Monday, May 23, 2011

මේ ලෝගුවේ ගාණ කීය ද?

අප ජීවිතයේ බොහෝ දේ කරනුයේ දුකක් නැතුව ජීවත් වෙන්න බව අප කාටත් ඇති පොදු ධර්මතාවක් හා පොදු සිහිනයකි. දුකක් නැතිව ජීවත් වීම අපේ සිහිනය වන විට, දුකින් මිදීමේ මාර්ගයන් හා දුක පැමිණෙන මාර්ගයන් පැහැදිලිව විග්‍රහ කරගනිමින් ලිහා ගත යුතුව ඇත. (චතුරාර්ය සත්‍ය පිළිබද විග්‍රහයක් නොවේ)

ලාංකීය පොදු මිනිසා දුක්වන හා කාලයක් තිස්සේ දුකින් තැවෙන පොදු ප්‍රශ්න දෙකකි.
1. ලෙඩක් දුකක් හැදී අසනීප වීම
2. හිරේ විලංගුවේ වැටීම

අප දැන් මේ එකින් එක සරල කර ගනිමු. ඔබ මා දන්නා දේ නම්, “මට හෝ මගේ පවුලේ අයෙක්“ යන දෙදෙනාගෙන් කවරෙකුට වුව ලෙඩක්-දුකක් වැලදී අසනීප තත්ත්වයට පත් වූ විට අසනීපය හොද කරගැනීම පිණිස අප මහත් වෙහෙසක් දරයි. මේ අවුල විසදාගන්නට අපි වෙරදරන්නේ පියවරෙන් පියවරයි. පළමු කොටම වෙනිවැල්ගැට-කොත්තමල්ලි-පළා මැල්ලුම් ආදී ගොඩ ක්‍රමයකින් විසදා ගැනීමට තැත් කොට ඉන් නොහැකි වූ තැන, මේ වන විට හන්දියකට එකක් බැගින් වන ඩිස්පෙන්සරියට දුවයි. ලේඩේ ඇති භාහිර ලක්ෂණයන් අනුව මෙහි සීඝ්‍රතාව නිර්ණය වන බව ඔබ මනා අත්දැකීමෙන් දනී. හද්සියේ ඩිස්පෙන්සරියෙන් නොහැකි වූ විට, එක්කෝ ඕ.පී.ඩී. එකට හෝ ටවුමේ දොස්තර මහත්තයාගේ ඩිස්පෙන්සරියේ සරණ පැතීමට පෙළඹෙයි. ඉනිදු නොහැකි වූ විට රෝහල් ගත කරයි.
ඒ පොදු මිනිසායි. නමුත් අපේ සාකච්ඡාව වෙදකම මිල කරනු ලබන සුදු ලෝගුකාරයින් පිළිබදවයි. පළමුව අසනීපකාරයා සොයා යන්නේ ඉතාම අඩු මුදලට රෝගය හොද කරගැනීමට හැකි සුදු ලෝගුකාරයෙකි. පසුව, නගරබදට වන්නට වැඩි මිලක් නියම වෙයි. ඩිස්පෙන්සරි කාමරයේ කුලිය - වායු සමනය වී ඇති ද නැති ද - වෛද්‍යවරයා එන්නේ මොන වර්ගයේ වාහනයක ද යන සාධක වෛද්‍යවරයාගේ මිල නියම කිරීමේ උපකාරකයන්ය. 
නමුත්, අප දන්නා දේ නම්, ලෙඩක් වෙනුවෙන් වෛද්‍යවරයෙකුට යම් සීමාවන් වලට පමණක් යටත්ව අභිමත මිලක් නියම කළ හැක. කිසිම විටෙක සීමා කිරීමක් හෝ ප්‍රමිතිගත සීමා කිරීමක් නැත. කාගෙන්වත් තහනමක් නැත. එසේම, අනෙක් කරුණ නම්, වෛද්‍යවරයා සිය මිල ප්‍රකාශ කරනුයේ බොහෝ විට බෙහෙත් සියල්ල ලිවීමෙන් පසුවයි. රෝගියා කුමන තත්ත්වයේ සිටියත් අදාල මිල කිරීමට යටත් වෙයි. එසේම ලෙඩක-අසනීපයක-රෝගයක යන මේ පොදු ශාරීරික හෝ මානසික දුබලතාවයක අවසන් ප්‍රතිඵලය මරණය හෝ එම වර්ගයේ දුකකි. එහෙයින්, මරණයෙන් හා මරණ වේදනාවෙන් මිදීම පිණිස ඕනෑම මිලක් ගෙවීමට ලාංගීස සමාජය පෙළඹී ඇති බව පෙණෙයි. ඒ අනුව ‘සුදු ලෝගුකාරයා‘ට අනෙකාගේ ජීවිතය උගසට තබා ඔහුව බේරා ගැනීම වෙනුවෙන් ඕනෑම මිලක් නියම කල හැකි තත්ත්වයකි දැන් ඇත්තේ.
මගේ දෙවැනි විග්‍රහය. රෝගාතුරව මිය යාම ඛේදවාචකයකි. අනේ අපොයි! වර්ගයේ සංසිද්ධියකි. නමුත්, හිරේ විලංගුවේ වැටීම ලැජ්ජාවට කරුණකි. එය හත් මුතු පරම්පරාවම ලැජ්ජාවට හා අවමානයට ලක්කරන එකකි. වරද මොන ස්වභාවයේ එකක් වුවද සිර ගත වීම (පොදු) සමාජයේ මහත් පිළිකුලට ලක් වෙයි. මේ අනුව, හිරේ විලංගුවේ වැටීමෙන් අත්වන අවමානයෙන් මිදීමට මිනිසා කොතරම් මිලක් නියම කිරීමට සූදානම්ද? 
ඉතාම දරුණු ගණයේ රෝගවල සිට සරල කැස්ස උණ දක්වාම ඕනෑකමක් ඇත්නම් රජයේ නොමිලේ වෛද්‍ය සේවාවන් උව ලබා ගත හැක. ඒ නිසා සුදු ලෝගුකාරයාගේ මිල කිරීමේ ප්‍රායෝගික සීමා කිරීම් වෙයි. නමුත්, ඉතාම සරල ගණයේ වරදකට වුවද (බැරිවෙලාවත් පොලිසියෙන් උසාවි දැම්මොත්) කලුලෝගුකාරයාගේ සහාය අවශ්‍ය වෙයි. එහෙයින්, අවමානයෙන් බේරීම පිණිස හා මිනිසාගේ ඇති පරාජය වීමට ඇති බිය හා ලැජ්ජාව නිසා, උක්ත කරුණුවලින් තමා බේරාගැනීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට සූදානම්ය. කළු ලොගුකාරයාගේ මිල කිරීමේ සීමා කිරීම තත්කාලීන වෙයි. වයසේ හා අත්දැකීමේ ප්‍රමාණය මත රදා පවතියි. නමුත් මේ කිසිදු සීමා කිරීමක් නැතිවම අවමානයෙන් බේරාගැනීම පිණිස ඕනෑ මිලක් තම මිල ලෙස ඉදිරිපත් කිරීමට කලු ලෝගුකාරයාට හැක.
සංශිප්තව අවසානයේ කියන්නට ඇත්තේ, සුදු ලෝගුවට මිල නියම කිරීමේ අභිමතයක් විටෙක ඇතත් සමාජ සාධක හා නොමිලේ සේවා වැනි බාධා හමුවේ එම අභිමතය ස්වයං සීමා කිරීමකට ලක්කර ගත යුතුව ඇත. නමුත්, කලු ලෝගුකාරයා මිල නියම කිරීමේ අභිමතය උපරිමයෙන් භාවිත කරයි. මේ සදහා ඇති යම් හෝ බාධා කිරීම නම් තුට්ටු දෙකට උසාවියේ පෙනී සිටින උදවිය පමණි. නමුත්, අද වන විට සමාජය කලු ලෝගුකාරයාගේ ප්‍රමිතිය ඔහු හෝ ඇය විසින් නියම කරනු ලබන මිල මත තීරණය කරයි. ‘රුපියල් 500ට කතා කරන මහත්තයට වඩා 1000ක් ගන්න මහත්තය වැඩේ ගොඩ දාල දෙයි‘ ඒ සමාජ ආකල්පයයි.
මරණයෙන් බේරීමට වඩා වැඩි මිලක් අවමානයෙන් බේරීමට ගෙවීමට අද සමාජය සූදානම්ය.

මෙවන් මිල වටිනාකමක් කලු ලෝගුකාරයින්ට පැමිණෙන්නටත් සුදු ලෝගුකාරයින් එන්න එන්නම මිල කිරීමේ සීමා පැමිණෙන්නටත් හේතු කවරේද.
මේ දෙපාර්ශවයට යම් තත්ත්වයක් පවත්වාගෙන යා හැකිද යන දේ තීරණය වන්නේ අවට වට පිටාව හා සමාජය තුලිණි. අවට සමාජ සාධක නිර්මාණය කරනුයේ පාලන තන්ත්‍රය විසිනි. උදාහරණයක් ලෙස, ඇමරිකාව තුළ පූර්ණ පුද්ගලික වෛද්‍ය සේවකට ආසන්න තත්ත්වයක් පැවති සෞඛ්‍ය සේවය, නොමිලේ සෞඛ්‍ය ලබා දීමේ ප්‍රතිපත්තියක් පිළිබද ජනාධිපති ඔබාමා අවධානය යොමු කිරීම දක්වා තත්ත්වයක් දැන් උදාවී ඇත. දැනට වැඩි මිලක් නියම කිරීමේ හැකියාවක් ඇති ඇමරිකානු වෛද්‍යවරයාට, නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග එම වැඩි මිල කිරීම සීමා කරයි. නමුත්, ජනාධිපති ඔබාමා හෝ වෙනත් අයෙක් නීතිඥ වෘත්තීයේ කටයුතු නිදහස් සේවයක් බවට පත් නොකරයි. ඊට හේතුව, එක්කෝ ජනාධිපති ඔබාමා ද නීතීඥයකු වීම හෝ ස්වකීය අභිමානය හා අවමානය වෙනුවෙන් මිල ගෙවීම තම තමන්ගේ වැඩක් ලෙස සිතන නිසා විය හැක. නමුත්, තම ජාතිය සෞඛ්‍ය සම්පන්න ජාතියක් කිරීමේ කාර්යය වෙනුවෙන්-මිනිසුන් මරණයෙන් බේරා ගැනීම වෙනුවෙන් රජය වැඩි මිල වටිනාකමක් කැප කරන නිසා වෛද්‍යවරයා සතු පුද්ගලිකව මිල කිරීමේ හැකියාව සීමා වෙයි.
ලංකාව තුළ ද වෛද්‍ය සේනක බිබිලේ වැන්නන් නිදහස් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් වෙහෙස වූවාට කිසිවෙක් නිදහස් නීතීඥ වෘත්තියක් ඇති කිරීම වෙනුවෙන් අරගල කර නැත. අපට ඉතිහාසයේ මුණ ගැසෙන එකම දැවැන්ත වෙනස වන පෙරකදෝරු-අද්වකාත් බෙදීම ඉවත් කිරීමේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායකගේ අරගලය උඩ වුවද, සිදු වූයේ වෘත්තීය බෙදීම හරහා මිල කිරීමට තිබූ සීමා ඉවත් කොට පොදු වටිනාකමකට නීතීඥයා රැගෙන ඒමයි.
ඉතිහාසයේ බොහෝ තැන්වල තීරණාත්මක සාධකය වී ඇත්තේ කලු ලෝගුකාරයින් වීම නිසා (උදා. ගාන්ධි-ලින්කන්-ලෙනින්-ඔබාමා-මහින්ද-රනිල්-ජේ.ආර්.-හිලරි) අදවන විටත් කලු ලෝගුකාරයිනට සමාජ හා තත්ත්වමය සේම මිලමය වශයෙනුත් ඉහළ වටිනාකමක් ඇත. එසේම සුදුලෝගුවේද සමාජ තත්ත්වය පිළිබද කිසිදු සැකයක් නැත. නමුත්, දැන් දැන් මිල නිම කිරීමේ නිදහස වැඩි වීමේ සීඝ්‍රතාවය පෙර යුගයට සාපේක්ෂව සීමා වෙමින් තිබෙන බව පමණක් කිව හැක.
ඊට හේතුව නම්, මරණයෙන් බේරීමට වඩා වැඩි මිලක් අවමානයෙන් බේරීමට ගෙවීමට අද සමාජය සූදානම් වීමයි.

2 comments:

sumali hiranya kularathne said...

manussakama danna aththama mahaththuru me samajayata bihi unoth oya mila keerima aulak wenna nathi wei.nil pata ,kola pata nottu atharen MANUSSAKAMA essarahata apu dawasata hama dema hari yai.athe eka weida kiyana eka loku gataluwak.api unoth mona de kiuwath ewasaganna barima welawata keeya hari dila hama aulakinma nidahas wei.athe hamadama hama dekinma thalenne ADA WELA HOYAGANNA DAGALANA AHINSAKA MANUSSAYA WITHARAI.

Anonymous said...

atha athithaye idanma minissu duk vidina pradana karana dekata badaginna kiyana ekath ekathu wenna ona.hithe hatiyata badapirenna kanna welak hoya ganna bari minissu ada wagema edath hitiya.edata sapekshawa ada ehema minissu wadi.e wagema anith sadaka dekata karana mila kireema badaginnata athi vikalpaya sambandayenuth wenas vidiyakata balapanawa.me hitu matheta karana mila kireema ada me shestha wala inna bahutharayak karagena yanawa.e wagema me kamaya pitu dakina sulutharayak denada samajaye innawa.eth prasne ehema inne ithama sulu sulutharayak