Tuesday, April 25, 2017

අනුගත වෙයං. නැත්තං මැරියං.

මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියානේ. මතකද. ඔව්, තාම මතකයි... මේ වෙලාවේ නාය ගියේ කුණු ගොඩ විතරක් නෙවෙයි. කුණු ගොඩත් එක්කම තවත් ගොඩක් දේවල් නාය ගියා. එකක් තමයි මීඩියා. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවයේ අභ්‍යන්තර ගැන හංගගෙන හිටපු යථාර්ථය. බොරු පොර ටෝක් කාර දේශපාලනඥයෝ නාය ගියේ නම් රොත්ත පිටින්. අනිත් කට්ටිය තමයි කුණු ගොඩ ආදායම් මාර්ගයක් කරගෙන හිටපු මාෆියා කල්ලිය. ඒ කියන්නේ ටින් ඛෙලෙක්ක එකතු කරන සෙට් එකේ ඉදලා කුණු ගොඩ විකුණගෙන ඩොලර් - යුරෝ ගෙඩි කඩන සංවිධාන සෙට් එක. ඒ අස්සේ බොර දියේ මාළු පාන පොලිටිකල් පාර්ටීස් සහ ජනහිතකාමී කෘතහස්ථ දේශපාලනඥයෝ.
මේක කියවනකොට තව තව උදාහරණ මතක් වෙයි. ඉතිං මේ කප්පරක් ඒවා තොග ගාණට නාය ගිය අස්සේ මීතොටමුල්ල කියන්නේ ක්ෂුද්‍ර මාතෘකාවක් බවට පත් වෙමින් යන එක දැන් දැන් වලක්වන්න බෑ. එන එන හැටියට ගහ උළුවස්සා කියන්නා වාගේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මිනිස්සු විස`දගන ඉවර වෙනකල් එහෙම මෙහෙට මාරු වෙවී ඉන්න තමයි වෙන්නේ. අපි මෙච්චර කල් කරපු විදිහටම.

දන්නවද?

දන්නවද මිනිහෙක් මැරුණා කීවහම ලංකාවේ මීඩියා කොහොම හරි ඒ මළක`දම හොය හොයා පෙන්නන්න උත්සාහ කරන්නෙත් විදේශ මාධ්‍ය විවිධ සංකේත ටිකකින් විතරක් ඒවා පෙන්නලා නතර වෙන්නෙත් කියලා. අපිට මනුස්සයෙක් මැරුණා කියලා වචනයෙන් විතරක් කීවහම ඇගට දැනෙන්නේ නෑ. අවුරුදු විසිපහක් තිහක් මරණ එක්ක ජීවත් වුණු අපිට මරණයක් කියන්නේ තවත් එක වචනයක් විතරයි. ඒ වේදනාව ගැඹුරට පසාරු කරගෙන දැනේන නම් ඒ නිසල විසිරුණු කාබනික ශරීරය පෙන්නන්නම ඕනේ තමයි. එතකොට ඔය විදේශ මාධ්‍ය කියන ඒවා. ඒ රටවල මිනිස්සුන්ට ඒවා බරපතලෙට දැනෙන්නේ, එහෙම ඒවා ඇහෙන්නේ ජීවිතේ පළවෙනි වතාවට වීම නිසාද.. නෑ. එතන තියෙන්නේ වෙන මොකක් හරි එකක්. අපිට නැති අපේ මීඩියා වලට නැති අමුතු එකක්.

අපේ කැමරා ලේම මස්ම හොයනකොට, උන් හොයන්නේ ලේ මස් නැති තැනක්.

මේ සිද්ධියෙන් ගොඩ ආපු තව එකක් තමයි දේශපාලනඥයෝ කියන කණ්ඩායමේ සාතිශය බහුතරයක් මයික් ඉස්සරහා මාර දාර්ශනිකයින් වුණාට, සිද්ධි කළමණාකරණයේ දී පට්ටම අසමත් බව. කිසි බේදයක් නැතුව හැම පක්ෂයක්ම එකතු වෙලා ආණ්ඩු කරවනවා කීවහම රටේ මිනිස්සු හුරේ දාලා බලයයි ගැම්මයි දෙකම දුන්නේ හැමෝම එකතු වෙලා අපිව ගොඩදායි කියන බලාපොරොත්තුවක් එක්ක. ඒ තනි තනියම මෙච්චර කල් කාටවත් එහෙම කරන්න බැරිවෙලා තිබුණු නිසා. ඒත් මීතොටමුල්ලේ සිද්ධියෙන් පස්සේ, වෙනදා දකින පක්ෂ - විපක්ෂ බහින් බස් වෙනුවට තිබුණේ ගේඇතුළේ කඹ ඇදිලි. අරයා මෙයාටයි මෙයා අරයටයි බෝල පාස් කළා. මේ අසභ්‍ය හැසිරීම් අවසාන වුණේ එක එක්කෙනා වෙනුවෙන් පත්තර පිටු පිටින් පිරීම හැර වෙන දෙයක් වෙලා නෙවෙයි. හැමදාම වගේම, මේ සැරෙත් තුත්තිරි ගහේ හරි එල්ලිලා ගොඩ යන්න අඩ අදුරේ ටෝච් ගහපු හාදයෝ ගැන අනුකම්පාවක් හැර වෙන මොන නම් හැ`ගීමක් උපදින්නද. නේද...

දැන් ඉතිං අපිත් මේ වෙලාවේ වැල යන අතට මැස්ස ගහලා පහළ තැනින්ම දිය බහින්න ඇරලා කොහෙන් හරි මුව හමක් හොයාගෙන ඒකටම තඩි බාලා වැඩක් තියනවද. එහෙම නැත්තං, අපි දාපු ටොපි කොළේ හින්දා තමයි මේ ඔක්කොම වුණේ වගේ පාපෝච්චාරණවාදී අවංකයෙක් වෙලා තේරුමක් තියනවද.

අනිත් හැම එකකට වගේම කාලා වීසි කරන ටොපි කොළේටත් අපිට ජාතික ප්‍රතිපත්තියක් නෑනේ. අපි කරන්නේ ව`දුරෝ ගෙවල් හදනවා වගේ නාය කාලෙට නාය ගැනත්, ගංවතුර කාලෙට ගංවතුර ගැනත්, ගිණි කාලෙට ගිණි ගැනත්, නියං කාලෙට නියං ගැනත් විතරක් නෙවෙයි බඩගිනි වෙලාවට බඩගින්න ගැනත්, ඉස්මුරුත්තාව වෙලාවට ඉස්මුරුත්තාව ගැනත් මොන මොනවා හරි කතා කරන එක සහ මොන මොනවා හරි කරන එක. එහෙම කර කර ඉදලා ඛෙල්ලටම හිරවුණු වෙලාවට ආණ්ඩුව රටවැසියන්ටත් රටවැසියෝ ආණ්ඩුවටත් හති වැටෙනකල් බැණලා බැණලා සතුටින් විසිර යනවා.

ජෙනරේෂන් zවයිZ, ඒ කියන්නේ යං සෙට් එකට මේ වෙලාවේ වෙන විදිහකට වැඩ කරන්න වෙනවා. කාටහරි පෝස්ටරයක් ගහලා, ෆෙස්බුක් එකේ හීනියට කඩේ ගිහිං, එකෙක් වෙනුවට තව එකෙක් ගේන දේශපාලනේ වෙනුවට වෙන විදිහක වැඩක් පටන් ගන්න වෙනවා. zයංZ සෙට් එක ඉස්සරහට ආවට විතරක් මදි, වැඩිහිටි උදවිය zයං බ්ලඩ්Z වලට අවස්ථාවක් දෙන්නත් ඕනේ.

මං කියන්නේ, දෙයක් වුණාට පස්සේ තුන්සිය හැට කෝණෙන් හැරි හැරී පශ්චාත් මරණ පරීක්ෂණ කරනවා වෙනුවට වෙන විදිහේ වැඩක්.

ඒක නෙවෙයි,

ලබන සදුදා මැයි දිනේ හොෙ`ද්. අවුරුද්දක් තිස්සේ අපි දැන දැන විකිණිලා, අපිට හොරෙන් අපි විකිණෙන අමුතු දවස.
අ`ගහරුවාදා හම්ඛෙමු...

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්
Mawbima 2017-04-25

Tuesday, April 18, 2017

දිනුවොත්, දිනපු විදිහ වැඩක් නෑ. පැරදුණොත්, ඒකට හේතු වැඩකුත් නෑ

ජීවත් වෙනවා කියන්නේ, ක්‍රිකට් මැච් එකක විකට් කීපර් කෙනෙක් වෙනවා වාගේ වැඩක්. කිසිම වෙලාවක බෝලේ එන්නේ අපි හිතන විදිහට නෙවෙයි. දේවල් සිද්ධ වෙන්නේ අපි හිතාගෙන ඉන්න පැත්තෙන් නෙවෙයි. ඊළග මොහොත සුභයි කියලා හිතාගෙන ඒකට ලෑස්ති වෙලා ඉන්නකොට එකපාරටම ඔන්න එක්කෝ බවුන්සර් එකක්. නැත්තං පතාර වයිඩ් එකක්. බැරි වෙලාවත් ඒක අතඇරියොත් පිටිපස්සෙන් ආයේ කවුරුවත් අපි වෙනුවෙන් බෝලේ අල්ලන්න ඉතුරු වෙලා නෑ. අනිවාර්යෙන්ම හතරක් තමයි. ෆිෆ්ටි ඕවර් මැච් එකක බෝල 299ක් හො`දට රැකලා තිබුණත් අන්තිම බෝලේ මිස් වෙන්න පුළුවන්. ඒක මැච් එකේ තීරණාත්මකම බෝලේ වෙන්න පුළුවන්.
අනිත් කෙනෙකුට වරදක් වුණොත් එයා ලගට ඊළග බෝලේ එනකල්ම වෙලාව තියනවා ඒ වරද හදාගන්න. වරදම නෙවෙයි. ඒ වරද නිසා ගැස්සුණු හිත හදාගන්න. ඒත් විකට් කීපර් කෙනෙකුට බෝල දෙකක් අතර තියෙන්නේ පොඩි වෙලාවයි. අපේ ජීවිතෙත් එච්චරම තමයි. එකක් ගැන හිත හිත ඉන්න ඒ වෙනුවෙන් මිඩංගු කරන්න ලොකු කාලයක් නෑ. එකක් ඉවර වුණු ගමං ඊළ`ග එකට සෙට් වෙන්න ඕනේ.

ඒක නෙවෙයි.

දැන් අවුරුදු ඉවරයිනේ. අවුරුද්දට දවස් ගාණක් නිවාඩු හම්බුණානේ. උඩිනුත් නිවාඩු තිබිලා යටිනුත් නිවාඩු තිබිලා මැදින් වැඩ කරන දවසක් දෙකක් තිබුණම ඒ දෙකත් එහෙ හෙමෙ කරලා සැන්ඩ්විච් නිවාඩුවකුත් හදාගෙන අත දිගෑරලා ඒ අත්දැකීම් අවුරුද්ද වි`දලා ආයෙත් සාමාන්‍ය වැඩ පටන් ගන්නේ අද නේ. ඔව්.. ඊයේ තමයි. ඊයේ ඉතිං වැඩි වෙලාවක් ගතවෙන්න ඇත්තේ අවුරුදු වල ප්‍රගති සමාලෝචන වලටනේ. ඒක නෙවෙයි, දැන් අවුරුදූ සීසන් ඉවරයි.

අලුතෙන් පටන් ගමු.

අපිට ආයෙත් අලුතෙන් පටන් ගන්න පුළුවන් වෙලාවක් තමයි මේ. ඒක අර සමහර කැම්පේන් වගේ නෙවෙයි. ඒ කියන්නේ හැමදාම පළවෙනි වෙඩි මුරේ තියනවා වගේ ඒවා. අලුතෙන් පටන් ගන්න එක පෝස්ටරේක ගහන ලයින් එකකට වඩා වෙනස්. තොග ගාණට පෙට්ටියක දාලා වළලා දාන්න පුළුවන්- එහෙම කරන්න ඕනේ හැම දෙයක්ම ආයේ අහුමුලු වල කෑලි ඉතුරු කරගන්නේ නැතුව වීසි කරලා දාන්න. මම කියන්නේ වැරදුණු දේවල්, මිස් වුණු දේවල්, මතක් කරන්න හරි ආයේ ආයෙත් දකින්න අකමැති දේවල්. මේ හැම දෙයක්ම. ඒක හරියට විකට් කීපර් කෙනෙක් මෙච්චර වෙලා ආපු හැම බෝලයක්ම අමතක කරලා දානවා වගේ වැඩක්.

හැබැයි එකක් මතක තියාගන්න. මීට කළිං වුණු වැරදි ආයේ ආයෙත් සිද්ධ වෙන්න බෑ. එහෙම වුණොත් ටීම් එකෙන් කැපෙනවා. කොච්චර දක්ෂ ප්ලෙයර් කෙනෙක් වුණත් කිසිම ටීම් එකකට අත්‍යාව්‍ය නෑ. එක්කෙනෙක් අයින් වුණා කියලා ටීම් එකක් නවතින්නේ නෑ. හරියට ඔෆිස් එකකට කිසිම කෙනෙක් අත්‍යාවශ්‍ය සේවකයෙක් වෙන්නේ නෑ වගේ. මේ සිස්ටම් එකටත් කිසිම කෙනෙක් අත්‍යාවශ්‍ය නෑ. අපි ෆෙල් වුණොත් අපිව පැත්තකින් තියලා මේ සිස්සට් එක දුවනවා. ඔයා හරි මම හරි වෙනුවට වෙන කෙනෙක් විකට් කීප් කරන්න දාගෙන ටීම් එක ඊළග මැච් එකට යනවා.

ඒ විතරක් නෙවෙයි.. අපි මේ මොහොතේ ෆෙල් නම් අපේ හිස්ටි්‍ර රෙකෝර්ඩ්ස් කොච්චර හො`ද ද- ලොකු ද කියන එක එච්චර වැදගත් වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි, අපි මේ මොහොතේ හොදට සෙල්ලං කරනවානම්, අපි මීට කළිං කොච්චර ෆෙල්ද කියන එකත් මේ සිස්ටම් එකට අදාල නෑ. ඒකයි කියන්නේ පරණ අන්-කොන් තියාගෙන ඒවා පිරිපහදු කරන්න හිත හිත ඉන්නවාට වඩා- ඒවා නොවුණා සේ හිතලා අපි අලුතෙන් පටන්ගමු කියලා.

අතෑරලා ගිය ගල්ෆ්‍රෙන්ඩ්ලා / බෝයිෆ්‍රෙන්ඩ්ලා ඔයත් අතෑරලා දාන්න. ඒ ගැන වද වෙන එක නවත්තලා අපි අලුත් එකක් ට්‍රයි කරමු. ෆෙල් වුණු එක්සෑම් ටික අමතක කරලා, සබ්ජෙක්ට් එක විතරක් ඔළුවේ තියාගෙන අපි රිපීට් ලියමු. ටිකක් හයියෙන් දුවමු. අපිට දිනන්න උවමනාවක් තියනවානම් අපිම දුවනවා මිසක් වෙන කවුරුත් අපිව ගොඩ දාන්නේ නෑ කියලා මතක තියාගෙන අපි දුවමු.

ඇඩොල්ෆ් හිට්ලර් එයාගේ හමුදාවට හැමදාව කියපු කතාවක් තිබුණා. 'උඹලා දිනුවොත්, මට දිනපු විදිහ වැඩක් නෑ. හැබැයි උඹලා පැරදුණොත්, මට ඒකට හේතු වැඩකුත් නෑ' කියලා. ඇත්තටම අපි දවස ගාණේ පොර බදින මේ සිස්ටම් එකටත් ජීවිත යුද්ධෙටත් මේක අදාලයි. සිස්ටම් එකට වැදගත් වෙන්නේ අපි ඒ ඒ මොහොතේ දිනනවද පරදිනවද කියන අවසාන උත්තරේ විතරයි.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, April 11, 2017

ලයින් එකේ වාද කරමු

මිනිහෙක් කොච්චර පෞරුෂවත්ද කියලා දැනගන්න ඕනේ නම්, ඒ මිනිහත් එක්ක පොඩි සංවාදෙකට පැටලෙන්න ඕනේ. ඕනම පීඩාකාරී සංවාද නිමේෂයක 'මේන් ලයින්' එකේ ස්ථාවරව ඉන්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි.

මේක හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි සුපුරුදු බුකිය. බුකියේ දාන ස්ටේටස් වලට පොස්ට්ස් වලට අදාලව කතාව ආරම්භ වෙන්නේ මාරම දාර්ශනික ප්‍රවේශයකින්. ඇත්තටම ඒවායේ මුල්භාගය අන්තර්ගතයන්ගෙන් බහුලයි. ඒත් පහු පහු වෙනකොට..

ඇයි මෙහෙම වෙන්නේ

සංවාදෙක හරි කතාවක හරි හරයාත්මක බව රඳා පවතින්නේ තමන්ට වඩාත් අවාසි සහගත තැනට කතාව එනකල් විතරයි ද? ඊට පස්සේ මොකද වෙන්නේ. ඔව්, ඊට පස්සේ රටේ නැති මඩ- අවලාද- අසභ්‍ය වචන- පරුෂ වචන- පවුල් ප්‍රශ්න- කයි කතන්දර ගොඩක් අනිත් මිනිහට විරුද්ධව මුදා හරිනවා මිසක් අර සංවාදේ 'ලයින්' එකේ යන්නේ නෑ.

මෙහෙම වෙන එක හේතුවක් තමයි අනිත් කෙනාගේ මතය විඳ දරා ගන්න තියන නොහැකියාව. 'අපි නම් පොයින්ට් එකට කතා කරන්නේ' කියලා ඉඳලා හිටලා පොර ටෝක් එකක් මුදා හැරියට, තමන්ව අභිබවා යන හෝ තමන්ව පරදවන අදහසක් කෙනෙක් කීවොත් ඒක දරා ගන්න අමාරුයි.
දැන් ගන්නකෝ උදාහරණයක් හැටියට විල්පත්තු සංවාදේ. කිසාගෝතමියට නො මළ ගේවලින් අබ ගෝණි පිටින් ලැබුණත්, කුණුහරපයක්- මඩක් පල නොවුණු විල්පත්තු සංවාදයක් මේ බුකියේ කොයි කොණකවත් නෑ. ඒවා එහෙම කියලා තියෙන්නේ- කුඩ්ඩෝ, කසිප්පු මුදලාලිලා, බස් කොන්දොස්තරලා, ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා වගේ අඩු අධ්‍යාපයක් තියන මිනිස්සු නෙවෙයි. මාධ්‍යවේදියෝ, දොස්තරලා, ඉංජිනේරුවෝ, ආචාර්යවරු, දේශප්‍රේමීන්, විරුවන් වගේ අය.

මේ සංවාද වල තව සෙට් එකක් ඉන්නවා, සංවාද අල කරන. කතාව පැත්තකින් යනකොට මැදින් ඇවිත් එක එක්කෙනා එක්ක තියන ඇරියස් කවර් කර ගන්න සෙට්. තව අය පුද්ගලික කෝන්තර පිරිමහා ගන්න. දැන් හිතන්නකෝ පෝර්ට් සිටි වගේ කතාවක කවියෙක් තමන්ගේ අදහස් දක්වනවා කියලා. එතකොට අර මැදින් එන කෙනෙක් කියනවා, 'එලිවැට තියලා කවියක් ලියා ගන්න බැරි මහලොකු කවියා දන්න බම්බුව' වගේ ඒවා- 'පොතක් ලිව්වම උඹ හෙන කෙරුමා කියලද හිතාගෙන ඉන්නේ' වගේ ඒවා. ඊට පස්සේ පෝර්ට් සිටි පැත්තක වේලෙනවා.

මේ වෙනකොට පොදු සංවාද, සාකච්ඡා, හමු වගේ ඒවා ඉතා සීඝ්‍රයෙන් වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙලා. පුද්ගලිකව තමන්ට අවශ්‍ය දැනුම පුද්ගලිකවම එකතු කරගන්න උත්සාහ කරනවා. දෙයක් අහන්න බලන්න ඕනේ නම් යූටියුබ් හරි ෆේස්බුක් හරි ගිහිං එක්කෝ බලනවා. එහෙම නැත්තං කියවනවා. ඒක ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ බණේ ඉඳලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක ප්‍රතිපත්ති දේශනය දක්වාම වලංගුයි. එතකොට දේවල් දැන ගැනීම සඳහා සාමූහික වීම කියන එක නිශ්ක්‍රීය වෙමින් යන්නේ.

ඉතිං..

භෞතික ලෝකයෙන් මේ වගේ දේවල් චුත වෙමින් තියනකොට ඒවාගේ පරාභවය පිහිටන්නේ වර්චුවල් ලෝකේ. ඒ කියන්නේ සෝ්්ෂල් මීඩියා වගේ තැන්වල. ඉතිං ඒ නිසා මේ වේදිකාව පිරිපහදු කර ගන්න එක ගොඩක් වැදගත් වැඩක්. එහෙම නැති වුණොත් සාමූහික ජීවිතයේ දේවල් හුවමාරු කර ගැනීම, සංස්කෘතික ජීවිතයක වටිනාකම් වර්ධනය වීම, දැනුම අත්දැකීම් වගේ දේවල් පෝෂණය වීම ඉතාම ඛේදනීය පැත්තකට හේත්තු වෙනවා.

ඒක නිසා මේ සංවාද වේදිකාව කුණුහරප වලින්, පුද්ගලික එරියස් වලින්, කයි කතන්දර වලින් සහ අසහනකාරයන්ගෙන් බේරාගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි- දේශපාලනය ගැනත් සාහිත්‍ය ගැනත් විද්‍යාව ගැනත් වෙන මොනවා හරි එකක් ගැන මේ වේදිකාවල කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තං හැමදාම බුකී සංවාද අවසන් වෙන්නේ නෙළුම් කුළුණෙන් පටන් අරං ගණිකා මඩමකින්. එහෙම නැත්තං සයිටම් එකෙන් පටන්අරන් කොණ්ඩම් එකකින්. ප්‍රතිපත්ති දේශපාලනය ගැන කතාවකින් පටන් අරන් 'උඹ උඹලැ අම්මගේ දෙවෙනි කසාදේ ළමයෙක්' වගේ අතිශය සංවේදී හා අසම්බන්ධිත කාරණා වලින්.

පළමුව අපි අනෙකාට සවන් දෙමු. ඊට පස්සේ කාරණාවට කාරණාව හප්පමු. ලයින් එකේ ඉඳං වාද කරමු. එහෙම නොවුණොත්, අවසානෙදි සමාජ ජාලා කියන්නේ ලයින් පේළියක්, වත්තක්, මුඩුක්කුවක් වගේ එකක් බවට පත් වේවි.

වෝල්ටයර් (ඒයා දාර්ශනිකයෙක්) කියලා තියනවා, 'ඔබ කියා සිටින දේ සම්බන්ධයෙන් මම කෙතරම් එකඟ නොවූවත් ඔබට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මම දිවිහිමියෙන් පෙනී සිටිනවා' කියලා. නිකමට කොහේ හරි මේක ලියලා තියාගන්න...

~ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, April 4, 2017

බෝලේ දානකොට බෝලෙට ගහන්න ඕනේ.

කෙල්ලෙක්ට කොල්ලෙක් හරි කොල්ලෙක්ට කෙල්ලෙක් හරි ඉන්නවා කියලා දැනගත්තම වැඩිහිටියෝ හරි දෙමව්පියෝ හරි දෙන දාර්ශනික උපදෙස් වල තියන අවසන් හරය තමයි zඉස්සරලා හොදට ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන්Z කියන එක. ඒ විතරක් නෙවෙයි, ඉස්කෝලේ භාහිර වැඩකට ක්‍රීඩාවකට සම්බන්ධ වෙලා හීනියට ඒ වෙනුවෙන් වැඩි බරක් තියනකොටත් කියන්නේ අර කතාවම තමයි.

හරි අපි හිතමු ඔය ඉගෙන ගෙන ඉවර වෙනවා කියන එක වැඩිහිටි උපදේශ සීමා අර්ථයෙන් ගත්තහම කැම්පස් ගිහිං උපාධියක් ගන්නවා වගේ උපරිමයකට යටත් කියලා. උපාධියක් අරං ඉවර වෙලා අපි ලව් කරන්න බලනකොට බ්‍රෑන්ඩ්නිව් තියා හො`ද තත්ත්වයේ රීකන්ඩිෂන් සහකාරයෙක්- සහකාරියක් හොයාගන්න එකම එච්චර ලේසි නෑනේ. (මේක කියවපු ගමං මගෙත් එක්ක පරළ වෙන්න උවමනා නෑ. හොදින් සුපිපුණු සුවද හමන රෝස මලක වුණත් ගිණි පාන්දර වහනකොටයි කිසි බඹරෙක් නොවැහුවත් ගිණි මද්දහනේ වහනකොටයි තියෙන්නේ අත්දැකීම් දෙකක්නේ. ඒකයි..) අනිත් එක අවුරුදු විසි පහේදි- විසි හයේදි දාසයේ දාහතේ වගේ ලව් කරන්න පුළුවන්ද.

හරි ඔය පෙම් පලහිලව් පැත්තකින් තියමුකෝ. අවුරුදු විසි පහේදි අලුතෙන් ක්‍රීඩාවක්, පාසල් මූලික බාහිර වැඩ එහෙම පටන් ගන්න පුළුවන්ද. (ඔව්.. දැන් ඔය වගේ එකකට ඕන තරම් ගූගල් උදාහරණ ඇති. මම මේ කතා කරන්නේ සම්මත උෂ්ණත්ව පීඩන යටතේ හැදෙන සාමාන්‍ය ගෑණු මිනිස්සු ගැන. බහුතරය ගැන.) එකොළහ දොළහ පන්තියේ කරන- රොත්ත පිටින් ගිහිං අල්ලපු පන්තියට ගහලා අතුගාන කොස්ස උස්සන් එන එක, ඩියුටි යන ප්‍රිෆෙට්ස්ලට විසිල් ගහලා හූ කියලා රාජකාරියට බාධා කරන එක වගේ කොලුකම් උගත් බුද්ධිමත් පුරවැසියෙක් හැටියට කළොත් කුදලගෙන ගිහිං එක්කෝ පිස්සන් කොටුවට එහෙම නැත්තං මහඋළු ගෙදරටනේ.
ඉස්කෝලෙන් කට්ටි පණින්න ඕනේ ඉස්කෝලේ යනකොට තමයි. එහෙම නැත්තං ඒ ඇරියස් එක ඔෆිස් වලදි කවර් කරගන්න ගිහිං ඉන්ටර්ඩික් වෙනවා. ඔෆිස් එකෙන් කළිං පැන්නත් බොසාට මාට්ටු නොවී ගේමක් ගහලා ගොඩ දාගන්න අර අත්දැකීම් ගොඩක් වැදගත් වෙයි. මිනිස්සු අ`දුරාගන්න, වැඩක් කරට අරගෙන කරන්න, නායකයෙක් වෙන්න, ලිස්සලා යන්න ඕන තැන්වල ලිස්සලා යන්න, වංගුවක් දාගන්න වෙට්ටුවක් දාගන්න, දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න... ඔව් මේවා සිලබස් කවර් කරලා ඉගෙන ගන්න බෑ. අනික සිලබස් ඉවර කරලා එක්සෑම් ඔක්කොම ගොඩදාලා මුල ඉ`දලා ඉගෙන ගන්නත් බෑ.

මෙහෙමයි...

ජීවිතේ කිසිම දෙයක් ඉගෙන ගෙන ඉවර වෙලා කරන්න කියලා තියා ගන්න හො`ද නෑ. ඒක භයානකයි. ඒ වගේම සමාජ විහිළුවක් වෙනවා. ඒ ඒ වයස්වල කරන්න ඕන දෙවල් ස්වයං සීමිත උපරිමයකට යටත්ව සිද්ධ කරන්න ඕනේ. එහෙම කරන්න දරුවන්ට ඉඩ දෙන්න ඕනේ. තේරෙන සිංහලෙන් තවත් කියනවා නම් අනිත් ළමයි සෙල්ලම් බත් උයනකොට ඉස්සරලා ඉගෙනගන පස්සේ සෙල්ලම් කරමු කියලා කණෙන් ඇදගෙන ගිහිං ශිෂ්‍යත්ව පංතියේ වාඩි කරවලා ටොකු ඇණ ඇණ උගන්නලා විභාගේ පාස් වෙලා ආපහු සෙල්ලම් බත් උයන්න යනකොට අර ළමයි සරුංගල් යවනවා. අර ළමයා අර පිළිවෙළටම කාලෙකදි සරුංගල් අරින්න එනකොට අනිත් ළමයි ඒ ඒ වයසට ගැලපෙන වෙන වැඩක. අවසානේ ඒ ළමයි අත්දැකීම් ටිකක් එකතු කරගන්නකොට අර ළමයා ජීවිතේ මිස් වෙච්ච කෑල්ල ගැන ලතවෙනවා.

සහතික කඩදාසි ටිකක් ඉතුරු වෙච්චි මහ පොළවේ ජීවිතේ හිස් තැන් ටිකක් ඉතුරු කරගෙන ජීවිතේ ගෙවන ළමයෙක් හදනවද නැද්ද කියන එකේ තේරීම තියෙන්නේ අපේ අතේ. (ඒ කියන්නේ මේක කියවන අනාගත අම්මලා අප්පච්චිලා හරි ඔය වගේ තීරණාත්මක තීන්දු ගන්න තව කල් තියන අම්මලාට හරි අප්පච්චිලාට හරි) ක්‍රිකට් වලදි වුණත් බෝලේ දානකොට බෝලෙට ගහන්න ඕනේ. බෝලේ ගියාට පස්සේ ගහන්න හිටපු ෂොට් එක කැමරාවට ගහලා පෙන්නුවාට ලකුණු හම්ඛෙන්නේ නෑනේ. හොද කෝච්ලා හැටියට දෙමව්පියෝ හරි වැඩිහිටියෝ හරි උගන්නන්න ඕනේ රිස්ක් එකක් අරං බෝලෙට ගහන ගමන් විකට් එක තියා ගන්න. ලූස් බෝල වලට එලවලා ගහන්නත් අමාරු බෝල ටික විතරක් ලීව් කරන්නත් කියලා දෙන්න. ඉස්සරලා විකට් එකේ ඉ`දලා පස්සේ ලකුණු ගහපං පුතා කියලා කීවට ඒක කරන්න බෑ.

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්