Monday, May 23, 2011

ස්ත්‍රීවාදය - වෙළදපොල හා දේශපාලනය

ස්ත්‍රිහූ දේශපානික සටන්පාඨයක් වීමේ ප්‍රතිඵලයක් ලෙස නූතන ස්ත්‍රීවාදය දේශපාලනය තුල සැරි සරයි. ස්ත්‍රිය දේශපාලනික සන්දර්භයට රිංගා ගන්නේ පියවරෙන් පියවරය. පළමුව, ස්වාමියා වෙනුවෙන් දේශපාලනික අත් උදව්කාරියක වෙයි. පසුකාලීන ස්ත්‍රිය ස්වාමියාගේ මරණයෙන් පුරප්පාඩු වූ ආසනය පුරවයි. ඉනික්බිතිව, ඡන්දයක් ගොඩදමා ගැනීමේ අසමත්කමේ උපරියට ඇද වැටී ඇති පක්ෂ ගොඩ දැමීමේ සුරගනන් ලෙස දේශපාලනික සන්දර්භය තුල ස්ථායී වෙයි. ඒ ස්ත්‍රිය හා දේශපානයයි.
ස්ත්‍රිය හා වෙළදපොල මින් වෙනස්. මුල්කාලීන වෙළදපොත තීරක සාධකයක් ලෙසම ස්ත්‍රිය වෙළද පොල ආක්‍රමණය කරයි. එමෙන්ම, වෙළද ප්‍රචාරණය සදහා ස්ත්‍රිය කදිම මාර්කටිං ටූල් එකක් විය. දැන්, මේ වන විට_ස්ත්‍රිය භාණ්ඩ විකිණීමේ සිට සියලුම රූපවාහිනී නාලිකාවල පැවැත්ම තීරණය කරනු ලබන වෙළදපොල සාධකය වී ඇත. බොහෝ වැඩසටහන් ජනප්‍රිය කිරීමට උත්සාහ ගන්නේ ස්ත්‍රීය හරහාය. ස්ත්‍රිය අතරය. එනයින්, මාධ්‍ය වෙළදපොල තුල වැඩිවශයෙන්ම සැරිසරන්නේ ස්ත්‍රියයි. අප ඒ කතා කළේ ස්ත්‍රිය හා වෙළදපොලයි.
ඇත්ත වශයෙන්ම මේ දිග කතාවක් වෙනුවෙන් ආඛ්‍යානය විග්‍රහ කරගැනීමක් පමණි අප කළේ.
අප විසින් ස්ත්‍රීවාදී අරගලයක් දකිනු නොලැබේ. එහෙව් තත්ත්වයක් උඩ ද ස්ත්‍රිය විසින් දේශපානය හා වෙළදපොල ජයකනු ලැබ ඇත්තේ කෙසේද? එය නම්, වෙළදපොල විසින් ස්ත්‍රිය ජයග්‍රහණය කර ඇතිවා නොව, වෙළදපොල විසින් ස්ත්‍රිය ඉලක්ක කර ඇතිවා පමණි.ස්ත්‍රියගේ ආශාවන් හා නොනිමි තන්හාකම් වෙළදපොල විසින් හදුනාගෙන ඒවා ස්ත්‍රිය වෙත අලෙවි කිරීමේ කූට වෙළදපොල අරගලය සාර්ථකව ස්ත්‍රියට එරෙහිව දියත් කරයි. ස්ත්‍රියගේ කොණ්ඩයේ සිට දෙපතුල දක්වා සෑම ඕනෑ-එපාකමක්ම වෙළදපොල ත්‍රල අලෙවි වෙයි මිල කෙරෙයි. එහෙයින්, ස්ත්‍රිය ඉලක්ක වූ හෙයින් ස්ත්‍රීවාදී අරගලයක් නොමැතිවම වෙළදපොල තුල සැරිසරන සක්‍රීය සංකල්පයක් බවට ස්ත්‍රිය පත්ව ඇත. 
දේශපාලනය තුළ ස්ත්‍රිය ඉලක්කගත වෙනවාට වඩා පාරිභෝගික භාණ්ඩයක් යන තත්ත්වය වැඩි තැනක ඇතැයි කිව හැක. බොහෝ අසමත් පිරිමින් තවදුරටත් අසමත් කිරීමේ උපක්‍රමය ලෙස ස්ත්‍රී ශරීරය යොදා ගනියි. පිරිමියා ස්ත්‍රියගේ ශරීර මිලැයීමට මාට්ටුවන අතර සමර්ථභාවයේ ස්ථායීභාවය ටිකෙන් ටික ස්ත්‍රී ශරීරය ඉදිරියේ ඇද වැටෙයි.
විටෙක ස්ත්‍රිය හා පුරුෂයා බෙදා දැක්වීය. 
උපුටා ගැනීම “එහි පළමු හදුනාගැනීම ජීව විද්‍යාත්මක බෙදීමයි. දෙවනුව ලිංගිකමය වශයෙන් වර්ග කෙරේ. ස්ත්‍රිය හා පුරැෂයා තෙවනුව බෙදා දක්වන්නේ ලිංගික වෙනස පිළිබද මනෝවිද්‍යාත්මක අදහසකි.“ උපුටැගැනීම අවසන්.
නමුත් ඉන් වෙනස් බෙදීමක් ස්ත්‍රියට ඇතැම් සිතමින් අපි කතා කරමු. ස්ත්‍රිය හා පුරුෂයා ජීව විද්‍යාත්මකව බෙදෙයි. එය පෙර සිටම පිළිගත් එකක්. ජීව විද්‍යාත්මකව ජීවියාගේ පිහිටි ලිංගික ඉරියව්ව නිර්ණය කළ මොහොතේ සිටම, මේ බෙදීම සමාජය විසින් සිදු කර දෙයි. ඒ වෙනුවෙන් ස්ත්‍රියට හෝ පිරිමියාට වැඩි මහන්සියක් දැරිය යුතු නොවේ.
මගේ අනෙක් බෙදීම සංස්කෘතික අවකාශය තුල ජීවියා වාසය කරන්නේ ස්ව-ලිංගය කුමක් වුව ද කවර ජීවි ලක්ෂණයන් පෙරටු කරගනිමින්ද යන්නයි. මනෝභාවය එහෙන් පිටින්ම පිරිමි වන ස්ත්‍රිය, ස්ත්‍රීවාදය තුළ කොටු කළ යුතුද. එසේ නොවේ යැයි කියන්නේ නම් ඈ ස්ත්‍රීවාදයෙන් වෙන් කළ යුතුද. ලිංගය පමණක් වෙනස්ව පිහිටන, පිරිමියාගේ පූර්ණ ලක්ෂණ හෙබි ගැහැණිය ස්ත්‍රීවාදයෙන් තුරන්කල හැකිද. ඈ ස්ත්‍රීවාදයේ සිටින්නේද නැද්ද තීරණය වන්නේ වෙළදපොල තුල ස්ත්‍රිය ඉලක්කවන සෑම අවස්ථාවකකදීම ඈ ඉලක්කයට හසු වන්නේද නැද්ද කියන කරැණ මතයි. උදාහරණයක් ලෙස, සෑම ස්ත්‍රියම ස්ත්‍රී සුවද විලවුන් ගානා විටෙක ස්ත්‍රීවාදයේ පරම ලක්ෂණ අභිබවා සුවද විලවුන් නොගා සිටීම හෝ පිරිමියාගේ විලවුන් පරිහණය කරන්නේද. නැතිනම් සරලවම ගැහැණිය ඉලක්ක කරන විට ඈ හසු නෙවන්නේද ඈ ස්ත්‍රීවාදයෙන් වියුක්ත කළ හැකි පුරුෂභාවයට අනියුක්ත කළ නොහැකි ගන්ධබ්බ අවදියක නවතියි.
ස්ත්‍රිය වෙළදපොල තුල ඇගේ හැසිරීම දක්වන තවත් සුවිශේෂී අවස්ථාව නම් සිය ජංගම දුරකථනය තෝරාලන්නා අවස්ථාව. මෙහිදී වැදගත් වන්නේ තාක්ෂණික අභිවර්ධනය හෝ වැඩි දියුණු එකක් නොවේ. ස්ත්‍රිය නිරන්තරයෙන් ඇස් ඇදගන්නා ප්‍රභව පිටුපස යයි. වර්ගය හෝ අවධිය ක්‍රමක් වුවත් ස්ත්‍රීවාදය ත්‍රළින් සිත්‍රිය පොළඹවන්නේ වර්ණය, හැඩය, හුරුබුහුටි බව වැනි ස්ත්‍රීවාදී කරුණු වෙතයි. පිරිමියාගේ (පොදු පිරිමියාගේ) මේ තේරීම හාත්පසින්ම වාගේ වෙනස්ය. ස්ත්‍රිය වෙනුවෙන් වෙළදපොළ සැකසෙන්නේ මෙම පූර්ව නිගමනයේ සිට වාගේම, දැඩි විනිශ්චයේ සිටයි.
දැන් දැන් ස්ත්‍රිය හා ස්ත්‍රීවාදය පිරිමියා අසීමිත ලෙස ආක්‍රමණය කරමින් සිටියි. ඒ අරගලයකින් තොරවමය. පිරිමියාගේ යට ඇදුම් වෙළදනාමය වෙළදපොල තුල මාර්කට් කරනුයේ ස්ත්‍රිය විසිනි. පිරිමියාගේ හිසේ ගාණා ජෙල් කුප්පියේ සිට සපත්තු දෙක දක්වාම ස්ත්‍රිය වෙළදපොල නියෝජිතයා ලෙස කටයුතු කරයි.
වෙළදපොලින් මෙය නොනවතී. ස්ත්‍රිය දේශපානය තුලද පිරිමියාට යටකී පරිදි ශරීර වෙළදපොළක් නිර්මාණය කිරීමෙන් ඔබ්බට යමින් ආක්‍රමණය කරමින් සිටියි. යළිදු කියමි. ඒ අරගලයකින් තොරවමය.
දැන් පුරුෂයා ස්ත්‍රියගේ වෙළදපොළ හා දේශපාලන ඉලක්කයක් වී ඇත. ස්ත්‍රීවාදය හමුවේ පුරුෂයා හෙවත් පිරිමියා ශක්තිමත් විය යුතු නොවේද.

No comments: