Monday, June 13, 2011

ආතර් සී. ක්ලාක් - බුදුදහම අනාරක්ෂිත කිරීම

ඇති තරම් ‘හුරේ‘ දමමින් අප විසින්, 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය ස්මරණය කරනු ලැබූයෙමු. ම විසින් මෙහිලා, ඇති තරම් ‘හුරේ‘ දැම්මේ යැයි කියා සිටින්නේ, බොහෝ විට සම්බුද්ධත්ව ජයන්තිය ශාස්තෘන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ස්මරණය කිරීමේ විධික්‍රමයකින් ඔබ්බට යමින්, යම් ප්‍රමාණයක සැණකෙළි ස්වභායක් එහි තිබූ හෙයිණි. ඒ බව සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් සිටි වෙසක් සතියේදී ම ම විසින් ලියා මෙහි ප්‍රකාශයට පත් කළෙමි. (මේකද මේ ජයන්තිය? / http://idea365.blogspot.com/2011/05/blog-post_22.html). අදාල සිද්ධීන් හා තත්ත්වයන් තවදුරටත් හදාරමින් මාසයක කාලයක් ගත කළෙමි. යම් ප්‍රමාණයක සමාජ අවධානයට ලක් විය යුතු යැයි කල්පනා කළ සිද්ධීන් හා තත්ත්වයන් කිහිපයක් මේ හරහා කියවා ගැනීමට හැකි විය. එසේම, වැඩි දුර හදාරමින් සිටිය යුතු යැයි කල්පනා කළ හැකි තරමේ සිද්ධීන් හා තත්ත්වයන් කිහිපයක් ද හදුනාගැනීමට හැකි විණි. එහෙයින්, අදාල සිද්ධීන් පිළිබද යම් අවධාරණයක් හා අවධානය ඉලහත්කාරයෙන් හෝ ඩැහැගැනීමක් කළ යුතු යැයි විශ්වාස කරමි.

බුද්ධාගමේ හෝ එ නමින් අරුත් ගැන්විය හැකි වෙනයම් නමකින් හදුන්වනු ලබන, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ධර්මය හා දේ ම විසින් මෙහිලා බුද්ධාගම හෝ බුදුදහම යැයි හදුන්වමි. මන්දයත්, ම විසින් ‘බුද්ධාගම‘ යන පදය යෙදූ විට, බුදුරජාණන් වහන්සේගේ දේශනය ‘ආගමක් නොවන්නේය‘ යන තර්ක මා වෙත ඉදිරිපත් වීමෙන් වලක්වාගැනීම පිණිස එම ආරක්ෂණය කල් තබාම යොදා ගනිමි.

ආතර් සී ක්ලාක් Deep Range නම් පොතෙහි මෙසේ කියයි. “මේ 2050 වසරයි. මේ වන විට දෙවියන් පිළිබද ඉගැන්වෙන සියලු ආගම් අභාවයට ගොස් ඇත. බුදු දහම සමග තරග කළ අනෙක් ආගම් තුලම අසාර්ථක විය. දුබල විය. එහෙයින්, තවදුරටත් මනුෂ්‍ය සිත් සතන් පුබුදුවාලිය හැකි එකම ආගම වන්නේ බුදු දහමයි.“ මෙම ප්‍රකාශය මගින්, බුදුදහමේ පැවැත්ම අසහාය ලෙස අනාගත වාක්‍යයක් මගින් තහවුරු කොට ඇත. එසේම, අනෙක් ආගම් සියල්ලේම පැවැත්ම අභියෝගයට ලක් කොට ඇත. මෙමගින් ආතර් සී. ක්ලාක් විසින් බුදුදහම ආරක්ෂා කරගැනීමේ හා ධර්මය ප්‍රවර්ධනය කිරීමේ බෞද්ධයාගේ උනන්දුව හීන කරනු ලැබ ඇති බවටත්, අනෙක් ආගම් වල රක්ෂණය තහවුරු කර ගැනීම වෙනුවෙන් වන උනන්දුව වැඩි වර්ධනය කොට ඇති බවටත් මා චෝදනා කරමි. මා එසේ කියා සිටීමට කරුණු කිහිපයක් කරණ කොට ගනිමි.

යම් දෙයක පැවැත්ම තහවුරු බව විශ්වාස කළ හැකි පුද්ගලයෙක් විසින් කියා සිටීමේදී, අදාල පද්ධතියේ පැවැත්ම තහවුරු කර ගැනීමට හෝ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙතෙක් දක්වමින් සිටින උනන්දුව හා අරගලය ‘අත්හැර දැමීමකට ලක් කිරීමට හෝ අලස කිරීමකට‘ ලක් වෙයි. ස්වභාවයෙන්ම ආරක්ෂා වන්නේ නම්, අදාල පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යොදන ‘අමුතු ආයාසය‘ අවශ්‍යය නොවන්නේය යන හැගීම අදාල අරගලයේ යෙදෙන්නන්ගේ මනස තුළ වර්ධනය වෙයි. කාන්තාරයක ගමන් කරමින් සිටින විටදී, ජලය සොයා ගැනීම පිණිස තණ පදුරක් ඇති තැනක් කණිමින් අප්‍රමාණ වෙහෙසක් දැරූ සාහිත්‍ය කථාවක් අසා ඇත්තෙමු. නමුත්, යම් හෙයකින් ‘බිම හාරන්න එපා - ඉස්සරහ දිය පාරක් තියනව‘ වැනි පෙර නිමිත්තක් යමක් විශ්වාස කළ හැකි තරමේ කවුරුන් හෝ විසින් කියා සිටියේ නම් නියත වශයෙන්ම බිම හෑරීමේ උත්සාහය අතහැර දැමීමට ස්වභාවයෙන්ම පෙළඹේ. ආතර් සී. ක්ලාක් විසින් බුදු දහම පිළිබද ලබා දෙන ඉගියත් මෙවැනි එකකි. බුදු දහම රක්ෂණය කිරීමේ හෝ වැඩි වර්ධනය කිරීමේ ආයාස උත්සාහයක් අවශ්‍යය නොවන බවත්, 2050 වන විට අනෙක් ආගම් සියල්ල ‘හැදි ගෑවී ගොස්‘ බුදු දහම පමණක් ඉතිරි වන බව ඔහු විසින් කියා සිටියි. එහෙයින්, බුදු දහමේ රක්ෂණය වෙනුවෙන් හා වැඩි වර්ධනය වෙනුවෙන් කරනු ලබන ආයාස ප්‍රයත්නයන් අලස කරනු ලැබීමෙන් පසු, ‘ඉබේ රැකෙන තුරු බලා සිටීම‘ දක්වා වන තත්ත්වයකට බෞද්ධ සමාජය සාවද්‍ය පෙළඹවීමක් කරනු ලබයි. දැන් යළි පෙර නිදර්ශන කථාවේ දිගුව අප විසින් ඇත්ත වශයෙන්ම සිදු විය හැකි තත්ත්වයන් දෙකක් කෙරෙහි අවධානය යොමු කරමු. එක්කෝ, ඇත්ත වශයෙන්ම දිය පාරක් මුණ ගැසීමට ඉඩක් ඇත. එය එසේ වුවහොත්, ගැටළුවක් නොවේ. නමුත්, යම් හෙයකින් ඇත්ත වශයෙන්ම ඔය කියන වර්ගයේ දිය පාරක් මුණ නොගැසුණහොත් එවිට සිදු වන්නේ කුමක් ද. ගැල, කණ්ඩායම් වශයෙන් දැඩි පිපාසයකින් මිය යන්නට පවා ඉඩ ඇත.

එහෙයින්, ආතර් සී. ක්ලාක්ගේ ප්‍රකාශනය ද අන්ත දෙකකින් කියවා ගත යුතු වෙයි. ඇත්ත වශයෙන්ම සෙසු ආගම් සියල්ල හැදි ගෑවී ගොසින් බුදුදහම පමණක් ශේෂ වී විරාජමානව වැඩබෙන තත්ත්වයක් උදා වෙන්නටද බැරි නැත. නමුත්, වීමේ වැඩි හැකියාවක් ඇත්තේ එසේ නොවීමටය. ආතර් සී. ක්ලාක්ගේ මෙම ප්‍රකාශය පිළිබද දැඩි විශ්වාසය තබා, සියලු ආයාස ප්‍රයත්නයන් අත්හැර දමා සිටියදී - බුදු දහමේපැවැත්ම ඇත්ත වශයෙන්ම අභියෝගයට ලක්වන තත්ත්වයක් උදා වුවහොත් එවිට යම් පිළියමක් ගැනීමට හැකි ද. අනෙක් කාරණය නම්, යම් පද්ධතියක පැවැත්ම එක් වරම කඩා වැටීමට වඩා වැඩි විය හැකියාවක් ඇත්තේ ක්‍රමයෙන් ඇද වැටීමටය. අද වන විට ආතර් සී. ක්ලාක්ගේ ප්‍රකාශය විශ්වාස කොට ආයාස ප්‍රයත්නයන් අත්හැරියහොත්, බුදු දහම නැමති පද්ධතියේ පැවැත්ම අරාජික වන්නේ ක්‍රමයෙනි. එහෙයින්, කඩා වැටීම හෝ බිද වැටීම නිරීක්ෂණය කිරීමට නොහැකි තරමින්ම නොදැනුවත්වම කඩා වැටෙනු ඇත. ඒ බව හදුනා ගත හැක්කේ පවා බොහෝ කාලයකට පසුවයි. අඩුම තරමින් - මින් වසර විස්සක් තරම් කාලයේදී බුදු දහමේ පැවැත්ම බිද වැටෙමින් තිබෙන බව හදුනා ගැනීමට සිදු වුවහොත් එය ද අදාල තත්ත්වයෙන් බුදු දහම හා එහි හරයන් ආරක්ෂා කර ගැනීමට කල් ගත වූවා වැඩි විය හැක.

මෙහිදී, කියවා ගත යුතු තවත් දෙයක් ඇත. එනම්, බුදු දහම හැර සෙසු සියලු ආගම් හැදි ගෑවී යන්නේ යැයි ‘අනාගත වාක්‍යකරුවෙක්‘ විසින් (ආතර් සී. ක්ලාක්) කියා සිටින විටකදී, තම ආගම හැදි ගෑවී යන තෙක් සෙස්සෝ මුඛ-අයාගෙන බලා සිටින්නේ දැයි යන ප්‍රශ්නයයි. එය එසේ වන බවක් දක්නට පවා නැත. තම ආගම අනාගතයේදී යම් අභියෝගයකට ලක් වන්නේ යැයි යමෙක් කියා සිටින විටකදී, අදාල ආගම හින්දු-ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් වේවා මේ සියලුම ආගමික භක්තිකයින් විසින් සිය ආගම රක්ෂණය කරගැනීමේ හා වැඩි වර්ධනය කිරීමේ යම් අතිරේක ආයාස ප්‍රයත්නයක් දරනවා නිසැකය. එහෙයින්, අන්කවරදාටත් වඩා, වැඩි උනන්දුවකින් හා අයාසයකින් ස්වකීය ආගම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් පෙළ ගැසෙනු ඇත. එසේම, මෙවන් තත්ත්වයකද සිය ප්‍රධාන අභියෝගය කොට ගනු ලබන්නේ, තම පැවැත්ම හැදි ගෑවී යන විට පැවැත්ම තහවුරු වීම නිශ්චිත බව අනාවැකි පලකොට ඇති පද්ධතියයි. එනම්, ආතර් සී. ක්ලාක්ගේ අනාවැකියට අනුව, හිනදු-ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමික ප්‍රවර්ධන ව්‍යාපෘතීන්ගේ ප්‍රධාන අභියෝගය වන්නේ බුදු දහමයි. තම පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස, තමා ශක්තිමත් වන අතරවාරයේදී තමාට අභියෝගයක් වන අනෙකා විනාශ කර දැමීමට කටයුතු කිරීම ස්වභාවික සංසිද්ධියකි. එහෙයින්, බුදු දහමේ පැවැත්ම අභියෝගයට ලක් විය හැකි වපසරිය හා තත්ත්වයන් ඉතා විශාලය. එමෙන්ම, පද්ධතීන්ගේ පුද්ගල-මුදල් හා සෙසු භෞතික සාධක ශක්තීන් අතර ප්‍රබලය.

දැන් අප විසින් කියවා ගත යුතුව ඇත්තේ, ආතර් සී. ක්ලාක් යන චරිතය හා ඔහුගේ කියමන් සමාජ වටිනාකමක් ලැබීම දක්වා වැඩි වර්ධනය වූයේ කෙසේ ද යන්නයි. මුල් කාලයේදී චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් කළ අනාවැකියක ප්‍රතිඵලයක් ලෙස, ආතර් සී. ක්ලාක් විද්‍යාත්මක පදනමක් සහිත පොරක් විය. එහෙයින්, ඔහුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් හා ඔහු සම්බන්ධයෙන් යම් සමාජ-විද්‍යාත්මක වටිනාකමක් ඔහුට හිමි වන්නට පටන් ගත්තේය. ආතර් සී. ක්ලාක් විසින් උක්ත අනාවැකිය කියා සිටින්නේ පූර්ණ වූ විද්‍යාත්මක පදනමක් ඇතිවය. එහෙයින්, අදාල අනාවැකිය ගණනය වන්නේ කුමන වර්ගයටදැයි කෙරෙන ප්‍රශ්න කිරීමකදී විද්‍යාත්මක පදනමකින් යුක්ත එකක්ය යන පිළිතුර නොපිරිහෙළා දිය හැක. නමුත්, බුදු දහමේ පැවැත්ම හා සෙසු ආගම්වල නො පවැත්ම කියා සිටීමේ පදනම කුමන කැටගරියේ එකක් ද. එය විද්‍යාත්මක පදනමක් සහිත එකක් බව ඔප්පු කිරීමට හෝ කියවා තේරුම්ගැනීමට තරම් සාධක සිට ප්‍රකාශය තුළ වැඩි දුරටත් පැහැදිළි නොවෙයි. එසේනම්, ඔහු අනාගත වාක්‍යය කිව හැකි තරම් දියුණු මානසික ශක්තියකින් යුක්ත වූයේ ද. දැනට යම් ප්‍රමාණයක හෝ සාධාරණ සිතීමකට ඉඩ ඇත්තේ එම නිශ්චය කිරීම පමණයි.

අනෙක් අතට, ආතර් සී. ක්ලාක් යනු විකිණීම පිණිස විද්‍යා ප්‍රබන්ධ ලියූ කතා රචකයෙකි. ඔහුගේ එම ලේඛණ කැටගරිය විසින් කරුණු දෙකක් කියා සිටියි. එකක් නම්, විද්‍යාව පිළිබද කතාවයි. අනෙක ප්‍රබන්ධ පිළිබද කතාවයි. මේ කැටගරික ලිහා ගත යුතුව ඇත. ප්‍රබන්ධ (fiction) යනු, ගොතන ලද කතා යන්නට සම අරුත් දෙන්නකි. (වචනය පැහැදිළි කරගැනීම පිණිස ශබ්දකෝෂයක් හෝ වෙනයමක් පරිහරණය කරන්න). එහෙයින්, ආතර් සී. ක්ලාක් විසින් කියා සිටින කතා පදනමක් සහිත වීමේ තත්ත්වයක් ඇති වීමට වඩා වැඩි හැකියාවක් ඇත්තේ එසේ පදනමක් නොමැති වීමටයි. ප්‍රබන්ධ රචනයේදී ‘ඇත්ත‘ ලිවිය යුතු නොවේ. හිතලූ හෝ ගොතන ලද රස කතා ලිවීමට රචකයාට අයිතියක් හා නිදහසක් ඇත. ඒවා, යම් පදනමක සිට අභියෝගයට ලක් කළ නොහැක. නිදසුනක් ලෙස, ‘2012‘ චිත්‍රපටියේ කතා දාරයට අනුව 2012 වසරේ අගභාගය වන විට ලෝක විනාශය සිදු වෙයි. එය අදාල චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ කතා රචකයාගේ ප්‍රබන්ධයකි. ඇත්ත වශයෙන්ම, 2012 දී එවැනි සත්‍ය සිදුවීමක් සිදු නොවී, 2013 ද උදා උවහොත්, ‘බොරු කාරයෙක්ය‘ යන චෝදනාව පිට රෝලන්ඩ් එම්රිච් එල්ලා මැරීම හෝ හිස ගසා දැමීම හෝ සිදු කළ නොහැක. එය ඔහු විසින් ගොතන ලද කතාවකි. එහෙයින්, ආතර් සී. ක්ලාක් ද එවැනි ප්‍රබන්ධකරුවෙකි. එසේම, පොත් අලෙවි කිරීම පිණිස යම් යම් වෙළද උපක්‍රම හා අන්තර්ගතයන් භාවිත කළා නොවිය නොහැක. එහෙයින්, ආතර් සී. ක්ලාක්ගේ ප්‍රකාශය දේශීය හෝ ඉන් පිටත ධර්ම දේශනාවක් සදහා හෝ ආගමික ව්‍යාපෘතියක දිශානතිය තීරණය කිරීමේ නිර්ණායකයක් කර ගැනීම ඉතා නොහොබිනා ක්‍රියාවක්ය. නමුත්, අදවන විට බුදුදහම ප්‍රචාරය කිරීමේ හා දේශනා කිරීමේ ‘දහම විද්‍යානුකූලව දෙසන හිමිවරුන්ගේ‘ ආශ්‍රිත ග්‍රන්ථයක් බවට ආතර් සී. ක්ලාක්ගේ Deep Range පොත පත්ව ඇත. ඇතැම් හිමි වරුන් හා බණ කියන ගිහියන් විසින් Deep Rangeහි ක්ලාක් විසින් කියා සිටින දේ, අනිවාර්යයෙන්ම සිදු වන්නක් බවට පත්කොටගෙ ඒ මත පිහිටා සිය දේශනා මෙහෙයවනු දක්නට ලැබේ.

අවමව ලියමි. ආතර් සී. ක්ලාක් විසින් වසර 2050 දී බුදුදහමට නියත පැවැත්මක් ඇතැයි යන අනාවැකිය මගින්, බුදුදහමේ පෝෂණය හා රක්ෂණය වෙනුවෙන් වූ ආයාස ප්‍රයත්නයක් බිද හෙලීය. එහෙයින්, දැන් 2050 වන විට උදා වීමේ වැඩි යි හැකියාවක් ඇත්තේ, සෙස්සන් හැදි ගෑවී ගිය ලෝකයක් තුළ බෞද්ධයා පමණක් සිටින තත්ත්වයක් නොව, අද පටන්ම සෙස්සන්ගේ අභියෝගයට ලක් වූ බුදුදහමකි. එහෙයින්, බුදුදහම රැකගැනීමට යම් අවශ්‍යතාවක් වෙත්නම් ඒ වෙනුවෙන්, ප්‍රබන්ධකරුවන්ගේ ප්‍රබන්ධමත විශ්වාසය නොතබා, වහ වහාම යමක් කළ යුතුව ඇත. එසේ කරනු ලබන දේ සැණකෙළිමය වශයෙන් දෙන මානසික අල්ලසක් පමණක් නොව යම් අධ්‍යාත්මික සංවර්ධයත් ඉලක්ක වන්නේ නම් අගනේය.


5 Click Here to Comment:

Anonymous said...

He didn’t say that with any personal love for admiration to the Buddhism. Just like other great science fiction writers in his age, he also not a big fan on Buddhism or any other religion, but understood what religion and how it effects the society. That’s what C. Clarke do, he write about how deferent things effect the human society, even if they are good or bad.

“The greatest tragedy in mankind's entire history may be the hijacking of morality by religion.” Arthur C. Clarke

Anonymous said...

uba godak dewal dannawa ati.et hemadema dannawa kiyala hitanna epa bn.

Thela | තෙලා said...

ගොඩක් දේවල් නොදන්න බව මම හොදටම දන්නව සහෝ.

Anonymous said...

arthar c clark kisima aagamak pilibada mehema kiyala na.. eka patta pal boruwak,, ada godak aya arthr c clark ge nama wikunagana budhdhagama gana katha karanawa.. eth eka eyage prabandhayak pamanayi.. eya saba lokaye eeta wada godak wenas chinthakayek...

basura eranga said...

ප්‍රශ්නය මේකයි...මොකටද බුදු දහම ආරක්ශාකරන්නෙ?