Thursday, June 9, 2011

බුද්ධිමය සංවාදයකට ඉඩක් තිබේ ද

අද වන විට සියලු දේ දේශපාලනීකරණය වී තිබේ. එසේත් නැතිනම් එසේ වෙමින් තිබේ. සංස්කෘතිය - ආගම - දේශපාලනය - සංවාද - කියැවීම් හා එසේ නොවන සියල්ල ද දේශපාලනික පක්ෂ විසින් ඩැහැගෙන තිබේ. මෙහි ඛේදවාචකය නම් දේශපාලනය පවා දේශපාලනීකරණය වී තිබීසයි. එහෙයින්, සමාජය තුළ අරුතින් හා හරයෙන් ස්වාධීන වූ සංවාදයක් හෝ කතිකාවක් වෙනුවෙන් ඉඩ ඇහිරී ඇතැයි යන හැගීමත්, බුද්ධිමය සංවාදයක දැඩි රික්තයක් ඇතැයි යන හැගීමත් දැඩිව දැනේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධිය හා සංවාදශීලීභාවය යන සියල්ල ද දේශපාලනීකරණය වී තිබේ. සිද්ධි අධ්‍යයනයක් උපේක්ෂාසහගත විචාරයක් හරහා සිදු කරන හෝ සිද්ධියක් සම්බන්ධයෙන් දේශපාලනික තමා සහ දේශපාලනික අනෙකා යන දෙදෙනාගේම කෝණයෙන් කෙරෙන කියැවීමක් සමාජයේ දක්නට නැති වෙමින් තිබේ. එහෙයින්, මුළු මහක් සමාජයේම චින්තනය හා බුද්ධිමය සංවාදවල අනෙකාගේ පැත්තේ නියෝජනය වැසී තිබේ. නැති නම් නිර්ධය විවේචන පමණක් ඉතිරිව තිබේ. සියලු කරණු සම්බන්ධයෙන් සහේතුක විචාරයක් කරනු ලබන දේශපාලනීකරණය නොවූ සමාජ දේශපාලන සමාජ බුද්ධිමය සංවාදයක අවශ්‍යතාවය බරපතල ලෙස දැනෙන යුගයක් ලෙස දැනෙමින් තිබේ.

සිද්ධියක් හෝ න්‍යායක් පිළිබද හැදෑරීම පිණිස යම් සෙවීමක් කරනු ලබන කියවන්නෙකුට හෝ හදාරන්නෙකුට, සිද්ධියේ හෝ න්‍යායේ සමස්ථය යම් ප්‍රමාණයකට හෝ තේරුම්ගැනීම සදහා බුද්ධිමය හෝ චින්තනසය සංවාද නමින් හදුන්වන අතිශය පුද්ගලික ලෙස දේශපාලනික වූ සංවාද කිහිපයකට සහභාගී විය යුතුව ඇත. ඉනිදු, ඒ අවශ්‍යතාවය නො සපිරෙන බව ප්‍රත්‍යක්ෂය. සංවාදයේ වැඩි කොටස හෝ කාලය තමා නොවන අනෙකා විවේචනය කිරීම පිණිස වෙන් වන නිසා, සිද්ධිය හෝ න්‍යාය පිළිබද දීර්ඝ හා නො පැටලුණු අදහසක් ලබා ගැනීම අපහසු කරවයි. ඇත්ත වශයෙන්ම, හැම බුද්ධමය සංවාද ලේබලයකින්ම වැසී ඇති පුද්ගලික ලෙස දේශපාලනීකරණය වූ සංවාද මණ්ඩපයන්ගේ අරමුණ වන්නේ, ‘තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම‘ මිස අනෙකක් නොවේ. එහෙයින්, බුද්ධිමය සංවාදයකට ඉඩක් තිබෙන්නේ - එසේ නම් ඒ කොතැන ද - නැතිනම්, නැති වීමට හේතු කවරක් ද යන්න පිළිබද යම් හැදෑරීමක් කරමින් ඒ වෙනුවෙන් විකල්පයක් යෝජනා කර සිටිය යුතු තත්ත්වයක් උදා වී ඇති යුගයක අවසන් තත්පර කිහිපය අපි ගෙවමින් සිටින්නෙමු.


ස්වාධීන හා නිදහස් බුද්ධිමය සංවාදයක් පිළිබද ඔබේ හැදෑරීම හෝ කියවීම කෙබදු ද?

3 comments:

Rasthi said...

එක් හඬින් එකඟ වෙමි - එය මෙතනින් අරඹමි - ඉතාමත් හොඳ කාලෝචිත මාතෘකාවක්. ඇත්තෙන්ම අද වර්තමාන සමාජය තුල සිටින තරුණයා නැතහොත් තරුණිය හුදු භෞතික සම්පත් මත ලොල්ව මුදල් සහ ධනය මත පදනම් වූ සංකීර්ණ වාණිජමය වූ වටාපිටාවක පොෂ් වෙන්න හදනවා හැරෙන්න, මීලඟ පරම්පරාවේ වගකිව යුතු සාමාජිකයෙකු ලෙස සමාජයේ පවතින ගැටළු, සංස්කෘතිකමය රාමුව තුල කොටුවූ යල්පැනගිය ප්‍රතිපත්ති, ආවේනික ගති පැවතුම් සහ දේශපාලනය යනාදී වශයෙන් වූ පොදු සමාජීය ප්‍රශ්න වලට උත්තර ලබාදීමට උරදෙන බුද්ධිමත් පසුබිමක නැතහොත් අවස්තාවක, සංවාද මණ්ඩපයක් හෝ වේදිකාවක තම අදහස් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් බුද්ධි කලම්බනයක් ඇතිකරගැනීමට මැලිකමක් දක්වන අයුරු පෙනේ. එසේ අදහසක් ඉදිරිපත් කරන්නෙකු දළුලන්නට උත්සහ දරනවිට ඔහුගේ සගයා ඊට පසුබලයක් වෙනවා වෙනුවට ඔහුදෙස උපහාසයෙන් බලා ඔහුව විහිලුවට ලක්කරන තත්වයක්ද පෙනේ. සිතන්න - වැස්සට තෙමුනොත් හෙම්බිරිස්සාව හැදෙයි යයි සිතා ගෙදරට ගුලිවී, බොලිවුඩ් ඕපාදුප සොයමින් කාලකන්නියෙක් වෙනවාද නැතහොත් තෙමිලා ලෙඩ වුනොත් කසායක් බීල ලෙඩ හොඳ කරගන්නවා යන එඩිතර පරමාර්ථයෙන් තෙමි තෙමි හෝ ගමන් අරඹා ජිවත් වුනාට අරුතක් වෙනවාද යන්න ඔබම තීරණය කරන්න.
-රස්ති-

samitha said...

ඔබ විශ්වාස කරන්නා වූ දෙය වෙනුවෙන් පෙනී සිටින්න.......................................3510

Hashker Shaheen said...

අදහස් දක්වපු මහත්මයාට ලියමි.

ඔබ තුමා මේ වේදනාවෙන් කෙදිරි ගහන්නේ මුට්ටි අල්ල ජිවත් වන සම්ප්‍රදාය මත කියලා අපිට පැහැදිලියි. අපේ රටේ ඉන්න සම-හරක්
මේ වැඩ කොරන්නේ ඉන්න තැන පිරිසිදු කරනවා වෙනුවට ඒක උඩ තප්පුල පුල පිරිසිදු කරන්න එන එකාගේ ඇගට ගොම ටික download
කිරීමයි..

මල්ලිගේ ප්‍රශ්න ත උත්තර මම දෙන්නම්.


qualifications:

LL. B Sri Lanka - OUSL
B.Sc. (Hons) IT - SLIIT
A/L - St. Sylvesters College- Kandy



Career:

PRESENTER / PRODUCER (POLITICAL & RELIGIOUS AFFAIRS)
Youth Raidio - VIS Broadcasting Corporation

Sath Fm - Presenter/Producer - NEWS & PROGRAMMING

neth fm - Executive - Current Affairs

Campaign Consulatant - Lankapura Pradeshiya Sabha (UPFA)

දැන් උත්තර දීපන්.. නිකමා තෙලාද නැත්තන් උඹද?
ගෙම්බෝ.. උබ අඩිය තිබ්බේ න්‍යෂ්ටික බිම බෝම්බයක් උඩ... දැන් ගනින් කෝ කැකුල.... (sorry කකුල...)

(දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ නියෝ නියෝ හිටුකෝ....)