Saturday, May 21, 2011

මම කරේ Arts හරිද?

උපාධිය හැදෑරීම පිණිස ලියාපදිංචි වී ඇති එක් පුද්ගලික ආයතනයක සෙමෙස්තර අවසාන විභාගය සදහා පාඩම් කිරීමට අපි එහි ආපන ශෘලාවට රැස් වීමු. ඒ අතර නිරන්තරයෙන් එකට-කන-බොන එකට වැටී නිදා ගන්නා මිතුරන් වගේම තවත් කිහිප දෙනෙක් ද විය. තව සහෝදරියන් කිහිපදෙනෙක් හා මිතුරන්ගේ අනාගත භාර්යාවන් විය හැකි දැනට ප්‍රේමවන්තියන් කිහිපදෙනෙක් ද විය.
ඒ ඔක්තෝබර් මාසයේ දවසකි. ඕක්තෝබර් 8 වෙනිදා පසු වුණා විතරයි. මගේ අතේ ආදරණීය අර්නස්ටෝ චේ ගොවාරාගේ අත්සන යෙදූ කඩදාසියක් තිබිණි. එය ම විසින් ඔහුගේ අත්සන අනුකරණය කරමින් ගැසූ එකකි. ඒ කඩදාසියේ කෙළවරක ‘චේ‘ යනුවෙන් මා සටහන් කරනු, හීන්දෑරි රත් පැහැ මිතුරෙක් බලා සිටියේය. ‘මොකාද බං ඔය චේ කිය කිය උඹ ලියන්නෙ?‘ යැයි හාස්‍යෙයන් මෙන් ඇසුවේය. මට පසෙකින් සිටි එකෙකු, යකෝ උඹ චේ ව දන්නෙ නැද්ද කියා ඇසූ විට, කවුද බං මම දන්නෑ යැයි පිළිතුරු දිණි.
පසුව මගේ මිතුරා විසින් ඔහුට චේ පැහැදිලි කිරීම පිණිස උපක්‍රම දෙකක් යොදා ගත්තේය. පළමුව ඔහු, ‘අර ත්‍රී-වීල් වල එහෙම ගහල තියෙන්නෙ බං ස්ටිකර්, තරුවක් තියන තොප්පියක් දාගෙන සුරුට්ටුවක් කටේ ගහගෙන ඉන්න පොරක්‘ යැයි කීවේය. ප්‍රතිචාරය මහත් අගනේයැ. “යකෝ ඌට අපේ පැත්තෙ කියන්නෙ බොබ්-මාලෙනෙ.“ මා වහා මගේ ජංගම දුරකථනයේ වූ චේ ගොවාරාගේ පින්තූරයක් ගෙන පෙන්වා ‘දන්නවද‘ යැයි ඇසීය. ‘මේ ඉන්නෙ ලෙනින්නෙ‘ කීවේය. ඔහුගේ පිළිතුරු ඉතාම විශ්වාසවන්තය. එසේම දැඩිය. පසුව, මා ලෙනින් ගේ පින්තූරයක් ගෙන ඔහුට පෙන්වා, ‘එතකොට මේ‘ යැයි ඇසීය. ‘කෝ බලන්න. ඔය හිට්ලර්‘ යැයි කියූ විට මා හිට්ලර්ගේ පින්තූරයක් පෙන්වා ‘එතකොට මේ මොකාද‘ යැයි ඇසීය. ‘ඕක මොකෙද්ද කියල මම දන්නෑ බං. උඹල හදන්නෙ මාව බයිට් කරන්නද. යකෝ මම ඒ/ලෙවල් වලට කරේ ආර්ට්ස්‘ යැයි උජාරුවෙන් කීවේය. මා සැණෙකින් තහවුරු කරගැනීම පිණිස යළිත් ඔහු ප්‍රශ්න කළේය. ‘පොලිටිකලුත් කරාද‘. ‘ඔව් බී එකක් තියනව.‘ 
අනේ මෙවන් වාසනාවන්ත අධ්‍යාපන ක්‍රමයක්. ‘යකෝ, පොලිටිකලුත් කරලද උඹ මේ දෝදු කියවන්නෙ? මේ එකෙක්වත් උඹ දන්නෙ නෑ.‘ යැයි මා ඔහුගෙන් අසන විට, ‘ඔය එක එකාගෙ මූණු පෙන්නල අහන්නෑ බං පේපර් එකට‘ යැයි දැඩිව පිළිතුරු දිණි. 
උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක මුහුණු පෙන්වා ප්‍රශ්න නොකරන බව හැබෑව. නමුත්, ඒ අධ්‍යාපන ක්‍රමයේ මුහුණ බලා හදුනා ගැනීමේ සිට ඔහුව කියවා සවිඥානික වීමක් දක්වා යමක් වක්‍රව අපේක්ෂා කරයි. එවැන්නක් ස්වභාවයෙන්ම වර්ධනය විය යුතු වෙයි. අපේ රටේ ඇති ඛේදවාචකය නම් එයයි. ලෙනින්ගේ න්‍යායන් පතියේදී ගිරවා දමා පාඩම් කොට උසස් පෙළ ගොඩ දමාගන්නවා පමණි. ලෙනින් න්‍යාය වණපොත් කොට සිකි-සිකි ගා උත්තර පත්තරයේ වනා ගත හැකි වුවත් ලෙනින් නාදුනයි. මෙවන් අධ්‍යාපන ක්‍රමයක් තුල හා මෙවැනි ක්‍රමවේදයන් අස්සේ සමාජ විඥානයක් ඇති එකෙකු බිහි වීම අල්ප වී තිබෙනුයේ මේ නිසා බව ප්‍රත්‍යක්ෂයි. අහෝ අපේ අනාගතය.
මට මාස හයකටත් වඩා පැරණි උක්ත කතාව සිහියට ආවේ, මා මගේ දේශපාලන විද්‍යා පංතියේ ‘ඇමරිකානු ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යන්‘ ඉගැන්වීම ආරම්භ කිරීමට පෙර ‘ඇමරිකාවෙ ජනාධිපති කවුද‘ යැයි නිකමට අසා සිටියේ එය ඉතාම හුරතල් හා මෝඩ ප්‍රශ්නයක් ලෙස පංතියේ ළමයි උකහා ගතැයි සිතාය. එක සිසුවියක මගේ මුහුණ දෙස අමුතු කුණු හරුපයක් ඇසුවාක් සේ බලා සිට, ‘අනේ අයියෙ ඕවනම් අහන්න එපා. මෙහෙ ආවත් හරි ටී.වී. බලල නෑ.‘ “මෙහෙ ආවෙ කවද්ද“ ‘ගිය අවුරැද්දෙ ජනවාරි‘ “ඇමරිකාවෙ ජනාධිපති පත් වුණේ මොන අවුරුද්දෙද“ ‘දන්නෑ‘. සැනසුම් සුසුමක් හෙළා මා බලතල හා කාර්යන් විග්‍රහ කළෙමි. අවසානයේ ‘දන්නවද බැරුක් ඔබාමා කියල මිනිහෙක්‘ මා ඇසීය. ‘නෑ‘ යැයි උඩ බිම බලමින් කීවාය. “ඒ තමයි ඇමරිකාවෙ ජනාධිපති“ යැයි කියා මා, පංතිය ඉවර කොට පැමිණියෙමි. 
ආසියාවේ ආශ්චර්යය නම් මෙයයි. උසස් පෙළ දේශපාලන විද්‍යාවට බී සාමාර්ථයක් ගන්නා ළමයා චේ ගෙවාරා, ලෙනින්, හිට්ලර් වෙන් කොට කියැවීමට හෝ හැදිනීමට අසමත්ය. ලෝකයම කතා කරන මිනිසුන් - දේශපලානික හරයාත්මක චරිත හෝ සිද්ධීන් නාදුනයි. නොකියවයි. අහෝ මෙය නම් කෙතරම් ආශ්චර්යමත් ද. මොනතරම් නම් ඛේදවාචකයක්ද.

4 comments:

NAS said...

Maxa..................

Chalaka said...

mata podi katawak matak wuna ... mathakada manda dawasak api o/l kale kathika tharangekadi ape Dhanuka kiyapu ekak ...
pora kathawa patan gatte mehema"dawasak mama ape iscole sir kenekgen ahuwa sir Karl Marx gena monawada danne kiyala, sir mata Marx ge diga guna warnanawak kala ... ita passe mama loku aiya kenekgenuth a prashnayama ahuwa, Marx kiyanne pissek kiyala patan gatta aiya mata Marx ge sahena dosha godak kiwwa, oka gena kalpana kara kara yanakota mata hamba una ape allapu gedara podi malli, mama nikamata ahuwa malli Marx gena dannawada kiyala, Malli gath katatama kiwwa Marx kiyanne Nattal Seeya wage kenek kiyala... Hethuwa dennatama sudu diga rawlak thibeema"
Bharatha balagena yanakota Dhanukage allapu gedara mallita A/L katapadam karan aiyalata wada sahena deyak penawane neda??? mama me kalpana kare ara umbe yaluwagen Marx ge rupayak pennala ahuwoth me St. Nicolos kiyaida kiyala.,,, lol

Anonymous said...

කථාව නම් පට්ටයි භාරත ලොක්කා.ඔහොම යන්... ඔහොම යන්...

Anonymous said...

කතාව පට්ටයි කියලා මමත් නැවතුනොත්, එතන පවා මටත් වැරදුනා කියලා මට දැනෙයි. ඔය වචන, අකුරු වෙනස් උනාට, අයියා ඔය කිවිව කතාවම වෙනුවෙන් උසස් පෙළ හදාරන අතරේ මමත් A සාමාර්ථ හතරකුත් පෙනෙන තෙක් මානයේ තියාගෙන නැගී සිටියා. අවසාන ප්‍රතිපලය මගේ ශිෂ‍ය්‍ය නායක පලදනාව මට අහිමි වීම වගේම, සමස්ත උසස් පෙළ ශිෂ‍ය්‍යන් ඉදිරියේම මම පාසලේ විරුද්ධවාදියෙක් වීමයි.