Monday, May 30, 2011

පොලිස් රාජ්‍යය සහ සේවක අයිතීන්

වත්මන් ආණ්ඩුව විසින් පුද්ගලික ක්ෂේස්ත්‍රෙය් සේවා නියුක්තිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් යෝජනා කර සිටියේය. ආණ්ඩුවේ විග්‍රහයට හා දැනුමේ තරමට පුද්ගලික අංශය වෙනුවෙන් යෝජනා කරනු ලැබ තිබූ විශ්‍රාම වැටුප, මේ මිහිපිට පුද්ගලික අංශ සේවකයෙකුට හිමි විය හැකි වාසනාවන්තම හා දැවැන්තම දෑවැද්දයි. මේ යෝජනාව ගෙන එමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ආණ්ඩුවේ උත්සාහය වූයේ, කවුරුන් මොනවා කීවත් මෙය ක්‍රියාත්මක කරන බවයි.

නමුත්, මේ වෙනුවෙන් විරෝධතා රාශියක් එල්ල විණි. පැත්තකින් දේශපාලන හා වෘත්තීය සංවිධාන මීට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කළේය. තවත් පැත්තකින්, අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් යොමු වූයේය. අධිකරණ තීරණ හෝ ඉනික්බිති තත්ත්වය මෙහිලා කියැවීම නොවටියි. තව දුරටත් දේශීය වශයෙන් ස්වකීය ගෞරවය හා අභිමානය අධීකරණය විසින් පවත්වාගෙන යමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු පිණිස-ඒ අරමුණින් තීන්දු තීරණ ලබා දෙන්නේ යැයි අප තුළ විශ්වාසයක් ඇත. නමුත් අප විසින් උද්ඝෝෂණමය හා බලපෑම්කිරීමේ ආකෘතිමය ස්වභාවයේ සිද්ධීන් හා තත්ත්වයන් කිහිබයක් කියවා ගත යුතුව ඇත. එසේ කියැවීම පිණිස සමාජ කරුණු හා සිද්ධීන් කිහිපයක් විසින් අප පොළඹවනු ලැබ ඇත.

අද (මැයි 30 වෙනිදා) කටුනායක ප්‍රාද්ශයේදී පුද්ගලික අංශයේ සේවකයින් රැසක් යෝජිතව තිබූ විශ්‍රාම වැටුප් යෝජනාවට විරෝධය ප්‍රකාශ කරමින් උද්ඝොෂණයක් සංවිධාන කර තිබිණි. පළමුව මෙය කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්ත ද එම උත්සාහය අසාර්ථක වූ කල්හි ඒ වෙත පහර දෙමින් සුන්නද්ධූලි කර දැමීමට කටයුතු කළේය. පොලීසිය විසින් උද්ඝෝෂනය දහවල් සුන්නද්ධූලි කර දැමූ අතර ස්වකීය පොලිස් දෙපාර්තුමේන්තුවේ අරමුණු, අභිලාෂයන් හා තේමා පාඨයන් මොනවට ප්‍රදර්ශනය කරනු ලැබීය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිද්දෙන්ය යන ව්‍යතිරේඛයට යටත්ව සාමකාමී උද්ඝෝෂණ හා විරෝධතා සංවිධාන කිරීමේ මූලික අයිතියක් සෑම පුරවැසියකුටම ඇතැයි, රක්ෂණය කරන්නේ යැයි සියලු නිළධාරීන් හා බලධාරීන් දිවුරා පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව, තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් යෝජිත විශ්‍රාම වැටුප කෙරෙහි තම නොකමැත්ත ප්‍රකාශ කිරීම පිණිස කටුනායක ‘කලාපයේ‘ සේවකයින් මෙම රැස්වීම හා උද්ඝෝෂණය සංවිධාන කළේය. නමුත්, ඔවුන්ට තමන් පුරවැසියන් ලෙසින් හිමි මූලික අයිතීන් පවා ක්‍රියාත්මක කරවා ගැනීමට අවස්ථාවක් නොලැබිණි. කඩා වැදුණු පොලිස් ලොක්කන් සහ සොක්කන් යන දෙවර්ගයේම පිරිස් පහර පිට පහර දෙන්නට වූයේය. එහෙයින්, කටුනායක සේවකයෝද නිවුටන්ගේ තුන්වන නියමය වහා ආදේශ කොට ප්‍රතිචාර දක්වා ඇත. පොලීසියේ ක්‍රියාවට සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් දක්වා ඇත. ඒ හේතුවෙන් පොලිස් ලොක්කන් කිහිප දෙනෙක් ද රෝහල් ගත කර ඇත. පසුව රාත්‍රී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව විසින් මෙම යෝජනාව තාවකාලිකව හකුළා ගන්නට තීරණය කළ බව දැන්වීය. 

උක්ත සිද්ධිය යම් ප්‍රමාණයකින් දක්වා සිටියේ, සිද්ධි අධ්‍යයනය පිණිස යම් හෝ සිද්ධි-අවබෝධයක් හා සවිඥානයක විය යුතු හෙයිනි. දැන් එකිනෙක, වෙන් වෙන්ව හා ඇතැම් සිද්ධීන් එක්ව කියැවීම මෙසේ සිදු කරමි. 

යෝජනාව යහපත් එකක් වන්නේ නම්, එම යහපතින් ප්‍රතිලාභ ලබා ගන්නා පාර්ශවයන් එම ප්‍රතිලාභ වෙත නොකමැත්ත ප්‍රකාශ කරන්නේ ඇයි? ප්‍රතිලාභ පාර්ශවය විසින් ස්වකීය නොකමැත්ත යෝජනාව ආරම්භයේ සිටම පෙන්වීය. ම විසින් කියවා ගනු ලැබ ඇති පරිදි එය, සහේතුක විරුද්ධ වීමකි. ප්‍රතිලාභ ඇතැයි කියා, කියූව ද ඒ ප්‍රතිලාභ හෝ විශ්‍රම වැටුප ගණනය කිරීමේ හෝ ලබා දීමේ-ලබා ගැනීමේ පටිපාටියේ කිසිදු විනිවිධ භාවයක් නොවීය. අප සමාජය විසින්, හොදින් ඔතා පාර්සල් කරනු ලැබූ මේ වර්ගයේ ‘අසූචි‘ වලට ඇති තරම් රැවටී මනා අත්දැකීම් ඇත්තේ වෙයි. එහෙයින්, මෙවර ආණ්ඩුව විසින් පාර්සලය නොපෙන්වා පාර්සල් කරනු ලැබූ ‘අසූචි පැකේජය‘ දැක බලා තහවුරු කර ගැනීමකින් තොරව ‘හුරේ‘ දමන පෙර සංස්කෘතියෙන් මිදී සේවකයින් විසින් එය ‘ඇරල පෙන්නන්න‘ යැයි ආණ්ඩුවට කීව ද පාර්සලය විවෘත කොට පෙන්වීමට අසමත් වූයේය. එහෙයින්, නියත වශයෙන්ම ලාභයක මුවාවෙන් දෑවැදි කොට පුද දෙන්නට සූදානම් වන්නේ ‘හොද දෑවැද්දක්‘ නොවන බව සේවකයින් කල්පනා කළා විය හැක. යෝජනාවේ හෝ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයේ විනිවිධභාවයක් හෝ පිළිවෙළක් නොවූ හෙයින් බොහෝ දෙනා ඊට විරුද්ධ විය. නමුත් ඒ සදහා එකග වූයේ කවුරුන් ද. ‘දෙන ඕනෙම වර්ගයේ කුණු ගෙඩක් හුරේ දමා භාර ගෙන පසුව, විදවීමේ ආතල් එක ඇති‘ සියලු දෙනා ඊට එකග විය. අද වන විට පොදි පිටින් පාරට බසිමින් ජීවිතය පවා පරදුවට තබමින් විරුද්ධත්වය ඵල කරන්නට පෙළඹෙන්නේ, මෙවන් විශ්‍රාම වැටුපක් සමග ජීවත් වනවාට වඩා මිය යාම හෝ සැපයි යන අදහසේ සිට විය හැක.

Daily Lankadeepa Sinhala 2011-5-25
පෙර සිද්ධියට අනෙකක් වූ තවත් කියැවීමකි. රජයේ පුද්ගලික විශ්‍රාම වැටුප් යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිරිස් පවා මේ වන විටත් හරි හැටි අවබෝධයකින් යුක්ත නොවන බව පසුගිය දිනෙක ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශයකින් තහවුරු විය. ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඔහු මෙසේ කියා ඇත, -“ඇත්තටම මම මේකට මැදිහත් වෙලා නෑ. නමුත් මේකට බරපළ විරෝධයක් තියනවද කියල මම දන්නෙ නෑ.“ ඒ අනුව, එක්කෝ මෙම යෝජනාව කැබිනට් යෝජනාවක් නොවෙයි. එසේ වූයේ නම්, යෝජනාව සම්බන්ධයෙන් තම දැනුමක් නැතැයි කීම අමාත්‍ය මණ්ඩුලයේ සාමූහික වගකීම ප්‍රශ්න සහගත වෙයි. එක්කෝ ඔහු නොදන්නා ක්ෂණික හා ඉක්මන් යෝජනාවකි. එසේනම් ප්‍රශ්නසහගත වන්නේ, රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අමාත්‍යවරුනගේ දැනුවත් භාවයේ ප්‍රමාණය හා ජාතික හා දිගුකාලීන වැදගත් කමකින් යුක්ත යෝජනා සම්බන්ධයෙන් තීරණ ගන්නේ එක්කෝ හොර රහසේ හෝ අමාත්‍යවරුන් පවා නිසි පරිදි දැනුවත් කිරීමකින් හෝ මැදිහත් කරවා ගැනීමකින් තොරව ඒකාධිපති මර්මස්ථානයකින් බවයි. මේ කුමකින් කුමක් වුව ද විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සිද්ධිමය විග්‍රහයක් හෝ හරයාත්මක විග්‍රහයක් කිරීමට ආර්ථික සංවර්ධන ඇමතිවරයා අසමත් වී ඇත. එක්කෝ එසේ කිරීම වැදගත් නොවන්නේ යැයි සිතා ඇත. (පරිශීලනය - දිනපතා ලංකාදීප 2011 මැයි 25 හෝ ඊට ආසන්න දිනකදී). රජයේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් පවා තොරතුරු නොදන්නා යෝජනාවකට හුදීජනයා එකග විය යුත්තේ ඇයි. එසේ එතග වීමට ඇති විශ්වාසය කුමක්ද.

ලියුම්කරුවා විසින් මෙය ලියමින් සිටියදී, ලැබුණු ප්‍රවෘත්තියක් මගින් කියා සිටියේ, අදාල යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට නිදහස් පක්ෂය තීරණය කළ බවයි. ඒ අනුව යමක් ප්‍රත්‍යක්ෂ වෙයි. මේ උණුසුම දියාරු කිරීමේ ක්‍රමවේදයක් පළමුව සකස් කරනු ඇත. පසුව, සමාජ කතිකාව වෙනයම් ජනප්‍රිය සිද්ධියක් මගින් දියාරුවී ඇති මෙහොතක එක්වරම තහවුරු කරනු ඇත. මේ ආණ්ඩුව විසින් එම වර්ගයේ සියලු දේ සිදු කරන්නේ එවැනි උපක්‍රමික ක්‍රමවේදයක් ඇසුරිණි. ලෝක කුසලානයේ අවසන් තරගයට හුරේ දමමින් සිටින විට, දන්නේම නැතිව බඩු මිල ඉහළ දැම්මේය. ඡන්ද ප්‍රතිඵල සමග අමුණා තවත් දේ වල මිල ඉහළ දැම්මේය. සැණකෙළි පෙන්වමින් සම්බුද්ධත්ව ජයන්තියේ පිහිටින් වාහන සදහා බදු ඉහළ දැම්මේය. එහෙයින්, වැඩිකල් නොගොසින් ජනප්‍රිය යමක් සමග අමුණා මෙම යෝජනාව ‘බුලට්‘ කරනවා නියතයි. (ලියුම්කරුගේ බුලට් න්‍යාය - පොදු වින්දනීය මාතෘකාවක් සමග ඈදමින්, සිතාගත නොහැකි වේගයෙන් ව්‍යවසනයක් හෝ අලාභයක් සමාජගත කිරීමේ සිද්ධිය).

Lanka Truth File / 2011-5-30
කටුනායක හෝ වෙනත් තැනක තම සේවක අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වන රැස්වීමක් හෝ සම්මන්තුණයක් වේවා, උද්ඝෝෂණයක් වේවා නිදහස් හා සාමකාමී ලෙස පවත්වමින් සිය විරෝධය ප්‍රකාශ කිරීමට සේවකයින්ට නිදහසක් තිබිය යුතු වෙයි. එසේම, අයිතියක් ද තිබිය යුතු වෙයි. මෙම අයිතීන් පොලිස් හෝ වෙනයම් රාජ්‍ය මැදිහත්වීමකින් උල්ලංඝනය නොකළ යුත්තේ වෙයි. එසේ උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හිමිකමක් හෝ බලයක් ඇත්තේ නම් එය සේවක අයිතීන් හා ආර්ථික, සමාජ සංස්කෘතික තත්ත්වයන් හා අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්ති වලින් හා පිළිගැනීම්වලින් පිළිගෙන ඇති සම්මතයන්ට එරෙහි කෙඓන බලපෑමකි. එසේම, රජයේ ඇමතිවරයෙක් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරියේ රගපාමින්, ‘මැරරෙන්නට පණ අදිමින්‘ සංඛේත මාරාන්තික උපවාස හා උද්ඝෝෂණ කරන විට ඒවාට සහාය දෙන්නටත්, ආරක්ෂාව දෙන්නටත් බස් පිටින් එන පොලීසිය, සේවක අයිතීන් තහවුරු කර ගැනීම පිණිස සාමකාමී අරගලක් කරන විට ඊට පහර දෙන්නේ කුමන පදනමක් තුළ සිට ලෙනදැයි සමාජය විසින් ප්‍රශ්න කරමින් සිටියි. එසේ ප්‍රශ්න කළ යුතු ද වෙයි.

දැන් අප උක්ත ප්‍රධාන කියැවීමෙන් මිදිය යුතු වෙයි. දැන් අප කියැවිය යුත්තේ අභිවර්ධනය වෙමින් පවතින පොලිස් හෝ හමුදා ආණ්ඩු ආකෘතිය පිළිබදවයි. කටුනායක පැවති උද්ඝෝෂණයට පැමිණි පොලිස් නිළධාරීහු ‘නීතිය හා සාමය ආරක්ෂා කිරීම‘ නැමති සිය උදාන කාර්යය මැනවින් ඉටු කරනු ඔබ දක්නට ඇත. පොල්ල-තුවක්කුව හා ගල් මුල් යන සියල්ල පොලීසියේ රිසි සෙල්ලමට උපකාර කර ගත්තේ පරිඝණක ක්‍රීඩාවකදී වැනිය.

AFP File 
පොලීසිය යනු මහජනයාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වගකීම කොටගත් ආයතනයයි. සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටිනා පිරිසකට පහර දී එළවා දැමීම පිණිස පොලීසියට නීතිය පවරනු ලැබ ඇත්තේ කුමන ව්‍යවස්ථාදායක ක්‍රියාවකින් හෝ නීතියකින් ද යන්න අප තවමත් සොයමින් සිටිමු. එසේම, නව පොලිස්පති වරයා පොලීසියේ ප්‍රතිරූපය වර්ධනය කිරීම පිණිස නව තේමා පාඨයක් හදුන්වා දුන්නේය. සෑම පොලීසියක්ම මහා වියදමක් දරමින් ත්‍රෛ භාෂාවන්ගේන් එම පාඨය සිය පොලිස් කාර්යාය ඉදිරියේ අටවාගෙන සිටියි. “මහජන මිත්‍රශීලී වෘත්තීමය අභිමානවත් පොලිස් සේවයක් සදහා“ යනු එයයි. 

පොලීසිය මහජන මිත්‍රශීලී වෙමින් සිටින්නේ සියලුම පොදු ගැටළු හා අර්බුද වෙනුවෙන් පහරදෙන්නාගේ භූමිකාව නිරූපණය කරමින්ය. පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ සිට සාමාන්‍ය ජනයා පීඩාවට පත් කරනු ලබන දේ සිදු කරමින් ඔවුහු මිත්‍රශීලීත්වය වර්ධනය කරගනිමින් සිටියි. වෘත්තීමය අභිමානය ගැන කිසිවක් නොලියමි. පොලීසියේ වෘත්තීමය වගකීම හා අභිමානය, වෙන කොතැනටත් වඩා අප මහ පාරේ යන එන විට දකියි. අත් විදියි. මේ වන විට යම් පොලිස් නිළධාරීන්ගේ ‘මොරාල්‘ හැදී ඇත්තේ, ‘ඕනෙම දෙයක් කරන්න පුළුවන් කෙළිකාරයින් අපි‘ යනුවෙනි. මෙම තත්ත්වය දිනෙන් දින වැඩිවනවා මිස අඩු වීමක් හුදී ජනයා ලෙස අප අත් නොවිදින්නෙමු. (මා කියමින් සිටින්නේ සමස්ථය ගැන නොවූව ද පොලීසිය නමින් නියෝජනය කරනු ලබන එක් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකුගේ සිට බහුතරය දක්වා වන පිරිසය). බම්බලපිටිය මුහුදේ දී උම්මන්තකයෙකුගේ ජීවිතය සමග කළ සෙල්ලම, අගුලානේදී තරුණයින් දෙදෙනෙකුගේ ජීවිතය සමග කළ සෙල්ලම ආදිය අපිට මතකයේ ඇති මහජන මිත්‍රශීලී කාර්යයන් රාශියකි. ඔබ දන්නා කුදු මහත් සිද්ධීන් මේ හා ඈදා තියවා ගනු වටියි.

කෙසේ නමුත්, අධ්‍යාපනය - සෞඛ්‍ය - විනය - ආගම - සංස්කෘතිය ආදී සියල්ල රණවිරුකරණයේ මුවැවෙන් පොලිස්කරණය හෝ හමුදාගරණය වෙමින් පවත්නා සමාජ තත්ත්වයක් උඩ, පුද්ගලයෙකුට විශ්‍රාම වැටුපක් අවශ්‍ය වන්නේ ද නැද් ද, ඒ වෙනුවෙන් අරගලයක් කළ යුත්තේ ද කියා තීරණය කිරීමේ අභිමතය මේ වන විට පොලීසියට හිමිව ඇත. පොලීසිය එසේ සිතා සිටියි. අවසන ලියමි. පොලීසිය නම් වූ ආයතනය හෝ සංවිධානයයේ අරමුණු හෝ ප්‍රතිපත්තීන් ප්‍රශ්න නොකරමි. නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීමේ හා ලියා තැබීමේදී දක්නට ඇති පරස්පරතාවය හා දෙබිඩි පිළිවෙත ප්‍රශ්න කරමි. මා කියැවීම අවසන් කරන්නට පෙර තවත් සිද්ධියක් මෙහි ලියමි. 

2009 වසරේ පොසොන් සජීව විකාශයක් සදහා මා එකල සේවය කරමින් සිටි ආයතනයේ ආගමික අංශයේ අප කණ්ඩායමක් අනුරාධපුරයේ ගියෙමු. එහිදී, අප කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරියකගේ පාසල් මිතුරෙකු වූ ඒ වන විට අනුරාධපුර පොලීසියේ මහපුටුවේ සිටි නිළධාරියා අපට මුණ ගැසිණි. ඔහු අපට කෑම බීම දී යහමින් සැලකුවේය. අවසානයේ රාජකාරී අතරවාරයේ වේලාවක් වෙන් කරවාගෙන පැමිණ නිළ ඇදුමෙන්ම සිට විතක් මදුවිත තොල ගෑවේය. මදුවිත තොල ගාමින් සිටින විට ඔහු පොලීසිය ගැන ස්වකීය විවේචනය ඉදිරිපත් කළේය. ‘මචං, පොලිසිය ගැන වැරදියට හිතන්න එපා. පොලිසිය බලු වෙලා නෑ. ඒක තවම තිබ්බ විධියමයි. හැබැයි දැන් බල්ලො පොලිසියට ඇවිත්‘ හේ කීවේය. (සාක්ෂි - හිෂාන් සුමීර, මධුර සෙනවිරත්න, සුපුන් හෙට්ටිආරච්චි, නිශාන්ත බණ්ඩාර, තීක්ෂණ, කසුන් සහ මම / 2009 පොසොන් සජීව විකාශයට පෙර දිනය / වන්නි යුධ හමුදා මූලස්ථානය ඉදිරිපස දොරටුව අභියස අවසන් හෝටලයේ දෙවෙනි මහලේ සදළුතලය / සවස). මා අද ද ඔහු සමග එකග වෙමි.

දවසකට සිගරට් කීයක් බොනවද

මැයි මාසයේ අවසන් දිනය, එනම් මායි 31 වෙනිදා ජාතික දුම්වැටි නිවාරණ දිනය ලෙසින් ප්‍රකාශයට පත් කොට තිබේ. මේ වන විට එම නම් කිරීම සිදු කොට වර්ෂ කිහිපයකි. නමුත්, අද වන විට ශ්‍රී ලංකාව තුළ දිනකට පුද්ගලයින් 60 දෙනෙක් දුම්වැටි නිසා මිය යන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පසුගිය දිනක මෙම දිනය ඉලක්ක කරගනිමින් පැවති සම්මන්ත්‍රණයකක දී කීවේය. මෙම ප්‍රමාණයේ වාර්ෂික අගය 15,000 - 20,000 අතර අගයකි. ඔහු විසින් කියා සිටියේ රටේ වටිනා තරුණ පරපුර දුම්වැටිය නිසා බරපතල අර්බුද රාශියකට ලක් වන බවයි. මේ සිද්ධියේ හෝ කතාවේ හරයන් පිළිබද ප්‍රශ්න නොකරමි. නමුත්, මේ කතාව පිටුපස ඇති යම් දේශපාලනයක් අප විසින් ප්‍රශ්න කරනු ලැබිය යුත්තේය. අපට පිටතින් පෙන්වා අප හෝ සමාජය මත වරද පටවමින් හිත හදාගන්නා හා කතාව අවසන් කරනා තත්ත්වයකි සියලුම වගකිව යුත්තන් විසින් සිදු කරමින් සිටිනුයේ. මෙහිලා, අප වෙනුවෙන් පැවරී ඇති වගකීම හෝ යුතුකම් ප්‍රමාණය හෑල්ලු කිරීම හෝ කර හැරීමට යෝජනා කර නොසිටින්නෙමි. නමුත්, අප විසින් මෙතෙක් කියවනු ලැබීමට ලක් නොකළ යම් ප්‍රමාණයක කරුණු නිශ්චය කරගත යුතු වෙයි.

මහින්ද චින්තනය හා මහින්ද චින්තන ඉදිරි දැක්ම යන ජාතික ව්‍යාපෘතීන් දෙක මගින් පළමුව 2005 දී හා දෙවනුව 2010 දී වශයෙන්, මතට තිත නමින් ව්‍යාපෘතියක් යෝජනා කෙරිණි. නමුත්, 2005 සිට 2010 දක්වා වූ වර්ශයන්ගේ සාමාන්‍ය අගය බැලීමේදී ලංකාවේ මත්දුව්‍ය භාවිතය සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි 2010 අග භාගයේදී සුරාබදු දෙපාර්තුමේන්තු සමීක්ෂණයක් මගින් 2010 සැප්තැම්බර් මාසයේදී හෙළී කළේය. මෙම දත්ත පිළිබද සුරාබදු දෙපාර්තුමේන්තුව කියා සිටින්නේ, මත්පැන් හා බියර් යන දෙකෙහිම භාවිතය ඉහළ ගොස් ඇති බවයි. එසේ වුව ද එම දෙපාර්තුමේන්තුව විසින් දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් එම සමීක්ෂණයේ ඉඩක් වෙන්කොට නොතිබිණි. නමුත්, පසුගිය දින වල පැවැත්වූ සම්මන්ත්‍රණ හා දේශන මගින් කියා සිටියේ ලංකාවේ දුම්වැටි භාවිතය ද සැලකිය යුතු හා අවධානයට ලක් කොට යම් ප්‍රායෝගික ප්‍රතිකර්මයක් ලබා දිය යුතු මට්ටම දක්වාම ඉහළ ගොස් ඇති බවයි.

උක්ත සංඛ්‍යාලේඛණ සම්බන්ධයෙන් කරුණු විසසීමට මා වැසුදේව නානායක්කාර ඇමතිවරයාට කතා කළෙමි. ‘මං විශ්වාස කරන්නේ, රටේ තරුණ ජනගහණය වැඩි වීමත් එක්ක මේක සිද්ධ වෙන්නෙ. ජනගහණය වැඩි වූ නිසා මේවාගේ භිවිතය ඉහළ යනව. නමුත්, ආණ්ඩුවේ මතට ව්‍යාපෘතිය හොදින් ක්‍රියාත්මකයි.‘ යැයි කීවේය. එකිනෙකට නොපෑහේ. ජනගහණ වර්ධන වේගය සියයට දෙකක් තරම්වත් නොවන රටේ මත්ද්‍රව්‍ය භාවිත වේගය සියයට දහයකට ආසන්න ප්‍රතිශතයකිනි. (සාක්ෂි - 2010 සැප්තැම්බර් / ඔක්තෝබර් - මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හා ඒ සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්ති / ලංකාටෘත් වෙබ් රේඩියෝ / මුහුණට මුහුණ වැඩසටහන)

දුම් වැටි හා මධ්‍යසාර නිවාරණය කිරීම පිණිස, ලේඛණගත ජාතික ප්‍රතිපත්තියක් හෝ සම්මන්ත්‍රණ මගින් කෙරෙන දැනුවත් කිරීම ප්‍රමාණවත් වන්නේ ද? එය එසේ නොවන්නේ නම්, ඒ වෙනුවෙන් ඇති ප්‍රායෝගික හා පැහැදිලි පිළිතුර බවට පත්වන්නේ කුමක්ද? අදාල ප්‍රායෝගික විසදුම වෙනුවෙන් ‘පොදු සමාජයා‘ සහ ‘පොදු සමාජයා නොවන අනෙකෙක්‘ වෙත පැවරෙන වගකීම් හා වගවීම් කවර ප්‍රමාණයෙන් යුක්ත වන්නේ ද? ඒ මොනවාද? සියල්ල එක්ව හෝ වෙන් වෙන්ව කියැවීම, අරමුණයි.

මෑතකදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරනු ලැබ ඇති සමීක්ෂණයක ප්‍රතිඵල මහත් ඛේදවාචකයක් හෙළි කරයි. දිනකට, වයස අවුරුදු 18ට අඩු වයසේ පුද්ගලයින් 80,000 - 100,000 අතර සංඛ්‍යාවක් නවකයින් ලෙද දුම් බීම ආරම්භ කරන බව ඔවුන් කියයි. නමුත්, මෙවැනි සංඛ්‍යාත්මක දත්ත සහිත සමීක්ණයක් හෝ දේශීය දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් සිදු නොකර සිටීම මීටත් වඩා ඛේදවාචකයකි. සමීක්ෂණයක් කළ පමණින්, දුම්වැටි නිවාරණය කළ හැකිද. එය කිසිසේත් එසේ නොවන බව සත්‍යයකි. නමුත්, සංඛ්‍යාත්මක නිර්ණයක් පවතින විට එහි බලපතල බව හෝ ඉක්මන් විසදුමක් දීමේ අවශ්‍යතාව ජාතික අවශ්‍යතාවක් ලෙස කැපී පෙනෙනු ඇත. යටකී වාර්ථාවට අනුව, ලෝකයේ වයස අවුරුදු 13 - 15 වයස් කාණ්ඩයේ සෑම ළමුන් පස් දෙනෙකුගෙන් කෙනෙක් ම දුම්වැටි භාවිතයට ඇබ්බැහි වී සිටියි. වැඩි ප්‍රමාණයක් දුම්වැටි භාවිතය අරඹන්නේ වයස 15 - 20 කාලයේදී සිදුවන අව-ආශ්‍රය නිසා බව ඔවුන්ගේ නිගමනයයි. දැන් අප, දේශීය වශයෙන් සොයාගත හැකි ඉතාම සීමිත වූ සංඛ්‍යාත්මක අගයන් හෝ හැදෑරිය යුතු වේ. දිනකට පුද්ගලයින් 60 දෙනෙක් දුම්වැටි හේතුවෙන් මිය යන බවත්, ඒ ප්‍රමාණය වසරකට 20,000ක උපරිමයක් බවත් මහාචාර්ය ෆොන්සේකා කියා සිටියි. නමුත්, මේ වාර්තාව ඉන් එහා ගිය වෙන යමක් කියයි. අද වන විට සිගරට් මිලියන 4,101 ක් දෛනිකව රට පුරා අලෙවි වන බව හෙතෙමෙ කියයි. එහු එසේ කියන්නේ, ජාතික දුම්වැටි හා මධ්‍යසාර නිවාරණ අධිකාරියේ සභාපතිවරයා යන වගකීම්සහගත නිළයේ සිට වන නිසා මේ සංඛ්‍යාලේඛණ සත්‍යයැයි සිතීම හැර වෙනත් යමක් අපට ඉතිරිව නැත.

මේ සියල්ල කියා අවසන මහාචාර ෆොන්සේකා කැකිල්ලේ තීන්දුවක් දුන්නේය. මේසියල්ලට වග කිව යුත්තේ, විවෘත ආර්ථිකය හා ඍජු විදේශ ආනයනයන්ය. සාමාන්‍ය මිනිසෙකුට රේගුවෙන් පිට, යට ඇදුමක් හෝ ගෙන්විය නොහැකි තත්ත්වයක් තිබියදී ලංකාවේ දුම්වැටි හා මධ්‍යසාර වෙළද පොළ පුළුල් වන්නේ සාමාන්‍ය වැසියන් විසින් කරනු ලබන ආනයන වලින් නොවන බව ප්‍රත්‍යයක්ෂය. සිගරට් පෙට්ටියක් හෝ දෙකක් නැත්නම් බණ්ඩලයක් ගෙන ඒම නොව. මහාපරිමාණ යනු මහාපරිමාණ ගෙන්වීම්ය. රේගුව හෝ ආනයන සීමා කෙරෙන ආයතන අපේ නොවේ. ඒවා ද ඔවුන් පෙනී සිටින ආණ්ඩු විසින් මේච්චල් කරනු ලබයි. එය එසේ වන්නේ නම්, ඔවුනට තම පාර්ශවීය යුතුකම හා වගකීම ඉටු කරමින් ඒවා සීමා කිරීමට නොහැක්කේ ඇයි. කර්මාන්තශාලාවේ සිට ගමේ සිල්ලර කඩය දක්වා පැමිණෙන ගමන සිදුවන්නේ ඔවුන්ගේ ‘මේච්චලයට හා තහංචියට‘ ලක්කල හැකි වටපිටාවක් හා අයිතියක් තුළයි. නමුත්, අද වන විට දුම්වැටි හා මධ්‍යසාර සීමා කරන්නට ඔවුන් විසින් යෝජනා කරන්නේ, කඩේ විකිණිමට ඇති සිගරට්-මිලදී ගැනීමෙන් වැලකී සිටිය යුතුයි යන අමනෝඥ යෝජනාවක් මගිනි. එනම්, එක්කෝ නිශ්පාදනය සීමා කිරීම, ප්‍රවාහනය හෝ මහා පරිමාණ ඒජන්තයින් මගින් කෙරෙන අලෙවිකිරීම් සීමා කිරීම හෝ විකිණිම තහනම් කරනු ලැබිය හැක්කේය. එවැනි කිසිදු විනයවත් ක්‍රියාමාර්ගයක් නොගන්නා ඔවුහු, සිල්ලර කඩේ කැෂියර් ලගට වී මුරකරමින් සිට, දුම්වැටි මිලදී ගනු ලබන්නන් හා පුද්ගලයින් ‘මාට්ටු‘ කර ගැනීමට වෙර දරයි. විස දමා වැනසිය යුත්තේ විස කසෙහි මුළ මිස, ඉන් හට ගන්නා කොළ-දළු හෝ ඵල නොවේ. ගස විස බව හදුනාගන්නේ නම්, එය වඩා යෝග්‍ය වන්නේ මුළින්ම කපා දැමීමයි. එවැන්නක් සිදු නොකරමින්, සමීක්ෂණ පවත්වමින්-දේශන පවත්වමින්-ඉලක්කම් හා ප්‍රස්ථාර පෙන්වමින් මේ කරමින් සිටින්නේ දුම්වැටි හා මධ්‍යසාර වැලකීම පිණිසවන සැබෑ උවමනාවක් මත පදනම් වූ ව්‍යාපෘතීන් නොවන බව කියමි. දුම්වැටිය මිලට ගන්නා එකෙකු මාට්ටු කරගනිමින්, නඩු පවරා ගන්නා ආතල් එක හෝ ඔවුන්ට දිරවා ගත හැකි වචන වලින් කියන්නේ නම් නිවාරණ උත්සාහයන් මහාපරිමාණ වෙළෙන්දන් හා නිශ්පාදකයින් මාට්ටු කරගනිමින් කිරීමට උත්සාහ නොකරන්නේ ඇයි. වෙනත් විදියකට කියමි. උල්පත නවතින තුරු-දිය පහරට ගල් ගසා දිය දහර නැවතිය නොහැක්කේය.

දුම්වැටි භාවිතය සම්බන්ධයෙන්, දන්නා සමාජ කියැවීම් හරහා සොයා ගනු ලැබ ඇතැම් දේ කිව යුතුව ඇත. අද වන විටත් දුම්වැටි භාවිතයට පෙළඹී සහ ඇබ්බැහි වී සිටින ඕනෑම කෙනෙක් ඕනෑම ආගන්තුක නගරයකට ගිය විට මුත්‍රා කිරීම පිණිස තැනක් සොයා ගන්නට පෙර හෝ ඊටත් වඩා වේගයෙන් දුම්බීමට සුදුසු ආරක්ෂිත තැනක් සොයා ගනියි. ඇතැම් මෙවැනි ‘මුලු අස්සට‘ ඔළුව දමා බැලූ විට වයස 15 තරම් වයසේ සිටින පාසල් නිළ අදුමින් සිටිනා අයගේ සිට වයස අවුරුදු 65-70 තරමේ සිටිනා මහල්ලන් දක්වා වන පිරිස් එකම ගිනිකූරෙන් සිගරට් දල්වාගෙන බොන තත්ත්වයන් දැක්ක හැකිය. එසේම, සිසු-පොලිස්-තරුණ-ව්‍යාපාරික-රියදුරු ආදී නේක විධ සියල්ලෝ ඒ සමාජයේ සාමාජිකයින් වෙති. එසේම, විශ්ව විද්‍යාල පාසල් හෝ උසස් අධ්‍යාපන ආයතන යන තරුණ පිරිස් වැඩියෙන් ගැවසෙන ස්ථානයන් අවට ‘බිස්නස් හදාගැනීම‘ පිණිස, තම කඩේ පිටුපස කොටස ‘සිගරට් පොට්‘ එකක් බවට පත් කිරීම වෙළදුන් විසින් කරනු ලැබ තිබීම සුලභ සිද්ධියකි. සමස්ථයක් ලෙස ගත් විට අද වන විටත්, වයස 21 නොඉක්මවූ අයට දුම්වැටි අලෙවි නොකරන්නේ රටේ මොන පළාතේ දැයි ප්‍රශ්න සහගතය. පළමු මිලදී ගැනීම ටිකක් අපහසු එකක් වුව ද ටිකින් ටික වෙළදසැලට පුරුදුවීමෙන් පසු මොන්ටිසෝරි ළමයෙකුට වුව දුම්වැටියක් අලෙවි කිරීමට වෙළෙන්දන් පසු බට නොවෙයි.

දත්ත-සංඛ්‍යා‍ලේඛණ පට්ට කසමින් තළු මරමින් රස විදිනු වෙනුවට කළ යුතුව ඇති දෙයක් වෙයි. ලිංගිකත්වය හා ගෝත්‍රිකත්වය ලිපියේදී ම විසින් ගෝත්‍රික සංස්කෘතිකත්වය නමින් හැදින්වූ කරුණ මෙතැනදී මා න්‍යාය ලෙස උපකාර කරගනිමි. දුම්වැටිය හෝ මත්ද්‍රව්‍ය යනු ‘චාටර් ජාතියක්‘ වී තිබෙන තාත්කාලයක් පුද්ගල ආකල්ප හෝ මනෝභාවයන් සංවර්ධනය නොවන්නේය. එහෙයින්, දුම්වැටි හා මධ්‍යසාර සම්බන්ධයෙන් වන ‘ගොන් පාට්‘ විවේචන ඉක්මවූ සහේතුක විවේචනයක් රට තුළ ඇති කිරීම සිවිල් සමාජයට වැඩි කොටසක් පැවරුණු අද වන විට රට ‘මේච්චල්‘ කරමින් සිටින පාලකයින්ගෙන් ඉටුවිය යුතු අත්‍යාවශ්‍ය වගකීමකි. එසේම, ඊටත් වඩා ඔවුන්ගෙන් අවශ්‍ය වන්නේ වෙනත් දෙයකි. චින්තනයේ පමණක් නිවාරණය අච්චු ගසා බෙදා හැරිය පමණින් සියල්ල විසදෙන්නේ නොවේ. ඒ වෙනුවෙන් අධිකාරි හෝ ආයතන පිහිටුවා සැණකෙළි-සම්මන්ත්‍රණ හෝ සංදර්ශන පැවැත්වීම හෝ එපමණක් නොසෑහේ. දුම්වැටි හා මධ්‍යසාර භාවිතය වැලැක්වීමට අවශ්‍ය වන්නේ නම්, ඍජුවම නිශ්පාදකයා හා ඒජන්තයින් සීමා කරනු ලබන නීති හා නීති වලට සීමා නොවුණු ප්‍රායෝගික විසදුමක් සහිත වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙයි. එසේ නොකරමින් සිටින තාක්කල් මේ සංදර්ශන හෝ සැණකෙළි ‘ගොන් පාට්‘ හා ‘සල්ලි අපරාදෙ‘ ව්‍යාපෘති පමණක්ම වන්නේය. අපි ආසියාවේ ආශ්චර්යමත් දේශයෝ වැසියෝ වෙමු. එසේම, ඊටත් වඩා - අප ගෞතම බුද්ධ රාජ්‍යයේ වැසියන්ය. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ කැලැන්ඩරයෙන් දින බලනා මිනිසුන් ය. එහෙයින්ම හෝ වෙනත් අයුරකින් ප්‍රායෝගික යාන්ත්‍රණයක් මගින් විසදුමක් ලබා නොදෙනා - සංදර්ශනවාදී කතා වලින් විසදුම් ලබා දිය නොහැකි බව අප දනිමු.උල්පත නවතින තුරු-දිය පහරට ගල් ගසා දිය දහර නැවතිය නොහැක්කේය.

Saturday, May 28, 2011

උසාමා - ෆොන්සේකා සහ ඉනික්බිති

දෑස් දල්වා බලා සිටියෙමු. ආසන්න වශයෙන් අවුරුදු දහයක් තරම් වන කාලයක් හෝ ඉන් එහා වසර විස්සක් තරම්වන කාලයක්, ලෝකයට අවශය කර සිටින මිනිසෙක් යැයි ලෝකය විසින් අපට කියනු ලදුව ලෝකය විසින්ම ඔහු සොයමින් සිට ලෝකය විසින්ම ඔහු මරා දැමීය. එසේ කළේ යැයි කීවේය. උසාමා බින් ලේඩන් හෝ එනමින් හදුනාගත් මිනිසා ඝාතනය කිරීම අප විසින් කෙසේ හැදෑරිය යුතු දැයි අප විසින් නිවැරදිව කියවා ගත්තේ දැයි ප්‍රශ්න සහගතය. දැන්වත්, උසාමාගේ මරණයෙන් හෝ එසේ කීමෙන් දින කිහිපයකට පසුව හෝ අප නිවැරදිව එය කියවා ගත යුතු වේ යැයි සිතමි. නමුත්, මේ කියැවීම ඔසාමාගේ හුදු ඉතිහාස කතාව කියවා ‘උසාමා පොරක්‘ හෝ ‘උසාමා ත්‍රස්තවාදියෙක්‘ හෝ ඒ අතර මැද සිටින ‘වෙනත් එකෙක්‘ කිරීම මෙහි අරමුණ නොවන්නේය. උසාමා උසාමා හරහා සංඛේතීයමය සිද්ධීන් කියැවීම යනු, උසාමාගේ භූමිකාව හා උසාමාට එරෙහි වීමේ භූමිකාව සමග උසාමා අප සමාජයට කෙරෙන බලපෑම හා ඔහු විසින් අප සමාජයට අනුපාතිකව ලබා දෙන පිණිවිඩය කුමක්දැයි හැදෑරිය යුතු වේ.

ඇමරිකානු හදවත උසාමා විසින් පලුදු කරනු ලැබීය. ඇමරිකානුවාගේ ලේ වහනය වීය. ඇමරිකානුවා විසින් “බෙල්ලට-බෙල්ල බිල්ල“ වෙනුවෙන් උසාමා සොයමින් සිටියේය. උසාමා හමු විය. ඉනික්බිති බිලි ගත්තේය. උසාමා අසමත් වූ අතර උසාමාගේ සතුරා වූ ඇමරිකානුවා විසින් ජය ගනු ලැබීය.

ඇමරිකානු හදවත පාරන්නට සමත් වූ අවසන් ප්‍රබලයා හා තක්කඩියා වන්නේ උසාමය. ඔහු තක්කඩියෙක් වන්නේ, තමන් පොරක් බවට පත් කරනු ලැබූ සංඛේතීය සටන් සගයාට, තමන් පොරක් වූ පසු පෙරළා පහර දීම නැමති තක්කඩිකම නිසාය. උසාමා ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් සිත දැඩි කරගත්තේ ඇයි. අද වන විට ලෝක බලවතුන් වීම කෙරෙහි කිහිප දෙනෙක් සටන් කරමින් සිටියි. සටන් බිමේ දිග-පළල මෙය යැයි කියා සීමා කිරීමට ඉමක් කොණක් නොවන්නේ,  මුළු විශ්වයම සටන් බිමක් වී හමාර නිසාය. ඇමරිකානුවා ලෝක බලවත්භාවය නැමති චන්ඩිකම පවත්වාගෙන යාමට වෙර දරයි. චීන ජාතිකයා විසින් ඇමරිකාව ඇතුලු අවශේෂ මිතුරන් අභිබවමින් පෙරමුණ ගැනීමට වෙහෙසෙයි. මේ අතර රුසියානුවා නැමති පැරණි හැඩි දැඩි පැරණි මිනිසා නැතත්, ඉන් ශේෂ වූ පරපුරක් ඇමරිකාව හා චීනා අභිබවීම සිය සිහිනය කරගනිමින් සිටියි. මේ සියල්ලෝ සටන් කරන්නේ ස්වකීය රාජ්‍යය සටන් පදනම ලෙස පවත්වාගනිමිනි. නමුත්, ජාතිය නොවන වෙනත් පදනමක් මත පිහිටා ලෝකයේ බලවන්තකම අභිබවීමට වෙර දරන එකම කණ්ඩායම වන්නේ ජාතිකත්ව පදනමක් ම පිහිටා ඒ වෙනුවෙන් පිඹුරුපත් සකසන මුස්ලිම් හෝ ඉස්ලාම් වර්ගයාය. ජාතියක් ලෙස, කොඩියක් උස්සාගෙන සටනට එන මිනිසා, පරාජය කරමින් ස්වකීය කදවුර රැක ගැනීමට තරම් තවමත් ඇමරිකානුවා දක්ෂයෙකි. ඔවුන් විසින්, ජාතික පදනම් මත පිහිටන රුසියානුවා හෝ චීනා, නැතිනම් වෙනත් එකෙක් පැරයීම පසෙකට තබා උසාමා පිටුපස හඹා යන්නේ, ජාතික පදනම අභිබවමින් ජාතිකත්ව පදනම මත පිහිටූ සංවිධානය වීමක් යම් අභියෝගයක් වෙතැයි සිතූ නිසාය. ඒ බව දැනගත් නිසාය. ජාතිකත්වයේ පදනම මත සිට ඇමරිකානුවා හෝ මහබලවතා ඉලක්ක කරන පැහැදිලි කදවුරක් වටහා ගිනිමින් පහර දීම නොකළ හැක්කක් වීම, ඇමරිකානුවාට ඇති ප්‍රධාන ගැටළුව විය. ඇමරිකානුවා විසින් චීනය-රුසියාව හෝ වෙකෙක් සමග පොර බැදීම පසෙකලා උසාමා සෙවීම අරඹන්නේ, සතුරාගේ ව්‍යාප්තභාවය දරාගත නොහැකි වීමේ වේදනාවට හා හිතේ අමාරුවට බව කියමි.

අද වන විට, දේශභ්‍යන්තරිකවද අප එවැන්නක් දකිමින් සිටිමු. ආණ්ඩුවට ඇති ප්‍රධානම අභියෝග හා තර්ජන අතර වඩා වැඩි ජනපදනමක් ඇති පක්ෂය පැරදීම හෝ මර්ධනය කිරීම වෙනුවට ආණ්ඩුව විසින් සොයමින් සිටින්නේ පදනමේ ප්‍රමාණය හා තරම වටහා ගත නොහැකි ව්‍යාප්ත බලයක් සහිත සතුරෙකි. එනම්, පෙර කියැවීම් හා හැදෑරීම්වලින් අපට වැටහෙන දේ නම්, ඒ යූ.ඇන්.පී. නොවන අනෙකෙක් බවයි. හමුදා පුහුණුවක් මගින්, තමන් තේරී ඇති විශ්ව විද්‍යාලය කුමක්ද යන්න පවා අදහසක් නොවූ පිරිසක් ගෙන්වමින් සන්නද්ධ කරනුයේ ඒ වෙනුවෙනි. අධ්‍යාපන සමූපාකාරය එතෙක් පැවති පාලනයෙන් ගලවා ආණ්ඩුවේ පාලනයට හා අධීක්ෂණය යන හෙඩිමෙන් මැදිහත් විය හැකි තැනක තබා ගෙන සිටින්නේ ඒ නිසායි. උක්ත දෙකම නොවන වෙනත් සිද්ධීන් හා තත්ත්වයන් පාලනය කෙරෙහි තීරණාත්මක ලෙස මැදිහත් වෙමින් සිටින්නේ ඒ නිසායි. ඇමරිකානුවා විසින් චීනා ද රුසියානුවා ද නොවන වෙනකෙක් සොයමින් සිටින්නාක් හා එසේ සිටියා මෙන් අද වන විට ආණ්ඩුව විසින් ද සොයමින් සිටින්නේ, යූ.ඇන්.පී. හෝ සජිත් ද රනිල් ද නොවන අනෙකෙකි. මා හා ඔබ දන්නා පරිදි ඒ සොයන්නේ අනෙකාම බව ප්‍රත්‍යක්ෂය. එනම්, පදනම පැහැදිලිව හදුනාගත හැකි කොඩියක් ඉසිලූ නියෝජිත ස්වභාවයේ සතුරාට වඩා කොඩිය හරි හැටි හදුනා ගැනීමට නොහැකි යම් ආකාරයේ බලවන්ත පදනමක් ඇති, පදනම වටහා ගත නොහැකි සතුරා-ආණ්ඩුව විසින් සොයමින්-ඒ සතුරා මර්ධනය කිරීමේ ප්‍රයත්නය දරමින් සිටියි.

දැන්, මා තවදුරත් උසාමා කියවමි. උසාමා සැගව සිටින්නේ ඇයි. උසාමා ප්‍රසිද්ධ වේදිකාවේ තර්ජනාත්මක මිනිසෙක් නොවූයේ ඇයි. උසාමා විසින් උසාමා ආරක්ෂා කරගැනීමේ ප්‍රයත්නය හා අරගලය උසාමා විසින් කරමින් සිටි බව පෙනෙයි. එසේ නම් උසාමා, පාකිස්ථානය වැනි තමා ඉලක්කසහගත සතුරෙක් වී සිටින භූමියක කදවුරු පන්නේ ඇයි. උසාමා තම ජාතිය හෝ තම පදනම විශ්වාස කළ නිසාද. නැතිනම් එසේ සුරක්ෂණය කර දෙන්නේ යැයි වූ පොරොන්දුවක් නිසා ද? එය එසේ විය හැක. නමුත්, උසාමාට තමන් බලාපොරොත්තු වූ හෝ පොරෙන්දු වූ ඒ සුරක්ෂණය හිමි නොවිණි. බලය අහිමි වීමේ අවධානමක් පැහැදිලිව හදුනාගත් ඇමරිකානුවා විසින් සුරක්ෂණයේ අපේක්ෂාව හෝ පොරොන්දුව අභිබවනු ලැබීය. නොයෙසේ නම් පාකිස්ථානය විසින්, ස්වකීය ‘හොද නම‘ හෝ පැවැත්ම වෙනුවෙන් උසාමා වෙත ලබා දුන් පොරොන්දුව හෝ උසාමාගේ අපේක්ෂාසහගත බව පාවා දෙනු ලැබීය.

ආණ්ඩුවේ හදවත පාරන්නට සමත් වූ දැනට සිටිනා අප දන්නා හා අපට හදුනාගත හැකි, එසේ සිතිය හැකි අවසන් ප්‍රබලයා හා තක්කඩියා වන්නේ සරත්ය. ඔහු තක්කඩියෙක් වන්නේ, තමන් පොරක් බවට පත් කරනු ලැබූ සංඛේතීය සටන් සගයාට, තමන් පොරක් වූ පසු පෙරළා පහර දීම නැමති තක්කඩිකම නිසාය. සරත් විසින් ආණ්ඩුවට එරෙහිව සංඛේතීය ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් සිත දැඩි කරගත්තේ ඇයි. ඒ කෙසේ ද. එනම් සරත් සිත දැඩි කරගත්තා නොවිය හැක. අනෙකෙක් විසින් සරත් පොළඹවනු ලැබුවා විය හැක. සරත් විසින්, ස්වකීය සටන් සගයා වූ ආණ්ඩවට එරෙහිව සංඛේතී ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවෙන් අනෙකෙක් විසින් පාවිච්චි කළා ද විය හැක. ඒ කෙසේ වෙතත්, සරත්, ආණ්ඩුවට එරෙහි පදනම පැහැදිලිව හදුනාගත නොහැකි වූ පදනමක් සහිත මිනිසෙක් ලෙස ද එසේ වීම නිසා ස්වකීය ආණ්ඩු බලයට තර්ජනයක් වන පුද්ගලයෙක් ලෙස ද හදුනාගෙන සිටියේ ය. එහෙයින්, සරත් ආරක්ෂා කර දීම පොරොන්දු වී සිටි නිසා හෝ එසේ අපේක්ෂා කළ නිසා, පොදු විපක්ෂයේ කදවුරු ලෑවේය. උසාමා කදවුරු ලන්නේ සිය පදනම සහිත වටපිටාවක වුවද සරත් විසින් කදවුරු ලනුව සිටියේ සිය පදනම ඇති තැනක නොවේ යැයි කියමි. පොදු විපක්ෂයේ ධූතයා වූ සරත්, තමන් ආණ්ඩුවට විරුද්ධ වන නිසා විපක්ෂය විසින් රැක දෙනු ඇතැයි අපේක්ෂා කරන්නට හෝ කිසිවෙක් විසින් එසේ පොරොන්දු වන්නට ඇත. නමුත්, සරත්ගේ අපේක්ෂාව හෝ සරත් වෙනුවෙන් දුන් පොරොන්දුව ඉටු කිරීම නිසි ලෙස සිදු නොවිණි. උසාමා ඇමරිකානුවාට මාට්ටු වූ අතර සරත් ආණ්ඩුවට මාට්ටු වූයේය. උසාමා මිය ගිය හෙයින් උසාමා තවදුරටත් ඇමරිකානුවාගේ පදනම හදුනාගත නොහැකි පදනමක් සහිත සතුරා නොවන්නේය. නමුත් සරත් තවමත් ජීවතුන් අතරය. එහෙයින්, ආණ්ඩුවේ පොදු සතුරා තවමත් සරත් වන්නේය. නමුත්, අද වන විට කළක් හමුදාවේ ප්‍රධානියාව සිටි, සරත් ෆොන්සේකා සිරගතව සිටියි. තවදුරටත්, සරත් යනු ආණ්ඩුවට එරෙහි පොදු සතුරෙක් වන්නේ ද. උසාමා සහ සරත් තමාට සාපේක්ෂ සතුරාගෙන් වෙනස් වන්නේ එ ලෙසයි.

ඇමරිකානුවාගේ ගැම්ම උසාමා විසින් පාලනය කරමින් සිටියේය. ඇමරිකානුවාගේ හිතුවක්කාරකම හා චන්ඩිකම් සේම තක්කඩිකම් උසාමා විසින් පාලනය කරනු ලැබීය. දැන් උසාමා අහිමිවීමත් සමග ඇමරිකානුවාගේ තක්කඩිකම් පාලනය කිරීමට සිටි පදනම හදුනා නොගත් පදනමක් සහිත ප්‍රබලයා අහිමි විය. නමුත්, පදනම විසින් උසාමා අනුප්‍රාප්ත කරනු ලැබීය. ඒ උසාමා විසින් කලක් තිස්සේ පදනමක් නිර්මාණය කළ නිසා සහ ඒ පදනම තවදුරත් පවත්නා නිසා වෙයි. නමුත්, පළමුව පෙනී සිටි සරත් පළමුවර අහිමි වීමත් සමග සරත් කවරෙකි විසින් හෝ අනුප්‍රාප්ත කිරීමට සරත් පෙනී සිටි හා නියෝජනය කළ පදනම සරත්ව අනුප්‍රාප්ත කිරීමට සමත් නොවන්නේය. ඒ වෙනුවට සිදුවන්නේ, සරත් නියෝජනය කළ පදනම දෙදරා යාමයි. යූ.ඇන්.පී.ය පදනම කඩා ගෙන ගියේය. තවකෙක් සරත්ගේ නායකත්වය යටතේ සිටියදී සිය පොදු සතුරා වූ ආණ්ඩුවට හේත්තු විය. ඒ සරත් මන්මේන්ද්‍රයි. අවසන සරත්ගේ පදනම දෙදරීය. එසේනම් සරත්ගේ පදනම දැන් ඇත්තේ වැඩි බරක් කා සතුවද. ඒ සිටින්නේ කා සමගින් ද. ප්‍රශ්නකාරීය. යූ.ඇන්.පී.ය සමගද. මන්මේන්ද්‍ර සමගද. නැතිනම් ජේ.වී.පී.ය සමගද. පදනමක් දෙදරා යාමෙන් පසු ඉනික්බිති තවදුරටත් පදනමක් ඉතුරු නොවන්නේය. සරත්ව අනුප්‍රාප්ත කර ඇත්තේ යළිත් වරක් පෙර සිටි, පදනම හදුනාගත හැකි සෝමවංශ අමරසිංහගෙන්ද. නැතිනම් රනිල් වික්‍රමසිංහගෙන්ද. නැතිනම් සරත් අනුප්‍රාප්ත කිරීමට යන්නේ සජිත්ගෙන්ද. නමුත්, ඒ කවරෙක් මගින් අනුප්‍රාප්ත කරනු ලැබූවද තවදුරටත් ඒ අනුප්‍රාප්ත කිරීම, සරත් වෙනුවෙන් කරනු ලබන අනුප්‍රාප්ත කිරීමක් නොවන්නේය. සරත් තවමත් ජීවත්ව සිටින්නේ නම් කවරෙක් විසින් හෝ සරත්ව අනුප්‍රාප්ත කළ යුත්තේ ඇයි ඔබ විසින් මා ප්‍රශ්න කරනු ලබනවා නියතයි. නමුත්, මේ වන විට-සරත් පෙනී සිටි පදනම තවදුරටත් සරත් පෙනී සිටිනා පදනම හා නොසැසදෙන්නේය. එහෙයින්, සරත් නියෝජනය කළ පොදු සතුරාට හදුනා ගත නොහැකි පදනමක් සහිත වන තත්ත්වය තවදුරටත් දේශභ්‍යන්තරිකව පදනමක් නොවන්නේය. එහෙයිනි, මා යෝජනා කරන්නේ සහ කියා සිටින්නේ සරත් අහිමි වී ඇති බව.

දැන් තවත් අප කියැවිය යුතුයි. උසාමාගේ අනුප්‍රාප්තිකයා වූ තාරික් උසාමා තරම්ම නොවූවත් බලවත් වන්නේය. ඔහු ද පොදු සතුරාට හදුනාගත නොහැකි පදනමක් සහිත මිනිසෙක් හා ඇමරිකානුවාගේ පොදු සතුරායි. නමුත්, සරත්ගේ අනුප්‍රාප්තිකයා ලෙස යළිත් වරක් ඔහුවම-සරත්වම-පත් කළද තවදුරටත් තමා විසින් අනුප්‍රාප්ත කරනු ලැබූ තමා වන සරත් සමග පදනම හදුනාගත නොහැකි පදනමක් වන්නේද. එය සරත් නියෝජනය කළ පදනමට පොදු සතුරා වූ වත්මන් ආණ්ඩුවට අභියෝග කළ හැකි තරම් වන්නේද. ආණ්ඩුව විසින් තවදුරටත්, සරත් යනු පදනම හදුනාගත නොහැකි පදනමක් සහිත ප්‍රබල සතුරෙක් ලෙස පිළිගනීවිද. එසේ පිළිගත හැකි තත්ත්වයක සරත්ව අනුප්‍රාප්ත කරනු ලැබූ සරත් සතු වන්නේද.

ම විසින් කියැවීම ආරම්භ කරනු ලැබූයේ උසාමා මත පිහිටාය. නමුත්, පසුව සරත් ෆොන්සේකාගේ හා උසාමාගේ භූමිකාව සමපාත කරනු ලැබූයේ, සරත් හා උසාමා ත්‍රස්තවාදී අර්ථයෙන් සමපාත කොට යැයි වූ පටු අදහසින් මෙය නොකියවන්න යැයි ඉල්ලා සිටිමි. මා සරත් හා උසාමා සමපාත කරන්නේ, ප්‍රබලයා වෙත අභියෝග කිරීමට සමත් වූ, ප්‍රබලයාගේ මිනුම්වලට පදනමේ තරම හදුනාගත නොහැකි තත්ත්වයක සිටි ප්‍රබලයාගේ පොදු සතුරා හා ඉලක්කය වූ දෙදෙනෙක් ලෙසයි. අද වන විට තාරික් හා සරත් විසින් අනුප්‍රාප්ත කරනු ලැබ ඇති සරත් මා සමපාත කරන්නේ, තවදුරටත් ප්‍රබලයාගේ මිනුම් වලට හසු නොවන තරමේ පදනමක් සහිත පදනම්ගත මිනිසුන්ව සිටින්නේ දැයි හැදෑරීම පිණිසය. මා උසාමා හෝ තාරික් නමින් ත්‍රස්තවාදීන් දෙදෙනෙක් නොහදුනන්නේ වෙම්. මා හදුනන්නෝ ප්‍රබලයා අභියෝගයට ලක් කල පදනම්ගත ප්‍රබලාගේ පොදු සතුරන් දෙදෙනෙක් පමණි. මා සරත්ව හදුනාගන්නේ පළමු අවස්ථාවේ, සරත්ගේ භූමිකාව තුළ ප්‍රබලයා වූ ආණ්ඩුව අභියෝගයට ලක් කරනු ලැබූ ප්‍රබලයාගේ පදනමක් සහිත පොදු ඉලක්කගත සතුරා ලෙසයි. මා සරත් විසින් අනුප්‍රාප්තික කරනු ලැබූ සරත් හදුනා ගන්නේ පෙර සරත්ගේ පෙර පදනම සහිත පදනම්ගත ප්‍රබලත්වයක් සහිත ප්‍රබලයාගේ පොදු සතුරා බවට තවදුරටත් පත්වන්නේ දැයි කෙරෙන ප්‍රශ්නසහගත මිනිසෙක් ලෙසයි.

අප උසාමාගේ පදනම හා සරත්ගේ පදනම ප්‍රශ්න කරමි. පදනමේ තරම තක්සේරු කරගැනීමට උත්සාහ කරමි. උසාමා යනු මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් එක් කණ්ඩායමක හුසු පුබලයා නොවීය. ඔහු සමග, ඇතැම් විට සියලු මුස්ලිම්වරුන්ගෙන් යම් ප්‍රමාණයක් සිටියේය. එසේම, මුස්ලිම් හෝ ඉස්ලාම් හෝ එවැන්නන් නොවන තවත් පිරිසක් සිටියේය. එනම්, ඇමරිකානුවාගේ තක්කඩිකම් දිරවා ගැනීම අපහසු හෝ අපහසුවෙන් දිරවාගන්නා පිරිසයි. ඒ පිරිස කවරෙක් දැයි, සිතා ගත නොහැක. විටෙක, චීනා ද විටෙක රුසියානුවා ද විටෙක ජපනා ද එසේ නොවන විටක දී ඔබ හෝ මම ද උසාමා සමග හුරේ දමන්නට සිටගත් අවස්ථා ද ඇත. එසේම, උසාමාගේ පදනම ද ඇමරිකානුවාගේ තක්කඩිකම්වල ප්‍රමාණය අනුව සමානුපාත වේගයෙන් වැඩි විය. ඇමරිකානුවාගේ පදනමේ සිටි ඇතැම්හු ද ඒ තක්කඩිකම් ඉවසාගත නොහැකි තැන උසාමාගේ පදනම  තුළ සවිඥානිකව හෝ අවිඥානිකව සිට ගත්තේය.

දැන් අප මේ අර්ථයෙන් සරත්ව ප්‍රශ්න කළ යුතු වෙයි. සරත්ගේ පදනම කුමක්ද. සරත් යනු යූ.ඇන්.පී., ජේ.වී.පී. හා ආණ්ඩුවේ තක්කඩිකම් දිරවාගත නොහැකි හා අමාරුවෙන් දිරවා ගන්නා මිනිසුන්ගෙන් සැදුම්ලත් විය. එහිදී ද විටෙක ඔබ සහ මම ද සරත් සමග සිටියේය. නමුත්, ඇමරිකානුවාගේ තක්කඩිකම් ඉවසාගත නොහැකි වන විට සවිඥානික හෝ අවිඥානික තත්ත්වයකින් සරත්ගේ පදනමේ අරතරම්ම සමානුපාත වේගයෙන් සරත් සමග කදවුරු ලෑවේද. උසාමාගේ තක්කඩිකම් දිරවාගත නොහැකිව ඇමරිකානුවාගේ පිලෙහි සිටගත් පොදු පද්ධතියක් හදුනාගත නොහැකි තරම්ය. නමුත්, සරත්ගේ යම් ක්‍රියා හේතුවෙන් සරත්ගේ පදනම හැර ගිය පිරිස පැහැදිලිව හදුනාගත හැක. සරත් විසින් පෙනී සිටි පදනමේ ඇතැම් සාධක හා ප්‍රභවයන් සරත් හැර ගියේය. 

(පැහැදිලි කිරීම - මෙවැන්ක් කියන විට මා සරත්ගේ ද්‍රෝහියෙක් හෝ සරත්ගේ පදනම තුළ නොවූ මිනිසෙක් යැයි කියන්නට සිතෙන්නට ඔබට සිතෙනු ඇත. නමුත්, අදාල නිශ්චය කිරීම ඔබට සාපේක්ෂව නිවැරදි වුවද මට සාපේක්ෂව ඊට එකග නොවෙමි. මා ප්‍රශ්න කරමින් සිටින්නේ, පදනම හා ක්‍රියාත්මකභාවයයි.)

උක්ත ප්‍රධාන ආඛානයේදී ම විසින් සරත්ගේ පදනම බිද වැටී ඇතැයි කියන්නේ, අද වන විට එදා සරත් සමග සිටි, හදුනාගත නොහැකි වූ පදනම සරත් සමග අද වන විට නොවන නිසාය. ඇමරිකානුවාගේ ප්‍රබලත්වය අභියෝග කිරීම පිණිස, උසාමාගේ පදනම විසින් තාරික් අනුප්‍රාප්ත කළේය. අද වන විට උසාමා අහිමි වී සිටින තත්ත්වයක වුව ද උසාමාගේ පදනම බෙදී හෝ දෙදරා නොයමින් උසාමාගේ පදනමේ අනුප්‍රාප්තිකයා සමග සිටියි. උසාමා යනු එකෙක් නොව-උසාමා යනු පදනම හදුනාගත නොහැකි පදනමක් ඇති එකෙක් යැයි කියන්නේ එහෙයිණි. නමුත්, අද වන විට සරත්ගේ සක්‍රීයත්වය තාවකාලිකව අහිමි වීමක් සිදුව ඇති විට, සරත්ගේ පදනම සරත් හැර ගියේය. දෙදරා ගියේය. සරත්ව හැර ගියේය. එහෙයින්, ඇමරිකානුවා යනු පොදු සතුරෙක් ලෙස තවදුරටත් උසාමාගේ පදනමට පෙනෙයි. නමුත්, සරත්ගේ පදනමට තවමත් ආණ්ඩුව පොදු සතුරෙක් වන්නේද? එසේ නොවන්නේය. සරත්ගේ පදනම දැන් දැන් තම පදනමේම සිටි පදනම් අතර වන අර්බුදයක් දක්වා ගොඩනැගී ඇත. එහෙයින්, පොදු සතුරාට එරෙහිව තවදුරටත් උසාමාගේ පදනම ශක්තිමත්ව සටන් කළ හැකි තත්ත්වයක සිටිය ද සරත්ගේ පදනමට එවැනි ශක්‍යතාවක් හෝ පෞරුෂයක් ඇති ද. මා ඔබෙන් ප්‍රශ්න කරමි.

සරලවම කියතොත් මා ප්‍රශ්න කර සිටින්නේ ඇමරිකානුවාට එරෙහිව උසාමාගේ පදනම තවදුරටත් ප්‍රබලයෙක් වුව ද ආණ්ඩුවේ තක්කඩිකම් කෙරෙහි ප්‍රබල එරෙහි වීමක් කිරීමට තරම් පදනමක් සරත් සතු වන්නේ ද. සරත් සතුව නොව, සරත් නොවන වෙනකෙක් සතුව හෝ එවැන්නක් පවතින්නේ ද. ප්‍රශ්න කරමි...





සාරාංශය - උසාමාගේ අල් කයිදාවේ කොඩිය මාරු වුව ද තවමත් සයුරේ දුවන්නේ, පෙර යුධ නැවමය. සරත්ගේ පොදු විපක්ෂයේ තවමත් ඇත්තේ එකම කොඩියක් වුවද, එම නැව දැන් අබලන්ය...

Friday, May 27, 2011

ප්‍රජාතන්ත්‍රවාදී ජුන්ටාව හෙවත් දෙබිඩ්ඩෝ

අද වන විට, රටේ පැවති යුද්ධය සංඛේතීයව නිමා වී අප වසර දෙකකුත් සතියක කාලයක් ගෙවා සිටිමු. එහෙයින්, ත්‍රස්තවාදයෙන් තොර නිවහල් දේශයක අප ජීවත් වන්නේ යැයි, අප විසින්ම අපි වෙත මානසික අල්ලසක් දී හිත හදාගෙන සිටිමු. යුධ අවදියේ අප සියලු දෙනා සිටියේ යුධ මානසිකත්වයෙනි. ආණ්ඩුවේ හමුදාවන්ට පක්ෂ වූ ලංකාවේ බොහෝ දෙනා දිනන විට හුරේ දැමූහ. පසුබසින විට, වෙනත් විධියකින් හිත හදා ගත්තේය. යුද්ධයේ සංඛේතීය නිමාවෙන් පසු, සැණකෙළි-ගිණිකෙළි පවත්වා පමණක් අවසන් නොවීය.
පසුව, යුද්ධයේ වන්දිය පොදු මහත් ජනතාවගේන් දේශපාලනික වන්දියක් හෝ දඩයක් ලෙස අය කර ගැනීම ඇරඹිනි. පළාත් සභා ඡන්දය පැවැත්විණි. යුද්ධය නිමා කර දුන් නිසා, ඡන්දය දී දිනවා දෙන්නයැයි කීය. දිනවූහ. පසුව, උභතෝකෝටිකයක් නිර්මාණය විය. එනම්, යුද්ධයේ අයිතිකාරයා කවුරුන්ද යන්න බේරා ගැනීමේ අර්බුදයයි. එකේක කීවේ, සේනාධිනායකයා බවයි. නමුත්, තවකෙක් විසින් යුධ හමුදාපතිවරයා තමන් වූයෙන්, යුද්ධයේ උරුමකාරීත්වය හා ජයග්‍රහණය හිමිකම තමා සතු විය යුතුයැයි තරක කළහ. ජනාධිපතිවරණයේදී, ජනතාව එකතු වී කියා සිටියේ යුද්ධයේ හිමිකරුවා විය යුත්තේ ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂ බවයි.
ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති නොවිය යුත්තේ, මන්ද යැයි සාධක හා මත ඉදිරිපත් කළෝය. ෆොන්සේකාට ඇත්තේ හමුදා පුහුණුවකි. හමුදා පුහුණුව ලද්දන් යනු සංවේදීතාවයක් නැති පිරිසකි. ෆොන්සේකාගේ විනය ප්‍රශ්න කළේය. ඡන්ද බලය හිමි නොවූයෙන් ෆොන්සේකා පුරවැසියෙක් නොවෙයි. තවත් දේ ඇත. ෆොන්සේකා කතා කරන්නට දන්නේ නැති අසමජ්ජාති කලවැද්දෙකි. හොරෙකි, කිසිදු යුධ උපක්‍රමයකින් යුක්ත නොවූ මිනිසෙකි සහ තවත් දේ අතර විය. ඔවුන්ගේ අවසන් නිගමනය වූයේ ෆොන්සේකාගේ පැමිණිම හරහා රට මිලිටරි රාජ්‍යයක් දක්වා ඇදී යනු ඇති බවයි. මුළු රටම හමුදාකරණය වී රටට කෙළවී යනු ඇතැයි ඔවුහු සිතූහ. 
කුණු අවුස්සාගෙන ඒවා බුදිමින් ආතල් වින්දනයක් ගැනීම නොවටියි. නොකමැත්තෙමි. නමුත්, පූර්ව නිගමන හරහා පොදු පැතුම විසින් ගනු ලැබූ තීරණයේ හරය හා ප්‍රතික්ෂේප කිරීම පිණිස යොදාගත් සාධකයන් යන දෙක එකට කියවා ගත යුතු වෙයි. මා ඒ වෙනුවෙන්, ෆොන්සේකාගේ සමස්ථ පූර්ව විනිශ්චය ‘හමුදා පාලනයක්‘ යනුවෙන් කැටි කරමි. වර්තමාන පාලනය ආගමික සංස්කෘතික හා යුධ මානසිකත්වයෙන් මිදුණු ආශ්චර්යමත් පාලනයකි. සුභ අනාගතයකි. දැන් අප ගත කරමින් සිටින්නේ සුභ අනාගතය යැයි පෙර දී අනාවැකි ඵල කරනු ලැබූ යුගයේයි. ඒ සුභ වූ අනාගතය-මෙයයි මෙයයි. හමුදා පාලනය හා සුභ අනාගතය එකට ගෙන කෙරෙන කියැවීම හා පදනම්ගත සිද්ධි අධ්‍යයනය මෙසේ අරඹමි.
ෆොන්සේකා යනු හමාදාකාරයෙක් වූ හෙයින් සියල්ල හමුදාකරණය වනු ඇතැයි සිතූහ. නමුත්, අද වන විට ෆොන්සේකා නොවන අනෙකා විසින් පාලනය කරයි. එය එසේනම්, ධර්මිශ්ඨ හා ප්‍රජාතන්ත්‍රවාදී දියුණු තත්ත්වයන්ගෙන් යුතු තත්ත්වයකට පත්ව තිබිය යුතු වෙයි. එය එසේ සිදුව ඇද්ද?
නමුත්, අද වන විට දකින්නට ඇත්තේ රටම හමුදාකරණය වේ යැයි කියා ඵල කළ අනාවැකි සියල්ල අද වන විට වෙනත් මුහුණකින් ක්‍රියාත්මක වන බවයි. විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලැබූ සියලු සිසු සිසුවියන් සදහා හමුදා කදවුරු ආශ්‍රිත නායකත්ව පුහුණුවක් ලබා දීමට කටයුතු කරයි. ඉන් අදහස වන්නේ, නියම නායකයෙක් වීමට නම් හමුදා පුහුණුව අවශ්‍ය බවයි. එසේ නම්, හමුදා පුහුණුවක් පමණක් නොව, හමුදාවේ පවා නායකයාව සිටි මිනිසා නායකත්වයක් වෙනුවෙන් නුසුදුසු වන්නේ ඇයි. මෙය විසදා දිය යුතුව ඇත. එසේනම්, හමුදා පුහුණුව තුලින් කියා සිටින්නේ හමුදාකාරයා නායකත්වයට නුසුදුසු යැයි මීට මාස 16කට පෙර කී කතාව අතේ පත්තුවෙන පට්ටපල් තක්කඩි මුසාවක් බව නොවේ ද. එය එසේ නෙවන්නේ නම්, නායකත්වය වෙනුවෙන් පුහුණුව සදහා හමුදාව තෝරා ගනු ලබන්නේ ඇයි? මින් වඩා නිවැරදි ප්‍රකාශය, හමුදාකාරයා නායකත්වයට නුසුදුසුයි කියූ එදා කතාව ද, නැතිනම් නායකත්වයට පත් වන්නේ නම් හමුදා පුහුණුවක් අත්‍යවශ්‍යමැයි කියනා අද කතාව ද. දෙබිඩ්ඩන් විසින් මේ දෙබිඩික තාවට යම් පැහැදිළිකිරීමක් කළ යුතුව ඇත. එදාට වඩා අද හමුදාව විනයෙන් හෝ පාලනයෙන් වෙනස් නොවන්නේය. එදා හමුදාව අවිනවත් වූයෙනම්, ඒ අර්ථයෙන් ගත් විට වැරදි කරුවා විය යුත්තේ ද එකම අයෙක් නොවේද. එහෙයින් සහ තවත් අර්ථයන්ගෙන් විමසීමේදී සියලු විශ්ව විද්‍යාල සිසුන් වෙත හමුදා පුහුණුව ලබා දීමෙන් වැටහෙන්නේ සියලු තත්ත්වයන් හමුදාකරණය  වීම ආර්ම්භ වී ඇති බවක් නොවේද.
කළෙක කියා සිටියේ, ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති හෙයින් සියල්ල අවුල් වන බවයි. එහෙයින් ක්‍රීඩාවට ක්‍රීඩාවේ වටිනාකම් අගයන වටපිටාවක් උදාකර දිය යුතු වන බවට තත්ත්වයක් නිර්මාණය විය යුතු බව කීවේය. අද වන විට, ක්‍රීඩාවද අර්ධ හමුදාකරණයකට ලක්ව ඇති බව පෙනේ. ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව නම් කොට ඇත. එහි සාමාජිකයින් මෙසේයි. එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි විශ්‍රාමලත් ජෙ.නි.පොලිස්පති නිමල් මැදිවක මහතා ද සාමාජිකයෙකි. සියලුම ක්‍රීඩා සදහා අවසන් තේරීම් බලය ඇත්තේ මෙම ආයතනයටයි. දේශපාලනීකරණය වූ ක්‍රීඩාව නුදුරේදීම මිලිටරිකරණය වීමක් දකින්නට හැකි පූර්ව තත්ත්වයක් දැන් මතුව ඇත. දේශපාලනීකරණය මැඩ පවත්වන්නට යන්නේ පද්ධතිය හමුදාකරණය-මිලිටරිකරණය කිරීමෙන් ද?
උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින්, උසස් අධ්‍යාපනයට වරම් ලද සිසුන්ට හමුදා පුහුණුව ලබා දීමට තීරණය කරන විට, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට හමුදා පුහුණුවක් දීමට යෝජනා කර ඇත. අප දන්නා අධ්‍යාපන විද්‍යාවන් අනුව නම්, සියලු ගුරුවන් වඩා කැමැත්තෙන් පෙළඹිය යුත්තේ ළමා මානසිකත්වය-යෞවනෝදයේ තත්ත්වයන් වටහා ගත හැකි හා ශිෂ්‍යයා කියවාගත හැකි තරමේ දියුණු හැකියාවන් වර්ධනය වන අධ්‍යාපන විද්‍යාත්මක පුහුණු හා කියැවීම් වලටය. හමුදා පුහුණුවක් මගින් අපේක්ෂා කරන්නේ කුමක්ද? විදුහල්පතිවරයාගේ මනස තුළ හමුදා මොරාල් සංවර්ධනය කොට අපේක්ෂා කරන්නේ කුමක්ද? පාසලක් හා අධ්‍යාපන පද්ධතියක් පාලනය කරනු ලබන මිනිසෙකු වෙත අධ්‍යාපන මානසිකත්ව සංවර්ධයක් මගින් පෞරුෂය හා විනය වර්ධනය කරනු විනා වෙනත් විකල්පයක් මගින් ඇති වන තත්ත්වය මොනතරම් නම් තක්කඩි තත්ත්වයක් විය හැකිද.
මේ පූර්ව තත්ත්වයන් විසින් අනාගතයේ නිර්මාණය කරනු ලැබීමට අපේක්ෂා කරන්නේ කුමක්ද? විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩි වැටුප් ඉල්ලා සටන් කරන විට පිටරට ගිහිං උගන්නල වැඩි ගාණක් හොයා ගන්න යැයි කියන්නේ ඇයි. සිසුවාගේ-ගුරුවරයාගේ-වෛද්‍යවරයාගේ-ගොවියාගේ ආදී වශයෙන් දිනෙන් දිණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුනගේ හැර අන් සියලු දෙනාගේ තත්ත්වයන් හා ප්‍රමිතීන්හි  සෑම අර්බුදයක් වෙනුවෙන්ම හමුදාමය විසදුම් ලබා දීමේ ගෝත්‍රික තත්ත්වයකට යමින් සිටින්නේ ඇයි. එමගින් අපට හිමි වන දේ කවරක් වුවද අහිමි වන දේ මෙයයැයි කිව නොහැකි වුවත් නුදුරේදීම යමක් අහිමි වන බව පමණක් කිව යුතු වේ. 
කැයැවීම අවසන ලියන්නට ඇත්තේ, හමුදා නිළධාරියා හැර අන් සියලු දෙනා හමුදාකරණය වූ තත්ත්වයක් තුළ බිහිවන්නේ ජුන්ටාවකි. ඉතාම දරුණු ඒකාධිපති හා දෘඪ පාලනයකි. මේ රටේ බහුතරය-සාතිශය බහුතරය ඔබ වෙනුවෙන් ඡන්දය ලබා දුන්නේ, හමුදා මානසිකත්වයෙන් යුත් මිනිසෙකුට වඩා ගමේ-ගොඩේ මිනිසුන් සමග සිටිනා සංවේදී නායකයා හා රට යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක ගමන් කරවිය හැක්කේ ඔබට යැයි සිතූ නිසාය. එහෙව්, සංවේදී සිවිල් මිනිසා වූ අප හමුදාව නොවන සිවිල් පද්ධතිමය හමුදා තත්ත්වයකට නොකමැති බව පමණක් කියමි. ආදරණීය ජනාධිපතිතුමණි, සංස්කෘතික අපි තවමත් කැමතියි, සිවිල් සමාජයක් තුළ සිවිල් මිනිසුන් සේ ජීවත් වන්නට. ප්‍රජාතන්තුවාදී ජුන්ටාවක් නැමති දෙබිඩි තත්ත්වයට අප ප්‍රේම නොකරමු.
තවලම් කාරයාට කියා දිය යුත්තේ තවලම් යන හැටි මිස, දඩයම් කරන හැටි නොවේ. දඩයම ඉගැන්වි යුත්තේ දඩයක්කාරයාටය.

(පසුව ලියමි - මෙය සිද්ධි අධ්‍යයනයක් නොහොත් සිද්ධි කියැවීමකි. ආණ්ඩුවෙන් මට මෙච්චර කාළෙකට කිසිම හොදක් හෝ නරකක් වී නැත. නමුත් නරකක් නොවීම නිසා, මට ආණ්ඩුව සමග වෛරයක් හෝ ක්‍රෝධයක් නැත. ඇත්තේ සිද්ධීන්ගේ අවුල් සහගත බව සමග ගැටුමකි. ආණ්ඩුවේ ගමන් මගට උපදෙස් දීම හා දිශානතිය මෙහෙයවීම විපක්ෂයේ හා ජාතික මාධ්‍යෙය් වගකීමයි. විපක්ෂය හා ජාතික මාධ්‍යය යන දෙකම කඩේ යන මුට්ටි අල්ලන එහෙයි කියන තත්ත්වයකදී විකල්ප මාධ්‍යයන් විසින් ප්‍රශ්න කරනු ලැබීම පොදු සමාජ තත්ත්වයකි.)

ගෝත්‍රිකත්වය හමුවේ ලිංගිකත්වය

ඒ ‘බඹර වළල්ල‘ චිත්‍රපටය අධ්‍යයනය කිරීමේ සංවාදයකි. තැන කොළඹ කළාබභවනට යාබද මහවැලි කේන්ද්‍රෙයේ ශ්‍රවණාගාරයයි. උපුල් ශාන්ත සන්නස්ගල, මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා සංඝදාස යන මහත්වරුන් වේදිකාවක් උඩ තබා තිබූ හිස් පුටු පුරවනු ලැබ තිබිණි. එකක් හිස් වූ අතර, ඒ ආචාර්ය සරත් විජේසූරිය වෙනුවෙන් යැයි සංවාදයේ කිහිප තැනකදීම කියවිණි.
බඹර වළල්ල නොවන වෙනත් සිද්ධීන් හා ආඛ්‍යානයන් තරමක් ම විසින් ඇහිදා ගත්තෙමි. කලක් තිස්සේ යළි යළිත් කියෙව්වෙමි. හරියටම අවුරුද්දකට ආසන්න කාලයක්. දැන්, එය යම් ප්‍රමාණයකින් අවුල් සහගත බවින් මිදී කියවා ගන්නට හැකි තැනකට පත්ව, තතණමින් අවුල් ලෙහමින් සිටිමි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා භෞතිකවාදී මිනිසෙකි. ඔහු විසින් විද්‍යාත්මක පැහැදීමක් කිරීම වෙනුවෙන් ගත් ඇතැම් උත්සාහයන් විසින් ඔහුවම අවුල් කරනු ලැබීය. සන්නස්ගල කතාව පටන් ගත්තේය. සන්නස්ගල යනු ‘අසමජ්ජාති කතා කියන-ලවක් දෙවක් නැතිව ඇරල දාන‘ එකෙකි. සන්නස්ගල විසින් බඹර වළල්ල කියැවීම පිණිස උදාහරණ කොට ගත් කතා කිහිපයකි. මා දැන් කියවනු ලබන්නේ සන්නස්ගලගේ මහා සම්ප්‍රදායේ කේන්ද්‍රීය ආඛානය නොවේ. සන්නස්ගලගේ උපකාරක උදාහරණ හරහා සන්නස්ගල විසින් මා කියැවීමට පෙළඹවූ සිද්ධීන් කිහිපයකින් කිහිපයකි. සන්නස්ගල විසින් උපකාරකයන් හරහා බඹර වළල්ල කියැවීය. ම විසින් සන්නස්ගල, සන්නස්ගලගේ උපකාරක, බඹර වළල්ල හා සන්නස්ගලගේ සිංහල පංතියෙන් උගත් දේ හරහා සමාජය කියවමි.
‘බඹර වළල්ලේ ගෝණ මඩිත්තේ පොඩි එකා විසින් සිය සංඛේතීය පියාගේ ඔළුවට වෙඩි තබා මරා දමයි.‘ ගොණ මඩිත්තේ පොඩි එකාගේ සංඛේතීය පියා, පොඩි එකා විසින් ඝාතනය කළ යුතු බවට සන්නස්ගල සපථ කළ කතාවකි. සාක්ෂි - සුමංගල විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගුරුවරය විමල් දිසානායක සහ සන්නස්ගල. “සුමංගලයේ උගන්වන යුවළකි. දාව දරුවෙක් උපන්නේය. දෙදෙනාම දවල්ට පාසල් යන නිසා, උන් දෙන්නාගේ පොඩි එකා බලා ගත්තකේ බිරිදගේ පියායි. එවිට පොඩි එකාගේ සංඛේතීය පියා වන්නේ ද සංඛේතීය මව වන්නේ ද අම්මාගේ තාත්තා වූ සීයා ය. අවුරුද්දක් පමණ යන විට, පොඩි එකාට දිගින් දිගටම බඩේ අමාරුවක් ඇති වන්නට වූයෙන්, පොඩි එකා දොස්තර කෙනෙක් ලගට උස්සාගෙන ගියේය. බෙහෙත් දී පිරිමසා ගත නොහැකි විට, ස්කෑන් කළේය. පොඩි එකාගේ බඩේ ‘මොකද්ද කැටියක් හිරවෙලා‘ තිබීම නිසා පොඩි එකා ඔපරේෂන් කළේය. කැටිය එළියට ගත්තේය. පරීක්ෂණ ප්‍රතිඵල විසින් කියා ඇත්තේ, ඔට්ටපාළු බෝලයක් වාගේ පෙනේනට මේ ඇත්තේ ශුක්‍රාණු ගුලියක් බවයි. වසරක් තරම් වන පොඩි එකාගේ බඩට ශුක්‍රාණු ගුලියක් කොහෙන්ද. මට ඔබට සේම ඔවුන්ද එමගින් ප්‍රශ්න කරනු ලැබ ඇත. පොඩි එකා ගෙදර ගෙනාවේය. යළිත් පුරුදු පරිදි සංඛේතීය පියාගේ දහවල් රැකවරණය මත පොඩි එකා හැදී වැඩෙයි. පොඩි එකාගේ බඩට ශුක්‍රාණු පැමිණි ක්‍රමය ගැන සැක සිතූ පොඩි එකාගේ පියා, එක් දිනක් හදිසියේම පාසලෙන් කළිං පැමිණ පොඩි එකා නිදා සිටින කාමරයේ ජනේලයේ ලැටිස් අතරින් බලා සිටියි. පොඩි එකා අඩන්නට විය. සංඛේතීය පියා කිරි බෝතලයක් රැගෙන කාමරට එයි. පොඩි එකා නළවමින් හුරතල් කරමින් කිරි බෝතලය කටෙන් තබයි. පොඩි එකා තළු මරමින් කිරි බොයි. යම් ප්‍රමාණයක් පොඩි එකා සැනසූ විට, සීයා කිරි බෝතලය කටින් ඉවත් කළේය. සරම උස්සා සිය අඩක් ප්‍රාණවත් වූ පුරුෂ ලිගුව පොඩි එකාගේ කටෙන් තබයිත සූප්පුවෙන් කිරි බී සීරුවටම පොඩි එකා විසින් සීයාගේ-සිය සංඛේතීය පියාගේ පුරුෂ ලිගුව උරවයි. සීයා දෑස් පියාගෙන ලිගුව පොඩි එකාගේ කටේ තබාගෙන සිටියි.“ ප්‍රබන්ධයක් නොවන, එසේ සිතෙන්නේනම් ඉහත සාක්ෂිකරුවන් විමසිය හැකි මේ ඛේදවාචකයේ එනැනින් පසු කතාව සන්නස්ගල නොකීවේය. නමුත්, සන්නස්ගල විසින් සභාව ප්‍රශ්න කරනු ලැබීය. උක්ත සංඛේතීය පියා - පොඩි එකා විසින් මරා නො දැමිය යුතු ද?
මේ සන්නස්ගල හෝ වෙනකෙක් විසින් නොකියවනු ලැබූ සිද්ධි අධ්‍යයනයයි. සංඛේතීය පියා හෝ වෙනත් එකෙකු වූ සීයාගේ තත්ත්වය හා ආශ්‍රිත තත්ත්වය කියවා ගත යුතු වෙයි. අද වන විට ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සියලු දේ සංස්කෘතික ගෝත්‍රිකයින් විසින් අඩපණ කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ලිංගිකත්වය කුණුහරුපයක් වී ඇතිවා සේම, ඇතැම් ලිංගික දේ මහා ඛේදවාචක බවට පත්ව ඇත. ලිංගික කාරණා සම්බන්ධයෙන් වන ඉගැන්වීමක් හෝ ඒ සම්බන්ධ දැනුම වර්ධනයක් මේ වන විටත් අප විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයන් ඔස්සේ ලබා නොසිටියි. ‘කුරුල්ලෙක්ට ගලක් ගහන්න පවා උගන්වන අපේ අධ්‍යාපන ක්‍රමය තුළ විධිමත් ලිංගික ජීවිතයක් වෙනුවෙන් කිසිදු ඉගැන්වීමක් නොවෙයි.‘ විධිමත් නොවූ හා අසමමිතික ලිංගික සංවාසයන් හා වෙනත් දේ නිසා මේ වන විට සමාජය පත්ව ඇති අර්බුදය අතිමහත්ය.
නගරයකට පැමිණි විට හැදෙන මුත්‍රා බර, සුළු දිය පහකිරීමකින් සංසිදවා ගැනීමට විධිමත් ක්‍රමයක් නැති වට හෝ පවත්නා ක්‍රමයන්ගේ තත්ත්වයන්ගේ බාල බව නිසා අද වන විට ගස් මුල්-තාප්ප හා බිත්ති මුත්‍රා කිරීමෙන් වලක්වා ගැනීමට දැඩි වෙහෙසක් ගත යුතුව ඇත. එනම්, මුත්‍රා කිරීම පිණිස විධිමත් ආශ්‍රයයන් හා සම්පත් නොවීම නිසා කෙරෙන විදවීමකි. නියම වයසට පැමිණි විට ස්වකීය ලිංගික අවශ්‍යතාවන් හා ඕනෑකම් ඉටු කරගැනීමට තත්ත්වයන් හා වටපිටාවන් විධිමත්ව හා තත්ත්වයානුකූලව නිර්මාණය නොවන විට, පෙම්වතුන් හා පෙම්වතියන් විශ්ව විද්‍යාල වල ෆයර්-එක්සිට් පඩිපෙළවල ස්වකීය සංවාසය සිදු කරයි. එක්කෝ, පොදු විනෝද භූමි වල පදුරු අස්සේ ඒ වෙනුවෙන් අවකාශ සොයයි. මෙහි තවත් පැත්තක් ඇත. අනෙකාගේ රමණයේ දර්ශනය වීඩියෝ කොට බෙදා හැරීමේ ගොත්‍රික තත්ත්වය නිර්මාණය වන්නේද මේ හරහායි. අනෙකාගේ ලිංගිකත්වයේ පූර්ණ ස්වාධීනත්වය අභිබවමින් හා කඩකරමින් සැගව සිට බලා සිටිනා නූතන සංස්කෘතීකරණයේ මුවාවෙන් ගොත්‍රීකරණය වූවන් ඒවා වීඩියෝ කරයි. පසුව, බෙදා හරියි. ඉනික්බිතිව, ඒ කෙල්ල සහ කොල්ලා පාරේ යන එන විට ඇණුම් පද කියමින් ‘මාරම ආතල් එකක්‘ ගනියි.
වෙනකක් තබා කෙල්ලකට නිදහසේ බස් එකක යාමට නොහැකි තරමටම මේ අසමමිතික තාවය  වර්ධනය වී ඇත. යට ඇදුමක් නොඇදගත් පිරිමියෙක් තම පෙම්වතියට ජැක් ගැසීමට පැමිණි බව ඈ කියූ බව ඔහු කීවේය. ‘ඒක කොහොමද දන්නෙ?‘ යැයි ඇසූ විට කීවේ, ‘ඌ ෂිප් එක ඇරල එලියට දාන්න හැදුවලු.‘යැයි කියාය. (පෙම්වතියගේ සම්මත ගෞරවය වෙනුවෙන් සාක්ෂිකරුවා ලෙස පෙම්වතාගේ නම නොලියමි). මෙසේ සමාජයට වාතයක් වන තරමටම ‘ලිංගික පීඩනයේ පිට කිරීම“ ඛේදවාචකයක් වී ඇත්තේ ‘සංස්කෘතීකරණය‘ යන හෙඩිමෙන් මුළු මහත් සමාජයම ‘ගොත්‍රීකරණය‘ කොට ඇති නිසාය. තවත් ඔබ දන්නා උදාහරණ මේ වෙනුවෙන් ආදේශ කරගනිමින් කියවා ගැනීම ඔබේ ලයිස්තුවේ ඇති කොටසකි. දැන් ඇත්තේ උදාහරණ ගැලපීම ඉක්මවූ කාර්යයකි.
මේ ආකාරයේ අර්බුදකාරී තැනකට සමාජ ලිංගික පීඩනය රැගෙන විත් ඇත්තේ කුමකින් ද? මේ වන විට පොදු සමාජය විසින් උපන් දා සිට දරුවන් නිර්මාණය කරනුයේ පොරක් කිරීමට මිස මාරම පොරක් කිරීමට නොවෙයි. වයස අවරුදු දෙකක කොල්ලෙකු සිංදුවක් කීම ඒ වයසේ පොරත්වයකි. නමුත්, ප්‍රමාණයකට හෝ තාලයකට කීම මාරම පොරත්වයකි. ඉන් කාලයක් ගිය පසු, බත් කටක් කටේ දමා ගැනීම පෙරත්වයක් නොවේ. නමුත්, බත් කට කටේ දමා ගන්නා පිළිවෙල, අත පරිහරණය කරනා විදිය හා බත් කට කටේ තබාගෙන දොඩවන්නේ ද නැත්ද යන සාධකය මත මා කියූ ‘මාර‘ පොරත්වය නිර්මාණය වෙයි. පෙම්වතිය සිප වැලද ගැනීම සිද්ධියකි. නමුත්, අනෙකාගේ සංස්කෘතික පැවැත්ම අනාථ කරමින් මහ සෙනග මැද තොල් උරා බීම හෝ සංස්පර්ෂණීය වින්දනය ගැනීම මාරම පොරක් සතු ලක්ෂණයක් නොවේ යැයි කියමි. ගැහැණියක සහ පිරිමියෙකු සංවාසය කිරීම යනු කුණුහරුපයක් නොවේ. නමුත්, පොදු පඩිපෙළක හෝ උද්‍යානයක පදුරක් යට කෙරෙන සංවාසය විසින් දෙදෙනාගේම පොරත්වය ප්‍රශ්න කරයි.
සරලවම කියතොත්, ස්වයං වින්දනය සාමාන්‍ය සිද්ධියකි. ජීව ලක්ෂණයකි. නමුත්, නාන කාමරයේ කරනු ලබන ස්වයං වින්දනයේ හා බස් නැවතුම් පොළක පැත්තකට වී කරනු බලන ස්වයං වින්දනය දෙයාකාරය. සමාජය විසින් ලිංගිකත්වය සංස්කෘතික කාමරයක් තුළට බහාලා අගුලු ලා ඇති හෙයින්, එය අහිමි වීමේ පීඩනය ඕනෑම තැනක පිට කරන තත්ත්වයක් නිර්මාණය වී ඇත.
දැන් කළ යුතුව ඇත්තේ, නවක වදයෙන් බේරා ගැනීම පිණිස හමුදා පුහුණු ලබා දීම නොව. වීදි දිගට-පඩිපෙල් වල සංවාසය කිරීමෙන් වලක්වා ගැනීම පිණිස ගෝත්‍රික සංස්කෘතිකත්වයෙන් මුදවා සමාජ සංස්කෘතිකත්වයේ දරුවන් හා මිනිසුන් රෝපණය කිරීමයි. සෞඛ්‍ය පාඩමක් ලෙස පිලෝපීය නාලයේ හැඩය හෝ කාර්යය පමණක් උගන්වන්නට පෙර, වෙන යමක් කළ යුතුව ඇත. ඒ නම්, ගෝත්‍රික සංස්කෘතිකත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය තරමේ සමාජ සංස්කෘතික අධ්‍යයනයක් එම සෞඛ්‍ය පාඩම හරහා ලබා දීමය.
ඉතිරි හරිය කියවා ගැනීම සහ අවුල් සහගත තැන් ලෙහා ගැනීම ඔබේ වැඩ ලයිස්තුවේ වැඩකි.



(පසුව ලියමි - ඇතැම් සිද්ධීන් හා පැහැදිලි කිරීම් කුණුහරප හෝ ‘චී‘ කතා ලෙස දැනෙන්නේ නම් ඔබ ද සිටින්නේ ගෝත්‍රික සංස්කෘතිකත්වයේ බව වටහා ගන්න. කරුණාකර සමාජ සංස්කෘතියට මාරු වීම පිණිස, ලිංගිකත්වය-සමාජය හා ගෝත්‍රික සංස්කෘතිකත්වයේ අයහපත් ලක්ෂණ යන ආඛ්‍යානයන් එකට කියවා ගන්න.)

Thursday, May 26, 2011

පිදෙල් සමග ‘චේ‘ කියෙවුවෙමි.


“‘චේ‘,

කීර්තිය උදසා සටන් නොකළේය.,
භෞතික සම්පත් උදෙසා හා
අභිලාෂයන් උදෙසා සටන් නොකලේය.,
ඔහු මුළ සිටම - නිවැරදි මිනිසෙක් විය.,
පළමු සටනේ සිට,
ජීවිතය දීමට සූදානම් විය.,
තවත් එක් සෙබළෙක් පමණක් ලෙස,
මිය යාමට - සූදානම්ව සිටියේය...“
‘චේ වගේ වෙන්න‘


පිදෙල් කැස්ත්‍රෝ විසින් 90 දශකයේ දිනක, වලදමා තිබූ මියගිය චේ ගේ ගොඩගත් සිරුර කියුබාවට ගෙනා මොහොතේ කියුබානු තරුණයින් වෙනුවෙන් කී කතාවයි.


Wednesday, May 25, 2011

අයිය, ad-sense දාන්නකො... හොද ගාණක් හොයා ගන්න පුළුවන්

මේ ෆේස්-බුක් චැට් එකකින් මා වෙත ලැබුණු උපදෙසක් හා යෝජනාවකි. එහි යම්, මානසික අල්ලසක ස්වභාවයක් ද ඇත. සියල්ල ගොඩ නැගෙන්නේ මුදල හා මිලමය වටිනාකම් නිසා, සියලු දෙනා මුල්‍යමය අරමුණු වෙනුවෙන් හා ඒ දෙසට ස්වකීය පරමාර්ථ හා දිශානතිය වෙන් කරන යුගයක, ම විසින් එයට දෙනු ලැබූ ප්‍රතිචාරය පිළිබද හා මේ ඇඩ්-සෙන්ස් සම්බන්ධයෙන් මා දරන අදහස සම්බන්ධයෙන් පුද්ගලිකව තෘප්තිමත් වෙම්. (ඔබට එය ගොන් පාරට් එකක් ලෙස සිතෙන්නට පුළුවන්. ඒ, ඔබ සහ මා එකිනෙකාට වෙනස් වන තවත් තැනක් බව පමණක් කියමි.)  උක්ත යෝජනාව සමග, ධනය සහ බලය පිටුපස හඹා යාමේ සමාජ අවිඥානික / සවිඥානික බව හා ඒ හරහා අභිවර්ධනය වන ගුණාත්මක භාවයේ ක්ෂණික බිද වැටීම ගැන කියවීමට අවස්ථාවක් උදා කර ගනිමි. එනම්, තවත් තෙලක් බෙදීම පිණිස මා වෙත Free-Hit එකක් ලබා ගනිමි.
උපේක්ෂා ස්වර්ණමාලි පබා ලෙස රග පෑවේය. පබා යම් ප්‍රමාණයකින් ප්‍රසිද්ධ විය. පබා හි ප්‍රසිද්ධිය හා වෙළදපොල ස්ත්‍රීවාදය හරහා ආක්‍රමණය කොට සිටි නිසා (පෙර විටෙකදී කියවා ඇත්තෙමි) පබා ට දේශපාලනයට එන්න යැයි ඇතැම්හු කීහ. පබා දේශපාලනයට පැමිණියාය. පබා දිනුවාය. පබා ට ආණ්ඩුවට යන්න යැයි ඇතැම්හු කීහ. පබා ආණ්ඩුවට ද ගියාය. අවසානයේ, පබා නැවතුණේ දික්කසාදය ඉල්ලා සිටින තැනකදීය. ඒ හරහා පබා විසින් මෙතෙක් ගොඩනගා ගත් ස්ත්‍රීවාදී වෙළදපොල වටිනාකම හා නිළියක ලෙස ලබා සිටි ගෞරවය සුන්නද්ධූලි වෙමින් තිබේ. පබා කළ යුත්තේ හා නොකළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගත යුතුව තිබිණි. එය එසේ වූවා නම් අද වන විට පබා ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් තබා ට්‍රිප් එකක් ගියොත් මිස පාර්ලිමේන්තු කිය එකියක නොවන්නේය. නමුත්, පබාට අවසන අහිමි වූ නිළියගේ තත්ත්වය හා ස්ත්‍රීවාදී වෙළදපොල වටිනාකම අහිමි නොවන්නට (බොහෝ විට) ඉඩ තිබිණි. පබා විසින් ස්වකීය සමාජ භූමිකාව විනාශ කරගනු ලැබුවාය. මෙහි අර්බුදය වන්නේ, පබා පාර්ලිමේන්තු යාම නොව. පබා නම්, පාර්ලිමේන්තු මන්ර්‍තීවරියක් වීම පිණිස ස්වභාවධර්මයා විසින් නිර්මාණය නොකළ එකියක වීමයි. පබා බිහි වන්නේ නිළිකමටයි. මා එසේ කියන්නේ, පබා පහළ වූයේ නිළිකම, ඈ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කරන්නට කරම්ම සමත් විය. නමුත්, ඈ පහළ නොවූ දේ වූ පාර්ලිමේන්තු දේශපානය විසින් ඇයගේ නිළිකම පවා අහිමි කරනු ලැබ ඇත්තාය.
මගේ මීලග උදාහරණය, පාර්ලිමේන්තුවේ පබාට පුටු කිහිපයක් පසෙකින් අසුන් ගත යුතුව සිටිනා සනත් ටෙරාන් ජයසූරියයි. මිනිසුන් සනත්ට ආදරය කරන්නේ, සනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම නිසා සහ ඔහු විසින් ක්‍රිකට් වෙත කරනු ලැබූ අපරිමිත දායකත්වය නිසායි. ක්‍රිකට් විසින් සනත් කොතරම් දුරක් ගෙන ගියාද යත්, සනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරනු ලැබීය. නමුත්, සනත්ටද පබා වූ දේම විය. මන්ත්‍රීකම විසින් ද්වේශසහගත ලෙස සනත්ට ක්‍රිකට් අහිමි කරනු ලැබ ඇත. සනත්, කොළඹ එන්නේ ක්‍රිකට් ගැසීමටයි. සනත් බිහිකරනු ලැබ ඇත්තේ ඒ වෙනුවෙනි. නමුත්, සනත් හෝ සනත්ගේ කුසලතාව මගින් ස්වභාවධර්මය ඉල්ලා සිටින්නේ සනත් මන්ත්‍රීතුමා නොව. රටේම ආදරණීය සනත් අද වන විට, උපන් මාතර පවා අඩක් තරම් වැසියනගේ නොගමැත්ට ලක් වී ඇත.
අප වෙනුවෙන් නිර්මාණය වූ වෙළදපොලක් ඇත. අප වෙළදන් කළ යුත්තේ ඒ වෙළදපොලේය. අප විසින් අප විකිණිය යුත්තේ එම වෙළදපොලේම පමණකි. අප විසින් වැඩි තන්හාව පතා, වෙනත් වෙනත් වෙළදපොලවල් තුළට රිංගීමට යාමෙන් වන්නේ, අපට උරුමව පවතින හා අප වෙනුවෙන් මිලක් ගෙවීමට සූදානම් වෙළදපොල තුළ පවා අපට හිමි තත්ත්වය අහිමි වීමයි.
අප සනත්ගෙන් පබාගෙන් හා තවත් අයගෙන් වෙනස් විය යුතුය.

(අවසන ලියමි. මා මින් දින හතකට ඉහතදී idea365.blogspot.com ඇරඹුවේ ආදායමක් වෙනුවෙන් නොවේ. ආත්ම සමාජ කියවීමක් වෙනුවෙන් හා කියැවීම අනෙකාට කියවීම පිණිස ලිවීමටය. අද ද එසේමය. ඊයේ අද එසේ වූවා සේම, හෙටද එසේ කළ යුතුව ඇත. මා සනත්ගෙන් පබාගෙන් හා තවත් අයගෙන් වෙනස් එකෙකු වන්නෙමි. මේ අවකාශය මගේ ආදායම් මාර්ගය බවට පත් කර ගැනීමට හෝ මුල්‍යමය අරමුණු වෙනුවෙන් මෙහි දිශානතිය වෙනස් කරන්නට කිසිදු සූදානමක් නැති බව පමණක් ඒ ගැන කියමි.)

ගොඩයාගේ කොළඹ ගමන

“නියර අග පදුර මුල            පහරා,
යාය මැද වක්කඩෙන්        හෝදා,
තැඹිලි වල්ලක් ගත්ත         කරටා,
කොන්දටත් කීව සර්        කියලා,
සරම් අමුඩෙන් මහවැලිය    පීනා,
සුද්ද විදු ගල හිතල මග     ඇරියා,
වනය පාදා අපි පාරකුත්   කැපුවා,
කැළණි ගග ලග දවල්ට      කෑවා,
සරම් අමුඩෙන් කැලණියත් පීනා,
ගෝඩේ ඉදලා කොළඹ       ආවා...

තවත් කළ දේ - පහුවෙලයි මතක්    වූයේ,
නුවර ටවුමෙදි - දළදාත්               වැන්දේ,
කොළඹ ඇවිදින් - කැලණියත්     වැන්දේ,
අලුත් නුවරදි - පඩුරකුත්               දැම්මේ...“

මම ගොඩයෙක්මි. අපි බෝහෝ දෙනා ගොඩයෝ වෙමු. තවත් විධියකට කියන්නේනම් මම සංස්කෘතික මිනිසෙක්මි. අපි බොහෝ දෙනා සංස්කෘතික මිනිසුන් වෙමු. අප බොහෝ දෙනා උපදින්නේ කොළඹ වීම නම් වූ බිම් වාසිය රහිතවයි. එහෙයින්, අප විසින් කොළඹ වෙත නගරය අතික්‍රමණය කිරීම පිණිස බොහෝ අරගල කළ යුතව ඇත. අද වන විට, දේශභ්‍යන්තරිකව සේම ඉන් භාහිරවද නගරයේ චරිත බවට පත් වන්නේ ‘ගොඩ‘ හෝ ‘ඩොට‘ අතික්‍රමණය කරමින් නගරයට සංක්‍රමණය වූ මිනිසුන්ය. එය අද ද එසේම සිදු වෙමින් පවතියි. ම විසින් මෙසේ කියවනු ලබන්නේ ගොඩයකු වීමේ සිට ආගන්තුකයකු ලෙස නගරයට ගෙවදින මිනිසාගේ ජීව ගුණය හා ඒ මිනිසාගේ මනෝ භාවයේ පෝෂණය ගැනයි.
ගම තවම පිරිපුන්ය. නමුත්, ගම විසින් නිර්මාණය කරනු ලැබූ කිසිවෙක් ගමට හිමි තැනි තරම් වන යුගයකි අද. ගොවිකමින් ජීවිතය සරි කරගන්නා ‘ගොඩේ අප්පච්චිගේ‘ සිහිනය තම දරුවන් ගොඩ / ගම අතික්‍රමණය කරනවා දැකීමයි.  ඒ වෙනුවෙන් අපේ පියවරුන්ගේ පියවරු මහත් කැපවීමක් කර ඇත. ගමේ වටපිටාව හැර විශ්ව විද්‍යාලයක්, පාසලක් තබා හරිහැටි කියවීමට පත්තරයක්වත් ගමට නොආ යුගයක තම දරුවන් පිළිබද දරාගත නොහැකි සිහින දුටු පරපුරකි අපේ සීයාගේ පරම්පරාව. නමුත්, අපේ සීයා තම දරුවා වූ අපේ අප්පච්චිගේ පරම්මපරාව සමාජයේ පොරක් කිරීමේ සිහිනය අඛණ්ඩව දැක්කේය. ඒ සියලු සිහිනයන් දකින අතරවාරයේදී පවා, තම දරුවා සංස්කෘතික මිනි‍සෙක් කිරීමේ වෑයම ද අත් නොහැරියේය.
අපේ සීයාගේ තාත්තා යටත් විජිත රාජ්‍යයක අදුරු වූ, නාගරික පංතියම පමණක් ‘ගොඩ යන‘ යුගයක ජීවත් වූ මිනිසෙකි. නමුත් අපේ සීයාගේ පරම්පරාව යටත් විජිත මානසිකත්වයෙන් මුදවා ගැනීම පිණිස සීයාගේ තාත්තා අප්‍රමාණ ලෙස අරගල කර ඇත්තේය. අපේ සීයලා, 47 තරුණයෝය. යටත් විජිතයෙන් මිදීම, විමුක්තිය හෝ නියම දිනුම නොවේ යැයි වටහා ගත්හ. එහෙයින්, අපේ සීයලා විසින් ඔවුන්ගේ දරුවන් 56 දරුවෝ කළහ. ඉගැන්වූහ. සමාජය කියැවීමට ඉගැන්වුයේය. කිසිම දවසක පාසලකට ගොස් නැති සීයාලා, තම දරුවන් වූ අපේ අප්පච්චිලාගේ පරම්පරාව පාසල් යැවූහ. කිසි දවසක පත්තරයක් කියවා නැති ඔවුන්, අප්පච්චිලාගේ පරම්පරාව වෙනුවෙන් පත්තර අච්චු ගැසුවේය. සිනමාව නිර්මාණය කළේය. ගී ගැයුවේය. පොත් ලීවේය. හරක් බැලීමේ සිට රටක් බැලීම දක්වා වූ පන්නරය ලබා දුන්නේය. අද රට බලාගන්නේ අපේ අප්පච්චිලාගේ පරම්පරාව වන්නේ, සීයලාගේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි.
අපේ පියවරු ඔවුන්ගේ පියවරුන්ගේ සිහිනය ඉක්මවා ගිය සිහින දකිමින් සිටියේය. 77 වන විට යෞවනයේ සංඛේතීය නියෝජනය වන්නේ, අපේ අප්පච්චිලායි. රටක් ගැන හරි හැටි අවබෝධයක් වත් නැති කලෙක රට ලෝකයට විවර කළේ ඒ යුගයේදීයි. එහෙයින්, රට කියැවීම වෙනුවට ලෝකය හැදෑරීමට අපේ පියවරුනට සිදු විය. ඔවුහු හැකි පමණ එය කළහ. නමුත් සීයලාගෙන් ලද පන්නරය නිසා, ලෝකය හැදෑරීම කෙතරම් ප්‍රබල කොට ගත්තද සංස්කෘතික මිනිසා ඝාතනය කිරීමට ඔවුහු නොපෙළඹුනෝය. ඔවුහු, කලෙක අපේ අධිරාජ්‍යන්ව සිටියදී අපි දණ ගසාගෙන සිටිවුන් ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන හරි හරියට පෑහිණි. ඇතැම් විට, ගොඩයකුව සිටි ලෝකය හැදෑරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ටද ඇතැම් දේ හැදෑරෙව්වේය. නමුත්, අප්පච්චිගේ පරම්පරාවට හෝ නිසි ලෙස නගරය අතික්‍රමණය කිරීමට නොහැකි වූවා යැයි සිතේ.
අප ඉන් පසු පරම්පරාවයි. එනම්, සීයාගේ තාත්තාගේ පරම්පරාව වූ පළමු පරම්පාරේවත්, සීයාගේ පරම්පරාව වූ දෙවැනි පරම්පරාවේවත්, අප්පච්චිගේ පරම්පරාව වූ තුන්වෙනි පරම්පරාවේවත් නොවෙන වෙනත් පරම්පරාවක වුන්ය. සරලව කියන්නේ නම්, අප ‘පශ්චාත් යුධ පරම්පරාවේ මිනිසුන් වෙමු.‘ නමුත්, අපේ පරම්පරාවටද නගරය අතික්‍රමණ කිරීම පිණිස බොහෝ අරගල කළ යුතුව ඇත. අප සංස්කෘතික ගොඩයන් ලෙස අසංස්කෘතික නගරය අතික්‍රමණය කරන්නේ කෙසේද? කොළඹ බෝඩ්ම් වූ පමණින්, කොළඹ රස්සාවක් කළ පමණින් හෝ කොළමින් ගෑනියෙක් ගත් පමණින් අප කොළඹ පැමිණ සිටින්නේ යැයි කිව හැකිද? දැන් අප අප ගැන කියවා ගත යුතුව ඇතැයි යන්න මගේ යෝජනාවයි.
සුරක්ෂිත පැහැරීමක් වෙනුවෙන් වන සනීපාරක්ෂක පහසුකම් ද ඇතුළු බොහෝ සුඛෝපබෝගී පහසුකම් අද වන විටත් ගොඩයන් විසින් නොලද්දේ වෙයි. නළ ජලය හෝ තෙකලා විදුලි ගමට නැත. 
                                  ‘නියර අග පදුර මුල            පහරා,
                                   යාය මැද වක්කඩෙන්        හෝදා‘
නමුත් කොළඹුන්ට වඩා ගොඩයා වෙනස් වන ප්‍රබල තැනක් ඇත. කොමඩ් එකේ පහරන කොළඹුන් කඩදාසියන් පිසදමා ගත්තත්, තවමත් ගොඩයන් සොදා ගනියි. ගොඩයා සංස්කෘතිකව දියුණු යැයි කියන්නේ එහෙයිනි. කුප්පි ලාම්පුව හෝ භූමිතෙල් ලාම්පුව විසින් තවදුරටත් අධ්‍යාපනයේ අදුර දුරලමින් සිටින යුගයකි මේ.
ගමේ ගොඩයාට නගරයට සංක්‍රමණය වීම පිණිස විශාල මිලක් ගෙවීමට සිදුව තිබේ. ඒ තමා විසින් තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම හා හුස්ම පොද තවදුරටත් සුරක්ෂනය කැරගැනීම පිණිසයි. තම දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තියන ඕනෑම දෙයක් විකුණා හෝ වියදම් කිරීමට අපේ පියවරුන් සූදානම්ය. ඒ වෙනුවෙන්, අසනීපයක් වෙනුවෙන් සංචිතව ඇති මුදලක්, දෑවැද්දක් වෙනුවෙන් ඇති දේපලක් වාගේම, බඩ සරි කර ගැනීම වෙනුවෙන් තබා ගන්නා කෑම වේලක් හෝ දරුවා වෙනුවෙන් පිදීමට ඔවුහු සූදානම්ය. ම විසින් තැඹිලි වල්ලේ උපමාව යොදන්නේ ඒ නිසායි. තැඹිලි වල්ලකින් කොළඹ විත් කරන්නට හැකි මගුලක් නැති වුවත්, තමන් සතු අවසන් භූදලය වන තැඹිලි වල්ල හෝ තම දරුවා වෙනුවෙන් වැය කිරීමට පියවරුන් පෙළඹෙති.
                                  ‘තැඹිලි වල්ලක් ගත්ත         කරටා‘

අද වන විට පෙරටත් වඩා සමාජය ප්‍රභූකරණය වී ඇත. වැඩක් කර ගැනීමට නම් වරදානයක් හෝ වරප්‍රසාදයක් අවශ්‍ය වේ. වෙනයමක් තබා වැචික අල්ලසක්වත් නැති තැනක කරගත හැකි වැඩක් නැත. සරලවම කියන්නේ නම්, නොදන්නා පාරක බස් එකේ යන විට, බහින්නට අවශ්‍ය තැන කියා එතැනින් බස්සා ගන්නට, කොන්දොස්සරට පවා ‘සර්‘ කිවිය යුතු සමාජයකි අද ඇත්තේ. අප ගොඩේ සිට කොළඹ එන විට, අපට මග කියා දෙන්නට එකෙක් නැති තරම්ය. අප ඒ වෙනුවෙන් මුළුමහත් කොළඹක් ඉදිරියේ දෙකට නැමීමට සිදු වෙයි.
                                   ‘කොන්දටත් කීව සර්        කියලා,‘

නමුත්, නාගරික කොළඹයාට වඩා ගොඩයා දක්ෂ මිනිසෙකි. ඔහුට කොළඹ පැමිණ සනාථ විය හැක්කේ කුසලතාව හා කෞෂල්‍යයන් මත පමණි. නැත්තම් ගොඩයාගේ පස්සට පයින් ගසා එළවා දැමීමට සියලු කොළඹුන් මාන බලති. ගොඩයා සතු පරම කුලතාව පමණක් ගොඩයා ගොඩ දමයි. කොළඹුන් ස්මින් ට්‍රන්ක් ඇද පිහිනන තටාකයේ ගොඩයා ඇදි සරමෙන් අමුඩයෙන් ගසා පිහිණිය යුතු වෙයි. ගොඩයා කොළඹට පැමිණිය යුත්තේ, බිම් වාසිය නැතිව බව යටදී කීවෙමි. 
                                   ‘සරම් අමුඩෙන් මහවැලිය    පීනා,‘
එහෙයින්, ගොඩයා සරම් අමුඩෙන් පිහිණන්නට දක්ෂයෙක් බව දැක්ක පසුවයි පමණක් කොළඹ ඒමට පාරවත් කියන්නේ.
නමුත් ගොඩයා දීනයකු හෝ වහල් මානසිකත්වයෙන් යුක්ත එකෙක් නොවන්නේය. වෙනකෙක් විසින් විවර කර දුන් හෝ පාදා දුන් මගෙහි ඔවුන්ට ආව තේව කරමින් බඩගාණා ගෝතයෙකුද නොවෙයි. එහෙයින් ගොඩයාට තමන්ගේ මග තමන් විසින්ම පාදා ගත යුතුව ඇත. කොතරම් වෙහෙසකාරී පීඩනකාරී එකක් වුවත් ගොඩයා ඒ වෙනුවෙන් වෙහෙසෙයි. එක එකා ගොස් පරළු වී ගිය මගෙයි නොයන්න යැයි අපේ සීයා අපේ අප්පච්චීට කියා ඇත. අපේ අප්පච්චී මටද එසේම කීවේය.
                                 ‘සුද්ද විදු ගල හිතල මග     ඇරියා,
                                  වනය පාදා අපි පාරකුත්   කැපුවා,‘
අනෙකාට වඩා වෙනස් වන තරමටයි, කොළඹ පැවැත්මක් ඇත්තේ. අනෙකා නොගත් මග නොයා වෙනස් වූ අනන්‍ය මගක යාමෙන්මයි ගොඩයාට කොළඹ පැවැත්මක් ඇත්තේ.
ගංගා නිම්න ශිෂ්ඨාචාරයේ මී-මුණුපුරන් නොවෙමු. එහෙයි ශිෂ්ඨාචාරයේ මී-මුණුපුරන් සේ මී-හරකුන්ද නොවෙමු. අපේ ජීවිතේ සියල්ල රදා පවතින්නේ, ජලය සමගයි. එහෙයින්, කණ-බොන-සහ සංස්කෘතික සියලු කාරණා වලදී අපට ජලය සමග ඇත්තේ, ඉතාම ලග නෑදෑ කමකි. එහෙයින්, ගොඩේ සිට කොළඹ නොව, මොන දීපංකරේ ගියත් අපිට ජලය සමග මහා ලග නෑදෑකමක් ඇත. අප ඒ නෑදෑ කම අඛණ්ඩව හා අවිචින්නව පවත්වාගෙන යාමේ මහා විශෘල අරගලයක්ද කරයි.
                                  ‘කැළණි ගග ලග දවල්ට      කෑවා,‘
යළිදු කියමි, ගොඩයාගේ පැවැත්ම තීරණය වන්නේ දිගින් දිගටම ගොඩයා විසින් දක්වන කුසලතා මතයි. එහෙයින් ‘සරම් අමුඩෙන් කැලණියත් පීනා‘ කොළඹට ගොඩ බැසීමට සිදු වෙයි.
                                  ‘ගෝඩේ ඉදලා කොළඹ       ආවා...‘
අප ගොඩයන් ලෙස කොළඹට හෝ නගරයට පැමිණියම මහා සිහිනයක් කොටගෙන සිටිමු. එහෙයින්, අප කොළඹට පැමිණෙන විට, ගොඩබහින විට, ඇත්තේ ජීවිතය ජය ගත්තාක් වැනි හැගීමකි. නමුත්, කොළඹ පැමිණීම, ගොඩ බැසීම පමණක්ම කොළඹයකු වීමේ හෝ නාගරිකයෙකු වීමේ පූර්ව පරීක්ෂණය සමත් නොවන්නේය.

                                 ‘තවත් කළ දේ - පහුවෙලයි මතක්    වූයේ,
                                නුවර ටවුමෙදි - දළදාත්               වැන්දේ,
                                කොළඹ ඇවිදින් - කැලණියත්     වැන්දේ,
                                අලුත් නුවරදි - පඩුරකුත්               දැම්මේ...“
අප ගොඩයන් ලෙස කොළඹ ගෙනෙනා පරම සම්පත මෙයයි. ඒ නම් සංස්කෘතිකත්වයයි. ගෙදරින් මග පෙර ලකුණූ බලා එළියට බැසීමේ සිට, මග දිගට හම්බෙන පන්සල්-පල්ලි-කෝවිල් හැම එකකදීම පස්ස උස්සමින්, වදිමින් පඩුරු දමමින් මල් වට්ටි පුදමින් සිටීම අපේ සංස්කෘතික පුරුද්දයි.
කොළඹුන් මෙසේ සිතයි. කොළඹුන්ගේ සංස්කෘතික පැවැත්ම වෙනුවෙන් ගොඩයන් විසින් සංස්කෘතිය ආරක්ෂා කළ යුතු වෙයි. කොළඹුන් විසින් කාබාසියානු කරනු ලබන සංස්කෘතිය යළි පෝෂණය කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ‘කඩේ යාමේ හා පැච් වර්ක්‘ වැඩේ ගොඩයන්ට පැවරී ඇතැයි සිතයි. නමුත්, කියමි. කොළඹුන්ට ආතල් ගැනීමට හෝ කොළඹුන්ට ට්‍රිප් යාමට නොව, ජාතියක හා හරපද්ධතියක පැවැත්ම වෙනුවෙන් ගොඩයන් වූ අප සංස්කෘතිය ආරක්ෂා කරමු. ඒ අපේ පැවැත්ම වෙනුවෙනි.
කොළඹදී ගොඩයා පරාජය කිරීම හෝ ගොඩයා විනාශ කිරීම පහසු කාර්යයක් නොවන්නේ, සරලවම කියන්නේ නම් - වෙල නියරෙ පහරා, වක්කඩෙන් හෝදගෙන-තැඹිලි වල්ල කරේ තියාගෙන කොන්දොස්තරට සර් කියල කොළඹ ආපු නිසා.
අපි කොළඹ වීමේ බිම්වාසිය හිමි කරගත්තෝ නොවූයෙමු. අපේ පියවරුන්ගේ පියවරුවත් එසේ නොවූයේය. කවදාවත් ඉස්කෝලෙ යනකොට සෙරෙප්පු දාගෙන ගියෙ නැති තාත්තෙක්ගෙ පුතෙක්, තමන්ගේ දරුවන් කොළඹ අතික්‍රමණය කිරීම පිණිස දිරි දෙමින්-සවි ගන්වමින් සිටියි...
ගොඩයා විසින් කොළඹ-නගරය මුළුමණින්ම අතික්‍රමණය කරනවා නියතයි. එදාට පමණක් කොළඹ ද සංස්කෘතික වනු ඇත. සිව් වෙනි පරම්පරාවේ ගොඩයන් වූ අප ඒ වෙනුවෙන් දර-දිය අදිමින් කැපවෙමින් සිටිමු.

Tuesday, May 24, 2011

බොරැල්ල කනත්තේදී ‘ජෝති‘ හම්බුණා..

පසුගිය සතියේ දිනක් සවස, බොරැල්ලේ වනාතේ ඉන්නා මිතුරකුගේ (ඉසුරංග) මිත්තණියගේ අවමගුල් උත්සවය වෙනුවෙන් බොරැල්ල කනත්තට ගියෙමි. මා සහ මගේ ගමන් සගයා වූ අසේල එහි යන විට දේහය එහි ගෙනැවිත් නොතිබිණි. එහෙයින්, අප දෙදෙනා මැරුණු මිනිසුන් කිහිපදෙනෙකුගේ වර්තමානය කියැවීම පිණිස කණත්තේ සොහොන් කොත් පිරික්සීමට පටන් ගත්තෙමු. නම් ගම් වලින් කියා සීමා කිරීමට නොහැකි තරම් දන්නා හදුනන, පෙර කියවා ඇති සහ කියවිය යුතුව ඇති චරිත රාශියක් එහිදී මුණ ගැසිණි.
ගේට්ටුවෙන් ඇතුල් වෙත්ම දෑස් ඩැහැගත් අඩි දහයක් දොළහක් තරම් උස ස්ථම්භාකාරයට තනා ඇති සෙහොන් කොතකි. රූපශ්‍රියාවෙන් සිත් ඇදගන්නා මිනිසෙකුගේ ඡායාරූපයකි. කුඩා අවදියේ මා ඔහු හදුනාගන්නේ ‘ජෝතිපාල‘ ලෙසිනි. එච්.ආර්. ජෝතිපාල ලෙස මා ඔහු කියවනු ලබන්නේ ඉතාම මෑතකදීය. ඒ මා රේඩියෝ කාරයෙක් වීමෙන් පසුවයි. ගීත ඉල්ලීම් වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු (Request Programme Presenter) ලෙස කලක් කටයුතු කරද්දී මවිසින් යොදාගත් උපක්‍රමයක් විය. මා බොහෝ විට වැඩසටහන ආරමභ කරන්නේ, ජෝති ගේ ගීයකිනි. සෙත් කවියක් කීවාක් වැනිය. දුරකතන වලට ඉස්පාසුවක් නැත. තත්කාලීන ජනප්‍රියවාදී ගායකයෙකුගේ ගීයකින් වැඩසටහන් ආරම්භ කළ තත්ත්වයට වඩා ඒ ප්‍රතිචාර බොහෝ වෙනස්ය. එහෙයින් ජෝති කියවීම මවිසින් සිදු කළෙමි. ජොතිගේ සොහොන් කොත මුණ ගැසීමත් සමග මා ජෝති යළි කියවිය යුතුයැයි සිතුවෙමි.

පළමු අදියර
70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ‘ලපයි සිපයි ගායකයෙකි‘. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව,  ජෝති නම් ‘පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයා‘යි.  මරදානේ සිංදු  කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද?
1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ ‘මහවැලි නදියේ‘ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, ‘තොටියෝ‘ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස ‘අමු කට්ටක් කාපු‘ මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. ‘මත භේදය‘ චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් ‘පෙරකදෝරු බෑණා‘ හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්‍යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර ‘පොඩි පුතා‘ හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, ‘සුරතලී‘ හි ‘සිරියමේ සාරා‘ ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.

දෙවැනි අදියර
මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ ‘සිරා පොරවල්‘ වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් ‘පෘතුගීසිකාරයා‘ ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් ‘දෛවයෝගයේදී‘ හඩ දුන්නේය. ජෝති ‘මාරම පොරක්‘ වීම ආරම්භ වන්නේ ඒ සමගය. ‘පදයක් තාලයට තලා ගැනීම‘ ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය.
1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි.
ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද  කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-‘සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ‘. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ. 
ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.

තුන්වෙනි අදියර
කොටස් කර ජෝති තේරුම් ගැනීම. ජෝති ගැයූ ගියූ විවිධ ලෙස වර්ග වී ඇත.
පුරුෂ යුග ගී
  1. මිනිහා හරි මිනිහා - මොහිදීන් බෙග් හා ධර්මදාස වල්පොල
  2. පෘතුගීසිකාරයා - සිඩ්නි ආටිගල
  3. අපි සන්තෝසෙන් ඉන්නේ -  මිල්ටන් පෙරේරා
  4. තැටිය මැද්දෙ කළු කරාපු - එම්.ඒස් ප්‍රනාන්දු, සහ තවත්
ස්වතන්ත්‍ර නිර්මාණ
  1. ආලේ මිහිර පෙන්නා - ෂේල්ටන් ප්‍රෙමරත්න
  2. අමර පෙම් ලතාවේ - සරත් දසනායක
  3. වාසනාව දොර ඇරලා - එම
  4. සල් සපු නා - එම
  5. සොදුරු ලොවට මල් වැහැලා - කල්රන්ස් විජේවර්ධන, සහ තවත්
හින්දි කොපි
විචාරකයිනට ජෝති අනුකාරකවාදී බෙළදයකු වන්නේ මේ නිසායි. මෙම වර්ගයේ ගී ඕනෑ තරම් ජෝති ගයා ඇත.

එච්.ආර්.ජෝතිපාල යනු සිංහල-ඉංග්‍රීසි-දෙමළ යන භාෂාත්‍රය චතුර ලෙස ලියූ-කියවූ-කතා කළ මිනිසෙකි. හින්දි භාෂාවද යම් තාක් දුරකට ඔහු විසින් හැසිරවීය. ජෝති යනු ගායන ලොවේ සිටි උසින් හා මහතින් පරිපූර්ණ වූ තේජසම්පන්න ගායකයායි. ‘ජෝතිමත්ය‘ යන වර්ණනයේ පරිසමාප්ත අරුත්ගත් ජෝතිමත් ගායකයෙකි ජෝති. උපන්දාම, ජෝති ජෝතිමත් වන්නේ යැයි කොන්ඩඥ නොවන වෙනකෙකු විසින් දඹරැගිල්ල ඔසවනු ලදුව කියා ඇතිවා නියතයි. එසේම ජෝති සතු අනන්‍ය ප්‍රතිභාවක් විය. ඕනෑම නළුවෙක් වෙනුවෙන් වෙනකෙක් විසින් පසුබිම් ගී ගයන විට නළුවා හා ගායකයා එකෙකු නොවන බව ‘මාට්ටු වෙයි‘. නමුත්, ජෝති ගී ගයන කළ නළුවා හා ජෝති යනු දෙකෙකු නොව එකෙකු වන්නේ යැයි දැනෙනවා මිස වෙනකක් නොදැනේ.
ජෝති මාරම පොරක්. මෙසේ කියන්නේ-මැරෙන විට ඉපදිලාවත් නොසිටි මා වැනි ජෝතිගේ සුළගවත් නොවැදුණු උන් නොවේ. ‘ජෝතිගෙ රෙකෝඩිං දවසට මම කළිං ගෙදර යනව‘ යැයි එකළ ගුවන් විදුලි පටිගත ශිල්පියෙකු කීවේය. ‘ඇයි ඒ.‘ ඔහු ප්‍රශ්න කළේය. ‘No Rehearsals - No Corrections - One Take Then Save‘. ජෝති යනු ‘One Take‘ ගායකයෙකි. 

අවසන් අදියර
1987 ජූලි 7 වෙනිදා ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු ලෙසයි. නමුත්, කිව යුතු දෙයක් ඇත. හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල, නැමැත්තා තමාගේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිටි මිනිසෙක් නොවේ. ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. එසේම ජෝතිගේ වටිනාකම ජොත් පමණක් නොව රටේ කළා බලධාරීන් හෝ නොදැන සිටියේය. ජොතිගේ ආදාහනය දා බෙරැල්ට පිරුණු මහ සෙනග අද තවත් ඓතිහාසික වාර්තාවකි. ඉන් කියා සිටියේ, ජෝති සතු සමාජ වටිනාකම මෙන්ම ජෝතිගේ වෙළදපොල වටිනාකමයි. සමාජ ප්‍රාග්ධනය ශූන්‍ය වූ ජෝති ගායන ලොවට පා තබන්නේ, අත්වැඩ දීමටයි. පසුව කඩේ යයි. බත් අදියි. ඒ ජෝතිගේ ආරම්භයයි. නමුත් අවසාන වන විට ජෝති කඩේ යැවූ සියලු දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමට හා කඩේ යාමට සූදානම් වන තත්ත්වයකට පත් විය.
ජෝති විසින් ලිඛිත වාර්තා ඇති චිත්‍රපට 1000කට වැඩියෙන් ගයා ඇත. ජෝති නිර්මිත කැසට් ගණන 102. ඒවාහි ගීත 1222ක් තිබී ඇත. මොහොමඩ් රාෆි ජෝති පිළිබද සිය තක්සේරුව කර ඇත්තේ මෙසේයි-‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ‘. ඇත්ත. රාෆි කියනුයේ මොන අර්ථයෙන් වුවත්, ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබිණි. ජෝති රාජ්‍ය සම්මාන නොලද්දේය. ගරු නම්බු නාම වෙනුවෙන් ආරාධනා නොලද්දේය. සංස්කෘතික උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස නොපැමිණියේය. රාජ්‍ය නායකයින් සතුටු කරනු වස් ලංකාවේ නියෝජිතයා ලෙස ගී ගැයීමට රට සවාරි නොගියේය. නමුත්, ජෝති හුදු ජනයා වෙනුවෙන්, ගී ගැයීම පමණක් කළේය.

ජෝති නම් පොදු ජන අවශ්‍යතාව අනුව බිහිවී වර්ධනය වී පැවැත්ම තහවුරු කරගත් ගායකයෙකු මිස, ජනමාධ්‍ය විසින් බලහත්කාරයෙන් පැවැත්ම තහවුරු කරනු ලැබූ එකෙකු නොවේ. “ජෝති වෙනුවෙන් සම්මානයක් දෙන්න සංස්කෘතික ආණ්ඩුවල කවුරුත් කැමති නැති වුණාට, ජෝතිත් එක්ක බුදිගන්න වුණත් මේ රටේ ගෑණු මිනිස්සු ලෑස්තියි“ කලකට ඉහතදී ජෝති කියවා අවසන් වන මෙහොතේ මා තේරුම් ගත්ත දෙයයි. ‘මිනිස්සු ඒ තරම්ම ජෝතිට ආදරෙයි‘.

“හිතේ දුකාක් නැතී මිනිහා - මේ ලෝකේ දැනගත් මිනිහා,
එයා තමයි දුක නැති මිනිහා...“

*අනුමෝදනාව - ජෝති කියැවීමට මා පෙළඹවූ නුවන් නයනජිත් කුමාර (නුවන් අයියා)ට

Monday, May 23, 2011

සජිත් ප්‍රේමදාසට විවෘත සංදේශයක් සහ තවත් දේ

ඒ 2008 අගබාගයේ රාත්‍රියකි. ස්ථානය කලුබෝවිල ප්‍රතිබ්ම්බාරාම පාරේ විහාරයට යාබද ‘මීඩියා බෝඩිම‘. කසුන් පුෂ්පකුමාර, නිරෝධ කාරියවසම්, සජිත්ගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් සහ මා එහි විය. සජිත්ගේ ඉදිරි ප්‍රචාරණ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොළඹ පැමිණ රාත්‍රී ආපසු යන අතර වාරයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරියා අපේ බෝඩිමට පැමිණියේය. ඒ වන විට රනිල්ගේ ආදේශ නායකයා ලෙස සියලු දෙනා කතා කරමින් සිටියේ කරු හෝ වෙනත් කවරෙකු පිළිබදවයි. සජිත් ගැන යම් යම් අදහස් පමණක් මතුවී තිබිණි. සජිත්, 2011 වන විට එ.ජා.ප.යේ නායකත්වය අපේක්ෂාවෙන් සිටින බව ඔහු කීවේය. මා තුෂ්නිම්භූත විය. ‘2011 දි? වයස මදි නේද?‘ මා ඔහුගෙන් ඇසූ විට, ‘වයස ප්‍රශ්නයක් නෑ මල්ලී-ලොක්කට පුළුවන්‘ කියා-යමක් කටේ හලා ගත්තේය. මා ඒ වන විට සිහිනයකින්වත් සජිත් 2011 වන විට එ.ජා.ප.යේ තීරණාත්මක සාධකය වේ යැයි නොසිතුවෙමි.

දැන් 2011 උදා වී ගෙවී යමින් තිබේ. සියයට සියයක්ම නොවූවත් සජිත් ඉන් වැඩි ප්‍රමාණයක් ලගා කරගනු සිටිනු දකින විට ඇත්තේ උපේක්ෂාවකි. දැන් අප සසිත්ව ප්‍රශ්න කළ යුතු වෙයි. එසේත් නැත්තම් සජිත් කියවා ගත යුතු වෙයි. මා සජිත් හා සජිත් ප්‍රේමදාස එකට කියවීම මෙසේ අරඹමි.

සජිත් පිළ හා රනිල් පිළ බිහිවන්නේ සජිත්ගේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙවැනිම බෙදීමක් අනුර පිළ හා මැතිණිගේ පිළ යනුවෙන් 80 දශකයේ අගභාගය වන විට ඇති විය. අද වාගේම පරාජයෙන් වියරු වැටී සිටි කෙසේ හෝ දිනිය යුතු යැයි සිතූ පිරිස අනුර සමග එක් වූහ. එහි අවසානය අපි දනිමු. අනුරගේ පිළක් තබා අනුරටවත් යන එනමං නොවීය. මැතිණියටද යන එකමං නැති වුවත් මැතිණිය යම් තාක් දුරකට ෂේප් කරගැනීමට සමත් විය. චන්ද්‍රිකා අම්මාට පිහිට විය. ඒදා අනුරගේ පිළට පැන්නවුන්ගේ අදහස වූයේ අනුර දිනවීමෙන් දිනුමක් නොව, මැතිණිය අසමත් කිරීමෙන් පසු අනුර නායකයා කොට ඒ අතර ප්‍රබලයින් වී අනුරටද වැඩක් දීමටයි. නමුත්, අනුර පිළ සුන්නද්ධූලි වී ගියේය. අනුර හැර අනික් සියල්ලෝම චන්ද්‍රිකාට හේත්තු විය.
(අද ද සජිත් පිළේ සිටින්නේ ගැම්ම සහ ඇම්ම ඇති පිරිසකි. රනිල් පිලේ ඉන්නේ ෂේප් එකේ කාලය ගත කරන පිරිසකි.) එහෙයින් මා විග්‍රහ කිරීමට අවශ්‍ය වන්නේ උරුමය කෙතරම් ප්‍රබල වුවත් පක්ෂය බේද කිරීම වෙනුවෙන් දිය යුතු දඩුවම ස්වභාවධර්මයෙන්ම ලබා දෙන බවයි. එදා උරුමය ඉල්ලීමට හදිස්සි වී පිල් බෙදමින් පක්ෂයේ චරිතයක් වූ අනුර බණ්ඩාරණායක කදිම නිදසුනයි. පිල් හා කල්ලි බිහිකරමින් පක්ෂය තුළම පක්ෂයේ දේවල් විවේචන කරමින් කරනු ලබන මෙම වැඩපිළිවෙල දුරදර්ශී එකක් නොවේ යැයි කියමි. නායකත්වයට සුදුස්සෙක් නම් නියම වේලාව එනතුරු ඒ වෙනුවෙන් නිහඩව හා ප්‍රභලව සූදානම් වීම යහපත් නායකත්ව ලක්ෂණයකි. ජේ.ආර්.-ප්‍රේමදාස-මහින්ද අප දන්නා උදාහරණයි. නමුත් ඉතාම තීරණාත්මක මෙහොතේදී නොනවතින අරගලක් කළ යුතු වෙයි. මේ අයුරින් ඵලදායී නොවන දියාරු අරගල දිගින් දිගටම කරගෙන යාමේදී ඡන්ද දායකයිනට නායකයා ජෝකර් කෙනෙක් වෙයි. එවිට, තීණාත්මක අරගලය වෙනුවෙන් මිනිසුන් රැස් කිරීම නායකයාට අපහසු වෙයි. ජේ.ආර්. විසින් කරනු ලබන සියලු දේ ඉවසාගෙන ප්‍රේමදාස බලාගෙන සිටියේය. පසුව, ජේ.ආර්. එනපොට හරිනැති බව දැනගත් වහාම අඛණ්ඩ මෙහෙයුමක් ප්‍රේමදාස දියත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා විය. මහින්ද ද එසේමය. මහින්ද උරුමය ඉල්ලිය යුතුව තිබුණේ 1994 දීය. නමුත් මහින්ද 1994 සිට 2004 දක්වා වසර 10 ක් නායකත්වයක් ගැන කිසිදු සදහනක් නොකරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය තත්ත්ව සකස් කරගත්තේය. මහින්ද චන්ද්‍රිකාගෙන් නායකත්වය ඉල්ලා සිටියේ එකවරයි. නමුත්, මහින්දගේ හඩ චන්ද්‍රිකාට අදහා ගත නොහැකි තරම්ම ප්‍රබල වීම නිසා මහින්දට දීම විනා වෙන විකල්පයක් නොවීය. දැන් මහින්ද ජනාධිපති පුටුවේද වාඩි වී සිටියි. සජිත්ගේ දේශපාලන සැණකෙලි වලින් පෙනෙන්නට ඇත්තේ, පියාපත් ලද මෙරුවකුගේ හැඩයයි.
සජිත්ගේ ප්‍රමුඛ පෙළ හා දෙවෙනි පෙළ ශක්තිමත් හා විශ්වාසවන්ත ද. සජිත්ගේ පිලේ ජාතික සංවිධායක අපේක්ෂකයා වූයේ මද්දුම බණ්ඩාරයි. ජාතික සංවිධායකයා සතුව ජාතික වැඩ පිළිවෙලක් තිබිණි. 2009 දී සන්නස්ගල ජාතික සංවිධායක කම ඉල්ලා සිටියදී අපිට හාස්‍යයට කරුණක් වුවත් සන්නස්ගලගේ මාර්කටිං හරහා පක්ෂය පිළිවෙලක් කිරීමට හැකිව තිබිණි. මද්දුම බණ්ඩාර නියෝජනය මොණරාගලයි. පසුගිය ඡන්ද කීපයම රංජිත්ගේ දිස්ත්‍රික්කය පැරදුණේ ඉහළිනි. රංජිත් ජාතිය සංවිධාන කිරීමට පෙර තම දිස්ත්‍රික්කයේ යම් වැඩ පිළිවෙලක් දියත් කළ යුතුව ඇත. අදාල වැඩ පිළිවෙල අනුවයි ජාතියටම අනුබද්ධ කළ යුත්තේ.  ගම්මට්ටමින් ශාඛා සමිති නිර්මාණය කිරීමේ සිට සෑම ආසනයක් සදහාම විකල්ප ආසන සංවිධායකයකු රහසින් යෝජනා කිරීම දක්වාම එය ප්‍රබල විය යුතු වෙයි. විපක්ෂයේ හැසිරීම එසේ විය යුතුයි. දැනට පවත්නා අසමත් සෑම මන්ත්‍රී ආසනයක් වෙනුවෙන්ම විකල්ප සංවිධායකු පත් කිරීමේ කාර්ය විපක්ෂය විසින් ජාතික සංවිධානයේදී කළ යුතුව ඇත. නමුත් රංජිත්ට එවැනි දැක්මක් ඇත්තකු නොවේ යැයි මගේ මතයයි. 
සජිත් විසින් කියන දේ නම් රනිල් විසින් පක්ෂය නාගරික ධනපතීන්ගේ භූදලයක් කළ බවයි. එය වුණේ එහෙම නෙවෙයි. ප්‍රේමදාස විසින් පක්ෂය අර්ධ ග්‍රාම්‍යකරණය කළේය. පසුව රනිල් යළිත් පෙර තත්ත්වයට පත් කළේය. ඩී.එස්.-ඩඩ්ලි-සර් ජෝන්-ජේ.ආර්.-ගාමිණි වැනි සියල්ලෝම නාගරික පංතියේ නියෝජනයි. ගමෙන් පැමිණියේ ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා සහ ප්‍රේමදාස පමණයි. කෙසේ වෙතත් සජිත් විසින් නාගරික පාක්ෂිකයා විචේචනය කිරීම හෝ හෑල්ලු කිරීම තවදුරටත් නොකල යුතු වෙයි. ගම් මට්ටමින් බිම් මට්ටමින් පක්ෂය හැර යද්දී පක්ෂයේ පැවැත්ම තීරණය කරදුන්නේ නාගරික පාක්ෂිකයායි. ඡන්ද සංඛ්‍යාෙවන් නගරයට වඩා ගම විශාල වූවාට දේශපාලනික වශයෙන් ගමට වඩා නගරය ප්‍රබල විය හැකි අවස්ථා බහුලය.
අප සජිත් තෝරා ගත යුත්තේ පරිස්සමිනි. මන්ද අපි කලබල වී නායකයෙක් පක්ෂයක් වෙනුවෙන් තෝරා ගෙන දැන් විදවයි. සුදුස්සන් සියලු දෙනා පාහේ විනාශ වී ගිය විට රනිල් පක්ෂයේ නායකයා විය. දැන් පක්ෂයේ හූනියම වී ඇත. කලබලේට කොරොස් කටේවත් අත දාගන්න බෑ. නායකයෙක් තෝරා ගැනීම කිසිසේත් කළ නොහැකියි. සජිත් විසින්, සජිත් රනිල්ට සහ මහින්දට වෙනස් වන්නේ කෙසේදැයි ඔප්පු කොට පෙන්වන තුරු සජිත් තඹ සතයක ගණන් ගත නොයුතු යැයි කියමි. දෙන්නම් කාසි වලට දේශපාලනික ගණු දෙණු නොකළ යුතුයි. ම විසින් සජිත් පහත පිළිවෙලට ප්‍රශ්න කරනු ලබමි. තවද ලියමි, රනිල් ගැන සජිත් වටහා ගත යුතු වෙයි, ‘අලිය කෙට්ටු උණාට කොරහෙ නාවන්න බෑ‘.

විවෘත සංදේශය
ජාතික ආඛ්‍යානයන් හමුවේ ඔබේ නිහඩ බව මගින් ඔබේ දේශපාලන පෞරුෂය පිළිබද යම් සැකයක් ඇති වෙයි. ඔබ කතා කරන්නේ හම්බන්තොට ගැන පඹණක් නිසා, දෙවැනි ප්‍රේමදාස යුගයක් කෙසේ වෙතත් දෙවැනි රාජපක්ෂ යුගයක් උදා වී, මේ යුගයටත් වඩා වැඩියෙන් හම්බන්තොටටම පමණක් ඉර පායයි දෝ සැකයක් ඇත. ජාතිය ප්‍රශ්නකාරී වන සෑම මොහොතකදීම ඔබ දියාරු වී පක්ෂයේ හා නායකයාගේ අඩු පාඩු තලු මරමින් රසවිදිනවා මිස ඒ වෙනුවෙන් සක්‍රීය මැදිහත්වීමක් කරනු අප දැක්කේ නැත. (උදාහරණ - 18 වෙනි ව්‍යවස්ථා සංශෝදනය / හෙල්පින් හම්බන්තොට නඩුව / හෙජින් ගිවිසුම / ජනාධිපතිවරණ කම්ප්‍යූටර් ජිල්මාට් / මහා මැතිවරණ පෙත්සම් / ප්‍රතික්ෂේප වූ නාම යෝජනා යළි භාර ගැනීම හා ආණ්ඩුවේ ඡන්ද ක්‍රමවේදය සහ තවත් දේ)
රනිල්ගේ ප්‍රතිපත්ති දිගින් දිගටම ඔබ විසින් විවේචනය කරයි. එසේනම් ඔබ  විසින් යොජනා කරනු ලබන වැඩ පිළිවෙල කවරක්ද? එහි ඇති රනිල්ට වෙනස් වූ පිළිවෙත් මොනවාද? අප රනිල් ප්‍රතික්ෂේප කරමින් ඔබ  වැලද ගැනීමට තරම් විශිෂ්ඨ ගණයේ දේ මොනවාද? ඔබනායකත්වයට පත් කරන්නට නම්, ඔබගේ ඉදිරි වැඩපිළිවෙල සියල්ල සජිත් ඔබ පාක්ෂිකයන් හා ඡන්දදායකයින් අත තැබිය යුතු වෙයි.
ම විසින් ඔබ ප්‍රශ්න කරනු ලබමි. අඩුම තරමින්, මෙම තත්කාලීන ආඛ්‍යානයන් හෝ ඔබ විසින් පිළිතුරු දීමට හා විග්‍රහ කිරීමට ලක් කළ යුතු  වෙයි. සජිත් පක්ෂයේ තත්ත්වයන් හා ප්‍රශ්න අමතක කරන්න. දැන් අපට පිළිතුරු දෙන්න.
1. උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධාන කළ නවක සිසුන්ගේ හමුදා (නායකත්ව) පුහුණුව පිළිබද ඔබේ ස්ථාවරය කවරේද? ඔබ විසින් පැහැදිලි කරනු ලැබ ඇත්ද? එය එසේනම් කවදා - කොහේදිද?
1.1 මෙම පුහුණුව යෝජනා කරනු ලැබ ඇත්තේ නවක වදයට පිළියමක් ලෙස. නවක වදය වෙනුවෙන්, ඔබේ ඇති විකල්ප යොජනාව කුමක්ද?
2. එක්සත් ජාතීන්ගේ දරුස්මාන් වාර්තාව පිළිබද ඔබේ ස්ථාවරය කුමක්ද? ඒ සදහා යම් විග්‍රහයක් ලබා දිය යුතුව ඇති මෙහොතක ඔබ මගහරිමින් සිනවා නොවේද?
2.1 යම් හෙයකින්, මෙම කමිටුව ඉදිරියේ ඔබට පිළිතුරු දීමේ අවස්ථාවක් ලබා දුණහොත් 2005-2009 සහ 2009-දැන් යන කාල වල ලංකාවේ මානව හිමිකම් පිළිබද ඔබගේ තක්සේරුව කුමක්ද?
3. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔබේ පෙනී සිටීම කුමක්ද? ඔබ එසේ කරන්නේද? නැද්ද? 
3.1 යම් අවස්ථාවක ඔබේ පානලයක් තුළ මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වුවහොත් ඔබේ පිළිතුර කුමක්ද?
4. මාධ්‍ය මර්ධනය - අදහස් ප්‍රකාශ කිරීමේ හා ප්‍රකාශනයේ සීමා ඇතැයි ඔබ විශ්වාස කරනවාද? ඔබ අවැන්න පිළිගන්නවාද?
4.1 ඔබේ ආණ්ඩුවක් තුළ සෘජුවම ඔබ විවේචනය කරනු ලබන මාධ්‍යෙව්දීන් රක්ෂණය කිරීමට හා අනුගුහ කිරීමට ඔබ සූදානම්ද?
5. අධ්‍යාපනය-සෞඛ්‍යය-ප්‍රවාහනය-ඇගලුම්-සමූපාකාර-විවිධ පාඩු ලබන සංස්ථා පෞද්ගලීකරණය කළ යුතුව ඇතිද? එසේ නොකරන්නේනම් ඔබේ යෝජනාව කුමක්ද? කළ යුතු බව කියන්නේ නම් ඔබ එසේ යෝජනා කර සිටින්නේ ඇයි.
විවෘත සංදේශය අවසන්

පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සජිත් ජයවර්ධන-සජිත් වික්‍රමසිංහ හෝ සජිත් රාජපක්ෂ භූමිකාවක් නොවේ. සජිත් ආර්. ප්‍රේමදාස යුගයක්ද නොවෙයි. පාක්ෂිකයින්ට අවශ්‍ය සජිත්මද නොවෙයි. පක්ෂය ශක්තිමත් කළ හැකි වෙනත් නායකයෙක් හෝ සෑහේ. අවසන ලියමි. මා සිටින්නේ එතැනයි. රනිල් හෝ සජිත් නොවන අනෙකෙක් විසින් මෙහෙයවනු බලන එ.ජා.ප.යක් වෙනුවෙන් දෑස් දල්වා බලා සිටිමි..

රනිල්ට එරෙහි විය යුතුද?

එ.ජා.ප.ය දැඩි වියවුලකට ලක්ව ඇත. මෙයට හේතු තීපයකි. ප්‍රධාන වන්නේ, එකම එක වරක් හැර අන් සියලුම අවස්ථාවන්හීදී මැතිවරණය පරාජයට පත් වූ නායකයෙකු විසින් පක්ෂය මෙහෙයවීමයි. අනෙක් පැත්තෙන්, සජිත් ප්‍රේමදාස නායකත්වයේ උරුමය ඉල්ලා අරගල කරයි. පක්ෂයේ ප්‍රබල හා ජනප්‍රිය යැයි කිව හැකි නායකයින් හෝ ජාතික චරිත කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙයි. එසේම, ප්‍රත්‍යන්ත ජනපදවල සිට කොළඹ මධ්‍යම පූර්ණ නාගරික වටපිටාව දක්වාම වාසය කරන එ.ජා.ප.යට ඡන්දය දී ඇති ජනතාවගේ ප්‍රමාණය සීඝ්‍රෙයන් අවපාතයට ලක් වෙමින් තිබේ. මේ සදහා හේතු-භූත වූයේ කුමක්ද?
රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන වරණ දෙක ජනතාට ඉදිරිපත් කිරීමේදී රනිල් හෝ සජිත් තම වරණය ලෙස තෝරා ගැනීමට රනිල්වාදීන්-සජිත්වාදීන් හා මධ්‍යස්ථවාදීන් කරුණු කියයි.
රනිල් වික්‍රමසිංහ හොද ඇයි?
රනිල්ට පක්ෂ කණ්ඩායම් හා පුද්ගල වශයෙන් ගත්විට මිනිසුන් රනිල්ට කැමති වීම සාධාරණීකරණය කරයි.


  • රනිල් දූරදර්ශී නායකයෙකුද / දුර දැක්මෙන් යුක්තද / විචක්ෂණශීලීද / නායකත්වයේ ලක්ෂණ ඇති අයෙක්ද?

1. ඉතිහාස අත්දැකීම් සමග අප රනිල්ගේ දූර්දර්ශී බව ප්‍රශ්න කළ යුතුව ඇත. 2010 සැප්තැම්බර් මාසයේදී 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ආණ්ඩුව පාර්තිමේන්තුවේදී සම්මත කර ගත්තේය. ප්‍රශ්න කරනු ලබන්නේ උත්තරීතර ව්‍යවස්ථාව හෝ එහි සංශෝදනයේ හරයන් නොව. අදාල සිද්ධියේදී වික්‍රමසිංහ භූමිකාවයි. විපක්ෂය 18 ට විරුද්ධ විය. එහි හරයන් ප්‍රශ්න කළේය. ජ.වි.පෙ. හා වමේ ඇතැම්හු ප්‍රසිද්ධියේ 18 ට එරෙහිව අරගල කලහ. එ.ජා.ප.ය මෙම අවුලේදී ගන්නා ස්ථාවරය කවරේදැයි අප බලා සිටියෙමු. නමුත් ඔවුනගේ ප්‍රතිපත්තිය වූයේ දියාරු බවකි. නමුත්, දයාසිරි වැන්නවුන් 18ට විරුද්ධව යම් හඩක් නැගීය. රනිල් විසින් 18ට දක්වන ප්‍රතිචාර විසින් රට පුරා 18 ගැන පැවති ආකල්පය හැදිගෑවී ගියේය. රනිල් මහින්ද සමග තේ බී 18 ගැන සාකච්ඡා කොට සිනාසෙමින් එළියට ආවේය. මෙමගින් 18 පිළිබද සමාජ කතිකාව දෙදරූ අතර එ.ජා.ප.යේ නිල සහාය 18 වෙත ලබා දුන්නාක් වැනි විය. රනිල් දූර්දර්ශී නම් රනිල් 18 වෙනුවෙන් විරුද්ධ විය යුතුව තිබුණාද? විරුද්ධ වීම කෙසේ වෙතත් එකග වීමක් කිසිසේත් කළ යුතු නොවූයේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලය වූයේ රනිල්ගේ දියාරු බව සනාථ වී ප්‍රත්‍යක්ෂ වීම හා පබා, මනූෂ හා කාදර් සමග සිව් දෙනෙක් පක්ෂය මූලධර්මවලට පාන්ස කූලය දී වෙනත් අතක් බලා ගැනීමයි. මෙමගින් මා රනිල්ගේ දූරදර්ශී බව ප්‍රශ්න කිරීමට ලක් කරමි.

2. 2000 දී චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්තිමේන්තුවේ කියවන විට රනිල් නිදා ගත්තේය. ගෝලයින් ගිණිකෙළි-සැණකෙළි පැවැත්වීය. රනිල්ට අවශ්‍ය වූයේ මල් වට්ටියක් උඩ තබා ඉක්මනින්ම ලබා ගන්නා රාජ්‍ය නායකකමකි. යෝජිත 2000 ව්‍යවස්ථාව අනුව අදහස වූයේ දැනට ධුරය දරන ජනාධිපතිවරයා ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා වන අතර ඉන් පසු අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට විධායක බලතල පිරිණැමේ. රනිල් දූර්දර්ශී වූයේ නම් අවුරුදු 5ක් ඉවසීමට හැකි විය යුතුය. ජේ.ආර්. ඉවසුවේ 1947 සිටයි. අවසාන වශයෙන් 1959 සිටයි. නමුත්, රනිල් විසින් අගමැති කම විධායකයේ ප්‍රධානියා වීමට තිබූ අවස්ථාව ලබා ගැනීමට තරම් දුර දැක්මකින් යුත් නායකයෙක් නොවීය. චන්ද්‍රිකා රනිල්ට භාර දී 2005 දී යාමට 2000 වන විට අදහසක් තිබ්බා විය හැක. නමුත්, ඊට අවශ්‍ය දේ රනිල් විසින් ඉටු කරනු නොලැබීය. රනිල්ගේ දුර දැක්ම ප්‍රශ්න කරමි. ජේ.ආර්.ජයවර්ධන පක්ෂයෙන් හා ආණ්ඩුවෙන් යන දෙකෙන්ම පැමිණි බාධා හා කෙණෙහෙලිකම් ඉදිරියේ නොබියව සිටියේය. පක්ෂය තුළ කිසි විටෙක අසමත් ඉදිරි පෙල සාමාජිකයෙක් නොවීය. සෑම දෙයක් සම්බන්ධයෙන්ම-සියලු දෙනාම ජේ.ආර්. වීශ්වාස කළේය. නමුත්, පක්ෂයේ නායකයා ලෙස හෝ රනිල්ගේ ඉදිරි දැක්ම ගැන පක්ෂයේ බොහෝ දෙනෙකුට විශ්වාසයක් ඇත්ද.

3. 2001 දී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට ජේ.සී.වැලිඅමුණ නීතීඥවරයා ප්‍රමුඛ කණ්ඩායමක් සූදානම් විය. චෝදනා 65 ක් එහි විය. උපරිමාධිකරණ විනිසුරුවන් ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාෙවන් 1/2 කට වැඩි ඡන්ද ප්‍රමාණවත් වෙයි. මේ සදහා පෙරමුණ ගන්නයැයි 2001දී රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් රනිල් වික්‍රමසිංහට යෝජනා කළේය. ඒ වන විට රනිල්ට යමක් කරගත හැකි තත්ත්වයකද ඔහු සිටියේය. නමුත් රනිල්ට අවශ්‍ය වූයේ දෝෂාභියෝගය ගෙනෙනවාට වඩා නොගෙන ඒමටයි. රනිල්ගේ දියාරු බව දැක වික්ටර්, රනිල් වික්‍රමසිංහට මෙසේ කියා ඇත. ‘ඔබටනම් කවදාවත් රාජ්‍ය නායකය වෙන්න බෑ‘. (පෑණ අහිංසකද / වික්ටර් අයිවන්) යළිදු කිව යුතුව ඇත්තේ, රනිල් මහන්සි වී දුක් විදිමින් නායකත්වය ගැනීම පිණිස සටන් කරනු අකමැති අලස නායකයෙකි. කවුරුන් හෝ රිදී බන්දේසියක තියා දෙන තුරු විරවාගෙන සිටියි. ලෝක නායකයින් රජ වූයේ දුක් මහන්සියෙනි. ඒබ්‍රහම් ලින්කන් මෙසේ කියයි-“මා වහලෙකු නොවූයේ නම්, මා කිසිදා රජ නොවනු ඇත‘ (නොහදුනන ලින්කන් චරිතාපදානය).

4. 2001 දෙසැම්බර් පිහිට වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට වසරක් පිරෙන විට චන්ද්‍රිකා විසින් පාර්ලිමේන්තුව කලින් විසිරිය හැකි බවට සැකයක් ඇති විය. නමුත්, චන්ද්‍රිකා විසින් නිසි කලට පෙර පාර්ලිමේන්ත්‍රව විසුරුවන්නේ නැතැයි සංදේශයක් එවා, ඉන් දින කීපයක් තුල පාර්ලිමේන්තුව විසිරීය. රනිල් දැඩි ලෙස චන්ද්‍රිකා විශ්වාස කළේය. රනිල්ට දේශපාලනික අනෙකා තේරුම් ගැනීමට තරම් දැක්මක් නොවිණි යැයි මා තර්ක කරමි. රනිල් දේශපාලනික අනෙකාට රැවටෙයි. එදා චන්ද්‍රිකාට පසුව ෆොප්සේකට. දැන් මහින්දට යනාදී වශයෙනි.

5. රනිල් දැන් දැන් පක්ෂයේ තනතුරු සදහා කිසිදු ඉවක් බවක් නැතිව මිනිසුන් පත් කරන බවක් පෙණෙයි. මෙහීදී රනිල් සලකනු ලබන එකම සාධකය රනිල්ට පක්ෂපාත මිනිසෙක් ද නැත්ද යන්නයි. ජාතික සංවිධායක ලෙස රවී කරුණානායක පත් තළේය. පක්ෂයක ජාතික සංවිධායකගේ වගකීම කවරේද. ජාතික යනු නගරබද පමණද. රවී ජාතික සංවිධායක කොට සජිත් උප නායකයා කළ්ය. උප නායකයෙකු නියෝජ්‍ය නායකයෙකුට එ.ජා.ප.යේ කළ හැකි එකම දේ නම් කෘත්‍යාධිකාරී රැස්වීමක ඉදිරිපෙළ අසුන් ගැනීම පමණයි. ජාතික සංවිධායකට ඊට වඩා යමක් කළ හැකිය. කළ යුතුව ඇත. ගම්-මට්ටම හා බ්ම්-මට්ටම ගැන කතා කරන සජිත් ජාතික සංවිධායක කරන්නට තිබුණේ යැයි මගේ පුද්ගලික හැගීමයි. කිසිදු දෙයක් කළ නොහැකි රංජිත් මද්දුම බණ්ඩාර වැන්නෙකු වෙනුවට රවී වැන්නකු නම් වඩා යෝග්‍ය වෙයි. රනිල් ඔළුවකින් පුරප්පාඩු පිරවූවා මිස වෙන ඵලදායී යමක් සිදු කොට නැත.

6. පොදු ජනතාව රනිල් සමග සිටින්නේද. මේ තවත් ප්‍රශ්නයක්. ඒ කතාව මෙසේ පැහැදිලි කරමි. ‘දුවන්න බැරි අස්සයෙකුගෙන් ඇති වැඩේ මොකද්ද?‘ එක්කො දුවන්න පුළුවන් අස්සයෙන් ආදේශ වෙන්න ඕනෙ. නැත්තම් දුවන අස්සයෙක් පස්සෙ මිනිස්සු දුවනව. අද වන විට රනිල් වික්‍රමසිංහ දුවන්න බැරි අස්සයෙක් ලෙස සමාජ සම්මතයක් නිර්මාණය වී ඇත. එහෙයින් රනිල් වික්‍රමසිංහ වටා සීඝ්‍ර ජන රැල්ලක් එක් කිරීම අපහසු වන බව මගේ හැගීමයි. වරක් ඉතිරුණූ කිරි මුට්ටිය-යළිත් උතුරන්නට වෙර දරනවා වැනි වෙහෙසකි එය.

7. පසුගිය ඡන්ද විස්සකට ආසන්න කාලයක් එ.ජා.ප.ය පරාජයට පත් වන්නේ රනිල් නිසාද. මේ අවුල විසදීම සදහා යූ.ඇන්.පී.ය පැත්තකින් තබා සන්ධානය ඈදාගත යුතු යැයි සිතමි. 2005 සිට ඡන්ද දිනන්නේ, මහින්ද රාජපක්ෂ නිසා ද. ‘ඔව්‘. ඒ මගේ තර්කයයි. මන්දයත්, තේරීපත් වූ සියලු දෙනා මෙන්ම සන්ධානයට එක් වූ සියලු දෙනා කියනු ලබන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිලිවෙල ශක්තිමත් කිරීම පිණිස ලැබුණු දායකත්වයක් කියන එක. එනම්, හැමෝම ඡන්දෙ දෙන්නෙ මහින්දට. මහින්ද වෙනුවෙන් ඡන්දය දෙනවානම්, අනෙක් පැත්තට ඡන්දය නොවැටෙන්නේ අනෙක් නායකයින් නිසාය. එ.ජා.ප.ය රනිල් නිසාත්, ජේ.වී.පී.ය සෝමවංශ සහෝදරයා නිසාත් පරාජයට පත් වෙයි. එසේ කියන්නේ ඇයි. අද වන විට ලංකාවේ මන්ර්‍තී ආසන 160න් වැඩි ගණනකම සිටින්නේ රනිල්ගේ ආසන සංවිධායකයින්ය. සියලු ලොකු පුටු රනිල්ගේ මිනිසුන් විසින් උසුලයි. එහෙයින්, ඔවුන් ප්‍රතික්ෂේප වනවා යනු රනිල් ද-රනිල් ප්‍රතික්ෂේප වනවා යනු ඔවුන්ද යන වශයෙන් දෙපාර්ශවයම පරාජයට හා ප්‍රතික්ෂේපයට ලක් වෙයි.

එය එසේනම්, උක්ත සිද්ධි අධ්‍යයනයෙන් පසු ද අප රනිල් වික්‍රමසිංහට එරෙහි විය යුතු ද?