොදවන්න. පාවිච්චි නොකරන බලය පුප්පන්නැති පෙනේ වගේ. යොදවන්නැති බලය පුම්බන්නැති බැලුම වගේ. හැබැයි, බලය හම්බුණාම ඒක පාවිච්චි කරන එකේ කලාවක් තියනවා. ඒ ආර්ට් එක නොදැන බලය පාවිච්චි කළාම, ඉස්සරලාම ගොන් පාර්ට් එකක් වෙලා ඊට පස්සේ ඛේදවාචකයක් වෙනවා.

අදටත්.. මේ කතාව ඔයා කියවන මේ මොහොත වෙනකොටත් සිද්ධ වෙන එකක් මේ. පොල්ගහවෙල ස්ටේසම හදනකොට ඒකේ වහළේ ටිකක් එළියට පන්නලා හදලා තියෙන්නේ වැස්සක් අව්වක් වෙලාවක වාහනේකින් ටැක්සියකින් එන කෙනෙකුට වාත නොවී ස්ටේසමට ගොඩවෙන්න. හැබැයි දැන් එහෙම බෑ. ඇයි ඒ. zස්ටේසම අයිති කට්ටියZ ඒ ඉඩ අහුරලා මල් පෝච්චි වගයක් තියලා. ලස්සනට. නෑ, ඒක මාර කැතයි. මුළින් මුළින් මේක ගොන්පාර්ට් එකක්. හැබැයි දැන් මේක ඛේදවාචකයක්් වෙලා. කිරිසප්පයෙක් ආබාධිතයෙක් වුණත් ලෙවල් නෑ, කාට වුණත් වාහනේකට ටැක්සියකට නගින්න වෙන්නේ වැස්සට තෙමිලා අව්වට වේලිලා. ඇයි ඒ, එතන බලය තියන අය හිතං ඉන්නවා, ඒවා අයින් කරලා මිනිස්සු පහසුවෙන් යන්න එන්න ගත්තොත් එයාලගේ බලය ගිලිහෙයි කියලා. කවුරුත් එයාලව ගණන් ගන්නැතිවෙයි කියලා.

ඇයි එතන විතරක්ද... අපිත් පුරුදු වෙලා ඉන්නවා, නෑ ඊටත් වඩා අපිව පුරුදු කරලා තියනවා කොහේ හරි මොකක් හරි වැඩක් කරගන්න යනකොට දන්න කියන කෙනෙක්ට කතා කරලා කළින්ම zපුෂ්Z එකක් අරගෙන යන්න. ඉස්පිරිතාලෙකට ලෙඩෙක් ඇතුළත් කළාම ඇ`දක් උඩ ඉන්නවාද ඇදක් යට ඉන්නවාද කියන එකට වගේම බැණලා ළ`ගට අ`ඩගහනවද ළ`ගට ඇවිත් කතා කරනවද කියන එක තීරණය වෙන්න මේ බලය පාවිච්චි කරලා ගන්න පුෂ් හරි වැදගත්. සමහර පූජාභූමි වගේ දේවල් වලට යනකොට දැකලා ඇති බෝර්ඩ් එල්ලලා තියනවා, මෙතනින් එහාට වාහන යන්න බෑ කියලා. හැබැයි දැකලා තියනවද, ඒ සීමාවෙන් එහා පාරවල් අයිනේ පාරවල් මැද ගස් යට ගල් කණු මැද්දේ ඕන තරම් වාහන නවත්තලා තියනවා. (මේක සීයට සීයක් එහෙම නෙවෙයි කියලා කාට හරි කියන්න පුළුවන්. ඔව්, හැබැයි මම කියන්නේ පොළවේ තියන වැඩිබර සත්‍යය ගැන.) ඒ ඇයි.. ඒ හයිය නිසා. ඒ බලය නිසා.

දැන් ඉතිං දන්න කියන උදාහරණ දකින පේන ඇහෙන දැනෙන උදාහරණ ඕන තරම් මේකත් එක්ක ගලපාගන්න. දෙපැත්තටම. අපේ දේවල් කරගන්න වගේම අනිත් අයට අපේ හයිය පෙන්නන්න බලය යොදවන තැන්.
මේක ලියන්න පටන් ගත්තේ උදාහරණ එක එක තලු මරන්න නෙවෙයිනේ. අනික එහෙම කළා කියලා ඔයාටවත් මටවත් කාටවත් වැඩක් නෑනේ. එහෙනං... අපි වෙනස් කරමු. මොකද්ද. කොහෙන්ද පටන් ගන්නේ.

ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරන ඔයාට පුළුවන් බලය නිසා පිට පාරෙන් එන අයට හරි පාරෙන් එන්න බල කරන්න. ඉස්පිරිතාලේ වැඩ කරන හෙදියකට පුළුවන් ලෙඩෙක් වෙනුවෙන් කෝල් එකක් ආවත් නැතත් හැම කෙනෙක් වෙනුවෙන්ම එක වගේ බරක් දෙන්න. ඉස්කෝලේ ඉන්න හයියක් තියන දරුවගේ ඔළුව අත ගාන සෙනෙහසින්ම සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන අණ්ඩ දාලා එන ළමයගෙත් ඔළුව අතගාන්න. සමහර විට ඊටත් වඩා සෙනෙහසින්. අපි බලය පාවිච්චි කරන්න ඕනේ ඉහළ තියන දේවල් තවත් ඉහළට ඔසවන්න හරි සැප තියන තැනට සැප එකතු කරන්න හරි උතුරන මල්ලට තවතවත් දේවල් දාන්න හරි නෙවෙයි. උවමනාවක් හයියක් උදව්වක් ඕන මිනිහෙකුට හයියක් උදව්වක් දෙන්න. පිරුණු කැටේකට සීයේ කොළයක් දාලා ගන්න තෘප්තියට වඩා තෘප්තියක් හිස් අල්ලකට රුපියලක් දාලා ගන්න පුළුවන්. අනික, හැමෝම බලයට ධනයට කෝල් එකට අයිඩෙන්ටියට හප්පන අඩියට දාන සද්ධෙට අනුව නම්‍යශීලී වෙනකොට ක්‍රියාශීලී වෙනකොට ඔයාට පුළුවන් ඒ එකක්වත් පයිසෙකට මායිම් නොකර ඔයාගේ බලය හරියට පාවිච්චි කරන්න.

දැන් මම දන්නවා මේක කියවන ගමං හිතන එක. zමූට පිස්සු. මෙව්වා මේ මහපොළවේ කරන්න පුළුවන් දේවල් නෙවෙයිZ කියලා හිතනවා. එහෙම නේද. එහෙම නම් මෙහෙමයි.. ඔයා ලෑස්ති නැත්තං සාධාරණ වෙන්න ඔයාට අයිතියක් නෑ කිසිම තැනකදි සාධාරණය අපේක්ෂා කරන්න. ඔයා ලෑස්ති නැත්තං හොර පාර වහළා හරි පාරට ඉඩ දෙන්න, ඔයාට අයිතියක් නෑ නියම පාර පිට පණින දේ වෙනුවෙන් එක කෙළ බි`දක්වත් හෙළන්න. ඔයා ලෑස්ති නැත්තං බේද නොකර සලකන්න, ඔයාට අයිතියක් නෑ ඔයාට විරුද්ධව බේදය යෙදවෙනකොට ඊට එරෙහි වෙන්න.

ඉපික්ටිටස්, එයා ග්‍රීක දාර්ශනිකයෙක්. එයා කියනවා zඔබට බලය ඇති විට වඩාත් යහපත් දේ නිර්මාණය කරන්න. ඊට පස්සේ සිද්ධ වෙන දේ දිහා සන්තෝසෙන් බලාගෙන ඉන්නZ කියලා.

දැන් ආයේ පටන් ගත්ත තැනට ආවොත්.. මිනිස්සු අර zස්ටේසමේ මහත්තැන්ලාටZ බණින්නේ ඒ පාරවල් ඇරලා තියන නිසා නෙවෙයි. ඒවා අනවශ්‍ය විදිහට වහළා තිබ්බහම. ඔයා වුණත් මම වුණත්. ඒ තැන නිදහසේ විවෘතව තිබ්බහම (එතන යාචකයෝ ලගිනවා, වාහන නවත්තලා තියනවා හරි) වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් ඒකට උත්තරේ වෙන එකක්. ව`ද දෙල් ගහේ ගෙඩි නොහැදෙනකොට ල`ග තියන කුරු පොල් ගහට තඩි බාලා හරියන්නෑ. පොල්ලක් අතට දීලා බලයක් දීලා තියෙන්නේ ඒකට නෙවෙයි.
ඔයයි මමයි අපි දෙන්නට දෙපැත්තේ දෙන්නමයි, හරියට හර පිරමීඩ බිස්නස් එකක වගේ එක්කෙනෙක්ගෙන් අනිත් කෙනාට හරි දේ සම්ප්‍රේෂණය වුණොත් වැඩි මහන්සියක් නැතුවම වැඩේ කෙරෙනවා. zඅපිට රට හදන්න බෑ, වැල යන අතට මැස්ස ගහනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑZ කියලා හිතනවානම්, එකක් මතක තියාගන්න- ඔබට වඩා ඔබේ දරුවන්ට මේ රට පීඩාකාරී වාසභූමියක් වේවි.

• භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

Mawbima 2017-05-30

Tuesday, May 16, 2017

ආයුධ වෙළෙන්දන්ගෙන් පරිස්සම් වෙන්න



දෙපාරක්ම පිල් බෙදිලා දෙපැත්තට වෙලා කුඩු වෙනකල්ම නැතත් හොදට රිදෙනකල් ගහ ගත්තට පස්සේ, ආයේ කවදාවත් එහෙම රිදෙන වැඩ නොකරමු කියලා හැමෝම එක`ග වුණා. ඊට පස්සේ ඒ වෙනුවෙන් වැඩ කරන්න සහ වැඩ ශේප් කරන්න ලෝක ගිනි නිවන හමුදාවක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා එකක් පවා හදා ගත්තා. ඒ පළවෙනි ලෝක යුද්ධෙන් ලක්ෂ දෙසීයක් විතරයි දෙවෙනි ලෝක යුද්ධෙන් ලක්ෂ අටසිය පණහක් විතරයි ජීවිත වළින් වන්දි ගෙව්වට පස්සේ. ඔය ලෝක යුද්ධ දෙකම පටන් ගන්න කළිං ලෝක යුද්ධයක් කියන්නේ මාර ත‍්‍රිලික් අත්දැකීමක් කියලා හැමෝම හිතන්න ඇති. ඒවා ඉවර වුණාට පස්සේ ඒ ගැන කියවනකොට අහනකොටත් ත‍්‍රාසය මුසු ආශ්වාදජනක හැ`ගීමක් නැත්තේම නෑනේ. හැබැයි, යුද්ධයක් එක්ක ජීවත් වුණු පොර බදපු අපි දන්නවනේ යුද්ධයක් කියන්නේ හිතන තරම් ආශික් වැඩක් නෙවෙයි කියලා.
දැන් ආයෙත් ලෝක යුද්ධයක් ගැන එක එක ප්‍රෙඩික්ෂන් පහළ වෙන්න පටන් අරගෙන තියනවනේ. එක එක්කෙනා එක එක ජාති කියනවා. ඇත්තටම එහෙම ලෝක යුද්ධයක් පටන් ගත්තොත් භූගෝලීයවත් බලපරාක‍්‍රමිකවත් අපිට සිද්ධ වෙන්නේ ගැලරි ටිකට් එකක් අරගෙන කොලිවුඞ් ෆිල්ම් එකක් බලනවා වගේ ඉන්න තමයි. කවුරු යුද්ධ දිනුවත් අපිට හම්බෙන දෙයක් නෑ. හැබැයි, අපිට ගොඩක් ධේවල් නැති වෙන්න පුළුවන්.

ඒත් ඉතිං රට වට කර වැටක් ගහලා පරිස්සං වෙන්න පුළුවන් කමකුත් නෑනේ. මෙහෙමයි. මීට කළිනුත් දැන් අවුරුදු ගාණක් තිස්සේ එක එක වෙලාවට එහෙ මෙහෙ පොඩි පොඩි හැල හැප්පීම් වෙනකොට ඔන්න එනවා මෙන්න එනවා තුන්වෙනි ලෝක යුද්ධේ කිය කියා අනාවැකි කීවට ඒවා වුණේ නෑ. හැබැයි එහෙමයි කියලා අර කොටියා ආවා වගේ වෙයිද නොවෙයිද කියලා තක්කෙටම කියන්නත් බෑනේ.

මෙච්චර පතරංගයක් ලීවේ එක කතාවක් කියන්න. ඒ තමයි, මේ ලෝක යුද්ධ භීතිකා ලෝකේ පුරා පැතිරෙන එකේ පොඩි යටි අරමුණක් තියනවා කියලා දැනෙන නිසා.
ඔය ගොඩක් අයියලාගේ ලොකුම බිස්නස් වලින් එකක් තමයි අවි ආයුධ. අනිත් පැත්තෙන් බෙහෙත්. ඉතිං.. දැන් ඉතිං ලාවට තේරෙන්න ඕනේ. එක පාරටම ලෝකේ මැද්දට පැණලා කෑ ගහලා කියනවා ‘ඔන්න ලෝක යුද්ධයක් පටන් ගන්නයි යන්නේ. ලෑස්ති වෙන්න ලෑස්ති වෙන්න’ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ. ඔව්. හැමෝම ලෑස්ති වෙනවා. ඒ කොහොමද. යුද්ධෙකට ප‍්‍රමාණවත් විදිහට ආයුධ එකතු කරගන්නවා. අනික් පැත්තෙන් යුද්ධයකදි අවශ්‍ය වෙන බේත් හේත් ටික පොදි ගහ ගන්නවා. එහෙමයි කියලා අල්පෙනෙත්තක් තරම් ආයුධයක්වත් එක බෙහෙත් පෙත්තක්වත් නොමිලේ ලැබෙන්නේ නෑනේ. ඒවා ගන්න වෙන්නේ සල්ලි දීලා. ලෝකේ පුරා කට්ටිය ලෝක යුද්ධෙකට පෙරසූදානමින් එහෙම ආයුධ බෙහෙත් මිලට ගන්නකොට අර මුදලාලිලාගේ මල්ල පිරෙනවා. ඊට පස්සේ ආර්ථිකේ ශක්තිමත් වෙලා බව බෝග පිරී ඉතිරිලා කිරියෙන් පැණියෙන් පිරී ඉතිරිලා සන්තෝසෙන් ජීවත් වෙනවා. මෙච්චර කල් අඩු වැඩි වශයෙන් වුණේ මේක තමයි.

ඒ විතරක් නෙවෙයි. ඔය යුද්ධ යනකොට ‘අනේ ගහගන්න එපා ගහගන්න එපා’ කියලා කිට්ටු කරන සාම ¥තයෝ පවා කරන්නේ බිස්නස් එකක්. එක පැත්තකින් යටින් ඉ`දං දෙපැත්ත කොටවනකොට එළිපිට ඇවිත් කියනවා ‘ගහගන්න එපා අනේ’ කියලා. දැන් ඔය පවුල් ප‍්‍රශ්නයක් හරි පෙම්පළහිලව්වක හරි ප‍්‍රශ්නයක් ඇති වුණාම වුණත් එහෙමනේ. දුක්ගන්නාරාලලා හැටියටත් සාම ¥තයෝ හැටියටත් එන ගොඩක් අයියලා හරි නංගිලා හරි උණත් ඉතිං මීයක් කඩන්න එන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ. නේද. ඇයි දන්නවද පොඩි කොස්සක් ගිය ගමන්ම ඒ ¥තයෝ ඇවිත් වැඬේට මැදිහත් වෙන්නේ. එයාලා බයයි වෙන කවුරු හරි අවංක මැදිහත්කරුවෙක් ඇවිත් ඇත්තටම ප‍්‍රශ්නේ විස`දයි කියලා. එහෙම වුණොත් ඒක දැවැන්ත අලාභයක්නේ.

ඒ වගේම, අපි අමතක නොකළ යුතු තව එකක් තමයි යුද්ධ වලට උඩගෙඩි දෙන ඒවා අවුළුවන දිය යටින් ගින්දර අරගෙන යන බහුජාතික සමාගම් හරි ඒක පුද්ගල ව්‍යාපාර හරි තියෙන්නෙත් අපි ල`ගම තමයි. (මම කියන්නේ ඔය පවුල් පේ‍්‍රම සම්බන්ධතා වගේ ඒවගේ.* ඒ නිසා ගේ ඇතුළේ යුද්ධ ප‍්‍රකාශ කරන්න කළින් ටිකක් පරිස්සමින් යුද්ධ ¥තයෝව කියවන එක තමයි හො`ද. මොකද යුද්ධයක් ප‍්‍රකාශ කළොත් දෙකෙන් එකක් ඉවර වෙනකල් යුද්ධ කරන්න වෙනවා. එහෙම නොවුණත්, අර බිම වැටිලා කැඩුණු බදුනක් වගේ ජීවිතයක් ඊට පස්සේ ඉතිරි වෙන්නේ. ගම් ගාලා අලවලා කඩතොලූ නොපෙණෙන්න ෂෝකේස් එකේ තිබ්බට වතුර පුරවලා තියාගන්න පුළුවන්ද කියලා පොඩි සැකයක් හැම වෙලාවෙම තියනවා.

ඒ නිසා, රටවල් විතරක් නෙවෙයි පවුල් හවුල් පේ‍්‍රම ගනුදෙනු වලදි පවා යුද්ධය ප‍්‍රකාශ කරද්දිත් එහෙම කරන්න කළිං ඔය කියන ආයුධ වෙළෙන්දන්ගෙන්, බෙහෙත් බිස්නස්කාරයින්ගෙන් වගේම සාම¥තයින්ගෙන් පවා ප‍්‍රවේසම් වෙන්න ඕනේ. නැත්තං ඉතිං යුද්ධේ ඉවර වෙන්නේ දෙපැත්තම පැරදිලා මැද උදවිය දිනලා.

‘වෝ ඔෆ් ද ව(ර්)ල්ඞ්ස්’ පොත ලියපු එච්. ජී. වෙල්ස් කියනවා ‘අපි යුද්ධය අවසන් කළේ නැත්තං, යුද්ධය විසින් අපිව අවසන් කරනවා’ කියලා. යුද්ධයක් අවසන් කරන්න පුළුවන් ක‍්‍රම දෙකක් තියනවා. එකක් තමයි හිස ලූ ලූ අතර ගහගෙන දෙකෙන් එකක් ඉවර කරගෙන යුද්ධය අවසන් කරන එක. අනිත් එක තමයි, යුද්ධයක් උපදින්න නොදීම යුද්ධය අවසන් කරන එක.

Bharatha Prabhashana Thennakoon
#BTColumn #MyOpinion

Tuesday, May 9, 2017

රටේ ප්‍රශ්න ඇඳේ ප්‍රශ්න එක්ක පටලවා නොගන්න - ප්‍රංශ මිනිස්සු

ඉමානුවෙල් මැක්‍රෝන්. එයා තමයි ඊළගට ප්‍රංශ ජනාධිපති වෙන්න යන්නේ. එහෙම කියන්නේ සාත්තරකාරයොයි, කට්ටඩියොයි, නූල් පන්නන හුලවාලි ගුරුකම් කාරයොයි නෙවෙයි. ලංකාවේ දේශපාලන අනාවැකි කියන්නේ අර ජාතියේ අය වුණාට ඒ රටවල අනාවැකි කියන්නේ දේශපාලන විචාරකයෝ වගේ අය. ඒවා වැඩක් නෑ. ඉමානුවෙල් මැක්‍රෝන් ගැන ලෝකේ වැඩි දෙනෙක් කතා කරන්න ගත්තේ එයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉස්සරහාම පුටුවක ඉ`ද ගන්න ලාබාලම කෙනා වීම හරි එයා බැංකුකාරයෙක් වීම වගේ දේවල් නිසා නෙවෙයි. එකක් තමයි ඉමානුවෙල්ගේ යෞවන වයස. තාම තිස් නවයයි. අපේ වගේ රටක අවුරුදු තිස් නවයක මිනිහෙක් ජනාධිපතිවරණෙට ඉල්ලන්න ගියොත් පිස්සෙක් කියලා හංවඩු ගහලා සුමානෙට දෙපාරක් අංගොඩ ක්ලිනික් යවයි.
ඒක නෙවෙයි..

අපිට නම් අල්ලලා ගිය මැක්‍රෝන් සම්බන්ධ ආකර්ශනීයම කෑල්ල තමයි ඔහුගේ සහකාරිය පිළිබ`ද කතාව.

මැක්‍රෝන්ගේ හාමිනේ බි්‍රජිට් මැක්‍රෝන්. බි්‍රජිට් ගේ දැන් වයස 64යි. බි්‍රජිට් කියන්නේ මැක්‍රෝන්ගේ නාට්‍ය / නැටුම් ගුරුවරිය. ඇයගේ එක් දියණියක් ඔහුගේ පංතියේම හිටපු ශිෂ්‍යාවක්. බොහෝ අය හිතුවේ මැක්‍රෝන්ගෙයි බි්‍රජිට්ගෙයි සමීප සම්බන්ධය ඇති වෙලා තියෙන්නේ ඇගේ දියණිය, ලොරන්ස් හා ඔහු අතර පෙම් සබදතාවක් පවතින නිසා කියලා. ඒත් කවුරුත් විශ්වාස නොකළ විදිහට මැක්‍රෝන් සහ බි්‍රජිට් අතර රෝමාන්තික ප්‍රේම කතාවක් ගොඩ නැගුණා.

නව යොවුන් වියේ කොල්ලෙක්ව සිටි මැක්‍රෝන් සිය නාට්‍ය ගුරුවරියට පොරොන්දු වුණේ දහඅට වයස් පූර්ණය වූ වහාම ඇයව සහේට ගන්නා බව. එලෙසම නොවුණත් මැක්‍රෝන්ට විසි නවයේ දී ඔහු පනස් හතර හැවිරිදි බි්‍රජිට්ව විවාහ කර ගත්තා.

සමහරු ඉතිං ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා ගෙදර දොරේ උලුවස්සට උඩින් ගහගෙන හිටියත්, මේ වගේ ප්‍රවෘත්ති ඇහෙනකොට මොකද්දෝ ශේෂ වුණු ගෝත්‍රික පංගුවක් එළියට පණිනවා පහුගිය කාලේ අපි දැක්කනේ. අන්තිමේට කතාව ඉවර වුණේ නාකි විසේ වගේ තැනකින්. ඉංග්‍රීසි ඇදහිල්ලක් තියනවා, ඔබ ආදරය කරයි නම් වයස පරතරය අවුරුදු දෙකක් වුණත් තිහක් වුණත් ඒක ගැටළුවක් නැහැ කියලා. ඒ නිසාමයි, ට්‍රම්ප් මුදලාලි මහත්තයා අවුරුදු විසි හතරක් බාල මෙලානියාව සහේට ගත්තේ. ඒ නිසාමයි, මැක්‍රෝන් බැංකු මහත්තයා අවුරුදු විසි හතරක් වැඩිමහල් බි්‍රජිට්ව සහේට ගන්තේ. අපි එහෙම නොකරන්නේ අපිට ඒ වගේ ආදර කතාවක් නැති නිසාම ද එහෙම නැත්තං හිර කර ගත්ත වට කරගත්ත තාප්ප වලින් පැනලා යන්න තියන බය නිසාද. අපිට එහෙම තිබුණක් අපි කටින් කෙළ බිදක්වත් නොහෙලන්නේ කුඩු වෙන්න ගහන බව දන්න නිසා. මෙහෙම හිතන හිත් වලට උරුම වුණේ වනචරයා, කුපාඩියා, වලත්තයා වගේ ගෞරව නාම වලින් සම්මාන ලබන්න. වෙන එකක් තියා මහාමායා දේවියගේ මරණින් පස්සේ සුද්ධෝදන රජ්ජුරුවෝ ඇයගේ නැගණිය විවාහ කර ගෙන දරුවෙක් හැදුවා කියනකොට සාදුකාර දෙන අපි, දැන් එහෙම එකක් වෙලා කියලා පත්තරේක හරි දැක්කත්.... නේද.

මම හිතන්නේ බි්‍රජිට් කියන්නේ දක්ෂ ගුරුවරියක්. ඉතාම දක්ෂයි ඇය. ඇයට පුළුවන් වුණා මැක්‍රෝන්ව පළමුව බැංකුකාරයෙක් දක්වාත් දෙවනුව ජනාධිපති මන්දිරය දක්වාත් මෙහෙයවන්න. ඔව්, මේක අර සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියන ස්ත්‍රී-උත්කර්ෂණවාදී කෝණයෙන් වුණත් ගාල් කර ගන්න පුළුවන්. ඒත්, බැලූ බැල්මටමත් ආකර්ශනීය කඩවසම් පිරිමියෙක් වුණු මැක්‍රෝන් අධිශ්ඨානශීලී මිනිහෙක් කියන එකයි මගේ නම් අදහස. ඒ නිසාමයි, සාමාන්‍යයෙන් මිනිහෙක් අවුරුදු තිස් නවයේදී ලගා කරගත යුතුයි කියලා දින පොතකවත් ලියා නොතබන තරම් උස් කදු ශිඛරයක තියන ඉලක්කයක් වෙත මැක්‍රෝන් ලගා වෙන්නේ. ඔහු එඩිතර මිනිහෙක්. ඔහු ඇයව සේහට ගන්නේ මුළු ප්‍රංශෙ පුරාම මේ වගේ පිරිමියෙක් එක්ක දීගයක් කන්න කැමති රූප සොභාව සහිත අර අපි හිතන ජාතියේ ගැහැණියක් හොයාගන්න නැති කමට නෙවෙයිනේ.
අනෙක් පැත්තෙන්, හැමදාම ගුරුවරු අපිට පෙන්නුවේ ගොඩක් දුර, ගොඩක් උසින් තියන ඉලක්ක. ඔවුන් අපිව ඒ වෙනුවෙන් දිරිගන්වනවා. ඒත් කාලෙකදි අපිට ඔවුන්වත් ඔවුන්ට අපිවත් මගහැරෙනවා. නමුත්, මැක්‍රෝන් වාසනාවන්ත වුණා හීන පෙන්නපු ගුරුවරී සදාකාලික ජීවිත උපදේශිකාවක් කර ගන්න. හැම වෙලාවෙම ඇය හිතන්නේ මැක්‍රෝන්ට වඩා දශක දෙකක් ඉස්සරහින්. ඒ නිසාම ඇගේ හැට හැවිරිදි සංයමික දැක්මත් ඔහුගේ තිස් හැවිරිදි වේගවත් දැක්මත් දෙක එකතු වුණා. තරුණ මැක්‍රෝන්ට පුළුවන් වෙලා තියනවා තිස් පහේදි ඔහුගේ බිරි`ද හරහා හැටක මිනිහෙක් වගේ හිතන්න. ආයේ ආපහු ඇවිත් තිස් පහේ ජවයෙන් වැඩ කරන්න. ඒක හරියට කාල තරණය වගේ වැඩක්.

මේ පෙම් පළහිලව්ව ගැන මැක්‍රෝන් කියන්නේ, "හදවතට උවමනා මොනවද. එය උවමනාය" කියලා. සාලිය අශෝකමාලා වෙනුවෙන් රජකම අත්හරින්නේ ඒ නිසා. කුවේණි රැහැ අතෑරලා විජය ළ`ගට යන්නේ ඒ නිසා. රදල කෙල්ලෝ රොඩී කොල්ලොත් එක්ක පැනලා යන්නේ මේ නිසා. අත්පත් කර ගන්න බැරි වෙනකොට එකට බදාගෙන දියළුමෙන්, දුන්හිදෙන්, රාවණැල්ලෙන් පහළට පැණලා යාල් දේවියට, සමුද්‍ර දේවියට ඛෙල්ල තියලා මැරෙන්නෙත් ඒ නිසා. රට්ටු කොච්චර කතා කීවත් පොඩි කොල්ලෝ වයස ඇන්ටිලාට ආදරේ කරන්නෙත් ඒ නිසා. කොටින්ම විකටර් ශෂිනිව කසාද බ`දින්නෙත් ඒ නිසා. පෙට්‍රල් එන්ජිම ඉල්ලන්නේ පෙට්‍රස් මිසක් හැමෝම ගහන්නේ ඩීසල් නිසා ඔයත් ඩීසල් ගහන්න කියලා ඩීසල් ගහලා හරියන්නෑ. ලාභ නිසා භූමිතෙල් ගහන්නත් බෑනේ. වැරදි තෙලක් ගහලා දුවන්න බැරි වෙනකොට එන්ජින් නම් ගරාජ් වලට දාලා රෙපයාර් කරන්න පුළුවන්. ඒ වුණත් මනුස්ස ජීවිත, හදවත් එහෙම රෙපයාර් කරන්න බෑ. ඒ නිසා "හදවතට උවමනා මොනවද, එය හදවතට උවමනායි".

ඇය තැනක මෙහෙම කියනවා, "අපිට සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් තිබුණේ නති බව ඇත්ත. ඒක තමයි කාලකන්නි සත්‍යය. නමුත්, කිසි වෙලාවක අපේ පවුලේ ආදරය අඩු වුණේ නෑ."

ඒ ඔක්කොම මාරම පුද්ගලිකයි කියමුකෝ. හැබැයි මෙතන තවත් වැදගත් දෙයක් තියනවා. ඒ තමයි ප්‍රංශේ මිනිස්සු. ඇත්තටම සිංහලෙන් හිතන අපිට මේක හිතාගන්නවත් බෑ. මොකද්ද.. මේ වගේ මිනිහෙක්ව තමන්ගේ රටේ ජනාධිපති කරගන්න යන එක ගැන.
ඒකේ තියනවා පොඩි වෙනසක්. අපි නායකයෙක් තෝරනකොටයි එයාලා තෝරනකොටයි හොයන සුදුසුකම් ගැන අවුලක් තියනවා. එයාලා දන්නවා එයාලගේ ජනාධිපති zනාකි ගෑණියෙක්Z කසාද බැදලා හිටියා කියලා එයාලගේ රටට අමුතුවෙන් දෙයක් ඇති වෙන්නෙවත් නැති වෙන්නේ නෑ කියලා. අපේ එහෙමනම් මේ වෙනකොටත් ඇයව දේශපාලන වේදිකාවේ සමූහ දූෂණයට ලක් කරලා. ජනාධිපතිගේ දීපය, දේශය, මව, කුලය, ජාතිය, බිරිය, දරුවෝ, රැවුල වගේ ඒවා මාරම සාධක වෙන්නේ අපිට. එයාලාට වැදගත් වෙන්නේ මැක්‍රෝන්ගේ සිරියහනේ දේශපාලනේ නෙවෙයි. එයාලා දන්නවා මැක්‍රෝන්ගේ සිරියහන ඒ සීමාව අභිබවා නොයන බව.

ප්‍රංශෙට වැදගත් වෙන්නේ මැක්‍රෝන් ජනාධිපති වෙලා මොනවද කරන්නේ කියන එක විතරයි.

Emmanuel Macron.. ඔබට සුභ පැතුම්.

Tuesday, May 2, 2017

සාසනේ පරදින්නේ, බෞද්ධයාගේ 'ඕව්න් ගෝල්ස්' නිසා.

එකක් ඉවර වෙනකොට එකක් ඉවෙන්ට්ස් ගලාගෙන එන නිසා ඇහි පිල්ලමක් ගහගන්නවත් වෙලාවක් නැති වුණත් එකකින් අනික කවලන් කරගන්නැතුව ඒ ඒ වෙලාවට ඒවා සමරන්න අපි දැන් පුරුදු වෙලා. හිතාගන්නත් අමාරුයි. අවුරුදු කාලේ ඇ`දගෙන හිටපු බතික් කමිසේ ගලවලා රතු කමිසේ ඇදගත්තා. ඊට පස්සේ මැයි රැළියට ඇ`දපු රතු කමිසේ ගලවලා දෑකැත්තයි මිටියයි වීසි කරලා නවගුණ වැලයි උතුරු සළුවයි දාගෙන සටන් පාඨ වෙනුවට ධම්මපද ගාථා කිය කිය සක්මන් කරන්නයි අපේ මේ සූදානම. ඒක එක විදිහක අපේ සංස්කෘතික දක්ෂතාවක්.

වෙසක්. සමහරුන්ට මංගල්‍යයක්. සමහරුන්ට උත්සවයක්. කෙනෙක්ට පිංකමක්. තවත් කෙනෙක්ට වැඩන්. තවත් අයට ඉවෙන්ට් එකක්. ඒ විතරක් නෙවෙයි, තවත් කට්ටියකට වෙසක් කියන්නේ සීසන් එකක්. ඉතිං, අපි මේ වෙසක් සමරන්න හදන්නේ වෙසක් කියන නිමිත්තම එක එක පැත්තෙන් තම තමන්ට සමීප කර ගන්න උත්සාහ කරන පසුබිමක. ඒ ඒ අය වෙසක් දිහා බලන්නේ තමන්ගේ කණ්නාඩි වලින්. ආගමික, දේශපාලන, සංස්කෘතික, ව්‍යාපාරික, ප්‍රවර්ධන, ප්‍රචාරණ වගේ විවිධ කෝණ.

කට බැ`දගෙන කලු ඇ`දගෙන නිහ`ඩ විරෝධතා දක්වන ගමන් නැගලා යන ක්‍රිකට් මැච් වල පවා ශේප් එකේ ඉන්න අපි- වෙසක් දාට පෑක්-පෑක් නලා පිඹගෙන, මොටර් සයිකල් හොන් එකේ එල්ලිලා, වේවැල් අතට අරං පාර දෙපැත්තේ ඉන්න කෙල්ලෝ ළමිස්සියන්ට තඩි බබා වෙසක් බලන්න යන්නෙත් මේ කාලෙම තමයි. දන්සලක් දෙන්න කියලා ගම වටේ සම්මාදන් කරපු සල්ලි බාගෙකින් දන්සලක් දීලා ඉතුරු බාගෙන් භාග වලට අත් ගහන්නෙත් මේ කාලෙම තමයි. හෙට අනිද්දා තැබෑරුම් සුරාසැල් වහලා කියලා පත්තරේ දාපුහාම කල් තියා ගෙනත් තියාගෙන හැපනින් එකකට සෙට් වෙන්න හො`ද වෙලාවක් කර ගන්නෙත් මේ කාලෙම තමයි. ඒ විතරක් නෙවෙයි, අහුමුළු වල අංකොන් නම් ඕන තරම්.

සමහර වෙසක් කලාප දැක්කහම, සමහර වෙසක් ඉවෙන්ට්ස් දැක්කහම ඇත්තටම අමතක වෙනවා මේ සමරන්නේ ආගමික සැමරුමක් බව. ඒ සමහර ඒවා ෆුල් හැපනින්. ඩී.ඡේ., කැබරේ ඩාන්ස් වගේ ඒවා විතරයි හිග. ලොකුම එක, හො`දම එක, උසම එක, වටිනාම එක වගේ ඒවා තෝරන්න තියන සමහර තරග ඔලිම්පික් ස්ප්‍රින්ටර් ගේම්ස් වලට වඩා උණුසුම්. සමහර ඒවා රෙස්ලින් මැච් වගේ ඉවර වෙන වෙලාවලුත් නැත්තේම නෑ. ඉස්සරහා පිරිත් දානකොට පාරෙන් අනිත් පැත්තේ කවි බණ දානවා. සමහර තැන් වල කැට පුරවන්නේ, ආධාර එකතු කරන්නේ 154, 138 බස් ලෝර්ඩ් කරනවා වගේ. සීල ව්‍යාපාරයට සිල්වතුන්ගේ සහභාගී වීම ගණන් හදන්නේ මැයි රැළි වල ගණන් හදනවා වගේ. අනිත් පැත්තෙන් ටෙලිවිෂන් සහ සමාගම්. පාරවල් වල වංගුවෙන් වංගුවට වෙසක් කලාප, සර්වඥ ධාතු ප්‍රදර්ශන. රිමෝට් එකෙන් දාන දාන චැනල් එකේ අපේ එක තමයි ඉතිහාසේ ලොකුම එක. මේවා දකිනකොට ඇත්තටම දැනෙන බය තමයි, ලොකු වෙලා ලොකු වෙලා පිම්බිලා මේ ඔක්කොම එකපාර පිපිරිලා යයිද කියලා.

වෙසක්. ආයේ පාරක් මං මේ කල්පනා කළේ වෙසක් කීවහම මොනවද මතක් වෙන්නේ කියලා. ආ.. ඔව්, වෙසක් කූඩු. ගම වටේ ගිහිං ඇළ ඉවුරේ ගං ඉවුරේ තියන උණ ගහක් ගපාගෙන ඇවිත් සුද්ද කරලා කෑලි කපලා කොළ අලවලා උඩ එල්ලපු වෙසක් කූඩු. දැන් ඉතිං ලොකු එක සීයයි. පොඩි එක අසූවයි. චීනා වැඩේ ලේසි කළා. ඒ විතරක්යැ බකට් ටික, බල්බ් වැල්, අනිත් සැරසිලි වගේම වෙස් මූණු, නළා, බක්කා ඔළු ටිකත් චීනා අපිට එවනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ ශ්‍රද්ධාවට අදාල මිලක් රුපියල් වලින් නියම කරන එක විතරයි. දැන් එහෙම කියලා, වරායේ දොරකඩට ගිහිං කඩු කිණිසි අමෝරාගෙන ඉ`දලා හරියන්නෙත් නෑනේ. එහෙම වුණොත් පර්චස් දහයේ දහයේ ක`දවුරු බැ`දගෙන ඉන්න අපිට කූඩුවක්, බකට් එකක්, පහනක්වත් නැතුව වෙසක් සමරන්නයි සිද්ධ වෙන්නේ.

ඉතිං දැන් අපි මොකද කරන්නේ. බුද්ධ දේශනාවට අනුව නම් මේ වගේ දේවල් අරුමයක් නෙවෙයි. zකාලයක් යනකොට බුද්ධ සාසනේ හරය කොටස යට ගිහිං වෙන වෙන කෑලි උඩ එන බව බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියනවාZ කියලා හාමුරුදුවරු සමහර බණ වලදි කියනවා මට ඇහිලා තියනවා. හැබැයි එකක් කියන්න වෙනවා. ඒ තමයි, බුද්ධ සාසනේ හරය කෙළෙසෙන්නේ අප්‍රිකන්, අමරිකන්, ආර්ක්ටික්, ඇන්ටාර්ටික් මිනිස්සු හරි පිටසක්වල ජීවීන් හරි නිසා නොවෙන බව. අපි මේ කරන්නේ 'ඕව්න් ගෝල්ස්' ගහගන්න එක.
ජාත්‍යන්තර වෙසක් උත්සවේ පවා ලංකාවේ සමරන මේ වෙලාව, මේ අවුල් ටික ලෙහාගෙන අලුත් ගමනක් පටන් ගන්න හො`ද වෙලාවක්. බුද්ධාගම හරි බුද්ධ සාසනේ හරි නාස්ති වෙන්නේ හරි පරිහානියට පත්වෙන්නේ හරි අපි අපිම කරන දේවල් නිසා කියලා අපිට පිළිගන්න වෙනවා. එහෙම පිළිඅරගෙන වඩාත් ජනප්‍රිය හෝ වඩාත් ආකර්ශනීය හෝ මාරම හැපනින් හෝ දේ තෝරනවා වෙනුවට, වඩාත්ම ගැලපෙන හා දේශනාවත් එක්ක පෑහෙන දේවල් තෝරන එකයි අපි කළ යුතු වෙන්නේ. එදාට අභියෝගයක් නැතුවම බුද්ධ ශාසනය සුරක්ෂිත වෙයි.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්