Sunday, December 16, 2012

පරිකල්පනය වනසා - ලෝකය විනාස කිරීම

ලෝකය විනාස වී සුන්නද්ධූලි වන තෙක් අප ඇගිලි ගනිමින් - දින ගනිමින් සිටිමු. මේ ඛේදනීය බලා සිටීම අප වෙත උරුම කර දෙනු ලැබූයේ ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස හා සිනමා නිර්මාණ වෙතින් විවිධ ආගමික විශ්වාසයන් සමාජ ගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුත්, මේ සියල්ල අවසානයේදී සැලසුම් කරනු ලැබූ ලෝක විනාසය දෙපා මුළටම පැමිණ ඇති අවස්ථාවේදී අප විසින් කණගාටුවිය යුතු තවත් කරුණක් ඇත. එනම්, ඉතිහාසය පුරාම සෑම සිද්ධියකදීම අනෙකා විසින් නිර්මාණය කර දෙනු ලැබූ සේයාරුවක් ඇසුරින් සංචේතනා දැක බලා ගැනීමට සිදු වීමයි. සරලවම කියන්නේ නම්, ලෝක විනාසය ද කළින් බලනු ලදුව එහි ‘රිපීට් ටෙලිකාස්ට්‘ හෙවත් ‘ලයිව්‘ එකට කළින් දර්ශන බලා යළි ‘ලයිව්‘ එක බැලීමේ අදිටනින් සිටිමු.

ලෝක විනාශය ද සමාජ වෙබ් අඩවි ඔස්සේ සිදුකරනු ලබන සමාජ විප්ලවයක් තරමටම, උද්යෝගී හා ආකර්ශණීය සිදුවීමක් වී තිබේ. ලෝක විනාශය පිළිබද සිතන විට එක් වනම ලියුම්කරුවාටනම් දැනෙන්නේ, එක් ත්‍රාසජනක අත්දැකීමක් රූපවාහිනියෙන් නරඹන්නාක් සේ අත්දැකීමක් ලබා ගත හැකි දිනක හෝ පැය කිහිපයක සිදුවීම් මාලාවක් බවයි. ලෝක විනාශයෙන් පසු, සාමාන්‍ය පරිදි ලෝක විනාශය පිළිබදව යළි සිහිකරමින් සාමාන්‍ය කටයුතු කරගෙන යාමට හැකි යැයි සිතේ. එනම්, මරණයෙන් පසු තමාගේ මළගෙදර කටයුතු සිදුවන ආකාරය සජීවීව නරඹා යළි එම කටයුතු අවසන් වූ විට සාමාන්‍යකරණය වන්නාක් වැනි හැගීමකි. මේ මනේභාවය නිර්මාණය වූයේ, ලෝක විනාශය මින් පෙර අප දැක ඇති නිසාය. ලෝක විනාශය නරඹා අවසන අප පිටතට පැමිණ කඩල-මුරුක්කු කමින් එය රසකර කතාකර අවසන දැන් සාමාන්‍ය කටයුතු කරමින් සිටිමු.

මෙහිදී මූලිකම කරුණු ඉස්මතු කිරීම සිදුවන්නේ බයිබලය ඇසුරින් නිර්මාණය කරනු ලැබූ ‘2012‘ චිත්‍රපටයයි.  මෙරට මිනිසුන් සුනාමිය විද දරා ගත්තේ සුනාමියක් පිළිබද දැඩිව සංවේදී වූ හෝ මනසට කා වැදුණු චිත්‍රපටයක්, කතාවක් හෝ අඩුම තරමේ ජනප්‍රවාදයක්වත් අසා නැති තත්ත්වයකය. (කැළණිතිස්ස රජුගේ කතාව ආගමික හා සංස්කෘතික මිශ්‍රණයක් ලෙස කියවා තිබුණ ද එය භූගෝලීය සිදුවීමක් ලෙස සංවේදී වී නොතිබිණි.) එහෙයින් එම අවස්ථාවේදී අප විසින් අත්දකිනු ලැබූ සෑම දේම අදාල අවස්ථාවේදී අපට අත්විදීමට සිදූ වූ සැබෑ දේ විය. නමුත්, ලෝක විනාසයට අදාල 2012 සිනමාපටය මගින් ලෝක විනාසය විය යුත්තේ මෙලෙසින් යැයි මේ වන විටත් නියම කර ඇත. එහෙයින්, මුහුද ගොඩ ගැලීම, අධික වර්ෂාව, කුණාටු, ටොනාඩෝ හැර වෙනත් කිසිම සිදුවීමකින් ලෝකය විනාශ විය නොහැකි බැව් මිනිස්සු පොදුවේ විශ්වාස කරති. එසේම, තවත් සමහරෙක් ‘දි ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ‘, ‘අයි ඈම් ද ලෙජන්ඩ්‘ වැනි ආකෘතීන් හරහා ලෝක විනාසය සිදු වන තෙක් බලා සිටියි. ලියුම්කරුවා කියා සිටින්නේ, ලෝක විනාසය විය හැකි ආකාරයන් සිනමාකරුවන් විසින් රාමුගත කිරීමෙන් පසු, වෙනකක් තබා ලෝක විනාසය ගැන පවා ඉන් එහා දෙයක් සිතීමට (පරිකල්පන ඥානය මෙහෙයවීමට) මෙරට වැසියන් කම්මැලි කර තිබේ.

මෙය ලෝක විනාසයෙන් අවසන් වන මව් කිරි දීමෙන් හෝ සහවාසයෙන් ආරම්භ වන තැන දක්වා දිව ගිය ඛේදවාචකයකි. ස්වාමි-භාර්යා ඒකරාශී වීම ද මේ වන විට අදාල අවස්ථාවේදී දැනෙන හැගීම් වලට අනුව සිදු වීමට ඉඩ නොදී කළා නිර්මාණයන් විසින් ඩැහැ ගෙන තිබේ. අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ හෝ ඇතැම් සීමා වලට පමණක් සීමා වූ මෙවැනි සිනමා නිර්මාණ හෝ චිත්‍රපට ඇසුරින් අදාල කෘත්‍යය ද සිදු කිරීම ආකාර කිහිපයකට සීමා කිරීම තුළින් හා එහි සුරාන්තයේ ස්වභාවය මිනිස් මනස තුළට ඔබ්බවනු ලැබීමෙන් පසුව එතැනින් එහා මිනිසුන් සිතීමට පෙළඹවීම හා ක්‍රියාත්මක වීමට පෙළඹීම නොනිළ අයුරින් ස්වයං තහංචියකට ලක් කර ඇත.

කළා නිර්මාණයන් තුළින් කළාකරුවාගේ හෝ නිර්මාණකරුවාගේ චින්තනය අනෙකාගේ පරිකල්පනය විනාශ කරමින් අභිබවා යාම, රසික සමූහයට යම් අසාධාරණයක් නොකරන්නේ දැයි සිතේ. යළිදු කියන්නේ නම්, ලෝක විනාශයේ ප්‍රකෘති අත්දැකීම ලබා ගැනීමේ අවස්ථාව මෙන්ම ලෝක විනාශය පිළිබද පරිකල්පන ඥානය මගින් ආකාර නිර්ණය කිරීමේ හැකියාව ඒ හා අනුබද්ධ චිත්‍රපට මගින් විනාශ නොකරනු ලැබ ඇතිදැයි ගැටළු සහගතය.

මෙසේ කරනු ලැබූ අවස්ථාවන් කිහිපයකි. ජැක්සන් ඇන්තනී විසින් නිර්මාණය කරනු ලැබූ ‘අබා‘ මගින් ඉතිහාසයේ ඇත්ත වශයෙන්ම සිදු වූ දේ හා ඔහුගේ නිර්මාණය තුළින් ඉදිරිපත් කළ දේ යන දෙකම සර්ව සම බවට දේශීය රසිකයා තර්ක කරන්නට පටන් ගත්තේය. විවිධ ඉතිහාස විශාරදයින් විසින් එහි අන්තර්ගතය හා කරුණු තර්ක කිරීමට භාජය කළ ද ප්‍රතිඵලයක් නොලැබුණු තරමටම ‘අබා‘ යනු ඉතිහාසය යැයි මිනිසුන් විශ්වාස කිරීමට පටන් ගත්තේය.

නූතන දරුවන්ගේ වාහන පැදවීමේ ශෛලිය හෝ විලාසය බවට පත්ව ඇත්තේ, පරිගණක ක්‍රීඩා හෝ උද්වේගකර චිත්‍රපට මගින් පෙන්වා දී ඇති ක්‍රමවේදයයි. මෙම ශෛලීන් ද යුගයෙන් යුගයට සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. අපට මතක ඇති මින් දශක කිහිපයකට පෙර චිත්‍රපටයක වේගයෙන් වාහනයක් පැදවීම පෙන්නුම් කළ ද ඒ සියල්ලම පාහේ අවම නීති හෝ ආරක්ෂා කරමින් සිදු වේ. නමුත්, අද වන විට අවම නීති හෝ ආරක්ෂා නොකරමින් සිදුවන වාහන පැදවීම් නිරන්තරයෙන් දර්ශනය කිරීම තුළින්, ‘විදිය මේකයි‘ යනුවෙන් මානව සිත් තුළ පත්තියන් වෙයි. ඉන් පසුව, ඔවුන්ගේ හැසිරීම ද සම්පූර්ණයෙන්ම ඒ හා සමාන ලක්ෂණවලින් යුක්ත වේ.

යළිදු කියන්නේ නම්, ලෝක විනාසය සම්බන්ධයෙන් 2012 චිත්‍රපටය විසින් සිදු කරනු ලැබූයේ ද එය බැව් හැගේ. එහෙයින්, සරලවම කියන්නේ නම්, ලෝක විනාසයේ ආතල් එක ද අනෙකාගේ පරිකල්පනය හරහා කියවීමට යාමෙන් රසිකයාට අහිමි වී තිබේ.

වැදගත් සටහන - ලෝක විනාසය සම්බන්ධයෙන් වන අදහස් දක්වන ආගමික කල්ලිවල හෝ කණ්ඩායම් වල පැවැත්ම වෙනුවෙන්, ලෝකය නියත වශයෙන්ම විනාස විය යුතු තත්ත්වයක පවතියි. එහෙයින්, ප්‍රබල සංවිධාන හා පුද්ගලයින් වන ඔවුන් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සදහා මෙන්ම අනාවැකි ‘ෆේල්‘ වීමෙන් වලක්වා ගැනීම පිණිස යම් නිර්මාණය කරනු ලැබූ සිදුවීම් මාලාවක් හෝ සිද්ධ කිරීමට ඉඩ ඇත. එහෙයින්, ආර්ථික හා දේශපාලන හැකියාවන්ගෙන් ඌණ රටක වැසියන් වන අප ඒ පිළිබදව අවධානයෙන් සිටිය යුතුයැයි විශ්වාස කරමි.

Saturday, December 15, 2012

රජමැදුරේ පෙරකදෝරු දානයක්


අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය සම්බන්ධ දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් වීම, එය විභාග කිරීමේ පටිපාටිය හා ඊට අදාල ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතල ගැටළු නිර්මාණය වී ඇති තත්ත්වයක මේ වන විට නීතීඥවරුවන් හා නීති ක්ෂේස්ත්‍රයට සම්බන්ධ පිරිස් අධිකරණයේ ස්වාධිනතාවය මෙන්ම යුක්තිය පසිදලීමේ පිළිගත් ක්‍රම වේදයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි සටනක නියැලෙමින් සිටියි. මෙහිදී ඇත්ත වශයෙන්ම පෞද්ගලිකවම ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය සම්බන්ධයෙන් මෙවැනි දෝෂාභියෝගයක් ගෙන ඒම එා ඊට අදාලව කටයුතු කළ යුතු ආකාරය ද නීති විරෝධී හා සදාචාර විරෝධී තත්ත්වයක පවතියි. එවැනි තත්ත්වයක් තුල අගවිනිසුරුවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය යන්න කියවා ගැනීමේදී එය වඩාත් ගැටළුකාරී මෙන්ම නීතිමය විධික්‍රමයන් දැඩිව ප්‍රශ්න කරන තත්ත්වයක් පවතියි. එසේම, ‘පිස්සු බල්ලන් ලවා ගේ මුර කිරීම‘ යන න්‍යාය අනුගමනය කරමින් කිසිදු සුදුසුකමක් හෝ ප්‍රවීණතාවක් නොදක්වන හා නීතිමය පදනමක් නොමැති තේරීම් කාරක සභාවක් හමුවේ මෙය විභාග කොට දැන් තීන්දුවක් ද ලබා දී ඇත.

මේ සියල්ල සිදුවෙමින් පවතින විට, අදාල කරුණ සම්බන්ධයෙන් ඍජුවම බලපෑමක් එල්ල කරන නීති ක්ෂේස්ත්‍රෙය් පිරිස් මේ සම්බන්ධයෙන් වැඩි සංවේදීතාවයකට පත්ව ඇත. ඔවුන් ද රටේ සෙසු යුක්තිගරුක හා අවම විනයක් පිළිබදව හෝ සංවේදී වන පිරිස් මෙන්ම ඉල්ලා සිටින්නේ පෞද්ගලික පළිගැනීමෙන් වියුක්තිය නීතියට අනුව මෙම ගැටළු විසදිය යුතු බවයි. මේ පිළිබද සාකච්ඡා කිරීමට ද වෘත්තීමය වශයෙන් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගැනීමට ද නීතීඥවරුන් අද (2012-12-15) දින කොළඹ නීතීඥ සංගම් මූලස්ථානයට කැදවා ඇත්තේ නීතීඥ සංගමය විසිනි. නීතීඥවරුන් සම්බන්ධයෙන් තැන් තැන් වල අටවා ගත ්දේශපාලන උවමනා මත පදනම් වූ විවිධ නීතීඥ සංගම් යනු කිසිදු වෘත්තීය අභීවෘද්ධී චේතනාවෙන් හෝ අරමුණින් ඉදි වූ ඒවා නොවේ. නිදහස් නීතීඥ සංගමය යනු රෙජීමයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම හා ඔවුන්ගේ එහෙයියන් සෙල කටයුතු කිරීමයි. ජාතික නීතීඥ සංගමය යනු එජාපය වෙනුවෙන් ඕනෘම දහදුරා වැඩක් වෙනුවෙන් පෙනී සිටීමයි. ජවිපෙට හා පෙරටුගාමීන්ට ද සෙසු දේශපාලන පක්ෂ වෙනුවෙන් ද මෙලෙස අටවාගත් නීතීඥ සංගම් ඇත. නමුත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු පොදු මහත් නීතීඥවරුන්ගේ අභිමථාර්ථ හා අරමුණු වෙනුවෙන් පෙනී සිටින පොදු ඒකකයයි.

නීතීඥ සංගමය අද දවසේදී කොළඹට නීතීඥවරුන් කැදවන විට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද තමන්ගේ එහෙයියන් රජගෙදරට කැදවීමට තීරණය කර ඇත. මෙහි අරමුණු දෙකක් ඇත. එකක් නම් මේ වන විට ශක්තිමත්ව පවත්වාගනිමින් යනු ලබන නීතීඥවරුන්ගේ සටන අල කිරීම හා දෝෂාභියෝග කාර්යයේදී තමන් වෙනුවෙන් ගම් මට්ටමින් කඩේ යන පිරිසක් නිර්මාණය කර ගැනීමයි. ‘නීතීඥවරුන් අර කවුද වගේ සල්ලි දෙනවනම්, ඕනැම දේයක් කරනවා‘ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිට අගවා සිටියේ, නීතීඥවෘත්තිය ද වෛශ්‍යා වෘත්තිය මෙන් එකක් බවයි. (ජනාධිපතිවරයාගේ එම කතාව) එහෙයින්, තමා ද එවැනිම වෛශ්‍යාවක් බැව් ජනාධිපතිවරයාට අමතක වන්නට ඇත. කෙසේ නමුත්, තමන්ගේ වෘත්තිය දුෂ්ඨ චේතනාවෙන් වෛශ්‍යා වෘත්තියට සමාන කළ නායකයකු හෝ පුද්ගලයකු වෙනුවෙන් තවදුරටත් කඩේ යාම - මොනතරම් නම් විලිලැජ්ජාසහගත නොවන ක්‍රියාවක් ද. ‘වේසි‘ යනුවෙන් බැණ වැදී හා සමච්චල් කර තිබෙන මොහොතකත් අරලිය ගහ මන්දිරයෙන් හිමිවන කෑම වේලේ රසය හා රාජ තේජසේ උණුසුමට ලොල්ව කටු සූප්පු කරමින්, දෙපා තවමින් මෙලෙස රෙජීමය වෙනුවෙන් කඩේ යාම නීතීඥවෘත්තියට පමණක් නොව මානව ලක්ෂණයන්ට පවා නිග්‍රහයක් නොවන්නේ ද. එහෙයින්, අද අරගිය ගහමන්දිරයේදී පැවැත්වෙන්නේ නීතීඥවරුන් වෙනුවෙන් කෙරෙන සුහද හමුවක් හෝ වෙනකක් නොව, තමන්ගේ කටු සූප්පු කරන සුහච කීකරු - කියනා ඕනෑම දෙයක් නකුට හෝ දෙකන් වනමින් අසා සිට අවසානයේදී හුරේ දමනා මෙරට අල්පයකින් ද අල්පයක් තරම් වන ‘වේස පෙරකදෝරුවන්‘ වෙනුවෙන් වන දානයක් නොවේ ද. මෙම කෑම වේල් මගින් සිදු කරගන්නේ මෙම නිවට පෙරකදෝරුවන්ගේ පිට කොන්ද තවදුරටත් කඩා බිද හෙළා තම රෙජීමයට ණය ගැති කර ගැනීම නොවේ ද.

එසේම, දෝෂාභියෝගය සම්බන්ධයෙන් අද වන විට නව තත්ත්වයන් කිහිපයක් නිර්මාණය වී ඇත. එහි ආසන්නම සිද්ධිය වූයේ මේ සම්බන්ධයෙන් ගොණු කළ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කියා සිටි අදහසයි. ‘නඩුවක් අසා දඩුවම් නියම කළ හැක්කේ විධිමත් අධිකරණ ක්‍රියාවලියකින් පසු අධිකරණයකට හෝ එම බලය සහිත පුද්ගලයකුට පමණයි‘යැයි ශ්‍රේ. විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා කියා සිටියේය. එනම්, අද වන විට පරේලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරපුසාද සම්බන්ධයෙන් පවා කටයුතු කිරීමේ බලයක් නැති පාර්ලිමේන්තුව විසින් ඉන් පරිභාහිර උපරිමාධිකරණ විනිසුරුවරයෙකුගේ හෝ අගවිනිසුරුවරයාගේ කටයුත්තක් සම්බන්ධයෙන් නඩුවක් විභාග කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියි.

අගවිනිසුරුවරිය සම්බන්ධ දෝෂාභියෝග විභාගයේදී ආණ්ඩුවේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් නීලකන්දන් හා නීලකන්දන් නීතීඥ සමාගම විසින් කථානායකවරයාට දන්වා ඇත. ඔවුන් විසින් කියා සිටි වචන හා අමතනු ලැබූ ආකාරයන් එහි පැහැදිලිව දක්වා ඇත. නමුත්, මෙහිදී කල්පනා කළ යුතු කරුණ නම් මේ වන විට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වෙනස් වූ විදියකින් නිළ හෝ නොනිළ වශයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම රෙජීමයේ අණසකට යටත්ව ඇත. එවන් වාතාවරණයක රෙජීමයේ ප්‍රධානියාගේ සහෝදරයා වූ කතානායකවරයා විසින් රෙජීමයේ උවමනාව මත පිහිටවූ සභාවක හා රෙජීමයේ උවමනාව එලෙසින්ම ක්‍රියාත්මක කළ සභාවක වැරදි පිළිබද විනිශ්දය කිරීමට පෙළඹේ ද යන්නයි. එසේ ඇත්ත වශයෙන්ම සිදු ව ඇති දේ පිළිබද ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට හැකි ඍජු කොන්දකින් යුතු පුද්ගලයකු ලෙස වත්මන් කථානායකවරයා විශ්වාස කළ හැකි ද.


 මෙහිදී අගවිනිසුරුවරිය වෙත එල්ල කර ඇති චෝදනා අතර, ඇයගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙස ඉදිරිපත් කර නැතැයි යන චෝදනාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළ ද හන්දිවල සහ කඩපිළ් වල පවා උස් හඩින් හා ‘බලාපල්ලා ගෑණිගේ හැටි‘ ලීලාවෙන් කතා කරනු දක්නට හා අසන්නට ලැබිණි. ‘බලාපල්ලා ගෑණිගේ හැටි‘ කියූ කිසි අයෙකුගේ සිත් තුළට නොනැගුණු ප්‍රශ්නයක් ඇත. එනම්, ‘හොයාපල්ලා මන්ත්‍රීන්ගේ හැටි‘ යන්නයි. විශේෂයෙන්ම මෙම තේරීම්කාරක සභාවේ සහ පාර්ලිමේන්තුවේ අති බහුතරය සමන්විත වූයේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසකගෙනි. ඒ අනුව, ආණ්ඩුවේ න්‍යාය මෙතැනට ගැලපීමට කල්පනා කළෙමි.

ගුණදාස අමරසේකර න්‍යායට අනුව, බලය බෙදීමට කැමති අයෙකුට බලය බෙදීම සම්බන්ධ නඩු විමසිය නොහැක. එය කෙතරම් විවාද සම්පන්න වුව ද ආණ්ඩුවේ මතය එයයි. එසේනම්, පෙරළා අප විසින් ප්‍රශ්න කළ යුතු දෙයක් ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙස ඉදිරිපත් කර නැති මන්ත්‍රීවරයෙකුට හෝ පක්ෂයක සාමාජිකයෙකුට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් නඩු විමසිය හැකි ද යන්නයි. මෙය සරලව ලෙහා ගත යුතුය. මිනී මැරීම සම්බන්ධ යම් මතයක් ඇති පුද්ගලයකු නඩු විමසීම හා මිනීමරා ඇති පුද්ගලයකු තවත් මිනීමරුම් නඩුවක් විමසීම යන කාරණා දෙක හා මෙය සමාන වේ. අගවිනිසුරුවරිය බලය බෙදීමට පක්ෂ අදහසක් දැක්වුව ද ඒ වෙනුවෙන් ඇය ක්‍රියා කර හෝ අනුග්‍රාහ කර නැත. එසේ හෙයින් ඇගේ පුද්ගලික අදහස කුමන හෝ තැනෙක තීරණාත්මකව යෙදවී නැතැයි තර්ක කළ හැකිය. තර්කයක් පමණක් නොව ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ද එයයි. නමුත්, වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි ලෙස ලබා නොදුන් පක්ෂවල සාමාජිකයින් හෝ එසේ නොකළ පුද්ගලයින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදීම සම්බන්ධ නඩු වීමසීම, මිනීමරුවෙකු විසින් තවත් මිනීමරුම් නඩුවක් විමසන්නාක් වැනි කරුණකි.

එහෙයින්, අනුර යාපාගේ සිට නියෝමාල් පෙරේරා දක්වා වන සාමාජිකයින් හත් දෙනා පළමුව සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධ පැහැදිලි විස්තර ඉදිරිපත් කර තිබිය යුතුය. එපමණක් නොසෑහේ, පක්ෂ ලෙස ගත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආදී වශයෙන් එම සාමාජිකයින් හත් දෙනාගේ පක්ෂ විසින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දී තිබිය යුතුය. 

වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධ නූතන ප්‍රතිපත්තිය, (එනම් අගවිනිසුරුවරිය විසින් ඉදිරිපත් කළ යුතුව තිබුණේ යැයි දෝෂාභියෝග යෝජනාවේ සදහන් වූ) ආකාරයට පුද්ගලිකව එක් එක් මන්ත්‍රීවරයින්ගේ පමණක් නොව ඔවුන්ගේ ලේ ඥාතීන් වන ස්වාමිපුරුෂයා, දරුවන් හා සෙසු ඥාතීන්ට අදාල වත්කම් බැරකම් ද ඉදිරිපත් කළ යුතුය. තමන් සතු පෑනේ - කොළයේ සිට තමන්ට හිමි ස්විස් හෝ වෙනත් විදේශ බැංකු ගිණුම්වල විස්තර ආදී සියල්ල ද අයත් විය යුතුය. අනෙකාට ඇගිල්ල දිගු කර පරිභව කිරීමට හෝ දඩුවම් කිරීමට පෙර තමාගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් ඍජුව පෙනී සිටීමට තරම් කශේරුක ශක්‍යතාවක් මෙම සාමාජිකයින්ට හිමිව ඇතැයි දැයි මේ වන විටත් ගැටළුකාරී වේ.

මන්ත්‍රීවරුන්ගේ හා පක්ෂවල වත්කම් බැරකම් ලබා දිය යුතු වන්නේ මැතිවරණ කොමසාරිස් වරයාටය. ඒ අනුව, ලෝක න්‍යායන් අනුව යම් පුරවැසියකු මන්ත්‍රීවරයෙකුගේ හෝ පක්ෂයක වත්කම් බැරකම් සම්බන්ධයෙන් උනන්දු වන්නේ නම් ඒ පිළිබදව දැන ගැනීමේ අයිතියක් එම පුරවැසියාට හිමි විය යුතුය. මන්දයත්, රටක උත්තරීතර වන්නේ එම රටේ ජනතාව වන හෙයින්, තමන්ගේ රටේ සිදුවන දේ හා විශේෂයෙන්ම තමන්ගේ මුදලින් වැටුප් ලබන්නන්ගේ කියුම් කෙරුම් පිළිබද දැනුවත් වීමට ඔවුන්ට අයිතියක් ඇත. මෙය දියුණු රටවල ‘තොරතුරු දැනගැනීමේ අයිතිය‘ යනුවෙන් නීතිගත කර හෝ රීතිගත කර ඇත. නමුත්, ජනතා පරමාධිපත්‍යය පිළිබද වැඩියෙන්ම උනන්දුවන රටක් වන ශ්‍රී ලංකාව තුළ එවැනි අයිතියක්ස උත්තරීතර පුරවැසියන් සතු නොවේ. ඒ අනුව, ජනතා බදුමුදල් වලට සිදුවන්නේ කුමක් දැයි සලකා බැලීමට හෝ හොයා බැලීමට ඒ රටේ ජනතාවට හැකියාවක් නොමැත. පාලක පක්ෂය විසින් එක් රජයේ නිළධාරියකුගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් වැඩිපුර උනන්දුවක් දක්වන විට - ඉටුවිය යුතු හා ඉටු කළ යුතු අනෙක් යුතුකම් තමන් විසින් ඉටු කර නොමැති බැව් අමතක වී ඇත.

අවසන ද ලියමි. නීතීඥවරුන් විසින් පෙනී සිටිය යුත්තේ ද අරගල කළ යුත්තේ ද නීතීයේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධිනත්වය, යුක්ති යුක්ත මූලධර්මයන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම, නීතීඥ වෘත්තියේ හා නීති ක්ෂේත්‍රෙය් ගරුත්වය ආරක්ෂා කර ගැනීම වැනි කරුණු වෙනුවෙනි. එසේ නොකර, බත් වේලට වෘත්තිය ගරුත්වය පාවා දීම, තේ වේලට අධිකරණයේ ස්වාධිනත්වය කෙළෙසීම, ජනපති රුව ඇති ෆයිල් කවරක් වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීම වෙනුවෙන් පෙනී සිටීම හෝ කොළඹ පෙන්වන සංචාරයක් වෙනුවෙන් සියල්ල පාවා දීම නොකළ යුතුය. අද පවත්නා මේ තත්ත්වය නුදුරු අනාගතයේදී වෙනස් මුහුණුවරකින් කරළියට පැමිණිය හැක. එවැනි අවස්ථාවකදී ද රෙජීමයට හීලෑ නීතීඥවරුන්ගේ හැසිරීම මෙලෙසම විය හැකි ද. අසල්වැසියාගේ පැළ ගිනිගනිමින් ඇති විට - තමන්ගේ පැළට ද අභියෝගයක් ඇතැයි යන පංචතන්ත්‍ර පාඨය, අරගියගහ මන්දිරයේ පුටු මතට වී අගවිනිසුරුවරිය හා සෙසු නීතීඥවරුන් විවේචනය කරමින් පවන් සළමින් සිටින සියලුම නීතීඥවරුන්ට සිහිපත් කරනු කැමැත්තෙමි.

Tuesday, December 11, 2012

ගෞතම බුදුදහම හා නූතන බෞද්ධකම - එකිනෙක පෑහේන්නේ ද

ව්‍යවහාරයේ පවත්නා අර්ථයෙන් හා සරල වශයෙන්ම සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය මිනි ඉක්බිති ව්‍යවහාර වශයෙන් බුදු දහම යනුවෙන් හදුන්වනු ලබන ලියුම්කරුවා, ලියුම්කරුවා සහ සෙසු සියලු දෙනා පිළිගන්නා ගෞතම බුදුහිමියන් විසින් දේශනා කළ ධර්මය හා අද වන විට පොදු සමාජය විසින් බෞද්ධකම ලෙස හදුනාගෙන ඇති හෝ ඒත්තු ගැන්වීමට උත්සාහ ගන්නා ක්‍රමවේදය අතර යම් නොපෑහීමක් හෙවත් පරස්පරයක් ඇතැයි ප්‍රශ්න කරයි. එසේම, මේ ලිපිය වියමන් කර අවසානයේදී ලියුම්කරුවාද බහු ජාතික සමාජගමක හෝ මිථ්‍යා දෘශ්ඨික බලවේගයක අතකොළුවක් හෝ ආධාර ලබන චරිතයක් බවට පත් වී ධර්මයට හෝ බෞද්ධ කමට ගර්හා කිරීම යත්න දරන්නේ යැයි චෝදනා ලැබීමේ අවධානමක් ද ඇති බව පැහැදිලිව හදුනාගෙන සිටිනා බව ද කියා සිටිමි. මන්දයත්, තාර්කික හෝ පදනම්ගත තත්ත්වයන් තුළ අසමත් වන කල්හි, සියල්ල එවැනි විඥානවාදී තැනකට ලගු කිරීම නූතන ලංකාවේ පොදු ව්‍යවහාර ලක්ෂණය වී ඇති බැව් දන්නා හෙයිණි.

සැ.යු. - මෙහිදී හදුන්වනු ලබන හිමිවරුන් - සමස්ථය හෝ බහුතරය නොවිය හැකිය. මෙය කියවන හිමිනමක්, එම කැටගරියට අදාල නොවන්නේ නම්, පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පිළිබද තැතිගැන්මක් හෝ ඇවිස්සීමක් ඇති නොකර ගන්නා සේකවා.

අද වන විට බෞද්ධකම හා සිංහලකම සම්බන්ධ කරමින් වෙනත් ජාතීන් සමග ඇතැම් නොහොද නෝක්කාඩු ඇති කිරීමේ හා ඔවුන් හෙළා දැකීමේ ව්‍යාපාරයක් දියත් වෙයි. මෙම ව්‍යාපාරයන්ගේ නියුතු වන්නන් ෆේස්බුක් සමාජ වෙබ්අඩවිය හෝ වෙනත් සමාජ වෙබ් අඩවි වල හැසිරෙමින් සිටින්නේ, බුදුන්ට ද පෙර යුගයේ සිට බෞද්ධකම උරුමකරගත් අය මෙනි. ඔවුන්ගේ ලිපි හෝ ඡායාරූප වල ඇත්තේ වෛරී හැගීම් හා ක්‍රොධය මිශ්‍ර ආක්‍රෝෂ රසයකි. කෙසේ නමුත්, බුදුන් වහන්සේගේ ධර්මය තුළ ඇත්තේ නිවීම, පහන්වීම හා සැනසීම ආදී වූ ශාන්ත ලක්ෂණයන්ය. එවැනි පසුබිමක් තුළ - වෛරී හැගීමකින් හා චේතනාවකින් යුක්තව පහන් හෝ සැනසිලිදායක පද්ධතියක් ආරක්ෂා කරන්නේ කෙසේ දැයි ලියුම්කරුවා ප්‍රශ්න කරමි. ඇත්ත වශයෙන්ම ඔවුන් පෙනී සිටින්නේ බුදුදහමේ චිරස්තිථිය හා ආරක්ෂාව වෙනුවෙන් බව පවසන්නේ නම්, ඔවුන්ගේ හැසිරීම ද එවැනිම ලක්ෂණයන්ගෙන් යුක්ත විය යුතුය. පෙට්‍රල් ටැංකියක්, ගිනි ගොඩක් ගසා ආරක්ෂා කළ නොහැක්කා සේ, වෛරී සිතුවිලි පතුරවමින් හෝ ක්‍රෝධය ඇති කරමින් ශාන්තිනායක දහමක් හෝ පද්ධතියක් ආරක්ෂා කරන්නේ කෙසේ ද. වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් අතමිදීමේ ගාථාවන් තබන තබන පියවරක් පියවරක් පාසා ජීවන් කළ ද කෝපාවිශ්ඨ වෙමින්, ගල් ගසමින්. පිළිරූ ගිණිතබමින්, ජනයා අවුස්සමින් පෙළපාලි යමින් එවැනි සැනසීමක් උදා කරන්නේ කෙසේ ද.

ඇතැම් හිමිවරු ධර්ම දේශනා නමින් ආරම්භ කරන දේශනාවල ඇත්තේ ජාත්‍යාලය හෝ වෙනත් දේශපාලනික කරුණු වලින් යුක්ත වන කතාය. බුදුදහමට අනුව, දේශපාලනය හෝ වෙනත් එවැනි මෙලොව යහපත හෝ පරළොව සුගතිය සදහා හේතු නොවන කතා සියල්ල දෙතිස් කතා නමින් කාණ්ඩ කර - බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේක කොට ඇත. නමුත්, අද හිමිවරුන්ගේ ඇතැම් දේශනා වල ඇත්තේම එවැනි දෙතිස් කතාය. රට බේරා ගැනීම, සටන් කිරීම, යුද්ධ කිරීම හෝ සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රමදාන කිරීම වෙනුවෙන් අනුග්‍රාහ කිරීම බුදුන් වහන්සේගේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයින්ගේ මුඛ්‍ය කාර්යයක් නොවේ. යමක් වෙනුවෙන් ධර්මානුකූල පියවර පෙන්වා දීම හා නියාමනය කිරීම බුදුන් වහන්සේ විසින් පවා සිදු කර තිබුණ ද යුද්ධ කිරීම සදහා කඩු පොළු අමෝරාගෙන සටන් බිමට පිවිසෙන්නයැයි කිසි විටෙක බුදුන් වහන්සේ නොවදාලේය. එපමණක් නොව. එවැනි ක්‍රියා අනුමත කළේ හෝ නැත. නමුත්. අද වන විට හමුදාවන් සහ සිවිල් සංවිධානවල සටන් කිරීමේ හා වෙනත් සමාජ ව්‍යාපාරයන්ගේ කටයුතුවල පෙරමුණ ගෙන සිටින්නේ බුදුන් වෙනුවෙන් ද සංසාරය අවබෝධ කර ගැනීම වෙනුවෙන් ද පැවිදි වුණු හිමිවරුන්ය. උන්වහන්සේ නොදැනුවත්වම, වෙනත් අරමුණක් ඇතිව වීදියකට පිවිස, දැන් වෙනත් අරමුණක් වෙත ලගා වෙමින් සිටිනා පිරිසක් බවට පත්ව ඇත.

1980 දශකයේ මෙරට ජාතිවාදී කෝලාහළ සදහා පෙරමුණ ගත් හා ඒවා අවුළුවනු ලැබූ උද්යෝගී පිරිස් වූහ. නමුත්, එවැනි ඛේදවාචකයන් බිහි කිරීම තුළින් පීඩාවට පත් වූයේ හෝ දුක්වූයේ හෝ විදවන්නේ ඔවුන් පමණක් නොවන බව සත්‍යයකි. එහෙයින්, කිහිප දෙනෙකුගේ දේශපාලන උවමනාවන් මත මතු වී ක්‍රියාත්මක වන මෙම ඊනියා බෞද්ධකම සම්බන්ධ කරුණු ද දේශපාලන ව්‍යාපෘතියක එක් පැතිකඩක් ලෙස හැදින්විය හැකිය. මෙවැනි කරුණු මගින් යම් ගැටුමක් හෝ වෙනත් ඛේදවාචකයක් ඇවිලී ගියහොත්, ඉන් වන්දි ගෙවීමට සිදු වන්නේ සමස්තයටම බැව්ද සිහියේ තබා ගත යුතුය.

ඇතැම් ජාතීන්ගේ ව්‍යාපාර වර්ජනය කළ යුතු බවට ඇතැම් නූතන බෞද්ධයින් හඩ නගයි. නමුත්, කළ යුතුවන්නේ ඇත්ත වශයෙන්ම එය නොවේ. එවැනි ජාතියක ව්‍යාපාර තුළින් ජාතියට යම් අවධානමක් ඇති බැව් හැගෙන්නේ නම් ඔවුන් හා නිතරගයෙන් ජයගත හැකි හෝ තරග කර හැකි ව්‍යාපාර වෙනුවෙන් උදව් දීමය. හිමිවරුන් නම්, එවැනි ව්‍යාපාර දියුණු කිරීම සදහා අවශ්‍ය ව්‍යාපාරික ඥානය බුදුදහම අනුසාරයෙන් ලබා දීමයි. බුදුන් වහන්සේ විසින් දේශනා කළ ව්‍යග්ගපජ්ජ සූත්‍රය මගින් ව්‍යාපාරයක් දියුණු කිරීමේ ක්‍රමෝපායන් පෙන්වා දී ඇත. ඒ කිසිම තැනක, අනෙකාගේ ව්‍යාපාර බිද දැමීම මගින් හෝ ගිණි තැබීම මගින් ව්‍යාපාර දියුණු වන බව දක්වා නොමැත. අදාල ක්‍රමවේදයන් අනුව තමන්ගේ ව්‍යාපාර දක්ෂව හා සියුම්ව පවත්වාගෙන යන කල්හි, සෙසු ව්‍යාපාර අභිබවා මෙවැනි ව්‍යාපාර දියුණු වීම වැලැක්විය නොහැක. නමුත්, වෙසක් පෝ දිනකට හෝ පන්සලක් පැත්ත පලාතේ නොයන. ෆෙස්බුක් බෞද්ධයින් සිතා සිටින්නේ ෆේස්බුක් ෂෙයාර් හා කොමෙන්ට් තුළින් අනෙක් ව්‍යාපාර බිද දමා තවත් ව්‍යාපාර දියුණු කර හැකි බවයි.

ඇතැම් පිරිස බුදුන්වහන්සේට පවා නිගා කරමින් සිටින පසුබිමක, අප නිහඩව සිටීම නිවට කමක් යැයි කෙනෙක් තර්ක කළ හැකිය. එම තර්කය එසේ නම්, මෙලොව හොදම නිවටයා වන්නේ ද බුදුන් වහන්සේය. තමන් වහන්සේට ගර්හා කළ හා නිගා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිවක් කියා නොසිටි උන්වහන්සේ නිහඩව සිටියහ. එය නිවට කමක් ද. ඇත්ත වශයෙන්ම නිවටයින්ගේ හා ප්‍රඥාවන්තයින්ගේ වෙනස එයයි. බුදුරුවක් සහිත මේස් ජෝඩුවක් අළෙවි කළ බවට කියමින්, කඩ ගිණි තියමින්. ගල් මුල් ගසමින් සංහාරයක් ඇති කිරීමට උත්සාහ කළහොත් එවැනි තත්ත්වයක් තුළින් වටිනා ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ විය හැකත දේපල ද එසේය. එවැනි අවස්ථාවන්වලදී බුදුන්වහන්සේ කියා සිටියේ, ඒ පිළිබද කිසිවක් නොතකා - එවැන්නක් නොවුණා සේ තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන ලෙසයි. ඕනෑම පුද්ගලයකු තමන් කරන කාර්යය සම්බන්ධයෙන් යමෙක් උනන්දු වන බව දුටු විට එය යළි යළිත් කරයි. ඒ අනුව, අද මේස් ජෝඩුවකට සංහාරයක් ඇති කිරීමට හැකි නම්, ඔවුන් ඊලගට එය ඉක්මවා ගිය වෙනත් සංහාරයක් වෙනුවෙන් ආරාධනා කරනු ඇත. එවැනි තත්ත්වයන් තුළට පැටලීමට යාමෙන් සිදු වන්නේ වටිනා කාලය විනාස වී යාම හා  ජීවිත විනාස වී යාමයි. ඒවාට අනවශ්‍ය ප්‍රසිද්ධියක් - විරුද්ධ වන අරමුණින් හෝ ලබා දීමෙන් ඔවුන්ගේ අරමුණු ඉටු වේ. මෙවැනි සරල තත්ත්වයක් හෝ තේරුම් ගැනීමට උත්සාහ නොගන්නා නූතන බෞද්ධයින් මෙවැනි තත්ත්වයක් දුටු විට මහා නාඩගම් නටා යළිත් නිග්‍රහ කරනුයේ - බුදුන් වහන්සේටම නොවේ ද.

සිද්ධාර්ථයන් වහන්සේගේ කුලය වූ ශාක්‍යයන් සමූල ඝාතනය වූ යුද්ධයක් පිළිබද අප අසා ඇත. ඒ අවස්ථාවේදී ශාඛ්‍යයන් අනුගමනය කළ තත්ත්වය හා එවැනි පසුබිමක නූතන බෞද්ධයින් අනුගමනය කරන්නේ සමාන තත්ත්වයක් ද. එසේ ද නොවේ. එම යුද්ධයේදී ජීවිතය බේරා ගැනීම, ජාතිය බේරා ගැනීම හෝ වෙනත් කුමන අරමුණක් වෙනුවෙන් හෝ ඔවුහු බුදුන් වහන්සේගේ ධර්මයේ සදහන් නිවීම ඉක්මවා නොගියේය. අවසන් ප්‍රතිඵලය වූයේ ශාඛ්‍යයන් සමූල ඝාතනය වීම හා ශාඛ්‍ය වංශය දැඩි අවධානමකට ලක්ව වදව යාමේ තර්ජනයට පවා මුහුණ දීමයි. නමුත්, අදද ඔවුන් අභිමානවත් හා පෞඩ ජාතියක් ලෙස ඉතිහාසය හදුන්වන්නේ - ඔවුන් ලේඛණගත පෞඩත්වය හෝ ඔවුන් විසින් සංශෝදනය කරගත් බෞද්ධකමක් වෙනුවෙන් සටන් නොකර - සැබෑ බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටි නිසාය. බුදුන්වහන්සේගේ ධර්මය ආරක්ෂා කිරීමේ යහපත් විපාක ඔවුන් අදද විදිමින් සිටින අතර, ඝාතනය කිරීමේ හා අපරාධ කිරීමේ අනෙකාගේ සාපය ඔවුන් විසින්ම විදවමින් සිටිනු ඇත. 

පසුගිය දිනෙක මෙම ආගම්වාදී කරුණු පිළිබද සාකච්ඡා කරමින් සිටින විට එක් භාවනායෝගී හිමි නමක් මෙසේ කියා සිටියේය. ‘ස්වාමීන්වහන්ස උන් දැන් හැම තැනම ව්‍යාප්ත වෙලා. ටික කාලෙකින් මේ රටම අල්ලයි.‘ යැයි එහි සිටි එක් අයෙක් කියා සිටියේ. ‘වෙන්න පුළුවන්. බුදුන්වහන්සේ දේශනා කළා, කාලයත් එක්ක ලෝකෙ මිනිස්සු පිිහෙනව කියල. මේ අය පිරිහුණු උදවිය. හැබැයි අපි ආයෙ ආයෙත් ඉපදුණොත් මේ පිරිහුණු මිනිස්සුත් එක්ක ආයෙ ආයෙ හැප්පෙන්න වෙනව. ඉතිං, අපිට කරන්න තියෙන්නෙ, බුදුන්වහන්සේ දේශනා කළ ඒ නිරාමිස සුවය කරා ලගා වෙන්න අප්‍රමාදී වෙන එක.‘

නූතන බෞද්ධකම හා බුදුන්වහන්සේ දේශනා කළ දේ අතර පරස්පරයන් කියවා ගැනිමට ඔබට ඉතිරිය ශේෂ කරමි. බුදුදහම යනු දේශපාලන ව්‍යාපෘතීන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් භාවිත කෙරෙන උද්යෝගී සටන් පාඨයක් හෝ බෞද්ධකම යනු ට්‍රෙන්ඩ් එකක් නොවන බැව් තරයේ විශ්වාස කරමි. බුදුදහම ආරක්ෂා කර පෝෂණය කිරීමේ වගකීම රජයන් විසින් මගහරිමින් සිටින විට, මෙවැනි ව්‍යාපෘතීන් හරහා එම විලිලැජ්ජාව වසා ගැනීමේ තත්ත්වයක් ඇති කර ධර්මය විකෘති කිරීම හෝ ශාසනය පිරිහීමට ඉඩ හැරීම යන බිල්ලට සැබෑ බෞද්ධයින් හසු නොවී සිටිය යුතු නොවේ ද.

Sunday, December 9, 2012

කුලවාදයට නූතන සංශෝදනයක්

කුලය හෝ කුලවාදය පිළිබද අදහස මේ වන විට සියවස් දෙකකට ද එහාට දිවයන ගතානුගතික කියවීමක් බවට පත්ව තිබේ. ඉතාම කුඩා මනස් සමූහයක පමණක් හොල්මන් කරමින් සිටින කුලවාදය පිළිබද අදහස හෝ කුල බෙදීම, මේ වන විට විවාහය හෝ ඒ හා සමාන වැදගත් කමක් ඇති කීරණාත්මක අවස්ථාවන්වලදී පමණක් ඉස්මතු වන නමුත්, සමාජය තුළ ගර්හාවට හා පිළිතුලට ලක්ව ඇති ‘පැරණි මිනිසුන්ගේ ඇදහීමක්‘ බවට පත්ව තිබේ. එහෙයින් ද කුලය යනු පොදු සමාජයක් තුළ මිනිසාගේ තත්ත්වයන් හා මට්ටම් පිළිබද නිර්ණයක් වෙනුවෙන් පාරම්පරිකව තබා ගත් සාධකයක් වන හෙයින් ද කුලවාදය හෝ කුලය පිළිබද අසහස් හා මතවාදයන් යළිත් අමුතුවෙන් ලිවීමට හා කියැවීමට කාලය එළැඹ ඇතැයි විශ්වාස කරමි. කුලය පිළිබද අවසන් සීමාකිරීම අදින් වසර 200 කට පෙර, එනම් 1815 උඩරට ගිවිසුමට පෙර යුගයට අයිති එකක් බැව් නියත වශයෙන්ම කිවිය හැකිය.

ධනපති පංතියේ සූරාකෑමට එරෙහිව නැගී සිටීම සිදු වූයේ ද ධනපති පංතිය තුළින් උපන් නායකයින්ගෙන් බැවින් ද උසස් තත්ත්වයන් ඍජුව අභියෝග කළ හැක්කේ අදාල උසස් යැයි සම්මත පංතියට අභිමානයෙන් හා ඍජුව අභියෝග කළ හැකි පංතියක් වන හෙයින් ද කුලවාදය පිළිද නූතන කියැවීම ද ඇරඹිය යුත්තේ, සම්මත කුලවාදය තුළ උසස් යැයි සම්මත හා පිළිගත් කුල නියෝජනය කරනු ලබන පිරිස්ම බැව් ද සදහන් කරනු කැමැත්තෙමි.

කෙසේ වුව ද, කුලය නිර්මාණය වීමේ මූලිකම සාධකය වූයේ ඒ ඒ කාලයේදී තමන් සහ තමන්ගේ පංතිය විසින් කරමින් සිටි රැකියාව පදනම් කර ගනිමිනි. ඒ අනුව, මූලික වෘත්තිය ලෙස ගොවිතැන් කළ පිරිස් ගොවිගම ලෙසත් මසුන් මැරීමේ නිරත වූවන් කරාව කුලය ලෙසත් වළං හා මැටි ආශ්‍රිත කර්මාන්තයන්ගේ නියැළුණු උදවියගේ පංතිය කුඹළුන් වන්නේ ද එහෙයිණි. ගම තුළ රෙදි ආදිය සෝදමින් සිටි පිරිස් ඩෝබිලා වූයේය. ඒ අනුව ගත් කළ මෙම සමාජ තත්ත්වයන් හා වෘත්තීන් එම කාලයේදී නිසි බෙදීමකට අනුව සිදු වූ බවත් එවැනි බෙදීමක් සාධාරණ යැයි සිතීමට හැකි තරම් සාධකත් අතීතයේදී හමු වේ.

නමුත්, විශේෂයෙන්ම නිදහසින් පසු මෙන්ම නිදහස් සටන සදහා වන ගමන් මගේදීත් නිදහස් අධ්‍යාපනයේ තත්ත්වයන් සමගත් කුලයට හිමි වෘත්තිය හෝ සමාජ තත්ත්වයන් පවත්වාගෙන යාම හා ඇත්ත වශයෙන්ම කරනු ලබන වෘත්තිය හෝ පවත්වාගෙන යන සමාජ තත්ත්වයන් අතර වෙනසක් නිර්මාණය වීමට පටන් ගත්තේය. ජිවිතේ එක් වරක් හෝ කුඹුරකට බැස නැති හෝ අඩුම තරමේ විනෝද චාරිකාවකදී හැර කුඹුරක් දැක හෝ නැති ගොවිගම මිනිසුන් ද මුහුදු හුළගක් හෝ නොවැදුණු කරාව කුලයින් ද සක පොරුවක් දෑසින් දැක නැති කුඹළුන් ද වෙයි. එහෙයින් තවදුරටත් පැරණි බෙදීම අනුව, කුලය සැලකීම සුදුසු නොවන්නේ යැයි කියා සිටින්නේ එහෙයිණි. එසේම, ඇතැම් විට අද වන විට ජීවත්වන පරම්පරාව තමන්ගේ ලග්නය පවා නොදන්නා හෝ නොතකනා තත්ත්වයක් උඩ තමන්ගේ කුළය තුළ සැලකිළිමත්වන බවක් දක්නට නොලැබේ. විවාහයකදී පවා කුළය වැදගත් බැව් ඇතැමෙක් විශ්වාස කරන්නේ නම්, නූතන සමාජය තුළ බහුලව පවත්නා ප්‍රේම සම්බන්ධතා ආශ්‍රිත විවාහයන්ගේ දී ප්‍රේම සබදතාව ආරම්භ කරන්නේ කුලයක් තබා ඉන්නා සිටිනා තැනක් ගැන හෝ වැඩි තැකීමක් නොකරමිණි. විවාහය වැනි ඉතාම සීමිත සාධක වලදී පවා අද වන විට කුලය යන සාධකය සීමිත ප්‍රදේශ කිහිපයකට හෝ පුද්ගලයින් සමුදායකට සීමා වූ පෞද්ගලික හෝ ප්‍රාදේශීය පිළිගැනීමක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව තුළ අවසන් වරට කුලයට අදාල හැසිරීමක් පිළිබද අවම අවධානයක් හෝ යොමු කරනු ලැබූයේ වික්ටර් අයිවන් විසින් රචිත - නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිය - යන් ග්‍රන්ථයේදී පමණි. එහිදී ද 71 කැරැල්ලට සාපේක්ෂව 88-89 වකවානුවේ තරුණ නැගිටීම සැසදීමේදී කුලය යන්න ඔප්පු කර ගැනීමේ හැකියාවක් ඇති සාධකයක් බවට පත් නොවන තරම්ම බැව් ඔප්පු වී තිබේ.

ව්‍යවහාරික වහයෙන් අර්ථ දක්වන්නේ නම්, ඇතැම් විට පෙර යුගයේදී කුලීනයකු හා උසස් කුළයක පුද්ගලයින් දෙදෙනෙකු සම මට්ටමින් අසුන් ගන්නා පසුබිමක් හෝ දක්නා නොලැබුණ ද අද වන විට තමන්ගේ උසස් නිළධාරියාගේ තත්ත්වය මත මිස කුලය මත ඔහු ආමන්ත්‍රණය කිරීම කළ නොහැකි වී සිටියි. වැඩවසම් හෝ පුද්ගලික දේපල ආර්ථිකයක් තුළ කුලය යන්න අභිමානය පවත්වාගෙන යාමේ සාධයක් වුව ද මේ වන විට පවත්නා ආර්තික, සමාජ හා දේශපාලන තත්ත්වයන් තුළ එම සාධකය අවලංගු නොවී සිටීමට තරම් කිසිදු සාදාරණ පදනමක් නැති තරම්ය.

එසේ වුව ද, කුලවාදය යන්න නූතන සංශෝදනයක් හෝ නූතන භාවිතයක් තුළින් තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් පිළිබද නිර්දේශ කළ හැකි තත්ත්වයක් ඇත. එනම් මේ සදහා ද පැරණි යුගයේදී භාවිත කළ රාජකාරී ක්‍රමය හෝ වෘත්තීය තත්ත්වය සැලකිල්ලට ගත හැකිය. නමුත්, නූතන යෝජිත වර්ගීකරණය අනුව - මෙම කුලය පාරම්පරිකව පැවතීමේ පදනම වන්නේ පියාගෙන් හෝ මවගෙන් දරුවන්ට උරුම වන වෘත්තිමය තත්ත්වය පමණක් මිස වෙනකක් නොවේ.

කරත්ත පැදවූවන් සියලු දෙනා කරත්ත කරුවන් වූයේ නම්, එය ඔවුන්ගේ කුලය පිළිබද මුඛ්‍ය සාධකය වන්නේ නම් ද අද වන විට ත්‍රී-රෝද රියදුරන් හා ටැක්සිකරුවන් හෝ රියදුරන් එවැනි වර්ගීකරණයක් තුළ එකම කුලයකට වර්ග කළ හැකිය. ඔවුන්ගේ සමාජ තත්ත්වයන්, ආර්ථික හැකියාවන් හා දේශපාලනික පසුබිම අත්‍යාසන්න එක සමාන බවක් දැක්වීම ඊට හේතුවයි. පෙර යුගයේ පියාගේ කරත්තය පුතාට උරුම වුව ද නූතන අධ්‍යාපන පසුබිම අනුව, රියදුරු කුළයේ පියාගේ දරුවා ගුරු-කුළයට අයත් ගුරුවරයෙකු විය හැකිය. ඔහු ගුරුවරයෙක් වූ පසු ඔහුගේ සමාජ තත්ත්වය, ආර්ථිකය හෝ දේශපාලනය මෙන්ම සෙසු තත්ත්වයන් තමාගේ පියාගේ කුලයට අනුබද්ධ නොවන අතර ඔහුට හා ඔහුගේ කුලයට අනන්‍ය වේ. නීතීඥවරුන් සියලු දෙනා තමන්ගේ පූර්ව කුල සාධකය තුළ කුමන තත්ත්වයන් තුළ ස්ථානගත වී තිබුණ ද අද වන විට සමාන තත්ත්වයකට පත්ව ඇති හෙයින් නූතන කුළ වර්ගීකරණයට අනුව ඔවුන් එම කුලයට අයත් විය යුතු නොවේ ද. වෛද්‍යවරුන් ද මාධ්‍යවේදීන් ද තොරතුරු තාක්ෂණ ශිල්පීන් ද ස්වභාවය අනුව විවිධ ව්‍යාපාරිකයින් ද ඉංජිනේරුවරුන් ද ඔවුන්ගේ සමාජ, ආර්ථික, පැවතුම් හා දේශපාලන තත්ත්වයන්ට අනුව කියවා ගැනීමේ දී නූතන අනන්‍ය කුළයන් තුළ ස්ථානගත විය යුතුය.

කුලය පිළිබද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ද කුලය රදා පවතින්නේ කරමින් සිටින හෝ කරන ක්‍රියාවන් අනුවය. මෙය වසල හෝ බමුණු යන සරල බෙදීමෙන් එහා ගිය වෘත්තීමය හෝ ක්‍රියාමාර්ගිකමය කාර්යයන් පදනම් කරගනිමින් සිදු කරන බෙදීමක් වෙනුවෙන් ද ආශ්‍රය කරගත හැකිය. අද වන විට පැවිදි වීම ද කුලය මත සිදු වීම දක්නට ලැබේ. නමුත්, මෙහි ද ඇත්තේ කුලයන් දෙකකි. ඇත්ත වශයෙන්ම සසර කළ කිරී පැවිදි වූවන්ගේ කුලය හා ව්‍යාපාරික පදනමක් හෝ භූදල් රැකීමේ අරමුණින් පැවිදි වූවන්ගේ කුලයයි.

කුළය යන සාධකය තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම, යුතුකම් ඉටු කිරීම, තත්ත්වයන් පවත්වාගෙන යාම ආදී කරුණු වලදී අතීතයේදී ද පිටිවහලක් විණි. අද වන විට ද අප පූර්ව කුළවාදයේ විවිධ කුලයන් තුළ ස්ථානගත වුව ද තත් කාලීන වෘත්තීන් අනුව කරමින් සිටින්නේ ඒ සමාන දේවල් සමුදායකි. ජනමාධ්‍යවේදීන් අයිතිවාසිකම් වෙනුවෙන් එක්ව පෙළ ගැසෙති. ඔවුන් පොදුවේ යුතුකම් ඉටු කරති. වර්ජන හෝ උද්ඝෝෂණ ආදිය ද එසේමය. මේ තත්ත්වය පෙර කුළයන් තුළ ද දක්නට ලැබිණි. කරත්ත බදු ඉහළ දැමූ විට කරත්තකරුවන් කුලයක් ලෙස ඊට විරෝධය දැක්වූවා සේ අද වන විට බස් හෝ කුලී රියදුරන් සිය විරෝධය දක්වයි. මෙහි ඇති වෙනස වන්නේ, කරත්තකරුවන් ඔවුන්ගේ කුලයෙන්ම ඔවුන් වී සිටීම හා නූතන රියදුරන් පූර්ව කුල වර්ගීකරණයේ විවිධ කුල වලට වී සිටීමයි. යුක්තිය හා සාධාරණත්වය අභියෝගයට ලක්වන විටදී වීදි බසිනු ලැබූ නීතිඥවරුන් පූර්ව නිගමනයන් අනුව එක් එක් කුලයන්ගේ ස්තානගත වී සිටි අය බව සත්‍යයක්. නමුත්, ඔවුන් අද වන විට පෙනී සිටින්නේ තමන්ගේ නූතන කුලයේ අවශ්‍යතා, යුතුකම් හා වගකීම් වෙනුවෙන්ය.

කුළවාදය බහුලවම හා ස්ථායීවම පැවති ඉන්දියාව තුළ ද අද වන විට කුලවාදය පිළිබද වෙනස් දැක්මක් ඇති වී තිබේ. ඉන්දීය නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ පුරෝගාමිකු හා ජාතික කොඩියේ නිර්මාතෘ සංසදයේ සාමාජිකයකු වූ අම්බෙඩ්කාර් යනු කුලීන පවුලක සාමාජිකයෙකි. කුලවත් පිරිමින් හා ගැහැණුන් නිදහස වෙනුවෙන් පසුගැමී මෙහෙවරක් ඉටු කරමින් සිටියදී ද කුලවත්භාවයට අදාල සාධාරණයක් ඉටු නොකරද්දී ද අම්බෙඩ්කාර් අධ්‍යාපනය තුළින් වෙනස් කර ගත් කුලයක සිට ඒ  වෙනුවෙන් යුග මෙහෙවරක් ඉටු කළේය. මායාවතී නම් වූ කුලීන කාන්තාව අද වන විට ඉන්දියාවේ කුලවතුන් බහුල ප්‍රාන්තයක් තුළ මහ ඇමතිකම දරමින් සිටියි. ඉන්දියාවේ පළමු කතානායකවරිය වන මීරා කුමාර් දාලිත් නම් හීන කුලයකට අයත් කාන්තාවකි. ජනාධිපති කේ. ආර්. නාරායන ද අගවිනිසුරුවරයෙකු වූ ජී. කේ. බාලක්‍රිශ්නන් ද හීන කුල වල සිට ඉන්දියාවේ ඉහළම තනතුරු වෙත පැමිණි අය වෙති. ලංකාව සම්බන්ධයෙන් ද මෙවැනි උදාහරණ ප්‍රමාණවත් තරම් ඇත. 

නීතිය තුළින් පවා කුලවාදය වෙනස් කිරීමේ යත්නයක් දරා ඇති බව කුලය පිළිබද අදහස වැඩිපුරම දැරූ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නීතීන් දෙස බැලීමේදී දක්නට ඇත. ප්‍රවේශ අයිතිය හා නිදහස සම්බන්ධ මූලික අයිතිවාසිකම් වලදී,  කුලය ආගම භාෂාව හෝ ජාතිය අනුව වර්ග කළ නොහැකි බවත්, ඒ මත ප්‍රවේශ හැකියාවන් සීමා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(3) ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ සමානම තත්ත්වයක් ඉක්දියානු ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව තුළින් ද දක්වා ඇත. ඉන්දියාව තුළ ද සලකා බැලීමේදී දක්නට ඇති තත්ත්වය වන්නේ කුලය මත පදනම්ව ඇත්ත වශයෙන්ම කරතැයි අපේක්ෂා කළ හැකි රැකියාවන්, සමාජ ආර්ථික පසුබිම් හා තත් කාලයේදී ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවත්නා දේ හා කරමින් සිටින වෘත්තීන්, ආර්ථික හා සමාජ හැසිරීම්වල වෙනසක් ඇති බව යැයි, කුලවාදය පිළිබද ඉන්දියානු කොමිෂන් සභා වාර්තාවේ පවා සදහන් වේ. 1995 වන විට ඉන්දීය රැකියා නියුක්තිකයින්ගෙන් සියයට 17.2 ක් පමණ කුලීනයින් වූ අතර, එම රැකියාවන් එකක් හෝ ඔවුන්ගේ කුලයට අනුව ඇත්ත වශයෙන්ම හිමි රැකියාවන් නොවන බව ද එම වාර්තාවේ සදහන් විය. මීට අමතරව ඉන්දියාව තුළ ‘ඒ‘ ශ්‍රේණියේ රැකියාවන්හි නියුක්ත කුලීනයන් ප්‍රතිශතය සියයට 10 පවා ඉක්මවා ඇත. අවාසනාවකට ශ්‍රී ලංකාව තුළ මෙවැනි සංගණනයක් පවත්නා නොමැති නමුත්, මෙරට ද තත්ත්වය මෙසේ හෝ මෙය පවා ඉක්මවා යා හැකි බැව් සදහන් කර හැකිය.

ඉන්දියාව හා ලංකාව යන රටවල් දෙක තුළම කුලය පිළිබද පැහැදිලි බෙදීමක් දක්නට ඇත්තේ අති බහුතර ජනසමාජය තුළයි. ශ්‍රී ලංකාව තුළ එය සිංහල ජනසමාජය තුළ ද ඉන්දියාව තුළ එය හින්දු ජනසමාජය තුළ ද වේ. නමුත්, මුස්ලිම් හා ක්‍රිස්තියානි පරිසරයන් තුළ ඇති කුල බෙදීම අද වන විට යම් ප්‍රමාණයකට ඔවුන්ගේ වෘත්තීන්, ආර්තික හා සමාජ සාධකයන් මත වෙනස් වී ඇති අයුරු දක්නට ඇත. සිංහල හා හින්දු ජනසමාජය තුළ විය යුතුව ඇත්තේ ද එම තත්ත්වයයි. 

පැරණි ශ්‍රී ලංකාවේ කුල බෙදීම පිළිබද තවදුරටත් කියවාගනු ලබන්නේ නම්, සිංහල මූලික සමාජයෙන් උපන් කුල ක්‍රමයක් මෙන්ම දෙමළ ආභාෂයෙන් උපන් කුල ක්‍රමයක් ද මෙහි වෙයි. ඇතැම් විට සංස්කෘතීන් දෙක හා පසුබිම් අතර පවත්නා සමානතාවයන් හේතුවෙන් මේ සමාන බව දක්නට ලැබෙනවා ද විය හැක. කෙසේ නමුත්, උඩරට හා පහතරට යන පොදු බෙදීමකින් ආරම්භ වූ විට පැරණි ජන සමාජය තුළ බෙරවයන්නන් - බෙරව, සීනි සාදන්නන් - හකුරු හෝ වහුම්පුර (දේව), පහත්ම කුල වල අය රොඩී හා කින්නර ආදී වශයෙන් ද වර්ග කර තිබූ අතර, මැදි කුල ලෙස වර්ග කර තිබුණේ සලාගම හා දුරාව වැනි කුලයන්ය. රාජකාරී ක්‍රමය තුළ වැඩි අවකාශයක් හිමිකර ගෙන සිටි උසස් තත්ත්වයේ කුල වූයේ රජ, බමුණු. වෙළද හා ගොවි කුලයන්ය. මෙරට රජ කුලයක පුද්ගලයකු අවසන් වරට රජකම් කර ඇත්තේ ද මින් වසර ගණනකට පෙරය. එවැනි පසුබිමක් තුළ වුව ද අදටත් රදල පංතියේ කුළයක් පවත්වාගෙන යයි. රජකමට කුලයෙන් උරුම වූවන් වෙනත් විවිධ වෘත්තීන්ගේ නියැලෙමින් සිටින විටදී. රජගෙදරට වද්දා ගැනීම හෝ තහනම් කළ කුළ වල මිනිසුන් පවා රජකම් කර ඇත. එසේම, කෘෂිකර්මාන්තය හෝ ගොවිතැන නුදුටු එම වර්ගයට අයත් කුලවල අය අද වන විට ඇත්ත වශයෙන්ම බහුලය. කිසිදු පදනමක් නැතිව පවත්වාගෙන යන කුලවාදය පිළිබද නූතන අදහස, ඉහළට එන පුද්ගලයින් පහත් කර තැකීමේ හීනමානය පවත්වාගෙන යාමට පමණක් භාවිත කරන බවක් පමණක් කිව හැකිය. රණසිංහ ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා හා සම්බන්ධ තත්ත්වය මේ සදහා කදිම උදාහරණ දෙකක් ලෙස දැක්විය හැකිය.

එපමණක් නොව, නූතන රැකියාවන් හා ගැලපෙන පරිදි ප්‍රතිසංශෝදනය කිරීමට හෝ නොහැකි තත්ත්වයට පැරණි කුලයන් යටපත්ව තිබේ. සරල උදාහරණයක් ලෙස වෛද්‍යවරුන් ගත් කළ ඔවුන්, අහිකුණ්ටක ද බඩහැල ද බත්ගම ද බෙරව ද දේව ද ගොවිගම ද හන්නාලි ද හුණු ද කින්නරය ද නවන්දණ්ඩ ද පමුණු ද පණ්න ද පණික්කි ද පට්ටි ද පොරවකාර ද රදළ ද රජක ද රොඩිය ද නොවෙති. ඒ එක් කුලයක් හා සබැදෙණ රැකියාවක් වෛද්‍ය වෘත්තියට අදාලව නොවෙයි. එය එසේනම්, නූතන වර්ගීකරණය අනුව වෛද්‍යවරුන් යනු නව කුලයක් නොවන්නේ ද. නීතීඥවරුන්, ගණකාධිකරුවරුන්, මාධ්‍යවේදීන්, රියදුරන් ගුරුවරුන් හෝ අප දන්නා සමාජ තත්ත්වයන් ද එසේමය. අද වන විට සංස්කෘතික මධ්‍යස්ථාන වල බෙර වැයීම සිදු කරන්නේ  බෙරවාය කුලයේ මිනිසුන් නොවන වෙනත් පූර්ව කුලයන්ගේ පුද්ගලයින් බව ද දක්නට ලැබේ. කරණවෑමියන් සියල්ලෝම පණික්කියන් නොවන අතර, පණික්කියන් සියලු දෙනා ද අද වන විට සැලොන් දමාගෙන කොණ්ඩා කැපීම සිදු කරන්නො නොවෙති. එහෙයින්, කුලය (caste) වෙනුවට සමාජ (community) ඇසුරින් නිර්මාණය වන කුළ ක්‍රමයක් අවශ්‍ය වේ.

එහෙයින්, මේ තත්ත්වය වෙනස් වීමේ සමාජ කතිකාවක් අවශ්‍ය නොවන්නේ ද. තවදුරටත් පැරණි කුල බෙදීම වලංගු වන්නේ කුමන තත්ත්වයක් උඩදැයි ප්‍රශ්න කළ යුතු නොවේ ද. 

Saturday, December 8, 2012

එනයින්, මා දේශද්‍රෝහියෙක්මි

අතීතයේදී මිනිසුන් දේශප්‍රේමීන් හෝ දේශද්‍රෝහීන් බවට පත් වූයේ ඔවුන්ගේ ක්‍රියාකළාපයන් පිළිබදව අනාගතයේදී කරනු ලැබූ කියවීම් හා හැදෑරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි. දේශප්‍රේමීත්වය හෝ ද්‍රෝහීත්වය දේශපාලන ව්‍යාපෘතියක පක්ෂග්‍රාහී නැඹුරුතාවකින් යුක්ත නොවූ අතර - අතීතයේ කටයුතු වර්තමානයට හා අතීතයට සාපේක්ෂව කියවා ගැනීමෙන් මේ තත්ත්වය පොදු සමාජය විසින් නිරායාසයෙන් නිර්මාණය වීමට ඉඩ හැරියේය. නමුත්, අද වන විට දේශ ප්‍රේමී හෝ ද්‍රෝහී භාවය තීරණය කිරීම සම්බන්ධයෙන් තත් කාලීන නිර්ණායකයන් කිහිපයක් පදනම් කරගෙන සිටියි. එසේම, යටකී ලේබලය ඇලවීම සදහා නිසි බලධාරීන් කිහිප දෙනෙකු ද පොදු සමාජයේ පත් වී සිටින අතර - දේශප්‍රේමීත්වය හෝ දේශද්‍රෝහීත්වය සම්බන්ධයෙන් තීරණ ගැනිමේ අවසානාත්මක බලය හිමි වන්නේ ඔවුන් කෙරෙහිය.

අද වන විට රට තුළ සිදුවන කිසියම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දැරීමට හෝ අඩුම තරමේ ‘කටින් කෙළ පිඩක් පිටකිරීමට හෝ පෙර‘ ඒ සම්බන්ධයෙන් දේශප්‍රේමී නිර්ණායක නිර්මාතෘන්ගේ අදහස කවර ස්වරූපයක් ගන්නේ දැයි මෙරට පොදු ජනතාවට සිතීමට සිදුව ඇත. එසේ නොකර දක්වන අදහස හෝ දරන අදහස යටකී දේශප්‍රේමී තීරඛයන්ට විරුද්ධ අදහසක් වුවහොත් එකම බිජ්ජුම්බරයක් වී අදාල පුද්ගලයා දේශද්‍රෝහියකු ලෙස නම් වීමට ඇත්තේ ඉහළ සසම්භාවී හැකියාවකි.

අප දැන් එකින් එක කරුණ ලිහා ගත යුතුව ඇත. අගවිනිසුරු සම්බන්ධ දෝෂාභියෝගය යන කරුණ පොදුවේ සහ ජනප්‍රියව කියවා ගනිමු. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් පමණක් නොවන ඉතාම කුඩා කාර්යාලයක හෝ ආයතනයක කසල ශෝදකයාට හෝ තේ සාදන්නාට එරෙහිව හෝ යම් විනය ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ නම් - එවැනි කටයුත්තකදී අනුගමනය කරන අවම විනය හා යුක්තිගරුක මූලධර්මයන් අනුගමනය කිරීමට අදාල පාර්ශව බැදී සිටියි. දියුණු සමාජයක නඩු විසදිය යුත්තේ. හැගීම්බරව නොව පදනම්බරවය. නමුත්, අගවිනිසු දෝෂාභියෝගය ඉදිරිපත්වන විටම මෙරට ඒ සම්බන්ධයෙන් අදහස් දරන්නන් දෙපාර්ශවයට බෙදා වෙන් කිරීමට යටකී දේශප්‍රේමී ලේබල් ඇලවීමේ හා තීරණය කිරීමේ පෙරමුණ කටයුතු කළේය. නඩුව විභාග නොකර සිටියදී ම අගවිනිසුරුවරිය චෝදනා 14 ටම වැරදි කාරිය බවත් ඇය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ගේ සිට විදේශීය සංවිධාන හෝ රටවල් දක්වා වන සෑම අයෙක්ම රටට එරෙහි වන ද්‍රෝහීන් ලෙස ප්‍රසිද්ධියේම හඩ නැගූහ. මෙවැනි කරුණු වලදී සෑම විට දේශප්‍රේමීත්වය පිළිබද තීරකයා හෝ නිසි බලදාරියා වන්නේ ආචාර්ය මර්වින් සිල්වා හෝ විමල් වීරවංශ හා ඔහුගේ බලෑණිය බව අමුතුවෙන් සදහන් කරනු අවශ්‍ය නොවේ යැයි සිතමි.

විමල්ට හා මර්වින්ට අනුව - නියම දේශප්‍රේමීන් නම් විදායකයට විසින් සිතන දේම සිතිය යුතුය. ඉර පෙන්වා ඒ තිබෙන්නේ හද යැයි පැවසුවහොත් එය ද හිස් මුදුණෙන් පිළිගෙන වන්දනා කළ යුතුය. චීන රොකට්ටුව අපේ යැයි කියා සිටිය විට වාද විවාද නොකොට ඒ බව පිළිගැනීම නියම දේශප්‍රේමීන්ගේ මුඛ්‍ය ලක්ෂණයයි. දෝෂාභියෝගයෙන් අගවිනිසුරුවරිය පන්නා දැමිය යුතු බවට පෙළපාලි යාම, අධිකරණය ඉදිරිපිට බාල් නැටීම හා කිසිදු පදනමක් හෝ සචේතනාවක් නොමැතිව පැමිණ රුපියල් පන්සියයට ආණ්ඩුවට කඩේ යාම නියම දේශප්‍රේමීන්ගේ ලක්ෂණයයි. තම සේවාදායකයකු වෙනුවෙන් යුක්තිය ඉටු කර දීමට නීතියට අනුකූලව කටයුතු කරන නීතීඥවරුන් රෙජීමයේ අදහස හෝ අභිලාෂයට එරෙහිව කටයුතු කරමින් සිටින නිසා නිරායාසයෙන්ම දේශද්‍රෝහීන් වන අතර උසාවිය ඉදිරිපිටට පැමිණ - අධිකරණයේ ස්වාධිනත්වයට හා නීතයේ ආධිපත්‍යයට අපහාස කරන නීතිය සමච්චලයට ගත් ත්‍රී රෝද රියදුරන් හා කුලී කඩ කාරයින් සැබෑ දේශප්‍රේමීන්ය.

අගවිනිසුරුවරියට ‘බේබි‘ හා ‘නෝන මහත්තයා‘ වැනි නොසරුප් වචනයෙන් කතා කරන විමල් හා ඩිලාන් හෝ රාජිත දේශප්‍රේමී පුද්ගලයින් වන අතර ඔවුන් පෙනී සිටින්නේ ජාතිකවාදී අවශ්‍යතාවන් වෙනුවෙන්ය. නමුත්, පිළිගත් ක්‍රමවේදයක් තුළ නඩු විභාග කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් තමාට මින් ඉදිරියට මෙවැනි ඵලදායී නොවන අයුක්ති සහගත වැඩ පිළිවෙලකට පෙනී සිටීමට අවශ්‍ය නොවන බැව් පවසා ඉවත්ව යන අගවිනිසුරුවරිය දේශද්‍රෝහී වෙයි. අගවිනිසුරුකමින් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාගේ ජෙශ්ඨ නීති උපදේශකයා වන අශෝක ද සිල්වා නියම විනිසුරුවරයෙකු හා නීතියේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටි නියම විනිසුරුවරයෙක් වන අතර, අරලිය ගහ මන්දිරයෙන් ලියා එවන තීන්දුව නොකියවන විනිසුරුවරයා තවදුරටත් ද්‍රෝහීයකු වෙයි. 

දිවිනැගුම පනත මගින් මුල්‍ය පාලනය සම්බන්ධ අවසාන බලය පාර්ලිමේන්තුවට අහිමි වන බැවින් එය කිසි සේත්ම සම්මත කළ නොහැකි බැව් පවසන අධිකරණය, විනිසුරන් හා පාර්ඹවයන් ද්‍රෝහීන් වන අතර, රටේ ජනතාවගේ මුදල් අවම වශයෙන් පාර්ලිමේන්තුවේ හෝ අවසානාත්මක නියාමනයට ලක් නොවී ඇමිවරුන්ගේ හා බලධාරීන්ගේ හිතු මනාපයට වියදම් කිරීමට හා පාලනය කිරීමට ගන්නා තීරණයන් හා පියවරයන් ‘ෂෝක්‘ බව පවසන පිරිස් නියම දේශප්‍රේමීන් වන අතර රටේ සංවර්ධන වැඩපිළිවෙළට දිරි දෙන සැබෑ ශ්‍රී ලාංකිකයින්ය.

දිනකට පැය හතරක් පමණක් විවෘතව තබන ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු තානාපතිවරයා හා එහි නිළධාරීන් නියම දේශප්‍රේමීන් වන අතර පැය හතරක් පමණක් තානාපති කාර්යාලය විවෘත කර තැබීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවත් ජනතා මුදල් නිකරුණේ නාස්ති වන බවටත් පෙන්වා දෙන මාධ්‍යවේදීන් හෝ පුද්ගලයින් රටට වින කරන දේශද්‍රෝහීන් වන අතර - ඇතැම් විට ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කරමින් සිටින මිනිසුන් ලෙස ද හංවඩු ගසනු ලැබේ. අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු යෙදවීමක් අවශ්‍ය බවත්, විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ක්ෂේස්ත්‍රය සම්බන්ධයෙන් වන ගැටළු වෙනුවෙන් සංවේදී වන ලෙසත් ඉල්ලා සිට, බැරිම තැන අවසානයේදී පාරට බැස වීදි සටන් කරන ආචාර්යවරුන් හා සිසුන් කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කරන්නන් වන අතර අධ්‍යාපනය සමච්චලයට ගනිමින්. කිසිදු දූරදර්ශී දැක්මකින් යුක්ත නොවන අයුරින් ඒ හා සම්බන්ධ කටයුතු කරමින් සිටින අමාත්‍යවරයා හා ගෝලබාලයින් පිරිස දේශප්‍රේමීන් වේ.

පඩි වැඩි කරන බවට බොරු පුරසාම් දොඩන පුද්ගලයා රටේ සැබෑ නායකයකු වන අතර, පඩි වැඩි වන්නේ කවදාදැයි පෙරළා ප්‍රශ්න කරන්නා රටේ සංවර්ධනයට වින කරන විජාතික බලවේගයන්ට අනුව ක්‍රියාත්මක වෙන්නෙකි. බොරු පොරොන්දු ලක්ෂ කෝටි ගණනක් හමුවේ වුව ද එහෙයි කියමින් සිටින මෙරට පොදු නිහීව පුරවැසියන් දේශප්‍රේමී ලේබලයෙන් වර්ණවත් වන අතර යුක්තිය, සාධාරණත්වය හා යහපාලනය වැනි දේ පිළිබද පෙනී සිටින පුද්ගලයින් තාර බැරලයෙන් ගත් පින්මලින් දේශද්‍රෝහීන් ලෙස ලියා වෙන් කර තබයි. කොටි සංවිධානයේ සාමාජිකයින් මරා දැමීමේ ප්‍රීතිය සමරන ජාතිවාදී මිනිසුන් දේශප්‍රේමීන් වන අතර. යුද්ධයේදී මිය ගිය සිය ඥාතීන් සහචරයින් හා මිතුරන් - මා පියවරුන් දූ පුතුන් සමරණු වස් පහනක් දල්වන දෙමළ මිනිසා දේශද්‍රෝහියෙකි. ඒ වෙනුවෙන් කතා කරන හා ප්‍රජාතාන්ත්‍රවාදය හෝ නියම ක්‍රමය එය නොවන බව පවසන පිරිස් ද එම ගණයටම දමනු ලැබේ.

තව ද ඔබ දන්නා විශයන්හි දී ද ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ මූලධර්මයන් හෝ යුක්ති සහගත ක්‍රමවේදයන් නොවේ. ඔබ දේශප්‍රේමියකු වීමට සිහින මවන්නේ නම් හෝ කැමැත්තක් දක්වන්නේ නම්, අදාල කරුණ සම්බන්ධයෙන් රෙජීමයේ අදහස පළමුව විමසා බැලිය යුතුය. එසේ කිරීමෙන් පසු ඔබ යුක්තිය හෝ සාදාරණත්වය කුමක් වුව ද රෙජීමයේ මතය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එවිට, ඔබ දේශප්‍රේමියකු වේ. එසේ නොකර, යුක්තිය, යහපාලනය හෝ සාදාරණත්වය පිළිබද මූලධර්මයන් හෝ ඇත්ත වශයෙන්ම සිදු විය යුතු දේ පිළිබද අදහස් දරන්නේ නම් හා එය රෙජීමයට විරුද්ධ වන්නේ නම්, නියත වශයෙන් දේශද්‍රෝහියකු වෙයි.

එහෙයින් අවසන ලියමි. එහෙයියකු හෝ අන්ධයකු සේ කිසිවක් නොදැක්කා සේ සිටීම හෝ වරදාන වරප්‍රසාද පිළිබද සිහින නොදකින හෙයින් ද ඒකාධිපති හා පදනම් විරහිත හුදු තැනේ හැටියට ඇණය ගැසීමේ පළිනොගන්නා නමුත් කෙළෙහිගුණ දන්නා රෙජීමයකට සෑම අවස්ථාවකදීම පක්ෂ නොවන හෙයින් ද - එනයින් මා දේශද්‍රෝහියකු වෙමි.

Wednesday, December 5, 2012

අගවිනිසුරුවරිය ඉල්ලා අස්වෙයි ?

 අහුලාගත් හා ගොතනු ලැබූ චෝදනා 14 ක් මුල් කර ගනිමින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග චෝදනා එල්ල කර මේ වන විට මාසයක කාලයක් ඉක්ම ගොසිණි. අද වන විට අගවිනිසුරුවරිය ඉවත් කිරීමට අදාල උත්සාහය අදියර හෝ ක්‍රමවේද දෙකක් යටතේ දක්නට ලැබේ. එකක් නම් චෝදනා 14 පදනම් කර ගත් දෝෂාභියෝගය පාර්ලිමේන්තු කාරක සභාව තුළ විභාග කරමින් ඇය ඉවත් කිරීමට තරණ උත්සාහයයි. අනෙක නම්, දෝෂාභියෝගය එක් පැත්තක වේලීමට හැර ඇයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඇය එසේ කරන තත්ත්වය දක්වා පෙළඹවීමට දරණ උත්සාහයයි. ඉල්ලා අස්වීමට කරනු ලබන බලපෑම ද දෝෂාභියෝගය මෙන්ම දේශපාලන ව්‍යාපෘතියකි. දෝෂාභියෝගය විභාග කිරීම තුළින් ඉවත් කිරීම ජාත්‍යන්තරවත් ජාතිකවත් රෙජීමය ප්‍රශ්න කිරීමට ලක්වනු ඇතැයි දැනටමත් රෙජීමය විසින් වටහාගෙන ඇත. එසේ වී ඇත්තේ, දෝෂාභියෝගයට පදනම් වූ කරුණු පෙරළා අනෙක් පසට අභියෝග කිරීමට හැකි තරම් දුර්වල වන හෙයිණි. එහෙයින්, දැන් වඩා උචිත හෝ නුවණක්කාර වන්නේ දෝෂාභියෝගය තුළින් ඉවත් කිරීම නොව, බලපෑම් කිරීම තුළින් ඉල්ලා අස්වීමට සැලැස්වීම බව රෙජීමය වටහාගෙන තිබේ.

අගවිනිසුරුවරිය දෝෂාභියෝගය හමුවේ ඉල්ලා අස්විය යුතු බව මුළින්ම පවසන්නේ ආචාර්ය මර්වින් සිල්වාය. ඔහුට අනුව, චෝදනා එල්ල වූ විට - තවදුරටත් ධුරයේ රැදී සිටීම විලිලජ්ජා රහිත ක්‍රියාවකි. ආචාර්ය මර්වින් සිල්වාගේ තර්කය මෙසේ ගලපනු කැමැත්තෙමි. ඔහු නගන තර්කය අනුව, මිනී මැරීමේ චෝදනාවට අනුව විත්තිකරුවෙකු වූවෙකු නඩුව ඇසීමට පෙර ගෙල වැළලාගෙන මිය යා යුතුය. සොරකමට විත්තිකරුවෙකු වූවෙකු ස්ව කැමැත්තෙන් මිය යා යුතුය. ආචාර්ය මර්වින් සිල්වා නිර්මාණය කරනු ලබන නව නීති ආප්තයන් අනුව, නඩු ඇසීම හෝ නඩු කීම යනුවෙන් ක්‍රියාවලියක් අවශ්‍ය නැත. තමන් නිර්දෝශී බව ඔප්පු කිරීමේ යාන්ත්‍රණයක් වගඋත්තරකරුවෙකුට හෝ විත්තිකරුවෙකුට අවශ්‍ය නොවේ. කෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කළ පමණින්ම ඔහු හෝ ඇය ඊට අදාල වැරදිකරු හෝ වැරදිකාරිය වූ බව නිරායාසයෙන්ම පිළිගත යුතු වේ.

මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වන්නේ, කොළඹ හා තදාසන්න නගරයන් පුරා ‘චෝදනා 14 ක් තිබිලත් - තවම නඩු අහන්න ලැජ්ජ නැද්ද‘ යනුවෙන් ඇළවුණු පෝස්ටරයයි. ලියුම්කරුවා -ඇළවුණු- යනුවෙන් සදහන් කරන්නේ එය -අලවනු ලැබූ- කෙනෙක් පිළිබද සදහනක් නොමැති හෙයිණි. ප්‍රකාශිතයකුගේ හෝ ප්‍රකාශකයකුගේ අනන්‍යතාවක් නොමැතිව පොස්ටරයක් හෝ අත්පත්‍රිකාවක් බෙදා හැරීම සිදු කළ නොහැකිය. මරණ දැන්වීමක පවා ‘ෆුට් නෝට්‘ එකක් ලෙස ප්‍රකාශකයා සටහන් කරන රටක මෙවැනි පෝස්ටරයක ප්‍රකාශයා සටහන් නොකරන්නේ සචේතනාත්මකවය. එනම්, එවැනි සචේතනාත්මක මගහැරීමක් කරනු ලැබ ඇත්තේ එය මඩ පෝස්ටරයක් බැවිණි.

අධිආරක්ෂිත කළාපයක් වන උපරිමාධිකරණ සංකීර්ණයට යාබද ප්‍රෙද්ශයේ අගවිනිසුරුවරියට එරෙහිව මඩ පත්‍රිකාවක් බෙදා හරිනු ලැබීය. ජනාධිපති ආර්යාවගේ සහෝදරයාගේ නිවස බිදිණු ලැබූ හොරුන් පැය 48 ක් තුළ අත්අඩංගුවට ගැනීමට සමත්වන පොලීසිය, හිරු එළිය වැටී ඇති මොහොතක බෙදනු ලබන මඩ පත්‍රිකා තොගය හෝ එසේ බෙදනු ලබන්නන් අත්අඩංගුවට ගැනීමට අසමත් වන්නේ, සැබෑ නොහැකියාව මත ද එසේත් නැතිනම් උවමනාවක් නැති කම හෝ එසේ නොකරන ලෙසට වන ආඥාවක් නිසා ද යන් ගැටළුසහගතය. 

දේශහිතෛශී ජාතික ව්‍යාපාරය නමින් වන සංවිධානයේ ගුණදාස අමරසේකර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටින්නේ, අගවිනිසුරුවරිය බලය බෙදීමට පක්ෂ අදහසක් දක්වන හෙයින් ඇයට දිවි නැගුම විභාග නොකර සිටීමට තිබූ බවයි. එය එසේනම්, මිනී මැරීමට එරෙහි අදහසක් දරණ විනිසුරුවරුන්ට මිනී මැරුම් නඩු විභාග කළ නොහැකි ද. හොරකමට විරුද්ධ අදහසක් දරණ විනිසුරුවරුන්ට හොරකම සම්බන්ධ නඩු විභාග කළ නොහැකි ද. වනචරකමට එරෙහි අදහසක් දරන විනිසුරන්ට ස්ත්‍රී දූෂණය සම්බන්ධ නඩු ඇසිය නොහැකි ද. මෙවැනි ප්‍රකාශවල ඇති පදනම් විරහිත - හුදු පක්ෂග්‍රාහී අදහස් මෙමගින් ඉස්මතු නොවන්නේ ද. එසේනම්, තවදුරටත් අමරසේකර ප්‍රශ්න කරමි. ස්ත්‍රී දූෂණය සම්බන්ධ නඩු ඇසිය යුත්තේ වනචර කමට පක්ෂ පාතී විනිසුරන් ද? සොරකම සම්බන්ධ නඩු ඇසිය යුත්තේ සොරුන් වන විනිසුරන් ද. බලය බෙදීම සම්බන්ධ නඩුව ඇසිය යුත්තේ බලය බෙදීමට විපක්ෂ මතයක් දරණ විනිසුරකු මිස බලය බෙදීමට පක්ෂ අදහස් දරණ අගවිනිසුරුවරිය විසින් නොවන බවට ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් කියා සිටින කරුණෙහි ගැඹුරු අර්ථය එය නොවන්නේ ද.

පසුගිය දිනෙක, අගවිනිසුරුවරියට විරෝධය දක්වා රෙජීමයට පක්ෂ ත්‍රී-රෝද රථ සංවිධානයක් විසින් පෙළපාළියක් පවත්වනු ලැබීය. ඉන් පසු ඔවුන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් කියා සිටියේ, ‘අපි වෙන කාටවත් කඩේ යන්නෙ නෑ. අපි කඩේ යන්නේ රට බේරාගත් ජනාධිපතිතුමාටයි‘ යනුවෙනි. එය එසේ නම්, ඔහුන් විසින් රථ පෙළපාලියක් සංවිධාන කරමින් කරනු ලැබ ඇත්තේ යටකී පුද්ගලයාගේ අවශ්‍යතාවය ද? නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ත්‍රී-රෝද රථ රියදුරන් සතු විශේෂඥ ඥානය හෝ කුසලතාවය කුමක් ද. මෙය ඉතාම නරක තත්ත්වයකි. ලියුම්කරුවා එසේ කියා සිටින්නේ, මෙවැනි තත්ත්වයක් සමාජ ගත වීම මගින් - ගමක මහේස්ත්‍රාත්වරයෙකුට අනාගතයේදී කසිප්පු නඩුවක් හෝ අසා තීන්දුවක් ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුවනු ඇත. යම් නඩුවක් සම්බන්ධයෙන් අයෙක් වරදකරුවෙකු කළහොත් හෝ යම් පක්ෂයකට අවාසි තීරණයක් ලබා දුනහෝත්, එම පාර්ශවය විසින් විනිසුරුවරයාට එරෙහිව මඩ පොස්ටර් අලවනු ඇත. පත්‍රිකා බෙදනු ඇත. අවසානයේදී පෙළපාලි යනු ඇත. මාධ්‍ය සාකච්ඡා පවත්වා සීමාවක් නැතිව විනිසුරුවරයා විවේචනය කරනු ඇත. අගවිනිසුරුවරයා සම්බන්ධ තත්ත්වය මෙයනම්, මහේස්ත්‍රාත්වරයෙකු හෝ දිසා විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් ද සෙසු විනිසුරුවරුන් සම්බන්ධ තත්ත්වය මෙය නොවන්නේ යැයි කාටනම් කිව හැකි ද. ‘යකඩ මල්ලට ගුල්ලන් ගසන්නේ නම්, පුළුන් මල්ල ගැන කවර කතාද‘ යැයි ලියුම්කරුවා ප්‍රශ්න කරමි.

මේ සියලු දේ රෙජීමය විසින් කිරීමෙන් හා කරවීමෙන් අපේක්ෂා කරන්නේ අගවිනිසුරුවරිය ඉල්ලා අස්වන තත්ත්වයට මනස සකස් කිරීමයි. නමුත්, පෙනෙන්නට ඇති දේවල් අනුව අගවිනිසුරුවරිය එවැන්නක් කිරීමට කිසිදු අදහසක් නැති තත්ත්වයක සිටියි. එසේ නම්, රෙජීමයට අගවිනිසුරුවරිය දෝෂාභියෝග නඩුවක් තුළින් පන්නා දැමීමට සිදුවනු ඇත. නමුත් රෙජීමය මෙම චෝදනා සකස් කිරීමේදී විශ්වාස කළේ, චෝදනා දැක ඒවාට බිය වන අගවිනිසුරුවරිය ලියුම් කඩදාසියකින් සිය ඉල්ලා අස්වීම යොමුකර ගම රට පවා අතහැර යනු ඇතැයි කියාය. නමුත්, එසේ නොකිරීම තුළින් මින් පෙර ඉදිරිපත් කළ වැනෙන හා ස්ථායි නොවූ චෝදනා දැන් ස්ථායී කිරීමට සිදුව තිබේ. විශ්‍රාම වැටුපක් හෝ විශ්‍රාමික අගවිනිසුරුවරයෙකුට හිමි කිසිදු වරප්‍රසාදයක් හෝ නොමැතිව ඉවත්ව යාමට සිදු වුව ද ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය කළ යුතු වන්නේ ද ඉල්ලා අස් නොවී දිගින් දිගටම සටන් කිරීම පමණක් බව ලියුම්කරුවා විශ්වාස කරමි. එසේ නොකළහොත් මින් ඉදිරියට පත්වන උපරිමාධිකරණ විනිසුරුවරන් මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ද වන විනිසුරුවරුන් ඍජුව හා අවංකව කටයුතු කිරීම ගැටළුසහගත විය හැකිය. රෙජීමයේ විශ්වාසය වූයේ දිවංගත අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා පූර්වාදර්ශය කර ගනිමින් බණ්ඩාරණායක මහත්මිය ද කටයුතු කරනු ඇතැයි කියාය. නමුත්. පූර්වාදර්ශ න්‍යාය පිළිබද රෙජීමයේ වැරදි විශ්වාසය අද වන විට ජේ. ආර්. ජයවර්ධනට කළ නොහැකි වූ දේ කරනු ලැබ ඇත. එනම්, ගැහැණියක පිරිමියෙකු කිරීමයි. අභියෝග හමුවේ පිරිමියකු පලාගිය අත්දැකීමක් ඇති රටක එවැනිම අභියෝගයක් හමුවේ කාන්තාවක විසින් පුරුෂ ධෛර්යය සහිතව සටන් කරමින් සිටියි. එහෙයින්, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැහැණියක - පිරිමියකු ද කර ඇත.

2011 වසරේදී ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරු පුටුවේ වාඩි කරවන විට රෙජීමය විශ්වාස කළේ. ඇය ද අශෝක ද සිල්වා වැනි අගවිනිසුරුවරයෙකු වනු ඇතැයි කියාය. නමුත්, ඇය කිසි විටෙක විශ්‍රාම යාමෙන් පසු ජනාධිපති නීති උපදේශක තනතුර ඉලක්ක කරගනිමින් කටයුතු නොකළේය. එහෙයින්, රෙජීමයෙන් ලියා එවූ නඩු තීන්දු කුණු කූඩයට විසි කර දමා ඇය නීතිමය පදනම් තුළ පිහිටා තීන්දු ලබා දීමට කටයුතු කළේය. ඇයට අගවිනිසුරුධුරයේ රැදී සිටීමට තවමත් අවශ්‍ය තරම් වයස  ඇති නිසා ඇය, වරදාන හෝ වරප්‍රසාද පිළිබද ඉක්මන් නොවුණා විය හැකිය. නමුත්, අශෝක ද සිල්වා මහතාගේ අනුප්‍රාප්තිකයා විසින් දක්වනු ලබන අශෝක ද සිල්වාට හාත්පස වෙනස් වූ හැසිරීම රෙජීමයට දරාගත නොහැකි තත්ත්වයක තුනෙන් දෙකක බලයක් සහිත රෙජීමයේ වාසිය ලබා ගැනීමට කල්පනා කළ විය හැකිය.

අද වන විට සමස්ථ අධිකරණ පද්ධතියටම රෙජීමය විසින් බලපෑම් කිරීමට උත්සාහ දරමින් සිටියි. තේමාව හෝ මාතෘකාව කුමක් වුව ද විනිසුරුවරුන් රැස්වීමක් සදහා කැදවීමේ බලය හිමි වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවටය. පසුගිය සදුදා අධිකරණ සේවා කොමිෂන් සභාව - සියලු විනිසුරුවරුන්ට කොළමට පැමිණෙ ලෙස දන්වා සිටි විට, අධිකරණ ඇමතිවරයා ඊට මැදිහත් වී එසේ නොකරන ලෙසට විනිසිරුවරුන්ට බලපෑම් කළේය. අධිකරණ ඇමතිවරයා පයිසෙකට හෝ ගණන් නොගත් විනිසුරුවරුන් සදුදා කොළම පැමිණියේ වැඩ බලන විනිසුරුවරුන් වෙත උසාවි කටයුතු භාර දී අවසනය. ඒ හේතුවෙන් අධිකරණ කටයුතු බාධාවකින් තොරව කෙරීගෙන ගියේය. වඩා වැදගත් වන්නේ ලංකාවේ ම විනිසුරුවරුන් වැඩ කරයි ද  නොකරයි ද යන්න නොව, අදාල අධිකරණය වැඩ කරයි ද නොකරයි ද යන්නය. රෙජීමය අවසන් තුරුම්පුව ලෙස රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගනිමින් ජනතාව ලවා විනිසුරුවරුන් නොමැති නිසා නඩු කල් ගියේ යැයි ප්‍රකාශ නිකුත් කළේය. ලියුම්කරුවා මෙසේ ප්‍රශ්න කරයි. මෙච්චර කාලයක් ද එම නඩු කල් ගියේ පාර්ශවකරුවන්ගේ ඇති වරදක් නිසා නොව, විනිසුරුවරුන් සේවය නොකළ නිසා බැව් කාට හෝ කිව හැකි ද. පාර්ශවයක් නඩුව රැගෙන යාමට සූදානම් නොමැති නම් දින දීම හෝ වෙනත් විකල්පයකට යාම හැර වෙනත් දෙයක් කිරීමට විනිසුරු අසුනට නොහැකිය. එම තීරණය ගැනීම සදහා විනිසුරුවරයාම සිටිය යුතුය යනුවෙන් අනිවාර්යයක් නොමැත. මෙරට සෑම අදිකරණයතම පාහේ විනිසුරුවරුන්ගේ නිවාඩු දිනවලදී හෝ වෙනත් අවශ්‍යතාවන් මත කෙරෙන ආකාරයෙන්ම සදුදා දින ද වැඩබලන විනිසුරුවරුන් මගින් නඩු කටයුතු ක්‍රියාත්මක විය. එහෙයින්, රෙජීමය ගැලරිය වෙනුවෙන් නිර්මාණය කරන තර්ක තවදුරටත් සබුද්ධික සමාජය වෙත සංවේදී නොවන බැව් කියා සිටිය යුතුය.

මේ තත්ත්වයේ ඉදිරිය මීටත් වඩා වෙනස් විය හැකිය. අගවිනිසුරුවරයාගේ උපරිම ධූර කාලය වසර 5 වන බවට ව්‍යවස්ථා සංශොද්නයක් ගෙන ඒම පිළිබද හා-හූවක් දැන් පැතිර යමින් තිබේ. මෙහිද ඇතිවිය හැකි නරක තත්ත්වය ධුර කාලය සීමා කිරීම නොව. ආණ්ඩුකාරවරුන්ගේ මෙන් ධුර කාලය සීමා කර - ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ධුර කාලය දීර්ඝ කිරීම හෝ වාර ගණන තීරණය වීම වැනි තැනට පත් විය හැකිය. ඒ අනුව, අසහාය වරප්‍රසාදයන් හිමි අගවිනිසුරු ධුරයේ වැඩි කාලයක් රැදී සිටීමට කැමැත්තක් දක්වන අනාගතයේදී පත්වන අගවිනිසුරුවරුන් වාර ගණන වැඩි කිරීමේ අභිමතය ඇති ජනාධිපතිවරයාගේ හිත දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරනු ඇත. ඒ අනුව, වාර දෙකක් හෝ තුනක් ධුරය දරන අගවිනිසුරුවරුන් අශෝක ද සිල්වා මහතා මෙන් පසුව උපදේශක තනතුරු හා තානාපති තනතුරු හිමිකරගනු ඇති. එනම්, මෙම දෝෂාභියෝගය ආණ්ඩුව පරාජයට පත් වුවහොත් මෙවැනි සංශෝදනයක් ගෙන ඒම තුළින්, අතීතය වුණු වරද යළි කර නොගැනීමට අවශ්‍ය වටපිටාවක් සකස් කරනු ඇති. කෙසේ නමුත්, දැන් ළිදට වැටී ඇති අගවිනිසුරුවරිය ඉල්ලා අස්වීම වැනි නොහොබිනා හා පරාජිත මාවතක් තෝරා නොගෙන සටන් කළ යුතු යැයි ලියුම්කරුවා යළි යළිත් විශ්වාස කරමි. එසේ නොකළහොත් යුක්තිය සම්බන්ධයෙන් වන සමස්ථ රට වැසියාගේ විශ්වාසය පළුදු වීමට හා ජනතාව යුක්තිය පිළිබද අභිමානයෙන් දුරස් වීමටත් ඉඩ ඇත. එසේම, රෙජීමය තමන්ගේ කෙරුම්කාරකම් පිළිබද අධිතක්සේරුවකට පැමිණෙනු ඇත. මේ තත්ත්වයන් දෙකම කිසිසේත්ම රටකට සුදුසු නොවන නිසා, ළිදට වැටී ඇති අගවිනිසුරුවරිය ළිං කටෙන්ම ගොඩ ඒම මේ තත්ත්වයන් දෙකටම සාධනීය ප්‍රතිචාර දැක්වීමක් වනු ඇත.


වැඩිදුර කියවීම සදහා - 

Tuesday, December 4, 2012

ජනාධිපතිකමට - සජිත්ට වඩා නාමල් - ඊටත් වඩා විමුක්ති සුදුසුයි

සජිත් ප්‍රේමදාස යනු දිවංගත ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයායි. නාමත් රාජපක්ෂ යනු ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයායි. මෙහි විමුක්ති යනුවෙන් සදහන් කර ඇත්තේ අගමැතිවරුන් දෙදෙනෙකු ආච්චී හා සීයා වන මව හිටපු ජනාධිපතිවරියක වන එමෙන්ම පියා හිටපු දේශපාලන පක්ෂයක නායකයකු වන විමුක්ති කුමාරතුංගයි.

එක්තස් ජාතික පක්ෂයේ 54 වන ජාතික සම්මේලනය අවසන් වූයේ, රනිල් වික්‍රමසිංහ යළිත් තවත් වසර 6 ක් සදහා නායකත්වයට පත්කරමිනි. ඒ අනුවම සජිත් ප්‍රේමදාස නම් වූ එජාපයේ ඔටුන්න හිමි කුමාරයාගේ ඔටුනු පැළදවීමේ උත්සවය තවත් හය වසරකින් කල් ගියේය. කූඨප්‍රාප්තිය කල් ගිය ද සජිත් විසින් 54 වැනි සම්මේලනයේදී කරනු ලැබූ කතාව මගින් වෙනත් දේශපාලනික කියවීමක් වෙනුවෙන් පාර පාදා දුන්නේය. 

ඔහු ඍජුවම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පක්ෂයෙන් පිටතදී ඉල්ලා සිටියි. (ඔහු පක්ෂය තුළදී එසේ ඉල්ලා සිටීමට තරම් පෞරුෂයතකින් යුක්ත වන්නේ දැයි - 54 වැනි සම්මේලනයේ ඔහුගේ හැසිරීම මගින් ප්‍රශ්න කරයි.) එසේම, මෙරට මීළග ජනාධිපතිධුර අපේක්ෂකකම ද අයැද සිටියි. මේ කරුණු දෙක වෙනුවෙන්ම ඔහු ඉදිරිපත් කරන සාධක කිහිපයකි. ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයේ නායකයකුව සිටි හෙයින් ඔහුට එජාප නායකකම පරවේණි උරුමයෙන් හෝ පාරම්පරික භුක්තියෙන් හිමිය. එසේම, රණිසිංහ ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපතිධුරය දැරූ නිසා ඔහු මෙරට ජනාධිපතිධුරයට ද උරුමකම් කියයි. පරවේණියට අනුව හිමිකම් කියයි. ජනාධිපති භුක්තිය ඔහු සතුයි. ඔහුගේ දේශපාලන න්‍යාය හෝ දැක්ම කුමක් වුව ද ජනසවිය, ගම්උදාව ආදී දේ නිර්මාණය කළ පියාගේ පුතා වීම හේතුවෙන් මෙරට ජනතාව සජිත් ජනාධිපති කළ යුතුයැයි සජිත් ජනතාවට අණ කර සිටියි.

මේ සමගම තවත් කරුණු කිහිපයක් කියවා ගැනීම සදහා සිත් යොමු වෙයි. සජිත් ජනාධිපතිකම ඉල්ලා සිටින්නේ ඔහුගේ පියා මෙරට ජනාධිපති වූ හෙයිණි. එසේනම්, එම පදනම මතම මෙරට ජනාධිපතිකමට ජේ. ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන ද නාමල්, (යෝෂිත හා රෝහිත රාජපක්ෂ පුතුන්) ද  චන්ද්‍රිකාගේ පුත් විමුක්ති ද සුදුස්සන් වෙයි. සජිත්ගේ පාර්ශවයෙන් දේශපාලන උරුමය ඇත්තේ පියාට පමණි. එසේනම්, නාමල් යනු ඩී. ඒ. රාජපක්ෂ නම් ඇමතිවරයාගේ මුණුපුරායි. විමුක්ති යනු අගමැතිවරුන් දෙදෙනෙකුගේ මුණුපුරායි. සජිත්ගේ පරවේණි පදනම අනුව, සජිත් නිශේද වී යාම මෙම තර්කය තුළ වැලැක්විය නොහැක. ඒ අනුව, සජිත් පරයා නාමල් ද නාමල් පරයා පරවේණි උරුමයෙන් විමුක්ති කුමාරතුංග ද පෙරමුණට පැමිණේ. එනයින්, පියා ජනාධිපති වීම යන අතාර්කික පදනම මත සජිත්ට ජනාධිපතිකම ඉල්ලා සිටීමට තවදුරටත් ඉඩක් නැත.

සජිත්ගේ පියා ඉන්දියන් හමුදාව ගෙනැවිත් යුද්ධය පාලනය කළ නිසා, සජිත් මෙරට නායකකම ඉල්ලා සිටියි. යුද්ධය ඉවර කරනු ලැබූ මහින්දගේ පුතාට - යුද්ධය පාලනය කළ රණසිංහ ප්‍රේමදාසගේ පුතාට වඩා ැඩි අයිතිවාසිකම්ක් නැති ද. ඒ අනුව, එම තරකයේදී ද සජිත්ට වඩා නාමල් ඉදිරියෙණි. නාමල් පරයා යෑමට තම් පරවේණි සුදුසුකම් යුද්ධය සම්බන්ධයෙන් විමුක්තිට නැතත්, සජිත් පරයා යෑමට තරම් හේතු ඇත. රණසිංහ ප්‍රේමදාස සාමබ සාකච්ඡා පැවැත්වූ හෙයින් සජිත් පරවේණි අයිතිය ඉල්ලා සිටියි. ප්‍රේමදාස සාම සාකච්ඡා පැවැත්වුව ද සටන් විරාමයකට යෑමට හෝ සමත් නොවීය. චන්ද්‍රිකා රනිල් මගින් හෝ සටන් විරාමයකට ගිය හෙයින්, සජිත්ට වඩා සාමය පිළිබද අයිතියක් විමුක්තිට ඇත.

සජිත් දෙවැනි ප්‍රේමදාස යුගයක් ඉල්ලා සිටියි. සජිත් මේ වෙනුවෙන් දක්වන්නේ සුදු උදාහරණ පමණි. ජනසවිය හෝ ගම්උදාව ඉක්මවා ගිය හැට දහසක් අතුරුදන් වූ හා මිය ගිය භීෂණ සමය ද පැවතියේ පළමුවන ප්‍රේමදාස යුගයේ බව අමතක නොකළ යුතුය. ලලිත් ඇතුලත්මුදලි, රංජන් විජේරත්න වැනි දේශපාලන ඝාතන ද තවත් පුද්ගලයින් සම්බන්ධ දේශපාලන තීරණ ද ඉතිහාසයට එක් කළ ප්‍රශ්නාර්ථයන් පිටුපස සිටින්නේ ප්‍රේමදාස රෙජීමයයි. 1971 කැරැල්ල සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයක දි - කැරැල්ල මර්ධනය කිරීමට එක් කැරළිකරුවෙක් වෙනුවෙන් සත 75 ක් (උණ්ඩයක මිල) පමණක් සෑහේ - යැයි කියා සිටියේ පළමු ප්‍රේමදාසය. ඒ අනුව, වීදි සටන් හෝ උද්ඝෝෂණ සම්බන්ධයෙන් දෙවැනි ප්‍රේමදාස යුගයේ ද මෙවැනිම පිළිතුරු අපේක්ෂා කළ යුතු ද. 

ඉන්දියන් හමුදා එළවාගනිමින් ඉන්දියාව ආදී රටවල් ද චණ්ඩි විදේශ ප්‍රතිපත්තියක් තුළින් රටවල් ප්‍රමාණයක් තරහ කරගනු ලබන්නේ පළමු ප්‍රේමදාස යුගයේයි. විමුක්තිගේ සීයා හා ආච්චී නොබැදි විදෙස් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළින් රටට ඓතිහාසික විදේශ ප්‍රතිපත්තියක අත්දැකීම උරුම කර දුන්නේය. එහෙයින්, සජිත්ට වඩා රටේ සාධනීය පරවේණි අයිතියක් විමුක්තිට ඇත. විමුක්ති හා නාමල් සම්බන්ධ විදෙස් පුතිපත්ති පරවේණි අයිතිය සැලකීමේදී ද විමුක්ති ඉදිරියෙනි.

නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් පළමු ප්‍රේමදාස යුගය පිළිබදව මෙන්ම නාමල්ගේ පර‍වේණිය පිළිබදව ද ප්‍රශ්න රැසකි. නමුත්, විමුක්තිගේ පරම්පරාව නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් නාමල්ගේ හා සජිත්ගේ පරම්පරාවලට සාපේක්ෂව හොද තත්ත්වයක් පවත්වාගෙන යයි. 

එහෙයින්, සජිත්ට වඩා නාමල්ටත් මේ දෙදෙනාටම වඩා විමුක්තිටත් - මෙරට ජනාධිපතිකම සම්බන්ධ පරවේණි අයිතියක් කියා පෑමට හැකිය. නමුත්, මේ සියලු දෙනා අවසානයේ මතක තබා ගත යුතු දෙයක් වෙයි. එනම්. මේ රට යනු කිසිවෙකුගේ පරවේණි භූදලයක් නොවේ. විලි ලැජ්ජා නැතිව, පියා ජනාධිපති වූ හෙයින් මෙරට ජනාධිපතිකමේ හෝ පක්ෂ නායකත්වයක උරුමයක් ඇති බව අද සජිත්ට හෝ නාමල්ට කියා සිටීමට හැකියාවක් නැත. එසේ කියා සිටින්නේ නම්, එය ඉතාම භයානක තත්ත්වයකි. එහෙයින්, මෙවැනි සානසික මට්ටමක සිටින ‘උරුමයක් පිළිබද කයිවාරු දොඩන‘ සජිත්ට වඩා උරුමය පිළිබද විශ්වාස කරන නමුත් කයිවාරුවට නොයන නාමල් ද මේ දෙදෙනාටම වඩා දේශපාලනය යනු උරුමයක් හෝ පරවේණියක් නොවන බව කියා සිට පැත්තකට වී සිටින විමුක්ති ද වඩා හොද මිනිසුන් වේ.

Sunday, December 2, 2012

රනිල් එදිරිව (සිරස + සජිත්)

මින් වසර කිහිපයකට පෙර අතිජාත මිත්‍රයින් වූ සිරස හෙවත් එම්.ටී.වී. හා එම්.බී.සී. මාධ්‍ය ජාලය හා රනිල් වික්‍රමසිංහ යන දෙපාර්ශවය අද වන විට එකිනෙකා නුරුස්නා දික්කසාද අඹු සැමියන් සේ වී ඇත. මෙයින් ද වැඩි තරහක් පිරිමහමින් සිටින්නේ සිරස ය. එසේම, මේ සමගම තවත් දෙයක් සිරස විසින් සිදු කරමින් සිටියි. එනම්, රනිල් වික්‍රමසිංහගේ ආදේශකත්වයට වඩාත්ම සුදුසු වන්නේ ද මහින්ද රාජපක්ෂ වෙනුවට වඩාත්ම යෝග්‍ය වන්නේ ද සජිත් ප්‍රේමදාස නම් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුතා බව ජනගත කරමින් සිටියි. රනිල් කෙරෙහි විරෝධාකල්පයක් මතු කරන්නේ ද සජිත් කෙරෙහි වීරාකල්පයක් නිර්මාණය කරමින් සිටින්නේ ද කුමන පදනමක් මත ද යන්න මෙන්ම සජිත් යනු රනිල් සදහා සිටිනා සුදුසුතම නායකයා ද යන්න ද වෙන් වෙන්ව හා එකට කියවා ගත යුතුය. මේ තත්ත්වය උච්චතම තැනට පත් වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි ජාතික සම්මේලනය අවසන් වී ඇති තත්ත්වයකයි.

සිරස යනු මහරාජාගේ හේවත් රාජා මහේන්ද්‍රන්ගේ සමාගමයි. රාජා මහේන්ද්‍රන් යනු දේශපාලනයට, ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණ - බළළුන් ලවා කොස් ඇට බෑවීමේ ක්‍රියාන්විතයක් කෙරෙහි ප්‍රියතාවක් දක්වන්නෙකි. ඒ අනුව, මහරාජාට මන්ත්‍රීකමක් හෝ දේශපාලන පක්ෂයක තනතුරක් ලබා ගැනීම තුළින් එයට පමණක් සීමා වීමට වඩා සමස්ථ පද්ධතියක මෙහෙයුම්කරුවා වීම කෙරෙහි ප්‍රියතාවක් දක්වයි. මහරාජා 2001-04 එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව මගින් මෙය උත්සාහ කළේය. ඇත්ත වශයෙන්ම එය පළමු ප්‍රයත්නය නොවිණි. 1994-2001 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව මගින් ද අඩු වැඩි වශයෙන් මෙම උත්සාහය දැරූ අතර, චන්ද්‍රිකා යනු ඉක්මනින් වෙනස් වන සුළු නායිකාවක වූ හෙයින් වැඩි සබදතා පවත්වාගෙන යමින් තම අරමුණු ක්‍රියාත්මක කර ගැනීමට මහරාජා යම් ප්‍රමාණයක බියක් දැක්වීය. නමුත්, ආණ්ඩුවක් පවතින විට මාධ්‍යමය වශයෙන් අවම සහයෝගයක් හිමිවන විපක්ෂයට ජැක් ගැසීම සහ ආණ්ඩු බලයක් පිළිබද අපේක්ෂා ලබා දෙමින් තමන්ට ඕනෑ විදියට නටවා ගැනීමට පහසුතාවක් දක්වයි. එහෙයින් ද නව ලිබරල්වාදී දේශපාලන න්‍යාය එජාපයට හා මහරාජාට පොදු සාධකයක් වූ හෙයින් මහරාජා චන්ද්‍රිකාට වඩා රනිල්ට ප්‍රියතාවක් දැක්වීය.

රනිල් වික්‍රමසිංහගේ හැසිරීම හරියටම අවබෝධ කර ගැනීමට 2001-04 ආණ්ඩුව ප්‍රමාණවත් නොවීය. නමුත්, සටන් විරාම ආදී මහරාජාගේ කුලය ප්‍රිය කළ දේ රනිල් සිය දේශපාලන න්‍යාය කර ගැනීම නිසා, එවකට ගැටුමක් නොමැතිවම රනිල්ට පක්ෂග්‍රාහී විය. යුද්ධයට කැමති මහින්දට වඩා සාමයට කැමති රනිල් කෙරෙහි දක්වන කැමැත්ත නිසා 2005 වන විට ද මහරාජා රනිල් වෙනුවෙන් පෙනී සිටියේය. තම වර්ගයා සහ කුලය කෙරෙහි මහින්ද විසින් කරනු ලැබූ අසාධාරණය ඉවසාගත නොහැකි මහරාජා 2010 මැතිවරණයේදී සරත් වෙනුවෙන් පෙනී සිටියේය. එසේම, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සදහා සිංහල මූලික නායකයකුගෙන් පහරක් වදින නිසා ද 2010 දී මහරාජා මහින්දට එරෙහි විය. සරත් ෆොන්සේකා යනු ඒ අවස්ථාවේදී එල්ලී ගොඩ යා හැකි කවරෙකුගේ හෝ එල්ලී ගොඩ යාමට යත්න දරමින් සිටීම සහ දේශපාලනයක් වෙනුවට පළිගැනීමක් හා රැල්ලක් වෙනුවෙන් දේශපාලනය කළ සරත් බා ගැනීම මහරාජාට වැඩි වෙහෙසකර වූ එකක් නොවිණි. යන එන අතක් හෝ වෙනත් වේදිකාවක් තුළ ඉඩක් නොවූ තත්ත්වයක සරත් ද ඕනෑම කොන්දේසියකට එකගව මහරාජාගේ ව්‍යාපාර තුළ සිය සෙල්ලම් ඉදිරිපත් කළේය.

මේ තත්ත්වය වෙනස් වන්නේ, 2010 න් පසුවය. රනිල් යනු මහරාජාගේ න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවිය හැකි හෝ පමණ ඉක්මවා මහරාජා කෙරෙහි විශ්වාසයක් නොතබන හා ඒ මත නොයැපෙණ එකෙක් බව වටහා ගත් විට, රනිල්ගෙන් තමාට අවශ්‍ය දේ කර ගැනීමට නොහැකි බව මහරාජා තේරුම් ගත්තේය. අද වන විට ශ්‍රී ලංකාවේ සිටින ලොව පිළිගත් රාජ්‍යතාන්ත්‍රික දේශපාලකයින් දෙදෙනාගෙන් එකෙක් වන රනිල්, තවදුරටත් ‘එයාර් ටයිම් එක‘ පෙන්වා හෝ වෙනත් දේ ලබා දෙමින් ඩැහැ ගැනීමට නොහැකි බව තේරුම් ගත්තේය. එසේම, මැතිවරණ කිහිපයකින් අසමත්ව සිටි රනිල්ට එරෙහිව මාධ්‍ය මගින් මතයක් නිර්මාණය කර රනිල් එළවා දැමීම තුළින්, රනිල් තමාට නොනැමීමේ පළිය ගැනීමට හැකි වෙතැයි මහරාජා විශ්වාස කළේය.

ඒ තත්ත්වයන් තුළ, මහරාජා විසින් රනිල් ඉවත් කිරීමේ ක්‍රියාන්විතය මෙන්ම තමාට පක්ෂපාත නායකයකු සොයා ගැනීම ද ආරම්භ කළේය. සජිත් ප්‍රේමදාස යනු ඉතාම සුළු මානසික අල්ලසකින් හෝ හීන කන්දරාවක් මවා දී ඉතා පහසුවෙන් බා ගැනීමට හැකි එකෙකු බව වැටහී ගියේය. ඒ අනුව, ජනපදනමක් තුළ ප්‍රේමදාස පියාට ඇති ගෞරවය හා සජිත්ට ඇති සිහින අපේක්ෂාවන් ඒකරාශී කරමින් මහරාජා සජිත් තැනීම ආරම්භ කළේය. නිකොලායි මැකියාවලීගේ කුමාරයා පොතට අනුව, එකෙක් තැනීමට නම් - ඔහු තනනවා මෙන්ම අනෙකා නැසීම ද කළ යුතුය. මහරාජා එය ආරම්භ කළේය. මංගල සමරවීර යනු රනිල් මහරාජා කෙරෙහි නැමීම පාලනය කළ අයෙක් බව පැහැදිලිව දැනගෙන සිටි නිසාම මහරාජා මංගලට ද දැඩිව ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ඒ අනුව, සජිත්ට පක්ෂ නායකත්වයේ සිහිනය මහරාජා විසින් පටවනු ලැබීය. ගුවන් විදුලි හා රූපවාහිනී වෙත වොයිස් කට් දීමෙන්, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් හා මාධ්‍ය මගින් පොර ටොක් නිකුත් කිරීමෙන් ජාතික නායකයකු බවට පත්විය හැකි යැයි දැඩිව විශ්වාස කළ සජිත් හා සජිත්ගේ ගෝලබාලයින් මහරාජාට හසු විය. නතු විය. 

සජිත් ප්‍රේමදාස අද සිටින්නේ සරත් ෆොන්සේකා 2010 දී සිටි තත්ත්වයේය. ඔහුට කවුරුන් හෝ විවේචනය කරමින්, පක්ෂය දෙකඩ කරමින් හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ගත් තීරණයන්ට එම අවස්ථාවේදී අත උස්සා පසුව එළියට පැමිණ සිරස මයික් එකට පළු පැලෙන්නට දොස් නගනා අසමජ්ජාති හා පහත් දේශපාලනය ආරම්භ කළේය. ඒ අනුව, 2011 පක්ෂ සමුළුවේදී සිරස බලන පාක්ෂිකයින් විසින් රනිල් එලවා සජිත් පත් කර ගනු ඇතැයි සජිත් විශ්වාස කළේය. ඔව්. පාක්ෂිකයින් ද එසේ උත්සාහ කළේය. ඒ සජිත් යනු 1994 දී නිදහස් පක්සයට චන්ද්‍රිකාගේ පැමිණීම වැනි මහත් ආන්දෝලනාත්මක පිපිරීමක් වනු ඇතැයි විශ්වාස කළ හෙයිණි. නමුත්, පැවති මැතිවරණ වලින් තමන්ගේ ප්‍රාෙද්ශීය සභාව පවා රැක ගැනීමට නොහැකි වූ සජිත් මහකොළඹ හෝ රැක ගත් රනිල් සමග සටන් කිරීම තේරුමක් නැති දෙයක් බවට පාක්ෂිකයින් වටහා ගත්තේය. මා එසේ කියා සිටින්නේ, 2011 දී මරාගෙන මැරී හෝ සජිත් නායකත්වයට පත් කිරීමට අරගත කළ දහස් ගණනකින්, 2012 පක්ෂ සමුළුව වන විට ඉතිරිව සිටියේ අල්පයක් තරම් පිරිසකි. අවසර ලත් අය අතරින් 337 ක් තරම් සොච්චමක් වූ ඒ පිරිස අනෙක් අයගේ සමච්චලයට හා විවේචනයට ලක් වනු දෑසින් දුටුවෙමි. එසේම, සජිත්ට ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සිට රවී කරුණානායක දක්වාත් කොළඹ නගර සභා කෝටාවේ පාක්ෂිකයින්ගේ සිට ත්‍රිකුණාමලය ආසනයේ පාක්ෂිකයින් දක්වාම බැණ වැදුණේ, ‘කණ වැන්දුම් ගැහැණියක සේ තැන් තැන් වල පක්ෂේ ප්‍රශ්න කතා කරළ. පක්ෂේ විනාස කළා‘ යනුවෙනි. රනිල් වික්‍රමසිංහට පිළිකණු වලට වී දෙහි ඇඹුල් ඇතිව බැණ වදින සජිත්, දුටු විගස ‘ගුඩ් මෝනිං සර්, කියා රනිල්ට යාමට ඉඩ දී මුහුණ සගවාගෙන බයාදු භාවයකින් ඉවත් විණි.‘ අඩුම තරමින්, ගාමිණී ජයවික්‍රම අඩ ගසා ‘සිට් ඩවුන් හියර්‘ යනුවෙන් කියා ‘මෙතනින් ඉදගනින්‘ වැනි ලීලාවෙන් රනිල්ට යාබද පුටුව නොපෙන්වන්නට සජිත්ට රනිල් සමග එකට අසුන් ගැනීමට හෝ පෞරුෂයක් නොවීය. සජිත් 2012 සම්මේලනයේදී කතා කරන විට පාක්ෂිකයින් ඔහුව සමච්චලයට ගත්තේය. අවසන ඔහුට, ‘අනේ මටත් චාන්ස් එකක් දෙන්න‘ කියා පාක්ෂිකයින්ගෙන් බයාදු ලෙස ඉල්ලා සිටීමට සිදු විය. සජිත් මුළු පක්ෂ සම්මේලනය තුළම වේදිකාවට වී තම ජංගම දුරකතනය දිහා බලාගෙන හෝ ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් තරවටු කරමින් දුන් උපදෙස් අසා සිටියා විණා, පාක්ෂිකයින්ගෙන් පිරි සමුළුව දිහාවත් නොබැළුවේය.

දැන් යළිත් සිරස හා සජිත් කියවා ගත යුතුය. සිරස විසින් කරමින් සිටින්නේ, රනිල්ගෙන් කර ගැනීමට බැරී වූ දේ සජිත්ගෙන් කර ගැනීමටය. සජිත් දැඩිව සිතා සිටින්නේ මාධ්‍ය තුළින් මිනිසුන්ට දැක බලා ගැනීමට සැලැස්වූ පමණින් සියල්ල හරි කියාය. මා ප්‍රශ්න කරමි. දේශිය හෝ ජාත්‍යන්තර ඉතිහාසය තුළ මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලැබූ නායකයා කවු ද. එසේ නිර්මාණය කළ අල්පයක් තරම් හෝ එකෙක් හෝ අතරින් දීර්ඝ කාලීන පැවැත්වමක් පැවති නායකයි කවු ද. අයි.ටී.එන්. හි දිග්විජය කළ සුධර්මන් රදලියගොඩ කෙළින්ම ඣන්දයට පැමිණ පරාද විය. මනූෂ හා බුද්ධික පතිරණ මාධ්‍යෙව්දීන් වුව ද ඔවුන්ට ජන පදනමක් තිබිණි. නමුත්, බුද්ධික පතිරණ ද අද වන විට මාතර දිස්ත්‍රික්කය තුළ ස්ථායීතාවය ප්‍රශ්න කරමින් සිටින චරිතයකි. මිලින්ද මොරගොඩ දේශපාලනය කළේ මාධ්‍ය භාවිත කරමින් පමණි. නමුත්, දශකයකට පසු අද වන විට මිලින්ද යනු කවුරුන්දැයි මිනිසුන් ප්‍රශ්න කරයි. මහින්ද යනු ජනපදනමක් තුළ දේශපාලනය කළ අයෙකි. රනිල්, බණ්ඩාරණායකවරුන් හා සෙසු සියල්ලෝ ද එසේය. ලෝකයම ගත් කළ එසේ මාධ්‍ය විසින් නිර්මාණය කර විශාල පැවැත්මක් තහවුරු ගත ගත් අය නැත. ඒ සදහා අවශ්‍ය වන්නේ ජන පදනමයි. අද වන විටත් ලෝකයම ආදරය කරන ගාන්ධි හෝ මාර්ටින් ලූතර් කිං නිර්මාණය වන්නේ ජනපදනමක් මත මිස මාධ්‍ය මගින් නොව. (එකදු හෝ උදාහරණයක් ඇති නම්, කියවීමේදී සටහන් කරන්න - ඔබට අභියෝග කරමි).

සජිත් යනු මේ අවස්ථාවේ කාගේ හෝ එල්ලී ගොඩ යාමට යත්න දරිමින් සිටින, දෙවැනි ප්‍රේමදාස කෙනෙකු නොව දෙවැන් ෆොන්සේකා කෙනෙකි. පළමුව පක්ෂයෙන් ඉඩක් ස්වභාවයෙන් ලැබේ යැයි විශ්වාස කළේය. එසේ නොවන විට පක්ෂය දෙකඩ කරමින් පක්ෂපාත කණ්ඩායමක් නිර්මාණය කර ගත්තේය. නමුත්, අද වන විට ඔහු කඩාගෙන ගිය පක්ෂයේ කණ්ඩායම ද යළිත් ගඩාගෙන ගොස් ඇත. කරූ විසින් සජිත් අත්හැරියේය. මෛත්‍රී ගුණරත්න, ශිරාල්, රෝසි ආදීන් සජිත් සමග වැඩි ඇයි හොදයියක් නොමැත. 2012 සම්මේලනයේදී ප්‍රමාදවී පැමිණි දයාසිරි සජිත්ගේ කතාවටත් පෙරම නැගිට ගියේය. දයාසිරිට ද දැන් සජිත් යනු පොර ටෝක් පමණක් ඇති, කිසිවක් කර කියා ගත හැකි අයෙක් නොවන බැව් වැටහී ඇතැයි විශ්වාස කරමි. පරිණත නොවූ ළදරුවෙකු විසින් තම පියාගෙන් ගෘහ මූලික කම ඉල්ලා සිටින්නාක් සේ ‘මමත් බඩු පෙන්නන්නම්‘ යැයි කියමින් ජනාධිපති අපේක්ෂක කම අයැද සිටින සජිත් තමන්ට බා ගැනීම තුළින් ඉතිහාසය පුරා මහරාජාගේ සිහිනය වූ, ක්‍රියාකාරී දේශපාලනයකින් වියුක්තව රට පාලනය කිරීමේ හා මෙහෙයවීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වෙතැයි ඔහු විශ්වාස කරයි. 


අවසන ලියමි. තුන්වන ලෝකයේ රටක දේශපාලනය කළ රණසිංහ ප්‍රේමදාසගේ දෙවැනි යුගයක් තවදුරටත් නූතන ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ. ආර්ථිකය, නීතිය, යහපාලනය හෝ විදේශ ප්‍රතිපත්තීන් වැනි ගැඹුරු හා දුරදක්නා දේශපාලන ප්‍රතිපත්තීන් පිළිබද කිසිදු අදහසක් හෝ දැක්මක් නැති සජිත්, කුණු කාණු, වලවල් සහිත පාරවල් ආදිය පිළිබද කතා කරමින් කරන ගැලරියේ දේශපාලනයට - යළි පිවිසීමට ශ්‍රී ලාංකිකයින් අකමැතිය. සජිත් යනු බණ්ඩාරණායක පවුලේ අනුර තරම්වත් එකෙකු නොවේ. සජිත්ගේ පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් සජිත් රටේ ජනාධිපති කිරීමට මෙරට පුරවැසියන්ට ඇති උවමනාව කුමක්දැයි ප්‍රශ්න කරමි.

ලියුම්කරුවා විසින් සජිත් මින් වසරකට පවා පෙර ද ප්‍රශ්න කළේ, සජිත් යනු අසමත් චරිතයක් බැව් එකළම වැටහුණු නිසාය ...
http://idea365.blogspot.com/2011/05/blog-post_5174.html

Wednesday, November 28, 2012

Home Town විය යුත්තේ උපන් නගරයම ද

Home Town යනු උපන් නගරයම විය යුත්තේ ද? යන්න ඇතැම් විට කියවීමට කිසිදු පදනමක් නැති ආඛ්‍යානයක් විය හැකිය. නමුත්, මේ සම්බන්ධයෙන් වන යම් කියවීමක් සිදු කරමින් සිටින විටදී, එය හැදෑරීමට හා එසේ නොවන බවට යම් ප්‍රමාණයකින් තර්ක කිරීමට තරම් සාධාරණ පසුබිමක් නිර්මාණය කරන බැව් හැගේ. 

මේ සදහා වන මූලික පසුබිම, ප්‍රකට භාවිතයකින් ආරම්භ කිරීමට තීරණය කළෙමි. Home Town යන වචනය සදහා ඉංග්‍රීසි ශබ්දකෝෂය තුළ ලබා දී ඇති අර්ත නිරූපණය වන්නේ - Hometown or home town is the city or town where one grew up, or the place of one's principal residence. It is not to be confused with birthplace, although the two can be the same place. යන්නයි. ඒ අනුව, කෙනෙකු උපන් පමණින් එය Home Town  නොවන බව මෙයින් තේරුම්ගත හැකිය. පුද්ගලයා හැදී වැඩී ලොකු මහත් වන්නේ හෝ ඔහු මේ වන විට ස්ථීරවම නේවාසිකව සිටින්නේ යම් නගරයක් වේ ද එය ද Home Town ලෙස භාවිත කළ හැකිය. මෙමගින්ම පැහැදිලි කරන අනෙක් කරුණ වන්නේ මෙය උපන් නගරයම විය නොයුතු වන අතර එම නගර දෙකම එකක් වීම ද ගැටළුවක් නොවන බවයි. එමගින්ම. උපන් නගරය හා Home Town යනු දෙකක් වීම ද එලෙසම ගැටළුවක් නොවන බැව් අර්ථ ගැන්වෙයි. 

ඒ අනුව, අනුරාධපුරයේ උපදින අයෙකුට නුවරට පැමිණ එහි හැදී වැඩී පාසල් ගොස් අවසන කොළඹ පැමිණි පසු, Home Town යන්නට නුවර යන නගරය භාවිත කිරීමට තරම් සාධාරණ හෝ තර්ක විරහිත පදනමක් නිර්මාණය වේ. යටකී නිර්වචනයේදී grew up යන්න යළි පැහැදිලි කර ගැනීමේදී, පාසල් යාම, රැකියාවක් කිරීම, බැංකු ගිණුම් ආරම්භ කිරීම, අලුතින් මිලදී ගන්නා ඇතැම් දේ යම් නගරයක් පදනම් කරගනිමින් මිලයට ගැනීම යන කරුණු මත පදනම් වේ. එපමණක් ද නොව, පුද්ගලයකු වාසය කිරීම සදහා වැඩි නැඹුරුතාවක් දක්වන්නේ හෝ එසේ කිරීම සදහා අදහස් කරමින් සිටින්නේ යම් නගරයක ද එය ද  එම පුද්ගලයාගේ Home Town පිළිබද කරුණ ලිහා ගැනීමේ දී වඩා වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් වන ගැටළුව ලිහා ගැනීම සදහා ප්තවත් කරුණු කිහිපයක් ද වැදගත් වේ යැයි හැගේ. ඒ අතරින් පොදු භාෂාව තුළ හැසිරෙමින් සිටින විටදී, ඔහු තුළින් මතුවන ප්‍රත්‍යන්ත භාෂාවන්ගේ ලක්ෂණය එකකි. අප දන්නා පරිදි දකුණට අනන්‍ය භාෂාවක් ඇති අතර ඒ අතරින් ද තවත් කොටස් වශයෙන් හදුනාගත හැකි බලංගොඩ භාෂාව, ගාලු භාෂාව, තංගල්ල හා හම්බන්තොටට අදාල භාෂාව යනාදී වශයෙන් උප භාෂාවේ ද උප භාෂා ඇත. එය වතන ස්වරූපය, ආමන්ත්‍රණ ලීලාව හෝ ඇතැම් වචන භාවිතයේදී ‘කැඩෙන තැන්‘ ආදී වශයෙන් වෙන් කර ගත හැකිය. උඩරටට පොදු උඩරට භාෂා ශෛලියක් ඇති අතර. ඒ අතරින් ද දේශගුණය. භූමිය හා පරිසර සාධක මෙන්ම පොදු ජීවන රටාවන් අනුව මේවා වෙනස් වේ.

දැන් මෙම තත්ත්වයෙන් යම් වෙනස් තැනකට යා යුතුය. එනම් මේ හා සමානම තර්කයක් ගොඩනැගෙන මව් රට (පීතෘ දේශය) පිළිබද වන කරුණයි. කෙනෙකුගේ ‘තමාගේ රට‘ යන්නට උපන් රට හෝ තම මවගේ හෝ පියාගේ රට නොවන වෙනත් රටක් ආදේශ කළ හැකි ද.

ජර්මනියේ පාලකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් යනු උපතින්ම ජර්මානු ජාතිකයකු නොවන අතර ඔහු ඕස්ට්‍රියාවේ උපත ලැබූ ඕස්ට්‍රියානු ජාතිකයෙකි. නමුත්, පසුව ඕස්ට්‍රියානුවකු නොවී ජර්මානුවකු වන්නේ යටකී  Home Town  පිළිබද නිර්වචනය රටකට සාපේක්ෂව කියවා ගැනීමේ දී අවශ්‍යතා තෘප්ත කිරීමෙනි. ඔහු ජර්මානු ඌරුවට අනුව හැදී වැඩී පසුව මුළු හදින්ම ජර්මානුවකු වූ අයෙකි. වත්මන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ පියා කෙන්යානුවෙකි. ඒ අනුව, ඔහු ඇමරිකානුවකු නොව කෙන්යානුවෙකි. නමුත්, ඔබාමා ඇමරිකානුවකු වන්නේ - ඔහු හැදී වැඩී පෝෂණය වීමේ වැඩි කාලයක් ඇමරිකානු සංස්කෘතියට අනුව සිදු වීමෙනි. 2004 වන විට ඉන්දීය අගමැති පුටුව සදහා පූර්ණ සුදුසුකම් සපුරණු ලැබූ සෝනියා ගාන්ධි ද ඉන්දියානුවකු නොවේ. ඉතාලි ජාතික කාන්තාවක වූ සෝනියා ඉන්දියානු සම්භවය යන සංස්කෘතික භාවය මත ඉන්දියානුවකු වූ කාන්තාවකි.

ඒ අනුව, ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය තුළ හෝ වෙනත් සමාජ වේබ් අඩවියක තමන්ගේ  Home Town  සදහන් කිරීමේ දී හෝ කියා සිටීමේදී  Home Town යනු තමන් උපන් නගරයම විය නොයුතු බැව් කියා සිටිමි. 

 Home Town යනු උපන් නගරයම බව මනෝමයෙන් සිතීමට අප පෙළඹී සිටීමට ඇති සාධක කිහිපයක් පිළිබදව ද අවදානය යොමු කළ යුතුය. දේශීය සංස්කෘතිය අනුව, පුද්ගලයකු උපදින්නේ ද පසුව ඉගෙන ගන්නේ හා රැකියා කරන්නේ ද වාසය කරන්නේ ද ‘ගමේ‘ය යන විශ්වාසයක් ඇත. එහෙයින්, අපේ ‘ගම‘ හා  Home Town යනු එකක් යැයි සිතීමට පෙළඹීම සාධාරණය. නමුත්, අද වන විට මේ තත්ත්වය වෙනස් වී තිබේ. ඇතැම් විට උපන් නගරය යනු සිය මා-පියන්ගේ ස්ථීර වාසස්තානය පවතින නගරයයි. පසුව කල්යත්ම. අධ්‍යාපන හෝ රැකියා අවශ්‍යතා මත පුද්ගලයින් වෙනත් නගර වෙත සංක්‍රමණය වී ඒවාහි නැංගුරම් දැමීම සිදු වෙයි. ඇතැම් විට, අදාල ප්‍රෙද්ශයේ කුලියට ගත් නිවෙසක් හෝ නොමැති පුද්ගලයින් යම් යම් ප්‍රදේශයන්ගේ මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වෙයි. ඔහු හෝ ඇය එසේ පත්වන්නේ නම්, ඔහු එම නගරයට හෝ පළාතට අයිති කෙනෙක් වෙයි. හම්බන්තොට උපන් බැසිල් රාජපක්ෂගේ  Home Town වී ඇත්තේ ගම්පහයි. බෙලිඅත්තේ උපන් මර්වින් සිල්වා දැන්  Home Town එක බවට කැළණිය පත් කර ගත් අයෙකි. එසේ වුව ද අද වන විටත් මර්වින් සිල්වා වාසය කරන්නේ හම්බන්තොට හෝ කැළණිය නොවන නාරාහේන්පිටයි.

‘අපේ ගම‘ ලියූ මාර්ටින් වික්‍රමසිංහයන් තවදුරටත් කොග්ගල වාසය නොකළේ නම් ඔහුට ද  Home Town යනු කොග්ගල හෝ ගාල්ල වීම අහිමි වීමට තිබිණි. ආර්ජන්ටිනාවේ උපන් චේ ගෙවාරාට ආජන්ටිනානු භාවය අහිමි වී කියුබානුභාවය ද ඔස්ට්‍රියාවේ උපන් හිට්ලර්ට ඕස්ට්‍රියානුභාවය අහිමි වී ජර්මානුභාවය හිමී වූවා සේ ද කෙන්යානු පියාගේ පුතා වූ ඔබාමා ඇමරිකානුවකු වූවා සේම ද අද වන විට වෙනත් ගමක ඉපදුණු බොහෝ අයට එම ගම  Home Town ලෙස භාවිත කිරීමේ හැකියාව අහිමි වී තිබේ. 

Wednesday, November 21, 2012

ගණිකාවෝ ද මනුෂ්‍යයෝය

“ගණීකා වෘත්තිය“ යනු අතිශයින්ම අප්‍රසන්න හා ලොව පවත්නා පහත්ම රැකියාවක් හෝ රැකියාව බව රාමුගත සංස්කෘතියේ අදහසයි. මසකදී ගණිකාවන් දුසිම් ගණනින් ඇසුරු කරන්නන් පවා ගණිකා වෘත්තිය හෝ ගණිකාව පිළිබද දක්වන්නේ පිළිකුල් සහගත අදහසකි. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ අභ්‍යන්තරික අදහස එවැන්නක් නොවුණ ද රාමුගත සංස්කෘතියක් තුළ ජනසම්මතවාදී ‘පොරක්‘ වීම සදහා එවැනි අදහසක් දරණු දක්නට ලැබේ. මූලිකවම කියන්නේ නම්, ගණිකාව යන වචනය ‘වල් අලි‘ වැනි වචනයක් වී ඇත. එහෙයින්, අප විසින් මේ කියවීම ආරම්භ කිරීමට පෙර ‘වල් අලි‘ පසුව ‘වන අලීන්‘ බවට පත් කළා සේ ‘ගණිකාව‘ හෝ එම වෘත්තිය ලිංගික ශ්‍රමිකයා හෝ ලිංගික කර්මාන්තය බවට හෝ වෙනත් අර්ථ රසයෙන් උසස් වන තත්ත්වයට පත් කළ යුතුමය. එසේ නොවන්නේ නම්, තවදුරටත් ගැඹුරු කියවීමක් දක්වා ඔබට-මට ලගා වීමට මෙම ජනසම්මතවාදී අදහස් යම් බලපෑමක් එල්ල කරනු ඇත.

අද වන විට ලිංගික ව්‍යාපාරය මුහුණුවර කිහිපයකින් ක්‍රියාත්මක වේ. මෙය ඇත්ත වශයෙන්ම අද වන විට යාවත්කාලීන වූ තත්ත්වයක් නෙවෙයි. මෙවැනි ක්‍රියාවලියක් ගණිකා වෘත්තිය නමින් නම් කිරීමට පවා පෙර සිට පවත්නා තත්ත්වයකි. එහි අප දන්නා බහුල භාවිතය නම්, මුදල් ගෙවා කුලී පදනම මත කෙටි කාලීනව සිදු කරන ආශ්‍රයකි. මෙය ද තවදුරටත් කැටගරි කිහිපයකට වෙන් කළ හැකිය. ඒ පිළිබද සාකච්ඡා කිරීම පසුවට තබමි. අනෙක් ප්‍රධාන කැටගරිය නම්, තමා විසින් විවාහ ජීවිතය තුළ ලිංගික විෂයෙහි තෘප්තිමත් නොවන විට ඒවා ඉටු කර ගැනීම වෙනුවෙන් සිදු කරනු ලබන අනොන්‍ය අවබෝධය මත පදනම් වන කෙටි කාලීන හෝ දිගු කාලීන ආශ්‍රයන්ය. විවාහයට පෙර පෙම්වතියක් හෝ මිතුරියක් ලෙස ඇසුරු කරමින් සිට තමාගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීම සිදු කිරීම තවත් කැටගරියකි.

දැන් අප විසින් මුල්‍යමය පදනම මත සිදු කරනු ලබන ලිංගික ව්‍යාපාරය පිළිබද කියවා ගත යුතුය. මෙහි ද ඍජු හා වක්‍ර ගෙවීම මත සිදුවන අවස්ථාවන් ඇත. ඍජු ගෙවුම් ගණිකා වෘත්තිය යනු කෙළින්ම තමා විසින් මුදල් ගෙවීමක් සිදු කර අවශ්‍යතා ඉටු කර ගැනීම හැදින්විය හැකිය. මසාජ් සෙන්ටරයක් තුළට රිංගා ගන්නා පිරිමියා බොඩි මසාජ් එකක් වෙනුවෙන් මුදල් ගෙවා පසුව, අනෙකා විසින් ස්වයං වින්දනය කරවීම වෙනුවෙන් ‘ටිප්‘ එකක් දී එය සිදු කර ගනියි. නැතිනම්, කෙළින්ම ඒ වෙනුවෙන්ම ගෙවීමක් සිදු කරයි. ශුක්‍ර ධාතු පිටකිරීමේ වාර ගණන මත පදනම් වූ සීමාවන් හා එකගතා ඇතිව හෝ නැතිය මෙය සිදු වෙයි. එසේති නැතිනම්, ගණිකා මඩමක් තුළට ගොස් තෝරා ගත් හෝ ලබා දෙන කාන්තාවක සමග මුදල් පදනම මත මෙම කාර්යය සිදු වීම ද දක්නට ඇත. මෙය සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා සාමාන්‍ය වශයෙන් වෙන් කර ගත හැකිය. එහි තත්ත්වය තීරණය වන්නේ ගෙවනු ලබන මුදල හා ඒ වෙනුවෙන් ලබා දෙන ස්ථානයේ ඇති තත්ත්වයන් මතය. එසේත් නොමැති නම්, කාන්තාවක් යම් තැරැව්කාරයකු මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් යෝජනා කරන තැනකට ගොස් හෝ “අරගෙන ගිහිං“ අදාල කාර්යය සිදු කිරීමට අවස්ථාව උදා කර දෙයි. මෙම උප කැටගරියේ ගණිකා ඇසුර සම්පූර්ණයෙන්ම රහස් හා මුල්‍යමය පදනම මත සිදුවන සංවිධානාත්මක ව්‍යාපාරයක ලක්ෂණ ඇත.

යටකී කැටගරියටම අයත් වන්නා වූ තවත් ඍජු ගෙවීම් ගණිකාවන් ඇත. වීදි ගණිකාවන් ඒ සදහා තවත් එක් උදාහරණයකි. සම්පූර්ණ සංසර්ගයක් වෙනුවෙන් අනන්‍ය මිලක් ද, සීමිත ලිංගික කාර්යයන් ප්‍රමාණයක් වෙනුවෙන් වෙනම අනන්‍ය මිලක් ද එහි ඇත. එසේම, අවශ්‍යතා මත මුඛ සංසර්ගය, ස්වයං වින්දනයේ යෙදවීම ආදී වශයෙන් ද උප මිල නියම කිරීම් මේ හා බැදේ. මෙවැනි ගණිකාවන් ඇතැම්විට මිල අධික නොවන කාමර තුළට ගොස් හෝ වෙනත් අයුරින් මේ කාර්යය සිදු කරයි. එක වසා දැමූ හෝ ඉදි වෙමින් පවත්නා ගොඩනැගිලි තුළ ද ඇතැම් විට පාළු මං මාවත් තුළ එලිමහනේ ද මෙම කාර්යය සිදු කරයි.

වීදි ගණිකාවන් හෝ තැරැව්කාරයන් මගින් අදාල මූලික ගණු දෙනුව සිදු කරනු නොලබන කාන්තාවන් අතැමෙක් වීදි හෝ වෙනත් ස්ථානයන්හි රැදී සිට තමන් විසින්ම ඍජුවම තම සේවාදායකයා සොයා ගනියි. වාහනයක යන සේවා දායකයෙකු හෝ ත්‍රී රෝද රථ මගින් හෝ මෙම කටයුතු සදහා අවශ්‍ය මූලික තත්ත්වයන් නිර්මාණය කර ගනියි.

ඍජු ගෙවීම් ක්‍රමයක් පවතින්නේ නම්, වක්‍ර ගෙවීම් ක්‍රමයක් ද පැවතිය යුතුය. මෙය මුදල් මගින් හෝ වෙනත් දේ මගින් සිදු කර ගත හැකිය. තමා ඇසුරු කිරීමට කැමති කාන්තාවක් හෝ තරුණියක් වෙනුවෙන් තමාගේ ආයතනය තුළ රැකියාවක් ලබා දෙන ඇතැම් පිරිමින්. එම කාන්තාව සමග තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගනු ලබන්නේ ද්වීපාර්ශවීය එකගතාවය ඇතුව හෝ පළමුව එසේ නැතිව ආරම්භ කර පසුව කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය. මේ වෙනුවෙන්, එක් සංසර්ගයක් වෙනුවෙන් නියම කරනු ලැබූ මිලක් ලබා නොදුන්න ද මාසික වැටුපක් හෝ කාර්යාලයට ඒමට යාමට වාහනයක් හෝ එවැනි වරදාන වරප්‍රසාද ලබා දෙයි. එසේත් නැතිනම්, තෑගි බෝග හෝ වෙනත් දේ වෙනුවෙන් ද මෙය සිදු වෙයි. 

ම විසින් මෙහිදී සදහන් කරනු ලැබූ පළමු කැටගරිය, එනම් එකගතාවය මත සිදුවන දිගු කාලීන හෝ කෙටි කාලීන සබදතා ද පවතියි. ස්වාමියාගෙන් තෘප්තිමත් නොවන භාර්යාවන් ද භාර්යාවගෙන් තෘප්තිමත් නොවන ස්වාමීන් ද එසේ නොවන කාන්තාවන් හා පිරිමින් ද මෙම කටයුත්ත සිදු කරයි. මේ වෙනුවෙන් ඍජු හෝ වක්‍ර ගෙවීමක් සිදු නොකළ ද මෙය ද එක් පැත්තකින් ගණිකා වෘත්තිය හෝ ලිංගික ශ්‍රමිකත්වය ලෙස ම අර්ථ ගැන්විය හැකිය.

ඍජු ගෙවීමකදී පණවනු ලබන සීමාවන් රැසත් මෙවැනි අවස්ථාවන් වලදී දක්නට නොලැබෙයි. කොන්ඩමයක් භාවිත කරනු වෙනුවට අදාල කාර්යය පූර්ණ වශයෙන්ම ස්වභාවිකව සිදු කර, ගැබ් ගැනීම නැවතීම සදහා ඖෂධ භාවිත කිරීම එක් ක්‍රමයකි. විවිධ තාක්ෂණික ක්‍රමයන් භාවිත කිරීම හෝ ගැබ් ගැනීමක් දක්වා නොයන තත්ත්වයට අදාල ආශ්‍රය කළමණාකරණය කර ගැනීමට මෙම ගණිකා වෘත්තියේදී, ගණිකාව ද සේවාදායකයා ද වග බලා ගනියි.

ඍජු ගෙවුම් ගණිකා වෘත්තියේ දී තම තමන්ගේ ‘ටේස්ට්‘ එ තෝරා ගැනීමේ නිදහසක් සේවාදායකයාට ඇත. වක්‍ර ගෙවුම් හෝ එකගතා ගණිකා වෘත්තිය තුළ මේ නිදහස යම් ප්‍රමාණයකින් සීමා වේ. අතැම් අය දේශිය හෝ විදේශිය වශයෙන් ද විදේශිය වන විට ද රටවල් හෝ කලාප අනුව කැමැත්ත දක්වයි. ඇතැම් අය වයස හා ශාරීරික වර්ණය පිළිබදව ද සැලකිල්ලට ගණියි. ශරීරයේ ප්‍රමාණය ආදී වශයෙන් ද එක් එක් ක්‍රමවේදයන් පිළිබදව ද මෙවැනි අවස්ථාවන් වල දී අවධානයට ලක් වේ.

කෙසේ නමුත්, ගණිකාවක් යනු ‘සල්ලි දීම සංසර්ගය කිරීම‘ යන තත්ත්වයේ සිට පමණක් කියවා ගන්නා තෙක් ගණිකාව යනු පිළිකුල් හා අප්‍රසන්න ස්ත්‍රියක් ලෙස බහුජන සමාජයේ වර්ගීකරණය වෙයි. නමුත්, එම වෘත්තියේ සුඛෝපභෝගී භාවය වැඩි වෙත්ම හා ක්‍රමවේදනයන්ගේ තත්ත්වයන් වෙනස් වන විට එය ගණිකා වෘත්තිය නොවන එකක් බවට පත් වේ. එහෙයින්, අඩු වැඩි වශයෙන් ස්වාමි-භාර්යා ලිංගික සම්බන්ධය නොවන අනෙක් සෑම එකක්ම ගණිකා කටයුත්තක් වන බැව් පිළිගත යුතුය. එහෙයින්, ගණිකාව යනු සමාජයෙන් කොන් කිරීමට ලක් විය යුතු හෝ ගර්හාවට ලක් විය යුතු කාන්තාවක් නොවේ. ජීවිතයේ එක් වරක් හෝ පූර්ණ ලිංගික ඇසුරක් හෝ පූර්ණ නොවන ලිංගික ඇසුරක්. ස්වාමියා හෝ භාර්යාව සමග හැර වෙනත් අයෙකු සමග සිදු කර ඇති සෑම අයෙක්ම අවස්ථානෝචිතව ගණිකාවක් වන්නේය. ගණිකාව යනු කාන්තාවම පමණක් නොවන, පිරිමින් ද යහමින් අයත්වන වර්ගීකරණයකි. 

Monday, November 12, 2012

ලේ පැල්ලම - විවාහය සහ ස්ත්‍රිය

අමුවෙන්ම ලියන්නේ නම්, මෙරට වැනි දේශීය හා රාමුගත සංස්කෘතික සමාජයක් තුළ ස්ත්‍රියට හිමිව ඇත්තේ ඉතාම අඩු තත්ත්වයකි. ලියුම්කරුවා විසින්ම මින් පෙර අවස්ථා ගණනාවකදී ලිපි කිහිපයක් මගින් මෙම සමාජ ක්‍රමය තුළ ස්ත්‍රියගේ වටිනාකම හා තත්ත්වය පිළිබද විවිධ දේ ලියා ඇත. තවදුරටත් එවැනි විෂයක්ම මූලික කර ගනිමින් හැදෑරීමක් වෙනුවෙන් පොළඹවනු ලැබූයේ, “එක මිනිහට ගෑණු දෙන්නෙක් ඉන්නවට වඩා, එක ගෑණිට මිනිස්සු දෙන්නෙක් ඉන්න එකේ අවුලක් තියනව“ යනුවෙන් පෙර දිනක සංවාදයක් අතර තුර මතු වූ කරුණකි. මෙය තිර කියමනක් ලෙස එළියට පැමිණෙන්නේ සීමා සහිත අවස්ථාවන් වලදී වුව ද සෑම සංස්කෘතික රාමුගත හදවතක් තුළම මෙම අදහස පැළපදියම් වී ඇති බැව් සත්‍යයකි.

ස්ත්‍රී පුරුෂ විවාහයක් තුළ දී, පුරුෂයාගේ පිරිසිදු භාවය හෝ පිරිමියා මින් පෙර සල්ලම් වී නොතිබීම සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන රාමුගත සංස්කෘතික සමාජය කාන්තාවගේ පිරිසිදු භාවය නිර්ණය කර ගැනීම හෝ සනාථ කර ගැනීම වෙනුවෙන් සුදු රෙදි එළීමට පෙළඹී සිටියි. එහෙයින්, ස්ත්‍රියගේ ලේ පැල්ලම යනු සමස්ථ විවාහයේම තත්ත්වය කෙරෙහි හෝ ඍජුවම ‘දීගයේ පැවතීමේ හෝ ඇරීමේ‘ තීරණාත්මක සාධකය ලෙස පවා බලපායි. එසේත් නැතිනම්, මධුසමයේ එළනු ලබන සුදු පිරුවටයේ ලේ පැල්ලමක් නොමැති වීම, කුමන හෝ ස්ත්‍රියක් ‘වෛශ්‍යාවක්‘ හෝ ‘නැට්ටුක්කාරියක්‘ යන ලේබලය ගැන්වීමට පවා සමත් වෙයි. මින් පෙර මුදලට හෝ ‘ටොක් කර‘ ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමග පවා හෝ සහවාසයේ නියැලී සිටින පිරිමියෙකු වුව ද සිය විවාහය දා ස්ත්‍රියගේ ලේ පැල්ලම අපේක්ෂාවෙන් තිගැස්මෙන් හා කුතුහලයෙන් ගත කරයි. 

කන්‍යාභාවය යනු ස්ත්‍රියගේ පරම පූජනීය මිනුම් දණ්ඩක් වන්නේ නම්, පිරිමියා වෙනුවෙන් නියම කර ඇති ඒ හා සමාන ඒකකය කුමක් ද. වෛද්‍ය විද්‍යාක්මකව එක් වතාවකදී පමණක් පිරිමි ලිංගික ක්‍රියාවලියකදී අහිමිවිය හැකි ජීව සංඛේතයක් පිරිමින් සතු වන්නේ ද. ඇතැම් අවස්ථාවන් වලදී විවිධ අයුරින් අරුත් ගැන්වෙන පරිදි එවැනි හැරවුම් ජීව වස්තුවක් පිරිමියා ද සතු වේ. නමුත්, එවැන්නක ඇති-නැති භාවය නිරීක්ෂණය කිරීමට හෝ ‘ආරංච් කර බැලීමට‘ රාමුගත සංස්කෘතික සමාජය නොපෙළඹෙන්නේ කුමන කරුමයක් නිසාදැයි නොදනිමි. ඇතැම් විට, එය එසේ වන්නේ පොදු මහත් සමාජයේම ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ පිරිමියා වීම නිසා විය හැකිය. එසේත් නැතිනම්, ලේ පැල්ලම අහිමි කාන්තාව අහිමි ස්ත්‍රිය වෛශ්‍යාවක් වන තත්ත්වයකදී ලිංගික පිරිසිදු භාවය සම්බන්ධ පුරුෂ ජීව ලක්ෂණය අහිමි පිරිමියා ‘පොරක්‘ ලෙස අභිසෙස් ගැන්වෙන නිසා විය හැකිය. ‘දොරක් ඕනැම යතුරකින් අරින්න පුළුවන්නම් ඒ දොර වැඩක් නෑ. හැබැයි එක යතුරකින් දොරවල් කීපයක් අරින්න පුළුවන්නම් ඒක සුපිරි යතුරක්‘ ලෙස සමාජ ගත කරනු ලැබ තිබීම තුළ මෙවැනි මැනීම් කෙරෙහි පෙළඹීමේ තත්ත්වයක් ඇත.

ගණිකාවක් සම්බන්ධයෙන් ලියනු ලැබූ බ්ලොග් සටහනක මෙසේ සදහන් විය. ‘මම කෝල කරල දවසක් දා ගත්ත. මගෙන් ඇහුව වයස කීයද කියල. මම කීව අවුරුදු 19 යි කියල. එතකොට ඒ කෙල්ල මගෙන් අහනව, -අනේ යකෝ, වටේ ගහන උඹලනෙ ගෑණුන්ගෙ පිරිසිදු කම හොයන්නෙ‘.

මේ පිළිබද තවදුරටත් කියවාගෙන යන විට, ස්ත්‍රිය කෙරෙහි මෙම සංස්කෘතික අසාධාරණය සිදු කිරීමේ පුරෝගාමී වගකීම ඉටු කරන්නේ හෝ පුරුෂ මූලික සමාජයක් තුළ නිර්මාණය වන පුරුෂ-පක්ෂපාත මතවාදයන් සමාජය තුළ ප්‍රචලිත කිරීමේ හා ස්ථානගත කිරීමේ කාර්යය ඉටු කරමින් සිටින්නේ කාන්තාවන්ම බැව් කිව යුතුය. ගැබ්බර මවක් බස් රථයකට ගොඩ වූ විට, ආසනයක් පැණවීම කෙරෙහි වඩාත්ම අසල වන්නේ කාන්තාවන්ම බැව් ඕනෑතරම් දැක ඇත. එසේම, එවැනි කාන්තාවන් කෙරෙහි තවත් බොහෝ කාන්තාවන් විසින් දක්වන හැගීම හා හෙළනු ලබන බැල්ම -විසේට බඩ වෙලා- වැනි එකකි. එසේම, එක දිගට ආසන්න කාලයක් තුළ දරුවන් කිහිප දෙනෙක් වැදූ මව්වරුන් පිළිබද වැඩියෙන්ම අවඥාසහගත ‘කතා හදන්නේ‘ ද කාන්තාවන් විසින්මය. තව ද, ලේ පැල්ලම කෙරෙහි උනන්දුවක් දක්වන විවාහක පුරුෂයා හැරුණු විට වෙනත් පුරුෂයකු නැති තරම්ය. නමුත්, මධුසමයේ සුදු ඇතිරිල්ල පිළිබද වැඩිම සෙවිල්ලක් හෝ අවධානයක් දක්වන්නේ දෙපාර්ශවයේම කාන්තාවන් විසිනි.

ස්ත්‍රියකගේ පැවැත්ම කෙරෙහි හා ස්වාධීනතාවය කෙරෙහි ලේ පැල්ම ඍජුවම බලපාන බැව් රාමුගත සංස්කෘතික සමාජයක් තුළ හොදින්ම දැකිය හැකි කරුණක්. විවාහයට පෙර ස්ත්‍රියකගේ කන්‍යාභාවය යම් අයෙකු විසින් සිදිනු ලැබූයේ නම් හෝ ‘සල්ලම් කළේ‘ නම් ඉනික්බිති අවදිය තුළ ස්ත්‍රියගේ තොන් ලණුව යටකී පුද්ගලයා අත පත් වන්නාක් වැනිය. රහසක් හෙළි නොකර සිටීමේ පදනම හෝ ‘භය‘ මත ස්ත්‍රිය ‘බ්ලැක්මේල්‘ කිරීම කෙරෙහි භාවිත කළ හැකි කදිම යාන්ත්‍රණයක් ලෙස ද මෙය භාවිත විය හැකිය. නමුත්, කිසි විටෙක, කාන්තාවකට පිරිමියෙකු එවැනි පදනමක් තුළ පාලනය කිරීමේ හෝ මෙහෙයවීමේ හැකියාවක් නැත. ‘ලෝකෙට කියනව, මමයි උඹේ කන්‍යාභවය නැති කළේ කියල‘ යනුවෙන් පිරිමියෙකුට කාන්තාවක් අභියෝගයට ලක් කළ හැකි වුව ද කිසිදු විටෙක ස්ත්‍රියකට එවැන්නක් සිදු කිරීමේ හැකියාවක් නැති තරම්ය.

මෙම රාමුගත සංස්කෘතික තත්ත්වය වෙනස් කළ යුතු වන්නේ ද හෝ නොවන්නේ ද යන්න තර්ක කළ හැකි තැනක ඇත. නමුත්, ලේ පැල්ලම යනු ‘සියල්ල‘ නොවන බව පමණක් කිව යුතුය. විවාහයක වටිනාකම් හා තත්ත්වයන් කෙරෙහි රාමුගත සංස්කෘතික සමාජයක් තුළ ස්ත්‍රියගේ කන්‍යාභාවය සැලකිය යුතු බලපෑමක් එල්ල කළ ද එය මත සියල්ල තීරණය නොවන බව වටහා ගත යුතුය. 

Monday, November 5, 2012

පට්ට ගහන - දෝෂාභියෝගය


මෙවැනි උදෘතයක් තුළ කෙරෙන හැදෑරීමක්, අමුවෙන් ලියන්න අවසරයක් හෝ එසේ කිරීමේ හැකියාවක් නැති බව පළමුවෙන්ම කිව යුතුයි.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහිව මේ වන විට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති බව කිරි බොන දරුවන් පවා දන්නා ප්‍රකට කරුණක්. මේ සම්බන්ධයෙන් වන සමාජ විග්‍රහයන් හා නෛති මූලධර්මයන් සම්බන්ධයෙන් මේ දිනවල පොදු සමාජය තුළ නැතත් විෂයානුබද්ධ තැන්වල සහ මාධ්‍ය තුළ පට්ට ගහනව. මේකෙ තියන විශේෂත්වය වෙන්නෙ මේ සම්බන්ධයෙන් කෙරෙන විලි ලැජ්ජා විරහිත විග්‍රහයන් දරාගෙන සිටීමට තරම් පවා අපහසු වීමයි.

කෙසේ නමුත්, ලංකා ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකුට එරෙහි පළමු දෝෂාභියෝගය මෙය නෙවෙයි. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා චිත්ත පීඩාවෙන් යුතුව මිය යන්නේ 77-88 ජේ. ආර්. ආණ්ඩුවේ මහා බලපරාක්‍රමය යටතේ ගෙනා මෙවැනි අභියෝගයක් තුළ අඛණ්ඩ අසාධාරණකම් සමූහයකට ලක්වෙලා. නෙවිල් සමරකෝන් මහතා එවැනි චෝදනාවකට ලක් වීමට කළ වරද, ඔහු පැවැත්වූ දේශනයකදී ආණ්ඩුවේ රැකියාවන් සදහා බදවාගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කෙරෙන ස්වාධීන හා පදනම්ගත විවේදනයක්. “ආණ්ඩුවේ කන්තෝරු වලට ගන්න යතුරු ලේඛකයින් යතුරු ලියන මැෂිමක් දැකලවත් නෑ. ලිපිකරුවන්ගෙ භාෂා කුසලතාවය අන්තිමයි“ වගේ අදහසක් දෙන දෙයක් ඔහු උත්සවයකදි සදහන් කරනව. මේ හේතුවෙන් උරණ වුණු ජේ. ආර්. රෙජීමය ඔහුව අභියෝගයට ලක් කරනව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 107 වන ව්‍යවස්ථාව මෙවැනි දෝෂාභියෝග සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලස්වලා තියනව. ඒ විතරක් නෙවෙයි, එම ව්‍යවස්ථාවට අනුව තුනෙන් දෙකක බලයක් තියන ආණ්ඩුවකට ව්‍යවස්ථාව පවා වෙනස් කර ගනිමින් ඕනෑම නීතියක් සම්මත කළ හැකියි. නමුත්, එසේ සම්මත කරන නීති හෝ ගනු ලබන ක්‍රියාමාර්ගයන් අවශ්‍ය අවම සුදුසුකම් සම්පූර්ණ වීම පමණක් කියන සාධකය ඉක්මවා ගිහින් වෙනත් මූලධර්මයන් පවා සැලකිල්ලට ගත යුතුයි. 

2001 වසරේදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වෙනුවෙන් ද මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් කළා. ඔහු වෙනුවෙන් තිබුණු චෝදනාව “විෂම පැවැත්ම“. ඒ අවස්ථාව වන විට ඔහු චන්ද්‍රිකා රෙජීමයේ උදහසට ලක්ව නොසිටි නිසා සුළුතර එජාපයේ දෝෂාභියෝගයෙන් බේරෙනෙව. ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව සදහන් වෙන්නෙ, “ඔප්පු කරනු ලැබූ විෂම පැවැත්ම“ කියන සාධකය. එහෙමත් නැත්තම් “දුබලතාවය“. නෙවිල් සමරකෝන් අ.වි. මහතාට එරෙහි යෝජනාවෙදි පදනම් වෙන්නෙ ඔහු ආණ්ඩුවට හෝ රෙජීමයට පක්ෂ පාතී නොවිම කියන කාරණය. යෝජනාවෙ කියන කාරණා කුමක් වුවත් යථාර්ථ සිද්ධිය එය බව නොරහසක්. නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් වෙන්නෙ තැනේ හැටියට ඇණේ ගැසීමේ ක්‍රියාවලියකුත් එක්ක.

දෝෂාභියෝගයට අදාල කරුණු “ඔප්පු කිරීම“ සදහා යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඒ වන විට එවැනි නීතියක් සම්මත වී තිබුණේ නැහැ. ජේ. ආර්. රෙජීමය ඒ අවස්ථාවෙදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78(අ) නිර්මාණය කරමින් මෙම ක්‍රියාවලිය නිර්මාණය කරනව. එහි සදහන් වෙන්නෙ සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් මසක් තුළ මෙම විමර්ශනය පැවැත්විය යුතුයි යනුවෙන්. මෙහි ඇති පුදුමසහගත කරුණ නම්, විශාල ප්‍රමාණයක් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වෙනත් කිසිවක් සදහා උපරිම දිනයක් හෝ කාල සීමාවක් ලබා දී නොමැති වීමයි. රටේ විසදාගත යුතු බොහෝ දේවල් වෙනුවෙන් දින නියම නොවන මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ අගවිනිසුරුවරයාට එරෙහි දෝෂාභියෝග මසක් තුළ විමසිය යුතුයි.

දැන් එකින් එක කරුණු වශයෙන් සහ අවශේෂ සිද්ධින් සමග විසදාගැනීමට කල්පනා කරමි. දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව. ඒ සම්බන්ධයෙන් යම් සාධාරණයක් පැවතිය හැකියි. දෝෂාභියෝගය ජනතාව වෙනුවෙන් ජනතා නියෝජිතයින් ඉදිරිපත් කිරීම කියන සාධකය. නමුත්, “නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගේ“ න්‍යාය මෙතැන භාවිත වෙන්නෙ, මෙම නඩුව විමසන්නෙත් පාර්ලිමේන්තුව තුළින්ම වීම හරහා. තමන් ඉදිරිපත් කරන පැමිණිල්ලක් තමන් විසින්ම විභාග කිරීමේ ඇති සාධාරණ හෝ යුක්තිසහගත පදනම කුමක් ද කියන ගැටළුව මෙතැනදි නිර්මාණය වෙනව. 

අනෙක් කරුණ, මේ වෙනුවෙන් පත් කරන සාමාජිකයින් 7 දෙනාගෙන් බහුතරය ආණ්ඩු පක්ෂයේ බව විශේෂයෙන්ම සදහන් කර තිබීම. එහි සභාපතිවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. නඩු සහ බඩු හාමුදුරුවන්ගේ වීමේ බරපතලම තත්ත්වය නිර්මාය වෙන්නෙ ආණ්ඩු පක්ෂයකින් ඉදිරිපත් වන දෝෂාභියෝගයක් සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කර, මාසයක් කල් ගත කර ආණ්ඩුවේ බහුතරයක් අසුන්ගෙන මෙම ප්‍රශ්නය විභාග කරනව. බහුතර ආසන සහිත ආණ්ඩුවක් පවතින මෙවැනි අවස්ථාවක 107 වන ව්‍යවස්ථාවේ සදහන් අවම වශයෙන් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකක් අත්සන් කළ යුතුයි කියන කතාව ඉතාම සරල වෙනව. මෙම සිද්ධියට අදාලව මේ වන විටත් 118 දෙනෙකුම අත්සන් කරල. ඒ කියන්නෙ දෙකෙන් එකකටත් වැඩියි. යෝජනාවේ තිබෙන කරුණු ඔප්පු වුණත් නැතත්, ඔප්පු වුණ බව ඔප්පු කරන්න කාරක සභාව තුළ ඡන්දයක් තියන්න සිද්ධ වුණත් රෙජීමයේ පරාක්‍රමයට යටත් රෙජීමයේ සාමාජික මන්ත්‍රීවරුන් ඔප්පු වුණු බවට ඡන්දය ලබා දෙනව. එවැනි අවස්ථාවක දෙවැනි ඡන්ද විමසීම වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදි කවුරුන් කුමක් සදහන් කළ ද කරුණු ඇත්ත වුණත් බොරු වුණත් බහුතරයකින් සම්මත කරගන්න එක විශාල කාර්යභාරයක් නොවන තත්ත්වයට පත් වෙනව. 

යම් අයෙකුගේ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව කරුණු කිහිපයක් මත රදා පවතිනව. ‘මගේ නිදහස තීරණය වන්නේ මගේ පරිසරය මතයි‘ කියැවෙන්නෙ ඒ නිසා. කළු පැහැති මිනිසෙක් අයෙකුගේ මවගේ බෙල්ලට පිහියක් තබාගෙන, “උඹ ස්වාධීනව හිතල කියපං, මම සුදුයි නේද“ ඇහුවම අදාල පුද්ගලයා විසින් කළු හෝ සුදු බවට ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම සීමා වෙනව. එවිට තීරණය ලබා දෙන්නෙ අම්මා නිදහස් කර ගැනීමට තරම් තෘප්තිමත් උත්තරයක් මිස සාධාරණ උත්තරයක් නෙවෙයි. කිසි සේත්ම එවැනි තර්ජනයක් හෝ බලපෑමක් තුළ ස්වාධිනතාවය පිළිබද විශ්වාස කළ නොහැකියි. ඒ විතරක් නෙවෙයි, එවැනි ස්වාධීනතාවයක් අපේක්ෂා කිරීම පවා වැරදි සහගතයි. මෙම සිද්ධියේදීත් එම ස්වාධීනතාවය සම්බන්ධයෙන් සැකයක් පහළ වෙනව.

අපි දන්න සාමාන්‍ය මහේස්ත්‍රාත් වරයෙක් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් පවා පොදු සිවිල් සමාජය සමග ගැටෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඇතැම් විට තමාගෙ ස්වාමියා විනිසුරුවරයෙක් වූ විට, නීතීඥ වෘත්තියට සමුදුන් කාන්තාවන් මේ රටේ අතිමහත්. සෙසු රැකියාවන් සම්බන්ධයෙනුත් එලෙසමයි. නමුත්, අගවිසිනිසුරුවරිය සම්බන්ධ කාරණාවෙදි, භාර්යාව අගවිනිසුරු වන විට ස්වාමි පුරුෂයා මුල්‍ය ආයතනය ප්‍රධානියෙක්. මුදල (සර්පයා) සම්බන්ධ කටයුතු ඉතාම ප්‍රවේශම් සහගතව සිදු කළ යුතු දෙයක්. මෙතැනදි එම තනතුරු දෙකම එකිනෙකා විසින් බලපෑම් කෙරෙන තත්ත්වයට පත් වෙනව. මේ අවස්ථාව ඍජුව බලපෑම් කිරීම ලැජ්ජාසහගත නිසා අදාල පද්ධතිය වෙනුවෙන් වක්‍රාකාරයෙන් බලපෑම් කරන්න යොදා ගත් උපක්‍රමයක් හා සමානයි. එක්කෝ පත්කරනු ලබන තැනැත්තන්ට ද එසේ නොමැති නම් ඒවා භාරගන්නා පුද්ගලයින්ට ද අවම වශයෙන් ලැජ්ජාවක් හෝ න්‍යායික අවබෝධයක් තිබිය යුතුයි.

එසේම, මෙම අභියෝගය එල්ල කිරීම ඉතාම යුක්ති සහගත බව කිවීම සදහා කරුණු කිහිපයක් භාවිත කරනව. එකක් මෙය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් කියන කාරණය. අපි දන්නව, මේ රෙජීමය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ හෝ පටුනේ සිට පසුපිට දක්වාම මුද්‍රණය කර ඇති සෑම අකුරක්ම අත්හදා බලනා හෝ ක්‍රියාවේ යොදවන තත්ත්වයක් දක්නට ඇති බව. 18 වැනි සංශෝදනය ව්‍යවස්ථාගත කිරීම මෙහි එක් අවස්ථාවක්. නමුත්, සෑම කාන්තාවකටම ඇත්තෙ ස්ත්‍රී ලිංගික අවයව නම්, සංසර්ගය කළ හැක්කෙ පුරුෂයකුට හා ස්ත්‍රියකට නම්, එහෙයින් මව සමග ලිංගික සංසර්ගය කිරීම උචිත නොවන්නේ නොවේ යැයි තර්ක කිරීම මොනතරම් නම් අසංස්කෘතික හා නිර්ලජ්ජිත කරුණක් ද. මෙහිදී ද සිදු වන්නේ එලෙසයි. ජේ. ආර්. පට්ට ගසමින් ජේ. ආර්. ගේ අකුරු වල ඉස්පිළි පාපිළි පවා රෙජීමයේ වාසියට යොදා ගන්නා තත්ත්වයකි. 

නෛතික තත්ත්වය අනුව, විධායකයට ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට නෛතික පදනමකින් තොරව බලපෑම් කළ නොහැක. එසේම. මෙම ආයතන තුන කෙරෙහිම පිහිටා ඇත්තේ පවරා දෙනු ලැබූ පරමාධිපත්‍යයයි. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් හැර ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් හා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ අධිකරණ වෙත පවරා දී තිබේ. අගවිනිසුරුවරයකු ප්‍රශ්න කළ හැකි අධිකරණ බලය පාර්ලිමේන්තුවට පවරා ගත හැකි දැයි ගැටළුව නිර්මාණය වන්නේ මෙහිදීය. වැට මායිම බෙදා ගැනීමේ ක්‍රම වේදය වෙනුවෙන් පවා ‘උචිත අධිකරණ‘ පිහිටුවා බලය පවරා ඇති විට මෙවැනි භාරදූර මාතෘකාවක් සම්බන්ධයෙන් මෙවැනි අවිධිමත් පටිපාටියක් නම් කිරීමේ පදනම කුමක් ද. එම පාර්ලිමේන්තු කාරක සභාවට සාමාජිකයින් පත් කිරීමේ බලය තුළ එම මන්ත්‍රීවරුන්ගේ කිසිදු සුදුසුකමක් හෝ දක්වා නොමැත. මේ වෙනුවෙන් නීතිය හෝ නීතිමය මූලධර්මයන් පිළිබද කිසිදු දැනුමත් නොමැති මන්ත්‍රීවරයන් පවා පත් කිරීමේ හැකියාවක් ඇත. මෙය ද මෙම ක්‍රමවේදයේ නිශේදනීය තත්ත්වයකි.

එසේම, 107 ව්‍යවස්ථාව හා 78(අ) ස්ථාවර නියෝග භාවිත කිරීම වලක්වාලමින් 2001 වසරේ ජූනි 6 වැනි දා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කොට පිළිතුරු ලබා නොදුන්න ද ‘බැලූ බැල්මට විමසීමට සාධාරණ පදනමක් ඇත‘ යන පදනමේ සිට 2001 වසරේ 297 හා 298 යන මූලික අයිකිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අවසර ලබා දී ඇත. 

නෛතික පදනමක් නැති වුව ද මෙම දෝෂාභියෝගයේ තවත් ඇතුළාන්ත කතාවක් ඇත. මෙම දෝෂාභියෝගය කතානායකවරයාට භාර දීමේ පූරෝගාමී චරිතය වූයේ ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. ඇය විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය කියා සිටියේ, අගවිනිසුරුවරියගේ වෘත්තීය ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජීවිතයේ ද විෂමාචාර චෝදනා ඇති බවයි. පවිත්‍රා වන්නිආරච්චි යනු කවුරුන්දැයි දන්නෝ හොද හැටි දනියි. තමන්ගේ හෙළුව දෑතින් වසා ගෙන සිටිමින්, තවත් අයෙකුගේ හෙළුව පෙන්වා කොක් හඩලා සිනා සෙමින් ඒ බව උජාරුවට කියා සිටීම මොනතරම්නම් ඛේදනීය තත්ත්වයක් ද.

 කෙසේ නමුත්, පොදු පුරවැසියන් වන අප විසින් අප සන්තක දේපලක් වන පරමාධිපත්‍ය බලය පවරා දුන් ආයතන තුළ ඒවා කෙළෙසින් ක්‍රියාත්මක වන්නේ දැයි බලා සිටීම අප සතු යුතුකමකි. වරදක් ඇත්නම් ඊට දඩුවම් දීම කළ යුතුය. නමුත්, නිසි අධිකරණයකින් වැරදිකරුවකු වන තෙක් ඔහු හෝ ඇය සැකකරුවෙකු පමණක් කියන නීතියේ පූර්ව නිගමනයවත් ආරක්ෂා විය යුතුය. මේ සිද්ධියේදී තීන්දුව ලියා අවසන ගොනු කරනු ලැබූ නඩුවක් තුළ දක්නට ඇති තත්ත්වය දක්නට ලැබීම ද “පරිස්සම් වෙලා - යටත් වෙලා- කියන දේ අහගෙන හිපටල්ලා“ යැයි අධිකරණ පද්ධතියට කෙරෙන අනතුරු ඇගවීමද නරක පූර්වාදර්ශයකි. 

මෙවැනි ස්ද්ධියක් මතු වීමට ආසන්නතම හේතුව වූයේ අධිකරණ සේවා කොමිෂන් සභාව (සභාපති - අගවිනිසුරු) විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ ලිපියකි. එහි අධිකරණයට ස්වාධිනව කටයුතු කිරීමට අවස්ථාව අහිමි වී ඇති බවට සන් කර සිටියේය. නීතියට අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී ඇත. එසේ නම්. එවැනි දඩුවම් දීමකින් තොරව මෙවැනි ලිපියක් මගින් සිය අසරණතාවය කියා සිටීමට අධිකරණය පෙළමෙන්නේ ඇයි. විශ්වාස කළ හැකි හේතුව නම්, එවැනි දඩුවම් දීමක් කළ නොහැකි පුද්ගලයකු විසින් එවැනි බලපෑමක් කර සිටින බවයි. මෙරට තුළ එවැනි බලයක් ලබා දී ඇති එකම පුද්ගලයකු පමණක් සිටියි. ඒ විධායකයේ ප්‍රධානියා කෙරෙහි පවරා දී ඇති මුක්තිය හරහාය.

පුද්ගල චරිත වෙනුවෙන් නොව, පද්ධතිමය වටිනාකම් වෙනුවෙන් පෙනී සිට එම පද්ධතිමය හරයන් ආරක්ෂා කර ගත යුතුව ඇත.