Friday, May 27, 2011

ගෝත්‍රිකත්වය හමුවේ ලිංගිකත්වය

ඒ ‘බඹර වළල්ල‘ චිත්‍රපටය අධ්‍යයනය කිරීමේ සංවාදයකි. තැන කොළඹ කළාබභවනට යාබද මහවැලි කේන්ද්‍රෙයේ ශ්‍රවණාගාරයයි. උපුල් ශාන්ත සන්නස්ගල, මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා සංඝදාස යන මහත්වරුන් වේදිකාවක් උඩ තබා තිබූ හිස් පුටු පුරවනු ලැබ තිබිණි. එකක් හිස් වූ අතර, ඒ ආචාර්ය සරත් විජේසූරිය වෙනුවෙන් යැයි සංවාදයේ කිහිප තැනකදීම කියවිණි.
බඹර වළල්ල නොවන වෙනත් සිද්ධීන් හා ආඛ්‍යානයන් තරමක් ම විසින් ඇහිදා ගත්තෙමි. කලක් තිස්සේ යළි යළිත් කියෙව්වෙමි. හරියටම අවුරුද්දකට ආසන්න කාලයක්. දැන්, එය යම් ප්‍රමාණයකින් අවුල් සහගත බවින් මිදී කියවා ගන්නට හැකි තැනකට පත්ව, තතණමින් අවුල් ලෙහමින් සිටිමි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා භෞතිකවාදී මිනිසෙකි. ඔහු විසින් විද්‍යාත්මක පැහැදීමක් කිරීම වෙනුවෙන් ගත් ඇතැම් උත්සාහයන් විසින් ඔහුවම අවුල් කරනු ලැබීය. සන්නස්ගල කතාව පටන් ගත්තේය. සන්නස්ගල යනු ‘අසමජ්ජාති කතා කියන-ලවක් දෙවක් නැතිව ඇරල දාන‘ එකෙකි. සන්නස්ගල විසින් බඹර වළල්ල කියැවීම පිණිස උදාහරණ කොට ගත් කතා කිහිපයකි. මා දැන් කියවනු ලබන්නේ සන්නස්ගලගේ මහා සම්ප්‍රදායේ කේන්ද්‍රීය ආඛානය නොවේ. සන්නස්ගලගේ උපකාරක උදාහරණ හරහා සන්නස්ගල විසින් මා කියැවීමට පෙළඹවූ සිද්ධීන් කිහිපයකින් කිහිපයකි. සන්නස්ගල විසින් උපකාරකයන් හරහා බඹර වළල්ල කියැවීය. ම විසින් සන්නස්ගල, සන්නස්ගලගේ උපකාරක, බඹර වළල්ල හා සන්නස්ගලගේ සිංහල පංතියෙන් උගත් දේ හරහා සමාජය කියවමි.
‘බඹර වළල්ලේ ගෝණ මඩිත්තේ පොඩි එකා විසින් සිය සංඛේතීය පියාගේ ඔළුවට වෙඩි තබා මරා දමයි.‘ ගොණ මඩිත්තේ පොඩි එකාගේ සංඛේතීය පියා, පොඩි එකා විසින් ඝාතනය කළ යුතු බවට සන්නස්ගල සපථ කළ කතාවකි. සාක්ෂි - සුමංගල විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගුරුවරය විමල් දිසානායක සහ සන්නස්ගල. “සුමංගලයේ උගන්වන යුවළකි. දාව දරුවෙක් උපන්නේය. දෙදෙනාම දවල්ට පාසල් යන නිසා, උන් දෙන්නාගේ පොඩි එකා බලා ගත්තකේ බිරිදගේ පියායි. එවිට පොඩි එකාගේ සංඛේතීය පියා වන්නේ ද සංඛේතීය මව වන්නේ ද අම්මාගේ තාත්තා වූ සීයා ය. අවුරුද්දක් පමණ යන විට, පොඩි එකාට දිගින් දිගටම බඩේ අමාරුවක් ඇති වන්නට වූයෙන්, පොඩි එකා දොස්තර කෙනෙක් ලගට උස්සාගෙන ගියේය. බෙහෙත් දී පිරිමසා ගත නොහැකි විට, ස්කෑන් කළේය. පොඩි එකාගේ බඩේ ‘මොකද්ද කැටියක් හිරවෙලා‘ තිබීම නිසා පොඩි එකා ඔපරේෂන් කළේය. කැටිය එළියට ගත්තේය. පරීක්ෂණ ප්‍රතිඵල විසින් කියා ඇත්තේ, ඔට්ටපාළු බෝලයක් වාගේ පෙනේනට මේ ඇත්තේ ශුක්‍රාණු ගුලියක් බවයි. වසරක් තරම් වන පොඩි එකාගේ බඩට ශුක්‍රාණු ගුලියක් කොහෙන්ද. මට ඔබට සේම ඔවුන්ද එමගින් ප්‍රශ්න කරනු ලැබ ඇත. පොඩි එකා ගෙදර ගෙනාවේය. යළිත් පුරුදු පරිදි සංඛේතීය පියාගේ දහවල් රැකවරණය මත පොඩි එකා හැදී වැඩෙයි. පොඩි එකාගේ බඩට ශුක්‍රාණු පැමිණි ක්‍රමය ගැන සැක සිතූ පොඩි එකාගේ පියා, එක් දිනක් හදිසියේම පාසලෙන් කළිං පැමිණ පොඩි එකා නිදා සිටින කාමරයේ ජනේලයේ ලැටිස් අතරින් බලා සිටියි. පොඩි එකා අඩන්නට විය. සංඛේතීය පියා කිරි බෝතලයක් රැගෙන කාමරට එයි. පොඩි එකා නළවමින් හුරතල් කරමින් කිරි බෝතලය කටෙන් තබයි. පොඩි එකා තළු මරමින් කිරි බොයි. යම් ප්‍රමාණයක් පොඩි එකා සැනසූ විට, සීයා කිරි බෝතලය කටින් ඉවත් කළේය. සරම උස්සා සිය අඩක් ප්‍රාණවත් වූ පුරුෂ ලිගුව පොඩි එකාගේ කටෙන් තබයිත සූප්පුවෙන් කිරි බී සීරුවටම පොඩි එකා විසින් සීයාගේ-සිය සංඛේතීය පියාගේ පුරුෂ ලිගුව උරවයි. සීයා දෑස් පියාගෙන ලිගුව පොඩි එකාගේ කටේ තබාගෙන සිටියි.“ ප්‍රබන්ධයක් නොවන, එසේ සිතෙන්නේනම් ඉහත සාක්ෂිකරුවන් විමසිය හැකි මේ ඛේදවාචකයේ එනැනින් පසු කතාව සන්නස්ගල නොකීවේය. නමුත්, සන්නස්ගල විසින් සභාව ප්‍රශ්න කරනු ලැබීය. උක්ත සංඛේතීය පියා - පොඩි එකා විසින් මරා නො දැමිය යුතු ද?
මේ සන්නස්ගල හෝ වෙනකෙක් විසින් නොකියවනු ලැබූ සිද්ධි අධ්‍යයනයයි. සංඛේතීය පියා හෝ වෙනත් එකෙකු වූ සීයාගේ තත්ත්වය හා ආශ්‍රිත තත්ත්වය කියවා ගත යුතු වෙයි. අද වන විට ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත සියලු දේ සංස්කෘතික ගෝත්‍රිකයින් විසින් අඩපණ කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ලිංගිකත්වය කුණුහරුපයක් වී ඇතිවා සේම, ඇතැම් ලිංගික දේ මහා ඛේදවාචක බවට පත්ව ඇත. ලිංගික කාරණා සම්බන්ධයෙන් වන ඉගැන්වීමක් හෝ ඒ සම්බන්ධ දැනුම වර්ධනයක් මේ වන විටත් අප විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයන් ඔස්සේ ලබා නොසිටියි. ‘කුරුල්ලෙක්ට ගලක් ගහන්න පවා උගන්වන අපේ අධ්‍යාපන ක්‍රමය තුළ විධිමත් ලිංගික ජීවිතයක් වෙනුවෙන් කිසිදු ඉගැන්වීමක් නොවෙයි.‘ විධිමත් නොවූ හා අසමමිතික ලිංගික සංවාසයන් හා වෙනත් දේ නිසා මේ වන විට සමාජය පත්ව ඇති අර්බුදය අතිමහත්ය.
නගරයකට පැමිණි විට හැදෙන මුත්‍රා බර, සුළු දිය පහකිරීමකින් සංසිදවා ගැනීමට විධිමත් ක්‍රමයක් නැති වට හෝ පවත්නා ක්‍රමයන්ගේ තත්ත්වයන්ගේ බාල බව නිසා අද වන විට ගස් මුල්-තාප්ප හා බිත්ති මුත්‍රා කිරීමෙන් වලක්වා ගැනීමට දැඩි වෙහෙසක් ගත යුතුව ඇත. එනම්, මුත්‍රා කිරීම පිණිස විධිමත් ආශ්‍රයයන් හා සම්පත් නොවීම නිසා කෙරෙන විදවීමකි. නියම වයසට පැමිණි විට ස්වකීය ලිංගික අවශ්‍යතාවන් හා ඕනෑකම් ඉටු කරගැනීමට තත්ත්වයන් හා වටපිටාවන් විධිමත්ව හා තත්ත්වයානුකූලව නිර්මාණය නොවන විට, පෙම්වතුන් හා පෙම්වතියන් විශ්ව විද්‍යාල වල ෆයර්-එක්සිට් පඩිපෙළවල ස්වකීය සංවාසය සිදු කරයි. එක්කෝ, පොදු විනෝද භූමි වල පදුරු අස්සේ ඒ වෙනුවෙන් අවකාශ සොයයි. මෙහි තවත් පැත්තක් ඇත. අනෙකාගේ රමණයේ දර්ශනය වීඩියෝ කොට බෙදා හැරීමේ ගොත්‍රික තත්ත්වය නිර්මාණය වන්නේද මේ හරහායි. අනෙකාගේ ලිංගිකත්වයේ පූර්ණ ස්වාධීනත්වය අභිබවමින් හා කඩකරමින් සැගව සිට බලා සිටිනා නූතන සංස්කෘතීකරණයේ මුවාවෙන් ගොත්‍රීකරණය වූවන් ඒවා වීඩියෝ කරයි. පසුව, බෙදා හරියි. ඉනික්බිතිව, ඒ කෙල්ල සහ කොල්ලා පාරේ යන එන විට ඇණුම් පද කියමින් ‘මාරම ආතල් එකක්‘ ගනියි.
වෙනකක් තබා කෙල්ලකට නිදහසේ බස් එකක යාමට නොහැකි තරමටම මේ අසමමිතික තාවය  වර්ධනය වී ඇත. යට ඇදුමක් නොඇදගත් පිරිමියෙක් තම පෙම්වතියට ජැක් ගැසීමට පැමිණි බව ඈ කියූ බව ඔහු කීවේය. ‘ඒක කොහොමද දන්නෙ?‘ යැයි ඇසූ විට කීවේ, ‘ඌ ෂිප් එක ඇරල එලියට දාන්න හැදුවලු.‘යැයි කියාය. (පෙම්වතියගේ සම්මත ගෞරවය වෙනුවෙන් සාක්ෂිකරුවා ලෙස පෙම්වතාගේ නම නොලියමි). මෙසේ සමාජයට වාතයක් වන තරමටම ‘ලිංගික පීඩනයේ පිට කිරීම“ ඛේදවාචකයක් වී ඇත්තේ ‘සංස්කෘතීකරණය‘ යන හෙඩිමෙන් මුළු මහත් සමාජයම ‘ගොත්‍රීකරණය‘ කොට ඇති නිසාය. තවත් ඔබ දන්නා උදාහරණ මේ වෙනුවෙන් ආදේශ කරගනිමින් කියවා ගැනීම ඔබේ ලයිස්තුවේ ඇති කොටසකි. දැන් ඇත්තේ උදාහරණ ගැලපීම ඉක්මවූ කාර්යයකි.
මේ ආකාරයේ අර්බුදකාරී තැනකට සමාජ ලිංගික පීඩනය රැගෙන විත් ඇත්තේ කුමකින් ද? මේ වන විට පොදු සමාජය විසින් උපන් දා සිට දරුවන් නිර්මාණය කරනුයේ පොරක් කිරීමට මිස මාරම පොරක් කිරීමට නොවෙයි. වයස අවරුදු දෙකක කොල්ලෙකු සිංදුවක් කීම ඒ වයසේ පොරත්වයකි. නමුත්, ප්‍රමාණයකට හෝ තාලයකට කීම මාරම පොරත්වයකි. ඉන් කාලයක් ගිය පසු, බත් කටක් කටේ දමා ගැනීම පෙරත්වයක් නොවේ. නමුත්, බත් කට කටේ දමා ගන්නා පිළිවෙල, අත පරිහරණය කරනා විදිය හා බත් කට කටේ තබාගෙන දොඩවන්නේ ද නැත්ද යන සාධකය මත මා කියූ ‘මාර‘ පොරත්වය නිර්මාණය වෙයි. පෙම්වතිය සිප වැලද ගැනීම සිද්ධියකි. නමුත්, අනෙකාගේ සංස්කෘතික පැවැත්ම අනාථ කරමින් මහ සෙනග මැද තොල් උරා බීම හෝ සංස්පර්ෂණීය වින්දනය ගැනීම මාරම පොරක් සතු ලක්ෂණයක් නොවේ යැයි කියමි. ගැහැණියක සහ පිරිමියෙකු සංවාසය කිරීම යනු කුණුහරුපයක් නොවේ. නමුත්, පොදු පඩිපෙළක හෝ උද්‍යානයක පදුරක් යට කෙරෙන සංවාසය විසින් දෙදෙනාගේම පොරත්වය ප්‍රශ්න කරයි.
සරලවම කියතොත්, ස්වයං වින්දනය සාමාන්‍ය සිද්ධියකි. ජීව ලක්ෂණයකි. නමුත්, නාන කාමරයේ කරනු ලබන ස්වයං වින්දනයේ හා බස් නැවතුම් පොළක පැත්තකට වී කරනු බලන ස්වයං වින්දනය දෙයාකාරය. සමාජය විසින් ලිංගිකත්වය සංස්කෘතික කාමරයක් තුළට බහාලා අගුලු ලා ඇති හෙයින්, එය අහිමි වීමේ පීඩනය ඕනෑම තැනක පිට කරන තත්ත්වයක් නිර්මාණය වී ඇත.
දැන් කළ යුතුව ඇත්තේ, නවක වදයෙන් බේරා ගැනීම පිණිස හමුදා පුහුණු ලබා දීම නොව. වීදි දිගට-පඩිපෙල් වල සංවාසය කිරීමෙන් වලක්වා ගැනීම පිණිස ගෝත්‍රික සංස්කෘතිකත්වයෙන් මුදවා සමාජ සංස්කෘතිකත්වයේ දරුවන් හා මිනිසුන් රෝපණය කිරීමයි. සෞඛ්‍ය පාඩමක් ලෙස පිලෝපීය නාලයේ හැඩය හෝ කාර්යය පමණක් උගන්වන්නට පෙර, වෙන යමක් කළ යුතුව ඇත. ඒ නම්, ගෝත්‍රික සංස්කෘතිකත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය තරමේ සමාජ සංස්කෘතික අධ්‍යයනයක් එම සෞඛ්‍ය පාඩම හරහා ලබා දීමය.
ඉතිරි හරිය කියවා ගැනීම සහ අවුල් සහගත තැන් ලෙහා ගැනීම ඔබේ වැඩ ලයිස්තුවේ වැඩකි.



(පසුව ලියමි - ඇතැම් සිද්ධීන් හා පැහැදිලි කිරීම් කුණුහරප හෝ ‘චී‘ කතා ලෙස දැනෙන්නේ නම් ඔබ ද සිටින්නේ ගෝත්‍රික සංස්කෘතිකත්වයේ බව වටහා ගන්න. කරුණාකර සමාජ සංස්කෘතියට මාරු වීම පිණිස, ලිංගිකත්වය-සමාජය හා ගෝත්‍රික සංස්කෘතිකත්වයේ අයහපත් ලක්ෂණ යන ආඛ්‍යානයන් එකට කියවා ගන්න.)

9 comments:

Anonymous said...

Ane manda mata nam melo deyak therune nane

Anonymous said...

Pahadiliy.....Hoda Anagathayak Penawa Saho....Wadiya Katha Baha Nokerena me Wage Prashna Gana Me Widihata Present Karana Eka Niyamai.....Well Done...

Anuja Madushan said...

වටිනා ලිපියක් භාරත. ඔබේ ගමනට සුබ පැතුම්.

Anonymous said...

This is really a good post...
සමාජේ තියෙන මේ තත්වෙ ගැන ඔබ හොදින් පැහැදිලි කරලා තියෙනවා. මේක Public News Paper එකක වගෙ ගියානම් නියමයි.. ඔබට සුභ!

I also want to change this bloody world...
"World is not fair" :(

sudheera said...

ඇත්ත සහතික ඇත්ත..කවුරුන් හෝ ලිවිය යුතු දෙයක් ලියලා තියෙන්නේ.. මේක සයිබර් ලෝකයේ සීමිත පාඨයින් පිරිසකට සීමාවෙන එක දුකක්.. ලියන රටාව ඉතාම හැඩයි.. අදයි මේ බ්ලොග දැක්කේ.. දිගටම බලන්න බුක්මාර්ක් එකක් දා ගත්තා..

Anonymous said...

meyath copy karana ladha lipiyaki...
samanyen wadagath kiya salakena blog karuweku lipi copy karanne natha.

Thela | තෙලා said...

copy karapu thena pennanna

peera said...

ඇත්තටම කතා කළ යුතු ඒත් නොකරන මාතෘකාවක් ...මෙතන ලංකාවේ ජනමාධ්‍ය භාවිතය ගැන සදහනක් කලා නම් වඩා හොදයි .. මොකද මේ ප්‍රශ්නෙදි ඒක හරීම තිරනාත්මකයි.. කොටින්ම මාසේ පුරාවටම "හෙලුව , අයථා සම්බන්ධතා " වගේ දේවල් ගැන තලු මරන නාලිකාම පෝය දවසේ සිල් ගන්නවා..

ජනවසභ said...

මොන කාළකණ්නියෝද මේවට හො`දයි කියන්නේ එක එක වනචර පරයන්ට පය්ය(වනචර වචනයක් ලෙස නො සිතන්න* නගින නගින වෙලාවට හුකන්න තැන් නැති එකද ගෝත‍්‍රික කම යකෝ හිත්වල තියෙන රාගය අඩුකර ගනිල්ලා ඒ කටයි වැඩ පිළිවෙළක් ඔ්නා නැත්නම් ඊළගට හැම ගැහැණියක්ම වේසියක් වෙයි ගණිකාවෝ පිරෙයි හුකන්න සල්ලි නැති වුනාම මිනිමරයි ඊට වඩා මේ මගුල් කතා කියලා පොර වෙන්න යන් නැතුව නාන කාමරේ අතේ ගහලා බඩු ගියහම අපරාදේ කියලා හිතෙන එක මොන තරම් වටිනවද නැත්නම් මහමෙව්නාව් වල් හැත්තත් යයි බණ කිය කිය පය්ය කටේ දාන්න