Friday, March 31, 2017

පක්ෂයේ තරුණ පරපුරට දේශපාලනය ඉගැන්වීමට තීන්දු කිරීම; "පමා වී හෝ දේශපාලන වසන්තයක් උදාවෙතැයි අපේක්ෂා තබා ගත හැක"

පක්ෂයේ තරුණ පරපුරට දේශපාලනය ඉගැන්වීමට තීන්දු කිරීම;
"පමා වී හෝ දේශපාලන වසන්තයක් උදාවෙතැයි අපේක්ෂා තබා ගත හැක"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන අධ්‍යාපන පීඨයක් හෙවත් පොලිටිකල් ඇකඩමියක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. කිසි තර්කයකින් තොරවම එය ඉතා ප්‍රශංසනීය කටයුත්තකි. පමා වී හෝ රටට දේශපාලන වසන්තයක් උදා වෙතැයි යාන්තමින් හෝ අපේක්ෂා තබා ගත හැකි තීන්දුවකි.

මෙවැනි සංකල්ප යහපාලන මූලධර්මයන් සාක්ෂාත් කර ගැනීමේ දී අත්‍යාවශ්‍ය සාධක වේ. යහපාලනය පිළිබද මූලික ඉගැන්වීමේ දී හමුවන සාධාරණ මැතිවරණ, ජනතා නියෝජනය හා පාලන සහභාගීත්වය යන අංගයන් සැල්කීමේ දී දේශපාලනය ඇකඩමික පසුබිමකින් ඉගෙන ගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. දේශපාලනික අවබෝධයක් හා ශික්ෂණයක් නොමැති පිරිසකට නායකත්වය දෙමින් අනෙකාගේ නියෝජිතයෝ විය නොහැක. එසේම, සෙසු බහුතරයක් වෙනුවෙන් තනිව සහභාගී විය නොහැක. එපමණක් නොව නීතියේ පාලනය, ප්‍රතිචාර දැක්වීම, ආචාරශීලී පැවැත්ම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව, විවෘත හා විනිවිදභාවය වැනි ගැඹුරු යහපාලන සංකල්පයන් ක්‍රියාත්මක කිරීම ඔ්නෑම ගොනෙකුට කළ හැකි ඒවා නොවේ. අවම වශයෙන් ඒ ඒ මූලධර්මයන් මගින් අපේක්ෂා කරන්නේ කුමක්දැයි පවා නොදැන කෙසේ නම් යහපාලනය ක්‍රියාක්මක කරන්නද. එපමණක් නොව වෘත්තීයභාවය, නිර්මාණශලීභාවය, දිගු කාලීනබව හා ප්‍රතිපත්ති වල තිරසාර බව, විධිමත් මුල්‍ය හා රාජ්‍ය කළමණාකාරණය වැනි දේ යහපාලනයේ කේන්ද්‍රීය හරයන් වනවා සේම ඒවා ස්වයං ඥාණයෙන් පහළ නොවන පුළුල්ව උගත යුතු දේය. දේශපාලන විද්‍යාවට හෝ විශ්වවිද්‍යාලයේ වෙනත් විෂයකට යාන්තමින් අත ගා තිබුණ ද එවැන්නක් පාලනයේ දී භාවිත වන ආකාරය සම්බන්ධයෙන් ඇගඩමික පසුබිමකින් හැදෑරීම උපරිම ඵල නෙළීම කෙරෙහි ඇති කරන්නේ ඉහළ දායකත්වයකි. ඒවා නිසි ලෙස ඉගෙනගත් පසු අත්දැක අවබෝධ කරගැනීමෙන් පසු ජාත්‍යන්තර කුමන්ත්‍රණ, පාවාදීම්, රට විකි”ම වගේ ජනප්‍රිය සටන්පාඨ වලින් එහා ගොස් විද්‍යානුකූල සංවාදයකට මුල පිරිය හැකි වනු ඇත.

එසේ වන්නේ ඇයි...

ගෙවුණු දශක ගණනාව පුරාම රට පාලනය කළ පාලකයින් විසින් විවිධ සාධනීය හා නිෂේධනීය දේ රටට දායාද කළ බව සැබෑවකි. සර්ව සාධනීය හෝ සර්ව නිෂේධනීය පාලකයෝ හෝ නායකයෝ කොහේවත් පහළ වී නැත. පහළ වන්නේ ද නැත. අසංස්කෘතික දේශපාලන සංස්කෘතිය ද නායකයෝ හා පාලකයෝ විසින් එසේ උරුම කර දුන් නිෂේධනීය ජාතික උරුමයකි. ජාතික උරුමයකැයි කියා සිටින්නේ, ඔවුනොවුන්ගේ අනුප්‍රාප්තිකයෝ ද පූර්වගාමීන් මෙන්ම එම ඍණාත්මක ලක්ෂණයක් කර පින්නාගෙන යුග යුග තරණය කිරීම විනා කිසිවෙක් එය උරෙන් බිම තබා පාගා සුණු විසුණු කොට සංස්කෘතික හා විනයවත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අඩිතාලමක් දැමීමට ද තිරසාර වැඩසටහනක් වෙනුවෙන් ද පියවර නොගත් නිසා ය.

කෙනෙකුට පොලිටිකල් ඇකඩමියක් හරහා ඉගැන්වීමට දේශපාලනයක් නැතැයි සිතෙන්නට පිළිවන. තාත්තාගෙන් පුතාටම ස්වාමියාගෙන් බිරිදට ද මවගෙන් දියණියට ද මාමාගෙන් බෑණාට ද සොර සැමියාගෙන් සොර අඹුවට ද වශයෙන් පඹ ගාලක පැටලී නමුත් පරවේණි හෝ පොල්මක්කාර උරුමයක් ලෙස පවතින දේශපාලනයේ ඉගෙන ගැනීමට ඇත්තේ කුමක්දැයි සිතෙන්නට පිළිවන. ප්‍රතිපාදන වලින් ප්ලාස්ටික් පුටු ටිකක් ඛෙදා- ටකරන් ඛෙදා බහුකාර්ය ගොඩනැගිල්ලක් සාදා කරනු ලබන දේශපාලනයේ ඉගෙන ගැනීමට ඇත්තේ කුමක්දැයි සිතෙන්නට පිළිවන.

පහළ මෙන්ම ඉහළ ද බොහෝ දේශපාලනඥයෝ රටේ හතර මායිම දන්නේ නැත. ව්‍යවස්ථාවක් නීතියක් රීතියක් රෙගුලාසියක් ක්‍රමවේදයක් දන්නේ නැත. සිතා සිටින්නේ මැති ඇමතිවරු වූ පමණින් සියල්ල කළ හැකි බවය. දේශපාලන දර්ශනයක්, ආර්ථික දර්ශනයක් හෝ වෙනත් දේ ගැන තැකීමක් ඇත්තේ ම නැති තරම්ය.

දේශපාලනය ඉගැන්විය යුත්තේ එනයිනි. එසේම, ජනතාවක් තබා හරක් පට්ටියක් හෝ පාලනය කිරීමට මැදිහත් වන්නෙක් වේ නම් ඔහු හෝ ඇය ඒ පිළිබද න්‍යායික හා ප්‍රායෝගික පරිචයක් ලබා ගත යුතුය. ඇතැම් අයගේ විශ්වාසයේ හැටියට දේශීය හෝ විදේශීය උපාධියක්, පාඨමාලාවකින් ලබා ගත් ඩිප්ලෝමාවක් වැනි එකක් ඇති නම් එතැනින් එහා ඉගෙන ගන්නට දෙයක් නැත. තමන් සියල්ල දන්නේය. ඔවුන් පමණක් නොව, සල්ලි තියනවා නම් බලය තියනවානම් ඉගෙන ගැනීමට දෙයක් නැතැයි සිතා සිටිති. එක් පැත්තකින් කල්පනා කරන විට ඔවුන් දන්නා ඔවුන් හුරු පුරුදු වූ දේශපාලනය එයයි.
අළුයම අවදි වී මෙම සංස්කෘතිය වෙනස් කළ යුතුයැයි කල්පනා කර සවස් වන විට මුළු ක්‍රමය ම පරිවර්තනය කරමින් ධවල වර්ණ යුගයක් උදා කළ නොහැක. එය දිගුකාලීන හා සූක්ෂම වැඩපිළිවලකි. ඉවසීමෙන් යුතුව කළ යුත්තකි.

අප කොතැනද

ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ පාලකයින් හා නායකයින් වීමට පෝළිමේ සිටින්නන්ට අවශ්‍ය දැනුම, අවබෝධය, අත්දැකීම් හා පරිචය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන්නේ නව යොවුන් වියේ පටන් වීම විශේෂත්වයකි. ඇදුම් පැළදුම ගමන බිමන කතා බහ සිට ව්‍යවස්ථා සම්පාදනය, ජාත්‍යන්තර වෙළද කටයුතු, මුල්‍ය හා ආරක්ෂක වැනි සෑම විෂයක්ම කෙරෙහි තම අනාගත නායකයින්ට අවබෝධය ලබා දෙන්නේ මේ ඇකඩමි හරහාය. ඔවුන්ට දේශභ්‍යන්තරිකව මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද ඒ අවබෝධය ලබා දීමට ඔවුහු පසුබට නොවෙති. ඒ වෙනුවෙන් විශාල ප්‍රමාණයෙන් මුදල් පවා වෙන් කරනුයේ එය දැවැන්ත ආයෝජනයක් වන හෙයිනි. අප දශක ගණනක් පුරා සිදු නොකළේද එම ආයෝජනයමය. අප නොසිතුවේද ඒ ගැනමය. රටක් ලෙස කළ යුතු මෙවැනි කටයුත්තකට තමන්ගේ පක්ෂයෙන් හෝ ආරම්භයක් ලබා ගැනීම ජනාධිපතිවරයා වෙත යළිත් ප්‍රශංසාව පුද කළ යුතු කාර්යයකි.

2012 වසරේ දී ඉන්දියානුවකු වන වින්සන් පලතින්ගල්ගේ මූලිකත්වයෙන් එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පළමු දේශපාලන ඇකඩමිය ආරම්භ කළේ තම රටට දේශපාලන නායකයින් නිපදවීමේ අභිලාෂය පෙරදැරි කර ගනිමිනි. දේශපාලනකළමණාකරණය, නීති හා ව්‍යවස්ථා කටයුතු , ක්‍රමෝපාය සංවර්ධනය, උපක්‍රමික මහජන සබදතා සංවර්ධනය සහ ගැටුම් කළමණාකරණය වැනි විෂයන් පිළිබද අදටත් එහි ඉගැන්වීම් සිදු කෙරේ. ඒ මතු දිනක දූෂිත ඉන්දියානු දේශපාලනය වෙනුවට පරිණත නායකයින් ජනිත කරවාගැනීමේ අධිශ්ඨානයෙනි. ඉන්දියාව සිය දේශපාලන ආර්ථික විද්‍යාලය පිහිටවනු ලැබූයේ 1970 තරම් ඈත අතීතයේ දී ය. ඔවුහු 2006 දී දිල්ලියේ පිහිටි දේශපාලන නායකත්ව ආයතනය ආරම්භ කළේය. මේ හැරුණු විට ජාතික හා ප්‍රාන්ත මට්ටමින් පිහිටුවා ඇති මෙම වර්ගයේ ඇකඩමි හා උසස් අධ්‍යාපන ආයතන සිය ගණනකි.

නමුත්, ඉන්දියාවට මාස කිහිපයකට පමණක් වයසින් බාල ස්වදේශීය දේශපාලනයකට හිමිකම් කියන අප අද වන විට මේ අංශයෙන් ඔවුන්ට වඩා සිටින්නේ ගව් ගණනක් පසුපසිනි.

ජනාධිපතිවරයාගේ පොලිටිකල් ඇකඩමි සංකල්පය වඩා වැදගත් වන්නේ ඒ නිසාය. සමස්තය දේශපාලනීකරණය වූ පොළවක සමස්තයේ ගමන දේශපාලනය මත තීරණය වන පොළවක, මේ සා විශාල පරිවර්තනයක් සිදු විය යුතු නම් එය ආරම්භ විය යුත්තේ ද දේශපාලන පරිවර්තනයක් ලෙසිනි. එම පරිවර්තනය සදහා ප්‍රතිසංස්කරණය කළ යුත්තේ ද දේශපාලන ක්ෂේත්‍රමය. එනම් ප්‍රාදේශීය සභාව, පළාත් සභාව මට්ටමේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම අංශයකම මේ විනය යළි ස්ථාපිත කළ යුතුය. එය හුදු පුද්ගලබද්ධ ගුණාංගයක් පමණක් නොව, සමූහ ආචාරශීලීත්වයක් ලෙස ප්‍රගුණ කළ යුතුය.

මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස අපේ දරු මුණුපුරන්ට හෝ ගණිකාවන් මැඩම්ලා හා ඩීලර්ලා, කුඩු කසිප්පු ගංජා මුදලාලිලා, ස්ත්‍රී දූෂකයින් මංකොල්ලකාරයින් පාතාලයින් හා හෙංචයියන් වෙනුවට රාජතාන්ත්‍රිකයින් හා නායකයින් විසින් ඉහළ සිට පහළට පාලනය කරන රටක ජීවත් වීමේ වාසනාව උදා වනු ඇත. එසේම, දියාරු වී ගිය හරසුන් වාචාල හිස්බස් ඇති නූගත් සංවාද වෙනුවට හරවත් වැදගත් සංවාද දැක ගැනීමට හැකි වනු ඇත. පාර්ලිමේන්තුවේ දී අම්මා මුත්තා අමතා අසැභි වචන කියා සෙංකෝලයරැගෙන දිවීම වෙනුවට දියුණු දේශපාලන උපක්‍රම හා ප්‍රවේශයන් තුළ ප්‍රශ්න විසදනු දැක ගත හැකි වනු ඇත.

අණපනත්, නීති, ව්‍යවස්ථා, පරමාධිපත්‍ය, ස්වාධිපත්‍ය වැනි වචන මහප්‍රාණ බර කර මිමිණුව ද නීති සම්පාදකයින් ලෙස ඔවුන්ට ඇත්ත වශයෙන්ම ඒ විෂයන් පිළිබද ඇත්තේ අඩු අවබෝධයක් බව ප්‍රාදේශීය සභාවේ දී පළාත් සභාවේ දී පමණක් නොව පාර්ලිමේන්තුවේ දී පවා දක්නට හැක. එවැනි විෂයන් ගැන බොහෝ අය ඉගෙන ගන්නේ පාර්ලිමේන්තුවේ ද ටික කාලයක් සිටි පසුවය. ලේකම්වරු ලියා දෙන කතා කියවීම තුළින් පමණක් ඥාණ පාලකයක් විය නොහැක. ඇතැම් දේශපාලනඥයින් පවා අධිකරණය තීන්දුවක් දුන් පසු උසාවි වලට ගල් ගසන්නේ, විනිසුරුවරුන්ට බැණ වදින්නේ, චූටි නෝනා ඛේබි නෝනා කියා අගවිනිසුරුවරුන්ට පවා කොලොප්පම් කරන්නේ මේ නූගත් බවේ අතුරු මුහුණතක් ලෙසය. මේවා වෙනස් කළ යුතුය. ඒ ඒ වේලාවේ ඒ ඒ ගැටලුවලට විසදුම් දෙනාව් මෙන්ම ඒවා වෙනුවෙන් තිරසාර විසදුම් දිය යුතුය.

පෙර කී පරිදි මෙට අද අරඹා හෙට ඵල නෙළිය හැකි දෙයක් නොවේ. තවත් දශක කීපයක් ගත වේවි. සැබෑවටම මේ වටිනාකම් ඵල දරණ විට ඔබත් මමත් මියගොස් සිටිනු ඇත. නමුත්, අපේ දරුමුණුපුරන්ට හෝ මේ වසන්තයේ පහස නෙලාගනු හැකි වනු ඇත.

එහෙයින්, ජනාධිපතිවරයා තම මහගෙදරින් ආරම්භ කිරීමට සූදානම් වන මේ දේශපාලන වෙනසට සුභ පැතිය යුතුය. එසේම, මෙය තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් සිදු වන දිගු පිම්මක් වනු ඇත. යහපාලනය යහපාලනය කියමින් හන්දි ගාණේ මොර දීම වෙනුවට යහපාලනය තහවුරු කිරීමට ප්‍රායෝගික යාන්ත්‍රණයක් දියත් කිරීම වඩාත් ප්‍රශංසනීය වේ. ඩාලි පාරෙන් ඇරඹෙන මේ දේශපාලනය සංස්කෘතිකව හීලෑ කිරීමේ හා විනයවත් කිරීමේ වැඩපිළිවල සිරිකොතට ද පැලවත්තේ ජවිපේ කාර්යාලයට ද එතැන් පටන් ගම් දනව් වල පිහිටවෙන සෑම සාමූහික සංවිධානගතවීමකටම පූර්වාදර්ශයක් වේවා.

Bharatha Prabhashana Thennakoon
#lka #BTColumn #Maithri #Youth

Tuesday, March 28, 2017

ජනාධිපතිකමට වඩා වරිගේ නායකකම හොඳයි


අපි අත දැම්මා වෙන විදිහක තරුණයින් පිරිසක් ඉන්න තැනකට. අපි කතා කළා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ දෙවෙනි පුතා- ඌරුවරිගේ මුතුබංඩාට.

අපි කෝල් එකක් ගත්තා....
නිහඩ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ...
අලුත් තාලේ සිංදුවක් එක්ක ෆෝන් එක රිං වෙද්දි මුතුබංඩා ආන්සර් කළා.
කොහොමද මුතුබංඩා.

• හො`දින් ඉන්නවා මහත්තයා.
ඊට පස්සේ අපි කතාව පටන් ගත්තා...

ඔයා කොහොමද ඔයාව හදුන්වලා දෙන්නේ
• හැමෝම මාව දන්නේ වන්නිල ඇත්තන්ගේ පුතා විදිහට. එහෙම නැත්තං තිසාහාමිගේ මුණුපුරා හැටියට. තාත්තා නායකයා නිසා ගොඩක් වැඩ එක්ක සම්බන්ධවෙලා කට්ටිය මාව අ`දුරනවා. ඒ වුණාට තාත්තායි සීයායි නැත්තං කවුරුත් මං ගැන දන්නේ නෑ.

ආදිවාසියෙක් හැටියට ඉපදුණු එක ගැන ආඩම්භරයිද?
• ඇත්තටම ආඩම්භරයි. අපේ ජාතිය පරම්පරාව කියලා කියන්නේ අභිමානයක් තියන පරම්පරාවක්. එහෙම ඉපදිලා අපිටත් ඒ උරුමය වෙනුවෙන් වැඩක් කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා.

කොහොමද සීයා ගැන මතකය.
• සීයා ගොඩක් අපේ පරම්පරාව වෙනුවෙන් මහන්සි වෙච්ච කෙනෙක්. එක එක වෙලාවට අපේ පරම්පරාවට ආපු අභියෝග වලදි සීයායි තාත්තයි ආණ්ඩු එක්කත් හැප්පුණා. 83දි අපි ජීවත් වෙන හරිය අභයභූමියක් කරා. ඒ වෙලාවේ අපේ කට්ටියට ඉන්න තැනක් නැති වෙන්න ගියේ. හැබැයි සීයා කට්ටියටම කීවා අපි කොහොමටවත් කැලේ දාලා යන්නේ නෑ කියලා.

පුංචි කාලේ අපිට කතා කියලා දුන්නේ, අපේ පරම්පරාවේ උරුමය, ශාන්තිකර්ම යාග වගේ දේවල් ගැන කියලා දුන්නේ සීයා තමයි. සීයත් එක්ක අපි කැලේ ගිහිං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පොතපතේ ඉගෙනීමක් නොතිබුණාට, සීයාට ලොකු දැනුමක් තිබුණා හැම දෙයක් ගැනම වගේ.

තාත්තයි සීයයි නායකයෝ දෙන්නෙක් හැටියට එකිනෙකාට කොහොමද වෙනස් වෙන්නේ.
• සීයා නායකයා වෙලා ඉන්නකොට තිබුණු සමාජය නෙවෙයි තාත්තා නායකයා වුණාට පස්සේ තියෙන්නේ. සීයාට තිබුණු ප්‍රධානම අභියෝගය තමයි ආදිවාසී ජනතාවගේ පරම්පරාවේ උරුමය වෙච්ච කැලේ අයිතිය ආරක්ෂා කරගන්න එක.

තාත්තා නායකත්වය භාර ගත්තේ එකදාස් නමසිය අනූ අටේදි. සීයාට වඩා ගොඩක් අභියෝග වලට තාත්තට මූණ දෙන්න සිද්ධ වුණා. පරම්පරාව රැකගන්න එක ලොකු අභියෝගයක්. සමාජෙන් එන ප්‍රශ්න වලට උත්තර හොයන්න වුණා. දේශපාලනයෙන් පවා ආපු බලපෑම්වලට තාත්තට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවුරුදු දාස් ගාණක් අපේ උරුමය වුණු කැලේ අයිතියයි නිදහසයි රැක ගන්න එක තමයි ලොකුම අභියෝගය.

ඔබ ආදිවාසී තරුණයෙක්. ඒක අනෙක් තරුණයින්ගෙන් කොහොමද වෙනස් වෙන්නේ.
• කතා කරන විදිහ. අදින පළදින විදිහ වගේ හැම එකක්ම වෙනස්. එයාලා තරගකාරී සමාජේ අලුත් අලුත් දේවල් එක්ක ජීවත් වෙනවා. අපි එහෙම නෑ. පරම්පරාවේ දේවල් ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. සමහර වෙලාවට සමානකම් තියනවා. ඒත් උවමනාකම්, හිතන විදිහ එහෙමත් අපි දෙගොල්ලන්ට වෙනස්.

තරුණයෝ ගැන මොකද්ද අදහස
• දියුණු සමාජ පොජ්ජේ කැකුළෝ, හොද වාගේ රදනවා. හැබැයි, ඒ රදව්වට ඒ ඇත්තන්ට ගමං පොජ්ජක් කොදොයි. මේ ඇත්තන්ට හිත්ලානවා- මේ ඇත්තෝ තැනමට කණ්ඩායම් පොජ්ජක් හැටිමට රදාගෙන මාමකැච්චක් වැඩ පොජ්ජ මන්ද කරන්න මේ ඇත්තොන්ට හිත්ලානවා.

මොකද්ද ජීවිතේ තියන ලොකුම සිහිනය.
• ලොකුම හීනේ තමා අපේ පරම්පරාව ආරක්ෂා කරගෙන ඉස්සරහට අරගෙන යන එක. ඒ වෙනුවෙන් ගොඩක් වැඩ කරගෙන යනවා.

වඩා කැමති ගමෙන් පිටත ලෝකයටද. ගමේ ලෝකයටද
• වැඩියෙන්ම කැමති සීයලාගේ ලෝකෙට තමයි. ගමෙන් එළියේ ලෝකේ සංකීර්ණ වැඩියි. හැබැයි 83න් පස්සේ අපිට අපේ තිබුණ නිදහස නැති වුණා. දැන් කැලේ වුණත් අපිට නිදහසක් නෑ.

ෆෙස්බුක් ඉන්නවද. ෆෙස්බුක් ගැන දන්නවද. මොකද්ද අදහස
• මමනං ෆෙස්බුක් නෑ. ඒ ගැන වැඩි දැනීමකුත් නෑ. ඒත් යාලුවෙක්වත් හදලා තියනවාද දන්නෑ. ඒක අපේ සමාජෙට එච්චර ගැලපෙන්නේ නෑ කියලායි මමනං හිතන්නේ.

චිත්‍රපටි බලනවද. කැමතිම නළු නිළියෝ එහෙම කවුද
• අපිට ටීවී නෑනේ. කෙඩිකට හරි කොහේ හරි ගියොත් තමයි අහම්ඛෙන් බලන්නේ. ඒත් බලන ඒවාගෙන් නම් කැමතිම නළුවා ෆ්‍රෙඩී සිල්වා. නිළියක් කීවොත් සබීතා නෝනා (පෙරේරා) තමයි.

සිංදු අහනවද. කවුද කැමති ගායකයෝ මොනවද කැමති සිංදු. ඒ ඇයි.
• සිංදුනං ඇස්සවෙනවා. පොඩි රේඩියෝ එකක් තියනවා ප්‍රවෘත්ති එහෙම අහන්න. වැඩියෙන්ම කැමති අමරදේවගේ නන්දා මාලනීගේ වගේ සිංදු වලට තමයි. ඒවගේ අර්ථය හොදයි කියලා හිතෙනවා. කාට වුණත් අහන්නත් පුළුවන්. අමරදේව මහත්තයාගේ සන්නාලියනේ කියලා සිංදුවක් තියෙන්නේ. ඒක හො`දයි.
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ...

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ...

දඹානේ කට්ටිය එන්න එන්න මොඩ් වෙනවද
• සමහර අය මෙහෙට එනකොට එන්නේ නම් අවුරුදු සිය ගාණකට කළිං වගේ කොළඅතු හරි හම් වලින් හරි හදපු ඇදුම් ඇ`දගෙන පොරවක් දාගෙන, දුණු ඊතල එල්ලාගෙන ඇති කියලා හිතාගෙන. එහෙම නෑ. පිරිමි කට්ටිය සරං අදිනවා. ගෑණු කට්ටිය චීත්ත හැට්ට අ`දිනවා.

ගෑණු උදවියවත් ෆැෂන් ගැන උනන්දු නැද්ද.
• ඇ`දුම් පැළදුම් විලාසිතා ගැන එච්චර ගාණක් නෑ. සරමයි අමුඩෙයි ඇදලා උඩට තුවායක් දාන එක තමයි ඉතිං දැන් තියෙන්නේ. ගෑණු කට්ටිය වුණත් ගෙවල් වල එහෙම වැඩ කරගෙන ඉන්න නිසා ඒවට ගැලපෙන ඇ`දුම් අ`දිනවා. ඒ ඇරෙන්න විලාසිතා ගැන එච්චර හිතන්නේ නෑ.

මමනං හිතන්නේ අපේ පරම්පරවාට ගැලපෙන ඇදුමක් ඇන්දම ඇති කියලා. අද මම ඩෙනිමක් ඇන්දොත් හෙට ඊට වඩා හොද එකක් අදින්න වෙනවා. එහෙම කරන්න තරම් සල්ලිත් නෑ. ඒ අපිට ගැලපෙන්නෙත් නෑ.

පෙම්වතෙක්ද. විවාහකද
• මම විවාහ වෙලා ඉන්නේ. පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. නෝනගේ නම ඌරුවරිගේ නිල්මිනී. අපේ පරම්පරාවේ එක එක දේවල් ගැන එයා පොත් එහෙම ලියනවා.

දරුවෝ රැහෙන් එළියට ගිහිං ඉගෙන ගෙන, රස්සා කරලා ජීවත් වෙනවට කැමතිද
• තාත්තා වුණත් කියන්නේ ඉගෙන ගන්න ආස අයට ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න කියලා. එයාලා ඉගෙන ගත්තට ඉස්සරහට ගියාට කමක් නෑ, හැබැයි අපේ පරම්පරාවේ උරුමය ආරක්ෂාකරගෙන ඉස්සරහට යනවානම් තමයි හො`ද. දැනටත් ගමේ ළමයි ඉස්කෝලවල ගිහිං ඉගෙන ගන්නවා.
මේ වෙනකොට ගමෙන් හතර දෙනෙක් කැම්පස් එකට තේරිලා තියනවා. මුලින්ම ගියේ ගුණවර්ධන මහත්තයා. එයා දැන් ගුරුකුඹුරේ ඉස්කෝලේ උගන්නනවා. මේ සැරෙත් සමන්තිකා කියලා ළමයෙක් මහියංගනේ ඉස්කෝලෙන් (මධ්‍ය මහා විද්‍යාලය) කැම්පස් එකට තේරිලා ඉන්නවා.

ඡන්දේ ඉල්ලන්න එහෙම අදහසක් නැද්ද
• මේ ඇත්තන්ට මොනෙක් හරි ආණ්ඩු පොජ්ජෙන් කතා දැම්මොත්, මේ ඇත්තන් කතිර පොජ්ජට මංගච්චන්න හිත්ලානවා. ඒ මංගච්චැව්වත් මේ ඇත්තෝ මේ හැටිමටම ර`දනවා.

සමහර රටවල ආදිවාසී කෝටාවක් තියනවා පාර්ලිමේන්තුවට විශ්වවිද්‍යාල වලට වගේ තැන් වලට.
• එහෙම ක්‍රමයක් තියනවානම් ඒක හො`දයි. ඒ අදහස හොදයි.

ඔය විකුණන ආභරණ, ඇත් දළ අළි කෙ`දි එහෙම ඇත්තටම ඒ කියන ඒවායෙන් හදපු ඒවා නෙවෙයි නේද
• අලි කෙ`දි එහෙමනං අලි සෙල්ලං කරන තැන්වල එහෙම වැටිලා තියනවා. කාටවත් බොරු කියලානං කිසි දෙයක් විකුණන්නේ නෑ. දැන් ඔය කැලේට යන්න තහනම් කරලා තිබ්බත් අපේ කට්ටිය කොහොම හරි ගිහිං මුවෙක්, ඌරෙක්, ගෝනෙක් එහෙම දඩයම් කරගත්තම ඒ දත් වලින් අං වලින් එහෙම සමහර ඒවා හදනවා. ඒත් ඒවා ඇත්ත කියලා තමයි විකුණන්නේ.

වැදිගම්මානේ කියන්නේ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් විතරයි නේද. හොදට හදපු ගෙවල්-දොරවල් ගම මැද්දේ තියනවා නේද
• අපේ ගෙවල් මැටි ගහපු ගෙවල්. ඒක එක ආධාර වලින් හම්ඛෙලා උළු වහපු ගෙවල් දෙක තුනක් තියනවා. ඒවත් හදලා තියෙන්නේ මැටි ගහලා.
ලංකාවේ දේශපාලනය ගැන මොකද හිතන්නේ?
• හැම දෙයක්ම දේශපාලනේනේ. ඒක නිසා ආණ්ඩු කරන එක නීති හන එක එහෙම හැම දෙයක්ම දේශපාලනේ කියලා තමයි මම දන්න තරමට හිතෙන්නේ.

ඉස්කෝලේ ගිහිං තියනවද?
• මම දවය වසරට ගිහිං තියනවා. දඹානේ ඉස්කෝලෙට තමයි ඉස්කෝලේ ගියේ. ඒ කාලේ ගත්ත දැනුම පාවිච්චි කරලා යම් දෙයක් කරන්න පුළුවන් වෙලා තියනවා. ඒ වගේම අපි හරි විනෝදෙන් හිටියා ඒ කාලේ. සාමාන්‍ය පෙළ ලියන්න මාසයක් දෙකක් විතර තියනකොට ඉස්කෝලේ ගමන නැවතුණා. ඊට වඩා එහාට ඉගෙන ගන්න උවමනාවක් තිබුණේ නෑ.

පිටරට ගිහිං තියනවද?
• මමනම් එක පාරයි ගිහිං තියෙන්නේ. දඹදිව ගියා තාත්තත් එක්ක. ඒත් තාත්තා නම් රටවල් හතකට අටකට වගේ ගිහිං තියනවා.

බදින්න කළිං ආදරය කළාද
• ඔව්. අපි දෙන්නා විවාහ වුණේ මම දහයේ පංතියේ ඉන්නකොට. මුළින්ම සම්බන්ධෙ පටන් ගත්තේ අට වසරේදි. අවුරුදු දෙකක් විතර ආදරේ කළා. ඊට පස්සේ ගෙදර දෙමව්පියන්ට කීවට පස්සේ ඒකට කැමති වුණා. ඊට පස්සේ අපි විවාහ වුණා.

අලුත් තාක්ෂණය අත්විදින්න කැමති නැද්ද
• අකමැත්තක්ම නෙවෙයි. අපිට එහෙම අවශ්‍යතාවක් තිබුණත් ඒකට වත්කමක් නෑ. හැකියාවක් නෑ. සමහර දේවල් අපිට අවශ්‍ය වෙන්නෙත් නෑ. දැන් ගොඩක් අය දර හිග ණිසානේ විදුලියෙන් ගෑස් වලින් උයන්නේ. අපිට ඔ්න තරම් දර තියනවා.
තෝරා ගැනීමක් කරන්න අවස්ථාවක් ලැබුණොත් වඩාත් කැමති ජනාධිපති වෙන්නද වරිගේ නායකයා වෙන්නද?
මං කැමතියි අවස්ථාවක් ලැබුණොත් වරිගේ නායකයා වෙන්න. දැනට අපේ අයියා තමයි තාත්තගෙන් පස්සේ වරිග නායකයා වෙන්නේ අපේ පරම්පරාවේ සම්ප්‍රදායේ හැටියට. ඒත් කාලෙකදි අයියා තීරණය කළොත් මටත් අවස්ථාවක් දෙන්න, මම කැමතියි ඒ වගකීම භාර ගන්න. අපේ ක්‍රමය තමයි පවුලේ වැඩිමලාට තමයි නායකත්වය යන්නේ. වැඩියෙන් කැමතියි ජනාධිපති වෙනවට වඩා වරිගේ නායකයා වෙන්න. ඒත් පත් වෙන කෙනාට සහයෝගය උපරිමයෙන් දීගෙන වැඩ කරනවා.

අවස්ථාවක් ලැබුණොත් ජනාධිපති වෙන්න. මොකද්ද මුළින්ම කරන්නේ?
• අම්මෝ... ඒක හරිම ලොකු වගකීමක්. බැරිවෙලාවත් එහෙම වුණොත් මුළින්ම හැම ජනතාවක්ම හැම කණ්ඩායමක්ම නියෝජනය වෙන විදිහට කණ්ඩායමක් පත් කරගෙන ඒ අයගේ උපදෙස් අනුව රට පාලනය කරනවා. ඒ අදහස් අරගෙන හොද නරක තෝරා ඛේරාගෙන ඉස්සරහට වැඩ කරනවා.

ඔයා තරුණයෙක් විදිහට අවසාන වශයෙන් මොකද්ද අනිත් අයට කියන්න තියෙන්නේ
• මේ ඇත්තන්ට කතා දමන්න තිඛෙන්නේ, කැකුළෝ හැටිමට ර`දන හැම කැකුළෙකුටම ඒ ඇත්තන්ට හිත්ලාන හැටිමට, සමාජ පෙජ්ජෙන් මංගච්ඡන එකමට කොදොයි. ඒ ඇත්තෝ තීරණ පොජ්ජක් මන්ද කරගෙන මංගච්ඡන එකම තමයි හො`ද වාගේ කියන්නේ.. ඒ ඇත්තෝ මංගච්ඡන හැම එකමක්ම මන්ද කරගත්තොත් ගැටළු පොජ්ජක් මන්ද වෙනවා. ඒ තැන කොදොයි. ඒ ඇත්තන්ට හිත්ලාන, ඒ ඇත්තන්ට ගැලපෙන පොජ්ජක් මන්ද වෙන එකමවල් මන්ද කරගෙන මංච්ඡනවානම් මාමකැච්චක් හොදමයි

|| කතාදැම්මේ Bharatha Prabhashana Thennakoon

Tuesday, March 21, 2017

පොර ටෝක් දෙන අය - කොර වෙලා චොර වෙන හැටි...


මිනිහෙක් කොච්චර පෞරුෂවත්ද කියලා දැනගන්න ඕනේ නම්, ඒ මිනිහත් එක්ක පොඩි සංවාදෙකට පැටලෙන්න ඕනේ. ඕනම පීඩාකාරී සංවාද නිමේෂයක 'මේන් ලයින්' එකේ ස්ථාවරව ඉන්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි.

මේක හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි සුපුරුදු බුකිය. බුකියේ දාන ස්ටේටස් වලට පොස්ට්ස් වලට අදාලව කතාව ආරම්භ වෙන්නේ මාරම දාර්ශනික ප්‍රවේශයකින්. ඇත්තටම ඒවායේ මුල්භාගය අන්තර්ගතයන්ගෙන් බහුලයි. ඒත් පහු පහු වෙනකොට..

ඇයි මෙහෙම වෙන්නේ

සංවාදෙක හරි කතාවක හරි හරයාත්මක බව රඳා පවතින්නේ තමන්ට වඩාත් අවාසි සහගත තැනට කතාව එනකල් විතරයි ද? ඊට පස්සේ මොකද වෙන්නේ. ඔව්, ඊට පස්සේ රටේ නැති මඩ- අවලාද- අසභ්‍ය වචන- පරුෂ වචන- පවුල් ප්‍රශ්න- කයි කතන්දර ගොඩක් අනිත් මිනිහට විරුද්ධව මුදා හරිනවා මිසක් අර සංවාදේ 'ලයින්' එකේ යන්නේ නෑ.

මෙහෙම වෙන එක හේතුවක් තමයි අනිත් කෙනාගේ මතය විඳ දරා ගන්න තියන නොහැකියාව. 'අපි නම් පොයින්ට් එකට කතා කරන්නේ' කියලා ඉඳලා හිටලා පොර ටෝක් එකක් මුදා හැරියට, තමන්ව අභිබවා යන හෝ තමන්ව පරදවන අදහසක් කෙනෙක් කීවොත් ඒක දරා ගන්න අමාරුයි.
දැන් ගන්නකෝ උදාහරණයක් හැටියට විල්පත්තු සංවාදේ. කිසාගෝතමියට නො මළ ගේවලින් අබ ගෝණි පිටින් ලැබුණත්, කුණුහරපයක්- මඩක් පල නොවුණු විල්පත්තු සංවාදයක් මේ බුකියේ කොයි කොණකවත් නෑ. ඒවා එහෙම කියලා තියෙන්නේ- කුඩ්ඩෝ, කසිප්පු මුදලාලිලා, බස් කොන්දොස්තරලා, ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා වගේ අඩු අධ්‍යාපයක් තියන මිනිස්සු නෙවෙයි. මාධ්‍යවේදියෝ, දොස්තරලා, ඉංජිනේරුවෝ, ආචාර්යවරු, දේශප්‍රේමීන්, විරුවන් වගේ අය.

මේ සංවාද වල තව සෙට් එකක් ඉන්නවා, සංවාද අල කරන. කතාව පැත්තකින් යනකොට මැදින් ඇවිත් එක එක්කෙනා එක්ක තියන ඇරියස් කවර් කර ගන්න සෙට්. තව අය පුද්ගලික කෝන්තර පිරිමහා ගන්න. දැන් හිතන්නකෝ පෝර්ට් සිටි වගේ කතාවක කවියෙක් තමන්ගේ අදහස් දක්වනවා කියලා. එතකොට අර මැදින් එන කෙනෙක් කියනවා, 'එලිවැට තියලා කවියක් ලියා ගන්න බැරි මහලොකු කවියා දන්න බම්බුව' වගේ ඒවා- 'පොතක් ලිව්වම උඹ හෙන කෙරුමා කියලද හිතාගෙන ඉන්නේ' වගේ ඒවා. ඊට පස්සේ පෝර්ට් සිටි පැත්තක වේලෙනවා.

මේ වෙනකොට පොදු සංවාද, සාකච්ඡා, හමු වගේ ඒවා ඉතා සීඝ්‍රයෙන් වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙලා. පුද්ගලිකව තමන්ට අවශ්‍ය දැනුම පුද්ගලිකවම එකතු කරගන්න උත්සාහ කරනවා. දෙයක් අහන්න බලන්න ඕනේ නම් යූටියුබ් හරි ෆේස්බුක් හරි ගිහිං එක්කෝ බලනවා. එහෙම නැත්තං කියවනවා. ඒක ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ බණේ ඉඳලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක ප්‍රතිපත්ති දේශනය දක්වාම වලංගුයි. එතකොට දේවල් දැන ගැනීම සඳහා සාමූහික වීම කියන එක නිශ්ක්‍රීය වෙමින් යන්නේ.

ඉතිං..

භෞතික ලෝකයෙන් මේ වගේ දේවල් චුත වෙමින් තියනකොට ඒවාගේ පරාභවය පිහිටන්නේ වර්චුවල් ලෝකේ. ඒ කියන්නේ සෝ්්ෂල් මීඩියා වගේ තැන්වල. ඉතිං ඒ නිසා මේ වේදිකාව පිරිපහදු කර ගන්න එක ගොඩක් වැදගත් වැඩක්. එහෙම නැති වුණොත් සාමූහික ජීවිතයේ දේවල් හුවමාරු කර ගැනීම, සංස්කෘතික ජීවිතයක වටිනාකම් වර්ධනය වීම, දැනුම අත්දැකීම් වගේ දේවල් පෝෂණය වීම ඉතාම ඛේදනීය පැත්තකට හේත්තු වෙනවා.

ඒක නිසා මේ සංවාද වේදිකාව කුණුහරප වලින්, පුද්ගලික එරියස් වලින්, කයි කතන්දර වලින් සහ අසහනකාරයන්ගෙන් බේරාගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි- දේශපාලනය ගැනත් සාහිත්‍ය ගැනත් විද්‍යාව ගැනත් වෙන මොනවා හරි එකක් ගැන මේ වේදිකාවල කතා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තං හැමදාම බුකී සංවාද අවසන් වෙන්නේ නෙළුම් කුළුණෙන් පටන් අරං ගණිකා මඩමකින්. එහෙම නැත්තං සයිටම් එකෙන් පටන්අරන් කොණ්ඩම් එකකින්. ප්‍රතිපත්ති දේශපාලනය ගැන කතාවකින් පටන් අරන් 'උඹ උඹලැ අම්මගේ දෙවෙනි කසාදේ ළමයෙක්' වගේ අතිශය සංවේදී හා අසම්බන්ධිත කාරණා වලින්.

පළමුව අපි අනෙකාට සවන් දෙමු. ඊට පස්සේ කාරණාවට කාරණාව හප්පමු. ලයින් එකේ ඉඳං වාද කරමු. එහෙම නොවුණොත්, අවසානෙදි සමාජ ජාලා කියන්නේ ලයින් පේළියක්, වත්තක්, මුඩුක්කුවක් වගේ එකක් බවට පත් වේවි.

වෝල්ටයර් (ඒයා දාර්ශනිකයෙක්) කියලා තියනවා, 'ඔබ කියා සිටින දේ සම්බන්ධයෙන් මම කෙතරම් එකඟ නොවූවත් ඔබට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මම දිවිහිමියෙන් පෙනී සිටිනවා' කියලා. නිකමට කොහේ හරි මේක ලියලා තියාගන්න...

~ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්

Tuesday, March 14, 2017

අයියෝ අපි





අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක්, ඓතිහාසික සංස්කෘතියක්, අපිරිමිත හර පද්ධතියක් වගේ එකී නොකී කප්පරක් ආඩම්බරකාර සාධක කර ගහගෙන ඉන්න අපි, රටක් හැටියට ඔය සෙල්ලිපි, ගල්කණු, ලෙන් වගේ ඉතිහාස කාරණා ටික පැත්තකින් තිබ්බහම අර කලින් කියපු දේවල් සියල්ල හිමි අනෙක් රටවල් එක්ක සංසන්දනය කරනකොට අද වෙනකොට අත්කරගෙන තියන සාපේක්ෂ වටිනාකම් මොනවද.

අපි නක්කලේට වගේ කියන කතාවක් තියනවනේ, 'ඇමරිකාවට තියෙන්නේ අවුරුදු දෙසීයකට ටිකක් වැඩි ඉතිහාසයක් විතරයි' කියලා. ඒ විරක් නෙවෙයි, 'අපි උඩින් ගියේ සුද්දා වැද්දා කාලේ' කියලා. 'ඉන්දියන්කාරයෝ තාම වැසිකිලි යන්නේ මහපාර අයිනේ' කියලා. අතීත කාරණා හැටියට ගත්තහම ඒවා පට්ට ඇත්ත වෙන්න පුලූවන්. ඒත්, ඒ වගේම ඇත්ත ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. මොකද සුද්දා අනුන්ගේ රටවල් අල්ලනකොට අපිට බැරි වුණානේ අපේ රටවත් බේරා ගන්න. අපේ අතීත සිද්ධීවල වැඩි හරියක් තියෙන්නේ, මේ දූපත ඇතුලෙම අපි අපිම දෙකට-තුනට ඛෙදිලා කුලල් කා ගත්ත අවස්ථාවන්. අපි ඒවා සමරනවා සහ ඒ ගැන උදම් අනනවාට වඩා ඉස්සරහට ගිහිං තියනවා නම්- ඒ ටික දුරයි.

දැන් ඉතිං දේශප්‍රේමී සළුව කරෙන් අතට අරගන දෙස් දෙවොල් තියන්න එපා අභිමානය අවතක්සේරු කරනවා කියලා. හැබැයි, අපි අපි ගැන හරිහමං තක්සේරුවකට එන්න ඕනේ. අපිට ඇත්තටම අපි ගැන හරි තක්සේරුවක් නැතුව ඉස්සරහට යෑමක් නෑ. ඉස්සරහට යාමක් කෙසේ වෙතත් ඉන්න තැනවත් ඉන්න අමාරුයි.

අපි මේක මෙහෙම ගලපාගමු.

අපිට ඉන්දියාව කීවහම මතක් වෙන්නේ මොනවද. හරියට වැසිකිලියක් නැති පවුල් කෝටි ගාණක් ඉන්න රටක්. නොකා නොබී හාමතේ ඉන්න මිනිස්සු ගණන මිලියන ගාණක්. නිවාස, ඇඳුම් වගේ අත්‍යාවශ්‍ය දේවල් නැති මිනිස්සු ඉන්නේ කෝටි ප්‍රකෝටි ගාණට. ඒත් දැන් බලන්න- මයික්‍රොසොෆ්ට් එකේ ලොක්කා කවුද? ඉන්දියන්කායෙක්. එතකොට ගූගල්? ඒ්ත් ඉන්දියන්කාරයෙක්. මාස්ටර්කාඩ්, ඇඩෝබී, නොකියා, ක්වෝරා, සිටිබෑන්ක්.. මේ ඔක්කෝගෙම මහපුටු උසුලන්නේ ඉන්දියන්කාරයෝ.

බලන්නකෝ ඉතිං. අපි දන්න සහ හිතං ඉන්න විදිහෙයි ඉන්දියාව ගැන දේවල් හොයපුවහම හම්ඛෙන දේවලූයි පොඩ්ඩක් වෙනස්. හාත්පසින්ම. ලෝකේ තියන දැවැන්තම වාහන ඇතුළු නිෂ්පාදන සමාගම් ඉන්දියාවේ තියනවා. ඉන්දියාව දැන් දැන් උත්සාහ කරන්නේ හඳට යන්න. ලෝකේ ඕනම තැනකට විනාඩි ගාණකින් පහර දෙන්න පුළුවන් මිසයිල් හදන්න. මුහුද යටට කිමිදිලා කෙළවර හොයන්න. ලෝකේ තොරතුරු තාක්ෂණ ආධිපත්‍යය අත්පත් කරගන්න. ඒ විතරක් නෙවෙයි- කලාපයේ සිනමාව, කලාව, සාහිත්‍ය වගේ දේවල් වල පළමු තැන අත්පත් කර ගන්න. එතකොට අපි.. ඔව්. පාර අයිනෙ වැසිකිලි යන ඉන්දියන්කාරයින්ට කොලොප්පං කර කර ඉන්නවා. ඉන්දියන් ටීම් එක පැරදියං පැරදියං කියලා පත පතා ඉන්නවා.

අනෙක් අතට-අපි තාම උත්සාහ කරන්නේ ගාන්ධිලා, නේරුලා, පටේල්ලා ෆලෝ කරන්න. (හැබැයි අපිට අමතකයි අපි ධර්මපාල තුමාලා හැදුවේ ගාන්ධිලාට ගොඩක් කාලෙකට කළිං කියලා.) අපි එහෙම ට්‍රයි කරනකොට 21 වෙනි සියවසේ ඉන්දියන්කාරයෝ ට්‍රයි කරන්නේ සත්‍යා නඩෙල්ලා වගේ වෙන්න. අෙජ් බන්ගා, සුන්දර් පිචායි, වික්‍රම් පණ්ඩිත් වගේ වෙන්න.

උත්සාහය විතරක් නෙවෙයි, ඔවුන්ගේ භාවිතාවත් එහෙමයි. අමතක කරන්න එපා ඉන්දියාව තමන්ගේ න්‍යශ්ඨික තාක්ෂණයේ පියා තමන්ගේ රටේ ජනාධිපතිකමට පත් කරගන්නේ මීට දශකයයකටත් එහා දවසකදි. එතකොට අපි..? අපි තාම හොයන්නේ ජාතික ඇඳුම අඳින කෙනෙක්. රැවුල තියන කෙනෙක්. සරල කෙනෙක්. ළමයි ඉන්න කෙනෙක්. වාසගම හොඳ කෙනෙක්. ඉංග්‍රීසි පුළුවන් කෙනෙක්.

අනිත් පැත්තෙන් ගත්තහම ඉන්දියාව කියන්නෛ් අපිටත් වඩා එහාට ඔය අභිමානය කියන එක ඔප්පු කරගන්න පුළුවන් රටක්. අපේ රාජාවලිය පටන් ගන්නේ විජයගෙන් වුණත් අපි දන්න බිම්බිසාරලා, සුද්දෝදනලා රජ වෙන්නේ ඊට ගොඩක් එහා කාලෙකදි. ඉන්දියාව ඒ අභිමානය සහ ඉතිහාසය කියන පංගුව තියා ගත්තේ ඉස්සරහට යන්න ගැම්මක් ගන්න මිසක් එක තැන පල් වෙන්න- අලස බව වසා ගන්න අවශ්‍ය ආරක්ෂාව හදාගන්න උපක්‍රමයක් හැටියට නෙවෙයි.
'ඉතිං..' -- 'නෑ නිකං හිතලා බලන්න.'

By Bharatha Prabhashana Thennakoon
#lka #BTColumn
#young #mawbima #article

Tuesday, March 7, 2017

ෆේස්බුක් ඉන්නවද

මේ ලෑස්ති වෙන්නේ ෆේස්බුක් ඉන්න කට්ටිය ගොඩ-එකට අරගෙන පතුරු ගහන්න නෙවෙයි. කොහොම වුණත්, ෆේස්බුක් කියන්නේ මාර අපූරු ටූල් එකක්. අවුරුදු කල්ප ලක්ෂ ගාණක් භවයෙන් භවය කිසිම හ`ඩක් නොගනපු, දේවල් නොකරපු හෝ දේවල් වල නොයෙදුණු මිනිස්සු වෙනුවෙන් සකර්බර්ග් විශාල අවස්ථාවක් නිර්මාණය කරලා දුන්නා. ලංකාව වගේ රටක දැන් දැන් ෆේස්බුක් කියන්නේ ආණ්ඩු පෙරලන්න විතරක් නෙවෙයි, ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩකයෝ තෝරණ සහ ඔවුන් තියා ගන්නවද නැද්ද කියලා තීරණය කරන තැනක්. ඒ විතරක් නෙවෙයි, ඩොලර් කීපයකට සහ පෝස්ට් කීපයකට පුළුවන් වෙලා තියනවා අවශ්‍යයි නම් ඉර පායන්නේ අග්නිදිගින් කියලා වුණත් මොහොතකට හෝ කියා සිටින්න. සහ ඒක එහෙම බව වර්චුවල් සහ රියල් ලෝකය තුළ මතවාදයක් හදන්න. 
ඒ කොහොමද. ඒක වෙන්නේ මෙහෙම,
මේක කතාවක්. 

ෙජ්ම්ස් අවන්හල් හිමියෙක්. ආදම් දිනක් වැහි මන්දාරම මැද්දේ ෙජ්ම්ස්ගේ අවන්හලට ගොඩ වුණා.
"ආයුබෝවන්. ඔබ කවුද. මොනවා කරන කෙනෙක්ද."
"මම න්‍යායවාදියෙක්." මේ පිළිතුරෙන් ෙජ්මිස් විශ්මයට පත්වූ නිසා ආදම්ට සිදු වුණා මේ ගැන පැහැදිළි කරන්න.
"මම නිදසුනකින් කියන්නම්."
"හොඳයි. කියපං බලන්ඩ."
"උඹ ලඟ බල්ලෙක් ඉන්නවද."
"ඔව්"

ආදම් විසින් දිගින් දිගටම ජෙම්ස්ව ප්‍රශ්න කරනවා.
"බල්ලෙක් ඉන්නවා කියන්නේ දවල් වරුවේ නිවසේ කවුරුහරි ඉන්නවා". "ඔබේ දරුවන් සුරතලූන්ට ආශා කරනවා". "ඔබට දරුවන් ඉන්නවාය කියන්නේ ඔබට විවාහකයෙක්". "ඔබ විවාහ වෙලා කියලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නෙවෙයි." සියලූ ප්‍රශ්න දෙස විමතියෙන් බලා සිටි ෙජ්ම්ස් අවසානයේ දී සියල්ල ඔව් යනුවෙන් තහවුරු කළා.

දින කීපයකට පස්සේ ෙජ්ම්ස්ගේ අවන්හලට ඔහුගේ ඉතා හොඳ මිත්‍රයකු වූ දාවිද් පැමිණියා.
"දාවිද් උඹ දන්නවද. මම න්‍යායවාදියෙක්."

"න්‍යායවාදියෙක්?" ෙජ්මිස්ගේ පිළිතුරෙන් විශ්මය උපදවා ගත් දාවිද් ඇහුවා.

"ඒක එහෙම නිකං කියන්න බෑ. මම නිදසුනකින් කියන්නම්."

"හොඳයි එහෙනං කියපං බලන්න."

"දාවිද්.. උඹ බල්ලෙක් ඇති කරනවද."
"නෑ. ඇයි."

"ඒ කියන්නේ උඹ සමලිංගිකයෙක්." 
ආදම් විසින් ගොඩ නගපු තර්කයේ මැද මදේ සම්පූර්ණයෙන්ම අහකට දාපු ෙජ්මිස් දාවිද්ව විශ්මයට හා අසරණභාවයට පත් කරමින් සිය නිගමනය ප්‍රකාශයට පත් කළා. 

දාවිද් කොච්චර මහන්සි ගත්තත්, තමන් සමලිංගිකයෙක් නොවන බව ෙජ්මිස්ට පැහැදිළි කරන්න එය අසාර්ථ වුණා. "උඹ කොහොමද නැහැ කියලා කියන්නේ. උඹ බල්ලෙක් ඇති කරන්නේ නෑ කියන්නේ, උඹ සමලිංගිකයෙක් කියන එක. පිළිගනිං- මම න්‍යායවාදියෙක් දාවිද්..."

අපි වැඩි හරියක් වැඩ කරන්නේ මේ ජාතියේ ෙජ්මිස්ලා එක්ක. ඒ ලොජික් වලට කිසි ලොජික් එකක් නෑ කියලා ඔප්පු කරන්න අපිට සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් මිඩංගු කරන්න සිද්ධ වෙනවා. ඒත් අවසානයේ දී ෙජ්මිස්ලා දිනනවා මිසක්, වෙන එකක් වෙන්නේ නෑ.

ඉතිං මොකද්ද මේකේ තියන අවුල. මේකේ තියන අවුල මේකයි. අද වෙනකොට ෆේස්බුක් කියන්නේ යථාර්ථ ලෝකයේ හරියට අර්ධ නාගරික සමාජයක් වගේ තැනක්. හන්දියේ බසාර් එක වගේ. බලය විසින් නිගමන නිර්මාණය කිරීම. ඒක ෙජ්මිස්ගේ න්‍යායවාදයටත් වඩා භයානකයි. මේ වර්ගයේ ෙජ්මිස්ලා විසින් ස්ථාපිත කරන සමාජ-ජාලා මතවාදයන් මෙන්ම යථාර්ථ ලෝක මතවාදයන් විසින් ඇති කරන්නේ විශාල ප්‍රමාණයේ සමාජ හානියක්. 

එහෙමයි කියලා, අර කවුද කියනවාවගේ ඒකට තියන උත්තරේ කඩේ වහලා දාන ඒක නෙවෙයි.


#lka #BTColumn