Friday, May 20, 2011

නව සරසවි සිසුන්ට ඊනියා නායකත්ව පුහුණුවක්


නවක විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීම නීත්‍යානුකූල නොවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.  රජය නීත්‍යානුකූල නොවන ආකාරයට විශ්ව විද්‍යාල සිසුන්ට මෙවැනි නායකත්ව පුහුණුවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළකළේය. මෙම ක්‍රියාමාර්ගය තුළින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බලපෑමක් එල්ලවන බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය. 
විරෝධතා ආවත් සරසවි සිසු නායකත්ව පුහුණුව නවතන්නේ නෑ
මීට ප්‍රතිචාර දක්වන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා. කෙතරම් විරෝධතා එල්ලවුවද විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන ඉදිරියට ගෙනයන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.  මෙම පුහුණු වැඩසටහන හමුදා කඳවුරුවල පවත්වනු ලැබුවද එය හමුදා පුහුණුවක් ලබාදීමක් නොවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. සිසුන්ට විනයක් ලබාදීම මේ තුළින් අපේක්ෂා කෙරෙන බව විශ්ව විද්‍යාල සිසුන් සඳහා නායක්තව හා ධනාත්මක හැකියා වර්ධනය පිළිබඳව පාඨමාලාව සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජූනි මස 23 වන දින මධ්‍යස්ථාන 28 කදී මෙම වැඩසටහන ආරම්භ කිරීමට බාලපොරොත්තු වන බව ද එහිදී දිසානායක මහතා කියා සිටියේය. මුල් අදියර සඳහා සිසුන් 10, 000 ක් සහභාගි වන බවත්, ඔවුන්ට දින 21 ක පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
'නවක විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කර තිබේ.' සංජීව බණ්ඩාර.

අද දිනයේ මෙම පෙත්සම ගොනු කිරීමට පියවර ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ප්‍රකාශ කළේය. මෙසේ සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම රජයේ බලහත්කාරය මත ක්‍රියාත්මක වන්නක් බව ඒ පිළිබඳව අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියා සිටියේය. එය නීතිවිරෝධී පුහුණුවක් බවත්, ඒ තුළින් ශිෂ්‍යයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව ද ඔහු පෙන්වාදෙයි. එමෙන්ම ශිෂ්‍යයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. රජයේ මෙම ක්‍රියා පිළිවෙළට විරෝධය පළකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 
කෙසේ නමුත් නවක සිසුන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹෙන්නේම අර්බුදයක් මැදයි.මෙම සිසුන්ගේ අනාගතය කෙබදුද?

1 Click Here to Comment:

Anonymous said...

මොන කෙහෙල්මලක් දුන්නත් ඒක rag එකට වඩානම් හොඳයි.මමනම් කැමති මුලු රටටම පොඩි හරි army trainng එකක් දෙනවට..cadeting කරනවටත් එහෙනම් කෑ ගහන්නෙපෑ ඔය කෑ ගහන අය෴ (eda keubawata emaricawa gahannna enakota ratema minissu ayuda sannaddawa hitia nisai emarikawata akulagena yanna une..ehema ratema minissunta ayuda one ne.eth army trainng 1k kianne minissunwa maranna ugennillak neme..dushkarathawayannta muna dena heti taniama deyak karaganna heti tamai oyawage trainng ekakadi kiala denne.cadetng karalath tiana,campuz rag 1th hodata kaapu ekianne hadata wath una kenek widiatai mama me kianne..rag eken wenne tamantat nodenima JVP kiana samajawadaya wikunan kana antha liberal waadinta kade neme supermarekt yana pakshekata dara diya adinna..anika konda pana nethi dekata nemila inna niwatayo tama rag eken bihiwenne..eka kohenhari nawatinna one.me hamuda puhunuwen eka kerenawanam loku deyak..anika adakale inne poth ekkama yatawela otheni wechcha lamai.melo bahira wadak nokara pothema inna lamainta meka jiwitheta hoda awasthawak(eka e lamainge waradda neme.samaja kramayei adyapana ratawei waradda))e hinda karana hema ekatama NOT GATE ekak wage epa epa epama nokia hoda dekata kamati wenna..rag un neti ayata eken wena nohoda teren ne.anika rag wena samahara ola mottayoth thamanwa me pawichchi wenawa kiala nodena ohee kade yanawa..mewa ekka kawadawath ratak diunu wenne..SB eyage jiwithe karapu 1ma hoda wade meka wennethi kiala matanam hithenne