Friday, October 26, 2012

ඔබාමා වෙනුවෙන් පෙනී සිටිමි.

පූර්ව සටහනක්

“මිනිස්සුන්ට කළාව, සාහිත්‍ය, රසවින්දය, විචාරය වගේ දේවල් වෙනුවෙන් කැප කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. හැමෝම යටකී විෂයන් කෙරෙහි උනන්දුවක් හෝ වෙහෙසක් නොදක්වන්නේ කුමක් නිසා දැයි අසා සිටින විට, ඒ වෙනුවෙන් ලබා දෙන සරලම හා පහසුම පිළිතුර ද ‘වෙලාවක් නෑ‘ කියන එක. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත්, ඒ වගේම එවැනි විෂයයක් කෙරෙහි හෝ අඩුම තරමින් ආදරය කිරීම, පෙම්වතුන් හා පෙම්වතියන් සිප වැළද ගැනීම, රමණය කිරීම, දබර කිරීම ආදියට ද කළාව - සාහිත්‍යය - රසවින්දනය - සිනමාව - කියවීම - හැදෑරීම වගේ දෙවල් වලටත් ඒ සදහා අවශ්‍ය නිදහසක් (දේශපාලනික හා සමාජයීය) හා සුරක්ෂිත හැගීමක් අවශ්‍යයි. මෙම බ්ලොග් අඩවිය, ඇතැම් පිරිස් විසින් බහුල ලෙස පරිහරණය කරමින් සිටින මොහොතක දී වුව ද හදිසියේම පසුගිය වසරේ අවසන් භාගයේ අත්හැර දැමීමට සිදු විය.

ඇත්ත වශයෙන්ම එය අත්හැර දැමීමක් නෙවෙයි. වී. අයි. ලෙනින්, ඔහුගෙ ‘නව ආර්ථික සැලසුම්‘ කියන ප්‍රතිපත්තිවල කියනව, ‘ඉදිරියට යා නොහැකි තරමේ අභියෝගයක් ඇති විට තාවකාලික පසු බැසීමකින් පසු සුරක්ෂිත වී යළි පෙරට පැමිණෙන්න‘ කියල. යම් අවස්තාවකදි දේශපාලනික හො සමාජමය වශයෙන් සුරක්ෂිතතාවය හෝ නිදහස නොලැබෙන විටදි, එහෙමත් නැත්තම් ඇත්තටම ඒ වෙනුවෙන් වෙලාවක් නැති අවස්ථාවක සන්නද්ධ නොවූ අවියකින් හිස ලූ ලූ අත වෙඩි වරුසා ඇද හැලීම වෙනුවට, අවි ශක්තිමත් කර යළි පහර දිය යුතු වේ. නමුත්, පසුබසින මොහොතෙදි අපිට තීරණය කරන්න බෑ, යළි පෙරට යා හැකි තරමේ විශ්වසනීය සුරක්ෂිතතාවයක් ඇති වෙන්නෙ මේ වෙලාවෙදියි කියන එක. ඒ වගේම, යම් ප්‍රමාණයක ස්ථායිතාවයක් ගොඩ නැගුණු විගස එය වඩාත්ම ස්ථායි මොහොත බව පවා තීරණය කළ නොහැකියි. කෙසේ නමුත්, කෙටි හෝ දිගු විරාමයකින් පසු යළි කියවා ගත් දේ ලියා දැමිය යුතු යැයි දැඩිව සිතෙන්නට විය. ඒ වෙනුවෙන් ප්‍රමාණවත් හා ආත්ම විශ්වාසයක් ගොඩනගා ගත හැකි වෙලාවක්, සුරක්ෂිතතාවයක් හා පරිසරයක් නිර්මාණය වී ඇතැයි දැනෙනවා. ඒක එහෙම වෙන්නෙ පුද්ගලයා ලෙස රවුම් කළ පසු ලියුම්කරුවා පිළිබද නොවේ. කියවීමක් ලෙස ගත්තහම තියන හැදෑරීම පිළිබදව.“


ඇමරිකානු ජනාධිපතිවරණය එළඹෙන දින කිහිපයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණය යනු ඇමරිකානුවාට හෝ එම ලීගයට පමණක් බලපවත්නා හෝ බලපානා තීරණයක් නොවන බැව් අප විසින් පිළිගත යුතුය. ඇමරිකාවේ ජනාධිපතිවරයා කවුරුන්ද යන බව දකුණු ආසියාවේ මුහුදු සුළගින් පාවී එන ආශ්චර්යමත් සිහින විදිනා පුරවැසියාට ද රුසියාව හෝ චීනය වැනි ඇමරිකානුවාගේ තරගකරුවන්ට ද තම රටේ සිතියම් පොතක හැර වෙනත් කිසිදු රටක අඹමල් රේණුවක අවධානයක් දිනා නොගන්නා පැසිෆික් සාගරයේ පුංචි දූපතකට ද අඩු වශයෙන් ද වැඩි වශයෙන් ද බලපායි.

ඇමරිකානුවන් අවබෝධයෙන් හා දූර්දර්ශී භාවයෙන් යුක්තව නායකයා තෝරාගත් අවස්තාවන් කිහිපයකි. මෙය ද පෙර අවස්ථා කිහිපයක් හා සැසදීමේදී තීරණාත්මක බවින් අඩු හෝ අල්ප වටිනාකමක් ගත්ත ද බොහෝ ඇමරිකානු ජනාධිපතිවරණයන්ට සාපේක්ෂව වැදගත් තැනක් ගනියි. එහෙයින්, ඇමරිකානු ඡන්ද පදනම තුළ කිසිදු වටිනාකමක් හෝ තත්ත්වයක් නොමැති තුළ සිට පවා මෙවර ජනාධිපතිවරණයේදී ඔබාමා වෙනුවෙන් පෙනී සිටීමට හෝ ඔහු වෙනුවෙන් ආශීර්වාද කිරීමට ද යාඥා කිරීමට ද කල්පනා කළෙමි.

හේතු පැහැදීම...

ඇමරිකානු 9/11 ප්‍රහාරය යනු හුදෙක් ඇමරිකාවට හෝ එහි ලීගයට පමණක් මුහුණ දීමට සිදු වූවක් නොවේ. භෞතිකමය හානිය සීමිත වුව ද එමගින් ඇති වූ බලපෑම අතිමහත්. 9/11 ප්‍රහාරය විසින් ඇමරිකානු බලවන්ත භාවය ප්‍රශ්න කරනු ලැබීය. ඇමරිකානුවා විසින් එතෙක් සිතා සිටි තරම්, තමා බලවත් නොවන බව ද බලවන්ත වීමේ සිහිනය යථාර්ථයක් කර ගැනීම සදහා තවදුරටත් කැප විය යුතු බවටත් එහිදී උගන්වා සිටියේය. ඇමරිකානු පුරවැසියා ද ඇමරිකානු පාලනය ද ලෝව බලවත් බවේ සංඛේතය ඇමරිකාව නොවන බැව් වටහා ගන්නෙ ද ඒ වෙනුවෙන් නව පිඹුරුපත් සකසන්නේ ද 9/11 පාඩමක් කරගෙන බව නොරහසකි. 9/11 හි සතුරන් වූ ඔසාමා බින් ලේඩාන් හෝ අල් කයීඩාව ද එසේ නොමැති නම් ලක්ෂ-ඊ-තයිබා හෝ වෙනත් එකක් ද ඒවාහි ඒකරාශී වීමක් ද 

ඇමරිකානුවාට එරෙහි වීම හෙවත් විස නැසීම වෙනුවෙන් විසට එරෙහි ප්‍රතිජීවකයකු ලෙස බුෂ් හෝ වෙනකෙකු නුසුදුසු බවත්, විස නැසීම වෙනුවෙන් විස කුලයේ ලෙයින්ම උපන් ඔබාමා සුදුසු වන බැව් ඇමරිකානු පුරවැසියා තෝරා ගන්නේ එහෙයිනි. අභිමානය අහිමි වූ ඇමරිකානුවන් අභිමානය ප්‍රතිශ්ඨාපනය කර ගැනීම දක්වා නගා සිටුවීමට 9/11 සමත් විය. ඇමරිකානු ජනාධිපති බුෂ්, සිය ප්‍රතිවාදියාට එරෙහිව තෝරනු ලැබූයේ තමා උපන් පොළොවේ උපක්‍රම හෝ විධික්‍රමයන්ය. ඔහු සූක්ෂම හා තීක්ෂණ යැයි කල්පනා කළේ කැලිෆෝනියාවේදී හෝ වොෂින්ටනයේදී සතුරකු මර්ධනය කිරීම පිළිබද ඔහු උගත් දේ ය. නමුත්, ඔබාමා යනු ඔහුට සාපේක්ෂ අපේක්ෂිත සැලසුමකින් හා අනෙකාට සාපේක්ෂ අනපේක්ෂිත ගමනකින් පසු වොෂින්ටනයට පැමිණි අයෙකි. ‘වෙනස වොෂින්ටනයෙන් නූපදියි. වෙනස වොෂින්ටනය සොයා එයි‘ යනුවෙන් ඔහු  විසින්ම ලියා සිටින්නේ එහෙයිනි. එහෙයින්, බලවන්තභාවය පිළිබද බිදුණු මනසකින් යුතු වූ ඇමරිකානුවාට ඔබාමා විසින් කෙන්යාවේ සිට ඉලිනෝයි හරහා සෙනට් සභාව වෙත පැමිණීම දක්වා ගමනේ උගත් දේ භාවිත කරමින් යළි අභිමානය ලබා දීමට සමත් විය. ඔසාමා ඝාතනය කළේය. කියුබාවෙන් හා වෙනිසියුලාවෙන් ඇමරිකානුවාට ප්‍රශංසා ලබා දුන්නේය. ඉන්දියාව හා පැසිෆික් ඕස්ට්‍රේලියාව ඇමරිකානුවාගේ අත යටට ගෙනැවිත් දුන්නේය. ඇමරිකන්කාරයා පොරක් කරනු ලැබීය.

එසේම, පාලකයාගේ සදාතනික සංඛේතය වූ ටයි කෝට් දමා ගත් ආණ්ඩුවක් වෙනුවට සරමක් හා බැණියමක් ඇදගත්  එකෙකු වෙල් යාය දිගේ පැමිණ දරුවකු හුරතල් කිරීම තුළින් වැව් ගම්මාන වලට ‘අපේ ආණ්ඩුව‘ යන ගැහීම පෙව්වා සේ ගරු ගාම්භීර සේයාවක් හා මිස්ටර් ප්‍රසිඩන්ට් වෙනුවට, පශ්චාත් සමාජශීලී වැසියන් වෙනුවෙන් ‘මචං‘ කෙනෙකු වීමට ඔබාමා සමත් විය.

එසේම, අද වන විට පෙර කල්හි ප්‍රබලයින්ව සිටි රුසියාව ‘ඇන්ටික්ස්‘ බවට පත්ව තිබේ. නිවසේ සිටිමින් පරණ පම්පෝරි ගසමින් බුලත් විට හපමින් සිටින සීයාගේ හෝ ගරාජයේ උජාරුවට ගාල් වී සිටින දඩු ෆෝර්ඩ් හෝ මයිනර් තත්ත්වයට පත්ව තිබේ. චීනය යනු, පමණ ඉක්මවූ අධි තක්සේරුවකට පත්ව සිටින තරුණයෙකි. ඉන්දියාව යනු යටකී කොල්ලා සමග ඇති අමනාපය හේතුවෙන් වැල යන අතට මැස්ස ගසමින් සිටින බාප්පා කෙනෙකු වැනිය. එසේමනම්, අද වන විට බලවන්ත බවේ සම තත්ත්වය හිමිකරගෙන සිටිනුයේ අරාබි ලීගය හෝ මුසල්මානු පුරවැසියන් යන පොදු රාජ්‍යයයි. ජාත්‍යන්තර සබදතා මූලධර්මයන්ට අනුව, ලොව සමතුලිතතාවය ආරක්ෂා වීම කෙරෙහි ප්‍රබලයින් දෙදෙනෙකු අවශ්‍යව ඇත. යම් හෙයකින් අද වන විට ඔබාමා විසින් ඇමරිකානුවා ප්‍රතිශක්තිමත් නොකර සිටිනු ලැබූයේ නම්, කුරානයේ ඇති ශුද්ධ යුද්ධයේ ඇසින් දුටු සාක්ෂි කරුවන් වීමට අපට සිදුවනු ඇත. කුරානය විසින් පිහිටවනු ලැබූ කුරානවැසියන් නමැති දඩ බල්ලන් හීලෑ වී සිටින්නේ ඇමරිකානු බයිනේත්තුවේ අළුතින් කොටනු ලැබූ වෙඩි බෙහෙත් නිසාය. (ආගම්වාදයක් පිළිබදව නොවේ, දේශපාලන කියවීමක්. මෙතන අද මුස්ලිමුන් වෙලා, හෙට වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්.)

මතු සබැදේ...

No comments: