Tuesday, March 28, 2017

ජනාධිපතිකමට වඩා වරිගේ නායකකම හොඳයි


අපි අත දැම්මා වෙන විදිහක තරුණයින් පිරිසක් ඉන්න තැනකට. අපි කතා කළා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ දෙවෙනි පුතා- ඌරුවරිගේ මුතුබංඩාට.

අපි කෝල් එකක් ගත්තා....
නිහඩ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ...
අලුත් තාලේ සිංදුවක් එක්ක ෆෝන් එක රිං වෙද්දි මුතුබංඩා ආන්සර් කළා.
කොහොමද මුතුබංඩා.

• හො`දින් ඉන්නවා මහත්තයා.
ඊට පස්සේ අපි කතාව පටන් ගත්තා...

ඔයා කොහොමද ඔයාව හදුන්වලා දෙන්නේ
• හැමෝම මාව දන්නේ වන්නිල ඇත්තන්ගේ පුතා විදිහට. එහෙම නැත්තං තිසාහාමිගේ මුණුපුරා හැටියට. තාත්තා නායකයා නිසා ගොඩක් වැඩ එක්ක සම්බන්ධවෙලා කට්ටිය මාව අ`දුරනවා. ඒ වුණාට තාත්තායි සීයායි නැත්තං කවුරුත් මං ගැන දන්නේ නෑ.

ආදිවාසියෙක් හැටියට ඉපදුණු එක ගැන ආඩම්භරයිද?
• ඇත්තටම ආඩම්භරයි. අපේ ජාතිය පරම්පරාව කියලා කියන්නේ අභිමානයක් තියන පරම්පරාවක්. එහෙම ඉපදිලා අපිටත් ඒ උරුමය වෙනුවෙන් වැඩක් කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා.

කොහොමද සීයා ගැන මතකය.
• සීයා ගොඩක් අපේ පරම්පරාව වෙනුවෙන් මහන්සි වෙච්ච කෙනෙක්. එක එක වෙලාවට අපේ පරම්පරාවට ආපු අභියෝග වලදි සීයායි තාත්තයි ආණ්ඩු එක්කත් හැප්පුණා. 83දි අපි ජීවත් වෙන හරිය අභයභූමියක් කරා. ඒ වෙලාවේ අපේ කට්ටියට ඉන්න තැනක් නැති වෙන්න ගියේ. හැබැයි සීයා කට්ටියටම කීවා අපි කොහොමටවත් කැලේ දාලා යන්නේ නෑ කියලා.

පුංචි කාලේ අපිට කතා කියලා දුන්නේ, අපේ පරම්පරාවේ උරුමය, ශාන්තිකර්ම යාග වගේ දේවල් ගැන කියලා දුන්නේ සීයා තමයි. සීයත් එක්ක අපි කැලේ ගිහිං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පොතපතේ ඉගෙනීමක් නොතිබුණාට, සීයාට ලොකු දැනුමක් තිබුණා හැම දෙයක් ගැනම වගේ.

තාත්තයි සීයයි නායකයෝ දෙන්නෙක් හැටියට එකිනෙකාට කොහොමද වෙනස් වෙන්නේ.
• සීයා නායකයා වෙලා ඉන්නකොට තිබුණු සමාජය නෙවෙයි තාත්තා නායකයා වුණාට පස්සේ තියෙන්නේ. සීයාට තිබුණු ප්‍රධානම අභියෝගය තමයි ආදිවාසී ජනතාවගේ පරම්පරාවේ උරුමය වෙච්ච කැලේ අයිතිය ආරක්ෂා කරගන්න එක.

තාත්තා නායකත්වය භාර ගත්තේ එකදාස් නමසිය අනූ අටේදි. සීයාට වඩා ගොඩක් අභියෝග වලට තාත්තට මූණ දෙන්න සිද්ධ වුණා. පරම්පරාව රැකගන්න එක ලොකු අභියෝගයක්. සමාජෙන් එන ප්‍රශ්න වලට උත්තර හොයන්න වුණා. දේශපාලනයෙන් පවා ආපු බලපෑම්වලට තාත්තට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවුරුදු දාස් ගාණක් අපේ උරුමය වුණු කැලේ අයිතියයි නිදහසයි රැක ගන්න එක තමයි ලොකුම අභියෝගය.

ඔබ ආදිවාසී තරුණයෙක්. ඒක අනෙක් තරුණයින්ගෙන් කොහොමද වෙනස් වෙන්නේ.
• කතා කරන විදිහ. අදින පළදින විදිහ වගේ හැම එකක්ම වෙනස්. එයාලා තරගකාරී සමාජේ අලුත් අලුත් දේවල් එක්ක ජීවත් වෙනවා. අපි එහෙම නෑ. පරම්පරාවේ දේවල් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. සමහර වෙලාවට සමානකම් තියනවා. ඒත් උවමනාකම්, හිතන විදිහ එහෙමත් අපි දෙගොල්ලන්ට වෙනස්.

තරුණයෝ ගැන මොකද්ද අදහස
• දියුණු සමාජ පොජ්ජේ කැකුළෝ, හොද වාගේ රදනවා. හැබැයි, ඒ රදව්වට ඒ ඇත්තන්ට ගමං පොජ්ජක් කොදොයි. මේ ඇත්තන්ට හිත්ලානවා- මේ ඇත්තෝ තැනමට කණ්ඩායම් පොජ්ජක් හැටිමට රදාගෙන මාමකැච්චක් වැඩ පොජ්ජ මන්ද කරන්න මේ ඇත්තොන්ට හිත්ලානවා.

මොකද්ද ජීවිතේ තියන ලොකුම සිහිනය.
• ලොකුම හීනේ තමා අපේ පරම්පරාව ආරක්ෂා කරගෙන ඉස්සරහට අරගෙන යන එක. ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කරගෙන යනවා.

වඩා කැමති ගමෙන් පිටත ලෝකයටද. ගමේ ලෝකයටද
• වැඩියෙන්ම කැමති සීයලාගේ ලෝකෙට තමයි. ගමෙන් එළියේ ලෝකේ සංකීර්ණ වැඩියි. හැබැයි 83න් පස්සේ අපිට අපේ තිබුණ නිදහස නැති වුණා. දැන් කැලේ වුණත් අපිට නිදහසක් නෑ.

ෆෙස්බුක් ඉන්නවද. ෆෙස්බුක් ගැන දන්නවද. මොකද්ද අදහස
• මමනං ෆෙස්බුක් නෑ. ඒ ගැන වැඩි දැනීමකුත් නෑ. ඒත් යාලුවෙක්වත් හදලා තියනවාද දන්නෑ. ඒක අපේ සමාජෙට එච්චර ගැලපෙන්නේ නෑ කියලායි මමනං හිතන්නේ.

චිත්‍රපටි බලනවද. කැමතිම නළු නිළියෝ එහෙම කවුද
• අපිට ටීවී නෑනේ. කෙඩිකට හරි කොහේ හරි ගියොත් තමයි අහම්ඛෙන් බලන්නේ. ඒත් බලන ඒවාගෙන් නම් කැමතිම නළුවා ෆ්‍රෙඩී සිල්වා. නිළියක් කීවොත් සබීතා නෝනා (පෙරේරා) තමයි.

සිංදු අහනවද. කවුද කැමති ගායකයෝ මොනවද කැමති සිංදු. ඒ ඇයි.
• සිංදුනං ඇස්සවෙනවා. පොඩි රේඩියෝ එකක් තියනවා ප්‍රවෘත්ති එහෙම අහන්න. වැඩියෙන්ම කැමති අමරදේවගේ නන්දා මාලනීගේ වගේ සිංදු වලට තමයි. ඒවගේ අර්ථය හොදයි කියලා හිතෙනවා. කාට වුණත් අහන්නත් පුළුවන්. අමරදේව මහත්තයාගේ සන්නාලියනේ කියලා සිංදුවක් තියෙන්නේ. ඒක හො`දයි.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ...

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ...

දඹානේ කට්ටිය එන්න එන්න මොඩ් වෙනවද
• සමහර අය මෙහෙට එනකොට එන්නේ නම් අවුරුදු සිය ගාණකට කළිං වගේ කොළඅතු හරි හම් වලින් හරි හදපු ඇදුම් ඇ`දගෙන පොරවක් දාගෙන, දුණු ඊතල එල්ලාගෙන ඇති කියලා හිතාගෙන. එහෙම නෑ. පිරිමි කට්ටිය සරං අදිනවා. ගෑණු කට්ටිය චීත්ත හැට්ට අ`දිනවා.

ගෑණු උදවියවත් ෆැෂන් ගැන උනන්දු නැද්ද.
• ඇ`දුම් පැළදුම් විලාසිතා ගැන එච්චර ගාණක් නෑ. සරමයි අමුඩෙයි ඇදලා උඩට තුවායක් දාන එක තමයි ඉතිං දැන් තියෙන්නේ. ගෑණු කට්ටිය වුණත් ගෙවල් වල එහෙම වැඩ කරගෙන ඉන්න නිසා ඒවට ගැලපෙන ඇ`දුම් අ`දිනවා. ඒ ඇරෙන්න විලාසිතා ගැන එච්චර හිතන්නේ නෑ.

මමනං හිතන්නේ අපේ පරම්පරවාට ගැලපෙන ඇදුමක් ඇන්දම ඇති කියලා. අද මම ඩෙනිමක් ඇන්දොත් හෙට ඊට වඩා හොද එකක් අදින්න වෙනවා. එහෙම කරන්න තරම් සල්ලිත් නෑ. ඒ අපිට ගැලපෙන්නෙත් නෑ.

පෙම්වතෙක්ද. විවාහකද
• මම විවාහ වෙලා ඉන්නේ. පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. නෝනගේ නම ඌරුවරිගේ නිල්මිනී. අපේ පරම්පරාවේ එක එක දේවල් ගැන එයා පොත් එහෙම ලියනවා.

දරුවෝ රැහෙන් එළියට ගිහිං ඉගෙන ගෙන, රස්සා කරලා ජීවත් වෙනවට කැමතිද
• තාත්තා වුණත් කියන්නේ ඉගෙන ගන්න ආස අයට ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න කියලා. එයාලා ඉගෙන ගත්තට ඉස්සරහට ගියාට කමක් නෑ, හැබැයි අපේ පරම්පරාවේ උරුමය ආරක්ෂාකරගෙන ඉස්සරහට යනවානම් තමයි හො`ද. දැනටත් ගමේ ළමයි ඉස්කෝලවල ගිහිං ඉගෙන ගන්නවා.
මේ වෙනකොට ගමෙන් හතර දෙනෙක් කැම්පස් එකට තේරිලා තියනවා. මුලින්ම ගියේ ගුණවර්ධන මහත්තයා. එයා දැන් ගුරුකුඹුරේ ඉස්කෝලේ උගන්නනවා. මේ සැරෙත් සමන්තිකා කියලා ළමයෙක් මහියංගනේ ඉස්කෝලෙන් (මධ්‍ය මහා විද්‍යාලය) කැම්පස් එකට තේරිලා ඉන්නවා.

ඡන්දේ ඉල්ලන්න එහෙම අදහසක් නැද්ද
• මේ ඇත්තන්ට මොනෙක් හරි ආණ්ඩු පොජ්ජෙන් කතා දැම්මොත්, මේ ඇත්තන් කතිර පොජ්ජට මංගච්චන්න හිත්ලානවා. ඒ මංගච්චැව්වත් මේ ඇත්තෝ මේ හැටිමටම ර`දනවා.

සමහර රටවල ආදිවාසී කෝටාවක් තියනවා පාර්ලිමේන්තුවට විශ්වවිද්‍යාල වලට වගේ තැන් වලට.
• එහෙම ක්‍රමයක් තියනවානම් ඒක හො`දයි. ඒ අදහස හොදයි.

ඔය විකුණන ආභරණ, ඇත් දළ අළි කෙ`දි එහෙම ඇත්තටම ඒ කියන ඒවායෙන් හදපු ඒවා නෙවෙයි නේද
• අලි කෙ`දි එහෙමනං අලි සෙල්ලං කරන තැන්වල එහෙම වැටිලා තියනවා. කාටවත් බොරු කියලානං කිසි දෙයක් විකුණන්නේ නෑ. දැන් ඔය කැලේට යන්න තහනම් කරලා තිබ්බත් අපේ කට්ටිය කොහොම හරි ගිහිං මුවෙක්, ඌරෙක්, ගෝනෙක් එහෙම දඩයම් කරගත්තම ඒ දත් වලින් අං වලින් එහෙම සමහර ඒවා හදනවා. ඒත් ඒවා ඇත්ත කියලා තමයි විකුණන්නේ.

වැදිගම්මානේ කියන්නේ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් විතරයි නේද. හොදට හදපු ගෙවල්-දොරවල් ගම මැද්දේ තියනවා නේද
• අපේ ගෙවල් මැටි ගහපු ගෙවල්. ඒක එක ආධාර වලින් හම්ඛෙලා උළු වහපු ගෙවල් දෙක තුනක් තියනවා. ඒවත් හදලා තියෙන්නේ මැටි ගහලා.
ලංකාවේ දේශපාලනය ගැන මොකද හිතන්නේ?
• හැම දෙයක්ම දේශපාලනේනේ. ඒක නිසා ආණ්ඩු කරන එක නීති හන එක එහෙම හැම දෙයක්ම දේශපාලනේ කියලා තමයි මම දන්න තරමට හිතෙන්නේ.

ඉස්කෝලේ ගිහිං තියනවද?
• මම දවය වසරට ගිහිං තියනවා. දඹානේ ඉස්කෝලෙට තමයි ඉස්කෝලේ ගියේ. ඒ කාලේ ගත්ත දැනුම පාවිච්චි කරලා යම් දෙයක් කරන්න පුළුවන් වෙලා තියනවා. ඒ වගේම අපි හරි විනෝදෙන් හිටියා ඒ කාලේ. සාමාන්‍ය පෙළ ලියන්න මාසයක් දෙකක් විතර තියනකොට ඉස්කෝලේ ගමන නැවතුණා. ඊට වඩා එහාට ඉගෙන ගන්න උවමනාවක් තිබුණේ නෑ.

පිටරට ගිහිං තියනවද?
• මමනම් එක පාරයි ගිහිං තියෙන්නේ. දඹදිව ගියා තාත්තත් එක්ක. ඒත් තාත්තා නම් රටවල් හතකට අටකට වගේ ගිහිං තියනවා.

බදින්න කළිං ආදරය කළාද
• ඔව්. අපි දෙන්නා විවාහ වුණේ මම දහයේ පංතියේ ඉන්නකොට. මුළින්ම සම්බන්ධෙ පටන් ගත්තේ අට වසරේදි. අවුරුදු දෙකක් විතර ආදරේ කළා. ඊට පස්සේ ගෙදර දෙමව්පියන්ට කීවට පස්සේ ඒකට කැමති වුණා. ඊට පස්සේ අපි විවාහ වුණා.

අලුත් තාක්ෂණය අත්විදින්න කැමති නැද්ද
• අකමැත්තක්ම නෙවෙයි. අපිට එහෙම අවශ්‍යතාවක් තිබුණත් ඒකට වත්කමක් නෑ. හැකියාවක් නෑ. සමහර දේවල් අපිට අවශ්‍ය වෙන්නෙත් නෑ. දැන් ගොඩක් අය දර හිග ණිසානේ විදුලියෙන් ගෑස් වලින් උයන්නේ. අපිට ඔ්න තරම් දර තියනවා.
තෝරා ගැනීමක් කරන්න අවස්ථාවක් ලැබුණොත් වඩාත් කැමති ජනාධිපති වෙන්නද වරිගේ නායකයා වෙන්නද?
මං කැමතියි අවස්ථාවක් ලැබුණොත් වරිගේ නායකයා වෙන්න. දැනට අපේ අයියා තමයි තාත්තගෙන් පස්සේ වරිග නායකයා වෙන්නේ අපේ පරම්පරාවේ සම්ප්‍රදායේ හැටියට. ඒත් කාලෙකදි අයියා තීරණය කළොත් මටත් අවස්ථාවක් දෙන්න, මම කැමතියි ඒ වගකීම භාර ගන්න. අපේ ක්‍රමය තමයි පවුලේ වැඩිමලාට තමයි නායකත්වය යන්නේ. වැඩියෙන් කැමතියි ජනාධිපති වෙනවට වඩා වරිගේ නායකයා වෙන්න. ඒත් පත් වෙන කෙනාට සහයෝගය උපරිමයෙන් දීගෙන වැඩ කරනවා.

අවස්ථාවක් ලැබුණොත් ජනාධිපති වෙන්න. මොකද්ද මුළින්ම කරන්නේ?
• අම්මෝ... ඒක හරිම ලොකු වගකීමක්. බැරිවෙලාවත් එහෙම වුණොත් මුළින්ම හැම ජනතාවක්ම හැම කණ්ඩායමක්ම නියෝජනය වෙන විදිහට කණ්ඩායමක් පත් කරගෙන ඒ අයගේ උපදෙස් අනුව රට පාලනය කරනවා. ඒ අදහස් අරගෙන හොද නරක තෝරා ඛේරාගෙන ඉස්සරහට වැඩ කරනවා.

ඔයා තරුණයෙක් විදිහට අවසාන වශයෙන් මොකද්ද අනිත් අයට කියන්න තියෙන්නේ
• මේ ඇත්තන්ට කතා දමන්න තිඛෙන්නේ, කැකුළෝ හැටිමට ර`දන හැම කැකුළෙකුටම ඒ ඇත්තන්ට හිත්ලාන හැටිමට, සමාජ පෙජ්ජෙන් මංගච්ඡන එකමට කොදොයි. ඒ ඇත්තෝ තීරණ පොජ්ජක් මන්ද කරගෙන මංගච්ඡන එකම තමයි හො`ද වාගේ කියන්නේ.. ඒ ඇත්තෝ මංගච්ඡන හැම එකමක්ම මන්ද කරගත්තොත් ගැටළු පොජ්ජක් මන්ද වෙනවා. ඒ තැන කොදොයි. ඒ ඇත්තන්ට හිත්ලාන, ඒ ඇත්තන්ට ගැලපෙන පොජ්ජක් මන්ද වෙන එකමවල් මන්ද කරගෙන මංච්ඡනවානම් මාමකැච්චක් හොදමයි

|| කතාදැම්මේ Bharatha Prabhashana Thennakoon

No comments: