Saturday, July 2, 2011

රෙජීමය වෙනස් නො කොටම...

හේතු පාඨය - 


“පවත්නා ක්‍රමය වෙනස් කිරීම“ යන න්‍යායික අරගලය අදවන විට යල් පැන ගිය න්‍යායක් බවට පත්ව තිබේ. ඒ, පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් කිසිවෙක් විසින් නොදකින නිසා නොවේ. පවත්නා ක්‍රමයන් වෙනස් කිරීම වෙනුවෙන් විප්ලව කිරීමට තරම් සුදුසු තත්ත්වයන් අද වන විට අවට සමාජයේ අවශ්‍යය තරමින් හෝ අත්‍යාසන්න තරමින් නොපැවතීම ඊට හේතුව විය හැක. තවත් පැත්තකින් කියන්නේ නම්, එරෙහි වී සිට පවත්නා ක්‍රම වෙනස් කිරීම නැමති අරගලය දියත් කරනු වෙනුවන සහජීවනයෙන් මෙහෙයවීම යන අරගලය දියත් කිරීම නූතන ලෝකයේ දක්නට පැවතීමයි. පවත්නා ක්‍රමය වෙනස් කළ යුතුව ඇති තැනක ඇති ද. එසේත් නැතිනම්, පවත්නා ක්‍රමය වෙනස් කළ යුතුව ඇති නම් - එම අභිමතාර්ථයන් ඉශ්ඨ කරගැනීම පිණිස, එරෙහි වීම හැර වෙනයම් න්‍යායික හෝ ප්‍රායෝගික ප්‍රයත්නයක් දැරිය හැකි ව ඇති ද.

කියුබාවේ පැවති ඇමරිකානු හිතවාදී බැටිස්ටා පාලනය තත්ත්කාලීන පවත්නා ක්‍රමය වන විට - එය යෝග්‍ය නොවන්නේ යැයි යන නිගමනය හේතුවෙන් පිදෙල් කැස්ත්‍රෝ ප්‍රමුඛ චේ ගෙවාරා වැනි නායකයින් එක්ව ‘එරෙහි‘ විප්ලවයක් කරමින් එම පවත්නා ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අරගලයක් කළේය. ඔවුන් එසේ විප්ලවයක් කිරීම වෙනුවෙන් පෙළඹුනු ප්‍රධාන හේතුව වූයේ, පවත්නා ක්‍රමය - එම ක්‍රමයට එළැඹෙමින් දිශානතිය වෙනස් කිරීම නැමති සහජීවනීය කාර්යය ඉටු කිරීම නොකළ හැකි තත්ත්වයක් පවතින විටදී ය. වියට්නාමය තුළ සිදු වූයේ මීට වඩා වෙනස් සිද්ධියකි. එය යම් ආකාරයක යටත් විජිත ස්වභායේ පාලනයකින් මිදීම වෙනුවෙන් කරනු ලැබූ අරගලයකි. යටත් විජිතයක් සමග සහජීවනයෙන් කටයුතු කිරීම නොකළ හැකි එකකි. ඉන්දියාව හෝ ලංකාව විසින් එක්සත් රාජධානියට එරෙහිව කරනු ලැබූයේත් එවැනි අරගලයකි. වෙනත් ආකාරයකින් හෝ සහජීවනීය ස්වභභාවයකින් පවත්නා ක්‍රමයේ අඩුපාඩු පෙන්වා දෙමින් දිශානතිය වෙනස් කළ නොහැකි තත්ත්වයක පවතිනා විට දී ඊට එරෙහි වීම යම් සාධාරණ හෝ ප්‍රායෝගික ස්වභාවයක් ගනියි.

දැන් අප විසදාගත යුතු තැනක් ඇත. දේශිය වශයෙන් පවත්නා ක්‍රමය හෝ ව්‍යූහය යම් ආකාරයක වෙනස් කිරීමක් කළ යුතුව ඇති තැනක පවතියි ද. එසේ කළ යුතුව ඇති ද. අප විසින් විසදා ගත යුතු කරුණු දෙකක් ඇත. කුමක් හෝ පවත්නා ක්‍රමයක් වෙනස් කරන්නේ නම් - ඊට විකල්ප ආදේශකය කවරක් ද යන්න පැහැදිලිව දක්නට තිබිය යුතු වෙයි. අද වන විට ලංකාවේ පාලනය හෝ පවත්නා ක්‍රමය වන මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු තැනක ඇති ද. එසේ යෝජනා කර සිටීමේ යම් පදනමක් ඇති ද. මහින්ද රාජපක්ෂ රෙජීමය පාලන බලය අත්පත් කරගනු ලබන්නේ 2004 වසරේදී හෝ 2005 දී ය. ම විසින් 2004 දී මහින්ද රාජපක්ෂ රෙජීමය බලයට පත්වූයේ ද යැයි සැක සහිත ලෙස ඒ වර්ෂය 2005 වන්නේ යැයි පවසන්නේ එකම එක හේතුවක් නිසාය. එනම්, 2004 සිට 2005 නොවැම්බර් දක්වා පැවතියේ අර්ධ රාජපක්ෂ හා අර්ධ කුමාරතුංග රෙජීමයකි. එහෙයින් පූර්ණ රාජපක්ෂ රෙජීමයක් පිළිබද අපට අදහසක් පහළ වන්නේ 2005 දීය. 2005 දී අණසකට යටත් කරගනු ලබන රාජපක්ෂ රෙජීමය - එසේ බලයට පත්වන්නේ අද වන විට එහි ප්‍රධාන විරුද්ධ වාදියා වන ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිවය. අනෙක් පැත්තෙන් කියවා ගන්නා විට, ජ.වි.පෙ.ද ප්‍රාර්ථනා කර සිටියේ රාජපක්ෂ රෙජීමයයි. ජ.වි.පෙ. මෙන්ම සෙසු බහුතරයකගේද අපේක්ෂාවන් සපථ කරමින් 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූයේය. අද වන විට ද රෙජීමයේ බලමෙහෙයන්නා ඔහුමය. නමුත්, අද වන විට - රෙජීමයේ පදවිප්‍රාප්තිය පිළිබද සොදුරු සිහින දකිමින් සිටි ජ.වි.පෙ. විසින් රාජපක්ෂ රෙජීමයට එරෙහි වෙමින් සිටියි.

ජ.වි.පෙ. නිරන්තරයෙන් සිහින දකිමින් සිටියේ බලයට පත්වන ඕනෑම රජයක මෙහෙයුම් හා තීරණාත්මක සාධකය බවට පත්වෙමින් සිය පැවැත්ම තහවුරු කරගැනීමටයි. 2001 දී යම් ප්‍රමාණයකින් එය කරගැනීමට ජ.වි.පෙ. සමර්ථ වූ අතර 2004 දී වැඩි වශයෙන් දක්ෂ විය. එ වන විට කාණ්ඩ දෙකක් වශයෙන් පැවති, කුමාරතුංග රෙජීමයේ හා රාජපක්ෂ රෙජීමයේ තීරණාත්මක සාධකය වීමට ඔවුන් යම් කාලයක් සමත් වීය. නමුත්, 2008 අගභාගය හෝ 2009 වන විට සම්ස්ථයක් ලෙස ජ.වි.පෙ. විසින් පවත්වාගෙන සිටි ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීමේ ඒකාධිකාරය බිද වැටිණි. ඊට හේතු වූයේ විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් ජ.වි.පෙ. අතහැර ආණ්ඩුවට එක් වීමත් සමගය. එනයින්, මෙතෙක් පවත්වාගෙන සිටි සහජීවනීය වශයෙන් දිශානතිය වෙනස් කිරීමේ - ජ.වි.පෙ. හැකියාව ජ.වි.පෙ.ට අහිමි විය. ජ.වි.පෙ. දේහපාලනික වශයෙන් මානසික ඇදවැටීමකට ලක් විය. එහෙයින්, පෙර පැවති තීරණාත්මක අධිකාරී බලය අත්පත් කරගැනීම පිණිස ජ.වි.පෙ. විසින් නොනිමි අරගලයක් දියත් කරමින් සිටියේය. 2010 වන විට එහි බරපතල අවශ්‍යතාවයක් ජ.වි.පෙ.ට දැනිණි. එහෙයින්, පෙර පැවති තීරණාත්මක සාධකය වීමේ තත්ත්වය යළි උදා කර ගැනීම පිණිස මරුවිකළෙන් මෙන් දැගලූයේ යැයි කියන්නේ නම් යම් නිවැරදිබවක් ඇතැයි සිතේ. 2010 දී ජ.වි.පෙ. අවශ්‍යතාවය ඉශ්ඨ කරගැනීම සදහා ඔවුන් විසින් ඉත්තා කරගනු ලැබූයේ සරත් ෆොන්සේකාය. ඔහු තම ඉත්තා කරගනු ලැබූ බව ඔවුන් විසින්ම පිළිගනිමින් සිටීම මගින් එය සපථ වෙයි.

නමුත් මා දකිනා පරිද්දෙන්, පවත්නා ක්‍රමයේ වෙනසක් සිදු කිරීම වෙනුවෙන් අරගලයක් කිරීම පිණිස මෙය කාලය නොවේ. එනම්, සිස්ටම් එක වෙනස් කිරීම පිණිස මෙය කාලය නොවන්නේය. ඊට හේතු දෙකක් සාධාරණ ලෙස මම දකිමි. එකක්, සිස්ටම් එකට අවශ්‍යව ඇත්තේ, විප්ලවීය වෙනසක් හෝ ආදේශකයක් නොව, යම් සංශෝදන කිහිපයක් පමණි. එම සංශෝදන කිහිපය කිරීම වෙනුවෙන් කැප වීම වඩා සාර්ථක සිස්ටම් එකක් වෙනුවෙන් සිහින දකිනා අයගේ වගකීම විය යුත්තේය. ඒ වෙනුවෙන් ඔවුන් විසින් අරගලයක් කළ යුතුව ඇති බව පමණක් පිළිගනිමි. යම් තැනක වරදක් හෝ අඩුපාඩුවක් දකින්නේ නම්, එතැන වෙනස් කිරීම පිණිස වැඩි වෙහෙසක් දරනු මිස - සිස්ටම් එක සම්පූර්ණයෙන් රිප්ලෙස් කිරීමක් වෙනුවෙන් ප්‍රයත්න දැරීම නුවණක්කාර නොවන්නේය.

අනෙක් පැත්තෙන් සලකා බැලීමේදී, පවත්නා ක්‍රමයක් වෙනස් කරමින් ආදේශ කළ යුත්තේ හෝ රිප්ලේස් කළ යුතුව ඇත්තේ - පවත්නා සිස්ටම් එකට වඩා යෝග්‍ය හෝ ‘මාර‘ එකකි. එවැනි සිස්ටම් එකක් අද වන විට විකල්පයක් ලෙස නොවීම අද වන විට මුහුණ පා ඇති ප්‍රබලම ගැටළුවයි. පවත්නා ක්‍රමය වෙනස් කරමින් ආදේශ කළ හැකි - සියලු ක්ෂේස්ත්‍රයන්ගෙන් අනූන සිස්ටම් එකක් රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස සතු නොවන්නේය. ඊටත් වඩා - සිස්ටම් එකේ වෙනසක් පිළිබද දැඩිව කතා කරන ජ.වි.පෙ. සතුව කිසිසේත්ම එවැන්නක් තිබෙන බවක් නොදකිමි. “එන එන හැටියට ගහ උළුවස්සා“ න්‍යාය දේශපාලනික වශයෙන් ගැලපෙන ආදේශකයක් නොවන්නේය. ආදේශකයන් ලෙස හදුනාගත හැකි ක්‍රම දෙක තුළම ඇත්තේ එවැනි විසදුම් පමණි. එහෙයින්, රෙජීමය වෙනස් කරමින් ආදේශ කිරීමට තරම් දියුණු තත්ත්වයක් ඔවුන් සතු නොවන්නේ යැයි කියමි.

පවත්නා ආර්ථික ක්‍රමය හෝ මුල්‍ය පාලනය වෙනුවෙන් එ.ජා.ප.ය හෝ ජ.වි.පෙ. විසින් යෝජනා කර සිටින - රටකට ප්‍රායෝගිකව යෝග්‍ය වන ආර්ථික ප්‍රතිපත්තිය කවරක් ද. අධ්‍යාපන - සෞඛ්‍යය හෝ කෘෂිකාර්මික එසේත් නැතිනම් සංස්කෘතික ප්‍රතිපත්තිය කවරක්ද. එසේ එකිනෙක පිළිවෙළින් යෝජනා කිරීමට තරම් විකල්පයක් අද වන විට ඔවුන් සතු වන්නේ නොවේ යැයි හැගේ.

එහෙයින්, අවසන ලියමි. සිස්ටම් එක වෙනස් කිරීම හෝ රෙජීමය වෙනස් කිරීම වෙනුවට කළ යුතුව ඇත්තේ - යම් සාර්ථක ස්වභාවෙන් ගමන් ගන්නා මෙම රෙජීමයේ දිශානතිය යහපත් අතට හැරවීම හෝ වඩාත් යහපත් අතට හැරවීම පිණිස දායකත්වය ලබා දීමයි. මගී ප්‍රවාහන දුම්රියක් වෙනුවට - බට්ටා වෑන් එකක් ආදේශ කිරීම උචිත නොවන්නේය. අඩුම තරමේ - දොර දෙකේ බසයක් හෝ නොවටින්නේය. කළ යුතුව ඇත්තේ, දුම්රිය පීල්ලේ දාවනයට අදාල තම තම නැණ පමණ සහාය දුම්රිය වෙත ලබා දීමයි. වඩා හොද ප්‍රවාහන සේවයක් වෙනුවෙන් යැයි කියමින් - දුම්රිය පීලි පන්නවා - ඒ වෙනුවෙන් බට්ටා වෑන් හෝ ලොරි බාග යෙදවීම මගින් සිස්ටම් එක තවත් අවුල් සහගත තත්ත්වයකට ගෙන යනවා මිස - වඩා යහපත් දිශාවකට යොමු කළ නොහැක්කේය. කළ යුතුව ඇත්තේ - සිස්ටම් එක රී-බිල්ඩ් කිරීමට හෝ රෙපයාර් කිරීමට තම ඥානයන් හා නුවණ යෙදවීමයි. තවද කියමි. ලොරියක ගමන් බලය මදි වන විට - ආදේශ කළ යුතුව ඇත්තේ වැඩි බලයකින් යුතු ලොරි එන්ජිමක් මිස - බයිසිකල් හෝ අත් ට්‍රැක්ටර් එන්ජිමක් නොවේ.

හේතු පාඨය අවසන්


මේ වෙනුවෙන් සංවාද කිරීම පිණිස ඔබට ආරාධනා කරමි.

9 comments:

Anonymous said...

pissuda oooi thamuseta??? thamusela iganaganna awith ammala thathala amaruwen hoyana salli wiyadan kara kara maha loku wadakarayo wage kiayawanawane :D e minissu thamusela karana wada,allana bucket dakkanam waha kai..
Me wage padi katha kiyawanna thamuse monawada karala thiyenne? thamuse nikamekne. nadda ???? mata ubath ekka paugalika tharahak na. eth okkotoma kalin thamuse yamak karala/thakata gihin innawa. thama karagatta deyak nane,neda?? :D
Yam thanakata thamuse giyoth anna edata mewa kiyawana un thamuseta garu karavi,kiyana ewa ahawi. Eth mathaka thiya gannawa ethakan uba NIKAMEK. thats the thruth...

Thela | තෙලා said...

Oya mahaththayage email eka denawanam mata puluwan mage sudusukam tika thiyana CV ekak ewanna. Hithanna epa hemoma thaman wage kiyala. Yakaata bayay nam Sohone gewal hadanne ne halo. Mage Sudusukam tika mama ewannam,Mama inna thena / Karapu Dewal / Karana Dewal / Etc... e-mail eka denna.

"Thuwakkuwa athata gaththe - Wedi thiyanna danna nisaa saha Licence thiyana nisaa"

Saman Wickramarachchi said...

1. kondak nethi napunsakayo hengi hengi coment karanawa. puluwannam nam gam ekka coment karapallako balanna.
liyana eka mokaa unaama apita moko. tho kanna adinna denawada? mokek hari kamak ne liyana dekin jeewitheta deyak aragena oya pana nethi wela thiyana konda kelin karaganin.

2. hengila coment dana napunsakaya; umbata kiyaweema gena tikak igena ganna wei.

3. thenakata yanawa kiyala umba adahas karanne umba wage ponnayek wena ekada

Hashker Shaheen said...

අදහස් දක්වපු මහත්මයාට ලියමි.

ඔබ තුමා මේ වේදනාවෙන් කෙදිරි ගහන්නේ මුට්ටි අල්ල ජිවත් වන සම්ප්‍රදාය මත කියලා අපිට පැහැදිලියි. අපේ රටේ ඉන්න සම-හරක්
මේ වැඩ කොරන්නේ ඉන්න තැන පිරිසිදු කරනවා වෙනුවට ඒක උඩ තප්පුල පුල පිරිසිදු කරන්න එන එකාගේ ඇගට ගොම ටික download
කිරීමයි..

මල්ලිගේ ප්‍රශ්න ත උත්තර මම දෙන්නම්.


qualifications:

LL. B Sri Lanka - OUSL
B.Sc. (Hons) IT - SLIIT
A/L - St. Sylvesters College- Kandy



Career:

PRESENTER / PRODUCER (POLITICAL & RELIGIOUS AFFAIRS)
Youth Raidio - VIS Broadcasting Corporation

Sath Fm - Presenter/Producer - NEWS & PROGRAMMING

neth fm - Executive - Current Affairs

Campaign Consulatant - Lankapura Pradeshiya Sabha (UPFA)

දැන් උත්තර දීපන්.. නිකමා තෙලාද නැත්තන් උඹද?
ගෙම්බෝ.. උබ අඩිය තිබ්බේ න්‍යෂ්ටික බිම බෝම්බයක් උඩ... දැන් ගනින් කෝ කැකුල.... (sorry කකුල...)

(දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ නියෝ නියෝ හිටුකෝ....)

RKD said...

පළමු අදහස දැක්වු නපුංසකයා වෙත,
ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයන්..අනුන්ට කඩේ යන උබල වගේ පුහු මිනිස්සුන්ට මිනිහෙක් ඇත්ත කියද්දි දරා ගන්න බැහැ..ඒකයි ඔය උඩුබුරලන්නෙ..පිස්සෙක් වගේ අනුන්ට අපහාස කරන්න කලින් ඒ මනුස්සයා ගැන හොයල බලපන්

තෙලා කවුද? තෙලාගේ සමාජ කියවීම කොච්චරද? කියලා උබ දන්නේ නැති වුනාට අපි දන්නවා..Hashker මහත්තයා කිව්ව වගේ උබ කකුල තිබ්බේ න්‍යෂ්ටික බිම් බෝම්බයක් උඩ..තෙලා අපි එදත්,අදත්,හෙටත් උබ සමගයි.. ඔහොම යන්....

Thela | තෙලා said...

අවසන ලියමි - ඇගිල්ල දික් කරල හද පෙන්නුවාම, ඇගිල්ල දිහා බලාගෙන ඉන්න මිනිස්සු හම්බුණ පළවෙනි වතාව මේක නෙවෙයි. අපි කොළඹ ආවෙ හද්දා ගොඩේ ඉදල නිසා, මග දිගටම මේ වගේ විඥානයක් නැති මිනිස්සු ඇති තරම් හම්බෙලා තියනව. ම විසින් වියදම් කරනු ලබන, ම විසින් උපයනු ලැබූ හෝ මගේ අප්පච්චී විසින් හෝ අම්මා විසින් උපයනු ලැබූ සෑම රුපියලකටම මේ වන විට යම් සාධාරණයක් කරමින් ඉන්නව. සමාජ විඥානය ශුන්‍ය වෙච්ච උක්ත අදහස් දක්වන්නාට වඩා වැඩි දෙයක් කරමින් ද සිටිමි. මටත් උඹත් එක්ක පුද්ගලික ප්‍රශ්නයක් නෑ. හැබැයි, උඹේ නොදියුණු මනසත් එක්ක මට ප්‍රශ්නයක් තියනව. ඒ වෙන එකක් නිසා නෙවෙයි සමාජ හැදෑරීමකින් තොරව විකාර දොඩවන උන් සමාජයට හානියක්.

Anonymous said...

goniyath aragenama kade yanna.suba anagathayak

Thela | තෙලා said...

Nariya Midi Kaapu Kathawa kiyawala hitha hada ganna heti igena ganna.

Anonymous said...

ඇතැමුන්ට වගේ ඔයාටත් දේශපාලනය කියන්නේ දාං අදින කොට කතා කරන මාතෘකාවක් වෙලා තියෙන එක ගැන කණගාටුයි. දාං ලෑල්ල වටාත් හර බර දේශපාලන අදහස් තියෙනවා. නමුත් ඒ හැම එකක්ම ඇගට අමාරුවක් නැති, අනුන් කළ යුතු, තමන්ට අදාළ නැති, එහෙමත් නැත්නම් තමන්ට කළ නොහැකි දේවල්. එක්කො තියෙන එකම ඔහේ යන්න ඇරලා කරන පුංචි පුංචි විවේචන. ඔයාත් ඉන්නේ දාං ලෑල්ලක් වටේ. කමෙන්ට්ස් දාන උන්ට ඔයාව කොච්චර වෙනස් කරන්න පුළුවන් වෙලාද කියලා මේ ‍බ්ලොග් එක දිගටම කියවන විට හිතා ගන්න පුළුවන්.