Tuesday, January 17, 2012

පුද්ගලික විශ්ව විද්‍යාල ගැන

අද වන විට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වියවුලක් බවට පත්ව තිබේ යැයි නිසැකවම කිව හැක. මේ සදහා පාදක සාධකය වන්නේ, පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය සම්බන්ධ නීති ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානම හේතු‍වෙනි. මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ හෝ යළි කිසිදු දිනකදී ගෙන එන්නේ නැතැයි යන තැනට ආණ්ඩුවේ තීරණයක් ප්‍රකාශයට පත්වන තැනට පැමිණ තිබේ.

මෙම හැදෑරීම, හුදෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය සම්බන්ධ පනතට එරෙහි වීම හෝ එකග වීම පිළිබද එකක් නොවේ. පෙරදී කරනු ලැබූ එවැනි හැදෑරීම් කිහිපයකින් පසුව දක්නට ඇති කරුණු කිහිපයක් පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීම පිණිසය.

පළමුවම ලියුම්කරුවා විසින් මෙසේ ප්‍රශ්න කරනු ලැබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මුළු මහත් රටේම අවධානය යොමු වී තිබෙන විටදී සහ සාකච්ඡා කරමින් සිටියදී, මෙහි මූලිකම හවුල්කරැවන් වන පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මේ සම්බන්ධයෙන් කරනු ලැබ ඇති මැදිහත්වීම කවරේද. පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත නොකර සිටීමෙන් අගතියට පත්වන්නේ හෝ එසේ කර සිටීමෙන් යම් හෝ සහනයක් ලබන ඍජු බලපෑම්කරුවා වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වීම ඊට හේතුවයි. එවැනි ඉතාම බරපතල තත්ත්වයක් පවතිද්දීත් පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නිහඩව සිටීමෙන් ඇගවීමට උත්සාහ ගන්නේ කවරක් ද.

උක්ත ප්‍රධාන කරුණු කිහිපය හා පෞද්ගලික විශ්ව විද්‍යාප ශිෂ්‍යයාගේ තත්ත්වය එකිනෙක එකට කියවා බැලීමේදී දක්නට ලැබෙන කරුණු කිහිපයක් පිළිබද සදහන් කිරීම පිණිස මෙම ලිපිය අවකාශ කර ගනිමි.

පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ගෙන ආවේ නම්, එහි සම්පූර්ණ වාසිය අත්වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට බව පෙර ද සදහන් කරනු ලැබීමි. එය එසේ වන විටත්, පෞද්ගලික විශ්ව විද්‍යාල යනුවෙන් හදුන්වාගැනීමට කැමැත්තෙන් පුළ පුළා බලා සිටින ඇතැම් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන සිසුන්ගේ මනෝ භාවයන් හා තත්ත්වයන් ඇතැම් සාධකයන් හේතුවෙන් මොට්ට කරනු ලැබ හා විලංගු දා දමනු ලැබ ඇත.

1. ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය, පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන්නේ යැයි වීදි බසිද්දී - පෞද්ගලික විශ්ව විද්‍යාලයන් ස්ථාපිත කිරීමේ වැදගත්කමක් පිළිබද කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිසක් පෙනී නොසිටින්නේ මන් ද.

2. පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කර ගැනීමේ බරපතල අවශ්‍යතාව ඇත්තේ එම ආයතන පරිපාලනයන්ට වුව ද ඒවාහි පරිපාලනයන් විසින් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් මෙම අවශ්‍යතාව වෙනුවෙන් අරගලයක් නොකර සිටින්නේ මන් ද.

උක්ත කරුණු දෙක එකට කියැවීමේදී මෙවැන්නක් හැගේ. එසේනම්, පෞද්ගලික අධ්‍යාපන ආයතන ශිෂ්‍යයා සහ පරිපාලනය විසින් - භාහිර පාර්ශවයන් වන ජාතික විශ්ව විද්‍යාල පද්ධතියෙන් හා සිවිල් සමාජයෙන් පැමිණෙන චෝදනා නිහඩව සිට අනුමත කරන්නේ දැයි ගැටළු සහගත වේ. උපාධියේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් මේ වනතාක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සයිටෙම්, ඇපිට් හෝ වෙනයම් ආයතනයක් සාධනීය පෙනී සිටීමක් නොකර ඇත. එසේ නොකර සිටින්නේ එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වන චෝදනා එම ආයතනයන් විසින් පිළිගනු ලබන නිසාදැයි සමාජය විසින් ප්‍රශ්න කරමින් සිටියි.

එසේම තවත් ඉතා වැදගත් කරුණක් පිළිබද අවධානය යොමු කරනු වටියි. එනම් තම උපාධියේ කීර්තිය හා ගෞරවය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් හා බරපතල වුවමනාවක් පැවතිය ද එසේ කිරීමේ හැකියාවේ - කොන්ද අදාල පරිපාලනයන් විසින් කඩා බිද දමා ඇත. නොඑසේනම් එසේ කර සිටියහොත් ඍජු හෝ වක්‍ර පළිගැනීමට ලක් වන්නේ යැයි ඇතැම් සැකයක් උද්ගත විය හැක. එහෙයින්, අදාල නැති දේ වලට මැදිහත් වී නොසිට - දෙන දෙයක් වළදා වෙනදෙයක් බලාන සිටීමේ න්‍යාය අනුගමනය කිරීමේ තත්ත්වයට බංකොළොත් වී තිබේ. එනම් පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතනයන්ගේ ඉගෙනුම ලැබීම යනු ටියුෂන් යෑමකින් එහා ගිය දෙයක් නොවන තත්ත්වයට පත්ව තිබේ.

පෞද්ගලික අධ්‍යාපන ආයතනයන් තුළ සිසු ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, සිසුන් සංවිධානය කිරිම හා සිසු කටයුතු වෙනුවෙන් නායකත්වය ලබා දීම යනාදිය නොකළ යුතු දැඩි වරදසහගත හා කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම් ලෙස හන්වඩු ගසා සිටින තත්ත්වයක් මේ වන විට පෞද්ගලික ආයතනයන් තුළ දක්නට ඇත. ඒ  අනුව, මෙම ආයතනයන්ගේ සිසුන් - තමන්ගේ පාඨමාලාව හෝ පුරුෂභාවය හෝ අභියෝගයට ලක් කරමින් සිටියදීත් නිහඩව ගල් ගිල්ලාක් මෙන් සිටින්නේ මෙම ඛේදවාචකය හේතුවෙනි. උපාධියේ හා පාඨමාලාවේ ගෞරවය හා කීර්තිය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාව ඇතත්, පෞද්ගලික විශ්ව විද්‍යාල අයැද සිටින මුදලාලිලා හෝ ඔවුන්ගේ එහෙයියන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. ඒ අනුව, අද වන විට මෙරට යොවුන් බුද්ධිමත් පරපුර යැයි කියනු ලබන කණ්ඩායමේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ මුදලාලිගේ වෙළද අවශ්‍යතාවේ තරමින්ය. 

යළිදු ලියනු කැමැත්තෙමි. පෞද්ගලික විශ්ව විද්‍යාල බවට මේ වන තෙක් පත්ව නොමැති නමුත් එසේ වීමේ බොදවුණු සිහිනයක් දකිමින් සිට බොදවුණු සිසු පරපුරේ සිහිනය දැකීම පිණිස අයැද සිටීමේ හිමිකම හා අවස්ථාව මුදලාලි විසින් අහිමි කරනු ලැබ ඇත. යම් හෙයකින්, ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට එරෙහි සාධනීය අරගලයක් කරන විට දී, ඒ හා සමානම පුතිවිරුද්ධ බලවේගයක් ගොඩනැගීමට හැකි තරම් තත්ත්වයක් සදහා අවශ්‍ය වටපිටාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයන් තුළ ද ඇති වී තිබුණේ නම්, එම සිසුන් විසින් කරනු ලබන සහේතුක කරුණු දැක්වීම් වලින් පසුව පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීම පවා සිදු කර ගැනීමට හැකියාව තිබිණේ යැයි දැඩිව විශ්වාස කරමු. පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන්නේ යැයි ලිපි සිය ගණන් ප්‍රකාශ කරන විට දී, පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අවශ්‍ය වන්නේ යැයි කියා සිටීමට ලිපියක් ප්‍රකාශ කර ගැනීමට - ජනමතයක් හා බලපෑම්සහගත වටපිටාවක් නිර්මානය කිරීමට සමත් නොවන්නේ ඇයි.

ඉහත කරුණු හා ඒ සම්බන්ධ ආත්ම සාකච්ඡාවන් අවසානයේ දී ඔබ ද යමක් තේරුම් ගත යුතුව ඇත. ජාතික විශ්ව විද්‍යාලයන් විසින් - සමාජ වගකීම් ඉටු කරමින් සිටින, බුද්ධිමය සංවාදයක යෙදෙන අධ්‍යයනයක් සහිත සිසුවා නිර්මාණය කරමින් එනම්, පරිකල්පනීය මිනිසා බිහි කරමින් සිටිය දී - මුදල් මත පදනම්ව උපාධි අවස්ථා ලබා දෙන ආයතනයන් විසින් සිදු කරමින් සිටින්නේ, විෂය නිර්දේශයේ අවශ්‍ය අවමය සම්පූර්ණ කර ගැනීමේ පටු සටනක් පමණි. ඔබට සමාජ වගකීමක් ඇති නමුත් ඔබ එය ඉටු නොකරන්නේ මන් දැයි - ප්‍රශ්න කර සිටින විට මෙම මුදල් අධ්‍යාපන ආයතන කියා සිටින්නේ “ඉගෙන ගන්න කාළෙ අනිත් ඒව වැඩක් නෑ“ කියාය. එසේ නම් සරලවම අසා සිටිය හැක්කේ, ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නූගත් ද. උගතා බිහිවෙමින් සිටින්නේ වසර 10 ක් තරම් මෑත ඉතිහාසයේ සිට පමණ ද. ඇත්ත වශයෙන්ම එයට හේතුව එය නොවේ. කඩේ පවත්වාගෙන යා යු ත්තේ මුදලාලිට අවශ්‍ය පරිදිය. එහෙයින්, සියලු දෙනා මුදලාලි විසින් පමණක් පාලනය කරනු ලබයි. නිර්මාණය කරනු ලබන උපාධිදාරියාගේ සෙසු වටිනාකම් අධ්‍යාපන මුදලාලිට කිසිලෙසකින්වත් නොවටින්නේය. ඔහුට අවශ්‍ය කරන්නේ උපාධි සහතිකයේ තත්ත්වය පමණයි. එහෙයින්, මුදල් මත පදනම්ව උපාධිය ලබා ගත් මුදලාලිට සුවච කීකරු සිසුවා හෙවත් ‘බුම්මට්ටයා‘ නිර්මාණය වේ.
අවසානයේදී මෙසේ කියනු කැමැත්තෙමි. පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩුවයි. නමුත් ඇත්ත වශයෙන්ම එය ආණ්ඩුවේ කාර්යය නොවේ. යම් පෞද්ගලික පරිපානයකට හෝ සිසුවකුට අවශ්‍ය නම් සංවිධානාත්මකව ඔවුන් විසින් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එය පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට එරෙහි සටන හා ශක්තිමත් විය යුතුය. මෙරට අනාගත බුද්ධිමතුන් වන වර්තමාන සිසුවා විසින් කරනු ලබන කරුණු දැක්වීමේ හා අරගලයේ ප්‍රමාණය අනුව, පනතක් ගෙන ඒම අවශ්‍ය වන්නේ ද නැති ද තීරණය කළ යුතුය. අද වන විට - එසේ පණතක් ගෙන ඒම නැවතී ඇත්තේ එහෙයිණි.

පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් විසින් අදාල පනත අවලංගු කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්ව විද්‍යාල සිසුවාට වෛර කරයි.  නමුත්, ඇත්ත වශයෙන්ම ඊට එරෙහිව වෛර කළ යුතුව ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුවාගේ කොන්ද කඩා බිද දමා සංවිධාන ශක්තිය හා බුද්ධිමය සංවාදය ශුන්‍ය කරනු ලැබූ පරිපාලනයට එරෙහිව බව පමණක් කියා සිටිනු කැමැත්තෙමි. 

9 comments:

Anonymous said...

ane oya udgoshna, poster gahala kale nasthi karanna welawak apita koinda???. salli deela enne igena gannane. eyala pinata igena ganna hinda irisiya karai. eth ithin api mokatada e gena hithanne. api ape wade karagannawa misak. nikan salli nasthi koranna oni neeeee.. ape salli newei ne. parents la apita wiyadam karanne inna beri amaruwakata newei ne.

Anonymous said...

Mokowath koraganna pana nethi unaama kiyana, bodisathwa kathawa thamai oka

Anonymous said...

Mokowath koraganna pana nethi unaama kiyana, bodisathwa kathawa thamai oka

Chalaka said...

machan thatwikawa baluwoth
paudgalika adyapanaya labana shishyayata
1. owata welawak natha
2. campus shishyata wada dahasakuth ekak dewal plans saha padam wada atha, owata kalaya nasthi kara thawath wasarak igena ganeema deerga karaganeemata kohethma awashyathawak natha
3. thamange digriye ho diplomawe wadagath kama ratata pasak kara deemata owamanawak natha manda yath pvt. uni shoshyage upadiyata nisi piliganeemak labiya yuthu thanin labe.
4. thama paudgalika iganwum ayathanayata paminena anagatha parapuratada yathoktha karunu elesama balapawathwenu atha...

awasana ketumpathak panathak awath nawath paudgalika shishyaya goda yai ... itin campus shishya karana boru kagaseemata prathi uththara dennata madihath weemak awashya nowe

Thidas said...

මට නම් පෞද්ගලික විශ්වවිද්‍යාලවත් ඒවගෙ කොලිටි එක ගැන ලොකු ප්‍රශ්නයක් නෑ. මොකෙන් වුනත් වෙන්නේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා වැඩි වීම නම් ඒකෙ වරදක් නෑ. කොහෙන් ඉගෙන ගත්තත් තමන් කරන ෆීල්ඩ් එකේ අන්තිමට පවතින්න පුලුවන් දක්ෂයාටයි.
මම නම් ඇත්තටම දැන් තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත් සල්ලි වලට ළමයි ගන්නවට කැමතියි. අපේ විශ්වවිද්‍යාලවලට දැන් දරන්න පුලුවන් වර්තන වියදම් විතරයි. පඩි නඩි ගෙවලා ලයිට් බිල් වතුර බිල් ටික ගෙව්වම පරීක්ෂණ කරනවා තියා අලුතෙන් සගරාවක් වත් ගන්න සල්ලි නැහැ. එන්න එන්න ම වෙන් කරන මුදල් ප්‍රමාණයත් අඩු වෙනවා. තමන්ගේ ම ප්‍රාග්ධන උත්පාදන මාර්ගයක් තිබුනා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්වය මීට වඩා හොද වෙන්න තිබුණා. මං කියන්නේ ශිෂ්‍යත්ව පදනමෙන් ගන්න ළමයින් ප්‍රමාණය අඩු නොකර අලුතෙන් ළමයි ප්‍රමාණයක් සල්ලි වලටත් ගැනීම ගැන. උසස් අධ්‍යාපනය මං හිතන විදිහට අයිතියකට වඩා වරප්‍රසාදයක්.

Anonymous said...

බල්ලන් බිරුවාට කඳු කඩා පහත් නොවේ.
එබැවින් බුරනා බල්ලන් හමුවේ අප නොසැලී සිටිමු.

සැ.යු. මෙහිදී සියලු ජාතික විශ්ව විද්‍යාල සිසුන් බල්ලන්ට සමාන නොකරමි. නමුත් ජාතික විශ්ව විද්‍යාල පද්දතිය තුලට රින්ගා තවත් අයෙකුගේ අධ්‍යාපන අයිතිය උදුරාගනීමට වෙරදරන සුලුතරයක් වූ පිරිස බල්ලන්ට සමාන නොකරන්නේ එය බලාට කරන අගෞරවසක් නිසා බව සැලකුව මැනව.

Anonymous said...

උසස් පෙළ ෆේල් වෙලා හරි නැත්තම් යාන්තමට රූටල අධ්‍යාපන කඩ වලට ඇවිත් කෑ ගහන්නෙ නැතුව හිටපල්ල. මේවගෙ ඉන්න හැමෝම විශ්වවිද්‍යාල වලට ආවෙ ඉහළ අවශ්‍යතා සපුරලා. ගොන් පොන්නයො හිතාගෙන ඉන්නෙ මහලොකු කෙරුමො කියල. ඔය උපාධි කරල එළියට ඇවිත් බලපල්ල - අපිට රුපියල් 50000 ක් දෙන රස්සාවට උඹලට දෙන්නෙ 8500ට. බොරුවට කෑගහන්න එපා. දන්න උන්ගෙන් අහල බලපල්ල. යකෝ, සුළුතරය කියන්නෙ උඹලට. රාජ්‍ය විශ්වවිද්‍යාල වල දැනට 60000කට වඩා ඉගෙන ගන්නව. ඔක්කොම උපාධි කඩ එකතු කෙරුවත් 10000 ක් හොයාගන්න එපා.

Anonymous said...

Mata kalin antimata comment karapu eka AL hondata karala hondai Kiyna Uni ekakta gihin degree ekath 1st class dala eliyata awith hondaaa job ekak karana ekek kiyala penawa :P :P :P hik hik

Anonymous said...

50000 රස්සාව 8500 ලු. මොකද්ද දන්නේ නෑ රස්සාව. පව් නේ. ඌ එක්කෝ ඔය තව ඉගෙන ගන්න එකෙක් වෙන්න ඇති. නැතිනම් අහවල් කැම්පස් එකක් ගැන හීන දකින එකෙක් වෙන්න ඇති. කවුරුහරි ටියුශන් ගුරෙක් උගෙ ඔලුවට දාපු එකක් වෙන්න ඇති. ලිං ගෙම්බෙක්