Saturday, June 11, 2011

ප්‍රභාකරන්ගේ - කුලය සහ සටන

අද වන විට, ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කලු ජාතික බැරුක් හුසේන් ඔබාමා පත්ව සිටියි. එසේම, ඔහු එසේ ඡන්දයෙන් තේරී පත් වූ පළමු කලු ජාතිකයා ය. ඒ, ඇමරිකානු කලු සමාජය විසින් කරනු ලැබූ දීර්ඝ කාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි. සංවාදයක සිට - මරාගෙන මැරෙන තත්ත්වයක් දක්වා එම අරගල ව්‍යාප්ත විය. එසේම, අද වන විට උතුරු පළාතේ පැවති දැඩි කුල භේදය හෝ කුල වාදය අභිබවමින් ගොස් තිබේ. නමුත්, ඇමරිකානු කලු අරගලයට වඩා උතුරේ මෙම කුල අරගලය වෙනස් වෙයි. එනම්, උතුරේ කුල භේදය හෝ කුල වාදය උතුරු සමාජයෙන් විනාශ වන්නේ හෝ සුන්නද්ධූලි වන්නේ කල්ලන් විසින් කලු බවින් මිදීමට කළ අරගලය වැනි කුල ක්‍රමයට එරෙහිව කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස නොවේ. එය සිදු වූයේ වෙනත් අරගලයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ අතුරු ආබාධයක් ලෙසයි. උතුරේ කුල අරගලය හා කලු ඇමරිකානුවාගේ කලු අරගලය යන දෙක එකට කියවා යම් හැදෑරීමක් කළ යුතු යැයි සිතමි. එහෙයින්, යම් ප්‍රමාණයක න්‍යායික හා ප්‍රායෝගික සිද්ධිමය කියවීමක් හරහා මේ කුල හා කලු අරගලය එකට කියවාගැනීමට උත්සාහයක් ගනිමි.

1950 වන විට උතුරේ කුල ක්‍රමය හා ඇමරිකාවේ කලු සමාජ ක්‍රමය යන දෙකම දැඩි පීඩිත තත්ත්වයකට පත්ව තිබිණි. 1950 ගණන් වල දී උතුරේ 18%ක් හෝ 20%ක් තරම් වන පිරිස දෙමළ කුල ක්‍රමයේ උසස්කුල වලට අයත් නොවූයේ විය එහෙයින්, ඔවුහු “පංචමය කුල“ ලෙස හැදින්වූහ. නලවර් නම් රා මදින්නන්, පල්ලව නම් වූ කම්කරු පිරිසත්, වන්නර් නම් වූ රෙදි අපුල්ලන්නන්, අම්බැට්ටර් නම් වූ කරණවෑමියන් එහි විය. එසේම, උතුරු සමාජයේ 50%කට වඩා වැඩි පිරිසක් කුලමය වශයෙන් උසස් විභවයකින් යුක්ත පිරිසක් විය. දැන් ඇමරිකානු සමාජය කියවා ගනිමු. ඇමරිකානු සමාජයේද කල්ලන්ගේ ප්‍රමාණය උතුරේ කුලීන වැසියන්ගේ ප්‍රමාණයට වැඩි සමානකමක් දැක්වීය. එහෙයින්ම ඇමරිකාව තුල සුද්දන්ගේ ප්‍රමාණය 70%ක් තරම් විය. සුද්දන් යනු, හම සුදු වීම හෝ සුදුමය පරම්පරාවෙන් පැවත එන පිරිස්ය.

පංචමය කුල වල පිරිස් සදහා, පිරිමි සහ ගැහැණු කිසිවෙක්ට උඩුකය වැසෙන සේ ඇදුම් ඇදිය නොහැක. තේ කඩයකටවත් ඇතුලුවීමට අවසරයක් නොවීය. පොදු ලිදක් හෝ පොදු භූමියක් භාවිත කළ නොහැක්කේ විය. බසයක ගමන් කිරීමේදී අසුන් ගැනීමට හැකියාවක් නැත. එහෙයින්, පංචමය කුල වල මිනිසුන් බසයේ ගමන් කිරීම වෙනුවට පා-පැදි සිය ගමන් සගයා කොට ගත්තේය. ඔවුන්ගේ දරුවන් පාසල් බගෙන ගැනීමේදී දැඩි අසාධාරණයන්ට ලක් වීමට සිදු විය. දැන් යළිත්, මේ සමග ඇමරිකානු සිද්ධිය කියවමු. ඇමරිකාවේ වර්ණභේදය දැඩිව පැවතිණි. සුදු මිනිසුන්ට වැඩි අවස්ථාවක් ලබා දී තිබිණි. කල්ලන් සැලකුවේ සුද්දන් වූ පළමු පංතියේ නොවන දෙවෙනි පංතියට අයත් වූහ. අඩුම තරමින් පොදු ප්‍රවාහනයක අසුනක්වත් හිමි නොවීය. එහෙයින්, කාලයක කල්ලන් ප්‍රවාහන සේවාවන් වර්ජනය කොට පා-පැදි හා දෙපා සිය ගමන් සගයා බවට පත් කොට ගත්තතේය.
උතුර තුළ කුල ක්‍රමය නොවන අරගලයක් වෙනුවෙන්, වේලුපිල්ලේ ප්‍රභාකරන් සන්නද්ධ විය. නමුත්, ඇමරිකාව තුළ ප්‍රභාකරන්ට යම් කාලයකට පෙර කණිෂ්ඨ මාර්ටිං ලූතර් කිං සන්නද්ධ විය. මාර්ටිං ලූතර් කිං විසින් සිය ජනයා වෙනුවෙන් පෙනී සිටියේ, කල්ලන් වෙනුවෙන් කෙරෙන පෙනී සිටීමක් ලෙසයි. මාර්ටිං ලූතර් කිං කල්ලෙකි. පංචමය කුලයක් නියෝජනය කළ ද ප්‍රභාකරන් විසින් සිය සටන තුළ පෙනී සිටියේ කුල ක්‍රමයේ යම් පෙරළියක් වෙනුවෙන් නොවේ. ඔහු විසින් සිය සීමාව පැහැදිළිව හදුනා නොගෙන පොදු සමස්ථ සමාජය වෙනුවෙන් අරගලයක් පිලියෙළ කරයි. ප්‍රභාකරන් කළ යුතුව තිබුණේ පළමුව, පොදු දෙමළ සමාජය වෙනුවෙන් දෙමළා නොවන අනෙකා සමග අරගලයක් කිරිම නොව. පළමුව ඔහු කළ යුතුව තිබුණේ, දෙමළ සමාජයේ බහුතරය සිටින යාපනය හෝ උතුරු පළාතේ තත්ත්ව දෙකකින් යුත් කුල මට්ටම් යම් ප්‍රමාණයක සමයීතාවයක් ඇති කිරීමයි. දෙවනුව, සහයෝගයකින් යුත් පොදු දෙමළ සමාජය සමග එක්ව, දෙමළා නොවන අනෙකා සමග සටන් කිරීමට ඉදිරිපත් වීමයි. මා එසේ කියනු ලබන්නේ, මාර්ටිං ලූතර් කිං විසින් ඒ ස්ථර තත්ත්වයන් හදුනා ගෙන සිටියේය. පළමුව, මාර්ටිං ලූතර් කිං විසින් සිය කුලය හෝ භේදය වූ කල්ලන් වෙනුවෙන් අරගලයක් දියත් කරමින් එහි ජයග්‍රහණයේ දිශානතිය පැහැදිලිව නිර්මාණය කළේය. දෙවැනි පියවර ක්‍රියාත්මක කිරීම නම්, කල්ලා-පොදු ඇමරිකානු සමාජයේ තත්ත්වයට පත් කොට ඇමරිකානුවා සමග එක්ව කල්ලා ලෝකය තුල ‘පොරක්‘ කිරීම ලූතර් විසිං ඇමරිකානු අනාගතයට ඉතිරි කළේය. අද වන විට, බැරුක් හුසේන් ඔබාමා කල්ලෙක් ලෙස ඇමරිකානු සමස්ථ සමාජය හා එක්ව ලෝකය දිනා ගනු ලැබ ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ප්‍රභාකරන් විසින් එකම ස්ථරයක් ලෙස හදුනාගෙන තිබූ එකිනෙකින් වෙන් වූ අරගල දෙක මාර්ටිං ලූතර් කිං විසින් පැහැදිලි ස්ථර දෙකක් ලෙස හදුනාගෙන සිටියේය. මාර්ටිං ලූතර් කිං අද වන විට දිනුමක් අත්කරගත් මිනිසෙක් වීමටත්, ප්‍රභාකරන් අසමත් මිනිසෙක් වීමටත් හේතුව එයයි.

දැන් ඔබ විසින් මා ප්‍රශ්න කරනු ලැබිය හැකි පුළුල් දෙයක්, අදාල ප්‍රශ්න කිරීමට පෙරාතුව පිළිතුරක් ලෙස ඉදිරිපත් කළ යුතුව ඇත. ප්‍රභාකරන්ගේ සමස්ථ සටන තුළ සියලු කුල නියෝජනය නොවූයේ යැයි ම විසින් දැඩිව කියා සිටින්නේ කුමන පදනමක් තුළ පිහිටා ද. වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ද දෙමළ සමාජයේ දෙවෙනි පෙළ කුලයක් වූ කරයියර් නම් ධීවර කුලයේ කෙනෙකි. සිංහල සමාජයේ කරාව නමින් හැදින්වෙන්නේ ප්‍රභාකරන්ගේ කුලයේ ප්‍රතිවර්ථනයයි. ප්‍රභාකරන් පමණක් නොව, සංවිධානයේ ප්‍රමුඛයින් අතරින් දෙමළ සමාජයේ ඉහළ කුලයක් වූ වෙල්ලාල (ගොවිගම) කුලයට අයත් වූයේ උමා මහේශ්වරන් පමණි. අනෙක් සියලු නායකයින් පංචම හෝ පහත් කුල වල අය වූහ. පසු කළෙක, සංවිධානයේ සන්නද්ධ අරගලයේ වැදගත්ම අවධිය වන විට ඉහළ කුල වලට අයත් වූ බොහෝ දෙනා ප්‍රභාකරන්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් සිවිල් මිනිසුන් ලෙස උතුරු පළාත හැර ගියේය. ඒ සදහා ද සාක්ෂියක් ඇත. වලිකාමම් උතුරු ප්‍රෙද්ශයේ අවතුන් කදවුරු හතරක් ඇත. ඉන් තුනකදීම මුණ ගැසෙන සමස්ථය වන 100%ක්ම පංචිම කුලයක් වූ ජනයා නලවර් (දුරාවෙ) කුලයට අයත් වූවන්ය. කුලීන බව නිසාම ඇති වූ මුදල් හා ආර්ථික තත්ත්වයන්ගේ දුර්වල බව විසින් මොවුන් වසර ගණනක් අවතැන් කරනු ලැබ ඇත. මාර්ටිං ලූතර් කිං යනු කල්ලන් සියලු දෙනා පිලිගත් නායකයෙකි. කුල ක්‍රමයක් තුළ නොවූව ද, කිංගේ අධ්‍යාපනය, තර්කනය හා ජවය විසින් මිනිසුන් ඔහු පිළිගත්තේය. නමුත්, සම්ස්ථ කලු සමාජය කිං සිය නායකයා ලෙස තෝරාගත් ප්‍රමාණයෙන් දෙමළ සමාජය විසින් ප්‍රභාකරන් සිය නායකයා ලෙස පිළි නොගත්තේය.

දැන් අප මාර්ටිං ලූතර් කිං හා වේලුපිල්ලේ ප්‍රභාකරන් සාධක අධ්‍යයනය පිළිබද යම් අදහසක් ගනිමින් සිටි නිසා, කුලය හෝ වර්ණය හෝ කැටගරිවාදය යම් අරගලයක් වෙනුවෙන් කොයිතරම් වැදගත් බවක් දක්වන්නේ දැයි කියවා ගත යුතුය. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝ උප්පත්තියට පෙර කාරණා පහක් පිළිබද සිය අවධානය යොමු කළේය. මව ඉන් එකකි. අනෙක දීපය. දේශය හා කාලය අනෙක් සාධක දෙක වන අතර, මට මෙහිදී මතුකළ යුතු කරඅණ වන්නේ කුලය නැමති පස්වන සාධකයයි. ඒ අනුව, ඔහු විසින් තෝරාගනු ලබන්නේ, ඒ වන විට යුගයේ උසස්තම කුලය වූ ශාක්‍යවංශයයි. එහෙයින්, යම් අරගලයක් වෙනුවෙන් සමාජ කුලය කොයිතරම් වැදගත් වන්නේ දැයි වැටහෙනු ඇතැයි සිතමි.

යම් ප්‍රමාණයක සංශිප්තකරණයක් කළ යුතුව ඇත. මාර්ටිං ලූතර් කිං විසින් සිය අරගලය වෙනුවෙන් අරගලයේ උසස්තම කුලය වන සමස්ථ කල්ලාගේ කුලය තෝරා ගත්තේය. එය ඔහුට තෝරාගත හැකිව පැවති දෙයකි. නායකයා කල්ලා වීම නිසා, කල්ලෝ සියල්ල අරගලයට පණ දීමට පැමිණියේය. කිං විසින් පළමු කුලය ශක්තිමත් කරමින් කුලය ඇමරිකානු පොදු සමාජය තුළ ආරෝපණය කොට පසුව, කුලයේ නියෝජනය ලෝකය තුළ රෝපණය කළේය. කල්ලා අරගලය දින්නනේත් - ඔබාමා ජනාධිපති වන්නේත් කිං විසින් අදියර දෙකක් ලෙස කලු කුල අරගලය දියත් කළ හෙයිනි.

නමුත්, ප්‍රභාකරන් සිය සටන අදියර දෙකකින් නොව, අදියර තුනකින් කළ යුතුව පැවති මිනිසෙකි. ඔහු, සිය පොදු සමාජය වූ දෙමළ සමාජයේමත් කුලීනයෙකි. එහෙයින්, පළමුව සිය කුලීන බව දෙමළ සමාජය තුළින් තුරන් කිරීමේ අරගලයත් - දෙවනුව කුලීන සමාජයන් පවා සමාජගතව එක් වූ දෙමළ සමාජය සමග එක්ව පොදු ලාංකීය සමාජයට එරෙහිවත් අවසානයේ ලෝකයට එරෙහිවත් සිය අරගලය මෙහෙයවිය යුතුව තිබිණි. නමුත් ප්‍රභාකරන් විසින් සමස්ථය අක්වරම ක්‍රියාත්මක කළේය. එහෙයින්, ප්‍සමස්ත ඉලක්කය තුළ ප්‍රරභාකරන් පරාජය විය. නමුත්, අවිඥානික ලෙස ප්‍රභාකරන් යම් දිනුමක් ලැබීය. එනම්, අද වන විට දෙමළ සමාජය තුළ කුලය සාධකයක් වීම යම් මට්ටමකින් මගහැරී ගොස් ඇත. ප්‍රභාකරන් පරාජය වන්නේ, කුලීනයකු වීම හා සිය කුලය හරි හැටි දෙමළ සමාජය තුළ ස්ථානගත නොකරමින් සිටිමින් පොදු අරගලයක් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා බව මවිසින් යෝජනා කරමි.

අවසන ලියමි. ප්‍රභාකරන්ගේ අරගලය ප්‍රභාකරන් මියදීම යන සිද්ධියෙන් අවසන් නොවී තිබේ. අදියර තුනකින් යුත් මහා-අරගලයේ තවත් අවසන් වී ඇත්තේ දෙමළ සමාජය සංස්කරණය කරනු ලැබීම පමණයි. දැන් එය වී තිබේ. සියලුම දෙමළුන් - පොදු දෙමළුන් වී හමාරය. එහි, දෙවැනි හා තුන්වෙනි අදියරයන් ඉතිරිව ඇත. ඇමිරිකාව තුළ තිබූ කලු අරගලය ඔබාමා ජනාධිපති වීමත් සමග නිමා විය. කල්ලන්ට තවත් දිනා ගත යුතු දෙයක් නැත. එහෙයින් සුද්දන්ට නිවී සැනසිල්ලේ නිදා ගත හැක. ප්‍රභාකරන්ගේ වියෝව හෝ අහිමි වීම හරහා පොදු සමාජයට සැනසිල්ලෙන් නිදාගත හැකි තත්ත්වයක් තවමත් උදා වී නැත. දෙමළ ජනයා සතුව, සපුරා ගත යුතුව ඇති විශාලතම ඉලක්ක දෙක තවමත් ශේෂව පවතියි. එක්කෝ, සුසංයෝගී විසදුමක් ලබා දිය යුතුය. නැතිනම්, ඕනෑම වේලාවක ප්‍රති-සටනකට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු වෙයි.

සටන් කරනවාද - විසදුමක් දෙනවාද යන්න දියවන්නාවේ හා අරලිය ගහ මන්දිරයේ වැසියන්ගේ නැණ පමණින් තීරණය වී සමාජගත වනු ඇත. 

No comments: