Wednesday, May 25, 2011

අයිය, ad-sense දාන්නකො... හොද ගාණක් හොයා ගන්න පුළුවන්

මේ ෆේස්-බුක් චැට් එකකින් මා වෙත ලැබුණු උපදෙසක් හා යෝජනාවකි. එහි යම්, මානසික අල්ලසක ස්වභාවයක් ද ඇත. සියල්ල ගොඩ නැගෙන්නේ මුදල හා මිලමය වටිනාකම් නිසා, සියලු දෙනා මුල්‍යමය අරමුණු වෙනුවෙන් හා ඒ දෙසට ස්වකීය පරමාර්ථ හා දිශානතිය වෙන් කරන යුගයක, ම විසින් එයට දෙනු ලැබූ ප්‍රතිචාරය පිළිබද හා මේ ඇඩ්-සෙන්ස් සම්බන්ධයෙන් මා දරන අදහස සම්බන්ධයෙන් පුද්ගලිකව තෘප්තිමත් වෙම්. (ඔබට එය ගොන් පාරට් එකක් ලෙස සිතෙන්නට පුළුවන්. ඒ, ඔබ සහ මා එකිනෙකාට වෙනස් වන තවත් තැනක් බව පමණක් කියමි.)  උක්ත යෝජනාව සමග, ධනය සහ බලය පිටුපස හඹා යාමේ සමාජ අවිඥානික / සවිඥානික බව හා ඒ හරහා අභිවර්ධනය වන ගුණාත්මක භාවයේ ක්ෂණික බිද වැටීම ගැන කියවීමට අවස්ථාවක් උදා කර ගනිමි. එනම්, තවත් තෙලක් බෙදීම පිණිස මා වෙත Free-Hit එකක් ලබා ගනිමි.
උපේක්ෂා ස්වර්ණමාලි පබා ලෙස රග පෑවේය. පබා යම් ප්‍රමාණයකින් ප්‍රසිද්ධ විය. පබා හි ප්‍රසිද්ධිය හා වෙළදපොල ස්ත්‍රීවාදය හරහා ආක්‍රමණය කොට සිටි නිසා (පෙර විටෙකදී කියවා ඇත්තෙමි) පබා ට දේශපාලනයට එන්න යැයි ඇතැම්හු කීහ. පබා දේශපාලනයට පැමිණියාය. පබා දිනුවාය. පබා ට ආණ්ඩුවට යන්න යැයි ඇතැම්හු කීහ. පබා ආණ්ඩුවට ද ගියාය. අවසානයේ, පබා නැවතුණේ දික්කසාදය ඉල්ලා සිටින තැනකදීය. ඒ හරහා පබා විසින් මෙතෙක් ගොඩනගා ගත් ස්ත්‍රීවාදී වෙළදපොල වටිනාකම හා නිළියක ලෙස ලබා සිටි ගෞරවය සුන්නද්ධූලි වෙමින් තිබේ. පබා කළ යුත්තේ හා නොකළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගත යුතුව තිබිණි. එය එසේ වූවා නම් අද වන විට පබා ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් තබා ට්‍රිප් එකක් ගියොත් මිස පාර්ලිමේන්තු කිය එකියක නොවන්නේය. නමුත්, පබාට අවසන අහිමි වූ නිළියගේ තත්ත්වය හා ස්ත්‍රීවාදී වෙළදපොල වටිනාකම අහිමි නොවන්නට (බොහෝ විට) ඉඩ තිබිණි. පබා විසින් ස්වකීය සමාජ භූමිකාව විනාශ කරගනු ලැබුවාය. මෙහි අර්බුදය වන්නේ, පබා පාර්ලිමේන්තු යාම නොව. පබා නම්, පාර්ලිමේන්තු මන්ර්‍තීවරියක් වීම පිණිස ස්වභාවධර්මයා විසින් නිර්මාණය නොකළ එකියක වීමයි. පබා බිහි වන්නේ නිළිකමටයි. මා එසේ කියන්නේ, පබා පහළ වූයේ නිළිකම, ඈ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කරන්නට කරම්ම සමත් විය. නමුත්, ඈ පහළ නොවූ දේ වූ පාර්ලිමේන්තු දේශපානය විසින් ඇයගේ නිළිකම පවා අහිමි කරනු ලැබ ඇත්තාය.
මගේ මීලග උදාහරණය, පාර්ලිමේන්තුවේ පබාට පුටු කිහිපයක් පසෙකින් අසුන් ගත යුතුව සිටිනා සනත් ටෙරාන් ජයසූරියයි. මිනිසුන් සනත්ට ආදරය කරන්නේ, සනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම නිසා සහ ඔහු විසින් ක්‍රිකට් වෙත කරනු ලැබූ අපරිමිත දායකත්වය නිසායි. ක්‍රිකට් විසින් සනත් කොතරම් දුරක් ගෙන ගියාද යත්, සනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරනු ලැබීය. නමුත්, සනත්ටද පබා වූ දේම විය. මන්ත්‍රීකම විසින් ද්වේශසහගත ලෙස සනත්ට ක්‍රිකට් අහිමි කරනු ලැබ ඇත. සනත්, කොළඹ එන්නේ ක්‍රිකට් ගැසීමටයි. සනත් බිහිකරනු ලැබ ඇත්තේ ඒ වෙනුවෙනි. නමුත්, සනත් හෝ සනත්ගේ කුසලතාව මගින් ස්වභාවධර්මය ඉල්ලා සිටින්නේ සනත් මන්ත්‍රීතුමා නොව. රටේම ආදරණීය සනත් අද වන විට, උපන් මාතර පවා අඩක් තරම් වැසියනගේ නොගමැත්ට ලක් වී ඇත.
අප වෙනුවෙන් නිර්මාණය වූ වෙළදපොලක් ඇත. අප වෙළදන් කළ යුත්තේ ඒ වෙළදපොලේය. අප විසින් අප විකිණිය යුත්තේ එම වෙළදපොලේම පමණකි. අප විසින් වැඩි තන්හාව පතා, වෙනත් වෙනත් වෙළදපොලවල් තුළට රිංගීමට යාමෙන් වන්නේ, අපට උරුමව පවතින හා අප වෙනුවෙන් මිලක් ගෙවීමට සූදානම් වෙළදපොල තුළ පවා අපට හිමි තත්ත්වය අහිමි වීමයි.
අප සනත්ගෙන් පබාගෙන් හා තවත් අයගෙන් වෙනස් විය යුතුය.

(අවසන ලියමි. මා මින් දින හතකට ඉහතදී idea365.blogspot.com ඇරඹුවේ ආදායමක් වෙනුවෙන් නොවේ. ආත්ම සමාජ කියවීමක් වෙනුවෙන් හා කියැවීම අනෙකාට කියවීම පිණිස ලිවීමටය. අද ද එසේමය. ඊයේ අද එසේ වූවා සේම, හෙටද එසේ කළ යුතුව ඇත. මා සනත්ගෙන් පබාගෙන් හා තවත් අයගෙන් වෙනස් එකෙකු වන්නෙමි. මේ අවකාශය මගේ ආදායම් මාර්ගය බවට පත් කර ගැනීමට හෝ මුල්‍යමය අරමුණු වෙනුවෙන් මෙහි දිශානතිය වෙනස් කරන්නට කිසිදු සූදානමක් නැති බව පමණක් ඒ ගැන කියමි.)

7 comments:

Thidas said...

ඔය පොඩි කොල්ලෙක්ගෙ පොඩි කතාවකට ඔච්චර කිපෙන්න එපා භාරත..:D

Thidas said...

ඔය පොඩි කොල්ලෙක්ගෙ පොඩි කතාවකට ඔච්චර කිපෙන්න එපා භාරත..:D

Anonymous said...

obe adahasata api garu karanawa

Sahan said...

"අප වෙනුවෙන් නිර්මාණය වූ වෙළදපොලක් ඇත. අප වෙළදන් කළ යුත්තේ ඒ වෙළදපොලේය. අප විසින් අප විකිණිය යුත්තේ එම වෙළදපොලේම පමණකි." ayye aththama kathawa.100% agreed. you have a great view.carry on

Samitha said...

ලිපිය කෙතරමි වැදගත් උවද ලිපියේ අවසන් වදන් කිහිපය පිලිබද කියමි.
"අවසන ලියමි. මා මින් දින හතකට ඉහතදී idea365.blogspot.com ඇරඹුවේ ආදායමක් වෙනුවෙන් නොවේ. ආත්ම සමාජ කියවීමක් වෙනුවෙන් හා කියැවීම අනෙකාට කියවීම පිණිස ලිවීමටය. අද ද එසේමය. ඊයේ අද එසේ වූවා සේම, හෙටද එසේ කළ යුතුව ඇත. මා සනත්ගෙන් පබාගෙන් හා තවත් අයගෙන් වෙනස් එකෙකු වන්නෙමි. මේ අවකාශය මගේ ආදායම් මාර්ගය බවට පත් කර ගැනීමට හෝ මුල්‍යමය අරමුණු වෙනුවෙන් මෙහි දිශානතිය වෙනස් කරන්නට කිසිදු සූදානමක් නැති බව පමණක් ඒ ගැන කියමි"
මෙය ඔබට ආභරණයක්ම වේවා!!!!!!!!!

Rakhita said...

භාරත මල්ලි... උඹගේ සමාජ කියවීම මගේ සමාජ කියවීමට සමාන්තරයි... අපේ ගොඩක්‌ මිනිස්‌සුන්ට ජීවිතේ තනිකර MARKET එකක්‌... අපේ මිනිස්‌සුන්ට සල්ලි වලට වඩා දෙයක්‌ ගැන හැගීමක්‌ ආපුදාට අපේ වචන තේරේවි.. කොහොම උනත් උඹගේ වැඩ ගැන ආඩම්බරයි කියලා නම් කියන්න ඔනී.....(රඛිත)

shashika said...

yes...u r correct...go on...keep ur view as it is...wish u frnd...!!!!