Saturday, July 9, 2011

මහින්ද දිනුම් - සුඩානය පරාදයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ලොක් සිතියම වෙනස් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය 193 වෙනි සාමාජික රට ලෙස අප්‍රිකානු කලාපයේ රටක් පිළිගත් බව ප්‍රකාශ කළේය. එහි අගනුවර ද පිළිගත්තේය. එහි නායකයා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අධිකරණ පද්ධතිය ද ජනාධිපතිවරයා ද පිළිගත්තේය. අප පෙර හදුනා ගෙන සිටි සුඩානය නැමති ඒකීය ස්වාධීන රාජ්‍යය දැන් ලෝක සිතියමේ අපට හමු නොවේ. පෙර සුඩානය පැවති තැන ඇත්තේ උතුරු සුඩානය හා දකුණු සුඩානය නැමති එකිනෙකින් වෙන්ව ගිය රාජ්‍යයන් දෙකකි. ඇත්ත වශයෙන්ම කියන්නේ නම්, සුඩාන භූමි ප්‍රදේශයේ සීමාව අඩු වී එහි දකුණු දෙසින් දකුණු සුඩානය ලෙස නව රාජ්‍යයක් බිහිවී තිබේ. එහි රාජ්‍ය නායකයා හෙවත් ජනාධිපතිවරයා වන්නේ 2005 වසරේ සිට සුඩානයේ උප ජනාධිපතවරයාව සිටි සැල්වා කීර් මයාදිත් නැමැත්තෙකි. ජූබා යනු නව රාජ්‍යෙය් අගනගරයයි. දකුණු සුඩානය ස්වාධීන ස්වෛරී රාජ්‍යක් ලෙස පසුගිය ජූලි 8 වෙනිදා එරට වේලාවෙන් රාත්‍රී 11.45 ට එහි ව්‍යවස්ථාදායකය විසින් ප්‍රකාශයට පත් කෙරිණි. මධ්‍යම රාත්‍රිය උදා වෙත්ම සුඩාන ධජය බිම හෙලා දකුණු සුඩාන ජාතික ධජය ගුවනට එසේව්වේය. මැදියම් රැයේදී සුඩානය විමුක්තිය ලැබීය.

දැන් අප විසින් කියවා ගත යුතු සිද්ධීන් කිහිපයක් ඇත. එකක් සුඩානය - සුඩානය හා දකුණු සුඩානය යනුවෙන් රාජ්‍යයන් දෙකක් වීම දක්වා ගමන් මගයි. අදාල නව රාජ්‍ය පිළිගැනීම සැණකෙළියක තත්ත්වයෙන් මිදී, යථාර්තයේ සිද්ධියක් කියවා ගත යුතුව ඇත. එසේම, අප විසින් තවත් හැදෑරිය යුතු දෙයක් ඇත. එනම්, අද හෝ ඊයේ සුඩානයට වූ දේ අපට සිදු වූ අතීත අවස්ථාවක් ඇත. එසේම, ඊටත් වඩා - ඉතාම ඛේදනීය ලෙස එවැන්නක් විය යුතුව තිබූ අත්‍යාසන්න තත්ත්වයකට මුහුණ දීමට ඔන්න මෙන්න තිබී ඉන් යාන්තමට ගැලවූ අවස්ථාවක් ඇත. මේ සිද්ධීන් දෙක ද අප කියවා ගත යුතුව ඇත.

පළමුව මා මෙවැන්නක් කියවමි. ලංකාව රාජධානී සමයක් ගත කරමින් සිටියේය. පසුව, පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් යටත් කරගනු ලදුව, අවසානයේ ද එංගලන්තයට අප යටත් වීමු. 1815 මාර්තු 2 වෙනිදා හෝ ඊට අත්‍යාසන්න දිනකදී ලංකාව විසින් එතෙක් ඔසවමින් සිටි සිංහ කොඩිය වෙනුවට එය බිමට ඇද දමා කතිර කොඩිය අසහට එසෙව් පුවතක් අපි අසා ඇත. ඒ අප විසින් අවිච්ඡින්නව රැගෙන ආ අපේ කොඩිය අපිට අහිමි වූ පළමු අවස්ථාවයි. යළිත් අප (ලාංකිකයින්) විසින් කරනු ලැබූ අරගලයක ප්‍රතිඵලයක් ලෙස 1948 දී අපේ කොඩිය එසවීමේ පූර්ණ හිමි කමක් අපිට හිමි විය. මෙය අප විසින් පමණක් මුහුණ දුන්නක් නොවීම නිසා මෙය මහා ඛේදනීය තත්ත්වයක් නොවන්නේ යැයි කියමි. මන්ද, අපේ නිදහස තීරණය වන්නේ අවට වට පිටාව මතයි. අපට නිදහස අහිමි වන විට - අවට වටපිටාවට ද නිදහස අහිමි වී තිබිණි.

දැන් ම විසින් කියා සිටි ඉතාම ඛේදනීය ලෙස අපේ කොඩිය හෝ එහි වෙණ වැටෙන සීමාව අහිමි විය හැකිව තිබූ අත්‍යාසන්න තත්ත්වයකට මුහුණ දීමට ඔන්න මෙන්න තිබී ඉන් යාන්තමට ගැලවූ අවස්ථාව පිළිබද හැදෑරීම පසෙකින් තබා සුඩානය දෙසට හැරෙමු. සුඩානයේ දකුණු දිග ප්‍රදේශයේ වැසියන් සුඩාන මධ්‍යම පාලනය ප්‍රතික්ෂේප කළේය. ඒ 2005 දී පුපුරා ගිය ඉන් වසර කිහිපයකට පෙර උද්ගත වූ සිද්ධි මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි. පසුව ඔවුන් විසින් ඇමරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ට හිතවත් රාජ්‍යයන් සමග සුහද වී 2005 ජූලි 9 වෙනිදා නිළ නොවන අයුරින් සීමා මායිම් ලකුණු කර ගත්තේය. ඉනිදු පසු ඔවුන් විසින් දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ජාත්‍යන්තර තත්ත්වයන් නිර්මාණය කර ගත්තේය. ඒ අතරවාරයේ ඩාෆූර් ප්‍රෙද්ශයේ නොනිමි සටන් දියත් කළේය. දකුණු සුඩානයේ ස්වාධීන හෙවත් ස්වස්ථානික වූ ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගත්තේය. අධිකරණ පද්ධතියක් සකසා ගනිමින් අධිකරණ කටයුතු දියත් කරමින් සිටියේය. සුඩානයේ උප ජනාධිපතිවරයාව සිටිමින් මයාදිත් විසින් දකුණු සුඩානයේ නායකත්වය දියත් කළේය. එහි අතුරු කාර්යයක් ලෙස - දකුණු සුඩානය වෙනුවෙන් ඩයස්පෝරාවක් නිර්මාණය කරගනිමින් ඊට අවශ්‍ය ජාත්‍යන්තර කරුණාව හා අවධානය දිනාගත්තේය. 

සුඩානය දෙකඩ කිරීමට මයාදිත් උත්සාහ කරමින් සිටියදී, ඕමාර් අල් බෂීර් (සුඩාන ජනාධිපති) නිහඩ හා නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කළේය. ඩාෆූර් කලාපයේ සටන් වෙනුවෙන් නේටෝව පවා මැදිහත්වන තුරු පාඩුවේ සිටියේය. ජාත්‍යන්තරය තුළ සුඩුනය වෙන් කිරීමට එරෙහි හඩක් නිර්මාණය කරනු වෙනුවට - සුඩානය බෙදිය යුතු වන්නේ යැයි වැනි අදහසක් ස්ථාපනය වන තුරු පාඩුවේ සිටියේය. බෂීර් විසින් යුද්ධයක් කිරීමට හෝ සාර්ථක යුද්ධ උපක්‍රමයක් තුළින් ඩාෆූර් බේරා ගනිමින් පසුව ඒකීය සුඩානය ආරක්ෂා කර ගැනීමට සමර්ථ නොවීය. එහෙයින්, වැඩි වැඩියෙන් මයාදිත් ප්‍රමුඛ සටන්කාමීන් ශක්තිමත් විය. එපමණක් ද නොව - ඔවුන්ගේ සටන ජාත්‍යන්තරය තුළ පවා සනාථ විය. වෙනකක් තබා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවා සථාන වීමට ඉඩ සලසා ගත්තේය. එහෙයින්, අද වන විට මයාදිත්ගේ නායකත්වයෙන් යුතු දකුණු සුඩානය බිහි විය.

Salva Kiir Mayardith
සුඩානයේ කතාවේ සාරාංශය එසේ විය. දැන් ම විසින් අපේ කතාව හැදෑරීම අරඹමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් කරනු ලැබූයේ ද මයාදිත් විසින් සුඩානය තුළ දියත් කළ අරගලයමය. මයාදිත් පළමුව, දේශ සීමා වෙන් කර ගත්තේය. ප්‍රභාකරන් ද ඊලමේ දේශසීමා ප්‍රකාශයට පත් කළේය. පසුව, ඔවුන්ගේම කියා ව්‍යවස්ථාදායකයක් හා පාලනයක් ඇති කර ගැනීමට මයාදිත් සමත් විය. ප්‍රභාකරන් විසින් ද නො නිළ ආණ්ඩු පාලනයක් හා ව්‍යවස්ථාදායකයක් දියත් කළේය. අධිකරණ පද්ධතිය ද එසේම ය. ප්‍රභාකරන්ගේ සිහින ඊළම තුළත් මයාදිත්ගේ සිහින දකුණු සුඩානය තුළත් නඩු ඇසීම පිණිස අධිකරණයක් සාදා ගත්තේය. මයාදිත් විසින් සුඩානයේ යහපාලනය බිදීම පිණිස සටන් කළේය. ප්‍රභාකරන් ද එසේමය. බෝම්බ, තර්ජන, පිපිරවීම් වැනි සියල්ල සිදු කළේය. නො නිළ හමුදාවක් ස්ථාපිත කර ගත්තේය. මයාදිත් විසින් ජාත්‍යන්තරය තුළ සිය සිහින දකුණු සුඩානයට තත්ත්වයන් දිනා ගැනීම පිණිස කටයුතු කළ අයුරින්ම - ඇතැම් විට ඊටත් වඩා ප්‍රභාකරන් ජාත්‍යන්තරය තුළ පුබල විය. සිහින ඊළාම් ඩයස්පෝරාව සිහින දකුණු සුඩාන ඩයස්පෝරාවට වඩා ශක්තිමත් විය. රටක පිළිගැනීම දිනා ගැනීම වෙනුවෙන් මයාදිත් ඇමරිකාව මිතුරු කරගත්තේය. ප්‍රභාකරන් විසින් කැනඩාව, ඇමරිකාව හා නෝර්වේ රාජ්‍යයන් ඒ සදහා යොදා ගත්තේය.

ඕමාර් අල් බෂීර් නිදා සිටියේය. ලංකාවේ ද ජේ.ආර්. ගේ සිට ප්‍රේමදාස, ඩී.බී., චන්ද්‍රිකා හා රනිල් යන සියලු දෙනාම එදා වේල පිරිමසා ගැනීම වෙනුවෙන් යුද්ධ කළේය. සාකච්ඡා කළේය. හරියටම ඒ සියල්ලම තනිව බෂීර් විසින් ද කළේය. සුඩානයේ යුද්ධය තීරණාත්මක වන විටත් සුඩාන නායකයා වූයේ බෂීර්මය. ලංකාවේ තත්ත්වය තීරණාත්මක වන විට නායකත්වය මාරු විය. ඒ පතෝල චන්ද්‍රිකා වෙනුවට - කොච්චි මහින්ද පත්වීමෙනි. සුඩානය තවදුරටත් පතෝල බෂීර් විසින් මෙහෙයවමින් සිටියේය. බෂීර් සාමකාමී යුද්ධයක් කළේය. මහින්ද විසින් යුධකාමී යුද්ධයක් කළේය. සුඩානයේ හා ලංකාවේ තත්ත්වය ඉන් වෙනස් විය. මහින්ද විසින් සිහින දකිමින් සිටි ස්වාධීන රාජ්‍යයේ නායකයා විය හැකිව සිටි මිනිසා නසා දැම්මේය. බෂීර් විසින් සිහින රාජ්‍යෙය් නායකයා විය හැකි පුද්ගලයා රැක ගත්තේය. බෂීර් විසින් නයාට කිරි පෙව්වේය. මහින්ද විසින් නයා කූඩු කළේය. නැත. ඔහු නයා කූඩු කලා නොව - නයා කුඩු කළේය. මයාදිත් නම් නයා බෂීර්ට දශ්ඨ කරමින් සිහිනය දිනා ගත්තේය. මහින්ද විසින් ප්‍රභාකාරන් නැමති නයා කුඩු කරමින් සිහිනය ද කුඩු කර දැම්මේය. එහෙයින්, මයාදිත් නව රාජ්‍යයක් පිළිබද සිහිනය මැදියම් රැයේදී සැබෑ කරගත්තේය. නව ඊළමක් පිළිබද සිහිනය ද රැගෙනම ප්‍රභාකරන් මිහිදන් විය.

ලංකාවේ දී මහින්ද දිනුවේය. සුඩානයේදී මයාදිත් නැමති සිහිනධාරියා දිනුවේය. ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යක් විය. සුඩානය තවදුරටත් ඒකීය නොවීය. එසේ නොවන්නේය. දැන් ලංකාව තවදුරටත් එකම ජාතික කොඩියකින් හදුනාගත හැකිව තිබියදී, නිසි කළට නිසි ප්‍රතිකර්ම දියත් නොකිරීම නිසා පෙර පැවති සුඩාන භූමිය සෙවන ලබන්නේ එකිනෙකට වෙනස් කොඩි දෙකකිනි.

Omar-Al Basheer
තවත් කිව යුතු දෙයක් ඇත. ඕමාර් අල් බෂීර්ට හෝ සැල්වා කීර් මයාදිත් හට මානව හිමිකම් උල්ලංඝන චෝදනා නැත. මන්දයත්, ඇමරිකානුවාගේ හෝ එක්සත් ජාතීන්ගේ අභිමථාර්ථ හා අභිලාෂයන් ඔවුන් විසින් දිනා දී ඇත. ඔවුන්ට අවනත වී ඇත. ඕමාර් බෂීර්, ඇමරිකාවට අවනත වී රට දෙකඩ වන්නට ඉඩ හැර - බලා සිටි නිසා දැන් ඕමාර් බෂීර් යනු නියම නායකයෙකි. මිනිස් අයිතිවාසිකම් රැකදුන් මිනිසෙකි. ඇමරිකාවටනම්, ඇමරිකාව විසින් ඉදිරි සාම නොබෙල් ත්‍යාගයට පවා නිර්දේශ කිරීමට බැරි නැති මාරම පොරකි. නමුත්, මහින්ද එසේ නොවෙයි. ඇමරිකාව හෝ වෙනත් බටහිරක්, ඊළමක් වෙනුවෙන් ඇගිලි ගනිමින් සිටියදී මහින්ද ඊළම වෙනුවෙන් නොහැරුණේය. එහෙයින්, මහින්ද යනු කියන දේ නාසන - නාහෙට නාහනා අමණයෙක් ලෙස හදුන්වා දෙමින් ඔහු චුත කිරීමට දැන් වෙර දරයි.

අවසන ලියමි. අද වන විට අප තවදුරටත් ඒකීය රාජ්‍යයක් ලෙස සිටින්නේ මහින්දගේ ඇති නාහෙට නාහනා ගතිය නිසාය. මහින්ද ද කීකරු හා නාස් ලණුවෙන් පාලනය කළ හැකිව තිබූ අවංක - ඕමාර් බෂීර් වැනි හිමිකම් සනාථ කරන එකෙක් වූවානම්, අද වන විට අපේ අසල්වාසී රට වන්නේ උතුරෙන් ඉන්දියාව නොවේ. උතුරෙන් හා අපට ඊළාම් රාජ්‍යය මැයිම් වන්නට ඉඩ තිබිණි. අප තවදුරටත් දූපතක් නොවන්නේය. එසේ වූයේ නම් අප තුන් පැත්තක් මුහුදින් වට වූ අර්ධද්වීපයකි. ලෝකයේ දසවැනියට ලොකුම රට වූ සුඩාන දැන් විශාලත්වයෙන් පසු බැස ඇත. අපට ද සිදු වන්නට තිබුණේ එයම බව නො සිතෙන්නේ ද. ම විසින් මහින්ද දිනුම් යැයි කියන්නේ ඒ අර්ථයෙනි. බෂීර් පරාද යැයි කියන්නේ ද ඒ අර්ථයෙනි. 

19 comments:

Krishantha Rajapakshe said...

උඹගේ මේ ලිපියේ දෘෂ්ඨිය මිනි කදු ගැහැවත් කමක් නෑ දෙමළටනම් මේකෙන් කෑල්ලක් දෙන්නේ නෑ කියන සිංහල බෞද්ධ දෘෂ්ඨියටම සමපාතව

Thela | තෙලා said...

මම හිතන්නෙ නෑ. මොකද දෙමළ ජාතීන් වෙනුවෙන් සාධාරණ උත්තරයක් දිය යුතුයි කියන තැන මම ඉන්නව. හැබැයි ඉල්ලන හැමෝටම රටෙන් පංගුවක්ම දිය යුතුයි ද කියල මම මගෙන් ප්‍රශ්න කරනව. සාධාරණයක් ඉශ්ඨ කළ යුතුයි. හැබැයි සාධාරණයක් ඉශ්ඨ කිරීම කියන්නෙ රටෙන් කෑල්ලක් තනි භුක්තියට දීම ම නෙවෙයි නේද?
යළිත් කියමි - දෙමළ ජනතාව වෙනුවෙන් සාධනීය සාධාරණයක් අවශ්‍ය බව පිළිගන්නව මම පුද්ගලකවමත්

Krishantha Rajapakshe said...

හරි උඹ එහෙම මතවාදයක ඇති

Krishantha Rajapakshe said...

නමුත් මේ ලිපියේ තියෙන දෘෂ්ඨිමය අවුල අරක. රටක් කෑලි වෙන්නේ නිකන් නොවෙයි. පීඩනවක පුපුරා යාම් සමග. ලංකාවේ දමිළ අරගල ආරම්භ වෙන්නේ බෙහොම පැහැදිලි සහේතුක කාරණා එක්ක. ලංකා රාජ්‍යයෙන් බෙදී වෙන්වී යන්න තීරණය දක්වා උතුරේ දමිළ අරගලය මෙහෙයුවේ දකුණේ පාලකයෝ. මහින්ද කලේ ගමේ ගොඩේ චන්ඩියෙක් ගේ වැඩක් මිසක් වෙන යමක් නොවෙයි. තවදුරටත් තමන්ගේ පුරවැසිභාවය රාජ්‍ය විසින් පිළිගනු ලබන්නේ දෙවැනි කොටනම්, සංස්කෘතික පීඩනව, ආර්ථික බෙදී යාම ආදී සියලු ගතිකයන් තුළ තමන් වඩ වඩාත් පීඩනය පත් වීමනම් උත්තර වෙන්වී යාම පමණි

sudheera said...

" පතෝල චන්ද්‍රිකා වෙනුවට - කොච්චි මහින්ද "
කොච්ච් සැර වැඩිද මංදා.... හරියට තේරුම් ගන්නව නම් පෝස්ට් එක සුපිරි.

Thela | තෙලා said...

@ Sudheera:
කියන්න හදපු දේ එක්කෙනෙක් හරි කියපු අර්ථයෙන් තේරුම්ගත්ත එකට සන්තෝසයි.
ස්තූතියි

Anonymous said...

තවම මහින්ද මහතා දිනා නැත අතුරක යන්නාක් මෙන් දුෂ්කර ගමනක් යාමට ඇත.චන්ද්‍රිකා මැතිනියද පතෝල නොවේ.එම පාලන සමයේදී කොටි සංවිධානයේ හධවත බදු යාපනය අත්පත් කරගත් අයුරු අමතක කල නොහැක.තිස් වසරක යුධය යනු එක ප්‍රවාහයකි.සිටියේ එක ප්‍රභාකරන් කෙනෙකි.83 වසරේදී මියගිය ලුතිනන් වස් ගුණවර්ධන සිට 2009 මැයි18 වැනිදා අවසන් වරට මියගිය සෙබලා දක්වාම මෙම යුදයේ කොටස්කරුවන්වෙති.

Anonymous said...

තවම මහින්ද මහතා දිනා නැත අතුරක යන්නාක් මෙන් දුෂ්කර ගමනක් යාමට ඇත.චන්ද්‍රිකා මැතිනියද පතෝල නොවේ.එම පාලන සමයේදී කොටි සංවිධානයේ හධවත බදු යාපනය අත්පත් කරගත් අයුරු අමතක කල නොහැක.තිස් වසරක යුධය යනු එක ප්‍රවාහයකි.සිටියේ එක ප්‍රභාකරන් කෙනෙකි.83 වසරේදී මියගිය ලුතිනන් වස් ගුණවර්ධන සිට 2009 මැයි18 වැනිදා අවසන් වරට මියගිය සෙබලා දක්වාම මෙම යුදයේ කොටස්කරුවන්වෙති.

Anonymous said...

තෙලා, 94 සිට 2011 දක්වා යුද්ධයත් ඒ හා බැදුණු දේශපාලනයත්, පශ්චාත් යුධ තත්වයක්, වත්මන් රාජපක්ෂ රෙජීමයේ සැබෑ නිර්මාණාත්මක හේතුත් නිකමට වගේ කියවන්න. ඔයාට වැරදුණු ගොඩක් තැන් එතකොට තේරේවි. ඊට පස්සේ ඔයා මේ ලිපියේ ප්‍රතිවිරුද්ධ එක ලියාවි.

පාලින්ද සමරවීර ‎Krishan Rajapakshe said...

ඔබ කියන එක හරි. දමිල අරගලය ආරම්භ වෙන්නෙ බොහොම සහේතුක කාරණා එක්ක තමයි. ඒ වගේම ආණ්ඩුව මේක අවසන් කිරීමේ මෙහෙයුම පටන් ගන්නෙත් බොහොම සහ්තුකව.
අනික තමයි නන්දිකඩාල් වලදී ආණ්ඩුව අවසන් කලේ ඔබ කියපු බොහොම සහේතුව ආරම්භ කරපු දමිල අරගලය නෙමෙයි. තුවක්කුවෙන් විතරක් කතා කරන ප්‍රභාකරන් කියන ෆැසිස්ට්වාදියාගේ ග්‍රහනයට ලක්වූ ත්‍රස්තවාදී කැරැල්ලක්. ත්‍රස්තවාදී කැරළි වලට කරන්න ඕනෙ ගහල කුඩුකරන එක මිසක් හුරතල්කරන එක නෙමෙයි. ඒක තමයි යථාර්තය.

Lasantha Pathirana said...

ත්‍රස්තවාදීන්ගෙ වටේ පිටේ ඉන්න අහිංසක උනුත් එක්කම ගහල කුඩු කලාට කමක් නැතිවෙයිද දන්නෑ? / පාලින්ද සමරවීර/

වැප් said...

අවකාශය තුල වැදගත් දෙයක් කියවන ලදී

බොහොම ස්තුතයි

මාරයාගේ හෝරාව said...

වැදගත් ලිපියක්..ස්තූතියි...

Anonymous said...

ඔබේ ලිපියේ අන්තර්ගතය තේරුම් ගතිමි. ගහමරා ගන්නට හෝ රටක් ඉතිරිව තිබිය යුතු බව අ‍පේ රටේ අමනයින්ට ‍නොතේරේ. ලිපියට ස්තුතියි.

ජේ (Jay) said...

well said..

Anonymous said...

Well said mate. Vote for mahinda was the only vote ever in my life that resulted in something good.

ඔස්කා said...

Nice explanation

ජයශ්‍රී said...

තෙලාට මගේ ප්‍රණාමය!

සුඩානයට,සර්බියාවට වූදේ අප රටට ද වේයයි පතන දුෂ්ඨයන් අප අතර ද සිටීම අපේ අවාසනාවයි.

Anonymous said...

meka thama aththa kathawa..namuth thawamath meya terum nogath piriak siteema rate awasanawaki