Friday, May 20, 2011

කොස්තාපල් උතුමාණෝ

මාලඹේ සිට කොටුවට යාම පිණිස බයිසිකලයෙන් ගමන් ඇරඹුවෙමි. ටිකෙන් ටික ගොඩේ පාරේ සිට මහ පාරට පැමිණ මහපාරේ ද ටික දුරක් ගියෙමි. වැලමිට වංගුවක් පෙනෙන්නට ඇතත් ඒ බවක් දක්වන සංඥා පුවරුවක් හෝ හාංකවිසියක් පාරේ කොහේවත් නැත. වංගුව නම් පෙනෙන්නට ඇති නිසා සීරුවෙන් ඉදිරියට ඇදුණෙමි. පාර තනි සුදු ඉරකින් බෙදා වෙන්කර ඇත. මා ඉදිරියෙන් ගියේ 177 බස් රථයකි. එකවරම බසයේ වේගය අඩු කළේය. බසය ඇතුලෙන් යමෙක්, බසය ගමන් කරද්දීම බැස්සේය. ඔහු බැස්සා නොවේ. පැන්නේය. තනි ඉර නිසා ඉස්සර කිරීමට නොහැක. යළිත් බසය තිරිංග තද කොට නැවැත්තුවේය. එවර ඉස්සර කිරීමට තැත් කළෙමි. පාර හරහා තනි සුදු ඉර හරහා පදිකයින් වෙනුවෙන් වෙන්කොට ඇති කහඉරකි. මේ වංගුව මහත් අගනේය. වැලිමිට වංගුව ද ඉස්සර කිරීම තහනම් කරන ලද තනි සුදු ඉරකි. එපමණක් නොව යහමින් කහඉරකි.  පළාත් සභා මන්ත්‍රීවරයෙක් විසින් ඉදිරි කරනු ලැබූ බස් නැවතුම් පොලකි. අහෝ මෙවන් සුන්දර වංගුවක්. මා දඩි-පඩි ගසා බසය ඉස්සර කළෙමි. නවතා තිබූ බසය ඉස්සර කරමින් ඉර කපා ඉස්සර කළෙමි. කහ ඉරක් මෙතැන ඇති බවට ද කිසිදු පෙර දැනීමක් කරවන යමක් මින් පෙර ආසන්න දුරකදී මුණ නොගැසිණි.
 වංගුව පසු වෙනවාත් සමගම කාකි ඇදුමින් සැරසුණු පොලිස් නිළිධාරීන් දෙදෙනෙකි. විසින් පිඹ අතවනා මගේ බයසිකලන ඔවුන් විසින් නවතනු ලැබීය. ට්‍රැපික් සාජන් කෙනෙකු හා කොස්තාපල් වරයෙකි. මා පොලිස් නිළධාරීන් දෙදෙනා ඉදිරියේ බයිසිකලය නැවැත්තුවෙමි. ඉන් නොබැසම මා මගේ රියදුරු බලපත්‍රය හා රථවාහන බලපත්‍රය කොස්තාපල් අත තැබීය. ‘කොහෙද මේ හදිස්සියෙ යන්නෙ‘ කොස්තාපල් මගෙන් විමසීය. “හදිස්සියක්නම් මට නෑ. කොළඹ යනව“ මා පිළිතුරු දුන්නෙමි. ‘එහෙනම් ඉරි කපන්නෙ‘ යැයි ඔහු මගෙන් ඇසීය. “මම ඉස්සර කළේ නවත්තල තිබ්බ බස් එක“ මා කීවෙමි. ‘ඒක නවත්තලාද තිබ්බෙ‘ ඔහු මගෙන් ඇසුවේය. “ඇයි දැක්කෙ නැද්ද“ මා ඔහුගෙන් ඇසීය. ‘දැක්කෙ නැති නිසා තමයි ඇහුවෙ‘ ඔහු ඔරකොච්චමට කීවේය. “එහෙනම් ඉර කැපුවද නැද්ද කියල කොහොමද දැක්කෙ“ යැයි මා ඇසීය. ‘අනිත් එක මෙතන කහ ඉර‘ ඔහු කීවේය. “මාර්ග සංඥා නැතුව කොහොමද මිනිස්සු දන්නෙ කහ ඉදි තනි ඉරි තියනව කියල“ මා ඔහුගෙන් ඇසීය.  “ඇයි පේන්නෙ නැද්ද“ ඔහු ඇසීය. ‘පෙනෙනකොට ඉස්සර කරල ඉවරයි. මේ කොස්තාපල් මහත්තය මට වැඩ තියනව‘ යැයි මම ඔහුට කීවෙමි. ‘ඔව් ඉතිං වැඩනං අපිටත් තියනව. අපි තාම කාලත් නෑ‘ ඔහු කීවේය. “ඉතිං“ මා ඇසීය. ඒ පොලිස් නිළධාරියාට නොකා නොබී මහමග වාත වෙන්නයැයි කිසිවෙක් කියා ඇතැයි මා නොසිතමි. ‘දැං ඉතිං ඉරත් කපල යන්ඩ දෙන්නෙ කොහොමද‘ ඔහු මට කීවේය. “මේ මිස්ට, කොස්ටබල්. මෙතන වංගුවක් තියනව කියල සයින් එකකුත් නෑ. කහ ඉරක් තියනව කියල සයින් එකකුත් නෑ. බස් හෝල්ට් එක විතරයි පෙනෙන්ඩ තියෙන්නෙ. අනිත් එක ලෝකෙ කොහෙවත් කහ තනි ඉරි උඩ කහ ඉරි නෑ. වංගුවල බස් හෝල්ට් හදන්නෙත් නෑ. ලෝකෙ නැති දේවල් ඔකකොම මෙතන තියල තව ඔයාලත් මෙතන හිටගෙන ඉන්නව. කිසි ප්‍රමිතියකට නෙවෙයි මේව හදල තියෙන්නෙ. ඒ මොක උණත් මම ඉස්සර කළේ, නවත්තල තිබ්බ බස් එක.“ මා ඔහුගේ වාත කිරීම ඉවසා ගත නොහැකිව කිව්වෙමි. ‘ශිහ්, කටේ සැර. කාටද ඔය කතා කරන්නෙ‘ ඔහු මගෙන් ඇසීය. “මම කියන්නෙ ඔයාට.“ (ඔහුගේ කනත් නෑසෙන්නේද කියා අහගන්න මට බැරිවූ එක ගැන තැවෙමි.) 
මේ කතා බහ මැදට ට්‍රැපික් සාජන් පැමිණියේය. ‘ඇ මල්ලි‘ ඔහු මගෙන් ඇසීය. මා ඔහුටද මෙතෙක් කොස්තාපල් තැනට කී දේම කීවෙමි. ‘යන්ඩ‘ කියා ඔහු මට කියා, ඔය ය වගේ උන් හරියන්නෑ අයිසෙ කියා කොස්තාපල් තැනට කීවේය.
කතාව පටන් ගන්නෙ දැන්. “ඔය වගේ උන් හරියන්නෙ නෑ“ යැයි සාජන් තැන කොස්තාපල්ට කීවේ මේ රටේ විඥානයක් නැති එකෙක් තලා ගත යුතු බවට ඔහුට කර සැලකිරීමකි. කෝටි ගණන් ලොකෙට ණය වී හැකි පමණ සැපට යා හැකි පාරවල් තනති. ඉන් පසු ටෙලිකොම්, ලයිට්, පර්බර් ඔප්ටික් හා වොටර් බෝඩ් පාර කණිති. වංගුව-පාලම-තනි සුදු ඉර-කහ ඉර-බස් හෝල්ට් යන සියල්ල එකම පැකේජ් එකකට එකම තැන සටහන් කරයි. වාහන හතරක් පමණ යා හැකි මංතීරු දෙකක් ඕනෑතරම් අපූරැවට තැනිය හැකි මාර්ගය දෙපසින් යහමින් ඉඩ තබා වාහන දෙකකට පමණක් යා හැකි පරිදි ඉරි අදියි. මේ විකාර රූපී සියලු ක්‍රියා කාරකම් අවසන හැම වංගුවක්-පාලමක්-හන්දියක්-කහ ඉරක්-තනි ඉරක් සහ දැන් දැන් කලර් ලයිට්ස් අසලත් පොලිසියෙන් තපිති. කෙසේ හෝ වාත වී අහිංසක මිනිසෙක් තලා පෙලා මාසයේ අවැසි නඩු ටික සොයා ගනියි. නැතිනම් ගෙදර අවශ්‍ය අඩුම කුඩුම ටික ඩැහැ ගනියි. එහෙම නැත්තම් බඩගෝස්තරය සොයා ගනියි.
එපමණක් ද නොව. ඊයේ පෙරේදා දවසක, මාලඹේ කඩුවෙල පාරේ වැලිවිට හංදියේ අටවාගෙන සිටි වෙසක් සැරසිලි අලෙවි සැලට පැමිණි, නිළ ඇදුම ලා ගත් පොලිස් නිළධාරියකු වෙසක් කූඩු දෙකක් හා බකට් කිහිපයක් අරගත්තේය. ‘ගිහිං එන්නං මුදලාලි‘ කියා තඹ දොයිතුවකදු වෙළෙන්දාට නොදී ඔහු යන්නට ගියේය.

කතාව ඉවර නෑ. මේ කතාව කවදාවත් ඉවර වෙන්නෙත් නැති බව අපි (මා) දනිමු (දනිමි). 
“ධම්මෝ හවේ රක්ඛති - ධම්ම චාරී“ යනු මේ මුළු කතා සියල්ලේම සරල පාලි පරිවර්තනයයි. බුදු වදන් කෙලෙසන ඇතැම් මෙවැනි උතුමාණන්ලා චිරාත් කාලයක් වැජඹේවා...
                                                                                                            (කවුදෝ කියනව මම අහගෙන)

2 comments:

hiru said...

NIYAMAI

TGG said...

Well done.... Keep going !!!!!!!!!